Friday 14 December 2012

ආසයි ඒත් බයයි! - These wishes may never come true!


අපාය, කටු ඉඹුල, ලෝදිය හැළිය වගේ මිථ්‍යා සංකල්ප පොඩි කාලේ සිටම අපේ ළමා මනසට ඇතුළත් කරනු ලැබුවේ ලොකු මහත් වූ පසු දුරාචාරයේ යෙදී, පවේ ගැලී අප සමාජයට බරක් වෙන්නට ඇති ඉඩකඩ වලක්වන අරමුණින් බව පැහැදිලි කරුණකි.

5. අරක්කු මත්පැන් බිව්වොත් අපායේ ලෝදිය බොන්නට සිදුවේ.

1. සතුන් මැරුවොත් කටු ඉඹුලේ නැගීමට සිදුවේ

4. බොරු කිව්වොත් අය එළියකන්දේ දී කර ඇති සේ යමපල්ලෝ කනේ පැන්සල් ගසනු ඇත.

2. හොරකම් කළොත් අරාබියේ මෙන් අත්, පා කපා දමනු ඇත.

3. කාමේසුමිච්ඡාරා සිද්ධියක පැටළුණොත් කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැක.

අප බොහෝ දෙනෙකු පාණාතිපාතා, අදින්නාදානා නොකළාට, සුරාමේරයට, මුසාවාදාවට මැලි නොවන්නේ ඔය කියන දඬුවම්වල බරපතලකමේ අඩුවැඩි බව නිසාද?

කාමේසුමිච්චාරාව නම් සමහර විට මුසාවාදාවෙන් වැසී යනවා විය යුතුයි!

ඔය ලොකු ලොකු වැරදිවලට අමතරව, පොඩි පොඩි චූට්ටං ගණයේ දේවල් ද තිබේ. අපේ ඈයෝ මේවා කරන්නට කැමැත්ත නැතුවා නොවන මුත් ඊට වඩා ඒ පිළිබද බියගුලු සිත් ඇතිව වාසය කරති.

මේ කරුණු හැඳින්වෙන්නේ ආසයි-බයයි කාරණා යනුවෙනි. කරන්නට ආශාව ඇත. නමුත් ඒ පිළිබඳ බියක් ද ඇත.

මගේ ආසයි බයයි ලයිස්තුව මෙසේය.

1. වම් පැත්තේ කනේ කරාබුවක් පැළඳීම

2. හාමිනේ ගේ නම දකුණු අතේ බාහුවේ පච්ච කොටා ගැනීම

3. මෙය කිව නොහැක

4. පැරෂුට් එකකින් ඉහළ අහසේ සිට බිමට පැනීම

5. රැකියාවෙන් ඉවත් වී පූර්ණකාලීන ලේඛකයෙකු වීම

මා ඉහත දේ කරන්නට ඉතා ආශාවෙන් සිටිමි. එසේ නමුත් ඉහත කිසිවක් කරන්නට මා කිසි දිනක උත්සාහ නොගනු ඇත.

ඒ මන්දැයි ඔබ දනී.

-කතන්දරකාරයා

ප/ලි:
"ආසයි-බයයි" ලෙසින් නම් කරන ලද බොට්ටුවක් මාතර නිල්වලා ගඟේ දී පෙරළී සිදුවුණු මහා ජීවිත විනාශය ගැන ඔබ අසා තිබේද?

මේ පිළිබඳ ඇන්ටන් ජෝන්ස් ගයන බයිලා ගීතය මෙන්න.


මේ ඇන්ටන් ජෝන්ස් ගයන බයිලාව කතන්දරයකි. සමහර කතන්දර බයිලා ය.

(image: http://terribleminds.com/ramble/2012/04/02/how-to-be-a-full-time-writer/)

58 comments:

  1. අර කියන්ට අකමැති එක දැන ගන්න ආසයි, ඒත් අහන්න බයයි.

    අපායෙ යනවට බයේ පව් නොකිරීම තේරුමක්ම නෑ කියලයි මම නම් හිතන්නෙ.

    අර පැරෂුට් එකෙන් බිමට එන්න තියන ආසාව නම් හිතින් අයින් කොරගන්නව නම් හොදයි. ඕක දිගැරුනෙ නැත්නම්.....

