Sunday 16 December 2012

පේරාදෙනිය ඉංජිනේරු පීඨයෙන් ආ ගායකයෙක් - A singer from Peradeniya Engineering Faculty


මං 1992 දී විතර එක දවසක් කොළඹ ඉඳලා බස් එකක නැගිලා පේරාදෙනියේ ගියා.

ඒ දවස්වල බස්වල දාන්නේ එස්එල්බීසී එකේ වෙළඳ සේවයයි. හරියටම බස් එක කඩුගන්නාව නැගලා ඉවර වුනා විතරයි කැසට් කඩේකින් දාපු සින්දු ගැන වෙළඳ වැඩසටහනක් පටන් ගත්තා. ඒකේ ගිය සින්දු දෙකක් මගේ හිත ගත්තා.

මේ සින්දු කිව්වේ "සමන් ජයනාත් ජිනදාස" කියන මුල් නම් තුනක් තියෙන ගායකයා. පොර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු එකෙක්.

එදා රේඩියෝ එකෙන් මං අහපු සින්දු දෙකෙන් එකක් ආපහු අහන්න ලැබුනේ 1997 දී විතර රූපවාහිනියෙන් නැටුම් සහිත ක්ලිප් එකකුත් එක්ක.

ඉතිං මං හොයලා හොයලා සල්ලි, සල්ලි කියලා බලන්නේ නැතුව ඒ කැසට් එකක් ගත්තා. කැසට් එකේ නම "අනුත්තරා". මං කැමති වුණු සින්දු දෙකට අමතරව තව සින්දු දහයක් විතර තිබුණා මං හිතන්නේ ඒ කැසට් එකේ.

පස්සේ සමන් ජයනාත් ජිනදාස ගේ "සඳ පහන් රැයෙක" කියලා සීඩී එකකුත් මාකට් එකට ආවා. ඒකේ අර මං කැමති සින්දු දෙකත් නැවත අඩංගු කරලා තිබුණා.

මෙන්න එයින් එකක්.

ගී පද - සුදත් ගාමිණී බංඩාර
ගී තනුව - ආනන්ද පෙරේරා

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා

නුඹේ වත මඩළ සඟවා මුවාවෙන ලෙසින් අතුරණ
සීත පිණි නිසා තිලකය පාළුවෙයි උමා
සීත මීදුමේ තිරපට වළලු ලු අතින් ඉවතට
ඈත් කර හොරෙන් හෙමිහිට බලාපන් උමා

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා

කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතෙනවද උමා
අප වචා නැගෙන උවදුරු ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවෙයි උමා

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා


මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



මං කැමති වුණු සමන් ජයනාත් ජිනදාස ගේ අනිත් සින්දුව තමයි මෙන්න මේක.

පද රචනය - නිලාර් කාසිම්
තනුව - (සීඩී එකේ කේස් එක සොයගත් විගස දාන්නම්)

සලාම් කියා ගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ

සලාම් කියා ගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ

වලාකුලුවලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
ස්වර්ග ද්වාරයේ පැතු මිණ තාරකාවියේ
වලාකුලු වලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
හිනාවෙන්න මතක නැතිද තාරකාවියේ

සලාම් කියා ගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ

කුරාණයේ අක්‍ෂර පද ඔබේ නෙතට හමු නොවීද
දුක්ඛතාපයේ සරණා තාරකාවියේ
කුරාණයේ අක්‍ෂර පද ඔබේ නෙතට හමු නොවීද
දුක්ඛතාපයේ සරණා තාරකාවියේ
පහන් තරුව සොයා යමුද තාරකාවියේ

සලාම් කියාගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ


මෙන්න යු ටියුබ් ක්ලිප් එක.



සමන් ජයනාත් ජිනදාසට අමතරව පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු ගායිකාවකුත් ඉන්නවා.

ඒ තමයි "ධම්මිකා දේවසුරේන්ද්‍ර".

මෙන්න ධම්මිකා ගේ "ඉස්සර දවසක" සීඩී එකේ එකේ ටයිටල් සෝන්ග් එක ගැන කතන්දර පෝස්ට් එක.

http://kathandara.blogspot.com/2010/09/blog-post_13.html

-කතන්දරකාරයා

ප/ලි:
පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ උගත් මේ ගායකයා සහ ගායිකාව කියන යුග ගීතයකුත් තියෙනවා.

මං ඒ ගැන ලබන ඉරිදා සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් ලියන්නම්.

(image: http://www.rivira.lk/sunday/rivi-sarasi/item/1233-%C3%B9%C3%BDy%E2%80%B9-r%E2%80%B9f%C2%A7-10.html)

97 comments:

  1. සමන් වගේම ඔහුගේ මල්ලි ලක්මාල් ජිනදාසත් දක්ෂ ගායකයෙක්. ඔවුන් දෙන්නා ගේම ප්‍රශ්නේ තමා පී.ආර් . එක.

    ReplyDelete
    Replies
    1. සමන් ජිනදාස බහරේන් වල ඉන්නේ පීආර් නොවේ වර්ක් වීසා එකකින් විය යුතුයි. කවුද බහරේන්වල පර්මනන්ට් රෙසිඩන්ට් වෙන්න හිතන්නේ?

      Delete
    2. පී ආර් කියන්නෙ මම හිතන්නෙ මෙතැන පර්සනල් රිලේෂන්ශිප් කියන එක.... සමහරු අනිත් අයත් එක්ක සම්බන්ධතා තියාගන්න විධි වල ප්‍රශ්න තියෙනවා...
      ඒක ගැන වෙන්න ඕන කියන්නෙ....

