Sunday 27 May 2012

වාර්ෂික තොග ගණං බැලීම නොහොත් ගෙජ්ජි සරම් (ඡායාරූප සහිතයි) - Sunday Special Extra (photos included)


මං ගිය සතියේ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳ ළඟ තරු" නම් නවකතාව කියෙව්වා. සාමාන්‍ය මල් කතාවකට වඩා මේකේ කතාවස්තුව වෙනස් වෙන්නේ කතාවට පසුබිම් වූ හැට-හැත්තෑ ගණංවල කොළඹ උතුර ප්‍රදේශයේ පරිසරය නිසයි. සාමාන්‍යයෙන් ගමේ බයියන් වූ අපි හුඟ දෙනෙකුට මේක අළුත් අත්දැකීමක් වේවි. කාලවකවානුවත් වැදගත් විවිධ දේශපාලන සිද්ධි නිසා.

මේ වගේම සාමාන්‍යයට වෙනස් අපූරු පරිසරයක් පදනම් වුණු කතාවක් තමයි මංජුල වෙඩිවර්ධන (වෙඩ්ඩා) ගේ "බත්තලංගුණ්ඩු" නම් වූ සුපිරි නවකතාව.

රංජිත් කුමාරගේ කතාවේ එක තැනක තියෙනවා "ටෙරිලින්" කමිස අඳින පොරක් ගැන. තව තැනක තියෙනවා, කමිස රෙද්දක් ගන්න පොරක් ලෝන් ගහන කතාවක්.

ඔය හැත්තෑවේ මුල් කාලේ ලංකාවේ රෙදි හිඟයක් තිබිලා තියෙනවා. ඒ ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් නිසයි. දේශිය නිෂ්පාදන බාල මට්ටමේ ඒවා කියලායි සැලකිලා තියෙන්නේ.

කොටින්ම, ඒ දවස්වල මිනිස්සු ඇඳපු සරොම්වලට කියලා තියෙන්නේ "ඝාන්ඨාර ලකුණ" දරණ සරොම් කියලායි.

ඒකට හේතුව නං කියන්න ඕනෑ නෑනේ...?

හැබැයි ඔය සරොම් අඳින අය අර පාට ජොකෙක් හරි ඇන්දා නං ඔය ඝාන්ඨාර කතාව එන්නේ නෑ.

මට මතකයි අනූවේ දශකයේ විතර සංගීත කණ්ඩායමක් සින්දුවක් කිව්වා ඒකේ තිබුණා "ගෙජ්ජි සරම" කියලා යෙදුමක්. එතකොට තමයි මට තේරුණේ ඒක තමයි ඝාන්ඨාර උපමාවට වඩා නියමෙට ගැලපෙන යෙදුම කියලා.

ඝාන්ඨාර සහ ගෙජ්ජි දැකලා තියෙන අයට කතාව තේරෙනවා ඇති.

ඔය සේරම කිව්වේ අද මගේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට හැඳින්වීමක් හැටියටයි.

පහුගිය දවසක අපේ පවුල ගෙවල් මාරු කළා. පරණ ගෙදර බඩු මුට්ටුවලින් සමහර ඒවා සහ ඇඳුම් පැලඳුම් ගොඩක් අළුත් ගෙදරට අරං ගිහින් ඒවා අස්පස් කරන වෙලාවේ තමයි මට තේරුණේ මා ගාව "ගෙජ්ජි සරොම්" කොච්චර තියෙනවාද කියලා.

මෙන්න ඒ ලොට් එක.











මේවා වචනයේ අර්තපරිසමාප්තාර්ථයෙන් ම "ගෙජ්ජි සරොම්" වෙන්නේ මං ඒවා ගෙදරට අඳිනවා නං විතරයි.

නමුත් සමහර ඒවා මං තාම ඇඳලා තියෙන්නේ අවුරුදු උත්සව වගේ වැදගත් තැන්වලට විතරයි. ඒ වගේ වෙලාවලට මේ සරොම් වලට "ගෙජ්ජි සරොම්" කියලා කියන්න බෑ නේ. ඒ වෙනුවට කියන්න හොඳ නමක් රංජිත් කුමාර ගේ "සඳ ළඟ තරු" පොතේ නං තිබුණේ නෑ.

-කතන්දරකාරයා

ප/ලි:
දිග කලිසම් වලට ඉස්සර කියලා තියෙන්නේ එකොලහේ කණු කියලයි! ඒ හුඟක් ඉස්සර නමසිය හතලිස් ගණංවල වගේ. වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස් ගේ (නව මුද්‍රණය-සූරිය ප්‍රකාශකයෝ) පොත්වල යි මං ඒ කෑල්ල දැක්කේ.

