Friday 29 April 2011

කටුබැද්දේ කුකුල්ලු දෙන්නා ගේ රහස එළිවෙයි :: Two Cocks of Katubedda - Secret Revealed!


රහස එළිවෙනවා ය කියන්නේ අද දාන කොටසින් මේ කයි-කතන්දරේ අහවරක් වෙනවා කියන එකයි. ඒ හින්දා කවි ටිකයි, මගේ රනින් කමෙන්ට්‍රියයි කියවන්න කතාව කොටස් වශයෙන් දැම්මා කියලා මට බණින්නේ නැතුව!

ඊට කලින් කයි-කතන්දරේ මුල් කොටස් කියවපු නැති අයට මෙන්න ලින්ක්ස්.

1. මුල් කොටස -දෙවන කොටසට ලින්ක් එකක් එහි ඇත.

2. දෙවෙනි කොටස –අද පලවෙන අවසාන කොටසට ලින්ක් එකක් එහි ඇත.

අද එතැන් සිට, හොඳේ?

9. මතකනේ, වෙරි මත හින්දද කොහෙද රතනේ ට හෝටලේ රෝස්ට් කරපු කුකුල්ලු දෙන්නෙක් තියෙනවා ය කියල පෙනුනට, සමරේ කියන්නේ ඒ ඉන්නේ එක කුකුළා ය කියලයි.

ඒ කතාව අහල රතනේ ට ඔන්න තද වුණා!

"මට නැත ඩෝප් ඇස් දෙක පේනව හොඳට
කුකුලන් ජෝඩුවක් බැදලා ඇත යසට
දෙන්නට හිතයි යන්නට දත් ටික බඩට"
රතනෙගේ කතා බහ දැන් නම් ගෝරියට


රතනේ විතරක් නෙමේ, දන්නවනේ, කොහොමටත් මිනිස්සු බීපු වෙලාවට කැමති නෑ, තමන්ට ඩෝප් ය කියල පිළිගන්න.

10. සමරෙයි, රතනෙයි ඉතිං ජාඩියට මූඩිය වගේ හොඳම යාළුවෝ දෙන්නෙක් නේ. ඉතිං, සමරෙට හිතුණා රතනේ එක්ක වලියට යන්නේ නැතුව මේ වැඩේ ගොඩිං ම ෂේප් කරලා දාන්න.

"නොමගන් කෝප මේ ලෙස හිතවත් රත්නේ
මා කියනා කතාවත් දැන් අහපන්නේ
දෙන්නෙක් නොවේ එක කුකුළයි ඔය ඉන්නේ"
සමරේ මේ ලෙසය එය පහදා දුන්නේ


11. මෙන්න සමරේ ගේ පැහැදිලි කිරීම. බලමු ඔහෙලට අපිටත් තේරෙයිද කියලා.

"ජෙම්රෝස් කාරයා නත්තල සමරන්ට
කුකුලෙකු රෝස්ට් කර තැබුවා විකුණන්ට
ඕවට බර නැතිය අපි වගෙ කොල්ලන්ට
කල් ගත වුණත් බැරි විය විකුණාගන්ට"


අහන්නත් දෙයක්ද? ගමෙන් ඇවිල්ලා, දෙමව්පියෝ දෙන තුට්ටු දෙකෙන්, මහපොලෙන්, බර්සරියෙන් ජීවත්වෙන කොල්ලන්ට කොයින්ද, රෝස්ට් චිකන් කන්න සල්ලි.

කොටින්ම මුං අරක්කු බොන්නේත් කෝක් දාල ෂැන්ඩි කරන්නේ නැතුවයි, අපේ චමින්ද ලා ට, දුමින්ද ලා ට තේරෙන්නේ නැතිවුණාට!

12. ඉතිං, ඒ කුකුලා රෝස්ට් කරලා විකුණන්න මාස ගාණක් වේලි, වේලි තියෙන අතරේ මොකද දන්නවද වෙලා තියෙන්නේ?

