Monday 14 November 2011

ප්‍රථම ප්‍රේමය කියන්නේ... මොන මගුලක් ද? - What the hell is first love


ලව් ඉස් ෆර්ස්ට් ලව් කියල කිව්වලු මැක්සිම් ගෝර්කි ද කොහෙද!

ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය නැත්තම් කුළුඳුල් ආදරේ තමයි සැබෑම ප්‍රේමය කියන්නේ.

ඔය කියමන තියෙන්ගේ ගෝර්කි ගේ "ප්‍රථම ප්‍රේමය" නම් වූ කෙටිකතාවේ ම තමයි මං හිතන්නේ.

නමුත් මෙතන මට ඇතිවෙන ප්‍රශ්ණාවලියක්ම තියෙනවා. ඒකෙන් මූලිකම ප්‍රශ්ණය තමයි මොකක්ද මේ කුළුඳුල් ආදරේ කියන්නේ.

පොඩි පන්තිවලදී අර කවට කමට ඔබෙයි මගෙයි නම ලියා යාළු ළමයි විහිළු තහළු මට කියා කේස්වලින් ඇතිවෙන නිකං මොන්ටිසෝරි ලව් එකක්ද?

පස්සේ නැට්ට පොඩ්ඩක් දිග් වෙන කාලේ වෙන කොට කෙල්ලෙක් දැකලා කිං කිං හැඟීමක් ඇතිවෙන මුල්ම කේස් එකද?

ඒ කේස් බේස් අතරේ, සීරීයස්ලි ම ට්‍රයි එකක් දෙන්න ඕනෑ කියලා හිතෙන, කවි ලියවෙන, ඩිප ගහන මුල්ම ෆිෆ්ටි පරසන්ට් ආදරේ කේස් එකද?

කෙල්ලන්ගෙන් අහගෙන ගිහිල්ලා ගිහිල්ලා, මුලින්ම හා කියලා උත්තරේ ලැබෙන කේස් එකද? (ලෝකයේ කෙටිම ලව් අෆෙයාර් එක විදියට වාර්තාව තියලා තියෙන්නේත් මේ වගේ කේස් එකක්!)

ඒ සේරම නොවේ නම්, දෙන්නම දෙන්නට සීරියස් ලි ලව් කරන මුල්ම කේස් එකද?

මේ විදියට බලාගෙන යනකොට එක්කෙනෙකුට ෆර්ස්ට් ලව් පහ හයක් ම තියෙන්න පුළුවන් වගේ නේද?

එතකොට, යම්කිසි ලව් කේස් එකක් කෙල්ලගේත් කොල්ලගේත් දෙන්නගේම ෆර්ස්ට් ලව් නම්, ඒක තුන් කුළුදුල් ලව් කේස් එකක් වෙනවාද?

ප්‍රශ්ණ ගොඩයි!

ඔය ප්‍රශ්ණ ටික තේරුම් බේරුම් කරගන්න උපකාරී වෙන හොඳ උදෘතයක් දෙන්න පුළුවන් මුලින් කියපු රුසියන් ජාතික මහා ලේඛක මැක්සිම් ගෝර්කි වගේම තවත් අතීතයේ සිටි මහා ලේඛකයෙකු වූ ප්‍රංශ ජාතික Victor Hugo ගේ "ල මිසරාබ්ල" කියන නවකතාවෙන්. (Thanks Ano for correcting it. I got the quotation below by Googling Victor Hugo).

මෙන්න ඒකේ ඉංගිරිසි පරිවර්තනය.

"The first symptom of love in a young man is shyness; the first symptom in a woman, it's boldness."

සිංහලෙන් කියනවා නම් මෙහෙමයි.

"තරුණයෙකු ගේ ආලයේ ප්‍රථම ලක්‍ෂණය නම් ඔහු ලැජ්ජා වීමයි. තරුණියකගේ නම් ඉතා එඩිතර බවයි."

-කතන්දරකාරයා

ප/ලි:
අත්දුටුවයි! සත්තකයි!!