      Delete
  2. තුමුල නමුනුකුල ගීතයනම් මමත් හරි ආසාවෙන් අහන ගීයක් වැඩි විතර දැනගත්තෙ අද
    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ ආච්චී ගේ පෙට්ටගම ගැන ලින්ක් එකක්. ඒක ඔයාගේ බ්ලොග් එක එන්න ඉස්සර ලියපු එකක්.

      http://kathandara.blogspot.com.au/2010/06/blog-post_20.html

      Delete
    2. මේක මම කලින් කියෙව්වා ගූගල් ගේ පෙට්ටගම කියන කීවර්ඩ් එකෙන් හොයපු වෙලෙ මගේ බ්ලොගට නම ලැබුනෙ නම් අහම්ම්බෙන් අපේ කන්තෝරුවෙ කෙනෙකුගෙ කතාවකට අනුව.

      Delete
  3. හපෝ, පේරාදෙණිය විතරද? කැළණිය විශ්ව විද්‍යාලයත් බිහිකරල තියෙනව හොඳ ගායිකාවක්. එයා මේ දවස් වල මෙහෙම ගීතයක් කිය කියා යනවලු.

    කනෙටිකට් වලදි ළඟදි
    දුෂ්ඨයෙක් පිස්සු කෙළලා
    පුංචි ළමයි විසි ගණනක් මියගියා තමයි
    කිමද මේ තරම් ඒ ගැන දුක්වන්නට කාරණා?
    තුවක්කුව ගනින් එළියට
    රොම්නි අපිට අපි රොම්නිට
    අලියා පිට රෙදි ලිහාන කඩේ යමි මමා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලලිත කලා, සෞන්දර්ය පීඨවල හැර වෙනත් විශ්ව වද්‍යාලවල ඉගෙන ගත් තවත් ගායක ගායිකාවෝ ඉන්නවාද සමන් ජයනාත් සහ ධම්මිකාට අමතරව?

      Delete
    2. මොනව කරන්නද කරුමෙ තමයි. ඉපදුනොත් මැරෙනවනෙ. හැබැයි ආණ්ඩුවට බදුගෙවන්න ඔට්ටුනැහැ.

      Delete
    3. ඔව්. ඔව්. බදු ගෙවන්න ඔට්ටු නෑ. ආණ්ඩුවක් බදු අය නොකර පොලීසියක්, උසාවියක් රන් කරන්නෙ කොහොමද කියලා ඇහුවාම කියනවා පෞද්ගලික ආරක්ෂකයො තියා ගන්නලු. ගෙවල් වල ඔටෝමැටික් ඇලර්ටිං ඩිවයිසස් හයිකරගන්නලු. ඉතින් යකඩො පෞද්ගලික ආරක්ෂකයො නිකන් එයියැ? උන්ට බදු ගෙවනවාට වැඩිය දහ පහළොස් ගුණයක් ගෙවන්න එපායැ. අනෙක මේ විදුලියවත් නැති ගම් වලට මොන ඔටෝ මැටික් ඩිවයිසස්ද? පොඩිකාලෙ වැටිච්චි වෙලාවක මොළේ හෙල්ලිලා මයෙ හිතේ.

      Delete
    4. පළමු වෙනි ඇනෝ, අයියෝ ඕවා එතරම් ගණන් ගන්න එපා. මාසෙකට විතර සැරයක්, ඔය පිස්සු යකෙක්, සරසවියකට හරි පොඩි දරුවන්ගේ පාසලකට හරි පැනලා විස්සක් තිහක් පත බාවනවා නම් තමයි. එත් "ගල්කටස් එකක් හරි ඉනේ ගහගෙන යන්න පුළුවන් සිවිල් නිදහස නැති කරන්න" දෙන්න නම් බැහැ. අනික පොඩි ළමයිනේ. ඕනේ නම් ඒ අම්මල තාත්තලට තව ළමයි හදා ගන්න බැරිය. එකටත් ඔය "සිවිල් නිදහස" තියනවනේ. අර කිව්වත් වගේ බදු නම් ගහන දෙන්න නරකයි!

      Delete
    5. මෙයා ඇමරිකන්කාරයට වඩා ඇමරිකන්වෙන්න දැගලුවට, නිකන් ඇමරිකන්කාරයෙකුට මෙයා "පකියෙක්" විතරයි..

      Delete
    6. අනේ "අක්කේ /අයියේ" ඒක කෙටියෙන් විස්තර කරලා දෙන්න පුලුවන්ද?

      Delete
    7. ඇමෙරිකන්කාරයාට කඩේ යන එක එකක්. ඔය සල්ලි ටිකක් ඕනැ වෙච්චි වෙලාවල අපිත් කඩේ යන්නේ. If you can't beat them, join them. ඒක වෙනම දෙයක්.

      ඇමෙරිකන්කාරයින් අතර පවා 47%ක් ස්ථිර වශයෙන්ම රිපබ්ලිකන් ප්‍රතිපත්තිවලට විරුද්ධයි. (පාවෙන ඡන්ද ටික ඒකට එකතු වෙලා තමයි ඔබාමා දින්නේ. රොම්නි නම් කිව්වේ මේ 47% ගැන කරදර වෙන්නේ වත් නැහැ කියලා, හරියට උන් රටේ මිනිස්සු නෙවෙයි වගේ.) ඇමෙරිකාවේ පවා බහුතරයකගේ අප්‍රසාදයට ලක්වෙච්චි අමානුෂික වැඩවසම් රිපබ්ලිකන් ප්‍රතිපත්ති වලට කඩේ යෑමක් මේ කරන්නේ. ඒක පිළිකුල් සහගතයි.

      Delete
    8. @ Anos -
      ළමයි, මේ කතාව මෙතනට අදාල නෑ නේද?

