Tuesday 25 June 2013

අයියලා ට පොසොන් සරුද? - What I did on poya day


ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ මං පේරාදෙනියේ ඉන්න කාලේ විස්ස විජ්ජාලේ කොල්ලෙකුට කෙල්ලෙක් එවපු ලියුමක තිබුණු එක්තරා කෑල්ලක්.

"අවුරුදු සරු ද?", "නත්තල් සරු ද?" කියලා කන-බොන කේස් ගැන අහනවා මිස පොසොන් වගේ පෝය දවසක් ගැන එහෙමත් ප්‍රශ්න අහනවාය කියලා මං දැන ගත්තේ එදා තමයි.

වෙසක් ගැන නං ඉතිං සරුද කියලා තක්සේරු කරන්න පුළුවන් දන්සැල් ගැනවත් හිතලා.

සමහර විට ඒ ලියුම එවපු ගෑල්ළමයා අනුරාජපුරේ පැත්තේ අංශයක් වෙන්න ඕනෑ. ඒ පැත්තේ තමයි ඔය පොසොන් එකටත් දන්සැල් ගජරාමෙට දන්සැල් තිබුණේ ඒ කාලේ.

මේ කතාව ලියන්න ගත්තේ පොසොන් එක ගැන කියන්න නෙමෙයි, වෙසක් එක ගැන කියන්නයි.

ඉස්සර පේරාදෙනියේ ඉන්න කාලේ හැම පෝයකටම ගැටඹේ ගියා. ගමේ දී හැම පෝයකටම ගමේ පන්සලට ගියා. නමුත් දැන්නම් වෙසක් එකටයි, කටින පිංකම දවසෙයි ඇරුණාම අනිකුත් අවශේෂ පෝය දවස්වලට පන්සල් යැවෙන්නේ විශේෂ වැඩක් යෙදුණොත් විතරයි.

වයසට යනවා කියන්නේ ඕකට තමයි!

පහුගිය මාසේ යෙදුණු වෙසක් පෝයදාත් මංතුමා අපේ ගමේ පන්සලට ගියා. එකපාරක් නොවෙයි දෙපාරක්ම. උදේ ගියා අටසිල් ගන්න අයට ඇරලවලා, උපාසක දානේට අපි හදපු පපඩම් සහ සලාදේ දීලා එන්න.

හවස ගියා වෙසක් සිරි නරඹන්න.

මේ එදා ගත්තු ෆොටෝ කීපයක්. බලන්න අපේ ගමේ පන්සලේ වෙසක් සිරි!

මෙන්න චෛත්‍ය රාජයා වෙසක් සිරියෙන් දිලිසෙන අන්දම.


අටපට්ටම් කුඩු සහ බකට්.




මං හිතන්නේ මේ මානසවිල ද කොහෙද!


පාන් වැට


කැරකෙන කූඩුව


මේක තමයි මගේ හිත ගත්තේ. නෙළුම් මලෙන් උපන් බබා.






අන්තිමේ දී කඩලත් කෑවා!

-කතන්දරකාරයා

ප/ලි:
පන්සල් දෙපාරක් ගියත්, පහුගිය අවුරුදු කීපයේම කළා වගේ සපත්තු නොගලවාම ගෙදර ආපු එකත් හොඳ වාර්තාවක්.


(image: http://www.flickr.com/photos/tennysons/6317854643/)

57 comments:

  1. ගරු කතන්දර;
    අපේ ගමේ පන්සලත් මේ වාගෙ.
    දෙන්නම එක ගමේද දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ගරු කතන්දර? අනෙ හුx..... තට්ටයටත් වැඩේ දෙන්න වගේ කල්පනාව....

      Delete
    2. "කාමසුඛල්ලිකානු හා අත්තකිලමථානු දෙකම අත්හැර දමා මැදපිළිවෙතක් ගැන බුදුන් කියා දුන්න ද බෞද්ධයන් තරම් මැද පිළිවෙතක යෑම පැත්තකට දමා ඇති පිරිසක් මා දැක නැත.

      ආත්මයන්, සංසාරයන්, භවයන් විශ්වාස කරන්නෝ මේ ජීවිතයේ දී දුක්විඳ අනාගත ආත්ම, භව හා සංසාරයන් හි දී පොලී ඇතුව ලැබෙන සතුට ගැන තණ්හාවෙන් කටයුතු කරති."

      මෙව්ව ලියල තියෙන්නෙ ඔහේට තමයි කතන්දර.... ගිහිල්ල කියවලා ඉගෙන ගන්න..

