Friday 11 May 2012

එන්න, එන්න! එක්වන්න!!! අනාගත ජනනායක දේශපාලුවන් වෙනුවෙන් අපට අද කළ හැකි වැදගත් කාර්යයක් - For our future leaders!


මං ඔය උඩින් තියෙන මාතෘකාව අද කතන්දරයට දැම්මේ හොඳට හිතලා මතලා බලලායි.

මගේ අරමුණ අද මගේ රටේ ඉන්නා ජනනායක දේශපාලුවන් මා වෙනුවෙන්, අප වෙනුවෙන්, රට වෙනුවෙන් කරගෙන යන ඉතා වැදගත් කාර්යභාරය ගැන හොඳ අවබෝධයක් වැටහීමක් තියෙන සහ ඒ එක්කම අනාගතයේ ජාතියේ පිණට රටේ බිහිවෙලා අපේ මතු පරම්පරාවල නායකත්වය දෙන්න නියමිත ජන නායකයින් වෙනුවෙන් අප අද කළයුතු වැඩ කොටසට උරදෙන්න බොක්කෙන්ම කැමති පිරිසක් මේ කතන්දරේ බලන්න ගෙන්නා ගන්නයි.

එහෙම නැතුව මෙතනට අද අර වෙනදට පල කෙරෙන ජොක්කු කතන්දර, චූ කතන්දර, කක්කා කතන්දර, බැඳපු උන්ට උපදෙස්, ලව් කරන්න උපදෙස් වගේ දේවල් බලන්න ආපු අයට නං අද වෙන්නේ හිස් අතින්ම ඔය පැත්තකින් තියෙන ලින්ක් එකක් ක්ලික් කරගෙන ආපහු යන්නයි.

ඉතිං මෙතනින් ඉස්සරහට මේ කතන්දරේ කියවන්නේ ජාතිමාමක, දේශමාමක හැඟීමක් තියෙන අය විතරයි කියා මං හිතනවා.

අද ඉන්න ජනනායක දේශපාලුවෙකුට පන්දමක් ඇල්ලුවොත් ඒක මෙලොවදීම පටිසන්දෙන ආනන්තර්ය පුන්‍යකර්මයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? නමුත් මේ අනාගතයේ මේ රටේ පිණට පහලවීමට නියමිත ජනනායකයින්ට ඒ අනාගතයේ උදව් ලැබෙන විදියට අද වැඩ කරලා මොකක්ද ඇති වැඩේ නේද?

ඇත්ත. මං මේ යෝජනා කරන්න යන වැඩෙන් අපිට නම් මේ ජීවිත කාලය ඇතුලත පුද්ගලිකව ප්‍රයෝජනයක් නැති බව ඇත්ත.

ඒත්, අපිට අපේ අනාගත පරපුරට වගේම උන්ට අනාගතයේ නායකත්වය දෙන්න ඉන්න ජනනායකයින් ගැනත් වගකීමක් ඇතිබව අමතක කරන්න එපා!

අහලා තියෙනවාද මේ කවිය පන්තිය?

"මුත්තේ මොනවද ඔතන කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ"
       "අඹ ඇටයක් ලැබුණා ළමයෝ මට
       මෙහි ගෙන ආවා එය සිටුවන්නට"

ඒ කතාවේ ළමයා ඊලඟට සීයාගෙන් අහන්නේ ඔය හිටුවන අඹ ගහේ සීයාට ගෙඩි කන්න වෙන්නේ නෑනේ. ඉතිං ඇයි එහෙනං ඔය මහන්සි වෙන්නේ කියලයි.

සීයා දුන්නු උත්තරේ හදවත සිසිල්කරවන, සිත සනසන එකක්!

"ළමයෝ, මේ ඇටය පැලවෙලා හැදෙන ගහේ අඹ කන්න මං නොහිටියාට මොකද? අනාගතයේ ඉන්න අය කාවිනේ. අනික, අද අපි අඹ කන ගස් අපි හිටවපු ඒවායැ?"