      Delete
    9. @Kathandara Karaya
      //ඇත්තටම ලලිත කලා, සෞන්දර්ය පීඨවල හැර වෙනත් විශ්ව වද්‍යාලවල ඉගෙන ගත් තවත් ගායක ගායිකාවෝ ඉන්නවාද//
      ඉන්නවා නේන්නන් කොල්ලෝ, කැළනියෙන් බිහිවුණු වෙඩි වගේ බුලට් එකියක්. හැබැයි ගයිකවක්ද කියන එක හරියටම කියන්න බැ. නමුත් සමහර වෙලාවට බයිලා කියනවා ඇමරිකාව ගැන. බලන් ඉන්න ආසයි.ඊටත් අමතරව "පුර්ණ ධනවාදය" ගැන ලගකදී ඉදන් තව හාදයෙක් රෙගේ ක්‍රමයට බයිලා කියනවා. මෑන්ස්ටනම් ලංකාවේ විශ්වවිද්‍යාල නයාට අදුකොල වගේ.

      Delete
    10. @Kathandara Karaya
      අදාල තැන මේවා දාන්න බැ නේ කොලුවෝ!!

      Delete
    11. හා හා ළමයිනේ ඕක නතර කරමු. නැත්නම් කකා තමයි නරක මිනිහා වෙන්නේ. (එහෙම උණත් ඉතින් අපට පාන්යැ!)

      Delete
    12. කනෙටිකට් වලදි ළඟදි
      දුෂ්ඨයෙක් පිස්සු කෙළලා
      පුංචි ළමයි විසි ගණනක් මියගියා තමයි
      කිමද මේ තරම් ඒ ගැන දුක්වන්නට කාරණා?
      තුවක්කුව ගනින් එළියට
      රොම්නි අපිට අපි රොම්නිට
      අලියා පිට රෙදි ලිහාන කඩේ යමි මමා
      Me sinduwa elakiri

      Delete
    13. මාත් උපන් දින තෑග්ගක් දීල ආවේ ජීවත්
      වෙන හැටි ඈට පෙන්නලාම...
      අනේ ඇත්තට සමාජ වාදය කතා කරන හැටි
      ඇමෙරිකාවට වෙලා..
      මෙහෙට විත් යකෝ දුප්පත් ඉස්කෝලෙකට පොතක්
      වත් දෙනවද ඔය මිනිස්සු..
      රෙදි ගලවන නිසා කමෙන්ට් දාන්නේ නැහැ අපේ..
      ඔච්චර විවෘත කෙනා තමන්ගේ බ්ලොග් එකේ කමෙන්ට්
      approvel දාල...
      මන් අහන්නේ කකෝ එයා වැරදියි නේද ? :)
      එළිපිට එන්නේ නැහැ ..තමන්ගේ ගෙදර වලන්
      බිඳිනවා...ඔකේ කමෙන්ට් approvel අයින් කරොත්
      එයාගේ හෙළුව මුළු ලෝකෙටම පේනවා..
      බොරුවට මහප්‍රාණ දදා ඉන්නවා විතරයි...

      Delete
    14. ඉහත මැතිතුමා පිට පොට පටලවාගෙන. එතන කතා කරන සමාජ වාදයක් නැහැ. කතාන්තර මැතිතුමා හරි. මේ මාතෘකාව මෙතනට අදාළ නැහැ. මාත් සම්බන්ද උනේ එකම පරමාර්ථයකින් පමණයි. ඒ තමයි, මනුස්සකම ගැන කතා කෙරිය යුත්තේ මනුස්සකම හඳුනන කෙනෙකුගේ බ්ලොගයක. ඉහත කොමෙන්ටු කීපය අර අනේ, අක්කේ අපටත් කියා දෙන්නකෝ කියා ලියන තරුණ මල්ලි ලාට ප්‍රයෝජනයක් වේවා කියා පතමි!

      Delete
    15. AnonymousDecember 16, 2012 2:47 PM
      ///එතන කතා කරන සමාජ වාදයක් නැහැ. ///


      ඔව් ඔය ටිකම තමයි මටත් කියාගන්න ඕන..
      හනේ පනේ ගෑවට දුප්පත් කමෙන් ජනතාව
      මුදවන්න තමන්ගේ පර්ස් එක හංගන් තමා
      රැලිය අමතන්නේ...මාත් කතා කරේ වෙන තැනක්
      නැහැ මේවා කියන්න අහිංසක අපිට කකා ඇර ...

      Delete
    16. තමන් පරිප්පු කාගෙන හෝ නිදහස් අදහස් දැක්වීම වෙනුවෙන් පෙනී සිටිමින් අපේ දුකට පිහිට වන සත් ගුණවත් කකා මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා!

      Delete
    17. මෙතැන බොටම් ලයින් එක මෙහෙමයි. පලස්තීනයේ මැරුණත් පුංචි ළමයි. ඇමෙරිකාවේ මැරුණත් පුංචි ළමයි. මල් කැකුළු වගේ ළමයි මෙහෙම මැරෙන්න ඕනැ නැහැ. ඒ වගේ දේවල් වුණාම ඒවාට කම්පා වෙලා ඒවා නොවෙන්න වග බලා ගන්නවා වෙනුවට ඒවා තවත් වැඩි කරන ප්‍රතිපත්ති වලට පෞද්ගලික උවමනාවන් නිසා කඩේ යන අය අනිවාර්යයෙන්ම කාගෙත් පිළිකුලට භාජනය වෙනවා. මේ වගේ දෙයක් තමන්ටම වෙච්චි දවසක තේරෙයි.

      Delete
    18. අප මේ ගීතය ගැන කතා කරනවාට වඩා ඉහත සංවාදය මනුෂ්‍යත්වයට වැදගත්. මල් කැකුළු වගේ දරුවන්ගේ පමණක් නොවේ, කවර මනුෂ්යාගේත් ජීවිතය වැදගත්. ජිවිතයක් මේ වගේ කනගාටු දායක ලෙස නැති වන්නේ ඉරාකයේදී නැත්නම් ඇෆ්ගනිස්තානේදී නැත්නම් ලංකාවේද, නැත්නම් ඇමෙරිකාවේදී කියා නොවේ වැදගත්. ඒ වගේ දෙයක් කුඩා දරුවන්ට උනහම කනගාටුව දෙගුණ වෙනවා. මෙවැනි නරුම (අර අක්කාගේ) අදහස් කාගේත් පිලිකුලට භාජනය වෙන්න ඕනේ වගේම, එවැනි අදහස් "නිදහස්/ලිබරල් මත" නාමයෙන් ප්‍රචාරණය කෙරෙන එකත් අපගේ පිළිකුලට භාජනය විය යුතුයි!