ප/ප/ලි
දුප්පත් සරොමේ විවිධ ප්‍රයෝජන දන්නවා නේද?

40 comments:

  1. මං එක.

    හැබැයි කතන්දරේතේරුණා මදි!

    ReplyDelete
  2. යන්තම් මතක තියෙන කාලේ ඉඳල සරම ඇඳලා, දැන් කොට සහ දිග කලිසම් ගහනවා. (මෙහෙ UK දේශගුනේ හැටියට සරම් අඳින්න බැහැ).

    ReplyDelete
    Replies
    1. හික්ස්! මමත් මෙහෙ එද්දි අරන් ආපු සරම් තාම එහෙම්මම කබඩ් එකේ.. හැබැයි මේ සමර් එකේනං සරම ගහන්නත් පුළුවන් වෙයි වගේ.. :)

      Delete
    2. @බුරාතිනෝ, හික්.. හික්.. සිරාවටම.. මැයි මාසේ පටන් ගනිද්දීත් හොඳටම හීතල නිසා බැන බැන හිටියේ UK Climate එකට. දැන් එකටත් එක්ක මදි නොකියන්න රත් වෙන්න දුන්න මේ week එකේ නම්.. LOLzzz ...

      Delete
    3. මම නම් ඉන්නේ යූකේ වල යූකේ (උතුරු කොනේ) ඒ උනාට සරම තමා හැම සීසන් එකටම් :-) කොයි දීපන්කරේක ගියත් සරම බෑග් එකේ.

      Delete
  3. හික්ස්... ගෙජ්ජි සරොම් නම් මගේ ගාවත් තියෙවනවා... ඒව Night Only නොවැ... එකොලහේ කණූ තමයි... ඉතිං හැම තැනටම.. හික්ස්...

    ReplyDelete
  4. ලස්සන සරම් ටික.

    ReplyDelete
  5. ඔබට වගේම තමයි. මටත් සරම් ගොඩක් කබඩ් එකේ තියනවා. සමහර ඒවා මිලෙන් අධිකයි. දැන් නිකමටවත් සරමක් අඳින්නේ (ඇඳෙන්නේ) නැහැ. මේ සේරම වාගේ අපේ අම්මා එවපු ඒවා. මීට අවුරුදු තුන හතරකට කලින් මා අම්මට කියුවා, තවත් සරම් නම් එවන්න එපා කියලා.

    ReplyDelete
  6. Replies
    1. ඔබේ අර ඇඹරැල්ල පානය හදා ගන්න වෙලාවේ (හොඳ වල්ලක් තෝරා කඩා ගන්න කියන) සරමක් දාගෙන ඉන්න කෙනෙක් වත්ත පහල හිටියනම් මේක වැටහේවි!

      Delete
  7. //දිග කලිසම් වලට ඉස්සර කියලා තියෙන්නේ එකොලහේ කණු කියලයි!//
    ඒකත් මරු නම... :-)

    සරම තමා සරම ඈ.. ඕක නැත්තං මට නින්ද යන්නෙත් නෑනේ. :-)

    ReplyDelete
    Replies
    1. බොලේ රජ්ජුරුවොත් සෑට අඳින්නෙ සරම් නොවැ....

      Delete
  8. 70 ganan wala Aachchi ekka poyata sil ganna api andeth oya kiyana gejji sarom thama.Meka kiyewapu nisa mathak una. A dawasavalanam GEJJI gana wage wagak naha.

    ReplyDelete
  9. ලඟදි පොතක දැක්ක ලෝකේ විවිධ ජනවර්ග වල ඇඳුම් ගැන . ඒකෙ හැටියට සරම ගැන . මට කතන්දරව මතක් වුනා . අපේ සරම වඩා ළඟ ඉන්දුනීසියාව , කාම්බෝජය තායිලන්තය බුරුමය කම්බෝජියාව වගේ රටවලට . ඉන්දියාවට නෙමේ . පොතේ හැටියට අපේ සංස්කෘතිය පවා වඩා නෑකම් කියන්නේ ඒ රටවලට ඉන්දියාවට වඩා . මටත් ඊට පස්සේ අලුතින් හිතුන ඒකෙ ඇත්තක් නැත්තෙත් නැහැ කියල . අම්මෝ තියෙන සරුන් ගොඩ . මාත් ගෙදර ගණන් කරලා බලන්න ඕන . අපි සමහර පොත් වලට කැමති ඒවායේ අපිට සමීප යුගයන් නිරුපනය වෙන නිසා වෙන්න ඇති . උදාහරනෙකට අනාගතේ ඉඳන් ලියන විද්‍යා ප්‍රබන්ධ කීපයයි මට නම් හිතට ඇල්ලුවේ

    ReplyDelete
  10. ගෙජ්ජි සරම් කිව්වම අප්සට් වගේ..