කවුරුත් නෑ නේද මේ කියමන වැරදියි කියන?

http://stink-bomb.blogspot.com/2011/08/love-is-love.html)

43 comments:

  1. ප්‍රථම ආදරය කියන්නේ , කවදාවත් ඇති වෙන ආදරයක් නෙමෙයි වෙන්නැති...ඒක නෙව ඒ තරම් සුන්දර.....

    ReplyDelete
  2. Les Misérables is a Novel by Victor Hugo.

    ReplyDelete
  3. මේක නම් හොයන්න වටිනවා.. තමන්වම කපලා කොටලා හැබෑටම කොයි එකද !

    ReplyDelete
  4. //තරුණයෙකු ගේ ආලයේ ප්‍රථම ලක්‍ෂණය නම් ඔහු ලැජ්ජා වීමයි. තරුණියකගේ නම් ඉතා එඩිතර බවයි //

    ෆට්ට!

    ReplyDelete
  5. "තරුණයෙකු ගේ ආලයේ ප්‍රථම ලක්‍ෂණය නම් ඔහු ලැජ්ජා වීමයි. තරුණියකගේ නම් ඉතා එඩිතර බවයි."

    කොල්ලන් එස්.එම්.එස් එවන්නේ නැත්තේ මන්දැයි ඇසූ විට පාවිච්චි කරන්නේ මේ උත්තරය බව දැනගත්තේ කාලයකට පසුවය. කොල්ලෝ කට්ටයෝය. අරයාගේ, මෙයාගේ, කියා කියනා මේ කියමන් විශ්වාස කරනා කෙල්ලෝ මෝඩයෝය.

    කොල්ලන්ට නම් 'ප්‍රථම ප්‍රේමය' කියන්නේ දකින, දකින කෙල්ලට පෙම් කරන විට ප්‍රයෝජනයට ගන්නා කතාවකි. එය ප්‍රථම, දෙවැනි ප්‍රථම, තුන්වැනි ප්‍රථම යනුවෙන් අවශ්‍ය අංකය දක්වා වෙනස් කර ගත යුතුය. :D

    ReplyDelete
  6. මේකත් පොඩි කුමාරීහාමී කිව්ව වගේ පට්ට බොරුවක්. සමහර විට තමන්ම දන්නේ නෑ තමන්ගේ ප්‍රථම ප්‍රේමය මොකක්ද කියල. කල්පනා කරගෙන ගියහම මගේ මුල්ම ප්‍රේමය බාල අපරාධ ගනයට වැටෙන කාළේ එකක්. එතකොට නැට්ට කෙලින් වෙන්නෙත් නෑ. අර මළත් පිපිලවත් නැති පොහොට්ටුවක්.. එතකොට ආදරයයි රාගයයි අතරත් කේස් එකක් තියෙනවා නේ.. මහාචාර්ය තුමා ඒ ගැනත් සඳහනක් කලොත් හොඳා....

    ReplyDelete
  7. ඒක තමයි මාතලන් ඔයාගේ ප්‍රථම ප්‍රේමය. රාගයෙන් තොරයි.ඊට පස්සෙ කවදාවත් රාගයෙන් තොර ආදරයක් ඇති වෙන්නේ නැහැනේ...

    මටත් නම් තියේ එහෙම ආදරයක්... එයත් කොහේද දන්නෙ නැහැ දැන්.

    ReplyDelete
  8. පොඩි ඇත්තකුත් තියනවා. මගේ හාමිනේ හමු වුනෙත් මම ආදරය කල කෙනා වගේ කෙනෙක් නිසා වැඩියෙන් සලකන්න ගිහිල්ලා. ඒ නිසා ඇත්තකුත් තියනවා.

    ReplyDelete
  9. අද්දැකීම් රහිත ප්‍රථම ප්‍රේමයේ දී සිංහලෙන් කිව්වොත් බොක්කෙන්ම ලව් කරනවා. ඒ වගේ ප්‍රේමයක් සාර්ථක කරගන්නවා කියන්නෙ මේ ලෝකෙ ඉන්න ඉතාම වාසනාවන්තයන් අතරින් එක් අයෙක් බවට පත් වෙනව කියන එකයි.
    හැබැයි ප්‍රථම ප්‍රේමය බිඳුනු කෙනෙක් ඉන් පස්සෙ කවදාවත් ඒ තරම් සීරියස් ලව් කරන්නෙ නෑ, ලැබුණු අද්දැකීම් අනුව. හැබැයි ප්‍රථම ප්‍රේමයෙන් පරාද වුන කෙනෙක් ඒ ලැබුණු අද්දැකීම් හරහා ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මම හිතන්නෙ ඒ දේවල් ඉගෙන ගන්න නම් එහෙම වෙන්නම ඕන.
    (මට හිතෙන හැටි සහ මම දන්න හැටි)