      Delete
    19. "පලස්තීනයේ මැරුණත් පුංචි ළමයි. ඇමෙරිකාවේ මැරුණත් පුංචි ළමයි" කියන ටිකට "ලංකාවෙ උතුරේ මැරුණත් පුංචි ළමයි, ලංකාවෙ දකුණේ මැරුණත් පුංචි ළමයි" කියන ටිකත් එකතුකරන්න හදවතක් තිබුනානම් අදහස පරිපූර්ණයි...

      Delete
    20. ඔය ඇණ බුරුල් වෙච්චි අක්කා දේශනා කරන (රෙපබ්ලිකන්-කතෝලික) 'සිවිල් නිදහස' හරි අපූරු සංකල්පයක්. ඒකට අනුව මිනිහෙකුට තුවක්කුවක් පාවිච්චි කරන්න නිදහස තියෙනවා, නමුත් කොන්ඩෝමයක් පාවිච්චි කරන්න නිදහස නැහැ. මාරයි නේද?

      Delete
    21. Some US cartoons on America's gun problems...

      Delete
    22. Some US cartoons on America's gun problems...

      Gun Cartoons

      Delete
    23. යකෝ.... ඇමරිකාවෙවත් නැති තරම් අන් අයගේ මතයට ගරු කරන තැනක්නෙ කකාගෙ බ්ලොග් එක....

      Delete
  4. සමන් ජයනාත් හොද බර හඬක් තිබුණු ගායකයෙක්. ඔහුගේ උමා ගීතය මගේත් ප්‍රියතම ගීතයක් ..සමන් ජයනාත් පේරාදෙණියේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් වග මා දැනගත්තේ මේ ගීතය නිකුත් කළ මුල් කාලයේ ඔහු ඉරිදා දිවයිනේ මීවිත සංග්‍රහයට දීලා තිබුණු සම්මුඛ සාකච්ක්ජාවක් කියවලයි. ඔහුගේ තවත් ජනප්‍රිය වුණු ගීතයක් තියෙනවා. නමුත් මේ මොහොතේ මට එය සිහිවෙන්නේ නෑ.
    අර මුල්ම ඇනෝ සහෝදරයා කියා තිබෙන පී ආර් ප්‍රශ්නේ ගැන නම් මට හරි වැටහීමක් ලැබුණේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ මා කැමති තවත් ගතයක් තමයි බ්ධුල නානායක්කාරවසම් ලියූ "බිසරු ලියන් මැද".

      මේක බන්ධුල තමන් ගේ ගී සංකල්පනා සහිතව නිකුත් කළ සීඩී යුගලයේ ටයිටලයට පවා යොදා ගැනීමෙන් එහි හොඳකම කැපී පෙණුනා.

      Delete
    2. චී චී .......ඒක් සාම්භව්‍ය වල් සින්දුවක් නෙහ්. හෙහ් හෙහ්...

      ඇත්තටම ඒ සින්දුව ඇයි එච්චර ප්‍රසිද්ධ නූනේ..

      Delete
    3. ඒ සින්දුව මාරයි. මං කැමතිම එකක්. ඒකේ ක්ලිප් එකකුත් තිබුණා නේද රූපවාහිනියේ?

      Delete
    4. @කකා
      මගේ ප්‍රියතම ගීතයක් තමයි, බිසරුලියන් මැද කියන ගීතය. නවරත්න ගමගේ සංගීතවත් කල ගී ඇතුලත් "සඳ එළියෙන් දෝතක්" CD එකෙන් තමයි මම ඔය ගීතයක් ඇහුවේ. නවා ගේ සංගීතයත් කියලා වැඩක් නෑ. කුණුහරප සභ්‍ය විදිහට කියන කලාව ගැන හොඳම උදාහරණයක්.

      මීට අමතරව මම සමන් ජයනාත් ගේ තවත් කැමති ගීතයක් තමයි "සිත මනමාලකම් කරයි" කියන ගීතය.

      Delete
  5. පලවෙනි එක නම් මගෙ කැමතිම සින්දුවක්, ඒක හදවතට දැනෙන සින්දුවක්.
    කොහෙ හරි ලස්සන කතාවකුත් එක්ක ඔය සින්දුව දාල තිබුන. තැන මතක නෑ.

    කියන්න ලැජ්ජයි දෙවෙනි එක අහල නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා වෙන්නේ ඇයි. ඒක 1992 එකක් නේ.
      ඉතිං දැන් අහන්නකෝ ඇති පදං.

      Delete
  6. කැමතිම ගීත දෙකක්, දැන්නම් වැඩිය ඇහෙනේ නෑ

    ReplyDelete
    Replies
    1. ඉතිං දැන් අද ඉඳලා අහන්නකෝ ඇති පදං.

      Delete
  7. මටත් නමයි සින්දුවයි වීඩියෝ එකයි හොඳට මතකයි... ( උමා නං නැටුම් ක්ලාස් එකක් කරනවා උමා කියලාම)

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං මාරයි.
      උමා කියන්නේ ඒ නලඟන ගේ හරි නම වෙන්න හැකිද?
      මේ සින්දුව අනිවා 1992 හෝ ඊට පෙර එකක්. ඔය යාත්‍රා ක්ලිප් එඉක ආවේ 1977 විතර.

      Delete
    2. මං හිතාන හිටියේ උමා පස්සෙන් පහු කාලේ ඇත්තටම එයාගේ නෝන මහත්තයා වුනා කියලයි.

