Sunday 6 May 2012

ටැබූ නමැති බ්ලොග්කරුවා මට එවූ ෆොටෝ කීපයක් - Some photos sent by Taboo


ටැබූ නමෑති හිටපු බ්ලොග්කරුවා අතුරුදහන් වෙලා අවුරුද්දක් පිරීම නිමිත්තෙන් මං ලියපු කෙටි ලිපියට ලැබුනේ පුදුම ප්‍රතිචාරයක්.

ඒ දවස්වල බ්ලොග් කියවපු අයට ටැබූ කවදාකවත් අමතක නොවෙන බවයි ඒකෙන් පෙනුනේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක විදියට මට හිතුනා ටැබූ නමැති බ්ලොග්කරුවා මට එවූ ෆොටෝ කීපයක් පල කරන්න.

කළබල වෙන්න එපා මේ ෆොටෝවල නං කිසිම ටැබූ කමක් නෑ.

අනික මේවා ටැබූ මට මේ ඊයේ පෙරේදා එවපු ඒවා නෙමේ. මීට අවුරුදු දෙකකට විතර කලින් 2010 ජූනි මාසේ එවපු ඒවා වගයක්.

මං ඒ දවස්වල ලියමින් හිටිය ලව් කතන්දරවලට දාන්න කියලයි මට මේවා එව්වේ.

ඔය උඩින් දාලා තියෙන්නේ එයින් එක ෆොටෝ එකක්. මෙන්න බලන්න ඉතුරු ටික.


















-කතන්දරකාරයා

ප/ලි:
අළුත් කතන්දරයක් සමග සඳුදා උදේ හයට හමුවෙමු!

35 comments:

  1. ටැබූගේ ලිපි තරම් ඔබට එවූ ෆොටෝ රස නැත.

    ReplyDelete
  2. ටැබූ නම දැක ඇත්තේමි. බ්ලොගට ගොස් නැත්තේමි.. තාම ලියනවද පොර ?

    ReplyDelete
    Replies
    1. ඔයා ලිපිය කියවන්න කලින්ද කමෙන්ට් කලේ. ඔය උඩින්ම ශුද්ධ සිංහලෙන්ම කියල තියෙන්නෙ “ටැබූ අතුරුදන් වෙල“ කියල. බ්ලොග් එකත් එක්ක අතුරුදන් වෙච්ච මිනිස්සු කොහෙද අනේ ලියන්නෙ.

      Delete
  3. එයා ගෑනු ලමයෙක්ද? මොකෝ මේ හාර්ට් ෂේප් ඒවා ඔයාට එවලා තියෙන්නේ. :D:D:D

    ReplyDelete
    Replies
    1. ටැබු ඉන්න තැන කතන්දර ගෑනු ළමයගේ චරිතයට පණ පොවනවා කියන්නේ

      Delete
  4. පොටෝ ටික පට්ටයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. ආවොත් මොනවද දෙන්නේ? :P

      Delete
  5. ටැබූගෙ ලිපි බලන්න මම තරම් ට්‍රයි එකක් දෙන්න නැතුවැති කවුරුවත්. මොකද මම බ්ලොග් කියවන්න ආවෙ 2011 පෙබරවාරි විතර. ඒ වෙනකොටත් ටැබූ ගිහිල්ල. කොහොම උනත් මගේ ඉල්ලීම Chanaka Aruna Munasinghe ඉෂ්ට කලා.
    ටැබූගෙ කොමෙන්ටු බලන්න කතන්දරගෙ පරන පෝස්ට් කීයක් නං බැලුවද කියල කකා දන්නෙවත් නැතුවැති.
    @සෑම්
    ටැබූ දැන් ලියන්නෙ නෑ. ටැබූ හැක්කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධි දාමය බලන්න පුළුවන් පොඩ්ඩක් සර්ච් කලාම.මම දීපු ලින්ක් එකෙන් බලපං.

    ReplyDelete
    Replies
    1. Thanks for your comment.Links are very valuable to see taboo subjects.

      Delete
  6. ටැබූ තාම බ්ලොග් අවකාශයේ "විකිණෙන" මාතෘකාවක් !

    ReplyDelete
  7. ඇටමැස්සය් ටැබුය් අතර තියෙන සම්බන්දෙ මොකක්ද ??