      ඕමාර් කයියාම් කියන්නෙත් “තමන් කවුදැයි අවබෝධ කරගන්න,” කියලානේ.

      Delete
    3. මෙයා අරුණි ශපීරෝගෙ අවතාරෙද, එයාට කඩේ යන එක්කෙනෙක්ද?

      Delete
    4. @ට්‍රැ;
      ඔබගෙ ප්‍රශ්නය කා සදහා ද?

      Delete
  2. ගරු කතන්දර;
    කඩල කෝප්පෙ පෝය දවසෙ බයිට් එකට ගත්ත ඒවාද?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මොකෝ කියන්නේ කකාගෙ කඩල කෝප්පයත් එක්ක හීනියට අනුමත වෙමුද ?

      Delete
    2. කඩල ඕන නැහැ කොල්ලො.ලුනු කැටේකුයි,ළූනු බිකකුයි තිබුනම මට ඇති සෙට් වෙනවනම්.
      මොකද අන්තිමට ඕන වෙන කෙල තලිය ගන කමට එනව කොල්ලො.

      Delete
    3. @නලියා....යකෝ බොලාට බොන්න ඇත්නම් වෙසක් පෝය හරි කමක් නෑ.බොලාගේ මහ ඇයන්ගේ මතය මතට තිත නේද?පුහු ජනප්‍රියත්වයට ඕවාට විරෝදය දැක්වූවාට හිතේ තියෙන දේ කමෙන්ට් එකෙන් පේනවා.ගව මස්කෑම ගැනත් එහෙමම තමයි.ගෝලයන්ට හරියන පාලකයෝ,පාලකයන්ට හරියන ජනතාව.

      Delete
    4. ඇනෝ මචෝ මං කවදාවත් බීමට විරුද්ධව වචනයක් හෝ ලියා නැත. එසේම ය ගවමස් ගැනත් ගෙදර හරියට නොගනී.

      Delete
  3. කකාට පොසොන් සරුයි වගේ...

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ හිටියා ලොxxක් පීරිස් කියලා.... පොර කොල්ලෙක් දැක්ක ගමන් අහන්නෙ "මල්ලී කොහොමද මේ දවස් වල සරුද" කියලා....

      Delete
    2. සරුයි සරුයි..
      පොසොන් එකත් විකුණගන්න පුලුවන් නේ.

      Delete
  4. "PAAN WETA" E KIYANNE BREAD FENCE KIYANA EKADA NATHNAM PAHAN WETADA?

    ReplyDelete
  5. UPASAKA DANETA PAPADAM SAHA SALADA. EI MECHCHARA BARATA DUNNE.

    ReplyDelete
  6. මලෙන් උපන් සිදුහත් බබා තමා ලස්සනම.

    ReplyDelete
  7. පෝයට පිනක් දහමක් කරගන්නේ දන්සැල් වැඳලා තමයි.... අනුරාධපුරේ පොසොන් තමයි සරු.... යන්න එපැ‍යි මිහින්තලේ පැත්තේ... මාර දන්සැල් තොගයක් තියෙන්නේ... ඒවයින් කාපුබීපුවහම මිහින්තලේ නගින්න බෑ...

    ReplyDelete
  8. නිර්මල බුදු දහම හා කකා යනු නයාට අඳුකොල වැන්නකි.
    මම 1 ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
    Replies
    1. 1 wenne hamadama Kenji, nikam boruwata eka ganna epa.

      Delete
  9. සිදුහත් කුමාරය නෙළුම් මල උඩ ඉන්න එකේ වීඩියෝ එකක් දැම්මනම් තමයි මරු..

    ReplyDelete
    Replies
    1. ජෝතිට මේ දවස් වල සරුද?

      Delete
    2. ගරු ජෝති;
      එක එක ග්‍රහ මාරු තිබුන නේද ලගදි.මට පොඩ්ඩක් බලල කියන්නකො ධනු ලග්නයට කොහොමද කියල.මාරක අපල එහෙම තියෙනවද දැනගන්න.මොකද තව දින 5කින් මට 50+ලබනව.

      Delete
    3. @Anonymous
      සරුයි... සරුයි...වේලි වේලි හිටිය මට දැන් නෙට් එකෙන් සෙට් වෙච්ච කස්ටමර්ස්ල හින්ද සරු වෙලා..ලඟදි තට්ටු 4 ගෙයකුත් හැදුව කාර් එකකුත් ගත්ත බන්..කාටවත් කියන්න එපා හරිද?