අන්න ඒ වගේ හදවත සිසිල්කරවන, සිත සනසන යෝජනාවක් තමයි මං අද කරන්න යන්නේ.
  • තමන්ගේ ගමේ හෝ සේවා ස්ථානයේ විශාල කණ්ඩායමක් විදියට එකමුතුවෙන්න.
  • හැකිතරම් රත්තරන්, රිදී ආභරණ එකතුකරන්න. මුදල්ද අවශ්‍යයයි.
  • ඒවා උණුකර රන් කඩු සහ රිදී කඩු හදවන්න.
  • තෝරාගත් තැන්වල ඒ භාණ්ඩ නිධානයක් ලෙස වළලා දමන්න.
මේ අපේ අනාගත ජනනායකයින්ගේ හිත සුව පිණිසය.

මොකද කියනවා නං එදා රජකාලේ සිට මේ වගේ වැලලූ නිධාන අද හාරාගෙන යන වේගය අනුව, අපේ ඉදිරි පරම්පාරාවලට සේවය කරන්නට ජාතියේ පිණට මේ රටේ පහලවීම නියමිත ජනනායකයින්ට යන එන මං නැතුව යනු ඇත.

මගේ මේ ප්‍රයත්නය එතුමන්ලා සුරුකීමට අද සිට වැඩ කිරිමටයි!

-කතන්දරකාරයා

ප/ලි:
අනාගත රජ දරුවන් ගේ සුඛිත මුදිතබාවය ගැන අද අදම සැලකිළිමත්වෙමු!

හැම ගමකම අඩු වශයෙන් එක නිධානයක් ස්ථාපනය කරමු!

(image: http://sundaytimes.lk/040201/funday/1.html)

60 comments:

  1. ඉතාම වැදගත් යෝජනාවක්.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔය අලුත් නිධාන ගොඩගත හැක්කේ අනාගතයේ බිහිවන දේශපාලුවන්ට මිස දැන් ඉන්න දේශපාලුවන්ට නොවේ කියලා බෝඩ් ගහන්නත් වෙයි.

      Delete
    2. /හැබැයි ඔය අලුත් නිධාන ගොඩගත හැක්කේ අනාගතයේ බිහිවන දේශපාලුවන්ට මිස දැන් ඉන්න දේශපාලුවන්ට නොවේ කියලා බෝඩ් ගහන්නත් වෙයි./

      පොඩි නිවැරදි කිරීමක්. අනාගතයේ බිහිවන දේශපාලුවන්ට නෙවෙයි, අනාගතයේ බිහිවන දේශපාලුවන්ගේ මල්ලිලාට!!!!

      Delete
  2. http://www.youtube.com/watch?v=6s3tVyEn9SA

    ReplyDelete
  3. මෙහෙමනේ... කලින් හිටපු රජවරු ඔය එක එක තැන් වල නිදන් වල දාල තියෙන්නෙ සතුරු කරදර නිසා නෙ... ඉස්සරහට ආණ්ඩු පෙරලියක් වගේ තමන්ට තර්ජන, සතුරු කරදර මතු වෙන්න ගත්තහම ඔය කඩුත් දැන් අයිතිකාරයොම වලලාවි, තමන්ගෙ අනාගත රජ දරුවන්ට ගන්න පුලුවන් විදිහට... ඒ නිසා අපි කලබල වෙලා අපේ රත්තරං බඩු නැති කර ගන්න ඕන නැහැ... තව ටිකක් ඉවසල බලමු... :D

    ReplyDelete
  4. ජතියේ උදානයේ රන් රුවන් කරඩු කොයි

    ReplyDelete
    Replies
    1. බෝටගොයාගෙ ගෙදර ඇතුළෙ අල්මාරියෙ දොයි.

      Delete
  5. දැන් ඉතින් ඕක අනාගත ජනනායක දේශපාලුවන් කියලා තියන හන්දා මගේ රන් බඩු නම් දෙන්නේම නෑ. දේශපාලුවන් පුරුෂ ලිංග පදයක්. :D:D:D

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇයි ඔයා පුරිෂ ලින්ගයත් එක්ක ඔයහැටි විරසක

      Delete
    2. එයාට එහෙම එකක් නැහැනෙ. ඒකයි.

      කාන්තාවන්ට පුරුශ ලිංගයක් නැතිවීම නිසා කාන්තාවන් තමන්ගේ නැතිකම (lack / manque) හේතුවෙන් විඳින ප්‍රශ්න ගැන ෆ්‍රොයිඩ් ගේ කාලෙ ඉඳලම සාකච්ඡා කෙරිලා තියෙනවා. මම මේ විස්තර ලිව්වෙ පොඩ්ඩි ලියන මාතෘකා වල හැටියට මම හිතනවා පුරුශ ලිංගය කියන්නෙත් පොඩ්ඩි කතා කරන්න ගොඩක් කැමති හොඳ සෙක්සි ටොපික් එකක් වෙන්න ඕනෙ කියලා.