    ReplyDelete
  10. "එතකොට, යම්කිසි ලව් කේස් එකක් කෙල්ලගේත් කොල්ලගේත් දෙන්නගේම ෆර්ස්ට් ලව් නම්, ඒක තුන් කුළුදුල් ලව් කේස් එකක් වෙනවාද?"

    මෙන්න මේක පොඩ්ඩක් තේරුනේ නෑ :-)

    ReplyDelete
  11. අද කතන්දරේ අනතිමට දාපු කියමන වගේ මට නම් පේන්නෙ.

    ReplyDelete
  12. Enemy කිව්ව මේ කතාව මං ගැන කියනකොටත් හරි...
    "අද්දැකීම් රහිත ප්‍රථම ප්‍රේමයේ දී සිංහලෙන් කිව්වොත් බොක්කෙන්ම ලව් කරනවා.......හැබැයි ප්‍රථම ප්‍රේමය බිඳුනු කෙනෙක් ඉන් පස්සෙ කවදාවත් ඒ තරම් සීරියස් ලව් කරන්නෙ නෑ...."

    මගේ යාළුවෙක් හිටිය එයා කියන්නෙ එයා කසාද බැන්දෙ තුන්වෙනි First Love එකෙන් කියලා....

    ReplyDelete
  13. කෙල්ලව දැකපු වෙලේම ආදරේ හිතෙනවා... කෙල්ලටත් කොල්ලව දැකපු ගමන් ආදරේ හිතෙනවා... ඔයිට කලින් කා ගැනවත් එහෙම හිතලා නෑ... ඔ්න්න ෆස්ට් ලව් එක මංනං ගොඩක් දැකලා තියෙයි.... හින්දි චිත්තර පටිවල....
    (උබුන්ටුවල සිංගල ගහද්දි පිස්සු හැදෙනවා අයියෝ.... කොටු ගොඩායි.... මෙක කියව ගන්න පුළුවන් වෙයිද මන්දා.... )

    ReplyDelete
  14. මගේ ෆස්ට් ලව් 3 තිබ්බා....දෙකක්ම කැඩුනේ අනික් කෙල්ලට මාට්‍ටු වෙලා..හික් හික් ....

    ReplyDelete
  15. එක වසරෙදි නිලූකට ලවු කරපු එක තමයි මං හිතන්නෙ මගෙ ෆස්ට් ලවු එක . . . පස්සෙ දවසක නිලූකට ට්‍රයි කරපු සුගතදාසය සෙට් එකක් එක්ක ඇවිත් මට හොඳටම නෙලුවා. . .

    ප.ලි.
    //යම්කිසි ලව් කේස් එකක් කෙල්ලගේත් කොල්ලගේත් දෙන්නගේම ෆර්ස්ට් ලව් නම්, ඒක තුන් කුළුදුල් ලව් කේස් එකක් වෙනවාද?//
    ඕක "තුං කුළුඳුල්" වෙන්න නං . . . දුෂ්ඨයගෙත් ෆස්ට් ලවු එක වෙන්න ඕනෙ

    ReplyDelete
  16. First love is the love that haunts forever.... neither sweet nor bitter...!

    ReplyDelete
  17. "තරුණයෙකු ගේ ආලයේ ප්‍රථම ලක්‍ෂණය නම් ඔහු ලැජ්ජා වීමයි. තරුණියකගේ නම් ඉතා එඩිතර බවයි."

    සහතික ඇත්ත

    ReplyDelete
  18. මගෙ නම් අදහස හිතෙන් විතරක් කරන ආදරය තමා ප්‍රථම ප්‍රේමය.

