Wednesday 23 November 2011

කවද කාපු ටකරන්ද? - Martin Wickram's Dumb Heart


මතකද රත්නායක මහත්තයා ගැන ලියපු පොඩි විස්තරයක මං ලිව්වා පොර ට මං කුලසේන ෆොන්සේකා ගේ "උඩු බිරුම" පොත කියවන්න ගිහින් දුන්නට අවුරුද්දක් ගියත් එක පිටුවක්වත් කියවලා නොතිබුණු බව.

මං හිතුවේ පොතේ අන්තර්ගතය ගැන පොඩි සඳහනක් මං කරපු නිසා පොර ඒක වහාම කියවයි කියලායි.

නමුත් අර කූඩැල්ලන් ව කොට්ටේ තියන්න බෑ වගේ පොඩි කාලේ ඉඳලා පොත් කියවලා නැති අය ලොකු බැඳපු මිනිස්සු වුණාට පස්සේ පොත් කියවන කෙනෙක් වෙන්නේ හරිම කලාතුරකින් විතරයි.

රත්නායක මහත්තයා ඉන්නේ හොඳ ක්ලබ් එකක!

අර ෂේන් වෝන් කියන ක්‍රිකටරයා පොර ගේ "බයෝග්‍රැෆි" එක එළි දක්වන දවසේ කියලා තිබුණා ජීවිතේ කිසි දාක නවල් එකක් කියෝලා නෑ ය කියලා. කියවලා නැති අයට සාමාන්‍යයෙන් ලියන්නත් බෑ. වෝනා ගේ පොත ලියලා තිබුණේ වෙන එකෙක්.

ඒ එලීට් ක්ලබ් එකටම අයිති නෝනා කෙනෙක් ගැනයි අද කතන්දරේ.

නෝනා ගේ නම සාමා.

ඔව්, ඔව්, අර හෝඩි පොතේ අමර එක්ක සල් මල් කඩ කඩ හිටපු පොඩි කෙල්ල තමයි. දැන් ඉතිං ලොකුයි නේ.

පොඩි කාලේ ඉඳලා පොත්වලින් බොහෝ දුරට දුරස්තව හැදුණාට සාමා හොඳට පොත්-පත් වගේ ඒවා ගැන කරුණු කාරණා දන්නවා. ඇත්තටම කියනවා නම් තමන් දන්නවා කියලයි හිතාගෙන හිටියේ මේ කතන්දරේ වෙනකල්ම.

දවසක් සාමා කැම්පස් යෙහෙලියෝ කණ්ඩායමක් ටික කාලෙකට පස්සේ හමුවෙලා ඔහේ නිකං ඕපීඩී කතාවක් දාගෙන ඉන්න වෙලේ එතන හිටපු කවුදෝ කිව්වා, ළමයාව සෙනසුරාදා උදේ ටියුෂන් එක්කං ගිහිල්ලා, පන්තිය ඉවර වෙනකං පැය තුනක්ම පොත් කියවන එක තමයි කරන්නේ, ඒ හින්දා මේ දවස්වල සතියකට එක ගානේ විතර නවකතා කියවනවාය කියලා.

ඔය කතාව අහලා සාමා ගේ හිත යට තිබුණු කියවීමේ රුචිය නිකං සෝඩා බෝතලයක් වගේ බුබුළු දාගෙන උඩට නැගලා ආවා.

පහුවදාම ගියා වීරවරියක් වගේ පොත් සාප්පුවට.

බුදු අම්මෝ! පොත් පුරෝලා එතන. නවකතා ද, කෙටිකතා ද, අරවද, මේවද?

මේ වෙන කොට සාමා හිතෙන් හදාගෙනයි හිටියේ මුලින්ම කියවන්න ඕනෑ නවකතාකාරයෝ සහ නවකතා ලයිස්තුව. නමුත් ඒවා හොයා ගන්නේ කොහොමද ඒ ගොඩේ? වැඩි හරියක් තිබුණේ අහලා නැති නවකතාකාරයින් ගේ අළුත් පොත්.

හොඳම වැඩේ තමයි එතන වැඩ කරන කෙනෙකුගෙන් අහන එක!

"මොනවද මිස් හොයන පොත්?" සාමා හිටපු තැනට ආපු අර පොත් කඩවල්වල සාරි ඇඳලා ඉන්න කෙට්ටු සේල්ස් කෙල්ලෙක් ඇහැව්වා.

"මට ඕනෑ නවකතා පොත් දෙක තුනක් ගන්න."

"මොනවද මිස් ඒවායේ නම්?"

ඕගොල්ලෝ ගාව තියෙනවාද මේ.. අර.. මාර්ටින් වික්‍රමසිංහ ගේ "ගොළු හදවත"?