      Delete
    3. සින්දුව කොයි කාලේ හැදුනද නම් දන්නේ නැහැ කකෝ.
      ඒත් SLRC library ආවේ නම් 94 ...

      Delete
    4. කකා.. මම දන්න තරමට එයාගේ ඇත්ත නම ඒක නෙවෙයි.. ඒත් ප්‍රසිද්ධ උනේ ඔය සින්දුවෙන් නිසා කලායතනය ඒ නමින් පටන් ගත්තා..
      නෑ සොසී.. එයා බැඳලා ඉන්නෙ වෙන කෙනෙක්...
      සහන්.. කකාට ටයිපින් මිස් එකක් වෙලා වෙන්ඩෝනෑ...

      Delete
    5. ඔව් 77 නෙවේ 97 වෙන්න ඕනේ..
      අවුරුදු 20 ක මුද්‍රණ දෝෂයක් ...:)

      Delete
    6. ස්තුතියි silentsahan.

      නමුත් මං ඔය යාත්‍රා ක්ලිප් එක දැක්කේ සහ අනුත්තරා කැසට් එක ගත්තේ 1997 ජූලි මාසයේ අග.

      කැසට් එක ගත්තේ නුවර එළියේ ප්‍රධාන වීදියේ තියෙන පොඩි කැසට් කඩේකින්.

      එතැන සිට නුවරට එනතුරු කාර් එකක දාගෙන අහගෙන ආවා. රම්බඩ ඇල්ල ලඟ නවත්තලා අපි තේ බීවා. පුස්සැලලාව රෝහල අසල කාර් එක නවතා තිබුණ තැන ඇණයක් ඇනිලා රො දෙක හුලං ගිහිං, අටබාගේ හරිේ‍ර්දී දැකලා ස්ඵයො වීල් එක දාං ඇවිත් අපි ටයර් එක හදා ගත්තේ ගම්පොලදීයි.

      ඒ නිසා 1997 ජූලි මාසය මට වරදින්න විදියක් නෑ.

      Delete
    7. උමාගෙ ක්ලාස් එක තියෙන්නෙ කොට්ටාවෙ ලන්කා බැන්කුව ගාව

      Delete
    8. මේ ගීතයේ නර්තනය ඉදිරිපත් කරන්නෙ චමිලා වික්‍රමසිංහ. ගීතය වගේම ඇයත් ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා එහි නර්තනයට දායක වෙලා. ඒ නිසාම ඇය ජනප්‍රිය වුනේ 'උමා' නමින්. ඇය පසු කාලයේදි ටෙලිනාට්‍ය වලද සුළු චරිත රඟපෑවා.

      Delete
    9. උමාගේ ඇත්ත නම චමිලා වික්‍රමසිංහ. ඔය කියන ආයතනය තියෙන්නේ මාලඹේ පැත්තේ. ඇය ඒ කාලේ ඉතා ජනප්‍රිය වෙච්ච බුධවත්ත රංගායතනයේ ශිෂ්යාවක්ව ඉඳිද්දී තමයි මේ නර්තනය ඉදිරිපත් කලේ.

      Delete
  8. //තුමුල නමුණුකුල ගිරි හිස
    උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
    කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?//
    මෙතන රැවටිලා නැත්නම් කැමැත්තක් ඇතිවෙලා තියෙන්නේ උමාටද සුන්දර පරිසරයටද?
    එහෙමත් නැත්නම් පළමු මද පේළිවල අරුත වෙනකද්ද ??

    ReplyDelete
    Replies
    1. මෙතැන තියෙන්නේ අතිශයෝක්තියට නැංවූ උපමාවක්.

      තුමුල නමුණුකුල ගිරි හිස
      උදුල සඳ මඩල දුටු නෙත [ඒ ඔබය කියා] රැවටුණා තමයි

      Delete
    2. මහා නමුණුකුල කන්දට උඩින් පායපු හඳ දැකලා කොල්ලා රූවටුණා (ඉර පායලා කියලා වෙන්නැති).

      කෙල්ල ඒකට කඳුළු එනතුරු හිනාවුණා.

      Delete
    3. @ nonymousDecember 16, 2012 11:37 AM and Kathandara KarayaDecember 16, 2012 11:38 AM

      තැන්ක් යූ වේවා!!

      Delete
    4. හඳට ඉර කියලා රැවෙටෙන්න නම් ඌ ෂුවර් එකටම පේරාදෙණියේ ඉංජිනියරින් කරපු එකෙක් වෙන්න ඇති.

      Delete
    5. පද රචනය කළ සුදත් ගාමිණී බංඩාර පේරාදෙනියේ කියලා මං හිතන්නේ නෑ!

      Delete
    6. නෑ රචකයා ගැන නෙවෙයි අර රැවටිච්චි කොල්ලා ගැන කිව්වෙ.

      Delete
    7. @AnonymousDecember 16, 2012 12:38 PM

      ;-) +^1000

      Delete
    8. ඇයි තව පේරාදෙණියේ ඉංජිනියරින් කරපු එකෙක් 88-89 ගෝනිබිල්ලෙක්ට පෙරටුගාමියෙක් කියල රැවටිලා කඩේ ගියෙ!

      Delete
  9. Thats Rohana Weerasinghe's music...

    ReplyDelete
  10. පළවෙනි සින්දුව මං අහන්න කැමතිම සින්දු අතර තියෙන එකක්.රූපවාහිනියෙන් තමා ඉස්සෙල්ලාම දැක්කේ ඇහුවේ,දැක්කේ.දෙවෙනි එකට ආසාවක් නෑ. සමන් ජයනාත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කෙනෙක් කියලා දැනගත්තේනම් අද. :)

    ReplyDelete
  11. ඉතාම සිත් ඇදගන්නා අර්ථවත් ගේත දෙකක්. අද මේ ගායකයාගේ නිර්මාණ අසන්නට නොලැබීම කනගාටුවක්. ඔවුන්ට ඉදිරියට යාමය මග අහුරන්නේ තුට්ටු දෙකේ 'හොටැං පයිසි පන් එක දැනිලා' වර්ගයේ කාලකන්නියෝ.

