Friday 21 December 2012

"කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා " - ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක් : Two very short drama sketches featuring Mr and Mrs Kathandarakaraya


සිකුරාදා (21) ඉඳලා මං නිවාඩු සති දෙකක්. පාසල් නිවාඩුවත් එක්ක අල්ලලා යනවා පොඩි ට්‍රිපක්.

ඇඳුම් බෑග් එක පැක් කරන්නත් තියෙනවා. පොඩ්ඩක් විතර රෙස්ට් කරන්නත් තියෙනවා. ඒ හින්දා මට වෙලාව තියෙන්නේ පොඩි කතා කෑල්ලක් ටයිප් කරන්න විතරයි.

මෙන්න කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා චරිත මවන ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක්.



කතන්දර හාමිනේ:    මට ඕනෑ අර බාවනා ප්‍රෝගෑම් එකට යන්න
කතන්දරකාරයා:   හොඳයි, මං ගිහින් බස්සලා එන්නං හෙට උදෙන්ම
කතන්දර හාමිනේ:    ගිහිං බස්සලා විතරක් මදි. මං ආපහු එන්නේ කොහොමද?
කතන්දරකාරයා:    ඇයි ආපහු එනකොට ධ්‍යාන වඩලා නිසා ඉර්දියෙන් එන්න බැරියැ?



කතන්දර හාමිනේ:    මට වෙසක් එකට සිල් ගන්න හිතයි මේ පාර
කතන්දරකාරයා:   කිරිබත්ද, තණකොළ ද ඕනෑ?
කතන්දර හාමිනේ:    මොකක්?
කතන්දරකාරයා:    නෑ මං මේ ඇහැව්වේ මං කිරිපිඬු දානේ අරං එන්නද? නැත්තං කුස තණමිටි අටක් අරං එන්නද කියලායි.



හැපි හොලිඩේස් එව්රි වන්!

-කතන්දරකාරයා


(http://www.examiner.com/article/will-smith-perfect-10-johnny-depp-brad-pitt-angelina-jolie-close-forbes-star-currency-list)

43 comments:

  1. "කිරිබත්ද, තණකොළ ද ඕනෑ?"

    muge gedara nitharama thana kola kanawa wage!

    ReplyDelete
  2. කතන්දර දෙක කියවන කොට මටත් මැවිලම පෙනුනේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් ම තමයි..මං ආසම මිස්ට්‍ර ස්මිත් අතින් වයින් බෝතලේ වැටෙන කොට මිසිස් ඒක අල්ලගන්න කෑල්ලටයි....

    ReplyDelete
  3. හැබැ‍යි.. කතන්දර දෙකේම අන්තිම කියමන (last say) තියාගත්ත එකට නං, ගෑල්ලමයි තරහා වෙන්ඩ ඉඩ තියනවා...

    එහෙනම් කකාටත් හැපි හොලිඩේස් වේවා...

    ReplyDelete
    Replies
    1. යට කොටන්න බෑ. ඉතින් හැමෝටම හොඳ නිවාඩුවක් පතනවා.

      Delete
  4. මේ සංවාද දෙකෙන් පස්සේ කකාට වෙච්ච දේවල් ගැන හාවක් හූවක් නෑ වගේ.
    කකා පවු !

    ReplyDelete
  5. අහෝ, එහෙත් මාක්ස් කියවා නැති අය, ‘භාවනා කරන්නටද’ට ද “වේතනයේ වහලෙක්” වන්නට සිද්ධ වූයේ ධනවාදයෙන් යැයි මාක්ස් කියූ බවත් නොදනිති. වැරදුනා වැරදුනා … මාක්ස් සහ එංගල්ස් දෙන්න එක්ක ලියපු පොතනේ, දෙන්නා ගෙන් කොයි එක්කෙනා ද දන්නෑ හරියටම ඒ වාක්‍යය ලිව්වේ!!!!!!!!

    ReplyDelete
  6. මිත්‍යාදෘෂ්ටික කතන්දර සහ සම්‍යක්දෘෂ්ටික කතන්දර හාමිනේ.

    ReplyDelete
  7. භාවනාවට යන එක අපිට විහිලුවක් වුනාට සමහර විදේශිකයින් මාස ගනන් නිවාඩු දාල ඇවිත් ලංකාවෙ තායිලන්තෙ කාම්බෝජයේ භාවනා කරනවා..

