Friday 4 January 2013

දැන් හොඳට කතා කරන්න ඇහැකිද? - Speaking in Cobolenese!


යටගිය දවස බඹදත් රජකාලේ තිබුණු මේන් ෆ්‍රේම් සහ මිනි කොම්පීටර් සිස්ටම් බෙහොමයක රන් වුණු පේ-රෝල් එක, ජෙනරල් ලෙජර් එක වගේ ඇප්ලිකේෂන් බහුතරයක් කෝඩ් කරලා තිබුණේ කෝබෝල් (COBOL) කියන ලැන්ග්වේජ් එකෙනුයි.

COBOL කියන්නේ Common Business Oriented Language කියන එකයි. ඒක නිකං කිසි ආතල් එකක් නැති නිකම්ම නිකං ප්‍රොසීඩියරල් ලැන්ග්වේජ් එකක් කියලයි මට නං පෙනුනේ.

අර එකදාස් නවසිය අනූ ගණංවල අග හරියේ මිලේනියම් බග් එක හෙවත් Y2K බග් එක ගැන ඇතිවුණු හා හෝව වෙලාවේ මේ කෝබෝල් ලැන්ග්වේජ් එක දන්න අයට මාර ඉල්ලුමක් ආවා. ඒ අර පරණ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා සේරම බග් එකට ඩී-බග් කරන්න වුණු නිසයි.

මේ කතන්දරේ වුනේ ඊට ටික කාලෙකට කලින්.

අපේ ඔෆීසියේ පේ-රෝල රන් කෙරුවේ පරණ මිනි කොම්පියුටරේක. මේකේ සිස්ටම් ඇඩ්මින් පරණ කොබෝල්කාරයෙක්. පොර NIBM එකේ ද කොහෙදයි ඉගෙන ගෙන තිබුණේ.

ඔතන ඩෙපියුටි සිස්ටම් ඇඩ්මින් හිටපු පුද්ගලිකාව (ඒ කියන්නේ පුද්ගලයා කියන වචනේ ස්ත්‍රී ලිංග පදයයි) සංජනාටත් ඕනෑ වුණා මේ කෝබෝල් ඉගෙන ගන්න.

කෝබෝල් පන්ති තිබුණේ දිවා කාලේ නිසා අපේ ඩෙපියුටි ඇඩ්මින් නෝනා කාලයක් වැඩට ආවේ අවාරෙට පොල් වැටෙනවා වාගෙයි මාසයක් විතර. උදේට පන්තියට ගිහින් හවස එහෙමම ගෙදර යනවා. හැබැයි ගෙදර ගිහින් කෝබෝල් වත්තෙ ගස්වලින් කඩන්නයැ. ඉතිං සමහර දාට ඔෆිස් එනවා හවස ප්‍රෝග්‍රෑම් කෑලි රන් කරන්න.

ඔහොම ආපු දවසක හවස ඔෆීස් බස් එකේ ගෙදර යද්දී සංජනාට මුණ ගැහුණා පර්සනල් ඩිපාට්මන් එකේ ප්‍රියන්ති.

"ආනේ සංජනා, ඔයාව දැක්කේ සෑහෙන කාලෙකින්!"

"ඔව් අනේ, මං මේ දවස්වල උදේ වරුවේ ක්ලාස් එකකට යනවා. අද දවසල් වෙලා ආවේත් ඒකෙම හදිසි වැඩකට තමයි."

"මොකක්ද මෙයා ක්ලාස් එක?"

"මං මේ කෝබෝල් කියලා අළුත් ලැංග්වේජ් එකක් ඉගෙන ගන්නවා."

"ආ, ඇත්තද? ඉතිං ඒ ලැන්ග්වේජ් එක අල්ල ගන්න ලේසිද? දැන් හොඳට කතා කරන්න හෙම පුළුවනිද?"

ප්‍රියන්තිට හිතිලා තියෙන්නේ කෝබෝල් කියන්නේ නිකං ටැමිල්, ජර්මන්, රෂියන්, ලංකේන්ඩියා වගේ භාෂාවක් කියලයි.

භාෂාවක් කියන්නේ අදහසල් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයකට නේ. එහෙම බැලුවොත් ඉතිං, බේසික් ෆෝට්‍රාන්, ජාලිය විතරක් නෙමෙයි කෝබෝල් වුණත් ප්‍රියන්තිගේ ජාතියේ භාෂාවක් තමයි.