      Delete
    3. දෙයි හාමුදුරුවනේ, ඉර හඳ යට තියෙන හැම දේම ගැන ලියපු කකාත් පුරුෂ ලිංගය ගැන පෝස්ට් එකක් ලියල නැති හැටි. කකා, මම හරි නේද?

      Delete
    4. පෝස්ට් එකේ ඇතුලත් වෙන කතාව නම් ඇත්තම තමා. මේ ඇනෝලා 3න් දෙනා නම් පිරිමි වෙන්නම ඕනෙ. ඒකයි නම් නැතිව ඇවිත් තියෙන්නෙ.. :D

      Delete
    5. ආ කඩේ යන ගමන් වගේ නේ? පොඩි කුමාරිහාමිට තියෙන ප්‍රශ්නෙ තමයි http://en.wikipedia.org/wiki/Penis_envy

      Delete
  6. උපහාසයක් සමග කියා තිබුනත් අද කාලෙ අපි කතා කල යුතුම මාතෘකාවක් කියලයි මම හිතන්නෙ..
    අද නිදන් හාරන එක සාමාන්‍ය දෙයක් වෙලා සමාජයේ ...
    මොකද දැන් එක වෙන්නෙත් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් නිසා...

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද????????

    ReplyDelete
    Replies
    1. /වැටත් නියරත් ගොයම් කා නම්.../

      වැටත් නියරත් නෙවෙයි, අයියත් මල්ලියාත්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. ඉස්සර චුට්ටං කාලේ මම සෙල්ලමට මිදුලේ වලක් හාරන කොට නිධානයක් වගේ එකක් හම්බ වුනා. හොයලා බලන කොට ඒක මොකක්දෝ හුනියමක්. :) :) ඔහොම හාරගෙන යන අයටත් ඒ වගේ දේවල් ලැබෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  8. නියමයි! හීන්සැරය කියන්නෙ මේකයි. වදින්න ඕන තැනට නියමෙට වදිනව. සම්බන්ධ කාරණාව ගැනනං කතාකරන්න ඕන නැතිවෙයි මගේ හිතේ. රටම දන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. මට සතුටු කශූ ගෙ සිත මෙහෙමවත් වෙනස් වෙන ඒකට ;)

      Delete
    2. අපටත් සතුටුයි කට්ටිය සතුටු එක ගැන :)

      Delete
  9. නිධන්......
    මම නම් හිතන්නේ නැහැ ඔය නිදන්වල ඒ හැටි වටිනා දේ ඇති කියලා. හෙතු කීපයක් උඩ.
    අතීතයේ කාලිංග මාඝලා, නරෙන්ද්‍රසිංහලා, වගේම රණහින්නලාත් ඕවා හෑරුවා. අනික පෘතිගීසි, ලන්දේසි, ඉන්ග්‍රිසි, මේ ධනය මොනතරම් කොල්ල කන්න ඇත්ද?
    කොහොම හරි හෑරුවත් හොදක් වෙන බවකුත් හිතන්න බැහැ.
    අනේ මන්ද කලියුග කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු.

    ReplyDelete
  10. මුන් නිදන් හාරන කොට නර බිලි, කුකුළ් බිලි දෙනවද දන්නෙ නෑ! තුන් කුළුඳුල් පිරිමි ළමයි පරිස්සම් වෙලා හිටපල්ලා!

    ප.ලි - ලංකාවේ ඕන තරම් උදාහරණ තියෙනවා පුරා විද්‍යා බිම් වල කැණීම් කරපු කම්කරුවන්ට් වගේම අහම්බෙන් වටිනා (රන්, තඹ) පුරා වස්තු හමු වුණ උදවිය ඒවා තමන්ගේ ප්‍රයෝජනයට ගන්නෙ නැතුව නිසි බලධාරීන්ට දීපු.

    මේ පාඩම් ලොකු තැන් වල උදවියටත් කියාදෙන්න වේවි!

