Saturday 23 October 2010

අරුණි ශපීරෝ ගෙන් පිළිතුරක්


මගේ ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද? කියන කතන්දරේ ට අරුණි ශපීරෝ මුලින් දාපු කමෙන්ට් එක ගැන සයිබර් යායේ බුද්ධි ගේ පිළිතුරට අරුණි ශපීරෝ ආයෙත් උත්තරයක් ලියාලා.

මොකක් හරි ප්‍රශ්ණයක් නිසා ඒක කමෙන්ට් එකක් විදියට දාන්න බැහැ. මට එව්වා, මටත් බෑ. ඒ නිසා මට හිතුනා ඒ පිළිතුර මේ විදියට වත් පබ්ලිෂ් කරන්න.

ස්තුතියි අරුණී!
=============================================================
From: Aruni Shapiro arunishapiro@gmail.com
Date: 2010/10/22
To: Kathandara Kaarayaa kathandara@gmail.com

කතන්දර සයිට් එකේ උත්තරයක් දාන්න ගියාම ඉඩ දෙන්න බැහැයි කියනවා. පින් අඩුවේගන යනවා ද මන්දා? :)

@බුද්ධි,

මට මෙහෙම ප්‍රශ්නයක් මේ දිනවල. මගේ අවුරුදු 15 ක බැල්ලිට දැන් ඇස් පෙනීම අඩුයි. දත් ටිකකුත් එහෙන් මෙහෙන් හැලිලා ගිහින්. ටිකක් අංශබාගය පස්සා ගාතයකට. ඇල්සයිමර්ස් වයස නිසා. කන්න බොන්න මතක් කරන්න ඕනා. ඉතින් මං වේල් හතරක් අතින් බත් හොදි අනල ගුලි කර කර කවන්නෙ. රෑට වේදනා නාශක පෙත්තක් දෙනවා.

එයා තවම ඇවිදින්න යන්න ආසයි. ඉතින් මාත් එක්ක ඇස් නොපෙනුනාට හැතැප්මක් දෙකක් හැමදාම ඇවිදිනවා. වේදනා නාශක පෙත්ත නිසා රෑට හොඳට නිදාගන උදේ වරුවේ හරි කඩිසරයි. දුකින් වේදනාවකින් ඉන්න පාටක් නැහැ. ආයෙ හවස් වෙනකොට තමා වේගෙ අඩු.

ඉතින් මං ඔය කරන ටික පින් ද?

ඌ ස්වභාව ධර්මයාට අනුව ඔය මුකුත් නොකළොත් (පින් නම් එය නොකර සිටීම) දිනයකින් දෙකකින් මරණයට පත්වෙන එක පවක් ද? පිනක් ද?

මං ඌට දුන්නු ජීවිතය නෙමෙයි නිසා මට ඒක නැතිකරන්න අයිතියක් ඇත් ද?

හරි වැඩේ, පව්-පින් කරන ස්කේල් එක කවුරුත් එහෙම ලියලා තියෙනවා ද?

කතන්දරගෙ සටහනට ආයෙත්.

ක්ෂුද්‍ර ජීවියා මැරුවම ‍කොච්චර පව් ද?
මදුරුවා මැරුවාම කොච්චර පව් ද?
තල්මසා මැරුවාම කොච්චර පව් ද?
බළු කපු‍ටු දානය දුන්නම ‍කොච්චර පින් ද?
කිරිමාතාවන්ට දානය දුන්නම කොච්චර පින් ද?
ස්වාමීන්වහන්සේලාට දානය දුන්නම කොච්චර පින් ද?

එහෙම ස්කේල් එකක් තියනවා නම් ඉතින් ඕනම වැරැද්දක් කරලා වයසට ගිහින් මැරෙන්න ඔන්න මෙන්න ළං වෙන‍කොට දාන ගොඩකුයි, ඇඟේ තියන බද්ධ කරගත හැකි සේරම අවයවයි දානය කරලා ගියොත් ඉතින් දිව්යසලෝකයට ද යන්නෙ? ඊ ළඟට හොඳ ආත්මෙකට ද යන්නෙ?

සමහර විට වයසට යද්දී දාන දෙන එක වැඩියෙන් සමහරු කරන්නෙ ඔය පව්-පින් ස්කේල් නිසා වෙන්නැති. ඉක්මනට අර තරුණ කාලේ කරපු පව් පියවන්න.

එහෙම බලනකොට, පිළිගත් දාන මාන වැඩිය කරල නැති නිසා මම පින් වැඩිය එකතු කරගෙන නැහැ. පව් නොකළාට!!!!

සමහර විට මම ගිය ආත්මෙත් පව් කරලා නැති හැඩයි!! මොකද මෙයාලා, මම මහළු වයසේ සිටියත් හරි නිරෝගීයි. දොස්තර කෙනෙක් දැක්කෙ අවුරුදු විස්සකට ඉස්සර දුව ප්ර්සූත කරන්නයි. අනික කන්න බොන්න කිසි අඩුපාඩුවකුත් නැහැ. තව ධන වස්තුව හොයාගත්තොත් ආණ්ඩුව බදු කපා ගන්න නිසාම කිසි විදියකින් ධන වස්තු වැඩි කරගන්න ආසාවකුත් නැහැ!!