මං නං දන්න කෝබෝල් එකක් නෑ.

දන්න භාෂාවකින් මෙන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක්.

public class Blogging {


public static void main(String args[]) {

for(int k = 1; k < 1001; k = k+1) {
    System.out.print("Kathandara # " + k );
    System.out.print("\n");
    }
  }
}


-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ලංකේන්ඩියා භාෂාව ගැන කතන්දර:
1. http://kathandara.blogspot.com/2009/11/lankendia.html

2. http://kathandara.blogspot.com/2010/04/lankendia-ii.html

මෙන්න ජාලිය ලැන්ග්වේජ් එක ගැන කතන්දරේ:
http://kathandara.blogspot.com/2009/10/blog-post_20.html


(image: http://www.language-exchanges.org/)

59 comments:

  1. මාත් ඉගෙන ගත්තා ඔය කෝබෝලේ... හැබයි රස්සාවට යන කාලෙ එනකොට ඕක "කෝ බොලේ" කිය කිය හෙව්වට, පාවිච්චි කරන තැනක් හොයාගන්නම බැරි උනා. Y2K ඉවරයි ඉතිං එතකොට.

    පුද්ගලිකාව කියන එක නිකං පුද්ගලික කියන එකේ ස්ත්‍රීලිංග පදේ වගේ.... පුද්ගලිය, පුද්ගලියාව වගේ එකක් උනොත් මොකද?

    Code එකෙන් කියන්න හදන්නේ කතන්දර දහසෙන් ඉවරයි කියලද?

    ReplyDelete
  2. මේක ලියලා තියෙන්නේ මොන භාෂාව පාවිච්චි කරලද?:D

    ReplyDelete
    Replies
    1. මොකක් කියලද ඔයා හිතන්නේ ? :)

      Delete
    2. වලව් බාසාවෙන් පැහැදිලි කරන්න ඕනෙද නෝනේ?

      Delete
    3. සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍රණයක් තමයි මේකට භාවිතා කරලා තිබෙන්නේ.

      Delete
  3. මගේ නිවාඩු නිකේතනයට එන බොහෝ අයව මම කොබොල් පරිගණක භාෂාව පිළිබඳව දැනුවත් කරන අතර ඉතා අහිංසක කමෙන්ට්කරුවන් යක්කු කරන්නේද කතන්දරමය. එහෙත් ඉහත තිබෙන පරිදි කොබොල් පරිගණක පන්ති හෝ වෙනත් වැඩපිළිවෙලක්මනම් මට පෙනෙන මානයේ නැතිය..

    ReplyDelete
    Replies
    1. කොබොල් ඉගනගන්න ඇනෝගේ නිවාඩු නිකේතනයට යන්න.
      ලිපිනය.
      ඇනෝ නිවාඩු නිකේතනය
      ඇනෝ වීදිය,
      ඇනෝමඩුව (ආනමඩුව)

      Delete
    2. ඔය ආනමඩුව කියන නම හැදෙන්න ඇත්තෙත් ඒ පැත්තෙ ඇනෝලා හිටපු නිසා වෙන්න බැරිද?

      ඇයි 'ආනමාළු' කියන්නෙ ඇනෝලා කාපු කෙහෙල්.

      Delete
    3. Ai anakonda kiyanne Ana lage kondeta

      Delete
  4. අප්පොච්චියේ දැන්නේ දැක්කෙ. අර පින්තූරෙ වම් අත පැත්තෙ උඩින් අරාබි අකුරින් තියෙන්නෙ මොකද්ද? කකාගෙ බ්ලොග් එක හලාල් සහතිකය අරගෙන කියලා නේද?

    අපට හලාල් බ්ලොග් එපා. අපට කියවන්නට නො-හලාල් බ්ලොග් පමණක් දෙනු. මුස්ලිම් අය හලාල් බ්ලොග් බැලුවාට අපේ විරෝධයක් නැත. නමුත් මෙරට වැඩි ප්‍රතිශතයක් ජනගහණයකට හලාල් බ්ලොග් අවශ්‍ය නැත. මුස්ලිම් අයට හලාල් බ්ලොග් හා මුස්ලිම් නොවන අයට හලාල් නොවන බ්ලොග් තෝරා ගැනීමේ අයිතිය තිබිය යුතුය.

