Wednesday 2 May 2012

කසාද බැඳපු එවුන් ට තවත් උපදෙස් හෙවත් සින්ක් එකේ රැවුල් කොට - More advice for married men


කතන්දර බ්ලොගයේ පලවුණු ඒවායින් ඉහලම ප්‍රතිචාරයක් ලැබුණු පෝස්ට් දෙකක් තමයි:

1. පෙම් කිරීමට උපදෙස් - පාඩම් අංක 0
2. පෙම් කිරීමට උපදෙස් - පාඩම් අංක 1

ඔය පාඩම් පිළිපැදලා ජයගත්තු අයත් ඉන්නවා කියලයි පස්සේ ආරංචි වුනේ.

ඒ මොනවා වුනත් බැඳපු මිනිහා වෙච්චි, මං නං වඩාත් කැමති බැඳපු අයට උපදෙස් එක්ක මං ලියපු මෙන්න මේ ලිපිවලටයි.

1. බැඳපු අයට මල් කඩන්න උපදෙස්
2. නිරුවතින් රණ්ඩුවීම
3. සතියකට පාරක්වත් - අළුත් නීතිය
4. ගෙදර වැඩට උදව් වෙන අයට නිතිපතා කම්සැප
5. නෝනා ගේ උපන් දිනේ ගැන වැදගත් අවවාදයක්

අද මේ ලියන්න යන්නේත් ඒ හා සමානවම වැදගත් උපදෙස් කීපයක්. අදත් පසුබිම් කතන්දරේ නෑ, උපදෙස් විතරයි.

බැඳලා එක වහලක් යටට උනාට පස්සේ:

1. සරොං කලිසං ගලෝපු ගලෝපු තැන දාලා යන්න එපා

2. රෑට බාත්රූම්, ටොයිලට් ගිහින් එනකොට ලයිට් ඕෆ් කරලා එන්න

3. උදේට නැගිට්ටායින් පස්සේ පොරෝන රෙදි නවලා, කොට්ටය නිසි තැන තියලා ඇඳ හදන්න

4. බැරි වෙලාවත් තේ හදනවා නං, පරණ තේ කුඩු, තේ බෑග් උනාදිය සින්ක් එක අස්සේ දාන්න එපා. කුණු බාල්දියටම දාන්න


මේ සේරටම වැඩිය බැඳපු මිනිස්සුන්ට වැදගත් වෙන කාරණය මෙන්න මේකයි.

5. රැවුල කැපුවට පස්සේ රැවුල් කොට සින්ක් එක ඇතුලේ ඉතුරු කරන්න නං එපා රජෝ!

දිග කෙස් ගෙදර බිම තැන තැන වැටිලා තියෙනවා වාගේ නෙමෙයි රැවුල් කොටයක් දෙකක් සින්ක් එකේ තිබුණොත්.


-කතන්දරකාරයා

ප/ලි:
මේවා බොහොම අමාරුවෙන් ඉගෙනගත්තු ඒවා, ගුරු මුෂ්ටි මොකුත් නැතුවයි නොමිලේ බෙදා දෙන්නේ.

(image: http://fashiondhamaka.com/how-to-stop-razor-burn/)

40 comments:

  1. // දිග කෙස් ගෙදර බිම තැන තැන වැටිලා තියෙනවා වාගේ නෙමෙයි රැවුල් කොටයක් දෙකක් සින්ක් එකේ තිබුණොත් //

    හීනියට ඇන්නා නේද ටොක්කක්.. :)

    ReplyDelete
    Replies
    1. හීනි ටොකු කොහෙද බං. කෙලින්ම ඇත්ත කියල තියෙන්නෙ :D

      Delete
    2. බොල මං කිවුවෙ දිග කෙස් ගස් බිම වැටිලා තිබීම ගැන.. :)

      Delete
    3. ලස්සනම ලස්සන කලුවට දිලිසෙන ස්ට්‍රේට් කරපු දිග කොන්ඩා ගහක් වගේද..ජරා රැවුල් කොටයක්?..හුහ්..!!

      Delete
    4. සින්ක් එකේ තියෙන රැවුල් කොටනං කරාමෙ ඇරියාම හේදිලා යනවා.. හැබැයි කාපට් එකේ රැදිලා තියෙන දිග කෙස් ගස් යවන්න නං ඉතිං දෙතුන් වතාවක් හූවර් කරන්න වෙනවා.. ඇයි බාත් ටබ් එකේ හිරවෙන ඒවා.. :p

      Delete
  2. රැවුල් කොට හෝදලා දාන්න බැරිවෙලා සාත්තූවක් හම්බ වෙලා වාගේයි.