    ReplyDelete
  8. මේකෙන් කියවෙන්නෙ... කකා හාමිනේ ඉදුරන් පිනවීම ගැන කලකිරිලා භාවනාවට සිත යොමු කරද්දී නෝටි ෆෝටි වල ඉන්න කකා මෝල් කලන්තෙ හදාගෙන මල පැනල ඉන්න සීන් එක නේද?

    ඔව්වා ඔහොම තමයි... ඔව්වා ඔහොම තමයි... වයසට යනකොට කවුරුත් ඉන්නෙ ඔහොම තමයි...

    ( කකා ඕනයට කතා කරොත් මොකක් හරි සොලූශන් එකක් ගන්න බැරිවෙන එකක් නෑ, මොනව හරි ටැබ්ලට් එකක් )

    ReplyDelete
    Replies
    1. කකාගේ වයස අඩු කරලා... ඔන්න හොඳ ඇනෝලා..

      Delete
  9. කතන්දර දෙකේම කකාගේ අන්තිම කියමනෙන් පස්සේ මුකුත් නැත්තේ කකා හාමිනේගෙන් මෝල්ගස් පාරක්වත් කාපු හින්දද... හි හි...

    එහෙනං කකාට හැපි හොලිඩේ..... ඊට පස්සේ වත් මේ ඉස්ටබෙල් එක ඉවර වෙයිද.....

    ReplyDelete
  10. Maath blog wala katha kiyawana vita obey blog ekatath awa. Sthuthi saadarayen mawa piligaththa ta:).
    Happy holidays for you and your family.

    ReplyDelete
  11. භාවනා කිරීමට පිරිමින්ට සුදුසු වන්නේ එරමිනියා ගොතා ගෙනයි.... කාන්තාවන් වාඩිවෙන ආකාරයෙන් වාඩිවී භාවනා කිරීමෙන් වෘෂණ කෝෂ වල උෂ්නත්වය වැඩිවී මද සරු භාවයට පත්වීමට ඉඩ තිබෙනවා....

    එරමිණියා ගොතාගත්විට වෘෂණ කෝෂ ලඹයක් මෙන් පහලට එල්ලෙන බැවින් හොදින් වාතයට නිරාවර්ණයවී වායු සන්සරනය පහසුවී ප්‍රශස්ත උශ්නත්වයක දිගුකාලීනව පවතිනවා

    ReplyDelete
  12. මෙන්න ඉතුරු ටික,

    1.
    කතන්දර හාමිනේ: මොක? ඔහෙ හිටු..
    කතන්දරකාරයා: බුදු අම්මෝ. මෙන්න මාව එර්දි කරනෝ.... බේරගනියෝ...

    2.
    කතන්දර හාමිනේ: හහ්.. තණකොළ නම් කන්න හොඳ තමුසෙගෙ ජාතියෙ අයට.
    කතන්දරකාරයා: ඒක නම් ඇත්ත. ඒකනෙ ඔහෙට අහු උනේ.

    ReplyDelete
  13. වැරදුනේ ගෙදර ඉඳගෙන භාවනා නොකිරීම නෙමෙයි; මෙතැන දී වැරදී ඇත්තේ භාවනා ආයතන සිරකඳවුරු සේ පවත්වා ගෙන යමින්, ඒවායේ නිවස හා සැමියා නිවස හා සැමියා වෙත ලබාදීමට තිබූ කාලයෙන් වැඩිපුර කාලයක් පන්සලේ නිර්දේශ ඉගෙන ගනිමින් ඉන්නා කකාගේ බිරිදට ආරක්ෂාව සපයන කකා ඇතුලු, වැඩිහිටියන් හා වගකිව යුතු පුද්ගලයන්ට “තුවක්කු අහිමි කලාපයක්” කර අපරාධකරුවන්ට තෝතැන්නක් හදා තිබීමයි.

    අපරාධකරුවෙක් සමාජයේ ගෙදර ඉගෙන ගන්නා දරුවන්, පාසැල් වල ඉගෙන ගන්නා දරුවන්, විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා දරුවන්, රජයේ ශිෂ්‍යත්ව ලබා ඇති දරුවන්, රජයේ තනතුරු දරනා වැඩිහිටියන් යනාදී කිසිම තැනකින් බිහිවීම වළක්වා ගන්නට නම් කරන්නට ඇත්තේ එකම එක දෙයයි:

    උපන් විගස වහාම භාවනාවට යොමු කිරීම.