    හලාල් නොවන බ්ලොග් ඉල්ලා අපේ සටන ඉදිරියට ගෙනයමු.

    හලාල් බ්ලොග් ලියන කතන්දරකාරයා භංග වේවා! පින්වතුනි, කතන්දරකාරයාගේ හලාල් බ්ලොග් එක වර්ජනය කරමු.

    ReplyDelete
    Replies
    1. ඒ තුරුම්පුවත් ගහල බලමු!

      Delete
    2. වරදින එකක් නෑ. තමන්ගේ බිස්නස් වැටිලා ඉන්න දේශප්‍රේමී කාණ්ඩයක් හොඳ ඉල්ලමක් අල්ලගෙන තියෙනවා අනෙකව හොම්බෙන් යවන්න. කකා වගේ මධ්‍යස්ථ මතඪීරීන් තමයි එපාම කරපු කට්ටිය. මුන් තමයි මොකවත් කරන්න දෙන්නෙ නැත්තේ. නැත්නම් අපි මෙළහට පල්ලි කීපයකට වග කියලා.

      Delete
    3. ඔය කොයි තුරුම්පුව ගැහුවත් කකාව වට්ටන්න බෑ.
      කකා සැලෙන්නෙත් නෑ.
      කකා කියන්නේ නුග ගහක් වගේ පොරක්. ඕන හුල්ලන්ගකට ඔරොත්තු දෙනවා.
      ඒ වගේම තමා කකා කියන්නේ දශක හතරක අත්දැකීම් වලින් පරිපූණ පුරුෂයෙක්.

      Delete
    4. ඔය ලේබල් වලට ලොකු බලයක් තියෙනවා. 'හම්බමිත්‍ර' (Hamba-philie) කියන ලේබලය ඇලෙව්වාම මේ දවස්වල කතන්දර නෙවෙයි ඊට වඩා බලවත් කෙනෙක් වුණත් වට්ටන්න පුළුවන්. අර යුද්ධයේ අවසාන භාගයේ 'දේශ ද්‍රෝහී' කියන ලේබලේ ඇලෙව්වාම කට්ටියක් මානසිකව වැටිලා ඊට පස්සෙ මහරජතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න ගියේ. අන්න ඒ වගේ තමයි.

      මේ වෙලාවෙ "මුස්ලිම් ගෑණු ළමයෙක් ලස්සනයි" වගේ නියුට්‍රල් ප්‍රකාශයක් කිරීම පවා ඔය 'හම්බමිත්‍ර' ලේබල් එක වද්දා ගන්න හේතු විය හැකියි. කොටින්ම දෙපැත්තටම බැණ බැණ ඉන්න එවුණුත් 'හම්බමිත්‍ර' ගොඩට දානවා. එතකොට ඒ මිනිස්සුත් බලනවා 'යකෝ, මොන කෙහල්මලටද අපි ලේබල් ගහ ගන්නෙ?' කියලා කාටත් වඩා වැඩියෙන් මුස්ලිම් මිනිස්සුන්ට බනිනවා.

      ඔන්න දැන් මම, අමාරුවෙන් හේතුවක් හොයාගෙන ලේබලේ ගැහුවා කතන්දරට. බලන්නකෝ කතන්දර තව ටික දවසකින් වැටෙන හැටි.

      Delete
  5. ජාලිය කතන්දරේට කමෙන්ට් හයයි.

    ලංකේන්ඩියා කතන්දරේට කමෙන්ට් දහයයි.

    ඒ කාලෙ කතන්දරගෙ බ්ලොග් එකේ ජනප්‍රියතාවය තමයි ඒ.

    හැබැයි ඇනෝලා ඒ කාලෙත් ඉඳලා තියෙනවා. අද වගේ ඇක්ටිව් නැතුවට. ඒ එක්කම ඒ කාලෙ කමෙන්ට් කරලා තියෙන්නේ අමුතු සත්තු ටිකක්. දැන් ඒ අය කොහේද දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. දුක තමයි, කතන්දර බ්ලොග් එකත් නැගල යනවා. ඒ කාලෙට වඩා දැන් ජනප්‍රියයි.
      කමෙන්ට් වලින්ම තමයි වට්ටන්න තියෙන්නෙ.