    ReplyDelete
  3. කතන්දර කාරයට රැවුලත් තියෙනවද ... මම හිතුවේ ගේ කියල නේ

    ReplyDelete
    Replies
    1. ගේ උන්ට රැවුලක් නැද්ද බං...? :පී

      Delete
  4. උපදෙස් පිරිමින්ට හන්දා කාන්තාවන් මේක බලලත් වැඩක් නෑ.:D:D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිත් ඉතින් රි0ගන්නෙ නැති තැනක් නෑ :P

      Delete
  5. අපි නම් ඔය සුළු වැරදි ගණන්ගන්නේ නැහැ .
    කිව්වට තරහ වෙන්න එපා කතන්දර මේ බ්ලොග් එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා . ගැජට් වැඩියි වගේ .බැරිද ටිකක් සරල කරන්න

    ReplyDelete
  6. මෙන්න උපදෙස් පිළිගත්තොත් පවුල රැකේ.

    ReplyDelete
    Replies
    1. ඒ රැවුල ගැන නෙමෙයි මම හිතන්නෙ කියල තියෙන්නෙ.. :D

      Delete
  7. "දිග කෙස් ගෙදර බිම තැන තැන වැටිලා තියෙනවා වාගේ නෙමෙයි රැවුල් කොටයක් දෙකක් සින්ක් එකේ තිබුණොත්"
    සෑහෙන්න බරපතල කේස් එකක්! අද උදේ සම්පූර්ණයෙන්ම රැවුල කපල දැම්ම. සින්ක්එක බලන්න බැරිවුනා.

    ReplyDelete
  8. කතන්දරගේ මේ උපදෙස් මම බලපු සැනින් එහා පැත්තේ ඉන්න හබියට ලින්ක් එක දානවා.මොකද එයා මම වගේ හොය හොය බ්ලොග් කියවන කෙනෙක් නෙවෙයි.හැබැයි මම දෙන ඒවා කියවනවා.ඔන්න උන්දෑ තාම එකඟ උනේ අර නිරුවතින් රණ්ඩු වීමට විතරමයි.

    ReplyDelete
  9. මලා මේ සෙරම මම කරනවා. ඒක තමයි මට පවුල දැන් පහුගිය අවුරුදු වල කෑගගහ උන්නෙ. දැන්නෙ තෙරෙන්නෙ ඇයි කියලා. හැබැයි දැන්නම් මගෙ පවුල ඔය ගැන දැන් කතාකරන්නෙ නෑ. කියලා කියලා එපාවෙලා මයෙ හිතේ.

    ReplyDelete
  10. අන්තිමේදි ලියලා නෑනේ..කතන්දර හාමිනේගේ අනුදැනුම පිට කතන්දරකාරයා විසින් ලියා පලකරන ලදි කියලා..!

    ReplyDelete
  11. "දිග කෙස් ගෙදර බිම තැන තැන වැටිලා තියෙනවා වාගේ නෙමෙයි රැවුල් කොටයක් දෙකක් සින්ක් එකේ තිබුණොත්" බලාගෙන යද්දී පිරිමි හැමෝටම තියෙන ප්‍රශ්න ගොඩක් , පොදු ප්‍රශ්න ...

    කතන්දර බ්ලොග් ඒක ඕපන් වෙන්නේ හරිම හිමින්, විශේෂයෙන් IE එකේ ගොඩක් හිමින් google crome වල නම් එච්චර නෑ, පොඩ්ඩක් හොයල බලන්න

    ReplyDelete
  12. ඈහ්?`..මොන රැවුලද? උඩ එකද, යට එකද?

    ReplyDelete
  13. වටිනා කියන පාඩම් නොමිලේ!

    ReplyDelete
  14. එහේනං ඊයේ පෙරෙදා...කතන්දරට දරුනු ඛෙදවාචකයකට මුහුන පාන්ඩ වෙලා තියෙන හැඩයි..කොහොම වෙතත්...මේවා බෙදා හදා ගැනිමනං අම්මපා අගයකොරන්ඩම ඔන කාරනයක්..මොකැ තව එකේක් අමාරුවේ වැටෙන එකේන් බෙරෙනව නොවැ...

