Monday 10 June 2013

කියන්න කවුද ඔබ කියා - What I did on Sunday


පෙරේදයි, ඊයේයි අදයි නිවාඩු පාඩුවේ වත්තේ පිටියේ පොඩි පොඩි වැඩ දෙකතුනක් කර කර හිටියා. ඒ හින්දා සුපුරුදු පරිදි කතන්දරයක් වෙලාවට දා ගන්නත් ඉඩක් ලැබුනේ නෑ අද.

ඊයේ වැඩපල අතර පොඩි විවේකයක් ගන්න වෙලේ අපූරු යුටියුබ් වීඩියෝ එකක් බලන්න ලැබුණා.

මතකයි නේද දැන් මාසෙකට විතර ඉස්සෙල්ලා ලංකාවේ මියුසික් වීඩියෝ ත්‍යාග ප්‍රදානෝත්සවය තිබුණා. අර සෝමා මාමා පරක්කු වෙලා ඇවිල්ලා පොඩි සයිස් එකක් දැම්මේ? අන්න ඒක.

ඉස්සර අපි පොඩි කාලේ සින්දු ඇහැව්වේ රේඩියෝ එකේ යන ඒවා. ඒ කියන්නේ එතන වැඩ කරපු අංකල් ලා ට, ඇන්ටි ලා ට ඕනෑ ඒවා. හැබැයි ඔහෙලා ගේ ඉල්ලීම් තීරයකුත් තිබුණා. ඒවායෙන් සින්දු ඉල්ලන ගාමා ගාමිණී සුබසිංහ වගේ අයත් හිටියා.

මොන සින්දුව ඇහැව්වත් සද්දේ විතරයි නේ. ඉතිං ඇස් වහගෙන තමයි සින්දුවේ කතන්දරේ හිතෙන් මවා ගන්න වෙන්නේ. කැසට්වලින් අහන කොටත් ඒ සීන් එකම තමයි.

පස්සේ ටෙලිවිෂන් එකේ සින්දු පෙන්නන්න පටන් ගත්තට පස්සේත් මුලින් තිබුනේ ගායකයා සහ වාදක මණ්ඩලය වේදිකාවක සින්දු කියන එක ඈන්ගල්ස් දෙකකින් ක්ලෝස් අප් එක්ක විඩියෝ කරලා, එඩිට් කරලා පෙන්නන එක විතරයි.

ඒත් ඉතිං රේඩියෝ සින්දු අහපු අපට ඒවා "නන්දන වින්දන" වුණා.

ඔන්න තවත් ටික කාලයක් යන කොට සින්දුවලට වෙනම වීඩියෝ හැදෙන්න ගත්තා.

ඒවායේ සාමාන්‍යයෙන් වුනේ සින්දුව කියන මැදිවියේ කපල් එකට අමතරව වෙනම තරුණ කපල් එකක් ලව් සීන් හෝ ලව් සික් සීන් කරනවා අතරින් පතර පෙන්නන එකයි.

දැන් නම් ගායකයෝ විතරක් ඉන්න සින්දු පේන්නෙම නෑ නේද?

මං සති අන්තයේ රස වින්ද මේ වීඩියෝ ක්ලිප් එකේ නම් ඉන්නේ ගායිකාව විතරයි. වෙන නළුවෝ, නිලියෝ නෑ.

ඒ වුනත්, මොන හේතුවක් හින්දද මන්දා මේක මාර විදියට හිතට වැදුණා. කොටින්ම සිත අවුරුදු ගණනාවක් ආපස්සට ගියා වගෙයි දැණුනේ.

ශානිකා සෝමතිලක ආධුනික ගායිකාව කියන "මේ ගඟ මේ දුරු කතර ගෙවා" කියන සින්දුව කලින් දැකලා නැති අය මෙන්න මෙතනින් බලන්න.



http://youtu.be/SevxJr5k76k

දැකලා තියෙන අයත් අනිවාර්යෙන්ම ආපහු එක පාරක් දෙපාරක් බලන්න අකමැති වෙන එකක් නෑ මට හිතෙන විදියට.