    ReplyDelete
    Replies
    1. "අපායෙ යනවට බයේ පව් නොකිරීම තේරුමක්ම නෑ කියලයි මම නම් හිතන්නෙ"
      අපායෙ යනවට බයේ හරි පව් වලින් වැලකීම හොඳ දෙයක්. ඒක නේද වෙන්න ඕන. මොකද්ද තියන වැරැද්ද?

      Delete
    2. මං හිතන්නේ දෙන්නාම කියන්නේ එක අදහසයි.

      ඒ, අපායේ යන නිසා පව් නොකර සිටීම නොවෙයි පවේ වරද නිසි ලෙස දැක අවබෝධයෙන් පව් නොකර සිටීමයි අවශ්‍ය කියන එකයි.

      Delete
    3. @රාජ් අයියා

      නෑ හලෝ මම කියන්නෙ පවක් කියන දේ තුල තියන වැරැද්ද මොකක්ද කියල තේරුම්ගන්න එකයි වටින්නෙ.
      කෙනෙක් වැරදි කරන එක නවත්තගෙන ඉන්නෙ බය කියන හැගීමෙන් නම්. කවද හරි ඒ බය නැති උන වෙලාවක ඔනෑ තරම් වැරදි කරයි. ඒත් වරදක් කියන එක හරියට තෙරුම්ගත්ත කෙනෙක් වැරදි නොකරන්නෙ බයට නෙමෙයි. හදවතින්මයි.

      මම නම් හිතන්නෙ අපි වැඩි හරියක් පව් කරන්නෙ හිතින්. අල්ලපු ගෙදර කුකුළ දැකල, කෙල ගිලල ගිලල, හොරෙන් උස්සල මැරුවොත් පව් ටිකක් එකවුන්ට් එකට එයි නේද කියල හිතල ඔලුව අතගාල යවනව නම්, වැඩේ කලත් නොකලත් සිල් පද දෙකක් කඩල.
      ඒත් ඒ සතාටත් තියෙන්නෙ ජීවිතයක් මට වගේමයි කියල හිතන කෙනගෙ හිත පිරිසිදුයි.

      දෙන්නම කියන්නෙ එකම තමයි

      Delete
  2. 1. වම් පැත්තේ කනේ කරාබුවක් පැළඳීම-අවුලක් නෑ.
    2. හාමිනේ ගේ නම දකුණු අතේ බාහුවේ පච්ච කොටා ගැනීම-අවුලක් නෑ. නෝන තව තව සලකයි.
    3. මෙය කිව නොහැක-?
    4. පැරෂුට් එකකින් ඉහළ අහසේ සිට බිමට පැනීම-අවදානං. ඔය වයසෙදි ඕව හොඳ වැඩ නෙවේ.:)
    5. රැකියාවෙන් ඉවත් වී පූර්ණකාලීන ලේඛකයෙකු වීම-පොඩි අවදානමක් තියනව. මොකද ලේඛකයෙක් උනාම "මං ලියන්නෙ මට ‍ඕන දේනෙ" කියල ලිව්වොත් පාඨකයන් අහිමි වෙන්න ඉඩ තියනව.

    ReplyDelete
    Replies
    1. උඩ ඇති වෙන් රූපය නොදැක්කා වගේ.

      ලේඛකයෙකු සමාජය පසුපසින් ද යා යුත්තේ, ඉදිරිේ‍රන් යන්ණට බැරිද? ලේඛකයාට ඕනෑ දේ ලියා සමහරවිට පාඨකයින් ගේ චින්තනය නිවරද කරන්ණ හැකි විය හැකියි.

      Delete
  3. පාණාතිපාතා, අදින්නාදානා කඩන්නෙ නෑ කියන්නෙ කවුද? ඔය දෙක අපි ඕනැ තරම් කඩනවා.

    1. වෙජිටේරියන් කෙනකු නොවන ඕනෑම කෙනෙක් නියත වශයෙන්ම පාණාතිපාතා කඩනවා දවස ගානේ. වෙජිටේරියන්ස්ලාත් පාණාතිපාතා කඩනවා කියන්න පුළුවනි ගොවිතැන් නිසා කෘමීන් වගේ සතුන් මැරෙන නිසා. දෙවැනි එක අතහැරියත් පළමු එකෙන් ගැළවීමක් නැහැ. පාණාතිපාතා රකින්න ඔච්චර ඕනෑ නම් මස් මාළු නොකා ඉන්න.