    පසුගිය දිනවල ඔබේ බ්ලොග් අඩවියේ අනවශ්‍ය සංවාද දකින්නට ලැබුන නිසා මා මෙම බ්ලොග් අඩවියෙන් ඈත්ව සිටියා. අනවශ්‍ය මහා බුද්ධිමතුන්ට ඔවුන් සිටින තැන්වල ඉන්න දී ඔබ මෙවැනි ලිපි ලියන්න.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේජර් / කැප්ටන් ඔයා නා ගන්න වගේ යන්නනේ!
      //පසුගිය දිනවල ඔබේ බ්ලොග් අඩවියේ අනවශ්‍ය සංවාද// ...???? කාට අනවශ්‍ය සංවාදද??? සංවාද නැතුව අණ පිළිපදින්න ඔයා හිතන් ඉන්නේ බ්ලොග් කියන්නේ හමුදා අනු ඛණ්ඩය වගේ තැනැක් කියලද ???

      Delete
    2. @ Anonymous December 16, 2012 3:24 PM

      අනවශ්‍ය කතා ගේන්නේ ඔබය. මේ ඔබ කරන්නට හදන්නේද එවැනිම දෙයකි.

      Delete
    3. Agreed, but no worries ka.ka.!!
      from
      Anonymous December 16,2012 3:24 PM

      Delete
    4. තමන්ට ගෝචර නොවන දේවල් වලින් ඈත්ව සිටීම හොදයි... ඈත්ව සිටියානම් එය මෙතන කියා පොර වෙන්නෙ නැතුව හිටියනම් වඩා හොදයි... කොහොමත් ඔය අදර් රෑන්කර්ස් ලට තියෙන ලෙඩක් නෙ ඔය පොර මානසිකත්වය... ඔපා වෙද්දිත් ඒක කන්ටිනිව් වෙනවා,,,,

      Delete
    5. මොකද්ද බන් අදර් රෑන්කර්ස් කියන්නේ.

      Delete
    6. කියන්නෙ ඔෆිසර්ස් ල නොවන අයට... නිලධාරීන් නොවන අයට... හැබැයි උන් අතරෙ සමහර උන් ඉන්නවා ඔපාලට වඩා ඇටිටියුඩ් වැඩියි... උන් ලොකු තැන් වලට ආවාම ඉතින් උන් හිතන් ඉන්නෙ
      ඌ විතරයි ලෝකෙ ගැන දන්නෙ..
      ඌ විතරයි ලෝකෙ තියන හැම දේම එක්ස්පීරියන්ස් කරල තියෙන්නෙ...
      ඌට විතරයි හැමදේම හරියට පුලුවන්...
      අනිත් උන් ඔක්කොම වැඩ බැරි දාසලා...
      .ඌ කියන එක විතරයි හරි..
      අනිත් උන් ඔක්කොම ඌ කියන එක පිලිගන්න ඕනා...
      ඌ නැත්නම් ආමි එක ගෙනියන්න බෑ....
      රටේ හැම තනතුරකටම සුදුස්සා ඌ....
      සිරා මල්ටි ටාස්කින් බුවෙක් තමා මම කියලා.... ඒ උනාට ගූ 70 වැලි 2යි...

      Delete
    7. හොටැං පයිසි නෙවෙයි තුමනි.. හොට් ඇන්ඩ් ස්පයිසි... ඔබේ ඉන්ගිරීසියනම් ආමි එකටම හොදා...

      Delete
    8. ඇයි පන් එක.. පන් තියෙන්නෙ වෙලේ.. මෙක ෆන් එක... ඔයා නම් වෙරි ෆනී මෙයා

      Delete
    9. හැබැයි ඉතින් ආමි කාරයෙක් ලඟින් ගියත් තොපි ඔක්කොගෙම ගූ විසිවෙනවා පැයට කිලෝමීටර් 70 ක වේගෙන්. ඒවා වහන්න වැලි කියුබ් 2 ක් දාලත් මදිවෙනවා.

      Delete
    10. අනේ හුකේ.. අපි නොදන්න ආමි....පව්..යකෝ මම දන්න ආමි එකේ කතාටික මෙතන කිව්වොත් ඇඩෙනවා... අපි අපිටම මඩ ගහගන්න ඕන නෑ... ඒත් ඔය රිටයරි පොරවල් ඒකෙ එලියට පෙන්නන් ඉන්න ගරුත්වය නම්බු පිටින් පෙන්නන් ඉන්න එක හොදයි... නිකන් රෙද්ද කඩන් දගලන්නෙ නැතුව

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. මකපන් මකපන් කකා.. මම කියුවෙ උඩ වචනෙ තනි වචනයක් කියන එක ක්‍රියේටිව් විදිහට.... කමක් නෑ මකපන්

      Delete
  12. කකා තුමුල නමුණුකුල ගීතය මාත් හරිම ආස ගීයක්. මේවගේ දේවල් ලියන්න මලේ. අපිට ඒවා වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Chandi.

      මේ ගීත දෙකේ යටින් සම්බන්ධයක් තියෙනවා. ඒ සුළු ජාතික කෙල්ලන් දෙදෙනෙකුට කියන පෙම් ගී වීමයි.

      දිවුල්ගනේ ගේ පාතිමා ගීතයත් ඒ වගේ.

      නමුත් පාතිමා සහ තාරකාවියේ ගී දෙකම ලියා ඇත්තේ නිලාර් කාසිම් වීම නිසා සුළු ජාතික කේස් එක පොඩ්ඩක් දුර්වල වෙනවා.