      @Kenji
      ගරු කෙන්ජි
      මැයි 31 ගුරු මාරුව කෙන්ජිට හොදා.. සිකුරු ලැබුව වගේ තමයි... මීට වඩා දේවල් කියන්න ගියොත් කකා මාව බ්ලොක් කරනව..

      Delete
    4. ගුරු මාරුවෙන් සුභ නම් තට්ටු හතරට ගෑනු හතරක් ගනින්....

      Delete
  10. //පහුගිය මාසේ යෙදුණු වෙසක් පෝයදාත් මංතුමා අපේ ගමේ පන්සලට ගියා. එකපාරක් නොවෙයි දෙපාරක්ම. උදේ ගියා අටසිල් ගන්න අයට ඇරලවලා, උපාසක දානේට අපි හදපු පපඩම් සහ සලාදේ දීලා එන්න//

    හොඳටම ඇති!

    ReplyDelete
  11. සිදුහත් කුමාරයා ඉන්න පහන් කූඩුව ලස්සනයි ...

    ReplyDelete
  12. මෙදා සැරේ පන්සලේ තලිබාන් කාරයො හිටියෙ නැතෙයි...?

    ReplyDelete
    Replies
    1. තාලිබාන් කාරයන්ට එහා කකා.ඉස්සර හැම පෝයටම පන්සල් ගිය කකා දැන් පරිණත වෙලා වෙසක් එකටයි කඨිනෙටයි විතරලු පන්සල් යන්නේ.ඔයාගේ බුදුදහම ගැන තියෙන හීනමානය පේනවා සපත්තු නොගලවා ආපසු පෑමිනීම කියලා තියෙන විදියෙන්ම.ඒක කියන්නේ හරි අභිමානයකින්.මම බුද්ධිමතෙක් කියලා පෙන්නන්නද ඒ වගේ දේ කරන්නේ?ඉතින් ඔය පටු විදියට ආගම ගැන හිතනවා නම් උපාසක දාන දීලා තියෙන ඵලය කුමක්ද?ඊට හොදයි ඒ මුදලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නනානම්
      .@ රාජ්.....කරපු දේ හොදටම ඇති! ...ඇති ඇති උඹලා වගේ හරක්ට

      Delete
    2. //බුදුදහම ගැන තියෙන හීනමානය//
      හීනමානය කියන්නෙ ආදරය, ගෞරවය, වෛරය වගේ එකක්ද?

      Delete
  13. //ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ මං පේරාදෙනියේ ඉන්න කාලේ විස්ස විජ්ජාලේ කොල්ලෙකුට කෙල්ලෙක් එවපු ලියුමක තිබුණු එක්තරා කෑල්ලක්.//

    මේ 'කොල්ලා' කතන්දරකාරයාද?
    නැත්තං අනුන්ගෙ ලියුම් හොරෙන් බැලුවද?

    ReplyDelete
  14. බුද්ධාගමට අපහාස කරන මිථ්‍යාදෘෂ්ටික ජාති ද්‍රෝහියෙක් කියන ලේබල් එකෙන් ගැලවෙන්නනම් අවුරුද්දට දෙපාරක් පන්සලට යාම හොඳටම මදි. සුමානයක් දෙකක් පන්සලේ පදිංචි වෙලා වල් පල් කියව කියව හරි ඉන්න වෙයි. හැබැයි ධර්ම සාකච්ඡා වලට එහෙම පැටලෙනව නෙවෙයි ඕං.

    ReplyDelete
  15. කතන්දර කීම කලාවකි.
    සැබෑ කතන්දර ලියන කියන අයුරු දැනගන්ට උවමනා නම් හැලපයා, අටමාගේ බොලොග් අඩවි වලට පිවිසී යමක් ඉගෙනගන්ඩ.

    ReplyDelete
    Replies
    1. IT IS TIME FOR KAKKA TO LEARN HOW TO WRITE KATHANDARA FROM OTHER BLOGGERS LIKE ABOVE.