ඉතින් දැන් පව් නොකර හිටියොත් ඒ ඉස්සර ආත්ම වලින් ආපු පින් දිගටම ඇදගෙන ගිහින් තවත් ආත්මයක නිරෝගී, සැප සුව ඇතුව උපදින්න බැරි ද? නැත්නම් ඒ පින් ටිකෙන් ටික අඩුවෙලා යනව ද දැන් තියන සැප නිසා? එතකොට ගෙවෙන පින්වලට දාන මාන කරල අළුත් පින් ඉන්ටරෙස්ට් එකක් හදා ගන්න වෙනවා ද?

කතන්දර කියනවා වගේ ඔක්කොම ඉතින් ඉස්සර ආත්මෙකුයි පස්සෙ ආත්මෙකුයි විශ්වාස කරනවා නම්නෙ. මං විශ්වාස කරන්නෙ මං මැරනට පස්සෙ මං නැතැයි කියල නිසා එතකොට පින්-පව් ඔක්කොම පූෆ් ගාලා ‍අහෝසි වෙලා යයි!!!

අපි මේ කතා කරන්නෙ බුද්ධාගම ද නැත්නම් හින්දු ආගම ද? බුද්ධාගම ගැන නම් හින්දු ආගමට වඩා ආත්මන් අදහන්නේ නැති මහා විප්ලවීය ආගමක් කියා බුද්ධාගමට නම වැටුනේ ඇයි?

=============================================================

පිං පව් ගැණ කියනවා නං: මේ විදියට බ්ලොග් ලියන්න, කියවන්න, මං පිං කරලා තියෙනවා කියන එක නං මට ෂුවර්.

ඒත් මගේ කතන්දරවලට එන ප්‍රතිචාරවලට මට හිතේ හැටියට පිළිතුරු ලියන්න වෙලාවක් හොයාගන්න බැරි එක නං මගේ පාරුවේ පුවක් තමයි.

-කතන්දරකාරයා

37 comments:

  1. වැඩේ බරපතලයි නොසෑහෙන්න.....
    අරුණි පුරස්න අහල කෝටියක් තවත් එකක් වෙන්න.....

    ReplyDelete
  2. @අරුණි,

    ඔබේ සියළු ප්‍රශ්න වලට පරිණාමය ආශ්‍රිතව පිළිතුරු සැපයිය හැකිය.

    1. ඔබේ බැල්ල සම්බන්ධයෙන් විස්තර කර ඇති පියවර දෙක අතර ලොකු වෙනසක් නොවේ. මහළු දුබල බැල්ලකගේ ජීවිතය දින කිහිපයකින් දිගු කිරීම ඇයට හෝ ලෝකයට අළුතින් යමක් එකතු නොකරයි - ඔබ (බුද්ධිමත් ජීවියකු ලෙස) ඉන් එකක් කිරීමෙන් සතුටක් ලබන්නේ නම් හැර.

    2. ක්ෂුද්‍ර ජීවීන් මදුරුවන් නොසලකා හරින්න. ඊට වඩා වර්ධනය වූ ජීවියකු වන තල්මසා මැරීම වැරදිය. කිරි අම්මලාට හා ආගමික නායකයින්ට ආහාර දීම හොඳ ඔවුන් සමාජ ප්‍රගමණයට යම් මෙහෙයක් කරන්නේ නම්ය.

    බුදු දහම අනෙක් ආගම් වලට වඩා තර්කානුකූල ආගමක් වන්නේ ක්‍රියාවකට නොව ඒ ක්‍රියාවේ අරමුණට (චේතනාවට) වැදගත්කමක් දීම තුළින් එය පරිණාමීය මූල ධර්මයන්ට වඩා සමීප වන නිසාය.

    මම hardware නැතිව software වල පැවැත්මක් ගැන විශ්වාස නොකරමි. අපගේ ශරීරය hardwareය. මනස softwareය. පුනරුප්පතියක් / පුනර්භවයක් ඇතැයි කීම පරිගණකයක් switch off කළ පසු එහි software ඉබේ වෙනත් පරිගණකයකට ගමන් කරන්නේය කීමට සමානය. මම එවැනි බූත විශ්වාස නොකරමි.

    - Taboo

    ReplyDelete
    Replies
    1. Hey. At last I read something by a Sri Lankan (whose parents were/are Buddhist) about religion/philosophy with which I can entirely agree.

      Delete
    2. Hey. At last I read something by a Sri Lankan (whose parents were/are Buddhist) about religion/philosophy with which I can entirely agree.

      Delete
  3. පින කියන්නෙ අසීමාන්තික කැපකිරීම...ඒ කිව්වෙ ඔයාට අම්බනෙක සල්ලි තිබිල බලු කපුටු දානයක් දීල දිවියලෝකෙ යන්න ට්‍රයි කරනවනම් ඒක අසාර්ථකයි...දැන් අපි නාමල් රාජපක්ශ ගමු එතුමා මොන දේ දෙනව කිව්වත් සිවුරක් දාගෙන පන්සලක ඉඳීද???නෑ නෙව..අපේ අමා මෑනී සම්බුදුරජානන් වහන්සේ තමා සතු සියලු දේ හරි ලස්සනට අහිමි වී යන බව දැනගෙන සත්‍ය සොයන්න ගියේ..බුදු වෙලා පොරක් වෙන්න නෙමෙයි....අපිට කිසිත් නොලැබීයන වටපිටාවක් තුලදිත් අපිට වෙන කෙනෙක් හෝ සතෙක් වෙනුවෙන් කැපවෙන්න පුලුවනි නම් ඒක තමා නියම පින...අපි හැමෝම හිඟාකන ලමයි දැක්කම සල්ලි විසිකරනව...ඒත් ඉතාම කලාතුරකින් කෙනෙක් ඒ ලමයින්ට ගහල බැනල එක්කරන් ගිහින් ඉස්කෝලෙකට දමන්න පුලුවනිද කියල හොයනව,,,,දෙවැනියට කියපු අමුතු විදිහෙ කැසිල්ලක් තියෙන මිනිස්සු තමා පින් කරපු අය වෙන්නෙ....මල් ගොඩාක් උතුරන තැනකට මල් දෙකක් දුන්නට...චෛත්‍ය එකක් තියෙන තැන දෙකක් හැදුවට ඒක නියම හිතේ සැනසීම උදා කරයිද????