-කතන්දරකාරයා

102 comments:

  1. මාත් මේක දැක්කේ ඔබගේ ෆේස් බුක් පේජ් එකේන්. මුල්ම ගායිකාවට හා සමානවම හෝ ඊටත් වැඩිය රසයට මේ සින්දුව කියනවා දැක්කම කට වහගෙන ඉන්න මටත් බැරි වුනා.
    අර ඉස්සර සෝමතිලක ජයමහ කියලා රේඩියෝ එකේ සින්දු කීව ගායකයගෙ අකවුරු හරිද මේ? මේ සින්දුවෙන් විතරක් නතර නොවී තව නිර්මාණ කරයි කියලා හිතෙනවා. මාකට් එකේ විකිනෙනවට වඩා යමක් කරන්න පුළුවන් ගායිකාවක් ඇය.

    ReplyDelete
    Replies
    1. දැනුයි ඇයගේ යූ ටියුබ් වීඩියෝස් දැක්කේ. ඉහත් ප්‍රශ්නේ අහන්න ඕනේ නෑ දැන්.

      Delete
    2. ඇගේ සොහෙයුරියකුත් ඉන්න බවයි පෙනුනේ යූ ටියුබ් එකේ තියෙන අනිත් වීඩියෝවලින්.

      Delete
  2. සිංදුව අහනකොට මුළු ඇඟ පුරාම හිරියක් දුවනවා වගේ හැඟීමක් දැනෙනවා කකා. මොකද කියලා කියන්න තේරෙන්නේ නෑ.
    මෙහෙම දැනිච්ච පලවෙනිම අවස්ථාව මේක.
    මම අද 1 ද මන්දා ?

    ReplyDelete
    Replies
    1. ඔය වයසට ඔහොම තමා කොල්ලෝ. ඕක ගනන් ගන්න දෙයක් නෑ.
      කෙන්ජි හම්බ වෙලා බේත ඉල්ලගනින්.

      Delete
    2. ඒ කියන්නේ මේ ගීතයට ගායිකාව විතරක් ඇති. වීඩියෝවට වෙන නිලියන්, දර්ශන අනවශ්‍යයි.

      Delete
    3. ඔබ තුල පවතින 'මම එක' තෘෂ්ණාව දුරුවී සදාකාලික සැපත උදා වේවා !!

      Delete
    4. සැපත උදාවී මිහිර ලගාවේවා!!!

      Delete
    5. සැපත උදාවේවා
      මිහිර ලඟාවේවා.

      Delete
  3. සිංදු ඉල්ලන තව අය හිටියා මතකද
    රේඛාවෝ ඊශ්වරී, පද්මාවෝ මහේශ්වරී වගේ අය

    ReplyDelete
    Replies
    1. ඇයි බෝයගනේ පර්ල් අයිරින්, තව කොහේද ඩෙන්සිල් රාමනායක, තවත් කොහේද භාග්‍යා ඇම් හේරත්....

      Delete
    2. දෝන කමලාවතී කියන ගුනදාස ලියනගේ ගේ නවකතාව ඇරඹෙන්නේ අසන්නන් ගේ ඉල්ලීම් නම් ලයිස්තුවකින්.

      Delete
    3. ඒකනායක සර් මතක් වුණා. ඔය ගාමා ගාමිණි හිටියේ රොක් හවුස් කදවුරේ මේජර් වරයෙක් විදියට

      Delete
    4. තව නමක් මතක් වුණා මගුලාගම මැණිකේ දිසානායක

      Delete
    5. ගාමා ගාමිණී සුභසිංහ

      Delete
    6. ඇයි කුරුලුගංගොඩ දිනසිරි කුරුලුගංගොඩ?

      ;-)

      Delete
  4. බොහොම අපුරුවට ඇය ගායනා කරනවා,ඒ විතරක්ද ඇස්වලින් කතා කරනවා.කතන්දරකාරයා දන හදුනන කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. මං දන්නවා නම් "කියන්න කවුද ඔබ කියා" කියනවායැ?