    අපේ ගෙවල් පැත්තේ කුලේ අංකල් (පොර ගැන කතා කීපයක් මගේ බ්ලොගේ ඇත) සරමක් කැහැපොට ගහගෙන පාත්වෙලා වැඩක් කරද්දි කොල්ලෝ මොනවද දැකලා. එදා ඉදන් කුලේ අංකල් ගෙජ්ජියා වුනා.

    එතකොට ගෙජ්ජි සරම් කිව්වාම ?

    ReplyDelete
  11. වරක් අපි නොදන්න ලයිව් එකේ පෙන්නුවා සරමක් කමිසයක් වෙනුවට අඳින හැටිත්

    ReplyDelete
  12. මට කලින් ලියන්න ඕනාවුනේ (සරම් කතා නිසා මග හැරුනා) නව නිවසකට යාම ගැන ආසිරි!

    ReplyDelete
  13. ඒක නෙවෙයි මිත්‍රවරුනි, ඇනෝනිමස් ආතල් බ්ලොගයට මක් වෙලාද?

    Sorry, the blog at anonymousaya.blogspot.com has been removed. This address is not available for new blogs.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්. අපරාදෙ, ආතල් ගත්තු තැන. ඌත් ගිහින්.

      Delete
  14. මොකද අනේ මේ හම්පඩ සරම් කඩමාළු ටිකක් බ්ලොගේ එල්ලල තියෙන්නෙ. ඒ මදිවට අර උඩින් සීනුවකුත් එල්ලල. දේශපාලන පක්‍ෂවල ලාංඡන ප්‍රමෝට් කිරීම පිළිබඳ මාගේ බලවත් විරෝධය. :-)

    ReplyDelete
  15. කතාව නොතේරුණාට කමෙන්ට්ස් ටික කියෙවුවාම ටියුබ් ලයිට් එක පත්තු උනා..

    ReplyDelete
  16. පොඩි කොල්ලා උනාට මං හොඳයි නෙවැ:
    බලං යනකොට ගොඩක් උදවිය ටියුබ් ලයිට්:
    සරං ගැන ඕලෙවල් කරන කාලේ අපේ කොමර්ස් උගන්නන සර් ලස්සන කත කියනවා
    බීලා ඇවිල්ලා සරම ඇදන් සීනු ගහන උදවිය ගැන...

    කතන්දර කිව්වත් වගේ ජොකෙක් ලයින් කරගත්තනන් සීනු වදින්නේ නැහැ නෙවැ
    දැන් මං හිතන්නේ සරම ඇන්දොත් ජොකා අනිවාර්යයි නැත්තම් කරත්තේ නගින්න වෙනවා

    ඉස්සර 6වසරෙදි7වසරෙදි වගේ මම සරම ගැහුවා ඒත් උදේ නැගිටිනකොට සරම ඇද යට ඒක නිසා වැඩේ අත් හැරියා

    ලගදි ඉදන් ආපහු සරම ගහනවා දැන්නම් ඒ ලෙඩේ නැහැ..
    අක්කා අරං දුන්නා සරම් 6-7ක්ම

    ReplyDelete
  17. කතන්දර,
    මට මතකයි ඉන්ටනෙට් එකේ වීඩියෝ එකක් දැක්කා... සිංදුවක් කියනවා සංගීත සංදර්ශනේක දි ‘මගෙ ගෙජ්ජි සරම‘ කියලා. මිනිහා මේක කිව්වේ හැම තැනම ගෙජ්ජි එල්ලපු සරමකුත් ඇඳගෙනයි.

    මතක හැටියට සිරසෙන් දකුණු පලාතේ නගරයක තියපු සංදර්ශනයක්...

    -ලොකු

    ReplyDelete
  18. සරම් ... මම හිතන්නේ ඒ කාලේ සරම නෙමෙයි වේට්ටි නේ ද ඔය විදිහට දුන්නේ.මට මතකයි පරණ වේට්ටි වගයක් හොයපු අපෙ ඔෆිස් එකේ නෝන කෙනෙක්ට අපේ ගෙදර ගොඩ ගහල තිබ්බ වේට්ටි වගයක් ගිහින් දුන්නා. මම එයාගෙන් ඇහුවම මොකද කියලා , එයා නම් කීවේ වේට්ටි රෙද්දි පුංචි බබාලට හරිම සනීප නිසා ,එයාගේ පුංචි බබාට පාචිච්චියට ගන්න කියලා.