    2. ගෙවල් නොබින්දාට අදින්නාදානාත් අපි කඩනවා අපට ඕනැ වෙලාවල. දැන් ඔෆිස් වෙලාවෙ බ්ලොග් ලියලා, කියවලා අපි කඩන්නෙත් අදින්නාදානාව තමයි. මොකද ඔෆිස් එකේ ඉන්න පැය ගණනට අපට ගෙවන්නේ ඒකට නෙවෙයිනේ. අදින්නාදානාව නොකඩන්න නම් අපිත් මාරයා වගේ ඔෆිස් එකේදි පුද්ගලික දේවල් නොකර, ගෙදර ගිහින් බ්ලොග් ලියන්න ඕනැ.

    3. කාමේසුමිච්ඡාචාරාව ගැන ලියන්න කලින් 'තමන්ට අයත් නොවන කාම වස්තූන්' ගැන නිර්වචනය දැන ගන්න ඕනැ. දැන් සුමනා ගෝමස් සිය කැමැත්තෙන් නිරුවත විකුණන කොට එය අපට අයිති කාම වස්තුවක්ද නැද්ද? ලිංගික ශ්‍රමිකයකුගේ සේවාවන් වෙනුවෙන් අපි ගෙවනවා නම් එයා අපට අයිති කාම වස්තුවක්ද නැද්ද? ඒ හන්දා ඒක ටිකක් කම්ප්ලිකේටඩ්.

    ReplyDelete
    Replies
    1. සරල වචන කීපයක් පමණක් ලියන්ණම්.

      1. වෙජිටේරියන් සහ වීගන් කියා ප්‍රභේද දෙකකි.
      2. රේල් ගේට්ටුව ද සේවයක් කරයි.
      3. වැඩිදුර හිතන්න යාමෙන් වැඩ කම්ප්ලිකේට් වේ!

      Delete
  4. 'ආසයි බයයි' දේවල් එසේ තිබීම හොඳයි. ජීවිතයේ වින්දනයක් තියෙන්නේ එතකොට. ඔය ආසයි බයයි දේවල් කරන්න හම්බ වෙනවා නම් ඊට පස්සෙ ජීවත් වෙන්නෙ කිසිම අරමුණක් නැති වෙනවානෙ රාළේ?

    ReplyDelete
    Replies
    1. එක ලයිස්තුවක් ඉවර වෙනකොට තව ලයිස්තුවක් හැදෙනු ඇත.

      මැස්ලෝ ගේ නියමය අසා නැද්ද?

      Delete
  5. අපි ඉන්න කෙටි කාලේදී අපි සතුටින් ඉන්න ඕන .ජිවිතේ අනිත්‍ය බව එක ප්‍රත්‍යක්ෂ කරනවා.අස දේවල් නොකර ඒ ගැන හිත හිත ඉන්න එක පට්ට මෝඩ වැඩක්.එතකොට අපි ජිවත් වෙන්නේ නැ .
    වැදහත් දේ වෙන්නේ ,එකෙන් අනිත් අයට එකෙන් කරදරයක් නොවීම .මචං කතන්දර, ඔයාගේ ආසය් බයයි ලිස්ට් එකේ තියෙන්නේ, අනිත් අයට කරදර වෙනදේවල් නෙවේ වගේ පෙන්නේ .විදවන්න එපා.අස දේවල් බය නොවී කරපන්.විශේෂයෙන් දෙසැම්බර් 21 කලින්.

    ReplyDelete
    Replies
    1. අංක 3 ගැන නොදැන කියන්න බැහැනෙ ඒවායින් කාට හෝ වැරද්දක් වෙනවාද නැද්ද කියලා. මිනිහෙක් මරන්න වත්ද දන්නේ නැහැනෙ අංක 3 ට ඕනැ.

      Delete
    2. දෙසැම්බර් 21 රාවණා එන දවස නේද?