    ReplyDelete
  4. නියමයි............

    ඉස්සෙල්ලම කියව නම් පවු හෝ පිං හෝ මනින හොදම සහ එකම උපකරණය අපි කවුරුත් ගාව තියෙන බව මතක් කරන්න කැමති.

    ඒ තමයි හදවත... ලේ පිරිසිදු කරන හදවත නෙමෙයි මම මෙතනදි අදහස් කරේ ...

    ඔය කියන බල්ලො කතාව ගත්තොත් අපේ හදවත එහිදි ආකාර දෙකකට ක්‍රියා කරනව...

    දුප් බල්ලා - එත ආකාරයක්
    ඩොමියෝ බත් කෑවද - අනිත් ආකාරය

    පාරේ තොටේ රස්තියාදුවෙ යන බල්ලව පිස්සු බලු වාහනයට අල්ලල දෙන්නත් ගෙදර හදන බල්ලට කීය ගියත් එන්නත විදින්නත් තීරණ ගන්න අපිම පවු පිං ගැන බරසාරෙට කතා කරනවා..

    අන්තිමට බැලැවම ක්ෂුදු ජීවියාගේ ඉදල මහා ජීවියට යනකම්ම වුන්ගේ ඉරණම අතේ ගුලි කරන් ඉන්න මහහම මහ ජීවියා වෙච්ච අපි අනිත් කාගෙත් පවු පිං තීරඛය කරනවදෝ කියල මට හිතෙනවා...

    ඇස් වලට පෙනි පෙනි මහා පිං කරපු මිනිස්සු අකාලයේ සහාසික විදිහට ජීවිතෙන් සමුගන්න කොටත් , බලන්න ඉන්න බැරි තරම් පවුකම් වල ගිලිල ඉන්න මිනිස්සුන් විදින අසාධාරණ මහගු සම්පත් ගැනත් හිතන කොට මට නම් බුදු දහමත් වෙලාවකට බොරු කියල හිතෙනවා....

    අනේ මන් ද පෙර පවකට මාත් ඔන්න මේ පැත්තේ ඇවිත් ගියා ...

    ReplyDelete
  5. @අරැණි
    ඔබ මේ වගේ ස්ථානයක(වෙබ් අවකාශයක) ඔබ වගේ ප්‍රශ්ණ නැගීම නිශ්පල දෙයකි.ඔබට අවංකව ඔය ප්‍රශ්‍ණ වලට පිළිතුරු නිවරදිව අවශ්‍යනම් ශ්‍රි ලංකාවේ සිල්වත් ධර්මධර භික්ෂුවක් හමුවන්න.එසේ නොමැතිව ඔබගේ භෞතික වාදී අදහස් ඉස් මතු කර පෙන්වීම සදහා මෙවැනි ආකාරයේ ප්‍රශ්ණ නොඅසා සිටින්න.ධර්මය නිවරදිව දන්නා සිල්වත් භික්ෂූන් මෙවැන් බ්ලොග් කියවන්නේ නැත. ඒ නිසා ඔබට සතුටු විය හැකි ආකාරයේ පිළිතුරක් මෙම වෙබ් අවකාශය තුල දී ලබා ගත නොහැක.එසේ සතුටු විය හැකි ආකාරයේ පිළිතුරක් මෙම වෙබ් අඩවිය තුලින් නොලැබූ පමණින් ඔබ හා ඔබගේම භෞත්ක වාදී කාණ්ඩයට අයත් ටැබූ මැදමාවත වැන්නන් තම භෞතික වාදී මතය සත්‍යයයි කියා සිතා ගැනීමට ඉඩ ඇත.ඒ අතරම මෙම කියවන මේ පිළිබද කිසිවක් නොදන්නා අයපවා ඔබලාගේ භෞතික වාදය සත්‍ය බව පිළිගැනීමට ඉඩ ඇත. එසේ හෙයින් ඔබට හා ඔබගේ මාවතේ යන අනෙක් අයවෙත කාරුණිකව මා පවසන්නේ ඔබලාට ඔයනගන ප්‍රශ්ණ සදහා නිවරදි පිළීතුරු අවශ්‍යනම් මා ඉහත සදහන් කල ආකාරයේ පියවරක් ගන්න. ඉන් පසුව පැමිණ මෙහි ඒ පිළීබස සටහනක් තබන්න.එසේ නොමැතිව ඔබ හා ඔබ යන මාවතේ ගමන් කරන අනෙක් අය කරනුයේ පාලුගෙයක වලං බිදීම වැනි දෙයකි.(කතන්දරකාරයා පවා මේ පිළිබද කිසිවක් දන්නේ නැත. දන්නවා නම් මේ ප්‍රශ්ණයෙන් පැන යන්නේ නැත.)