    ReplyDelete
  19. [[තරුණයෙකු ගේ ආලයේ ප්‍රථම ලක්‍ෂණය නම් ඔහු ලැජ්ජා වීමයි. තරුණියකගේ නම් ඉතා එඩිතර බවයි ]]

    මේ වගේ දේවල් යුනිවර්සල් තියරි වෙන්නේ නැහැ. මේවා ජීව විද්‍යාත්මක ස්වභාවයට වඩා සංස්කෘතික ස්වභාවයන්. ඒ නිසා එක්දහස් අටසිය ගණන් වල වැඩවසම් ප්‍රංශය අළලා කියූ එකක් අද සත්‍ය වෙන එකක් නැහැ නේද?

    [[ලව් ඉස් ෆර්ස්ට් ලව් කියල කිව්වලු මැක්සිම් ගෝර්කි ද කොහෙද!

    ඔය කියමන තියෙන්ගේ ගෝර්කි ගේ "ප්‍රථම ප්‍රේමය" නම් වූ කෙටිකතාවේ ම තමයි මං හිතන්නේ.]]

    ගොර්කියා සෙකන්ඩ් ලව් කියා පොතක් ලීවා නම ඌ කියන්නේ ලව් ඉස් සෙකන්ඩ් ලව් කියල.

    ReplyDelete
  20. පොඩ්ඩිගෙ කටේ දාන්න ඕනෙ වෙඩින් කේක් කෑල්ලක්!!

    ReplyDelete
  21. කොල්ලන් තමන්ගේ සෑම ලවු එකක්ම ෆර්ස්ට් ලවු එක යැයි සිතා කටයුතු කරති, ඒ නිසා උන්ට සෑම ලවු එකක්ම (ප්‍රථම) ප්‍රථම, (ප්‍රථම) දෙවෙනි, (ප්‍රථම) තෙවෙනි ය.. අනිත් අතට කෙල්ලන් සෑම ලවු එකක්ම ෆර්ස්ට් ලවු එකත් එක්ක කම්පෙයාර් කරන්නට යති, අර අහිංසකයාට අබ සරණ වන්නේ එවිටය.. :)

    පලි: මාත් මේ ඊයෙ රෑ තිස්සෙ කල්පනා කොලේ මොකද්ද බොලේ මගෙ ෆර්ස්ට් ලවු එක කියාය.. අන්තිමේදි හිතාගත්තේ (අර ඕනයා කිවුව වගේ) 3වසරෙදි ගිය ඉංග්‍රීසි පන්තියේ එක විය යුතු බවය, මොකද මට මතක හැටියට දහම් පාසලේ එක ඊට වඩා පොඩ්ඩක් විතර අලුත්ය.. :))

    ReplyDelete
  22. ප්‍රතම ආදරේ...ඒක ඇතිවුනා...නැතිවුනා......වෙලාව තමා...ඊට පස්සෙ ඒව ප්‍රථම වෙන්න නැනෙ.සමහර විට ඔය කතාව හරි ඇති.

    ReplyDelete
  23. ප්‍රථම ආදරේ තවත් ආදරයක් විතරමයි කියලා හිතෙන වෙලාවලුත් තියේ.

    ReplyDelete
  24. Enemy is correct.

    ReplyDelete
  25. How do you guys type in sinhala?

    ReplyDelete
  26. මට ලැජ්ජයි !

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. සියලු මත සලකා;

    - ප්‍රථම ආදරය කාටත් අමතක වී ඇති බවත්

    - ඒ නිසා තමන්ට ලාබම එකට ප්‍රථම ආදරය කියා කියන බවත්

    - කෙල්ලන් ලව් කරන විට කොල්ලන්ට වඩා බෝල්ඩ් හා ෆෝවඩ් කියා හිතන්නට කෙල්ලන් හා කොල්ලන් පොදුවේ කැමති බවත්