    ReplyDelete
  8. හැම බරපතල මිනිසෙක්ගේ හදවතක සරල සුන්දර කොටසක් ඇති බව

    ReplyDelete
  9. Taboosubjects, Beyond the frame, බලෙන් නතර කරට පස්සේ ඇතිවූ රික්තකය යම් තරමක් හෝ පිරෙවුවේ ඇටමස්සගේ බ්ලොග් එක. සමාජ සිදුවීම් දේශපාලනය මැස්සාගේ වියමන් වලට ප්‍රස්තුතවුනා. ඇටමස්සගේ බ්ලොග් එකට politics විෂයක් වෙච්ච ගොඩක් බ්ලොග් වලින් ලින්ක් එකක් දාල තිබුන. නමුත් තමුන් ලින්ක් කරපු සහෘර්දය හිටි හැටියේ අන්තරස්දාන වීම සම්බන්දයෙන් ඉහත බොල්ග් කරුවන් දක්වන නිහැඩියාව කලකිරවන සුළුයි. ඇටමස්ස බ්ලොග් එක නැවැත්තුවේ දේශපාලනික කරුණක් (හැම කරුණක්ම දේශපාලනික තමයි, නමුත් එහි තිවෘරතාවය ) උඩනම් මැස්ස හැමදාම කියනවා වගේ ඔවුන් ලගදීම ඔබව සොයා එනවා ඇත. නිදහස් අදහස් වලට ඇති අන්තිම කොන අප විසින් රක ගත යුතුව ඇති අතර වෙනකෙක් එය රැක නොදෙනු ඇත. ඇටමස්සගේ බ්ලොග් එක ගැන සවාදයක් ඇති කරන්න රැඩිකල් අදහස් යත්නදල තිබුන එකට තුති. එවැනි සංවාදයක් සිංහල ප්‍රකාශන මද්‍ය කරගත් දේශපාලන බ්ලොග් කරුවන්ට වැදගත් වනු ඇත

    ReplyDelete
    Replies
    1. හේරත්, තවත් (වැඩිය ප්‍රසිද්ධ නැති) බ්ලොග්කරුවෙක් ඇටමැස්සා ගේ අතුරුදන් වීම ගැන වමසුවා මැයි 4 වෙනිදා.
      කියවල බලන්න පහත යොමුව ඔස්සේ,
      http://meeghaya.wordpress.com/2012/05/04/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B0%E0%B7%80%E0%B6%BD/

      Delete
    2. සමාවෙන්න සහෝ! ඇත්තටම මම ඔබේ බ්ලොග් එක පැත්තේ නිතරයන්නෙක් නොවෙමි. මැස්සා බ්ලොග් එක වහපු දවස්ව හෝඩුවාවක් ලබාගැනුමට ඔබේ බ්ලොගයට ගොඩඋවත්, ඊයේ ගොඩවීමට නොහැකි විය. මැස්සාගේ සදාතනික විවචකයා වූ ඔබ මැස්සාගැන තැබූ සටහන අපුරුය!ස්තුතිය!

      Delete
  10. දැන් ඊළඟට මෙතැන වෙන දේ හූනා කියන්නාක් සේ කිවිය හැකිය.

    මාරයා එයි... අලුගුත්තේරු කතාවක් කියයි... ඇනෝලා එති... මාරයාට වට කරගෙන නෙළති.... මාරයා ගිලන් ඇඳකින් ඇක්සිඩන්ට් වෝඩ් එක කරා පිටත් කෙරේ... මිගාර ඇනෝ එයි... කක්කා කරයි... සුපුරුදු පරිදි කුජීත වේයි... ප්‍රේක්ෂකයෝ වළියට චියර් කරති... අවසානයේ කකාට හිට්ස් දහස් ගණනින් ලැබේ... "සඳරු පේනතෙක් මානෙකවත් නැහැ" කියමින් කකා පොඩි සොමියක් ලබයි...

    ReplyDelete
    Replies
    1. මාරයා තාම අඹ කොට කනවා. තව ටිකකින් කක්ක බර උණාම මේ පැත්තෙ එයි.

      Delete
    2. හෙහ් හෙහ් හේ...
      මේ පලමුවෙනි ඇනෝ කොමෙන්ට් එක දැම්ම හාදයා කවුරු උනත්... පොර බ්ලොග් අවකාශේ උලාකාපු හාදයෙක්...

      කාලෙකින් දැක්ක හොඳම කමෙන්ට් එක මටනං...

      ඔන්න මං ආවා... අනිත් ටිකත් එහෙමම කෙරෙයිද බලමු...
      මොනවා උනත් අපේ අපේ අය නෙව...