    ReplyDelete
    Replies
    1. විසිතුරු,

      මම දන්න හැටියට දැන් නර බිලි දෙන්නෙ නැලු. හෙන වැඩකාර ගුරෙක්ලු ඕකට සෙට් කරගෙන ඉන්නෙ. පොර එතන ඉන්න බහිරවයට බිලි දෙන්නෙ නැතුව ගානට නමනවලු. මේක මට කිව්වෙ අනුරාධපුර යාලුවෙක්. පොර බොරුවක්ද ඇත්තක්ද කිව්වෙ කියලා මට තහවුරු කරන්න බෑ. මම අහද්දි නම් කිව්වෙ ඇත්ත කියලා.

      Delete
    2. මට හිතෙන්නේ බුද්ධිගේ යාළුවාගේ කතාව ඇත්ත. ලොක්කා හැමෝම නමාගන්න විදියට (ගුරාල,ඇම දාලා ) බහිරවයාට බේරෙන්න විදියක් නැහැනේ...!
      :D

      Delete
    3. ඊටත් වඩා ඉස්සර උදැල්ලෙන් අලවංගු වලින්නේ නිධන් හාරන්නේ දැන් ඉතින් කෙලින්ම ඩෝසරේ යුස් කොරලා මහ දවාලෙම ගොඩ ගන්නවා. බහිරවයා ඩෝසරෙට බයයි කියන්නේ..ඊටත් වැඩිය ලොක්කා බයිරවයට කිව්වළු ඇමති කමක් දෙනවයි කියලා.. ඒක නිසා බහිරවයගෙන් ලොක්කට කරදරයක් නැතිළු

      Delete
    4. බුද්ධිගේ කථාව ඇත්ත වගේ, දැන් මේ පැත්තේ නිධන් ගන්න විදියට බිලි දුන්න නම් අපි ඉතිරි වෙන්ඩත් විදියක් නෑ.. හොහ් හොහ්....

      නිකන් ඉන්න වෙලාවට අපේ වත්ත පිටිපස්සෙත් හාරලා බලන්ඩ ඕනා... (ගුළල් බා කෑල්ලක් වත් හම්බ වෙන් නැතෑ)

      Delete
  11. ලොකු ගල් කිට්ටුව වල දානවනම් හොඳයි. ගලේ මොනවා හරි රූපයක්, හැඩයක් කොටනවනම් වඩාත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ලොකු ගල් කිට්ටුව දාන්ඩ දැන් ගලක් ඉතිරි වෙලා තියෙන්ඩ එපැයි... ඒවා ඔක්කොම සුන්... බැලු බැලු අත ගල් මෝල් නෙවැ

      Delete
  12. කකා ඕස්ට්‍රේලියාවට පැන ගත්ත නිසා බය නැතුව මේවා ලියතැකි. අපි එහෙම මේවා ලංකාවෙ ඉඳලා ලිව්වනම් මෙලහකටත් සුදු වෑන් ඇවිල්ලා.

    කකා ආපහු ලංකාවට එනකොට ඕස්ට්‍රේලියන් සිටිසන්ශිප් එහෙම අරගෙනෙම එන්න. මොකද එතකොට මොනවා හරි ප්‍රශ්නයක් එහෙම වුනොත් අඩු ගානෙ හයි කමිශනර්ට හරි පුළුවනි මැදිහත් වෙන්න. අර කුමාර මහත්තයගෙ කේස් එකේදි වගේ. වෙන රටක පුරවැසිභාවය නැති අයට මේ රටේ දැන් බයෙන් තමයි ඉන්න වෙලා තියෙන්නෙ.

    මේ පෝස්ට් එක වුනත් මට නමින් දාන බැරි මට පුරවැසිකම තියෙන්නෙ මේරටේ විතරයි.

    ReplyDelete
    Replies
    1. අපි නම් දාන්න ඕනෙ දේ දානවා. හිටපු ගමන් අස්ථාන ගත වෙයි එච්චරයි..

      Delete
  13. කතන්දර කට කට,

    ReplyDelete
  14. රත්තරන්? පවුමක් 50000 ක්. අයියෝ සල්ලි

    ReplyDelete
  15. ජනරජදාස11 May 2012 at 14:43

    කතන්දර කුමාර මේ කරන්නේ අපේ සමාජයේ සුලබ මිථ්‍යාවකට පෝර දැමීමකි. මිථ්‍යාව අපේ ඊනියා "රජ දරුවන්" (අතීත පාලකයින්) මහා ධනස්කන්ධයක් ස්ථූපයන්හි, බුදුපිළිම තුළ නිදන් කළ බවය. ඔවුන් යම් කිසි දෙයක් නිදන් කළ බව ඇත්තයි. නමුත් ඒ මහාවංශය ඇතුළු වංශ කතාවන්හි සඳහන් ප්‍රමාණයෙන් සීයෙන් එකක් හෝ දාහෙන් එකක් විය යුතුය.