    - කතන්දර දිගම ලව් ලෙටර් ලාභිනියගේ නොට් සෝ ප්‍රොපර් දෙවන්නේකු වී හුන් බවත්

    - පොඩ්ඩිට පොලු තියන්නට කොල්ලෝ රටේ නැති හේතු දෙන බවත්

    - බුරාට හැමදාමත් අබ සරණ බවත්

    මට හිතුනි

    ReplyDelete
  29. Anonymuos @ 10:16 pm. on 14/11/2011,

    Use this
    http://www.google.com/transliterate/Sinhalese

    or this
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

    ReplyDelete
  30. මම විතරක් නම් ආදරේ කලේ එය ප්‍රථම ප්‍රේමයද? අනේ මන්දා මට නම් තේරුම් ගන්න බෑ. පොඩ්ඩි කීව කතාව ඇහුවම තවත් ඔලුව කැරකවෙනවා. මේවා කොහොම තේරුම් ගන්නද මන්දා...:D

    ReplyDelete
  31. ෂෙහ් කාලාන්තරයක් තිස්සේ හිතන් හිටි එව්වා ඔක්කොම අවුල් වුණානේ!!!

    ReplyDelete
  32. පහුගිය ටිකේ ඇවිත් බලල ගිය විතරයි. කොමෙන්ට් කරන්න වෙලාවක් ආවෙ නැහැ.
    ප්‍රථම ප්‍රේමය.... යන්තම් මතක තියෙන විදිහට පොඩි හරි interest එකක් ඉස්සෙල්ලම ආවේ 4-5 පන්ති වලදී අපේ පන්තියේ හිටපු කෙල්ලෙක් ගැන. ලස්සනයි. ඊට වඩා posh looking. ඉහල පන්ති වල (7-8) අයියල interval එකට අපේ පන්තිය පැත්තේ කැරකිලා යනවා. ඒ අර ලමයව බලල යන්න කියල ඒ කාලේ වුනත් මට තේරුණා. මට පට්ට මල ඉතින්. මම හිතන්නේ ඒකත් ආදරේ එක මුහුණුවරක් වෙන්න ඇති.
    6 පන්තියේදී අපි වෙන් වුන. ඊට පස්සේ කිසි ආරංචියක් තිබුනේ නැහැ. බොහොම ලඟදි අහම්බෙන් මුණු පොතෙන් අඳුනගත්තා. අවුරුදු 28 කට පස්සේ. දැන් එය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වරියක්. ළමයි තුන් දෙනෙක් ගේ අම්ම කෙනෙක්.
    සාර්ථක වුන ප්‍රථම ප්‍රේමය (ඒ කියන්නේ love එක අවුරුදු දෙකක් තිබ්බ කියන එකයි) AL ඉවර වෙද්දී පටන් ගත්තේ. ඒ දවස් වල mobile නැහැ නේ. පියුම් මහත්තයාගේ පිහිට තමයි. අද මම ලියුමක් යැව්වම ඒක එයාට හෙට උදේ ලැබෙනවා. එයා answer එකක් එදා mail එකට කොහොම හරි දානවා. මට අනිද්දා උදේ ඒක ලැබෙනවා. කොහොමද frequency එක සහ ඒ දවස් වල තැපෑලේ කාර්යක්ෂම තාවය?
    අන්තිම love ඒක තමයි විවාහයෙන් කෙලවර වුනේ. පටන් ගත්තේ ජොබ් ඒක කරන කාලේ නිසා මට mobile phone එකක් තිබ්බ. එයටත් ගෙදර phone ඒක තිබුන නිසා අපි හිතේ හැටියට කතා කරා. මම හිතන්නේ මම first love එකට ලියුම් 250 ක් විතර ලියන්න ඇති. wife ට එක ලියුමක් වත් ලියල නැහැ.

    ReplyDelete
  33. Trafic Ano
    ප්‍රථම ප්‍රෙමය කියනකොට මටනම් මතක් වෙන්නෙ මෙහෙම එකක්.
    "නින්ද නැති රැයේ සඳ කඳුළ මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රෙමයේ
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බින්දු වැටේවී
    රෝස පෙති කඩා හැලේ"

    වික්ටර් මාරි හියුගෝ කියල තියෙන්නෙ ප්‍රෙමයේ ප්‍රථම ලක්ෂණය ගැනයි. නැතිව ප්‍රථම ප්‍රෙමයේ ලක්ෂණයක් ගැන නෙවෙයි.
    ලේ මිසරාබ්ල මහා විසාල පොතක්. ඒ මදිවට ප්‍රංශ බාසාවෙන් සහ ඉංගිරිසියෙන් තියෙන්නෙ. මනුතාපයනං හොඳටම කියෙව්ව. මට ඒකෙ හොඳට මතක හිටල තියෙන්නෙ මෙන්න මෙහෙම එකක්.
    “සමාජය විසින් බෙහෙවින්ම දුරුකරනු කැමති කොටස් දෙකකි. එකක් එය ආරක්ෂා කරන කොටසයි. දෙවැනි කොටස එය විනාශ කරන කොටසයි.”
    ඒ කතාවනං හරියටම හරි.

