Sunday 10 April 2011

හොඳ පොරක් ගෙන් හොඳ බ්ලොග් එකක් : සිහි සටහන් - Chanuka Wattegama writes his memoirs (Sihi Satahan)


මං නිතරම කතන්දර වල සඳහන් කරන රත්නායක මහත්තයා පාසල් ගිහින් තියෙන්නේ දුෂ්කර පලාතක. පාසල්වල හරියට ගුරු සම්පත් නැති, ටියුෂන් පන්ති නැති පරිසරයක් වුනත් පොර ඉංජිනියරින් කරන්න ගිහින් තියෙන්නේ පලමු පාරමයි.

ඒ හපන්කමට තරමක් හෝ පිහිට වෙලා තියෙන්නේ "සතර" කියන අධ්‍යාපනික පත්තරේ කියලයි රත්නායක මහත්තයා මට කිව්වේ.

ඔය "සතර" වගේම, ඊට පස්සෙ කාලෙක ඉගෙන ගත්තු සිසු සිසුවියන්ට උදව් වෙච්ච පත්තරයක් තමයි "විදුසර පත්තරේ".

ඒ මුල් කාලේ "විදුසර" කියවපු අය හොඳට දන්න නමක් තමයි මං හිතන්නේ "චානුක වත්තේගම".

චානුක වත්තේගම කියන්නේ පොරක්. චා පොරක් නෙමේ හොඳ පොරක්.

ආනන්දේ ඒ-ලෙවල්ස් කරලා, පත්තර කරලා, පස්සේ ඉන්දියාවේ ඉගෙන ගෙන ආපහු ලංකාවට ඇවිත් "විදුසර පත්තරේ" විතරක් නෙමේ, ලංකාවේ පරිඝණක අධ්‍යාපනයේ ලොකු වැඩක් කරපු "විජය පරිඝණක සඟරාව" පටන් ගත්තු දවසේ ඉඳන් සෑහෙන්න කාලයක් වැඩ කරපු පොරක් තමයි චානුක.

පොර අධ්‍යාපනයෙන් විදුලි ඉංජිනේරුවෙක් වෙලා විද්‍යා, පරිඝණක ලේඛකයෙක් විදියට වැඩ කළා වුණාට හොරෙන් හොරෙන් රාවයේ දේශපාලන ලිපිත් පලකරලා තියෙනවා .

ඉතිං චානුක තමන් ගේම බ්ලොග් එකක් පටන් ගත්තා ගිය සතියේ.

මේ ගැන හුඟ දෙනෙක් මේ වෙන කොටත් දන්නවා. ඒත් මේ සටහන දාන්න හිතුවේ, තාමත් නොදන්න අයට ඒ බව කියන්නයි.

බ්ලොග් එකේ නම "සිහි සටහන්". ඒකත් අළුත් වචනයක් වේවි හුඟ දෙනෙකුට. දැනටම දාලා තියෙනවා නිකං වෙඩි වගේ පෝස්ට් පහක් හයක්ම.

යන්න ගිහින් බලන්න. යූ වොන්ට් බී ඩිසැපොයින්ටඩ්!
http://sihisatahan.wordpress.com/

-කතන්දරකාරයා

ප/ලි
මේකේ මට තියෙන ජොලිය තමයි, චානුකට 'අනිවා ඩෙෆා' බ්ලොග් එකක් කරනවා කියලා හිතිලා තියෙන්නේ අපේ ගෙදර ඇවිත් මා එක්ක කතාකර කර ඉඳලා යන ගමනේදීයි.

කාටද ආඩම්බර?

ප/ප/ලි
සමන් පිච්ච සුවඳෙන් ලක නැහැවේවා
ලබන්නාවු අවුරුද්දම ජයවේවා!

(image: http://www.flickr.com/photos/lirneasia/25727443/)

18 comments:

  1. ආයෙත් පරණ විදුසර කියවනවා වගේ දැනෙනවා. ( දැං විදුසර ඉස්සර තරම් සාරවත් නෑ කියලයි මට නම් හිතෙන්නෙ )

    ReplyDelete
  2. ඉස්තූතියි දැනුවත් කිරීමට.....

    උඩින් පල්ලෙන් බැලුවා.... හොඳයි වගේ බ්ලොග. ගෙදර ගිහින් බලන්ට ඕනෙ... අදත් වැඩනෙ ඇඬෙනවා.....:-((

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  3. කතන්දර . . . . "සිහි සටහන්" . . . . . . ගියා . . . කියෙවුව . . . . වින්දා . . . කොමෙන්ට් කලා . . . . අන්තිමට එල්ලගත්තා . . . . . ස්තූතියි ඔබට.

    කාලෙකින් සතර පත්තරේ මතකෙට ආවෙ . . . .
    සතර දිගට විහිදෙනා . . . .
    සතර අතට පැතිරෙනා . . . .
    සතර නමින් පුවත් පතක් මෙසිරිලකෙහි බැබලෙනා . . . .
    නිදසුන් පිලිතුරු ගෙනා . . .
    සතර නිතර කියවනා . . . .
    සිසුවන් ලියනව පිලිතුරු විබාගයෙදි සතුටිනා . . . .
    ලැබු මේ නව වසරට . . . .
    නමය දහය වසරට . . .
    පැමිනි ඔබද අරගෙන කියවන්න සතර මුල සිට . . . .
    සතර නිතර මුල සිට . . . .