      Delete
  6. මගෙත් ආසයි ලිස්ට් එක සෑහෙන දිගයි.. ඒත් බයක් නෑ නම්.... සල්ලි නෑ.. සල්ලි තිබුන නම් ඔක්කෝම කරනවා.. සෑහෙන වැරදි වැඩ කරලත් තියෙනවා. දැනුත් කරනවා, ඉදිරියටත් එසේමයි....

    ReplyDelete
    Replies
    1. දෙසැම්බර් 21 සිටවත් හොඳ ළමයෙක් වෙන්න බලන්න පුතා!

      Delete
  7. යාපනය විශ්වවිද්‍යාලයේ පහනක් දැල්වීම නිසා සිරගත කල සහෝදරයින් වෙනුවෙන් පුංචි ගැජට් කෑල්ලක් (මෙව්වට කියන්නේ ගැජට් නේද?)හෝ එල්ලීමට සවින්ඥනක වීම ගැන කතන්දරට තුති!!! පුංචි වැඩි නිසාමද කොහෙද පරක්කු වෙලා දැක්කේ!!!!

    ReplyDelete
    Replies
    1. ගැජට් නොවේ විජට්!

      Delete
    2. කකා ඒකත් එල්ලගෙනද ? කකාගේ බ්ලොග් එක කියන්නේ බේරේ වැව වගේ. ඔක්කොම කුණු ටික දාන්නේ බේරේ වැවට වගේ ඔක්කොම විජට්ටු කකා එල්ල ගන්නවා.

      3ත් ගලෝලා කොහෙන් හරි එල්ල ගත්තා නම්...

      Delete
  8. පැරශූට් වැඩෙ කරල බලන්න...

    ReplyDelete
    Replies
    1. පැරා ග්ලයිඩින් කරන්න ඕනෑ ඉස්සර වෙලා

      Delete
  9. අම්මෝ කකා මටත් බය හිතෙනවා ඔය 5 වැනි එක කරොත් කියලා

    ReplyDelete
    Replies
    1. මාත් බයම ඒකට තමයි. ඒකනේ අංක පහට දැම්මේ.

      Delete
  10. මේ පෝස්ට් එක කතන්දර හාමිනේට හෙම පෙන්නනව නෙවෙයි,තුන්වැනි එක මොකක්ද කියල එයා අහනවමයි.බොරුවක් කියල ෂේප් වෙන්න තමයි වෙන්නේ...... හික්

    ReplyDelete
    Replies
    1. ඈහ්...මෙච්චර ඉක්මනට ලින්ක් 1ක් දාන්න බ්ලොග් එකේ සෑම ලිපියක් ගැනම මතකයේ තියෙන්න එපෑයැ..මටනම් ලිව්ව ඒව ගැන මතකය අඩුයි.

      Delete
  11. ආසයි බයයි නම් නෙවෙයි.. ආසයි.. ඒත් කරගන්න සල්ලි නෑ කියලා නම් ලිස්ට් එකක් මගෙත් තියෙනවා....

    ReplyDelete
  12. සුරා මේරයට කෙසේ වෙතත් මුසාවාදය එහෙම නැත්නම් "නයි ඇරීම" කරන්නෙ තමන්ගෙ ටයිටලය වැඩිකර ගැනීම සහ මානසික ස්වයන් වින්දනයකට නේද....

    ජ්‍යාමිතිකව බැලුවොත්... කකා ලියන ප්‍රමානෙ වැඩි කරොත් අපිට කියවන්න දෙයක් ලැබෙයි වගේ...
    ආසාවෙන් බලා සිටින දේ ලබා ගෙන ටික දවසක් එක්ස්පීරියන්ස් කරද්දී ගතියක් නැතිවෙනවා... කරන්න තියෙන්නෙ කකාගෙ ආසාවල් ටෙම්පරරි බේස්ඩ් ලබාගන්න.... උදාහරණෙකට... මැග්නට් කරාබුවක්... රිමූවබල් ටැටූ, ෆ්ලයිට් සිමියුලේටෙර් ගේම් එකක්, බ්ලොග් එක, ඔබේ 1,2,4,5 ආසාවල් පිලිවෙලින් ඉටු කරාවි.
    අහන්න...
    එහා ඉවුරෙ තණකොල කන ගොනා..
    http://www.youtube.com/watch?v=8vmd7WhnVQs

    ReplyDelete
    Replies
    1. 'එහා ඉවුරෙ තණකොළ කන ගොනා' කියල කිව්වහම මට නම් හිතුනෙම තුන්වැනි පාර්ශ්වයකට අපහාසයක් තමයි කියලා!