      Delete
  6. puclic anonymous () {

    while (anonymous.exists ()) {
    hits("kathandara") ;
    comments ("kathandara") ;
    }

    }

    ReplyDelete
    Replies
    1. while (anonymous.exists ()) {

      hit++;
      comment++;

      }

      Delete
  7. මමත් NIBM එකෙන්ම COLBOL ඉගෙන ගත්තා.

    IDENTIFICATION DIVISION.
    PROGRAM-ID=KATHANDARA.
    SOURCE COMPUTER=KATHANDARA_pc.
    OBJECT COMPUTER=KATHANDARA_PC.

    ENVIRONMENTAL DIVSION.
    FILES SECTION.
    01 DATAFILE

    මේක ලියන ඉංග්‍රීසි වගේ පොත බලාගෙන ලියාගෙන යන්න තියෙන්නේ. පොතේ ඔය උඩ තියෙන ඒවා වැඩි හරියක් තියෙනවා. මේක සෙක්ෂන් හතරකට කඩලා තියෙනව. මම වැඩියෙන්ම ආස WORKING STORAGE SECTION එකට. මොකද එතන ලියන ඒවා නිදහස්ව ලියන්න පුළුවන්. ගෙදර තාම පොත් ඇති වෙලාවක දැන්නම් කෝඩ් එකක්. අපේ පොරක් ඔය වගේ Y2K කාලේ RPG ඉගෙන ගන්න ගියා. මිනිහට Y2K ඉවර වෙන්න කලින් ඉගෙන ගන්න බැරි වුනා.

    ReplyDelete
  8. කතන්දර උබටත් මාර කතා තමා මතක් වෙන්නේ......

    ReplyDelete
  9. #include
    void main(){
    printf("මොනවා උනත් යමෙක්ට තේරෙන්න දෙයක් කියන විදිහටනේ භාෂාවක් කියන්නේ....ඒ කියන්නේ COBOL කියන්නෙත් වටින කියන භාෂාවක්!හැබැයි මමනං දන්නේ නෑ!");
    }

    ReplyDelete
    Replies
    1. උබලා දන්නේ ඉතින් කෝබෝල්ට් ක්ලෝරයිඩ් ගැන නේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. කෝබෝල්ට් ක්ලෝරයිඩ් දන්නවා. ඒකේ පාටත් දන්නවා. ඒත් දැකලා නෑ. මෙන්න මේ වැරැද්ද හදන්න තමයි අපේ ඇඳුරුතුමාත් උත්සහ කරන්නේ.

      ටිකක් ඉන්නකෝ කාම්බෝජයට තියෙන චාරිකාව ඉවර වෙනකන්... !

      Delete
  10. $ SET SOURCEFORMAT"FREE"
    IDENTIFICATION DIVISION.
    PROGRAM-ID. COBOL COMMENT
    PROCEDURE DIVISION.
    DisplayPrompt.
    DISPLAY "අපි නොදන්න කෝබෝල්".
    STOP RUN.

    ReplyDelete
    Replies
    1. පියවර හතයි. පියවර පහක එකක් නැද්ද මේකටත්?

      Delete
    2. පියවර තුනකින් අලියෙක් ෆ්‍රිජ් එකට දාන විදිය ඕන නම් කියන්නම්.

      Delete
    3. කන හාරන විදිහත් කකාගෙන්ම අහගන්නකො

      Delete
    4. පියවර තුනකින් අලියව ෆ්රිජ් එකට දානකොට උඹ ඌව අතේ තියාගෙනද ඉන්නේ දොර අරිනකොටත්?

      Delete
    5. පියවර තුනකින් මෝඩයෙක් මේ බ්ලොග් කොමෙන්ට් අතරින් ප්‍රාදුර්භූත කරගත හැකි ආකාරය පහතවේ...

      01. පහත කොමෙන්ටුව කොපි පේස්ට් කරන්න

      //ඇනෝ බ්ලොක් කරපු දවසෙ ඉදලා මම නම් ඔයාගෙ බ්ලොග් එක බලන්නවත් එන්නෙ නෑ ****....

      උපහාස අපහාස නොකර ඉන්න තියරිය අනුගමනය කරන්න ගිහින් තමයි අභීත කියලා එකෙක්ට අවුරුද්දකට විතර කලින් බ්ලොග් අවකාසෙ කට්ටියක් විකුනලා තවත් කට්ටියකට ලස්ස ගනන් වලින් පොලු තිබ්බේ...

      මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටමත් එක්ක චින්තනයන් වෙනස් වෙනවා... ඒක තේරුම් ගන්නත් බුද්ධියක් ඕනි...

      02. තරු සලකුණ වෙනුවට සුදුසු නමක් යොදන්න...

      03. කකා ගේ බ්ලොගයේ දමා පබ්ලිශ් වන තුරු බලා සිටින්න...


      වැදගත්: නම නිවැරදිව දැමීම අනිවාර්ය වේ.....

      අවවාදයයි: මෝඩයා ප්‍රාදුර්භූත වීමෙන් පසු සිදුවන ක්‍රියා වලට වග කියනු නොලැබේ.....

      Delete
  11. ඔය භාෂා පිළිබඳ නිපුනත්වයට පත් වූ අය හඳුන්වන්නේ "භාසා වෙල්ලෝ" කියලා, එහෙම අය සංචාරක ක්ෂේශ්ත්‍රයේ සෑහෙන ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. "භාසා වෙල්ලෝ විතරද වෙල්ලියෝ නැද්ද ?

      Delete
    2. අපොයි ඔය ඉන්නෙ අපි දන්න අඳුනන කට්ටියම ගොඩක්!

      Delete
  12. ඔය පැස්කුවල් ලැන්ග්වේජ් එකේදි ප්‍රෝග්‍රෑම් එකට දෙන වේරියබල්ස් මොනවද කියල අර්ථ දක්වන්න ඕනැනෙ. ඒ කියන්නෙ සරළ උදාහරණයක් වශයෙන් අපි හිතමු යම් සංඛ්‍යාවක වර්ග මූලය හොයන්න ප්‍රෝග්‍රෑම් එකක් හැදුව කියල.
    එතකොට අපි ඒ කියල වේරියබල් එකක් කොම්පියුටර් එකට දීල කියනව ඒ කියන එකේ වර්ග මූලය වන බී අපට හොයල දෙන්න කියල. මේකට දිගට ලියන්න ඕනැ. (මට හරියට මතක නෑ).
    "ඒ" ඉල්ලගන්න.
    "ඒ" සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න.
    "බී = උත්තරය"
    ආදී වශයෙන් ප්‍රෝග්‍රෑම් එක ලියනවා. මුලදිම අපි කියන්න ඕනැ "ඒ" කියන්නෙ "රියල් නම්බර්" එකක් හෙවත් තාත්වික සංඛ්‍යාවක් කියල. (ගණිතය ඉගෙනගත්ත අය මේව දන්නවා අපට වඩා)
    ඉතින් ඕපන් යුනිවර්සිටි එකේ 1988 වගේ කාලේ තිබුන කොම්පියුටර් උගන්නන පාඨමාලාවක්. ඒ පාඨමාලාව තිබුන ලැබ් එකේ කොම්පියුටර් බර ගානක් තිබුන ශිෂ්‍යයන්ට ඇවිත් වැඩකරන්න. මේස උඩ ටී වී වගේ තමයි පෙනුම.
    මගේ මිත්‍රයෙක් මේ ලැබ් එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට වැඩ කළා. දවසක් ආවලු ශිෂ්‍යයෙක් (මේවට පරිහාසයෙන් හිනා වෙන්න එපා. ඒ ආරම්භක යුගයනෙ.). කොම්පියුටර් ලැබ් එකේ වැඩ කළේ ඉංගිරිසියෙන්. අපේ යාලුවටත් හරියට ඉංගිරිසි බෑ. ශිෂ්‍යයන්ට සමහර වෙලාවට ඉංගිරිසි පුළුවනි. මොකද කිව්වොත් බොහොම ශිෂ්‍යායෝ මූලික අධ්‍යාපනය ඉංගිරිසියෙන්ම කරපු තට්ටෙ පෑදුන පප්පලා.