    එහෙම වෑයම් තමයි පුරාතන ඉන්දියාවෙන් හා ශ්‍රි ලන්කාවෙන් දකින්නට ලැබුනේ, එහෙම උත්සාහයන් තමයි අද ඕස්ට්‍රේලියාවෙන් ඊට වඩා ඔවුන් විසින් “මානුෂික හිතවාදී” ලේබල් එකෙන් ක්‍රියාත්මක වෙන්නෙ.

    ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් විවාහ වූ පසු තම සැමියා ගේ හා ලමයිගේ දහසකුත් එකක් වැඩරාජකාරි මිසක් භාවනාවට යොමු වීමට ඇති මාර්ග අඩුවීම හරියට සංවර්ධිත ලෝකයට එකතු වෙලා නැති ලංකාවටත් එහා ගිහින්.
    ඉතින් භාවනාවේ ඇලී ගැලී, සියලු ආශාවන් නිහීන කර ඉන්නට කකාගේ බිරිද කැමති වූ පමණින් කකාත් එහි සිරකරුවෙක් කරන්නට හදන්නේ නම්, නීත්‍යානුකූලව තිබෙන කකාගේ අයිතීන් -කකා නීති කඩා අපරාධකාරයෙක් වේ යැයි කකාගේ බිරිද සිතන නිසා පමණින්- කකාගෙන් නීත්‍යානුකූලව උදුරන්නට බලයක් ඇතැයි කකාගේ බිරිද සිතන්නේ නම් කකා ඊට විරද්ධව සටන් වැදීම නැවැත්විය යුතු නැහැ.


    ප: ලි: හැබැයි ඉතින් බ්ලොග් පෝස්ට් එකක් දැමීමට වඩා ටිකක් ස්ට්‍රෝන්ග් දෙයක් කරන්නවේවි... නිකන් මේවගේ
    ( අද අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් අලුත් විදිහට කොන්ඩෙ කපලා ලස්සන කිට් එකක් ඇදලා මැචින් ජුවෙලරි දාලා ආවා මාරයි අනේ... ලස්සනටත් වඩා මාර ස්මාර්ට්... කෙල්ලනම් හරි හොදයි ඒ වුනාට පවුල් ජීවිතේ ටිකක් අවුල් වගේ... සමහර වෙලාවට කදුලු පෙරාගෙන ඉන්නවා මම දැකල තියනවා... එයාටත් කියන්න ඕනි ඔයා යන භාවනා පන්තියට ජොයින් වෙන්න කියලා.. ඔන් ද වේ එයාවත් පික් කරන් අපිට යන්න පුලුවන්)

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට වඩා දිගයි! හි හි

      Delete
  14. පෝස්ටුව කොට වුනාට නියමෙට ලියල තියනවා.පිවිසෙන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හුග්.. ලින්ක් එකක්වත් හරියට දාගන්න බැරි බ්ලොග් කාරයෙක්... මේ වගේ එවුන් මිලියනයස්ලා වෙන්නෙ හදේ තමයි.....

      Delete
    2. He is just a kid man. Show some respect to him. I know he is eager to get hits and followes. But the point is this kid will one day become a good writer. Just wish him good luck!

      Delete
    3. AnonymousDecember 21, 2012 1:54 PM
      8 පංතියෙ ඉන්න කෙනෙකුට(ළමයෙකුට) කතා කරන්න ඉගනගත්තනං ෙහාදයි.

      Delete
    4. @Ano,
      Akurak ilakkamak adu una kiyala kenek ta apahasa karanna epa. Ano:(
      E daruwa 8th grade wala igena ganna daruwek. Wadihitiyekuge yuthukama waradda ta hina wena eka nemei, e daruwata waradda pennala dena eka.
      Kohoma unath lokayama dana gannawa, penawa sinhalayage ekamuthu kama.:(
      Ithin blog awakashaya pirihena eka ahannath deyakda?:(
      Kanagatui Ano,,,,:(

      Delete
    5. සික්!!කතාව ගොඩක් වැරදියි!අත හිත දෙනව වෙනුවට මෙහෙම වට්ටන එක ගොඩක් වැරදියි.දවසක දක්ශ බ්ලොගර් කෙනෙක් වෙන්න පුලුවන් කොල්ලෙක් වෙන්න පුලුවන්, අත්දැකීම අරගෙන තමා දියුනු වෙන්නෙ මිනිස්සු. බොහොම කනගාටුයි ඇනෝ ඔබෙ සිතිවිලි සම්බන්දව

      Delete
    6. මේ ඇනෝDecember 21, 2012 1:54 PMත් හිතන් ඉන්නෙ තමන් උපන් ගමන් ඇවිද්ද සිදුහත් කියලද දන්නෙ නෑ!