      Delete
    2. ස්තුතියි.

      අද නම් හොඳ ඇනෝලා විතරයි වගේ!

      Delete
    3. "කකා ලියන ප්‍රමානෙ වැඩි කරොත් අපිට කියවන්න දෙයක් ලැබෙයි වගේ..."

      Quality is not the same as quantity....

      Delete
  13. ආසයි බයයි බෝට්ටුවේ නමයි - බයිලාවක් උනාට කියන කතාන්දරය බොහොම ශෝකජනකයි.ඒත් මේ සින්දුවටත් කට්ටිය විසිල් ගගහ අත්පොඩි ගගහ නටනවා.ඒ බයිලාවක් නිසා.

    ආසයි - බයයි දේවල් කරන එක පිටරට මිනිස්සුන්ගෙ නම් අමුතුම කලාවක් වෙලා.එයාල පවු වලට බය නැති නිසා වෙන්නැති. මොකද අපේ වගේ රටවල බොහෝමයක් ආසාවල් වැලලිලා යන්නේ අදහන ආගම සහ සංස්කෘතිය රීති නිසා. ආසයි හැබැයි කරොත් පල විපාක අපිම හදාන තියෙනවා.ඒ නිසා බයයි.

    ජීවිතය හරියටම විඳින්න නම් ත්‍රාසයත් තියෙන්නම ඕනි ඇති......නැත්තම් ඉතින් දෙන දේ කාලා ගන්න දෙයක් ඇදලා.කරන රස්සාවක් කරන් යුතුකම් වගකීම් ඉටු කරන් ජීවිතේ ඔහේ ගෙවලා දානවා.....

    ඒත් ලෝක විනාශය ඇත්තටම සිද්ධ වෙනව නම්...මම නම් ආසයි-බයයි ලිස්ට් එකේ තියෙන හැමදේම .... !!!!

    මට මතක් වුනේ අර ඉංගිරිසි ෆිල්ම් එකක් තිබ්බේ... තමන්ට පිළිකාවක් තියෙනව කියලා රෝග විනිශ්චය දුන්නම ඒ කෙනා තමන් ආස නමුත් මෙතුවක් කල් කරන්න බැරිව හිටපු හැම දේම කරනවා.ඒ මොකද තමන් ඉක්මනින් මැරෙයි කියලා හිතන නිසා.නමුත් ලෝකෙ වටේම ඇවිදලා තියෙන දහදුරා වැඩ ඔක්කම කරලා ආපහු එද්දි....රෝග විනිශ්චය වැරදි පිළිකාවක් නැහැ කියලා දැන ගන්නවා......... හෙහ් හෙහ්.............ජීවිතේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. THe Last Holiday ද.. ඒකේ නම් නරක වැඩ කරන්නේ නෑ නේ.. අතේ තියෙන අන්තිම සතේට වෙනකම් බ්ලාස්ට් කරලා දානවා කියල හිතාගෙන නේ යන්නේ.. හි හි

      Delete
    2. මං නං මැරෙනවා කියලා දැන ගත්තොත් එදා ඉඳලා හෙඳම හොඳ ළමයෙක් වෙනවා!

      http://kathandara.blogspot.com.au/2010/05/blog-post_27.html

      Delete
    3. The Bucket List

      Delete
    4. “The bucket list”, very nice film with two fantastic actors, Jack Nicholson and Morgan Freeman. ඔබට ජීවිතය යනු කුමක්දැයි ඉංග්‍රීසි විදියට අද්දකිය හැකියි. සමහර විට කතන්දරට පුර්ණකාලින කාලීන ලේකකයෙක් වීමටද සිත් දෙනු ඇත. බලන්න වටින චිත්තරපටියක්. හොයන් බලන්න ලංකාවේ ඕනෑම චිත්තරපටියක් රු 50. නිසා සාක්කුවටත් වාසි. යැන්කිය මේවා දන්නවනම් නේ?

      Delete
    5. We live, we die, and the wheels on the bus go round and round. Find the joy in your life.