    ReplyDelete
  6. මම hardware නැතිව software වල පැවැත්මක් ගැන විශ්වාස නොකරමි. අපගේ ශරීරය hardwareය. මනස softwareය. පුනරුප්පතියක් / පුනර්භවයක් ඇතැයි කීම පරිගණකයක් switch off කළ පසු එහි software ඉබේ වෙනත් පරිගණකයකට ගමන් කරන්නේය කීමට සමානය. මම එවැනි බූත විශ්වාස නොකරමි. ...

    obe udaaharana galapeeme nogalapeemak atha. karunaakarakarunu gamburin hadaara wada arthawathwa waadyaka elabena lesa illaa sitimi.
    mewan bolanda tharaka, witharka genhara paamin kumk harida kumak waradida yanna gana sithamin kaalaya kaa damanawaata wada obe diyunuwa obama salasaganna.
    lankaawe minisun wadakata nathi dewal gana puhu tharka genahara pamin kathakereemata hapannu bawa nawatha nawathath oba siyalloma oppukara penwaa thibe.
    tharka kireemata pera danumin pooshanaya wanna. ewita owani bolanda prashna obata nonagenu atha.

    ReplyDelete
  7. arunishapiro said...
    හිතලා මරපු ප්රාiණයක්?! :) මේ පැත්තෙ මැසි මදුරුවො හා මකුළුවො හිඟ හින්දා මේ පැත්තෙ අය අතින් පව් කෙරෙනවා අඩු ද මන්දා! සමහර විට ඒ නිසා පින් වැඩිය ලැබෙනවාත් ඇති ?!!!

    අරුණි,
    ඔය ඉහලින් ඇති දේටයි මම උත්තර දුන්නෙ.
    මගේ පිලිතුර වුනේ,

    පව් අඩුවෙන් කරා කියලා පින් වැඩිවෙන්නෑ මං දන්න හැටියට.
    පින් කෙරුවොත් පිං! පව් කෙරුවොත් පව්!! එහෙම නේද?

    ඒ පිලිතුරට ඔබ නැවත මට යොමු කර තිබෙන කරුණු වලටත් මට දෙන්න තියෙන්නෙ සරළ උත්තරයක්.
    “පින් කෙරුවොත් පිං! පව් කෙරුවොත් පව්!!”

    එකකොට පින් මොනවද පව් මොනවද කියලා කැමතිනං ඔබට හොයා ගන්න පුලුවන්. අනික කොච්චර පින් කලත් කරපු පව් කැපෙන්නැ‍.

    එතකොට,
    මේ පැත්තෙ මැසි මදුරුවො හා මකුළුවො හිඟ හින්දා මේ පැත්තෙ අය අතින් පව් කෙරෙනවා අඩු ද මන්දා! කියලා තියෙන දේට කියන්න තියෙන්නෙ,
    ඔව් පව් කෙරෙනවා අඩුයි තමයි! හැබැයි ඒ හින්දා පිං වැඩි වෙන්නෑ!

    01.ඉතින් දැන් පව් නොකර හිටියොත් ඒ ඉස්සර ආත්ම වලින් ආපු පින් දිගටම ඇදගෙන ගිහින් තවත් ආත්මයක නිරෝගී, සැප සුව ඇතුව උපදින්න බැරි ද?
    පුලුවන්

    02. නැත්නම් ඒ පින් ටිකෙන් ටික අඩුවෙලා යනව ද දැන් තියන සැප නිසා?
    ඔව්‍.

    03. එතකොට ගෙවෙන පින්වලට දාන මාන කරල අළුත් පින් ඉන්ටරෙස්ට් එකක් හදා ගන්න වෙනවා ද?
    ඊලග ආත්මෙත් ඔබ ඔය විදින සැප විදින්න නම් මේ ආත්මේ වහා වහා පින් කරන්න. හැබැයි පින් කියන්නෙ මොනාද කියලා මුලින් ඉගෙන ගන්න.

    කතන්දර කියනවා වගේ ඔක්කොම ඉතින් ඉස්සර ආත්මෙකුයි පස්සෙ ආත්මෙකුයි විශ්වාස කරනවා නම්නෙ. මං විශ්වාස කරන්නෙ මං මැරනට පස්සෙ මං නැතැයි කියල නිසා එතකොට පින්-පව් ඔක්කොම පූෆ් ගාලා ‍අහෝසි වෙලා යයි!!!
    හැබැයි එකක්,
    ඔක්කොම පූෆ් ගාලා ‍අහෝසි වෙලත් යනවා. ඒ ගැන කතන්දර කියලා ඇති‍. හැබැයි ඔබ මැරනට පස්සෙ ඔබ නැතැයි කියල හිතන්න කලින් ඒ ගැන ඉගෙන ගන්න. එතකොට ඔබට ඊලග ආත්මෙත් ඉසුරුමත් වෙයි!

    කතන්දර සයිට් එකේ උත්තරයක් දාන්න ගියාම ඉඩ දෙන්න බැහැයි කියනවා. පින් අඩුවේගන යනවා ද මන්දා? :)
    කියන එකටත් සරල උත්තරයක් තියෙනවා‍. බ්ලොග් වල කමෙන්ට් අරුණි දාලා තියෙනවා වගේ දිගට දාන්න බෑ. ඒකට සම්මත අකුරු ගනනක් තියෙනවා.