      Delete
  15. දානෙට හොද නැද්ද චිලේ රටේ වැවෙන රතු කරන්ට්ස්?

    ReplyDelete
  16. කතන්දර හාමිනේ තුවක්කු පුහුණුවට යන්නෙ නැද්ද? දැන් දුෂ්ටයෙක් හෙම ඇටෑක් කළොත් කතන්දර හාමිනේ ආත්මාරක්ෂාව සපයා ගන්නෙ භාවනා කරලාද?

    ReplyDelete
  17. හැපි හොලිඩේස් වේවා..... !!!

    කන පලා ගත්තේ නෑ නේ....

    ReplyDelete
  18. ඔයාලටත් හොඳ නිවාඩුවක් ගතකරන්නෙ ලැබේවා ! මල්ලි.

    ReplyDelete
  19. කතන්දර හාමිනේ කවුදැයි නොසොයා කියවන අය දකින්නේ කතන්දර හාමිනේට පහර දුන් කතන්දරකාරයාය. ඔහු පහර දී ඇත්තේ ලෝක අණ්ඩපාලයන්ට බව නොදකියි!!!!!!

    ReplyDelete
  20. ඊට පස්සෙ කතන්දර හාමිනේ නිහඬව සිටීම පිළිගත නොහැක...:)))

    ReplyDelete
  21. හැපී හොලිඩේ කකා එන්ජෝයි යුවර් හොලිඩේ

    ReplyDelete
  22. අති විශිෂ්ඨයි. කෙටියෙන් කියා සිතන්න යමක් ඉතිරි කල නිසා උපහාසය උපරිමයි. ඉහලින්ම අගය කරනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අද දාන්නෙ නැද්ද ලොරි ටෝක් එකක්... නිකන් අනවශ්‍ය සන්වාද වගේ..

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @AnonymousDecember 22, 2012 1:04 PM
      You need immediate medical attention……. Do not panic,….. but talk to someone……. Don’t even think about commit suicide……. Jest call 911. May the god bless you!!!

      Delete
    4. Correction!- you need to call 119 not 911

      Delete
    5. @AnonymousDecember 22, 2012 1:04 PM
      මචන් උබට මර්වින් සිල්වා තරම්වත් මොලයක් නැද්ද? මර්වින් සිල්වාවත් අම්මට බැනල කුණුහරප කියන්නෑ බන්. චාටර් යකෝ!!

      Delete
    6. මෙය ප්‍රොෆයිල් කරුවන්ගේ කුමන්ත්‍රණයක් වීමට හොදටම ඉඩ තිබේ. නමුත් AnonymousDecember 22, 2012 1:04 PM කොමෙන්ටුව හෙළාදකිය යුතුව ඇත. ගූ හතයි!!

      Delete
  23. Happy holidays KAKA!

    ReplyDelete
  24. හොඳ බ්ලොග් එකක්.අපේ පැත්තටත් ඇවිත් යන්න එන්නකෝ.http://imalkiudana.blogspot.com

    ReplyDelete
  25. MONAWADA ME SATHA PANA HE KATHA. LIYANNA DEYAK NATHNAM NIKAM NOINDA. APE KALAYA NASTHI NOKARA.

    ReplyDelete
    Replies
    1. මොනාද බන් ඇවිත් කියවලා, තවත් කාලය නාස්ති කරගෙන කොමෙන්ටුත් දාන්නේ? මෙතන ලියන දේවල් නොදැන ඉන්න හැටියක් නැහෙනේ. මොනාද මේ බොරු කතා!

      Delete
    2. මොනාද බන් ඇවිත් කියවලා, තවත් කාලය නාස්ති කරගෙන කොමෙන්ටුත් දාන්නේ? මෙතන ලියන දේවල් නොදැන ඉන්න හැටියක් නැහෙනේ. මොනාද මේ බොරු කතා!

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.