      Delete
    3. මාරයා+ටැබු+කතන්දර+ඇනෝනිමස් ආතල් = ඒකාමයි

      Delete
    4. /** Comments are moderated and those with inappropriate content will be deleted **/

      Delete
  11. ටැබූත් බලාගෙන යද්දි ලව දන්න පොරක්...

    ReplyDelete
  12. IYE, MEE CAKE ETHARAM RASA NETHWA ATHI NEDA? HARIYATA OYA GE KATHANDARA WAGE.

    ReplyDelete
  13. මම බ්ලොග් බලන්ඩ පටන් ගන්න කොට ටැබු නැ. එනිසා ටැබු ගැන දන්නැ. මට හැබැයි එකක් කියන්න පුලුවන් . ටැබු වැඩකරලා තියෙන්නේ බේකරියක.

    ReplyDelete
  14. ටැබුගේ අඩවිය සජිවීව බලන්න පුලුවන් archive.org.වලින් දැකලා නැති අයට. මෙතනට යන්න. http://web.archive.org/web/20090302085157/http://taboosubjects.wordpress.com/ http://web.archive.org තියෙනකන් බලොග් අවකාශ අයට මේක සිහිවටනයක් වෙයි.

    ඇටමැස්සා බලන්න මෙතනට යන්න.

    මම ආසම බ්ලොග් එකක් තමයි ඇට මැස්සා. එකත් මෙතනින් යන්න. http://web.archive.org/web/20100409020353/http://gadflyzone.wordpress.com/

    ReplyDelete
  15. අනවශ්‍ය මාර්කට් කිරීමක්....යටි අරමුණක් !!!

    ReplyDelete
  16. ටැබූ පැණි රසට ආස බව නම් පේනවා

    ReplyDelete
  17. මම නම් විශ්වාස කරන්නෙ මේ හැමදෙයක් පිටිපස්සෙම ඉන්නෙ මාරයා...නැ නැ මාරයියා නෙවෙ දහමෙ එන මාරය

    ReplyDelete
  18. ගියපාර එකට ආපු හිට්ස් ටික හින්ද ආයි පාරක් ගැහුව නේද ඒ තුරුම්පුවම!

    ඉන්න ජනාධිපති තුමා වගේ නොවී හිටපු මුල් පුරවැසි අගමැති තුමා වගේ උනානං.

    ReplyDelete
  19. මරයට පරිප්පු හොදි ගැන ගින්දරට ලියුවට පොලිටික්, ආර්ථිකය ගැන ලියන්න ගොස් නාගනී.( UNP මැයි රැලිය ගැන ,2500 න් කන්න උගන්නපු විදිය) කතන්දර ඉදහිට එකක් සුපිරියට ලියුවට බොහොමයක් මාකටින් ගුලිය.එවැනි බ්ලොග් ලෝකයේ ටැබූලා හැමදාම පොරවල්ය.අද ලුලා නැති වලෙහි කනයෝ පණ්ඩිතයන්ව සිටිත්.

    ReplyDelete
  20. පුක ලන්කට් එක ආදියෙන් පසු කතන්දරගේ අලුත්ම මාකටින් මෙවලම ටැබූය.කොහොම උනත් ටැබූ ඇට මැස්සා ආදීවූ දේශපාලන බ්ලොග් නැතිවී යාම කනගාටුවකි.

    ReplyDelete
  21. if i didnt know better, i would say Taboo was (is) in love with KaSoo... well may be i dont know better... who knows :P

    ReplyDelete
  22. ටැබූගෙ රයිටින් ස්ටයිල් එකට ආසක්ත උණු හුඟදෙනෙක් සිංහල බ්ලොග් අවකාශය තුළ ඉන්නව. ටැබූ කියන්නෙ කවුද කියල හොයාගන්නත් ඒ කාලේ හුඟ දෙනෙකුට අවශ්‍ය වුණා. ඒ වුනත් ඔහු (හෝ ඇය) පුළුවන් තරමින් තමන්ගෙ අනන්‍යතාව රැකගෙන හිටිය. තවදුරටත් එය අපහසු වුනනිසා ඔහු ඉවත්ව යන්න ඇති. ටැබු ගැන අනිත් අය එතරම්ම උනන්දු වුනේ ඔහුගෙ තිබුණු මොකක් හරි සුවිශේෂතාවයක් නිසානේ. සිංහල බ්ලොග් අවකාශය තුළ ඒ වගේ සුවිශේෂ අය ඉන්නෙ ඉතාම සුළු පිරිසක්. ඒ අතරත් ටැබූ ඉන්නෙ ඉතාම සුවිශේෂ තැනක. මමනම් කැමති ටැබූගෙ ඒ සුවිශේෂත්වයට. එහෙම සුවිශේෂත්වයක් නැතිවුණා නම් බ්ලොග් එක පිටින්ම අතුරුදන් වෙච්ච මනුස්සයෙක් ගැන අවුරුද්දකට පස්සෙත් මතක් කරන්න අපි කාටවත් පිස්සු නෑනේ.
    beyond frame ගැනත් කවුද කියල තිබුණ. ඇත්තටම සමහර නිව්ස් අහද්දි හිතෙනව beyond frame හිටියනම් කොහොම ලියයිද කියල. විවේචනය කරන්න වුනත් ඒ වගේ අය ඉන්න ඕන. එයානම් සමහර වෙලාවට සීමාව ඉක්මව ගියා කියල මටත් හිතෙනව. පහුගිය දවස්වල වෙච්ච සිද්ධියකට සුළු සම්බන්ධයකුත් තියෙන නිසා beyond frame ගෙ ලිපියකුත් මම මෙතන දමනව. මොකද ටැබූටත් කලින් beyond frame අතුරුදන් වුනේ. සමහර අය එයාගෙ ලිපිත් කියවල නැතුව ඇති.

