Sunday 3 January 2010

ඇන්ටි ටින් එකක් දාලා පුතේ!


අද කතන්දරේ තියෙන අන්තර්ගතය නං සමහරුන්ට තෙරෙන එකක් නෑ කියල මට හිතෙනව. කොහොම වුනත් කියවල බලන්නකො.  

මතකනේ මං මීට කලින් ලියපු ඇන්ටි ගෙ කතන්දරේ. මේකත් ඇන්ටි කෙනෙක් ගැන කතාවක් නමුත් තරමක වෙනස් ඇන්ටි කෙනෙක්. ඒ මොකද කියනව නං හරි හමං නෑදෑ කමක් නෑ. 

එයාගෙ මනුස්සයට අපි මාමා කියන නිසා මෙයාට අපි ඇන්ටි කියනව.  

ඇන්ටි ල හිටියෙ අපේ ගෙවල් වලට කිට්ටුව. ඉඳල හිටල දවසක අපි එහෙ යනව. ඒවගෙම ඇන්ටිල ත් එනව අපේ ගෙදර. ඇන්ටි ල ට ඉන්නව පොඩි කොල්ලො දෙන්නෙක්. 

ඔන්න දවසක් හදිස්සියෙ ඇන්ටි යි පුතාලයි ආව අපේ ගෙදර වෙන ගමණක් යන ගනං ගොඩ වෙලා යන්න.  

අපේ ගෙදර අම්මි එදා උයල තිබුන පාස්ට වගයක්. ස්පැගටි බොලනීස්. 

"පුතාල කැමති ද පාස්ට කන්න?" අපේ ගෙදර අම්මි ඇහැව්ව.  

"අනේ මාත් හදල දෙනව අනේ. කොහෙද මේ ගොල්ලො කට හරියෙ තියන්නෙ නෑ. අපරාදෙ නිකාං අහක දානව." ඇන්ටි කිව්ව.  

කොහොමින් කොහොමින් හරි ඉතිං ඇන්ටිගෙ පුතාල දෙන්න අපේ ගෙදර අම්මි හදපු පාස්ට කන්න කැමති වුනා කියමුකො.  

දෙන්නම හරිම ආසාවෙන් ස්පැග්-බොල් කෑව. ඇත්තටම කියනව නම් දෙවන පාරටත් බෙදා ගෙන කෑව.  

ඇන්ටි ට හරිම පුදුමයි. ඒ වගෙම පොඩ්ඩක් විතර ලැජ්ජයි වගේ. මොකද, ඇන්ටි හදල දෙන පාස්ට නොකන ඇන්ටිගෙ පුතාල දෙන්න අපේ ගෙදර අම්මි හදපු පාස්ට කෑවනේ.  

"ඇත්තට අනේ මේ දෙන්න හරිම කැමැත්තෙන් කනව. ඔයා කොහොමද අනේ මේ පාස්ට හැදුවෙ?" 

අන්තිමේදි පරාජය පිළිගත්තු ඇන්ටි දැන් ලැහැත්ති රිසිපි එක අහගන්නයි.  

"මහ ලොකු දෙයක් කළේ නෑ අනේ මං, අපේ ගෙදර අම්මි කිව්ව, ස්පැගටි බොලනීස් සාමාන්‍ය විදියටයි හැදුවෙ. හැබැයි අද දැම්මෙ කඩෙන් ගෙනාපු සෝස් එකක්."  

"ආ! මං හිතුව හරි" ඇන්ටි මූනෙ හිනාවක් හදාගෙන එයාගෙ පුතාලට කිව්ව මෙන්න මෙහෙම. 

"ඇන්ටි ටින් එකක් දාල පුතේ! ඇන්ටි ටින් එකක් දාල!!"

කතන්දරකාරයා

15 comments:

  1. අනේ තේරුනෙ නෑනෙ. මගේ ටියුබ් ලයිට් එකේ ස්ටාර්ටර් එක ගිහින්ද කොහෙද

    ReplyDelete
  2. ඇන්ටි, ටින් එක කියලා ගොඩ ගියා නේද?

    බිඟුවා...!

    ReplyDelete
  3. ඇත්තම කියනවා නම් මට මේ ටින් කතන්දරේ‍ තේරෙන්නේ නැහැ.. මොකක්ද මේ ටින් එකක් දාලා කියන්නේ?

    ReplyDelete
  4. ටින් එකක් කියල අදහස් කලේ සෝස් වලටද???

    ReplyDelete
  5. මොකකක්ද ඒ ටින් එකේ scene එක??මට නම් හරියට මීටර් වුනේ නැ!!

    ReplyDelete
  6. ෙත්රුෙන් නෑ බං

    ReplyDelete
  7. tin ekak kiwwe? sorry mama tubelight :p aththatama mokakda tin eka? :-?

    ReplyDelete
  8. හැබෑට මොකද්ද ඔය ටින් එක?
    ටින් කරපු එකක් හදලා දීලද?
    නැත්නම් අජිනමොටෝ ටින් එකක් දාලාද?

    ReplyDelete
  9. methana tin ekak kiyanne sause tin ekak gena. e kiyanne me kiyana kena meat suase hadala thiyenne gedara. ithin ad ahadissiyata kathandara ge wife meat sause tin ekak daala hadalath ara lamai kala.. monava unath me kiyana kenage gedara hadana sause eke tharama hithaganna puluvan....

    boru mokatada math bolognese vagema pesto alla genovese ekka pasta ekak nam kavadaavath epaa kiyanne ne...
    badagini hinaa,,,,

    ReplyDelete
  10. මෙහෙමයි මට නම් තෙරුනේ..
    අර ඇන්ටිගේ මාන්නක්කාරකම අපි මාන්නේ කියන්නේ අන්න ඒ ගැන කතන්දර කාරය කියන්න උත්සහ කරල තියෙන්නේ...

    ReplyDelete
  11. මේකේ අම්මි කිව්වේ මිරිස් ගලටද?

    ReplyDelete
  12. පැහැදිලි නෑ වගේ තමා..

    මට නම් හිතෙන විදිහට ඇන්ටි කියන හැටියට එන්නෙ පැස්ටා රහ නෙමෙයි සෝස්වල රහ...

    ReplyDelete
  13. පැස්ටා කියන්නේ මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගමන පැස්ට ගැන කියාපල්ලකෝ මෙයාට ... දන්නැත්නම් අහගනින් පැස්බරාගේ තටු කපල තෙලට දාල ගත්තහම පැස්ට වෙනවා...තවත් වැඩිපුර ඕනද?

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.