Sunday 13 May 2012

දරුවන් අනූ දෙදෙනෙකු ජාතක කළ ආඩම්බරකාර තාත්තා - Father of a nation?


අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් මං ඔබ සැම වෙත කතන්දර දැනුම් සාගරයෙන් බිඳුවක් ලෙස ගෙන එන්නේ අවුරුදු නමයක කාලයක් තුල ළමුන් අනූ දෙදෙනෙකු හැදූ වයස අවුරුදු හතලිස් දෙකක අපූරු තාත්තා කෙනෙක් ගැන විස්තරයකුයි. මෙයින් ළමුන් අසූ දෙදෙනෙකු දැනට ඉපදිලා. අනිත් දහදෙනා මග එනවා.

බොරුයි කියලද හිතන්නේ?

මෙන්න මං කියවපු පත්තර කෑල්ල.

වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-2130441/34-year-old-virgin-father-82-launching-free-baby-making-service.html

පොරගේ නම එඩ් හූබන්. ඕලන්දක්කාරයෙක්. මීට අවුරුදු නමයකට කලිනුයි පොර මේ නොමිලේ දරුවන් සෑදීමේ සේවාව ආරම්භ කරළා තියෙන්නේ. මේ දවස්වල එඩ් කරාරයා මාසෙකට දරුවන් නැති අම්මලා පාළහකට විතර දරුවන් ඇති අම්මලා වීමේ මාර්ගය පාදා දෙනවාලු.

පොර ගේ මේ සේවාව නීති විරෝධී එකක් නොවේ. (ඇයි බොලේ, පොතේ අත්සන් කරළා නීතියට අනුව හනිමූන් ගියොත් නේ බහු භාර්යා වරද වෙන්නේ. මෙතන කසාද බැඳීමක් ණැති නිසා නීති කැඩීමකුත් නෑ.)

එඩ් හූබන් ගේ පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර් එකත් නරක නෑ. පොර එක්ක සංසර්ගයේ යෙදෙන ලේඩීස් ලා ගෙන් 80% ම ගර්භනී වෙනවාලු!

(මං දන්නවා දැන් සමහරු කැල්කියුලේටර් ඇප් එක හොයනවා ගාණ හදන්න. මහන්සිවෙන්න එපා මෙන්න උත්තරේ. 92/0.8 = 115).

ජොලිම කතාව තමයි මෙන්න මේක.

"මං කරන මේ සේවාවෙන් වෙන්නේ මා ගැන ඇයට තියෙන ඉන්ටරෙස්ට් එක තවත් වැඩි වෙන එකයි කියලා මං යාළුවෙලා ඉන්න ගෑල්ළමයා කියනවා" කියලා එඩ් හූබන් කියනවා.

හැබැයි පොර තාම ඒ ගෑල්ළමයාව බඩදරු කරළා නං නෑ.

ඒරොප්පේ පදිංචි වෙලා හිටියට එඩ් හූබන් ලෝකේ වටේ ගිහින් නිව්සීලන්තේ වගේ දුරු රටවලත් තමන්ගේ බීජ හිටෝලා තියෙනවා. හැබැයි මේ දවස්වල පොර වැඩිපුර කරන්නේ තමන්ගේ ගෙදරට වෙලා ඉඳගෙන එහෙට ඇවිත් සේවය ලබාගන්න කාන්තාවන්ට ඇපොයින්ට්මන්ට් දෙන එකයි.

සේවායෝජයකයෝ ට්‍රැවලින් සහ බටා දෙනවානම් යලිත් සංචාරක සේවය කරන්න කැමති බව එඩ් හූබන් කියනවා.

එඩ් හූබන් මුලින් කරළා තියෙන්නේ දේශීය සායනවලට ශුක්‍රාණු දන් දීමයි. පස්සේ පොරට තේරිලා තියෙනවා ස්වාභාවිකවම දරුවන් හදාගන්න කැමති දරුවන් නැති අම්මලාගේ වෙළද පොළක් තියෙන බව.