    පල්ලි කඩා දැමීම

    Posted on June 27, 2010 by beyondframe


    පල්ලියක් කැඩීම නරක ය.

    එය අවුරුදු විසිපහක කාලයක් ති‍ස්සේ පවත්වා ගෙන ගිය එකක් වුනහම එය කඩා දැමීම තවත් නරක ය.

    එය දකුණේ කිතුනු දෙමළ ප්‍රජාව වන්දනා කරන තැනක් වුනහම හොදටෝම නරක ය.

    එය සිංහල බෞද්ධාගම වෙනුවෙන් අමු අමුවේ පෙනී සිටින ආණ්ඩුවකින් වුනහම වඩාත් නරක ය.

    එය ජනතාවගේ විරෝධය මත සිදු කළහම විශේෂයෙන් අපුල දනවන්නේ ය.

    කිසිදු හේතු දැක්වීමක් හෝ පූර්ව දැනුම් දීමක් නැතිව සිදු කළාම ඊටත් නරක ය.

    එය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් සිදුවුනාම අසෝබන ය.

    පොසොන් පොහොය වැනි ආගමික දිනයක වුනාම තවත් අප්සෙට් ය.

    ඒ සදහා විශාල පොලිස් බල ඇණියක් යොදා ගෙන ඒ බල ඇණිය විසින් විරෝධය පළ කළ බඩ දරු අම්මලාද පල්ලියේ ස්වාමීලා ද ඇතුළත් ජනයාට පහර ගහමින් කළහම තවත් කැත ය.

    මේ ගැන රටේ ජාතික ජන මාධ්‍යයන් මුණිවත රැක්කහම එයින් නැගෙන දුගන්ධය තවත් කර්කෂ ය. දරා ගත නොහැකි ය.

    අප මේ සියල්ල ලීවේ අප වෙත එවන ලද යූ ටියුබ් විඩියෝ පටයක් (http://www.youtube.com/watch?v=Nodu3_1qmZQ) දැකීමෙන් ඇතිවූ සංවේගයෙනි. විශ්වාසයට ගන්නටත් අපහසු තරමේ මේ කතාව ගැන ඇත්ත දන්න කවුරුවත් ඇත්නම් ඉදිරිපත් වෙන්නට ඔවුන්ටයි මේ ආරාධන ය.

    මේ කඩා දැමීම පමණක් නොව එය මේ ආකාරයෙන් කඩා දැමීමට ද හේතුන් දන්නා කෙනෙකු සිටී නම් මේ අඩවිය ඔබට විවෘත ය.

    (පල්ලිය කඩා දැමීම ගැන මුණිවත රැකීම ගැන අපට ගතු කියූ ලෝකයාට මෙ සටහන සම්බන්ධයෙන් අපගේ ස්තුතිය හිමිවිය යුතු ය)

    DST...

    ReplyDelete
  23. පොටෝ ටික අනුව නං ටැබුවා ගේ පොරක් වගේ
    කසූගෙ පස්ස පැත්තට ජැක් එකක් ගහන්න තමයි ඔය ටික ටික කිට්ටු කරන්නෙ :-)

    ReplyDelete
  24. ටැබූ කියන්නේ ටිකක් ඒක විදියක පොරක් වගේ...

    ReplyDelete
  25. Nadun Ranaweera ලින්ක් එකට ගොඩක් ස්තුතියි..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.