    ReplyDelete
  8. ඉතිං බලමුකො කතන්දර,
    කමෙන්ට් එකක් හින්දා කෙහෙල්කොටුවේ චූටි මහත්තයාට වෙච්ච වැඩක්!හිකිස්.

    ReplyDelete
  9. Taboo, how about internet operating system ? ( a kind microsoft going to introduce). which we can download and use each time computer use, but will not stay when computer shut down?

    ReplyDelete
  10. Taboo,ඇය ඉතා සතුටින් ජීවත් වෙයි: ඇවිදින්නට යද්දී ඇය නොපෙනෙන ඇස් වලින් තණකොළ ඉව බලයි. ඇය දත් හැලුණු කටින් කෑම කද්දී ඉතා සතුටින් අත ලෙවකයි. හවස් වෙද්දී ටිකක් වේගය අඩු වුනාට, වේදනාවකින් ඉන්නා බව නොපෙනේ. දවස් දෙක තුනක් නොව මාසයක් දෙකක් සිට පවතින තත්වයකි. ඇල්සයිමර්ස් නිසා මොළය දුර්වල වී එයින් ශරීරයට ද හානි පැමිණෙන තුරු තව වසරක් දෙකක් හෝ ඊට වැඩි කලක් වුවද ජිවත් වෙන්නට පුළුවන.

    ඔබ කියන ආකාරයට නොව මා දකින්නේ මගේ ලෝකයට ඇයත් ඇගේ ලෝකයට මමත් යමක් එකතු කරනා ලෙසයි. එසේ එකතු නොකළත් තරුණ කාලයේ ඇය සිය දිවි පරදුවට තබා හෝ මා ආරක්ෂා කරන්නට හිතවත් වූ නිසා (මා එය ඇගෙන් බලාපොරොත්තු නොවූවද) මහළු වියේ ඉන්නා ඇය දැන් රැක බලා ගැනීම මගේ යුතුකම යැයි ද සිතමි. කළගුණ සැලකීමක් යයි සිතමි.

    ජීවත්වීමෙන් ඇයත්, ඇය බලා ගැනීමෙන් මමත් සතුටක් ලබමු.

    මෙහි දී ජීවත්වීමට අවසර ලැබෙන්නේ ‍ලෝකයට යමක් එකතු කරන්නාට පමණ ද?

    ලෝකයට කිසිත් එකතු නොකරන තරම් ආබාධිත දරුවෙකු නල බට වලින් ජීවත් වන්නේ ද ඇය කිසිත් එකතු නොකරන්නේ යැයි කියා ඇයගේ ජීවිතය අහිමි කළ හැකි ද? නැත්නම් ලෝකයට කිසිත් එකතු නොකරන වාදය බලපාන්නේ සත්තුන්ට පමණක් ද?

    අද විද්‍යාඥයා හෝහපුටුවන් ගෙන් ද පාඩම් ඉගෙන ගනිති. ඉතින් හෝහපුටුවන් මරා දැමීම ද වැරදි ය. දැනුම වැඩෙද්දී අපි වැඩක් නැතැයි, වර්ධනයක් නැතැයි කියා හැඳින්වූ සත්වයෝ විනාශ කර දැම්මේ යයි වැරදිකරුවෝ වෙමු ද?

    කාගේ චේතනාව ද? කාගේ අරමුණ ද?

    ReplyDelete
  11. Heeniyata,ලේසි ප්‍රශ්නයක් නෙමේ කතන්දරකාරයා ගැරඬියෙක් වගේ ගෙනැත් දැම්මෙ.

    ReplyDelete
  12. Anonymous,
    රනිල්ගෙ නමට විහිළු කිරීම බණ යැයි වදාරන ස්වාමීන්වහන්සේ ගෙන් ද අහන්නෙ?

    කාන්තාවගේ වස්ත්‍ර අසීලාචාර යැයි වදාරන ස්වාමීන්වහන්සේ ගෙන් ද අහන්නෙ?

    මිනිසා ආරක්ෂා කරන්නට බිරූ බල්ලා කිඹුලා කාපු නිසා බල්ලාට පින් දෙන්න දාන පිංකම කරපු ස්වාමීන්වහන්සේ ගෙන් ද අහන්නෙ?

    ReplyDelete
  13. බුද්ධිට මට වඩා පින් ඇති! බලන්නකො ඔයාගෙ දිග කමෙන්ටුව වැටිලා!

    බෞද්ධ අනාත්මවාදය හා හින්දු ආත්මන් ගැන මම හොයලා තියනවා. මම දකින විදියට මට නෙමේ අනිත් අයටයි පැටලිලා තියෙන්නෙ. කමක් නෑ. මම මැරුනට පස්සෙ නැත්තෙ මම නිසා, ඒකෙ හොඳ නරක ඵල විඳින්නෙත් මමනෙ.

    ReplyDelete
  14. වත් දුව විතරයි මිනිස් හදවතකින් කල්පනා කරල බලන්නෙ. ආදරය කරුණාව වැඩියෙන් තියෙන්නේ මාතෘත්වයට ඉපදිලා තියන අය ළඟ වෙන්න ඕනෑ!!!

    බුද්ධිමත් බවක් තියන නිසාම අසරණයා රැකීම ගැන හදවතින් දැනෙන කැක්කුම කල්පනා කරන්න ඕන. පැහැදිලිවම පේනවා මොළය තියන පැත්තට නෙමේ රිදෙන්නෙ හදවත තියන පැත්තට කියලා වේදනාව දැනුනම.