    ReplyDelete
    Replies
    1. Thanks for publishing this ad, we used to hear with Radio old days.

      Delete
  4. පොඩි යෝජනාවක් තිබේ කතන්දර මහත්තයෝ.......අර විජට් බැනර් කෝඩින් එකේ "http://sett-decoder.appspot.com/Widget.html?lang=en&width=260&colour=green" frameborder="0" තැන width එක 200ට වගේ දැම්මොත් ඔබ තුමාගෙ බ්ලොග ලස්සන වෙයි. දැන් පොඩ්ඩක් ඒක පාර මැද්දෙ වගේ තියෙන්නෙ

    ReplyDelete
  5. ආ තව එකක්... කොල්ලටත් බ්ලොග් ලියන්ට හිතුනෙ ඔබ තුමාගෙයි තව ගොඩ දෙනෙකුගෙයි (රoග, කොට ජීවිතේ,දුමී සහ තවත් ගොඩ දෙනෙක්) බ්ලොග් බලලා තමයි...

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
  6. කාලෙකට පස්සෙ හොඳ රසවත් බ්ලොග් ලිපි ටිකක් කියෙව්වා. බොහොමත්ම ස්තූතියි කසු...! ඔත්තුව නම් නියමයි....!

    ReplyDelete
  7. දැන්ම ගිහින් බලන්න ඕනි...

    ReplyDelete
  8. @කකා,
    තැන්කු වේවා ලින්ක් එකට.. චානුකගෙ ලිවීමේ රටාවට මං ඒ කාලෙ ඉදලම හරි කැමැතියි, එකදිගට කොච්චර කියවගෙන ගියත් එපාවෙන්නෙ නෑ, විඩාවක් දැනෙන්නෙ නෑ.. හරිම සරලව කියන්න ඕන දේ කියනවා..

    @ඕනයා,
    තැන්කු වේවා අර 'සතර' සිංදුව මතක් කලාට.. මම ඊයෙ රෑ ඕක මතක් කරන්න හැදුවා හැදුවා, ම්හු.. තව slogan එකක් තිබුනා නේද "සතර ඔබට සරණයි-ඔබට සතර සරණයි" වගේ එකක්..

    ReplyDelete
  9. හොඳට මතක තිබුන නමක් ‘චානුක වත්තේගම‘ දැන් තමා ඔලුවට ආවේ විදුසරෙන් කියල. අන්තිමට විදුසර ගත්තේ දැනට අවුරුදු 15කට විතර කලින්. ඒනිසා එක පාර මතකයට ආවේ නෑ. දැන් චානුක විදුසරට ලියනවද?
    ඔත්තුවට ස්තූතියි කතන්දර. මේ දැන්ම ඒ පැත්තටත් යනවා.

    ReplyDelete
  10. මමත් බැලුවා මටනම් හිතට ඇල්ලලා ගියා ... හොඳ බ්ලොග් එකක් ..මෑන්ව මම කම්න්ටුවක් දීල දිරිමත් කරන්නම් ...

    ReplyDelete
  11. hariyata hari, mama hithuwa mun denna 1k walle thamai kiyala

    ReplyDelete
  12. @බුරතීනෝ: ඔවු තිබුනා . . . හැබැයි ඒක මතක නෑ . . .

    ReplyDelete
  13. @All

    සියළු දෙනාටම ස්තුතියි කමෙන්ටුවලට.

    චානුක ගේ බ්ලොග් එක සිය ගානක් දෙනාට හඳුනාවා දෙන්න ලැබුණු එක සතුටක්.

    මං හෙට දාන්න ඉන්න කතන්දරේට මොන ආකාරයේ ප්‍රතිචාර එයිද බලමු!

    ReplyDelete
  14. ඔත්තුවට ස්තුතියි කසූ...

    ReplyDelete
  15. ඇත්ත නියම බ්ලොග් එකක්

    ReplyDelete
  16. @ Buratheno

    ------------------
    පුංචි ඔබේ සිත ----------
    ජයමල් පිබිදෙනවා ලඟ දිනකදි...
    නිවාඩු කාලයේ තාවකාලිකව..
    ගුරුතුම පාසැල ඔබෙන් වෙන්වුණත්...
    ඔබට එදාමෙන් අදටත් ආදර...
    ඔබත් එදා මෙන් අදටත් ආදර...
    ඔබට සතර සරණයි - ඔබට සතර සරණයි

    - ඕක ගැයුවේ ගැමුණු විජේසූරිය මගේ හිතේ -

    ReplyDelete
  17. විදුසර කියන්නේ මගේ විද්‍යාප්‍රබන්ධ කතා වල තිඹිරි ගෙය...

    විජය පරිගණක ගැන කියනවානම් මං තාමත් හැම මාසෙම ඔය සඟරාව ගන්නවා...

    ඔත්තුවට ස්තූතියි කකා අයියෙ... ඇත්තටම ඩිසපොයින්ට් වූණේ නැහැ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.