    ඉතින් ශිෂ්‍යයෙක් ප්‍රෝග්‍රෑම් එකක් ලියල ඒක හරියට වැඩ කරන්නෙ නැති නිසා අපේ මිත්‍රයගෙන් උපදෙස් ඉල්ලුවලු. මිත්‍රය බලපුවහම "ඒ" කියන්නෙ "රියල්" නම්බර් එකක් බව ප්‍රෝග්‍රෑම් එකේ ලියල නෑ. ඉතින් මිත්‍රය කිව්වලු "යූ හෑව් ටු පුට් ඒ රියල්" කියල. ඒ පාර අර ශිෂ්‍යයා, "ඕහ්, යූ හෑව් ගොට් එ වන් හියර් ඕල්සෝ?" කියල මොනිටර් එකේ පිටිපස්සෙ හොයනවලු "ඒරියල්" එකක්.

    ReplyDelete
    Replies
    1. අපරාදේ කමෙන්ට් කරන්න නාස්ති කරපු කාලේ !

      Delete
    2. දැන්වත් තේරෙනවද ඇනෝනිමස් කමෙන්ට් වැඩක් නෑ කියල?

      Delete
    3. මරු කතාන්දරය.

      Delete
    4. ආදර්ශමත් කතාවක්.

      Delete
  13. මං නං දන්න කෝ බෝලයක් නැත.. කතාවනං මරුය..

    ReplyDelete
  14. අපේ කොමෙන්ට් වලට ඔයාගේ අප්රුවල් ගන්න ඔයා කවුද අපි කවුද නේ??

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.
      කකාට අපි අත දිග ඇරලා කමෙන්ට් හිට්ස් දෙනවට අපට හුජ්ජ කරපු බූවල්ලකින් තලන්න ඕන.
      අපි නැත්නම් මෙතන කමෙන්ට් දහයක් හොයාගන්න නෑ.

      Delete
  15. කෝබෝල් කෙසේ වෙතත් ජාවා වලට නම් පොඩි ට්‍රයි එකක් දෙනවා මේ දවස් වල අවතාර්

    ReplyDelete
  16. ඒක ලෝක පාසැලක් යන පදයත් සමගම යන්නකි ඒක ලෝක භාෂාව.... ඒක ලෝක භාෂාවක්, එක් ඉගැන්නුමක් ඇතිවිට පුද්ගල දැනුම පුලුල් වන්නේ ලොව ඇති සෑම දෙයක්ම පිලිඹද සිසුවා දැනුවත් වෙන පරිද්දෙනි...
    තවද... ඇට්ලස් හැකිලුනි ඒක ලෝක පාසැලේ පෙල පොතක් කල යුතුය....
    මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ඇතිකල විට
    කාම්බෝජයේ බලන්න ඇති තැන් මොනවාද?
    වීසා ගන්නේ කෙසේද?
    තානාපති කන්න ආසම කෑම මොනවාද?
    පොල්පොට් කවුද?
    ජෝන් ගාලට් කවුද? වැනි ප්‍රශ්න බ්ලොග් වලින් ක්‍රමයෙන් අතුරුදහන්වනු දැකිය හැක

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. පරණ මතක.....! මම 'NIBM' ඉන්නකොට ඉගෙනගත්තෙ 'COBOL400' 'IBM AS 400' එකේ. ඒ වෙනකොට ගොඩක් ජනප්‍රිය සිස්ටම් එකක් තමයි 'IBM AS400'. මට මතක විදිහට කොබෝල් ප්‍රෝග්‍රෑම් එකක සෙක්ෂන්ස් 4ක් තියෙනවා. ඔය කසූ ලියපු ජාවා ප්‍රෝග්‍රෑම් කෑල්ල කොබෝල් වලින් ලියනවා නම් අඩු ගානේ හාෆ් ෂීට් දෙකකවත් ලියන්න වෙයි.....!

    NIBM එකෙන් පස්සෙ ලැබිච්ච පළවෙනි ජොබ් එකම ලොකු චැලෙන්ජ් එකක් උනා. මම ජොයින් වෙච්ච කම්පැනියේ තිබුනු ඕඩර් ප්‍රොසෙසින් සිස්ටම් එක/ ඉන්වෙන්ට්‍රි කන්ට්‍රෝල් සිස්ටම් එක, පේ රෝල් එක ඔක්කොම තිබුනේ ෆොක්ස් බේස් (FOXBASE) ෆලින්. 1998 පටන් අරගෙන අවුරුදු දෙකක් ඇතුලත ඒ ඔක්කොම සිස්ටම් ක්ලිපර් (Clipper) වලට තනියම කන්වර්ට් කලා. සමහර ඒවා අළුතෙන් ලිව්වා.