    දුටුගැමුණුද රාජපක්ෂ පරම්පරාවේ එකෙකැයි කීවේ මා නොව ජැක්සන් ඇන්තනිය. රාජපක්ෂලා ගැන දන්නා අපට රාජපක්ෂ පරම්පරාවේ එකකු කෝටි ගණන් වටිනා ධනය චෛත්‍ය තුළ නිදන් කෙරුවාය කියන විට හිනා යන්නේ අධෝ මුඛයෙන්ය. ඒ කාලයේ උන්දලාද අපේ කාලයේ උන්දලාගේම සීයලා මුත්තලා නිසා නිදන් කර ඇත්තේ ඔය රත්තරන් ගාපු පොඩි පිළිමයක් දෙකක් විය හැකිය. (කොහොමටත් එකල රත්තරන් අතිශය දුලබ ලෝහයක් වූ අතර ලොකු පිළිම හදන්නට තරම් රත්තරන් අපේ කිසිම අතීත පාලකයකුට වූ බව වාර්තා නොවේ. මැණික් ගැන සින්බෑඩ්ලා ඉබන් බතූතලා කියූ කතා අනුව නම් මැණික් ටිකක් තිබුණා කියා හිතේ.) දුටුගැමුණුලාටද මහින්ද අබේසුන්දරලා, ජැක්සන් ඇන්තනිලා සිටින්නට ඇති නිසා රත්තරන් පිළිමය හෝ මැණික් කැට දෙක තුන මහා නිධානයක් වූ හැටි සිතා ගත හැකිය.

    මෙය ඔප්පු කළ හැකිය. ලංකාවේ නීත්‍යානුකූලව හෑරූ (කැණීම් කළ) එකම චෛත්‍යය දැදිගම කොට වෙහෙරයි. එයින් ලබා ගත් නිදන් වස්තු කිහිපයක් (හා කොළඹ කෞතුකාගාරයට ගෙනා ඒවා ගැන සියළු විස්තර) කොට වෙහෙරට එහා පැත්තේ පුංචි කෞතුකාගාරයක තිබේ. (මෙය සඳුදා හා නිවාඩු දිනවල හැර මහජනයාට විවෘතය.) කතන්දර කුමාර ලංකාවට ආ වෙලාවක ගිහින් බලන්න හොයා ගත්තු නිදන් වස්තු මොනවාද කියා. ඔය ඇත් පහනක් හා මොන මොනවාද සිල්ලර බඩු ටිකකි. හැමතැනම මෙසේය සිතා ගත හැකිය.

    එසේ නැතිව මේ එකකවත් නිදන් නැත්තේ කවුරුවක් කලින් කොල්ල කා ඇති නිසා නොවේ. කොහොමටවත් නිදන් තිබී නැත. මේ බව නොදන්නා අපේ මැට්ටෝ තවමත් නැති තැන නිදන් සොයති. මුන්ට රාජප..., මං කිව්වේ මෝඩයෝ කියන්නෙ නිකම්යැ?

    ReplyDelete
    Replies
    1. කොට වෙහෙරෙ නොතිබ්බ නිසා අනිත් කිසි තැනක නෑ!.මාර තර්කය.එක අතකට ඒ විදියට හැම දෙනාම තර්ක කරනව නම් ඒකත් හොදයි.එතකොට අනිත් ඒව වත් හාරන්නේ නැතිව ඉඳියි නේ.
      (දෙබසක් , පුතා: තාත්තා අද ගෙනාපු ගිනිපෙට්ටියේ ගිණිකූරු හොදයි තාත්තේ ******** තාත්තා: කොහොමද පුතේ දන්නේ ********** පුතා: මං ඔක්කොම කූරු පත්තු කරල බැලුවා)

      ලංකාවේ රත්රනරං නොතිබ්බ බව නම් සැබැයි.ඒවා ආනයනය කරන්න ඇති.හැබැයි මැණික් නම් තිබ්බා.රත්නදීපය වගේ නම් මෙරටට ලැබුණේ නිකම්ම නෙවෙයිනේ.රන්,රිදී,මුතු,මැණික් ආදියේ වටිනාකම වැඩි ඒවා දුර්ලභ නිසානේ.එදත් අදත් ලංකාවෙත් වෙන රටවලත් ඔය දේවල් මහා විශාල ප්රැමාණවලින් නැහැ තමයි. එහෙම තිබිබ/තියෙනව නම් ඒවායේ වටිණාකමත් ඉක්මනට අඩුවෙලා යනව.