    පරණ වුනු වේට්ටි කඩල ගන්න ලැජ්ජ නැද්ද ? සල්ලි දීලා කඩේකින් හොද මල්පීස් ටිකක් ගන්න කීවම එයා නම් කීවේ පරණ වේට්ටි රෙද්ද තරම් මල් පීස් කොලිටි නැහැ කියලා.

    අපේ ගෙදර තියෙනවා ඔය කාලෙම පෝලිමේ ඉදල ලිස්ට් වල ඉදල ගත්ත ලස්සන මල් මල් සාරියකුත්. ඒක ගත්තට ජීවිතේට ඇදල නම් නැහැලු.

    ReplyDelete
  19. ගෙජ්ජි සරම කියන සින්දුව කිව්වෙ ඒ කාලෙ සෝඩියැක් කියන සංගීත කණ්ඩායමේ නායකය විදිහට හිටපු රොශාන් හජ්ජි කියන ජොලි පොර... ඒ කාලේ කොළඹ නයිට් ක්ලබ්ස් වල හෙම හරි ජනප්‍රිය ගායකයෙක්... හේමසිරි හල්පිට තමා ඔය සින්දුව ලිව්වෙ...

    //ගෙජ්ජි සරම මගේ බොලේ බලන්ඩ ලස්සනේ..
    අපි නටමු ගැස්සි ගැස්සි මෙසේ ගෙජ්ජි වල්ල සැලේ...//

    පස්සෙ හජ්ජි අකාලයේ රිය අනතුරකින් මිය ගියා...

    ReplyDelete
  20. Replies
    1. පස්සෙනෙ මතක්වෙලා තියෙන්නෙ

      Delete
  21. සරම කියන්නෙ මටනම් පංචේන්දීය.. එකේ ඊළඟ එක...

    ReplyDelete
  22. ගෙජ්ජි සරම අහලා තිබුනට, එකොලහේ කණූ කියන වචනේ මම ඇහුවේ අදනේ.. :)

    ReplyDelete
  23. සරම් ටික ඔක්කොම ලස්සනයි. ඒත් පොඩ්ඩි නම් වැඩියම කැමති අර අලියෝ හැම තැනම ඉන්න එකට.

    මේ පොස්ට් එකේ කමෙන්ට් සැරින් සැරේ පේන්නේ මට විතරද? නැත්නම් හැමෝටම ඒ ප්‍රශ්නේ තිබුනද?

    ReplyDelete
    Replies
    1. // ඒත් පොඩ්ඩි නම් වැඩියම කැමති අර අලියෝ හැම තැනම ඉන්න එකට. //

      මම නම් වැඩිය කැමති අර ඔටුවො ඉන්න එකට. :-)

      Delete
    2. ඹය අලි ඉන්නෙ සරමෙ පිට පැත්තෙ විතරයි පො​ඩ්ඩි.

      Delete
  24. Gejji Saroma mechchara digata adenavada? Adagannavada?

    ReplyDelete
  25. ගෙදරට අඳින්න නම් ඉතින් මටත් සරම ඇර වෙනත් ඇඳුමක් හිතන්නවත් බෑ . අනික ඉතින් මේ තරම් උශ්න කාලෙක තමා ඔය සරමේ වටිනාකම වැඩියෙන් දැනෙන්නේ . ගෙජ්ජි සලමින් නිදැල්ලේ ඉන්න ඉතින් සරම නැතුව වෙන මොකක් අඳින්නද ?

    ReplyDelete
  26. ලාම්පු තෙල් 'සුවඳ' ගහන ගෙදර මහපු චීත්ත සරම් ඇඳපු කාලෙකුත් තිබුනා....

    ReplyDelete
  27. රන්ජිත් කුමාර ලියපු තවත් හොඳ කතා පොතක් තමා මට මතක විදිහට "කොස් ගස් හන්දිය"... තමන් ජීවත් වුණු කොළඹ පරිසරය ගැන හරි අපූරුවට කතා කරලා තියෙනවා

    ReplyDelete
  28. ඔව් ... ඔව් .... කොස්ගස් හංදිය කියන්නේ ඔහුගෙ ජීවිත කතාව.

    ReplyDelete
  29. සරොම් කිව්වම මතක් උනේ "මඩකලපු සරම්" ඉස්සරනම් රු1000ක් විතර උනා දැන් කීයක් වෙනවද දන්නේ නැහැ?

    ReplyDelete
  30. යකඩෝ මට සරම් තියෙන්නේ තුනයි. . . ඊයේ සරම් තුනම හෝදන්න ලෝන්ඩරි දැම්ම අද ගෙදර ගිහින් අදින්න තියෙන්නේ ටවල් එක හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.