පොරගේ හිට් රේට් එක 80%ක් විතර හොඳ වෙන්න හේතුව ප්‍රජනන පද්ධතියේ නිපදවෙන ගුක්‍රාණු ප්‍රමාණයයි (Sperm count). මිලියන් විස්සකට අඩු Sperm count එකක් කියන්නේ දරුවන් හදන්න බැරි තත්වයක්. එඩ් හූබන් ගේ Sperm count එක මිලියන් 100ක්.

"මං පුස් වෙඩි තියන්නේ නෑ!" පොර කියනවා. ජීව උණ්ඩම තමයි තුවක්කු බටෙන් එලියට එන්නේ!

මහ වෙදනා "සරුබව" කියලා ලියන්නේ මේ කේස් එක ගැනයි.

ශුක්‍රාණු බැංකුවකින් බඩු අරගෙන කෘතිම සංසේචනයක් කරගන්න සොලර් 6100 සිට 7700 දක්වා අතර ගාණක් වියදම් වෙනවාලු. හැබැයි එඩ් හූබන් ගේ සේවය නොමිලේ!

කාට හරි අවශ්‍ය නම් මෙන්න වැඩි විස්තර ගන්න පොර ගේ වෙබ් අඩවිය: http://www.spermaspender.de/

සේවායෝජකයින්ට වෙනවා තමන්ගේ නිරෝගීබවට සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බවට වෛද්‍ය සහතික ඉදිරිපත්කරන්න.

ඒ එක්කම, සේවය ලබාගන්න බලාපොරොත්තු වෙන වෙන්ඩ අම්මලාට වෙනවා තමන් ඉදිරියේදී නඩත්තු ඉල්ලන්නේ නැති බවට පොරොන්දු පත්‍රයක් අත්සන් කරන්නත්.

"ඔය පොරොන්දුපත්‍ර අත්සන් කළාට, අම්මලා පස්සේ නඩත්තු නඩු දැම්මොත් එඩ් හූබන්ට වෙන්නේ මේ ආත්මේ පුරාමත් ගෙවලා, ඊලඟ ආත්මෙත් නඩත්තු ගෙව ගෙවා ඉන්නයි!" ජර්මානු නීතිඥයෙක් කියලා තියෙනවා.

මෙන්න නැවතත් එඩ් හූබන් ගේ වෙබ් අඩවිය: http://www.spermaspender.de/

ගුඩ් ලක්.

-කතන්දරකාරයා

ප/ලි:
ඇත්තටම අම්මලා අනූ දෙදෙනා තමන්ගේ ළමයි අනූ දෙදෙනාට නඩත්තු ඉල්ලලා නඩු දැම්මොත් මේ ආඩම්බරකාර තාත්තාව බේරාගන්න අපිට මානුශික මෙහෙයුමක්වත් කරන්න වේවි!

p/p/s:
Someone just asked me whether I am publishing this article today (Sunday 13 May 2012) to celebrate the Mothers' Day!

(image: http://www.dailymail.co.uk/news/article-2130441/34-year-old-virgin-father-82-launching-free-baby-making-service.html)

23 comments:

  1. කතාන්දර නම්.. පට්ටයි... මු පට්ට වැඩර් කෙනෙක් නේ.. අපිත් ලංකාවේ ආරම්භ කරමු.. හැබැයි ඔය කිව්ව වගේ ඹුට නඩු දැම්මොත් පොරොන්දු පත්තර කැලේ...හිකිස්... හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඉෂාර ලා ම පටන්ගන්න. මට නං ඔහොම එකක් මතක් කරළා ලකුණු කපා ගන්න බෑ. අපි බැඳපු මිනිස්සු!

      Delete
  2. හපොයි! කතන්දර හාමිනේට Happy Mothers' Day! කීවා කියන්ට.
    හැබැයි මේක පබ්ලිෂ් කරන්ට තිබුනේ Father's Day එකට. :D:D:D

    ReplyDelete
    Replies
    1. පොඩි කුමාරිහාමිටත් මව්වරුන්ගේ දිනය සැමරීමට ලැබේවායි පාර්ථනය කරනවා!

      තරහවෙන්න එපා ඇහැව්වාට, ඇත්තටම අත්තම්මා ගැන මිසක් අම්මා ගැන ඔයා ලියන්නේම නැ නේද?