-කතන්දරකාරයා

ප/ලි:
ඔච්චර මහ ලොකු පොත් සාප්පුවක් වෙලත් ඒ පොත තිබිලා නෑ එතන.

පස්සේ කරුණාසේන ජයලත් ගේ "රතු රෝස", කුලසේන ෆොන්සේකා ගේ "රෝහිණී", කුමාර කරුණාරත්න ගේ "පාළම යට" වගේ පොත් තුන හතරක් අරං ගෙදර ඇවිත්.

39 comments:

  1. අයියෝ ඕවා මොනවද ? අපේ ලෙමන් පෆ් ඇමති තුමා මහල්ලා සහ මුහුල ලිවුවෙ මාක් ට්වේන් ද කවුද කියලා කිවුවේ මහා ප්‍රසිද්ධ සභාවක...

    ඇල්.

    ReplyDelete
  2. මෙයාට කියවන්න දෙන්න තිබුනෙ අර රුසියන් ළමා කතා පරිවර්ථන ටික.
    නම් නොකිව්වට දන්නවනෙ පොත් ටික මොනවද කියල.
    'ඕනය' ආවොත් නං කියල දායි.

    ReplyDelete
  3. මාර්ටින් වික්‍රමසිංහ ගේ "ගොළු හදවත" වගේම ලස්සන තව කතාපොතක් තමා පියදාස සිරිසේන ගේ "හතුරු හිතක්".. :)

    ඔබා අයියා ඔය කියන්නෙ "රතු හුණ්ඩුව හා තවත් කතා" කියන පොත වෙන්ටැති.. :D

    ReplyDelete
  4. අමරටයි සාමාටයි මල් කඩ කඩා ඉන්නවා ඇර වෙන පොතක් පතක් කියවන්න වෙලාවක් තියෙන්න නෑ..මොබයිල් ෆෝන් වල ගනන් වුනත් බොහෝම අඩු වුනා නොවැ 1

    ReplyDelete
  5. වෙන මොනවද... විළි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ ඉතින්!

    ReplyDelete
  6. පොත් ගැන අහන්න ඕන ඕනයගෙන්ම් තමයි. මාර ඉන්ගිරිස් පොතුත් දන්නවා ඌ. මට හොඳට මතක පොතක් තමයි ගුලීගේ තුන් වන සිල් පදය නොකඩමි. ජයතිලක මහත්තයගේ චරිත තුනක්. හෙඩින් එක දැක්කම මම හිතුවේ සුද්දෙක්ගෙ පොතක් ගැන කියනවා කියලා. බලාගෙන ගියාම හෙළයේ මහා ගත් කරුත් සුද්දෙක් නේ.

    ReplyDelete
  7. එයාට ගන්න තිබ්බේ 'වැඩ බැරි දාස බස්තියන්ගේ සොහොන හාරපු හැටි' වගේ පොතක් නේ

    @Buratheno පියදාස සිරිසේන ගේ "හතුරු හිතක්" කියවන්න කලින් ඩබ්ලියු ඒ සිල්වාගේ 'ගැහැණු ළමයි' කියවන්න එපාය :D

    ReplyDelete
  8. අර උඩ දාල තියෙන්නේ 'සුනේත්‍රා රාජකරුනායකගේ' පොත් වෙන්ටැති.:D:D:D

    ReplyDelete
  9. ඔය රතු හුන්ඩුව තියන්නේ ආයූර්වේද දෙපාර්ථමේතුවේ නොවැ. බලන්න ලස්සනයි. හැමදාම කියෝනවා.

    ReplyDelete
  10. අනේ මන්දා..ගොඩක් ඔය පොත් කඩවල්වල ඉන්න කෙට්ටු සේල්ස් ගර්ස්ලත්/බෝයිස්ලත් අයිති කතන්දර ඔය කියන එලීට් ක්ලබ් එකකටම තමයි..!!

    ReplyDelete
  11. මල් කඩන්න අපට පුරුදු කලේ නං සාමලා අමරලා තමයි.
    @ariyananda
    ලෙමන් පෆ් ඇමතිතුමා කිවුවෙ මහල්ලා සහ මුහුද ගී ද මෝපසාංගේ කියලා.බ්ලොග් ලිව්වනං කකාට කලිං මේ පෝස්ට් එක දාන්නෙ එතුමා.

    ReplyDelete
  12. අර පොත් කඩේ කෙල්ල තාම හොයනවලු මාර්ටින් වික්‍රමසිංහ ලියපු ගොළු හදවත !!!