    ReplyDelete
  15. Indi,
    පිළිතුර කරා ගිය විචාරය අගයමි. දිව්‍ය ලෝකෙ යන්න පැතුවේ නැතුවාට කළගුණ සැලකීමට කරන කැපවීම මගේ සිත ද පිනා යන නිසා එයම පිනක් යැයි සිතමි.

    ReplyDelete
  16. වත් අක්කා,
    ඇස් වලට පෙනි පෙනි මහා පිං කරපු මිනිස්සු අකාලයේ සහාසික විදිහට ජීවිතෙන් සමුගන්න කොටත් , බලන්න ඉන්න බැරි තරම් පවුකම් වල ගිලිල ඉන්න මිනිස්සුන් විදින අසාධාරණ මහගු සම්පත් ගැනත් හිතන කොට මට නම් බුදු දහමත් වෙලාවකට බොරු කියල හිතෙනවා....
    ....................................
    තමන් ජිවත් වෙන්නෙ මේ ආත්මෙ විතරයි කියලා හිතෙන අයට ඔයා කියලා තියෙන විදිහට හිතුවම බුද්ධාගම බොරු කියලා හිතෙන එක සාධාරණයි! ඒත් අපි ගේවා දාපු ආත්ම ගණන් හා ඉදිරියේ දි ගෙවා දමන්න කියමිත ආත්ම ගැන මදකට හිතුවොත් ඔය උඩින් කියලා තියෙන දේ වැරදි වෙනවා නේද? අපි මේ භුක්ති විදින්නෙ අපි වැපිරූ දේවල්මයි‍.

    ReplyDelete
  17. Taboo.

    පරිගණකයක් switch off කළ පසු එහි software ඉබේ වෙනත් පරිගණකයකට ගමන් කරන්නේය කීමට සමානය. මම එවැනි බූත විශ්වාස නොකරමි.

    Punarbawa is not happening unreasonably ( ඉබේ ) "Thrushna" and "Avijja" is the reasons.

    Its like if computer is programmed to copy the it's os to another computer's hard disk(may be through network) when it is shutting down. The new computer will work as previous one (with the changes according to new computers hardware).
    think about this....

    Whether you believe or not Punarbawa it won't stop your death one day, that is the truth.

    In that case, If there is no Punarbawa as you believe, you are safe. But if their is by any chance....

    Then no one in this universe able to help you......

    ReplyDelete
  18. @All
    සංවාදය කියවන්න ලැබුණ එකත් මට නං පරණ පිනක් වගේ.

    සියළු දෙනාටම පිං සිදුවේවා!

    ඔය මේ ආත්මේයි, ලබන ආත්මේයි අතර හාඩ්වෙයා තියරි එකේ තව ප්‍රශ්ණයක් නම්, දැන් ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට හාඩ්වෙයා සහ සොෆ්ට්වොය දෙකම වැඩි දියුණු වෙනවනේ. ඕක කොහොමද ආත්ම එක්ක විස්තර කරන්නේ.

    පිං, පව් සහ පරලොව ගැන නං මගේ සංකල්පය මේ සුභාෂිතයෙන් ඉගෙන ගත්තු දේ තමයි.

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පවුකම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත
    ඇතොත් නැතැයි පව්කළහට වෙයි විපත

    -KK

    ReplyDelete
  19. @Patterson,

    You suggest an interesting theory, in spite of the lack of any evidence to support it.

    It can be a good evolutionary trick to take the intelligence of an individual and plant in it a new body while the old one is decaying, but there are so many unanswered questions.

    a) Why repeat the childhood? It would be too costly (in biological terms).

    b) Why risk having that intelligence in an entirely different genetic composure? (Ok, evolution likes trial and error, but this is too much. )

    c) If there is such a process at such a cost why it does not supersede the biological evolution process? (or in terms of religious terms why ‘beeja niyaama’ is more powerful than ‘kamma niyama’ in most of the times? Shouldn’t it be vice versa?)

    Sorry, No. You might convince an upasaka amma, not me.

    BTW, why do I need anyone's help? Didn't even Gautama preached 'Attahi attano natho'?

    - Taboo

    ReplyDelete
  20. @Aruni,

    What is good for you is not necessarily good for the animal too. You might like her to live long. You might assume she is not in pain etc. We never know.

    Anyway, who am I to advice? I am not a vet. Perhaps your vet may help you taking a decision, whatever it is.

    BTW, you take all decisions by brain. Heart (hadawatha) is the organ that pumps blood. It does nothing else.

    - Taboo

    ReplyDelete
  21. මං මේ කල්පනා කොලේ බොලං, අමෙරිකාවේ ඉගෙන්ගෙන, උගන්නලා සුද්දෙකුත් හිරේ යවපු අපේ අරුණි නෝනා කතන්දරගේ අමු හිංගල බ්ලොග් එකේ අපූරුවට සුද්ද හිංගලෙන් ලියද්දී, අපි කඩු හරඹ කොරන්නෙ ඇයි කියලයි? ඒක අපේ හීන මානයද?

    මයෙ හිතේ සුද්ද නං දැං හිංගල ඉගෙන ගන්නවා! ටැබූට ස්තූතියි, හදවතයි, මොලයයි අතර වෙනස ඉගැන්නුවට. හැබැයි, කට වහරෙ හැටියට නං ඔය දෙකෙන්ම අදහස් කොරන්නෙ මොලේම උපදින කිරියාදාම දෙකක් -එකක් තර්කාණුකූලවත් අනෙක හැඟීම් මුල්කොටගෙනත් තිරණ ගන්නවා.