      Delete
  16. අනුරාධපුරේට පොසොන් සරු වෙනව නෙවෙයි, සෙනග වැඩියෙන් එනකොට පොසොන් එකට අනුරාධපුරේ සරු වෙනවා.
    මුදලාලිලාට අවුරුදු සරු වෙනව වගේ තමයි. (අර මඳසරු පොරට මොකද වුනේ දන්නෙ නෑ)

    ReplyDelete
  17. ප්‍රශ්න කරන්නන්ට පිළිතුර,

    කුරුලු සමඟින්ම අස්වීමේ මේල් එක දැමු අනෙකා මමය. මමද එදින අස්වීමට හේතුව අයිෂ් නැමැති බස් රේඩියෝ සාමාජිකාව විසින් මේල් එකක ගෙන ගිය වැඩසටහන් සතියක් ඇර සතියක් කරනවා නම් නොකරම නිකා ඉන්න ලෙස පැවසූ දේ නිසා මට රාජකාරියත් සමග වැඩසටහන් කර සංස්කරණය කර ගැනීමට ඇති අපහසුතාවය නිසාමය.

    දෙවන කරුණ ලසිත නැමැති බස් රේඩියෝ සාමාජිකයා විසින් මාකට් වීමක් ගැන අදහස් ගෙන යාමය. කුරුලු පැවසූවා සේම මට බස් රේඩියෝවෙන් මාකට් වීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. මා බස් රේඩියෝව මාකට් කලා කීවා නම් එය නිවැරදිය. බොහෝ අසන්නන් පිරිසක් සහ බොහෝ මිනිසුන් සංඛයාවක් හදුන්වා දුන් බව ඇත්තය. මම නිසා බස් අහන්න ඇබ්බැහි වුන මිනිසුන් බොහෝය. එය උනුන්ගේ හදවත් දන්නවා ඇත.

    අනෙක බස් රේඩියෝවෙන් මාව නම් මටත් හොරා මාකට් කර ඇති බවට තව දෙයක් නම් මම එහි සාමාජිකත්ව දරන කාලයේදිම මටවත් නොදන්වා මගේ මිතුරෙකුගේ වෙබ් සයිට් එකකට ඔබේ වෙබ් පිටුවේ මෙන්න මේ කතාව ලියන කෙනා අපේ බස් රේඩියෝවේ සාමාජිකාවක්. ඉතින් අපේ බස් රේඩියෝ ඇප් එකක් ඔබ සයිට් එකට දමන්නට හැකිදැයි කියා අවසර ඉල්ලා යවා ඇත. ඒ ගැන මගේ මිතුරා මට දුරකථනයෙන් පවසන තුරු බස් රේඩියෝවෙහි කිසිවකු කිවේ නැත. මම ඔවුන්ගෙන් ඇසුවාට පසුය මට කිවේත්... ඉදින් එදින මා කිවේ මින්පසු දෙයක් කරනවා නම් නම සදහන් කර මට කියන ලෙසය.

    මා අස්විම දි සිටියදිම පුද්ගලිකව අයිෂ් නමැති බස් රේඩියෝ සාමාජිකාව සමග කතා කරද්දි අවංකවම මට මගේ අසන්නන්ට මං බස් එකෙන් බැස්සා කියන්න බැහැ දුකයි. ඒ අය පවු. මම නිසා බස් අහන්න ආවෙ කියා කියුවෙමි. ඇය මා නැවත රැදෙන ලෙස කියු නිසා සහ මා පැත්තට වැඩි බර කළ නිසාම හිත හොද වැඩිකමටම මා ඔහේ රැදි සිටියෙමි. එහෙත් ඉන්නම් වාලෙ කාලය ගෙවුවෙමි. ඒ අතර තුරත් ඔවුන් රහස් ඡන්ද තියා ඇතුලින් කරන කියන දේ මා දැන ගත් සැනින් තවත් මෙවැනි කුහුක මිනිසුන් ළග රැදි නොසිටිය යුතු නිසාම මම අයින් විය. එහෙත් අයින් විමට මේල් එක දැමුවිට එය ෆේල් විය. එනම් මා එම සමුහ ගෘපයෙන් නොදන්වාම ඉවත් කර ඇත. අඩුම තරමින් ඉවත්කළ බව කියන්නට තරම්වත් මැනර්ස් ඔවුන් දැන නොසිටියෙහිය. ඒ ගැන දැනගෙන මා පුද්ගලිකව අයේෂට සහ නෙරංජි කියන සාමාජිකාවන්ට පැවසු විට එදින හවස තුනයි ගානට මට මෙතෙක් කල් රැදි සිටියට ස්තුතියි කියා දන්වා එවා තිබුණි.