"මිය ගිය කුකුළා ගේ පණ නල ඔය අතරේ
ඉපදී හැදී යලි ලොකු විය දිවි කතරේ
ඌ යලි රෝස්ට් වී ඇත මේ දුක් සසරේ
දෙන්නෙකු නොවෙයි ඔය එක කුකුළයි මිතුරේ!"


ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ. කුකුල්ලු දෙන්නෙක් වගේ පෙණුනට ඒ ඉඳලා තියෙන්නේ එකම කුකුලා.

ඇත්තටම කියනවනං, මේ සිද්ධිය වෙන කොට අර දෙවෙනි පාරට මැරිච්ච කුකුලාත් ආපහු කුකුළු පැටියෙක් වෙලයි හිටියේ!
තව ටිකක් කල් ගියා නං කුකුල්ලු තුන් දෙනයි එතන.

-කතන්දරකාරයා

ප/ලි:
රෝස්ට් චිකන් ගැන ඔහොම නං, කරෝල ගැන හෙම මොනවා කියන්නද, නේද? එකම මාළුවගේ ආත්ම ගණනාවක කුණු ශරීර කූඩු එකම කරෝල කඩේ, එක ගොඩේ විකුණන්න දාල තියෙන්න ඉඩ තියෙනව!

ඇයි එතකොට උම්බලකඩ? ඒ ඊටත් කලින් ආත්මේ.

(image: http://www.123rf.com/photo_4210067_two-roast-chickens-on-a-bed-of-salad.html)

30 comments:

  1. ඇත්තටම මට නම් තේරුන් නෑ අයියේ....කමක්නෑ කවි ටික නම් මරු....එල එල.

    ReplyDelete
  2. හ්ක්... අපූරු කතාව.... කුකුලා...

    ReplyDelete
  3. දුන්නට කතාවක් ගොතලා කියවන්ට...
    අපගේ සිත්සතන් සැම පිනවන්ට...
    සැමදා ලියන අපගේ කතන්දරට
    ආසිරි පතමි තව කවි ලියවෙන්ට...

    ReplyDelete
  4. මදෑ කඩු ෆයිට් පොලු ෆයිට් ටිකක් බලාගන්ට හිටියා...........ලොල්..

    ReplyDelete
  5. තව එක Episode එකක් ගියා නම් කුකුල් පැටියත් රෝස් වේයි වගේ.උම්බලකඩ කඩේ නම් මාලුවගේ පරිනාමනයම ඇති එහෙනම්.

    ReplyDelete
  6. කතන්දරගේ රොස්ට් කුකුල් තියරිය..

    ReplyDelete
  7. ඔය වගේ කතාවක් අපේ බුද්ධ ධර්මය උගන්නපු සර් කෙනෙතුක් කිව්වා. හැබැයි එයා කිව්වෙ කුකුලා මැරිලා ආයෙත් ඉපදෙනකං පරණ සරීර කුඩුව අයිස් පෙට්ටියෙ බලං ඉන්නවා කියලා.

    මොනා නැතත් කතන්දරට නියමෙට කවි නං කරන්න පුලුවන්. මම නං වැඩියෙම කැමති දිවියලෝකේ ගිහිල්ලා කියපු කවි ටිකට. ඒකෙත් අන්තිම පෝස්ට් එකට.

    අන්න කවි!

    ReplyDelete
  8. කවි කතාව මෙදා සැරේ කතන්දරය ලියාපු
    වෙනද වගේ රසක් නැතිය කතාව නුඹ ගොතාපු
    දිව්‍ය ලෝක ටුවර් එකට කවියෙන් මඟ කියාපු
    එවැනි අනඟි කවි කතාව කොහිද මෙදා සදාපු

    මෙදා පාර කවි ටික හොඳ වුනත්, කතාව අවුල් වගේ...

    ReplyDelete
  9. @සොඳුරු සිත: මෙදා කථාවත් හොඳයි.

    ReplyDelete
  10. කතන්දර සූරීන් ෙවජිෙට්රියන් ද?