      Delete
  5. මමත් මේ අහන්න වුනිමි සොයා සොයා කකා! ඔන්න වත්ත පිටිය සුද්ද කරනවයි කියල කරන දේවල්.

    ReplyDelete
    Replies
    1. ගීතය නම් මා ප්‍රිය කරන එකක් නොවේ කකා ඒත් ......
      රුවක්ද ගල් කුලේ නෙලූ
      ගඟක් ද සීතලේ ගැලූ
      වැලක්ද සල් ගසේ වෙලූ
      සුගන්ධයක්ද සිත් කලූ ?

      Delete
    2. සුද්ද කරන්නත් වෙයි පසු කාලෙක. මේක තාම හදනවා. දැන් තියෙන්නේ වතුර දාන වැඩ!

      Delete
  6. මේව අපි කලින් බලලා ගොඩ දාපු ඒවා ;)...

    ReplyDelete
    Replies
    1. අපි නං ගොඩ ගියේ සති අන්තයේ!

      Delete
  7. මටත් හිතට වැදුන.වටකුරු ඇස් ,දිගැසි ඇහි බැම,ගිරා නාසය සහ ගීතය ගයද්දී පෙනෙන සුදුවන් දත් දෙපල සමග සලිත වන තොල් යුගල බලන විට මොන පැල් කවිය කිව්වත් කම් නැතැයි සිතුනා.

    ReplyDelete
    Replies
    1. කෙන්ජිගේ හැඟීම් ඇවිස්සිලා වගේ...

      Delete
    2. කොමන් සයිකොලොජියක්...ඔය සබ්ජෙක්ට් මාරුවීම හැමෝටම තියෙනවා... පොඩිකාලෙ අපි දන්න ලස්සන කෙල්ලන්ට අපේ තියෙන ඇට්‍රෑක්ශන් එක එලියට එන්නෙ.. එයා ඉගෙන ගන්න දක්ශ ලමයෙක්! එයාගෙ අත් අකුරු ලස්සනයි!... ඊට පස්සෙ පස්සෙ එයා හරි නිහතමානියි! හරිම හෙල්ප්ෆුල්! යනාදී ලෙස.... ඔෆිස් එකේ වෙනකොට....එයා හරි උනන්දුවෙන් වැඩ කරනවා! එයාගෙ වැඩ හරි පිලිවෙලයි! ආදී වශයෙන්.....අපි කවදාවත් ලස්සනයි කියලා නම් කියන්නෙ නැහැ. ඒක වෙන ගුනයකට ප්‍රක්ශේපනය කරනවා!

      මේ බලන්න කතන්දරට කියවෙන හැටි..."මොන හේතුවක් හින්දද මන්දා මේක මාර විදියට හිතට වැදුණා."

      Delete
    3. සිරාවටම..සින්දුවත් ලස්සනයි..

      Delete
    4. @All
      මා කියන්ට උත්සාහ කලේ මේ සින්දුවට වෙනම මියුසික් වීඩියෝ අංගෝපාංග, නිලියෝ, දර්ශන අනවශ්‍ය බවයි.

      ඒ සමගම මා මෙහෙමත් කිව්වා.
      "කොටින්ම සිත අවුරුදු ගණනාවක් ආපස්සට ගියා වගෙයි දැණුනේ."

      !

      Delete
    5. බොලං පොඩි සයිලන්ට් ටිකක් හිටපන්
      බුලත්විට කන්න නොවේ
      ලිඳ ලන්ද දිගේ කෙනජි ජපන් ඇවිදින්
      බොලන්......... පොඩි සයිලන්ට් ටිකක් හිටපන්.

      Delete
  8. අශ්ව ගාල්,ඇපල්,මුද්දරම්පලම් වතු හිමි කාරයෙක් එක්කයි සටන දෙන්නෙ කියල අදනෙ දැනගත්තේ.

    ReplyDelete
    Replies
    1. මා ගැනද මේ කියන්නේ?