    ඉදින් මා අයින් වුවත් පාඩුවේ නිහඩවම සිටියෙහිය. මන්ද එය අහන්න ගිය මගේ මිනිස්සුන්ට මම නැහැ කිය කියා අණබෙර ගසා අසන එක් අයෙක් හෝ අඩු කරන්නට මා අකමැති වු නිසාය. මේ සියල්ලම හදවතින්ම අවංකම සිදු වු දේවල්ය. මා අප්‍රමාණව බස් රේඩියෝවට ලෙංගතුවිමය. එහෙත් ඊට දින කිහිපයකට පසු මගේ පවුලේ අයෙකුට වෙනත් අයෙකුගේ මාර්ගයෙන් මේල් එකක් යවා ඇත. කුමක් යැවුවාද කිසි දෙයක් මම නොඇසුවෙහිය. එයද මා දැන ගත්තේ එම පවුලේ අදාල පුද්ගලයා මට ඉතා තදින් පණිවිඩයක් එවා තිබුණ නිසාය. එසේ නොවුනා නම් මොවුන් මෙයත් රහසින්ම ගිනි අවුලවා බලා සිටින අය වනවාය.

    ReplyDelete
  18. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. මොන පල් හෑලිද කකා මේ?

      Delete
    2. අඩොවැඩියාව නැතිව කියන මගුලක් කියපිය තේරෙන භාෂාවෙන් !@#යෙ.

      Delete
    3. කකා, අර අසමෝදගම් බෝතලෙන් චුට්ටක් මේ කෙලීට දීහන්. බඩේගායද මන්දා කෙඳිරි ගානවා.

      Delete
    4. මොකක්ද බන් මේ රෙද්ද?

      Delete
    5. මේ කවුද මොනවද කියන්නේ කිසිවක් නොවැටහේ.

      Delete
  19. Replies
    1. මොකද්ද යකෝ මේ ??

      Delete
    2. me jothisa karayata pissuda ban?
      ohomada mun jotisa karanne?
      moota me web eken janapriya wenta ona wage ?

      Delete
    3. මොනවද බන් මේ.... උඩ හෑල්ල වගෙමයි මේකත්....

      Delete
    4. කේන්දරේ රා/කු/බු/සි/ර/කේ/ච/ගු/ශ/බ්‍ර යන ග්‍රහයො ඔහොම තමා ලිය වෙන්නෙ

      Delete
  20. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 39
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 3
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 15
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 0
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 21

    විශේෂ සටහන - සංගණනය පමා උනේ මා උන රෝගයෙන් පෙලී සිටි නිසා බව කරුනාවෙන් සලකන්න.
    සංගණන ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඔබේ අසනීප තත්වය ගැන අසා කණගාටුවක් ඇතිවුණා. උණ හෙම්බිරිස්සාව වැනි රෝගවලින් නම් ඉතිං ගැලවී සිටීමට ආමරුයි. දැන් සුවය ලැබී ඇතැයි සිතමි. නීරෝගී සුඬ පතමි!

      ජයවේවා!

      Delete
    2. අද නම් සංගණන ඇනෝට වැරදුනා
      //AnonymousJune 26, 2013 at 3:03 PM
      මොකද්ද යකෝ මේ ?? //

      මොනා නැතත් මේ ඇනෝ කමෙන්ට් එක දැම්මේ කකා...

      Delete
    3. මේ දවස්වල වැස්ස නිසා වෛරස් උනකුයි අපිරිසිඳු ජලය නිසා පාචන තත්වයකුයි පැතිරෙනවා.
      මම පහුගිය දවස් ටිකේ වෛරස් උනකින් පෙලෙමින් සිටියා. දැන් දවස් දෙකකට වඩා උන තිබ්බොත් රෝහලකින් බෙහෙත් ගන්නත් සිද්ධ වෙනවා ඩෙංගු බියකුත් රට හැමතැනම තියෙන නිසා.

      මට නිරෝගි සුව පැතූ ඔබට තුති !!

      සංගණන ඇනෝ

      Delete
    4. KK WHERE IS MY COMMENT ?

      Delete
  21. ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයට අද වැඩි චන්දයෙන් තේරී පත් වූ නව නායක කෙවින් රඩ් මහතාට මගේ උණුසුම් සුභ පැතුම්..!!
    සුභ අනාගතයක් කෙවින්...!!!

    ReplyDelete
    Replies
    1. අන්න අරයා ඉල්ලා අස්වෙලා දැන්

      Delete
    2. කවුද..?ජුලියා ගිලාඩ් හෙවත් "වටු කුරුළු මස් "පිරිසියද?

      Delete
    3. අන්න හරි. එයා තමා
      වටුකුරුළු මස් පීරිසිය කිව්වේ මොකෑ ?

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.