      Delete
    2. අම්මා ගැනත් මම ලියන කතාවල් තියනවා. ඇයි මේ පාර දාලා තියන පෝස්ට් එකේ මගේ සුදු අම්මා ගැන තියෙන්නේ...ඒත් අපේ ජීවිතවලට ලොකූ බලපෑම් කරන්නේ අත්තම්මා. සමහරවිට ඒක හන්දා වෙන්ට ඇති.
      පොඩ්ඩි අම්මට පණ වගේ ආදරෙයි. ලියන්ට යන්කොට අඬලයි නවතින්නේ.

      ඒත් කතන්දර කියන හන්දා එයා ගැන පෝස්ට් එකක් ඉක්මනින් දාන්නම්. :D

      Delete
    3. mekatanam math ekagai.apita wadima balapama karanne aththammaa...

      Delete
  3. Kathandare SuPiRi.Habai meyawage prasiddawa nathi unata loke podi podiyata owa wenawalu.Mama nam danne naha owa.

    ReplyDelete
  4. මේක කියවන මේ සේවය ලබා ගන්න කැමති ශ්‍රී ලාංකික කාන්තාවන් මෙතන කොටන්න...

    …පොඩි නංගිලාත් මේක බලන හින්දා ඇනෝ විදිහට දාන්න තීරණය කලා. නිකන් මොකටද ටින්කිරි ගා ගන්නෙ..

    ReplyDelete
  5. බොහෙම හොද වටිනා සේවයක්...දේවාලවල කපුවොත් කරන්නෙ ඔකම තමයි...ඒත් මේතරම් විනිවිද බාවයක් නෑ.

    ReplyDelete
  6. මමත් එකක් පටන් ගන්නවා හෙට අනිද්දම... ෂුවර් :-)

    ReplyDelete
  7. බුදු අම්මෝ .... මාර මැෂින් එකක් නේ. හරි ළමායි... දැන් කියන්න බලන්න මිනිහ ගිය ආත්මෙ මොන වගේ පිංකම් ද කරන්න ඇත්තෙ, මේ වගේ ලැබීමක් ලබන්න.

    ReplyDelete
  8. යහපත් සොදුරු මිනිසුන් ගේ නික්මයන අදහාගත නොහැකි ශෝකයක්. ඇතෙන්ම ජීවිතය මොනතරම් අස්ථිරද? සනත් විජේවර්ධන, ඔබට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  9. අනේ කතන්දර මේක නම් වාව ගන්ට බැරි ශෝකජනක ආරංචියක්. ඔබා නැතිවෙලාද? :((((((

    ReplyDelete
  10. උඩ තියන කමෙන්ට් එක දමද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ ආරංචියක් තව සුළු වේලාවකින් අහන්න ලැබේවි කියල. ඒ වෙලාවෙත් මට මතක් වුණේ ඔබා මාමා මේ කතාවට දාන කමෙන්ට් එක කොහොම වෙයිද කියල. ඒත් ජීවිතේ කියන්නෙ ඒක තමයි. ආපු හැමෝම යන්න ඕන. ඒ වගේ නිහතමානී සරල සුන්දර මිනිස්සු අපේ ජීවිත කාලය තුළ අපිට මුණ ගැහෙනව අඩුයි. ඔහු නැති අඩුව සිංහල බ්ලොග් අවකාශයට හැමදාම දැනේවි.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  11. අනේ අපොයි.... ඔබා ඔබට නිවන් සුව අත්වේවා....:((((((

    ReplyDelete
  12. ලංකාවේ නොයෙක් තැන්වල දේවාල වෙලත් මේ සේවාව වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. දිනේශ්, ලංකාවෙ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් ඔය සිදුවීම් හරි සුලබයි!
      http://visituru.blogspot.com/2011/12/blog-post_12.html

      Delete
  13. ඇත්තෙන්ම ලංකාවටත් මෙහෙම සේවයක් ඕනේ වෙයි වගේ....අපිටත් පුළුවන් වෙයි 80% වඩා වැඩි rate එකක් තියා ගන්න...

    ReplyDelete
  14. පොර පෙර ආත්මයක නොමිලේ සේවය සපයපු ගණිකාවක්ද කොහෙද.ඔය විදිහට ලබන ආත්මෙ මොනවා ලැබෙයිද.ලිපිය නියමයි කතන්දර

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.