      ඒවා කෙසේ වෙතත් පිළියන්දල ගමේ පාරක පර්චස් කිහිපයක් නම් දෙමව්පියන්ට පින් සිදුවෙන්නට මගේ නමට තියෙනවා.

      Delete
    2. ඔබ ගැන තමයි මම එහෙම හිතුවෙ.
      මොකද ගාමිණි D.ටත් තිබුනෙ ඔබගෙ වගෙ සුන්දර මුහුණක් නිසා.
      අදහස වෙනස් කර ගත්ත.
      සීයාගෙන් තාත්තට,තාත්තගෙන් අපිට උරුම දේ තමා එහෙනම් අපේ දරුවන්ට දෙන්නෙ.
      අපේ දරුවො ඔය දේපල ගන්න ලංකාවට යයිද කියලත් හිතෙනව දැන් වෙන දේවල් දැක්කම.

      Delete
  9. ඔයාට ක්ලිප් එක අප්ෂට් නම් අයින් කරන්න.
    මට එම ගායකයා ගැන දැන ගැනීමේ පුදුම පුකේ අමාරුවක් තිබෙන්නව.
    ඔබ අහපු ප්‍රශ්නය රාජ් ගෙ තැනින් ඉවත් කර ඔබගෙ ලිපියෙ මම කොමන්ට් කර තිබෙන තැන දමන ලෙස කරුණාවෙන් අයැද සිටිමි.

    ReplyDelete
    Replies
    1. තරුරසීව බේරා ගැනීම සඳහා පහත බාධකය අටවන්න

      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    2. මට මොකක්ද අප්සෙට් එක?

      ඒ ගායකයා ගේ නම යුනුපින්ගු (Yunupingu). මේ ලඟදී මිය ගියා යැයි ආරංචි වුණා!
      http://www.abc.net.au/news/2013-06-03/former-yothu-yindi-frontman-m-yunupingu-dies/4728518

      Delete
  10. මිහිරි ගායනයක්... රුවත් ලස්සන නිසා ඉක්මණින්ම තැනක් ලැබේවි මාධ්‍ය ලෝකෙ... ‍

    ReplyDelete
  11. කකා, සිංදුව කියන කෙල්ල නම් සුපිරි ආ.... !!!

    ReplyDelete
    Replies
    1. සිත නාබර තාලෙට වෙල් එලිවල නැටුවා නේද කකා ?

      Delete
  12. ශානිකා සෝමතිලකගේ කට හඬ නම් පට්ට..
    ලඟකදි එයාව අපිට ශෝ එකකදී හම්බ වෙයිද කකා ?

    ReplyDelete
  13. හරිම ලස්සණයි. අර පැත්තක පුටුවක වාඩිවෙලා ඉන්නේ කතන්දරද? :D

    ReplyDelete
    Replies
    1. ඔවු අනේ... ඒ මම තමා

      Delete
    2. above comment is mistakenly published by kaka itself.

      Delete
    3. අනෙක් හැමෝටම උත්තර දීලා කකා මට විතරක් උත්තර දී නැහැ. මා මීට තදින්ම මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්ට කැමතී.

      Delete
    4. @ Anonymous June 10, 2013 at 3:00 PM

      /* above comment is mistakenly published by kaka itself. */

      අපහාසයට වඩා නොදන්නා කම යැයි සිතමි!

      Delete
    5. @ පොඩිකුමාරි

      ඇත්ටටම කෝ මගේ කමෙන්ට් එක?

      Delete
    6. කොහොමහරි කකා තාම පොඩ්ඩිට උත්තරයක් දුන්නේ නෑ නේ.
      අන්න පොඩ්ඩි කාමරේ ඇඳ උඩට වෙලා කොට්ටේ බදාගෙන අඩනවලූ. ඔන්න කකාට තමා ඇඬිල්ල නවත්තන්න වෙන්නේ.

      Delete
    7. දැන් තමයි දැක්කේ හරියටම 2:06 සිට 2:09 දක්වා පමණ.