    ReplyDelete
  11. පුනර්භවය ගැන විද්‍යාත්මක ඇසකින් බලා ලියූ විශ්ලේෂනාත්මක ලිපියක්. දෙපාරක් මැරිච්ච කුකුලෙක් දාන්න වටිනව කටේ.

    ReplyDelete
  12. එලම තමා කතන්දර අයියේ........!!!!!!

    ReplyDelete
  13. කවි ටික නං ලස්සනය්, මට හිතෙනවා කතන්දරේ මගදී මොනයම් හේතුවක් නිසා හරි වෙනස් කලාද කියල.

    ReplyDelete
  14. @All who commented - ස්තුතියි.

    මේ කවි කොලේලිව්වේ මීට අවුරුදු හතරකට විතර ඉස්සර කාලෙක.
    කිසිම වෙනසක්නැතුවයි මේ දැම්මේ.

    මේක ඇත්තම කතාවක්. අර දිව්‍යලෝකේ ගමන වගේ ගොතපු එකක් නෙමේ!

    ReplyDelete
  15. මමනම් උපන්දා සිට වෙජි ටේරියන් නිසා මමනම් ඔය කුකුල් කරෝල කන්නේ නෑ . ඇත්තටම කවි ටිකනම් මාර ගතියට ගලපලා තියනවා .ඕනම සිදුවීමක් කතන්දරයක් විදිහට ලස්සනට ගොතලා පාඨකයාට ඉදිරිපත් කිරීමේ උපං හැකියාවක් තියන නිසා වෙන්න ඇති ඔයා . අර දකුනු පැත්තේ තියන සම්මානය දිනාගත්තේ (සත්තයි ඒක මම දැනුයි දැක්කේ !)

    ඔයා අන්තිමේට කියපු කතාව මට නියමෙට වැදුනා . අපිත් බයිට් එකට ඔයවගේ සුපිරි දෙයක් යොදාගන්නවා අඩුයි .අපි නම් බොහෝ වෙලාවට ඉතින් බයිට් එකට ළූනුයි පානුයි තමයි වැඩි පුරම ගිලින්නේ .

    ReplyDelete
  16. මටනං ඔය කතාව පිලිගන්න අමාරුයි. හේතුව,

    1. ජෙම් රෝස් එක කියන්නෙ කාමර තිස් ගානක් තිබ්බ "හෝටලයක්" මිස නමට හෝටල් උන කටුබැද්ද හන්දියෙ "විශාකා" හෝ "මල්ලිකා" මෙන් බත් පමණක් ඇති රෙස්ටුරන්ට් එකක් නොවීම.

    2. ඔය කතන්දරගෙ සමකාලීනයො ඕකෙ බොන කාලෙ ඔතන ජයම කාලෙ වීම ( අපි බොනකොටත් ඔතන ටිකක් විතර ලකේට තිබ්බ, ඒත් දැං නං වහල මයෙ හිතේ )
    3. ජෙම් රෝස් එකේ බොන්නෙ කැම්පස් යන දුප්පත්තු විතරක්ම නොවී, ඒ වන විට ජයට හම්බ කල කටුබැද්දේ බස් වැඩපලේ සහ ඩිපෝවේ, ද්කුණුකොළඹ ගමණාගමනෙ සහ කුඩා කර්මාන්ත අනං මනං රාජ්ය ආයතනවල සියල්ලන්ටම බොන්න තිබූ එකම බාර් එක වීම.
    4. නත්තලට කොහෙ නැතත් මොරටුවෙ උන් හොඳ ජයට කෑම සහ බීම!

    කතාව සහ කවිය අගයමි. ඒත් ජෙනිංස් මහත්තයල ඉන්දියාවෙ බිල්ඩින් කොපිකරල එහෙම අර ප්‍රේමදාස උන්නැහෙ ගම් උදා කාලෙ මහ ගස් ගෙනත් හිටෙව්ව වගේ කෙලිම්ම විස්ස විජ්ජාලෙ කොරල අටවපු පරු පේර ගෙඩියට වඩා ටැක්නිකලයක් විදියට පටං අරං වැඩිල විස්ස විජ්ජාලෙයක් උන මොරටුවෙන් ආ ඇත්තො හැමදාම රට පාවලදීපු උඩරට නිළමෙලට වැඩිය මහ දස්සයො, මං කියන්නෙ බොරුද කියල අර තිස්ස උන්දැගෙං අහල බලන්න!