      Delete
    2. //නමුත් පාතිමා සහ තාරකාවියේ ගී දෙකම ලියා ඇත්තේ නිලාර් කාසිම් වීම නිසා සුළු ජාතික කේස් එක පොඩ්ඩක් දුර්වල වෙනවා.///
      දුර්වල වෙනවා කියන්න බැහැ කකෝ .නිලාර් කතා
      කරෙත් කව්රුත් කතා නොකරන හංගන් හිටපු දේවල්..
      ඒ අවන්කවමද කියන දේ ගැන මන්ද .ඒ උනත් මුස්ලිම්
      සමාජයේ ඇතුලාන්තය යම් සීමාවකට , යුද්දය ගැන ,
      තරුණ ආශාවන් ගැන එයා කතා කරා..කොහොම නමුත්
      පාලනාධිකාරියේ බලපෑමට එයත් යට වෙන්න උනා.
      එයා කතා කරපු දේවල් ඩයිනවිෂන් එකේ කරන්න බැහැ ,
      යා යුතු පිරිස අතරට යන්නේ නැහැ ..යන තැනින් ඉඩ දෙන්නේ
      නැහැ.ඉතින් හම්බෙන ඩින්ගෙන් මේ කරපු ටික වටිනවා..
      අනිත් දේ ඒවා එකක් වත් රැලි නෙවේ.ඒ කාලේ රැලි තිබ්බෙත්
      නැහැ .නමුත් නිලාර්ල ගිය පාරේ ලක්ෂපතිලට යන්න බැරි
      උනා..වරද තේරෙද්දී කාල ඉවරයි...
      ( මේක නුහුරටමයි යන්නේ..)

      Delete
    3. "මේ ගීත දෙකේ යටින් සම්බන්ධයක් තියෙනවා. ඒ සුළු ජාතික කෙල්ලන් දෙදෙනෙකුට කියන පෙම් ගී වීමයි."

      ෆ්‍රෙඩී සිල්වා කියපු තේ කූඩය හා කුණ්ඩුමනී ගීතත් එහෙමනෙ...
      ඒවා ලියල තියෙන්නෙ හේමසිරි හල්පිට වියයුතුයි...

      ඇයි දිවුල්ගනෙගෙ උතුරින් එන දුම්-රියෙ

      Delete
    4. කුන්ඩුමනී ප්‍රේමකීර්තිගේ පදරචනයක්!

      Delete
  13. ඔය සින්දු ජනප්‍රිය වෙච්ච කාලේ සමන් නැවතිලා හිටියේ කළුබෝවිල ඉස්පිරිතාලේ ඉස්සරහා කුලී ගේක. ඒ කාලේ සමන් වැඩ කරේ මට මතක විදිහට හිඟුරාණ සීනි කම්හලේ.

    සමනුත්, තුමුන නමුණුකුල ගීතයත් ඇත්තටම ජනප්‍රිය උනේ සෙනේශ් දිසානායක රූපවාහිනියේ කල "යාත්‍රා" වැඩ සටහන තුලින්. කසූ ඔය දාල තියෙන ක්ලිප් එක ඒ "යාත්‍රා" වැඩසටහනෙන් ගත්ත එකෙක්. "යාත්‍රා" වලින් ගොඩක් හොඳ ගීත ජනප්‍රිය උනා. කොළඹ විද්වවිද්‍යාලයේ සිසුන් විසින් කරපු "ඉවාන් පවුලුෂා" ගීතයත් ජනප්‍රිය උනේ "යාත්‍රා" නිසා.

    මමත් ඒකාලේ සමන්ව ඇසුරු කලා අපේ නවරත්න ගමගේ මාස්ටර්ගේ මාර්ගෙන් අඳුනගෙන. සෙනේශ්, නවා, යසනාත් ධම්මික බණ්ඩාර, සමන් අපි ඔක්කොම ඉස්සර කොහුවල සින්ෂියෝ එකේ උඩ තට්ටුවේ සෙට් වෙනවා. ඒ කාලේ තමා නවා සමන්ට "ඉන්දීවරී මල නුඹයි පෙම් ගී ගැයූ බඹරිදූ මමයි" කියන ලස්සන ගීතය හැදුවේ. ඒක ලිව්වේ යසනාත්.

    ReplyDelete
    Replies
    1. පුහ්, කළුබෝවිල ඉඳලා හිඟුරාණට යන්න චොපර් එකකුත් තියෙන්න ඇති නේද?

      බලාගෙන ගියාම කලාකරුවෝ හුඟ දෙනෙක් ඉඳලා තියෙනවා කළුබෝවිල. විජේරත්න වරකාගොඩ ඉන්නේත් හොස්පිටිතාලේ කොහුවල පැත්තේ මායිමේ.

      ඉවාන් පවුලුෂා එකේ තනුවද කොහෙද හඳපු හේමන්ත ඩිරෙක්ස් නං හිටියේ අපේ ගෙවල් පැත්තේ!

      Delete
    2. නැහැ.... සමන් හිඟුරාණට හැමදාම යන්නෙ නෑ. පොර ලොකේට් වෙලා තිබුනේ කොළඹ කොහේ හරි තිබිච්ච සීනි කම්හලේ ඔෆිස් එකක. හිඟුරාණට යන්නෙ මොකක් හරි අවශ්‍යයතාවයක විතරයි......!

      ඔව්, ඩිරෙක්ස්වත් මට දෙතුන් වතාවක් මුන ගැහිලා තියෙනවා.

      Delete
    3. ඔව් ඔව්, විජේරත්න වරකාගොඩත් ඔය අනන්තවත් කළුබෝවිල සුනන්දාරාම පාරදිගේ පයින් යනවා එනවා මම දැකලා තියෙනවා.

      ජනනාත් වරකාගොඩත් එක්ක නම් මම නාට්ටි කීපයක වැඩ කරලා තියෙනවා. අන්තිමට පොරව මුන ගැහුනේ ගිය අවුරුද්දේ ජූනි මාසෙදි කොහුවල ෆුඩ් සිටි එකේදි.