      නැ ඒ මං නොවෙයි.

      Delete
  14. කකා, උඩ පින්තූරයට අනුව නම් ශානිකා සෝමතිලක කියන්නේ පා(ර්)ටි සිංග(ර්) කෙනෙක් කියලයි මට හිතෙන්නේ. කකා මම හරිද කියන්නකෝ.

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්නකෝ කකා උත්තර දෙන්න එයි.

      Delete
    2. ඔබ හරි හුරතල් ඇනී.

      Delete
  15. හ්ම්ම්... ඉස්සරහට හොඳ නිර්මාණ ටිකක් එලියට එනවනම් අපිත් කැමතියි...

    ReplyDelete
    Replies
    1. ඔවු.. නිර්මාණ ටික නෙමෙයි නිර්මාණය නම් මාස නමයකින් එලියට එයි.
      එතකන් චුට්ටක් ඉන්නකෝ...

      Delete
    2. ඒ වෙනතුරු බලා ඉඳිමු!

      Delete
  16. අද නම් ඇඟට දැනෙන්නම ලියලා. නියමයි කකා නියමයි. දිගටම ඔහොම ලියමු. අපි අනිවාර්යෙන්ම කියවන්න එනවා.
    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක හොඳයි නිතර ලැබෙන එක්තරා ඇනෝ කමෙන්ට් එකකට පිළිතුරුක් දෙන වෙලාවකට ලින්ක් කරන්න.

      Delete
    2. මගේ තරහක් නෑ කකා. ඔයා කැමති දෙයක් කරන්න.
      ඔබේ සැප මගේ සතුටයි !

      Delete
  17. මෙන්න මේ ලින්ක් එකේන කෙලින්ම යන්න පුළුවනි යොතු යින්ඩි ගෲප් එකේ සින්දුවට.

    http://www.youtube.com/watch?v=x1cNTe5rIFE

    ReplyDelete
  18. අද පෝස්ට් එක මාර රසයි බං !

    ReplyDelete
    Replies
    1. උබ ප්ටින්ටවුට් එකක් අරගෙන ද මේ පෝස්ට් එක කෑවේ ? හරකා !

      Delete
    2. අන්න උබටත් මට හිතුන දේම හිතිලා.

      Delete
    3. AnonymousJune 11, 2013 at 8:17 PM
      මේ කමෙන්ට් එක හොඳයි නිතර ලැබෙන එක්තරා ඇනෝ කමෙන්ට් එකකට පිළිතුරුක් දෙන වෙලාවකට ලින්ක් කරන්න.

      Delete
  19. Im sure she is a dancer too. Look how she flirt.

    ReplyDelete
  20. අන්තර්ජාලයෙන් මෙසේ සිය කුසලතා එළි දැක්වීම නව ප්‍රවණතාවක්. මේ මීට ටික කලකට කලින් මා ලියූ දක්ෂ වාදකයකු ගැන සටහනක්. දෑස පුරා සිත නළවන රටාවයි - චත්‍රපානි පීරිස්

    ReplyDelete
    Replies
    1. හලෝ පැරා... කොහොමද මචං !

      Delete
    2. ලින්ක් හැලිල්ල අතින් උබ නම් කකාට දෙවෙනි වෙන්නේ නෑ මචං !

      Delete
  21. හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක හොඳයි නිතර ලැබෙන එක්තරා ඇනෝ කමෙන්ට් එකකට පිළිතුරුක් දෙන වෙලාවකට ලින්ක් කරන්න.

      Delete
  22. සින්දුවත් ලස්සනයි , කියන අක්කත් ලස්සනයි
    තැන්කු කකා

    ReplyDelete
    Replies
    1. ඇයි ඉමල්ශන් පේන්ට් ගාපු ගේත් ලස්සනයි

      Delete
  23. http://www.youtube.com/watch?v=mHT97v_Rbe0
    මෙන්න මේ පිරිමි ලමයත් ඔය වගෙම ලස්සනට සින්දු කියන එක්කෙනෙක්. මම ලඟදී yotube එකේ දැක්කෙ. අහලා බලන්නකො. හිත ඇදීලා යනවා.