    ReplyDelete
  15. කකාගෙ උපදෙස් ලින්කු ටික බුක් මාක් කරල තියෙන්නෙ වැරදිලාවත් බැන්දොත් ප්‍රයෝජනේට ගන්න... :-)

    ReplyDelete
  16. දැන් මතක් වෙච්ච කාරණාවක් මේක. සාමාන්‍යයෙන් කාන්තා පාර්ශවය ඔයවගේ පොඩි පොඩි දේ ගැන අපිට වැඩිය සැලකිලිමත්. ඉදහිට දිග කෙස්ගස් හමුවුනත්. කාන්තාවන්ට ජාන වලින්ම ඇවිල්ල තියනව පොඩි දේවල් කරන්න. ඒකට හේතුවක් තියනව. ප්‍රාග් යුගයන් වල ඉදලම කාන්තාවන්ට පැවරුනේ ඔයවගේ රාජකාරි තමයි. උදාහරණයක් විදියට පිරිමිය අලයක් ගැලෙව්වොත් ඒක පිලිවෙලට හෝදලකියල වැලි-පස් ඉවත් කරල ගත්තෙ කාන්තාව විසින්. අන්න ඒ ගතිලක්ෂන තවමත් ඇය තුල තියනව. කතන්දර ඔය කියල තියන දේවල්, ගෑණු කොච්චර එපා කිව්වත් අපි කරනවනේ(අමතක වීමෙන්). ඒකට හේතුව අරක වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඒ කියුවෙ අල ගලවලා හෝදන ඒකද

      Delete
  17. ඒ විදිහට කරලා රැවුලත් කැදත් බේරගමු එහෙමනම්..

    ReplyDelete
  18. ඕකට ලේසිම වැඩේ තමයි ඔසාම මෙතර්ඩ් එක.. රැවුල කපන්නේ නැතිනම් රැවුල් කොටත් නෑ...

    ReplyDelete
  19. MEKA LIYANNA, KIYAWANNA , COMMENT KARANNA WEDAGATH KAYHANDARA NOVEI.

    ReplyDelete
  20. කකාට තද වෙලා තියෙන්නේ කකී ගේ කෙස් ගහක් බත් මුලේ තිබිලා. ගෙදර උන්දලා බත් එකට කෙස් ගහක් දාන්නේ උයපු කෙනාව කන වෙලාවට මතක් වෙන්නලුනේ. අනේ මන්දා, මටත් ඔහොම වෙන වෙලාවල් නැතුවම නෙවෙයි,

    ReplyDelete
  21. බැඳ කලෙක හැම දෙයක් ගැනම දෙපාරක් බලන්න වෙඉම් වගේ..:(

    ReplyDelete
  22. මේවා ළඟදි බඳින්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි බැඳපු අයටත් වඩා. බැඳපු (රැවුල කපන) හැම පිරිමියාම වගේ මේ අත්දැකීම දැනටමත් ලබල ඇති.

    ReplyDelete
  23. //රැවුල කැපුවට පස්සේ රැවුල් කොට සින්ක් එක ඇතුලේ ඉතුරු කරන්න නං එපා රජෝ! //

    මටද කිව්වෙ ? :)))

    ReplyDelete
  24. කතන්දර තමන් සතු "නිශේධ බලය" පාවිච්චි කරන්නෙ නැහැ වගෙයි. එහෙම නැත්නම් ඒකත් විමද්‍යගත කරල ද?

    ReplyDelete
  25. ඔන්න ඔය කේස් එක හින්දා තමයි රැවුල වවන්නේ. මාසෙකට සැරයක් බාබර් ලඟට ගිහින් ට්‍රිම් කරගන්නවා.

    ReplyDelete
  26. දිග කෙස් ගෙදර බිම තැන තැන වැටිලා තියෙනවා වාගේ නෙමෙයි රැවුල් කොටයක් දෙකක් සින්ක් එකේ තිබුණොත්.
    Certificate True!! :D
    henryblogwalker the Dude

    ReplyDelete
  27. මේවා ටිකනම් ඇත්තම කතාවක් තමයි.. මටත් අද්දැකීම් ගොඩාක් තියනවා

    ReplyDelete
  28. තාම ඉතින් තනිකඩේ නිසා එච්චර අවුලක් නැහැ. හවුල් කඩ කරන කාලෙට මතක් කර ගන්න හොඳ උපදෙස් ටික :D

    ඒ වගේමයි මේ දැණ් මතක් වුණේ මේ ලිස්ට් එකේ 1 හා 3 මගේ අතින් හරි අඩුවෙන් වෙන්නේ

    ReplyDelete
  29. මං මේ තාම මේකේ තේරුම හිතනව...! :O

    ReplyDelete
  30. සහතික ඇත්ත..... මම හිතුවා මේවා මට විතරක් තියන ප්‍රශ්න කියලා!!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.