    ReplyDelete
  19. දැං ප්‍රෝග්‍රෑම් එකේ හැටියට කතන්දර බ්ලොග් එක කතන්දර පෝස්ට් 1000කින් ඉවර කරනවද?

    ReplyDelete
  20. අනේ කකා මං නං ඔය මොන බාසාවක් වත් දන්නේ නෑ. සිංහල ඩිංගක් ඇරෙන්න.

    ReplyDelete
  21. public static Entry createComment(
    GoogleService myService, String blogID, String postId,
    String commentText)
    throws ServiceException, IOException {
    // Build the comment feed URI
    String commentsFeedUri = "http://www.blogger.com/feeds/" + blogID + "/" + postId + "/comments/default";
    URL feedUrl = new URL(commentsFeedUri);

    // Create a new entry for the comment and submit it to the GoogleService
    Entry myEntry = new Entry();
    myEntry.setContent(new PlainTextConstruct(commentText));
    return myService.insert(feedUrl, myEntry);
    }

    ReplyDelete
  22. Here are some cobol: awanad eej akkak, awanay oohc, awanay adap, alewadaht ussip,Some more later.

    ReplyDelete
  23. KAKKAGENMA COMMENTS 50 percent.

    ReplyDelete
  24. ape komenT koo... eiwada tamuse dawalta kanne

    ReplyDelete
  25. නීතියෙන් සහ සම්ප්‍රදායෙන්, සමාජය විසින් සාපරාධී අණ තීන්දු ප්‍රකාශ කරමින්, මේ පෘතුවියේ ශිෂ්ඨාචාර මැද නරකාදි නිර්මාණය කරමින්, මිනිස් දෛවය යන්න දෙවියන්ගේ නියමයට බාර දෙමින් සිටිනා තාක් කල්; ශතකයේ දැවැන්තම ගැටළු තුන -දරීද්‍රතාවාදයෙන් මිනිසාව අවමානයට ලක් කිරීම, කුසගින්නෙන් ගැහැණිය දූෂ්‍ය කිරීම, අන්ධකාරයෙන් දරුවන් අබල දුබලයන් කිරීම- විසඳන්නේ නැති තාක් කල්; සමාජ මුර්ඡාවට ලෝකයේ කුමන හෝ තැනක ඉඩක් තියෙනා තාක් කල්; -වෙන විදියකින් කිව්වොත්, එතරම් දැඩි වැදගත්කමින්ම කිව්වොත්, නූගත්කම සහ දුප්පත්කම ලොව පවතින තුරා, කතන්දරගේ බ්ලොග් එක ප්‍රයෝජනවත් බවින් තොර නොවනු ඇත.

    ReplyDelete
  26. එල කතාවක්, කතන්දර........පස්ටයි.....ඈ.......
    ඉඩ තියෙන වෙලාවක මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න.....

    http://kdgesatahana.blogspot.com/

    ReplyDelete
  27. KK, can u remember

    " //jobT "

    ReplyDelete
  28. අපිනං දන්නෑ මේවා.....

    ReplyDelete
  29. අනේ කාකා මේ භාෂා අපි නම් දන්නෑ අප්පා . අපි ඔහේ සිංහලෙන් කොටනවා මිසක්.

    ReplyDelete
  30. [[public class Blogging {


    public static void main(String args[]) {

    for(int k = 1; k < 1001; k = k+1) {
    System.out.print("Kathandara # " + k );
    System.out.print("\n");
    }
    }
    }]]

    මොකද බොස් දාහෙන් ඉවරද මේ ගේම?

    නැතිනම් මේ කියන්නේ තව ලිස්ට් ඒකෙ ලියා නිමකළ 250 ක් විතර තියේද? ඒ කියන්නේ අපිට 750 විතර උනාට ඔබට 1000 ක් ඉවරයි.

    පාටකයා සබුද්ධික සමයක මේ වගේ එව්වා දැම්මට අවුලක් නැහැ.

    ReplyDelete
  31. කතන්දර මහතාගේ බ්ලොග් අඩවියෙන් ප්‍රයෝජනයක් ගන්නා විටම කමෙන්ට් මොඩරේට් කිරීම හරිම නරකයි.මොනා වුනත් කතන්දර බ්ලොගය සුපර්‍ර හිට්ස්.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.