    ReplyDelete
  24. කැපිටල් ඇනෝ අංකල් ඔබ කොහි ද ???
    ඉන්න තැනකින් ඉදිරියට එන්න !

    ReplyDelete
  25. මේකත් බලන්න ශානිකා කියන තවත් සින්දුවක්!
    http://www.youtube.com/watch?v=yiO1hS2gW2c

    ReplyDelete
  26. Kk, though both are manchester girls, they still pretty! I think they living abroad prbly in ausy or us. Hwer, nice singing n thnks for sharing.

    ReplyDelete
  27. කෙල්ලත් ලස්සනයි. සිංදුවත් ලස්සනයි.. ගායනයත් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හරි එහෙනං දැං ගිහිං ඊලඟ පෝස්ට් එකට එන්න.

      Delete
    2. මේවගේ ක්ලිප්වලට කියන්නේ එලකිරි කියලා නේද මාතලන්?

      Delete
  28. Replies
    1. මේ කමෙන්ට් එකයි රිප්ලේ එකයි හොඳයි නිතර ලැබෙන එක්තරා ඇනෝ කමෙන්ට් එකකට පිළිතුරුක් දෙන වෙලාවකට ලින්ක් කරන්න.

      Delete
  29. ඔක්කොම සුපිරියි. කකාට කෙන්ජිට වගේම මගෙත් හිත සලිත වුණා. ඔන්න ඇත්තම කිවුවා ඉතිං මඩ නොගහ හිටපල්ල.

    ReplyDelete
    Replies
    1. මං කිව්ව වගේ මේ වීඩියෝ එකට වෙන නළු නිලියෝ අනවශ්‍යයි!්

      Delete
  30. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 78
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 23
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 22
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 27


    විශේෂ සටහන් :
    මා විසින් මෙතෙක් පල කල වැඩිම කමෙන්ට් ගණන (23) සහිත පෝස්ටුව මෙය වේ.
    සංගණන ඇනෝ

    ReplyDelete
    Replies
    1. හෝතෝර්න් ඉෆෙක්ට් එක ගැන අසා තිබේද?

      Delete
    2. අනේ නෑනෙ. කියලා දීහංකෝ......

      Delete
    3. නැත.
      පහදා දෙන්න

      Delete
    4. මෙතනට අදාල පරිදි හෝතෝර්න් ඉෆෙක්ට් එක කියන්නේ - යම් සිදුවීමක් ගැන පරීක්‍ෂණයක් හෝ නිරීක්‍ෂණයක් කරන විට එය නිසාම එම සිදුවීමේ වෙනසක් වීම.

      ඒ කියන්නේ ඔබ සංගණනය කර අගයන් දාන කමෙන්ටුව නිසාම ඒ සංගණනයේ අගයන් වෙනස් වෙනවා!

      Delete
  31. සින්දුයි මූනුයි කඩහඬයි අභිනයයි ඔක්කොම හොඳයි!
    කකා ඔහේ ඉරිදට කොහේවත් රවුම් ගහන්න යන්නෙ නැතිව මේ වගේ වෙබ් සර්ච් කරන්න

    ReplyDelete
  32. http://www.youtube.com/watch?v=K1LRjcflOXAtt
    මේ ඇගේ නිවුන් සොයුරිය අනුෂ්කා ගයන ගීය මුල් ගායනයටත් වඩා මන බඳින ආකරයට ඇය ගායනා කරයි පිටරටක වසරකීපයක් ගතකල පසු සිංහල උච්චාරනය වෙනස් කරන අය අතර බහ තෝරන වියේ සිටම පිටරටක හැදී වැඩුන ඇයගේ ගායනා විලෂය සැබැවින්ම අගය කලයුතුයි

    ReplyDelete
  33. http://www.dinamina.lk/epaper/art.asp?id=2013/06/25/pg24_2&pt=p&h=

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.