      ප.ලි - ජනරජදාස කියන්නේ ............ ටැබූ වත්ද?

      Delete
    2. මිනිස්සුන් භාවිත කල ලෝහ වර්ග අතරින් පැරණිතම ලෝහ වර්ගය වූයේ රත්තරන් ය. එනිසා එකල හමුවූ රත්තරන් සියල්ල රාජ සන්තක වුනා යයි සිතීමේ වරදක් තිබේ ද?

      Delete
    3. ලෝහ සක්‍රීයතා ශේණියේ පහලම පිහිටි ලෝහයක් නිසා (නිස්සාරනයේ පහසුව නිසා) රත්තරන් යකඩ වලට වඩා ඉක්මනට මිනිසා විසින් සොයාගත්තේලු. නමුත් රත්තරන් වලට වඩා යකඩ සුලබව හමුවීම නිසා සාපේක්ෂව රත්තරන් වල මිල වැඩිය.

      Delete
    4. ජයශ්‍රී, නොදන්න මඟුල් කතා නොකර ඉන්නවද? ධාතු ගර්භය කියන්නෙ පුංචි පුංචි කුටීර සිය ගාණකින් හැදිච්චි මීවදයක් වගේ එකක්. මේ හැම කුටීරයකම ධාතු තැන්පත් කරන්න බෑ. ඒව තන්පත් කරන්න විශේෂ තැන් සුළු සංඛ්‍යාවක් තියෙනවා. මුලින්ම ඒක හදාරලා කතා කරන්න. මෝඩ කතා කියන්නෙ නැතුව.

      Delete
    5. @AnonymousMay 11, 2012 10:28 PM
      මේක මෙතෙන්ට ම දාපු කොමෙන්ට් එකක්ද? අගක් මුලක් තේරෙන්නේ නෑනේ.මොකක්ද මෝඩකතාව?

      Delete
  16. කතන්දරගෙ කථාව ගැනනම් මොකුත් නොකිය ඉන්නම්. අර කවිය කොහේද තිබුණෙ. මට නම් මතක මේ විදියට.

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    ඔබටත් ළමයෝ නොපෙනේ..යි නොසිතමි
    ඇඹ ඇටයක් සිටුවන්නට හාරමි

    මේ සිංදුව අපි පොඩි කාලෙ හැමදාම හවසට ටීවී එකේ ගියා. ඒ දවස්වල ඕක අපිට කටපාඩම්. මම හිතන්නෙ ටයි මාමගෙ වැඩක්.

    ReplyDelete
    Replies
    1. දුක සේ සිටුවා අඹ ඇටයක් අද
      එක අඹයක් වත් කන්න ලැබේවිද?
      පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
      ඔහොමට හැදුනොත් ඔබටම වෙයි දොස

      අපෙන් පසුව එන අයටත් මේ ඵල
      ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
      ඒ යුතුකම හොඳහැටි දැනගත්තෙමි
      ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

      :)

      Delete
    2. බීටලේ, පද දෙකක් මිසින් නේද.??

      "පෙර උන් අය සිටවූ අඹ ගස්වල
      ඵලයෙන් අපි කවුරුත් ලබනෙමු ඵල"

      අපෙන් පසුව එන අයටත් මේ ඵල
      ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

      Delete
    3. බුරා,
      ඒ යුතුකම හොඳහැටි දැනගත්තෙමි
      ආයුබොවන් මුත්තේ මම යන්නෙමි :P:P:P

      Delete
    4. @ බුද්ධියා,

      මට පස්සෙ මතක් වුනේ, ඕකෙ තව කෑල්ලක් මිස් වෙලා නෙවැ.. :)

      දුක සේ සිටුවා අඹ ඇටයක් අද
      එක අඹයක් වත් කන්න ලැබේවිද?
      "මම ළමයෝ මින් අඹයක් නොපතමි
      යුතුකම පමණක් ඉටු කොට තබනෙමි"

      "තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
      කරන්න හැකි දේ නොම තේරේ මට"
      පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
      ඔහොමට හැදුනොත් ඔබටම වෙයි දොස

      Delete
    5. බුරා,

      සිරාවට උඔගෙ පිලිතුරේ අන්තිම පේලි දෙකට බකස් ගාලා හිනා ගියා.... නියමෙට කැපෙනවා. ටැංකො!