    ReplyDelete
  22. Taboo, my preferance is that she has a fun life until she draws her last breath. For now she enjoys her day per my above mentioned observations. Vet has confirmed that there are no known indications that causes pain. He is willing to "humanely euthanize" her (anesthetic sleep injection leading to death) if she starts to show symptoms of pain. But it is not his decision; he's not the owner of the dog. I am responsible and it is my decision. Why? Vet is responsible for health and well being not for decisions regarding death or termination of health.

    I did make a decision to euthanize the other dog; my "jonny bravo", handsome lab, raised from a puppy who loved to sit on my lap who grew to be more than my weight and sat on my lap thinking it was a puppy still. It was a decision taken by my brain ending in a heartache. He was bleeding blood, he was suffering, panting and thristy and hungry all day long due to cancerous growth that took over his innards.

    If he lived with a pack of dogs, they would've killed him or chased him away to die a painful death alone without care or love. My family held him while the Vet injected the drug and he shrugged and died almost instantly, a painless death.

    Humans are better than a pack of wild dogs. I have a brain, but I also have a heart that does much more than pump blood. When I am sad it certainly is not a headache, it is a heartache! That's what makes me a living human, not a comatose, not a computer, not a machine.

    ReplyDelete
  23. @Siribiris,

    There are things that can be easily expressed in English, as Sinhala is not developed to that level, thanks to people like you who jump to critisise others but never contribute anything your own.

    @Aruni,

    You try to rationalize your acts, just because you ‘feel’ you they are correct. That is far from science and can lead to disastrous situations if generally practiced by everyone for everything.

    - Taboo

    ReplyDelete
  24. Taboo.

    There are evidences, only you can see it if only you try to see. (I am sure you haven’t)

    Your three questions show that your belief of supernatural process which governing everything. Some believe it is the God. You believe it is the evolution.

    Karma is not such a thing it is reason and result relationship.

    Also note that only you can see two levels of living beings (Animals and Humans). But there are totally 31 levels of existence.

    It is true that only you can help yourself. If something wrong you are the one who is going to suffer.

    ReplyDelete
  25. @Patterson,

    Thanks. I would rather take the risk of suffering than being a fool.

    - Taboo

    ReplyDelete
  26. @Patterson,

    BTW, I never said there are only two levels of intelligence, humans and animals.

    Biology (which is hardly perfect) speaks about thousands of levels of intelligence. An amoebae is different from a goat and an oak tree is different from jelly fish. I am sure there are lot more. I don’t care to count as it is irrelevant.

    - Taboo

    ReplyDelete
  27. අය්යෝ කතන්දර... කරුණාකරල කතන්දර ලියනවද...?
    සින්ඩියේ තියන මේ වගෙ එව්ව බලලාම දැන් ඇතිවෙලා තියෙන්නෙ...

    ReplyDelete
  28. If seems you are very brave. There is a braveness in a grass hopper who is jumping to flame also.

    All life forms you are talking are included to two levels. You believe those life forms exists because your body (or with some equipments help) can sense them.

    You may know that if you consider the Electromagnetic spectrum, your eye can react for only small range of the wave lengths. (I am not telling that other levels can sense by invisible range in electromagnetic spectrum. I just want to show the limitations in your senses)

    You are limited to the frame given by your senses.

    ReplyDelete
  29. මේ කතන්දරෙත් බල්ලට ගියාද මන්දා....

    අරුණි, හිතට දැනෙන හරි දේ කරන්න අරයගෙන් මෙයාගෙන් අහන්න ඕනෙද? බුදු වෙන හැටි කියල දෙන්න අය නං ඕනෙ තරං බුදුවෙලා පෙන්නුව නං...

    ඔයා කොහොම වෙතත් ඔයාගෙ බැල්ලි නං පින් කරපු ආත්මයක් නේද?

    ReplyDelete
  30. සිරිබිරිස්: මදැයි කාලෙකින් දැක්කා! ආයිබෝං! ඔබ දාපු උත්තරය විචාරයක් මිස විවේචනයක් නොවන්නේ මෙහෙමයි: භාෂාව දියුණු වෙන්න නම් ඒකෙන්ම එපායෑ කොහොමින් හරි අදහස් කියා පාන්න. පැත්තකට දාලා ලේසියට ඉංග්‍රීසි ලියන්න ගියොත් හැමදාම එකතැන. හදවතට දැනෙන, මොළයෙන් පෙන්වන ‘දුක’ මේකයි: සිංහලට අළුත් වචන ගෙනැත් දියුණුවට අතදෙන ටැබූ සර් ම එහෙම කියපු එක!!

    ටැබූ: හදවතින් දැනෙන දේ පමණක් ක්‍රියාත්මක කරනවා කිව්වෙ නෑනේ. හදවතට දැනෙනවා කියල විතරයි කිව්වෙ. ඒක දැනෙනවා නම් එය බැහැරලා විචාරය කරන්න බැහැ. මොළය තියෙන්නෙ හදවතට දැනෙන දේ සිහිබුද්ධියෙන් විමසන්න. සිහිබුද්ධිය නැතිව පිළිගන්න නෙමෙයි.