    ReplyDelete
  34. පොඩි කුමාරිහාමි.........අනේ ඇත්තට ඔයා මොන නැකතෙද ඉපදිලා තියෙන්නෙ....මාත් ඒකෙම තමා..හික්ස්ස්ස්ස්ස්ස්ස්......
    'ප්‍රථමප්‍රේමය' කියන්නෙ,ලස්සන වචනයකට....!!!!!

    ReplyDelete
  35. මතක පැඟිරි වයසේ රූපේ විදියටනේ . කසාද බැඳලා තමන් එක්කම වයසට යන මනුස්සයට වඩා අර තරුණ රූපේ ගැන තියෙන තන්හාව වෙන්න ඇති අමතක කරන්න බැරි . දෙවෙනියට හරි තුන්වෙනියට හරි හොඳ හදවතක් හමු වුනොත් ඒක තමයි වැදගත් .
    පරණ ඇටසැකිලි පෙට්ටගම් වල තිබ්බට කමක් නැහැ . එලියට අරන් පොලිෂ් කරන්න ගියොත් නම් ලෙඩේ

    ReplyDelete
  36. " මුදු මුහුණේ සුව දැනුණේ ප්‍රිය ළඳුනේ මට විතරද...?
    - ඔබෙ සුසුමේ සුව දැනුණේ හිමි සඳුනේ මට විතරද...?"

    මම නම් හිතන්නෙ හැමෝගෙම ජීවිතවල වැළලිලා ගියපු එහෙම නැත්නම් වළලලා දාපු අමතක නොවෙන සිද්ධි තියෙනවා. ප්‍රථම ප්‍රේමයත් එහෙම එකක්. බෝ පැළ වගේ සමාජය ඉස්සරහ පොර ටෝක් දීගෙන ඉන්න ගොඩක් අයගේ වනචරකම පිටට ‍පේන්නෙ නෑ. ඒත් තමන් දන්නවා තමන් තමන්ගේ බිරිඳට/ස්වාමියාට ද්‍රෝහී වුණා කියලා. නිකමට හිතලා බලන්න. කීයෙන් කී දෙනාටද පුළුවන් තමන් පිරිසිදුයි කියන්න...? තමන්ගෙ බිරිඳට/ස්වාමියාට දිවුරන්න පුළුවන්ද හැමෝටම? බැහැනේ.
    ඒ අතින් බලනකොට සමාජයේ ඉන්න තරමක් ඉන්නෙ 3 වැනි සිල් පදේ කඩපු මිනිස්සු/ගැහැණු තමයි....

    ReplyDelete
  37. @ ඉකිබිඳුම, ඔයාට මෝල් ද ?? අපි මෙතන කතා කරන්නේ ඉස්කෝලේ යන කාලේ එහෙම තිබුණු අහිංසක (බොහෝ විට one sided) love කතන්දර ගැන. එහෙම නැතුව කොටු පනින එක ගැන නෙවෙයි.
    කෙනෙකුට බඳින්න කලින් love එකක් තිබුන කියන එක කොහොමද වනචර කම වෙන්නේ ?? එතකොට love එකක් ඉවර උනාම එය වනචර කමේ ගිය කෙනෙක් වෙනවද ?? එහෙම අය ද අර කනේරු ඇට කන්නේ ??
    මට පෙන විදිහට ඔයා නම් හොඳ ජල්ලි ටිකක් අල්ලලා එක generalise කරන්න හැමෝවම ඔයාගේ ගොඩට දාගන්න වගේ ඔයා හදන්නේ.