      Delete
    4. අපිට සීනියර් බැච් එකේ හිට්යා සුප්‍රස්ටාර් season 1 අන්තිම 12ට තෙරුනු කෙනෙක් "අසේල එරන්ද" කියලා. හැබැයි අවුට් උනාට පස්සෙ මම දන්න තරමින් සින්දු කිව්වේ නෑ.
      @දුමී - අපි නම් තාමත් සිංසියෝ එකට යනවා. වෙනසකට තියෙන්නේ අපි සින්දු කියන්න හදනකොටම අපිව එලවනවා. ඊරිසියාකාරයෝ

      Delete
    5. @දුමී
      විජේරත්න වරකාගොඩ තාමත් ඔය පාර දිගේ හිටපු ගමන් රෑට පයින් යනවා පේනවා...

      Delete
    6. හත් වාලාමේ මමත් ඉන්නේ කළුබෝවිල සුනන්දාරාමය පන්සල කිට්ටුවනේ. තවම වරකාගොඩ මහත්මයාව දකින්න ලැබුනේ නා. හැබැයි සමන් මහත්මයාව නම් දැකල තියෙනවා හොඳට. සිගරට් එක කොයි වෙලෙත් අතේ.

      Delete
  14. මේ සින්දුව මමත් ආසම සින්දුවක්... ඉස්සර අපි අර කැසට් පීස් තිබුණ කාලෙ හොඳම සින්දු එකතු කරලා කැසට් පීස් ගස්සවගෙන හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් තිබුණා.. ඒ නිසාම අපේ මිතුරු හවුලෙ රසඥතාවය බොහොම ඉහළ ගියා පමණක් නොවෙයි ඒ බොහොමයක් සින්දු වල තේරුම් හොයන්නත් පිස්සුවක් අපට තිබුණා..
    දැන් වුනත් අපි හමු වුනාම කියැවෙන්නෙ ඒ සින්දු.... මේ සින්දු දෙකම අපේ එකතුවෙ තිබුණා මට හොඳට මතකයි...

    කොහොම වුනත් මේ වගේ සින්දු සහ ගායකයො අපෙන් ඈත් වෙච්චි එක නම් ඉතිං ලොකු පාඩුවක්... ඒ අයට වැරදි කියන්නත් බෑ... ඉස්සර කාලෙ ලංකාවෙ ජීවත් වෙන්න සිංදු කියලම බෑනෙ දැං නම් අනුංගෙ මියුසික් ටිකක් අරන් රී මික්ස් කළාම ලොකු ගානක් හොයා ගන්න පුළුවන්.... ඒක දැන් අයගෙ මාකටින් මොළේ ද නැත්නම් ඉස්සර හිටිය අය එහෙම කළේ නැති නිසාද යන්න මම කියන්න දන්නෙ නෑ,..

    ReplyDelete
  15. @ඇත්තටම ලලිත කලා, සෞන්දර්ය පීඨවල හැර වෙනත් විශ්ව වද්‍යාලවල ඉගෙන ගත් තවත් ගායක ගායිකාවෝ ඉන්නවාද සමන් ජයනාත් සහ ධම්මිකාට අමතරව?

    ඉමාන් පෙරේරා..එයා ජපුරේ කළමණාකරන පීඨයේ ඉගෙන ගත්තේ....මෙන්න ප්‍රසිද්ධම ගීතය...

    http://www.youtube.com/watch?v=i1NOCbSX-Yk

    මට කියන්න ඕනේ මේ ගායන ශිල්පියා ගැන නෙවෙයි කකා...මේ මුල් සිංදුව ලියපු සුදත් ගාමිණී බණ්ඩාර ගැන ...ඔහු ගුරුවරයෙක්..කලක් හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල ආචාර්යවරයා වශයෙන් කටයුතු කළා..ඔහුත් කැලණිය විශ්ව විද්‍යාලේ උපාධිධරයෙක්..නියම ගුරුවරයෙක්..ඒ වගේම ඉතාම හොඳ හදවතක් තියන මනුස්සයෙක්...මේ ගීතයට අමතර ඔහුගේ තවත් ගීත කිහිපයක්ම තියනවා..ඒත් මට හරියටම මතක නැහැ ඒ මොනවද කියල...

    ReplyDelete
  16. කතන්දර කොළඹ ඉඳන් පේරාදෙණි ගිහින් තියෙන්නේ මම ඉපදෙන්නත් ඉස්සරනේ.

    ReplyDelete
  17. සමන්ගේ "තණ මල්විල " ගීතයට මම වඩාත් කැමති එකක් . පේරා හිටිය ඉතාමත්ම මිහිරි ලෙස වික්ටර් ගේ ගීත ගායනා කරපු අයෙක් . මට මතක හැටියට ඔහුගේ නම නන්දලාල් . ඔහු දැන් කොහේද ? .


    ReplyDelete
    Replies
    1. ඔහු දැන් කොහේද ? .
      මම මෙහේ...

      Delete
  18. ඒ කාලේ මමත් කැමතිම ගීත.

    ReplyDelete
  19. ඔය තුමුණ නමුනු කුල ගිරි හිස ගීය මමත් අපේ තරැණ සංගමයෙදි ගායනා කරා. මගෙත් හිතේ රැදි ඉන්න බොහොම ලබැදි ගායකයෙක්

    ReplyDelete
  20. මම කැමතිම ගීත දෙකක්...

    ReplyDelete
  21. ඔබ අසුවැන්නට ඇවිත් ගිය සටහන් ඔස්සේ තමයි මම මේ ආවේ..

    මේ ගිත දෙකම තිබුනේ සමන් ජයනාත්ගේ. අනුත්තරා කැසට් එකේ.. සලාම් ගීය සංගිතවත් කළේ රෝහණ වීරසිංහ. මේ ගී දෙකම යුගයක් බැබලුන ගිත. සමන් දැන් ඉන්නේ බහරේන්වල ඉදහිටලා නිවාඩුවට ලංකාවට එන්නේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.