    ReplyDelete
  17. කඩවල ඉන්න මාළුන් රසකර උයලා
    එතනට එන්නේ සිතල පෙට්ටියේ ඉඳලා
    ඒකත් ට්‍රෝලරේ හොඳටම කල් මරලා
    ජිවිතයට වඩා ඌ ඉන්නේ මැරිලා

    එතනින් නොනැවතේ දිවි චක්කරය උගේ
    ඔක්කොම මාළු නොම විකිනෙයි දවස අගේ
    එම ඉයු මාළු බැදලා ලැමිනේට් වගේ
    හෙට හා අනිද්දා කඩ බක්කියට නැගේ

    ඔක්කොම එකතු කල විට එක එක මාළු
    පරපුරු ගණන් එක කඩයක විකිණේ ලු
    මුහුදේ ඉන්න කාලේදී නොම හමු වේලු
    බක්කිය ෆැමිලි ගෙට් ටුගරෙට අගනේ ලු

    ReplyDelete
  18. කලබලේට මිස් උනා. අන්තිම පදය වෙනස් කරමු.

    බක්කියෙ ෆැමිලි ගෙට් ටුගෙදර සැමරේ ලු

    ReplyDelete
  19. @All
    හරිම බිසි දවස් දෙක තුනක්. උත්තර දාන්න වෙන්නේ හෙට උදේ තමයි!
    ඒ මදිවට සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා එක දාන්නත් තියෙනව.

    ReplyDelete
  20. ඉන්දික උපශාන්ත mallita walige pagilada?

    ReplyDelete
  21. අමිල ලොකු අය්යෙ,
    කෙනෙකුට පොඩ්ඩක් නිකං කෑ ගැහන්නෙ ඔයාට කෑ ගහෙන හේතුවටමයි කියල හිතන එක වැරදියි නේද?

    ReplyDelete
  22. @ ඉන්දික උපශාන්ත
    ඔය එලියට ගන්න හදන්නේ වර්ග වාදයක් ගෝත්‍ර වාදයක්ද? පේරා හිටයත් මෝරා හිටියත් උඩරට හිටියත් පහත රට හිටියත් ඔය කියල දේවල් වල වෙනසක් දකින්න බෑ. ඔය කොයි කවුරුත් මමත් හොඳට ආශ්‍රය කරල තියනවා. ඔය වර්ග ගෝත්‍ර කුල වාද නිසා තමා මේ රට තාම එකතැන.

    ReplyDelete
  23. @ඉන්දික උපශාන්ත,

    මම හිතුවේ උඩරට හිටියත්, පහත රට හිටියත්, අපි එන්නේ 'සිංහ' පරම්පරාවෙන් කියලා.:))

    ReplyDelete
  24. දෙකක් තුනක් කටට හලා ගත් අතරේ
    දිවස බලා කිව් කුකුලගේ කතන්දරේ
    වැරදියි වගේ මගේ දිවසට පෙනෙන හරේ
    ගිය ආත්මේ ඒ රතනේ සහ සමරේ

    ReplyDelete
  25. ගෝත්‍ර වාදයක් කුලවාදයක් නෙමෙයි නිකං පඳුරට ගලක් ගහල බැලුව විතරයි. හරකෙක්ට තණකොල ටිකක් කපාගන්න, කූඩුවකට සරුංගලේකට බටගහක් කපාගන්න ඇර මොරටුවටත් මල්වත්තට එහා පේරදෙනියටත් නොගිය අපිට මොන කුල ගෝත්‍රද?