    ලොකු: නෑ දරුවො, මං කාගෙන්වත් කරන්න ඕන දේ අහලා නම් නැහැ. මුල ඉඳලා ආයෙත් ලියපු ටික කියවා ගෙන ගියොත් පැහැදිලි වෙයි. මං ප්‍රශ්න කරන්නෙ මගේ ගැටළුව විසඳාගන්න ආකාරය නෙමෙයි. මගේ ගැටළුව විසඳීම මගේ වැඩක්. කතන්දරකාරයාගේ පව් පින් කතාව විචාරයට ගැටළුව ගෙන හැර පෑමෙන් මා කරන්නේ අනිත් අයට ප්‍රශ්නයේ බැරෑරුම් බව පෙන්වා දීමයි.

    ReplyDelete
  31. @arunishapiro
    ආයිබොං කිව්වා නෝනෝ. වැඩිය කොමන්ට් නොලිව්වාට, නෝනෙගෙ ලිපි ඔක්කොම කියවනවා. අර කියපු "සෑර්" , දස්ස මනුස්සයා: උන්දැගෙ "මූලග්ගායයි" , "මට්ටම්" මහන්තත්තකමයි තමයි නරක. සමහරවිට, මට එහෙම හිතෙන්නෙ මේ රටවල හැමෝටම එකවගේ සලකන නිසා වෙන්න ඇති.

    කොහොම වුනත්, මටනං හැමදාම මේවයෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ වගේම, කට කෑවත් , කියන්න තියෙනදේ කියන්න එපැයි.

    ඕං කිව්වා. මේං ගියා...

    ReplyDelete
  32. @ කතන්දරකාරයා.......

    කොම්පුටර් උදාහරණය සහ ආත්ම කතාව ගැන මගේ මනාපයක් නෑ.....

    එත් මම උත්තරයක් දෙන්නම්.....

    ඔය කොම්පුටෙරෙන් කොම්පුටරයට මාරුවෙන සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් වෙනව....සමහර අප්ඩේට් හොඳට වැඩ......සමහර අප්ඩේට් තිබුන එක තරම්වත් හරි නෑ.......Practically vista chater une....
    Hardwear = පරිණාමවාදය

    හරියට අප්ඩේට් වෙන අය තමයි නිවනට යන්නෙ...

    ReplyDelete
  33. ඔය හදවතට දැනෙන්නෙ මොලොන් එන සිග්නල් 1ක් මගෙ නම් හිතෙ. ඔය හදවතට විතරක් නෙමෙයි. අතපය වලට, මූනට, තව තව තැන් වලටත් දැනෙන්නෙ.... මමත් ඔය මං මැරනට පස්සෙ මං නැතැයි කියල නිසා ලොකු අවුලක් නෑ. හැබැයි ඉන්න ටිකෙ ඉන්න පවු නොකර ඉන්න ඕනෙ කියල නම් මම දන්නව. හාමුදුරුවරුන් ගැන නම් තව ටිකක් හොයල බලන්න ඕනෙ. සමාජෙට වෙන සේවෙ ගැන.

    ReplyDelete
  34. හොඳ සාකච්ඡාවක්

    ReplyDelete
  35. අරුණි සහ කතන්දර කාරයනෙනි,

    අරුණි, ඔබ තර්කයක් ගොඩනැගීම පිණිස කතා කාරයාට දම ඇති පින සහ පව පිළිබද ප්‍රශ්න වලට පිලුතුරු දීමට තරම් කතා කාරයගේ දැනුම සහ බුද්ධිය මදය. ඊට හේතුව නම් ඔහු හුදෙක් භවුතික වාදියෙක් වීමයි. ඔහුගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන සාම දෙයක්ම ඔහුට තේරුම ගැනීමට අපහසු වූ විට ඔහු ඒවා "විශ්වාස" නොකරයි. ඒ බව ඔහුම, ඔහුගේ කතාවෙන් කියයි. නමුත් ඔහු කල යුත්තේ "විශ්වාස කිරීම හෝ නොකීරීම නොව, සත්‍යය සොයා ගැනීමයි. ඔහුට තේරුම් ගත නොහැකි වූ විට ඔහු කරන්නේ, සරලව එය විශ්වාස නොකිරීමයි. දෙවනුව ඔබ තර්කයක් ගොඩ නැගීම හැරුණු කොට සත්‍ය ලෙස එකී පින පව ගැන යම් අදහසක් ගැන දන ගැනීමට ඇත්නම්, "ශීල විසුධ්ධිය, සුභ සුට්‍රය (ප්මජ්ජිම නිකාය) " නමැති මාතෘකා හදාරනු මැන.

    කතා කාරයාණෙනි, විද්‍යාව යනු දිනෙන් දින වෙනස් වෙමින් පවත්නා විෂයක් භාව තේරුම් ගනු මැන. සමහර විද්‍යා මත (ඩෝල්ටන් ගේ පරමාණු වාදය) බොරු වී එය වෙනුවට නව වාදයක් ගොඩ නැගීමට අවුරුදු 100ක් ගතවුනි. ඒ අනුව පෙනී යන්නේ, අප දන්නා විද්‍යාව දිනෙන් දින, වෙනස් වෙවී, විකරණයන් වෙවී යන භාවය. එවන් විෂයක් මගින් සාම දෙකටම පිළිතුරු සෙවීමට යාම කොතෙක් දුරට සාදාරන දෙයක් දැයි, බුධිමතෙක් වශයෙන් ඔබම තේරුම් ගනු මැන.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.