      Delete
  14. ඉතා හරවත් දේ ඇනෝල කියල තියෙනවනේ ..
    මගේ ආසයි බයයි ලිස්ට් එක නැති උන කකෝ ...

    ReplyDelete
    Replies
    1. ලයිස්තුවක් හදා ගන්න එක ඔච්චර දෙයක් යැ!

      Delete
  15. ආසයි බයයි ලයිස්තුවේ 3 වැනි එක සම්බන්ද වෙන්නේ තුන් වෙනි සිල් පදේට අදාල දෙයකට කියා විශ්වාස කටයුතු මාර්ගයකින් තොරතුරු ලැබී තිබේ, මෙම ආශාව කතන්දරට ඇතිවී ඇත්තේ Wild Things නම් බටහිර චිත්‍රපටිය නැරඹීමෙන් අනතුරුවය. කතන්දර හාමිනේට කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. එහා ඉවුරෙ තණකොල කන ගොනා..
      http://www.youtube.com/watch?v=8vmd7WhnVQs

      Delete
  16. මටත් ආසයි බයයි ලිස්ට් එකක් තියෙනවා හැබැයි කවදාහරි අනිවා ඉස්ට කරගන්න ඒවා :)

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ ආසයි-බය නෑ ලයිස්තුව ගැන නේද?

      Delete
  17. //සමහර කතන්දර බයිලා ය.//

    :D

    ReplyDelete
    Replies
    1. මෙයාට විතරයි කතන්දරේ සැඟවුණු හරය තේරුණේ!

      Delete
  18. ආසයි බයයි ලිස්ට් එක කෙටි කරගන්න ට්‍රයි කරනවට වඩා forget file එකට දාන එක තමා හොඳ..

    ReplyDelete
    Replies
    1. ඔහේ මටත් වඩා බය ගුල්ලෙක්!

      Delete
  19. ආසාවත් එක අතකින් පවක්.

    ReplyDelete
    Replies
    1. ඕන්න කිව්ව හරක් කතාවක්

      Delete
    2. @ Su Dee Ka
      එක අතකින් කරන දේවල් පව් තමා, අත් දෙකින් කරන්න.

      Delete
  20. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් එකක කමෙන්ටුවක් විදියට වෙනත් අඩවියක ලින්ක් එකක් බිවරදිව දමන ආකාරය එතනින් ඉගෙන ගන්න බෑ වගේ නේද?

      Delete
    2. මෙන්න වැඩකරන ලින්ක් එකකට උදාහරණයක්.
      http://kathandara.blogspot.com.au/2011/08/blog-post_05.html

      !

      Delete
  21. මටත් තියනවා ආසයි බයයි ලිස්ට් එකක්..සමහර ඒවාට නං සල්ලි නැහැ..
    1.කසාදයක් බඳින්න
    2.ටැටු එකක් ගහන්න
    3.ස්කයි දයිවින්ග් , සි දයිවින්ග් කරන්න (මේකට සල්ලි නැහැ)
    4.පාරේදී කොල්ලෙක්ව කිස් කරන්න ( මේක වෙන රටකට ගියානං පුළුවන්,එත් මට ඕනේ ලංකවේ කරන්න,මිනිස්සු කුපිත කරන්න )

    අප්පෝ...තව තියෙනවා අප්පා..කියන්න බැ...

    ReplyDelete
    Replies
    1. 1. තව කල් තියෙනවා නේ.
      2. ටැටූවල කේස් එක තමයි නොපෙනෙන තැනක ගහලා වැඩක් නෑ. පේන තැනක ගහගන්න බයයි.
      3. සල්ලි නෑ කියන එක තාවකාලික තත්වයක්. අද පායනවා, හෙට වහිනවා.
      4. මේක නං අමාරුයි තමයි. මොකද කොල්ලෙක් ඕනෑනේ මේ වැඩේට!

      Delete
  22. ටෙස්ට්
    http://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html

    ReplyDelete
  23. අර ආසයි බයයි බෝට්ටුවෙ ගිහිං මැරුණු කෙනෙකුගෙ පුතෙකුත් ඒ සිංදුවට කොහෙදිද නැටුවා කියලාමම අහල තියෙනවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.