    අපි සේරම සිංහ කියන එකනං හිතලුවක් විතරයි. මේක තනිකර කලවං මසාලයක් උනාට ඒකෙ නොදියවුන අල කෑලි වගේ ඉන්නෙ කුල වාදී බල ලෝභී උඩරට නිලමැස්සො තමයි!

    ReplyDelete
  26. සමහර කමෙන්ට්ස් දැක්කාම පොඩ්ඩිට මෙන්න මෙහෙම හිතුනා.

    ‘Be nice to people, they still need you to rediscover their humanity.’

    ReplyDelete
  27. ගැහුවට අනේ කතන්දර නම්, පදුරකට
    විසිඋනිද මොකුත් ඉන්දිකට බලන්නට
    කෙනෙකුට පොඩ්ඩක් නිකං කෑ ගැහන්නට
    ඕනිද අනේ මේ කුල මල අදින්නට

    මටනම් පෙනේනේ ගත්විට හිතන්නට
    ගොස් එන විටදී මල්වත්තට ටිකක් මෙහා
    නෙලුමට ගොසින් මල්, ගසිනුත් වැටි බිමට
    ඇන ඇත බොලේ නිල-මැස්සෙක් උඩින්රට

    ප. ලි. : ජිඉවිතෙටම ලියන්න උත්සහ කරපු පලේවෙනි කවිය. කියන්න ඔනිදේ එහෙම්ම කියවෙලා නැහැ. මාත් සුදුකොඩි තමයි ඉන්දික මල්ලි.

    ReplyDelete
  28. ගැහුවට අනේ කතන්දර නම් පදුරකට
    විසිඋනිද මොකුත් ඉන්දිකට බලන්නට
    කෙනෙකුට පොඩ්ඩක් නිකං කෑ ගැහන්නට
    ඕනිද අනේ මේ කුල මල අදින්නට

    මටනම් පෙනේනේ ගත්විට හිතන්නට
    ගොස් එන විටදී මල්වත්තට ටිකක් මෙහා
    නෙලුමට ගොසින් මල්, ගසිනුත් වැටි බිමට
    ඇන ඇත බොලේ නිල-මැස්සෙක් උඩින්රට

    ප. ලි. : ජිඉවිතෙටම ලියන්න උත්සහ කරපු පලේවෙනි කවිය. කියන්න ඔනිදේ එහෙම්ම කියවෙලා නැහැ. මාත් සුදුකොඩි තමයි ඉන්දික මල්ලි.

    ReplyDelete
  29. @Amila Abeynayaka,

    කවි ටික ලස්සනට ලියවිලා අමිල.

    ReplyDelete
  30. @ උපශාන්ත
    ඔව් මමත් ඔය කියන මසාලයේ නොදියවුනු අල කෑල්ලක් තමා. හැබැයි ඔය නිල මැස්සෝ වහන්නේ අල නැතිව මසාලය කාල ඔය මසාලය අජීර්ණය වෙලා තැන් තැන් වල පහරන්න ගත්තම. ඔය කියන මත වාද 21වෙනි සියවසට වලංගු නෑ. මම කිසි දිනක කුල වාදය අරන් නැත. ගන්නේද නැත. මිනිසෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොවේ. තවත් කෙනෙකුට නිලමැස්සෝ යනුවෙන් අපහාසාත්මකව කතා කරන ඔබ කවුද යන්න ඔබම වටහා ගන්න. ගිහින් බලන්න. මම කිසි තැනක ඔය භේද අරන් කිසිම කෙනෙක්ට අපහාස කරල තියනවද කියා. මම දෝෂාරෝපනය කරනවනම් ප්‍රතිපත්තියට මිස පුද්ගලයෙකුට හෝ කොට්ඨාශයකට නොවේ. ඔබ උඩ රටට ඔය තරම් අපහාස කරන්න හේතුවක් තියනවනම් කියන්න පැහැදිලිව. නැතිව අනවශ්‍ය වචන භාවිතා නොකරන්න.
    @ කතන්දර සමාවන්න ඔබේ පිටුව අදාල නොවන දෙයකට ගත්තාට.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.