    ReplyDelete
  38. වසිලිස්සා16 November 2011 at 13:46

    ප්‍රථම ප්‍රේමය හැමදාටම සුන්දරයි.හැබැයි ප්‍රථම ප්‍රේමය නැතිවෙමෙන් අපි ඉගෙන ගන්න පාඩම් නම් බොහොම වැදගත් වෙනවා ජිවිතේ පුරාවටම .මටත් වසර 7 ගතවුණා හැබෑම ප්‍රේමය මොකද්ද කියල අදුනගන්න.හරි අවබෝදයෙන් ,දුකින් පාසල් කාලේ බැඳී ප්‍රථම ප්‍රේමයෙන් සමු ගත්ත.විවාහ වුනෙත් පෙම් කරලා තමයි හැබයි වැඩි කාලයක් අදින්නතුව අවුරුද්දක් ඇතුලත ආදරය තුලින් විවාහයට පියමැන්නා.Enemy කිව්වදේ එක්ක මාත් එකග වෙනවා.

    ReplyDelete
  39. @ All
    කියන කියමන අනුව බැලුවා, මට නං අවංකවම හිතෙන්නේ ප්‍රථම ප්‍රේමයන් දෙකතුනක් තියෙන්න පුළුවනිය කියායි.

    මේ සොඳුරු දේ ගැණ ඔබේ අදහස් බෙදා හදා ගත් සැඟට ස්තුතියි!

    ReplyDelete
  40. @ මරුමුස්...
    ඔයා මං දාපු කමෙන්ට් එක ටපලගෙන වගේ. බඳින්න කලින් ලව් එකක් තිබුණ අය වනචරයෝ කියලා මං කිව්වෙ නෑ. මං අදහස් කළේ බඳින්න කලින් love කරන කාලෙ තමන්ගේ girl friendව අමාරුවේ දාලා, වෙන කාව හරි marry කරලා, සුදනෝ වගේ ඉන්න අය වනචරයෝ කියලා. අපි කාගෙත් පොඩි හරි වැරදි තියෙනවා. අනිත් කාරණේ... අද කිසිම වරදක් නොකර ඉන්න කෙනා හෙට වැරදි නොකරාවි කියලා කවුද දන්නේ...

    මගෙ කමෙන්ට් එක දැකලා ඔයාට තරහ යන්න ඇත්තෙ ඔයා බැඳපු කෙනෙක් නිසා වෙන්න ඇති. ඔයාගෙ තරහ සාධාරණයි.
    වෙන කෙනෙකුට ලව් කරලා වෙන කෙනෙක්ව කසාද බඳින එක වනචරකමක් නෙවෙයි. ඒත් කවුරුහරි ෆන් එකට ලව් කරලා වෙන කෙනෙක්ව මැරි කරනවා නම් ඌ වනචරයා.

    අපෝ මරුමුස් මාමෙ... මං තාම පොඩි කොල්ලෙක්.
    "හැමෝවම ඔයාගේ ගොඩට දාගන්න වගේ ඔයා හදන්නේ" ඒ නිසා ඔයාගෙ මේ කියමන මට අදාළ වෙන්නෙ නෑ.

    අපෝ මරුමුස් මාමෙ... මං තාම පොඩි කොල්ලෙක්.
    "හැමෝවම ඔයාගේ ගොඩට දාගන්න වගේ ඔයා හදන්නේ" ඒ නිසා ඔයාගෙ මේ කියමන මට අදාළ වෙන්නෙ නෑ.

    ReplyDelete
  41. "තරුණයෙකු ගේ ආලයේ ප්‍රථම ලක්‍ෂණය නම් ඔහු ලැජ්ජා වීමයි. තරුණියකගේ නම් ඉතා එඩිතර බවයි."

    වික්ටර් හියුගෝ හොයාගෙන ගිහින් කටේ යූරෝ 100 ක් ඔබන්න හිතෙනවා..... සහතික ඇත්ත වෙන්න ඇති කියලා මටත් හිතෙනවා

    ReplyDelete
  42. "තරුණයෙකු ගේ ආලයේ ප්‍රථම ලක්‍ෂණය නම් ඔහු ලැජ්ජා වීමයි. තරුණියකගේ නම් ඉතා එඩිතර බවයි."
    100% පිලි ගනිමී (පිලි ගැනීමට සිදු වී ඇත)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.