      Delete
  17. දැන් අඹ හිටෝල වැඩක් නෑ, හිටෝනව නං 'ඩ්‍රැගන් ෆෘට් '

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා දැන් අඹ හිටෝලා වැඩක් නැහැ." ඩ්‍රැගන් ෆෘට් " තමා හිට වන්න ඕනේ. එතකොට අර කවියත් වෙනස් කරන්න ඕනෙ නේ :D

      Delete
    2. මොනාද ඔය ඩ්‍රැගන් ෆෘට් කියන්නෙ..?

      Delete
  18. පහුගිය කාලේ ව්ළ දාපු ඒවා බලපුවාම අනාගත පරපුරට හම්බවෙන්නේ ටී56, බ්‍රවුනින්ග්, ග්‍රනේඩ්ස්, ලෑන්ඩ් මයින්ස්, බුලට්ස් වගේ එව්වා...වලදාපු අය එකතු වෙලා නිදන් වදුල වගේ පොතක වත් ලියුවානම් තවත් හොඳයි.
    -Kandyan-

    ReplyDelete
  19. අදහස නම් නියමයි.. ඒත් ඕවා අනාගත නායකයන්ට ගන්න කම් ඉතුරු උනොත් හොදයි..

    ReplyDelete
  20. කතන්දර අගවන සිද්ධිය මොකද්ද කියලා මම දන්නෙ නෑ එ මොකද මම නම් ලන්කාවේ වෙන දෙවල් ගැන ප්‍රවෘත්ති බලන්නෙ නෑ මොකද හැමදාම එකම දේ.. හොරකම් කරනවා ..අහුවෙනවා..නඩු දානවා..නීතිපති සාක්ශි නෑ කියනවා..හොරා නිදහස් වෙනවා(රජ දරුවන්ට විතරයි)

    ReplyDelete
  21. අපි ඕවා දැන් නිධන් ගත කලත් අනාගතයේදී ඕවා ගන්න ලංකාවේ එකෙක්වත් ඉදියිද කියන එක ප්‍රශ්නයක්?.

    ReplyDelete
  22. මෑ ඇට හිටෙව්වොත් නරකද?? :-)

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ..... ඔයා දැන් කීයක් හිටවල තියනව ද?

      Delete
  23. එහෙමයි.. මාත් හිතන් ඉන්නේ අපේ ගමෙත් නිධානයක් ස්ථාපනය කරන්න.. මොකද අපිටත් කවදා හරි යන එන මං තියෙන්න එපයි!!

    ReplyDelete
  24. can someone recommend me a good proxi server ? I want to browse "lankaleeks"

    sorry for writing an unrelated stuff

    ReplyDelete
  25. අද වැලලුවොත් හෙට හාරයි නේ..

    ඒකයි චින්තනය..

    ReplyDelete
  26. මගේ මේ යෝජනවාට සහය දක්වා සහ විරෝධය පළකර සටහන් තැබූ සියළු දෙනාටම ස්තුතියි!

    මාත් පොඩි කාලේ කෝටුවක් රැගෙන නිධානයක් ලෙස පොළොවේ වල දැම්මා. ඒ තව අවුරුදු දස දහස් ගණනකින් ඒවා දියමන්ති බවට හැරෙන බව ඇසුවාට පසුවයි.

    ජනරජදාස වෙහෙර ගැන කියන කතාව සත්‍යවෙන්න ඇති. නමුත් නිධාන තියෙන්නේ වෙහෙර ඇතුලේ නෙමේ. ඬෙහෙරවල තියෙන්නේ පුජා භාණ්ඩ ලෙස දුන් ඒවා. නියම වස්තුව වැළලුවේ වෙන රහස් තැන්වලයි.

    හෙට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවලින් හමුවෙමු!

    ReplyDelete
  27. ara rata appata, pittaniya puthalata kiyana kathawata mekath kohen hari ekathu karanna berikamak ne.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.