    ReplyDelete
  13. ඕකත් කජ්ජක්ද කියන්නේ මේ ලඟදි මම දිවා ගුහාව බලන්න ගියා කිව්වම උපාධිධාරියෙක් මගෙන් ඇහුවනේ ඉන්දියාවෙත් ගිහින් ආවද කියලා...හී හී

    ReplyDelete
  14. ඔන්න බලන්න ඉතින් ඒකත් හැටි. කසූ කියනකන්ම මටත් ඕකෙ වගක් හිතුනේම නෑනේ, සාමලා, අමරලා දැන් ලොකු ඇති කියලා.....!

    ReplyDelete
  15. @බුරා සහ නිරෝෂිනී,
    මට මතක හැටියට 'ගැහැණු ළමයි' සහ 'හතුරු හිතක්' මැද්දට එන්න ඕනේ සයිමන් නවගත්තේගම ශුරීන්ගේ 'පිරුණු හඳක්' නව කතාව.
    ඇත්තට අපේ රටේ ගත් කතුවරු මාර විදිහට timing තියල (සිංහලෙන් කියනවා නම් Synchronize වෙලා) තමයි පොත් ලියන්නෙත් නේද ? LOLzzz .

    ReplyDelete
  16. "....සාරි ඇඳලා ඉන්න කෙට්ටු සේල්ස් කෙල්ලෙක්...!!"

    ඒ කියවුනේ කතන්දරගෙ උපවිඥානය ද එහෙමත් නැත්නම් අර ෆැන්ටසියද මොකක්ද කියලා කියන එකවත්ද?

    - සනාත

    ReplyDelete
  17. (Traffic Ano)
    දැන් ඔය සිද්ධිය කකාට කියන්න ඇත්තෙ අර සේල්ස් ගර්ල් කෙනෙක් වෙන්ටැ.

    ReplyDelete
  18. හුඟක් අය මාර්ටින් වික්‍රමසිංහ ශුරින් ගේ 'ගොළු හදවත' නම් කියවල ඇති. එත් ඒ පොතම කියවල ගොළු හදවතේ extension එකක් විදිහට සුජීව ප්‍රසන්න ආරච්චි ලියපු 'බඹා කෙටූ හැටි' නව කතාව නම් ගොඩක් කට්ටිය කියවල නැතුව ඇති. පොතේ පෙරවදන තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් ට සුජීව ඔහු ගේ උපහාරය පුද කරලා.
    හෙළයේ ගත් කතුවරුන් අතර තරම් සාමයක් සහජීවනයක් වෙන කිසිම profession එකක නැහැ මම හිතන්නේ..

    ReplyDelete
  19. අමර කිව්වහම මතක් වුනේ ඇම්ඩා හෝඩියේ පංතියෙදි අත උස්සන් ඉන්නවලු ටිචර්ට් පේන්න. ටීචර් ඇහුවලු ඔව් මොකක්ද ප්‍රස්නේ?
    ඇම්ඩා- "ටීචර් පොඩි ලමයින්ට බබාල හම්බුවෙනවද?"
    ටීචර් - "පිස්සුද ඇම්ඩෝ, පොඩිබබාලට බබාල හම්බෙන්නෙ නැහැ".
    ඇම්ඩා, අමරා පැත්තට හැරිල කිව්වලු " එකනේ අමරා මම කිව්වෙ, බය වෙන්න දෙයක් නෑ කියලා"

    සූස්ති-

    ReplyDelete
  20. අනේ ඔය එලීට් ක්ලබ් නෝනලාට පොත් ගන්න කඩේටම යන්න ඕනයැ. ඔය ඉන්ටර්නෙට් පොත් කඩේකින් ගත්තහම ගෙදරටම ගෙනත් දෙන්නේ! එතකොට ඔය කකාලා වගේ බ්ලොග් කාරයන්ට නෝන්ඩි වෙන්නෙත් නෑනේ :-)

    ඔය කියන්නෙ "රතු හුණ්ඩුව හා තවත් කතා" කියන පොත ලිව්වේ 'නරියා සහ කැලෑව' ලියපු දෙ. පඤ්ඤානනන්ද ද?

    ReplyDelete
  21. පොත් කඩේකට ගියාම තමා අපි කොච්චර පොඩිද කියලා තේරෙන්නෙ...

    ReplyDelete
  22. අඩේ අප්පා මාර වැඩක් නේ වෙලා තියෙන්නේ...
    හික්ස් මටත් නම් පොත් කඩේකට ගියොත් ඔහොම වෙයි....
    මම නම් අහන්නේ නෑ ඒ නිසා අමාරුවෙන් හරි ‍තෝර ගන්නවා මිසක..

    ReplyDelete
  23. උපෙ කරන දවස් වල මාත් දැකලා තියෙනවා අම්මලා එයාලගේ ලමයින්ගේ පන්ති ඉවර වෙනකන් පොත් කියවනවා.

    අයියා කියපු නිසා මාත් බස් එකේ යන ගමන් පොත් කියවනවා :)

    ReplyDelete
  24. JJE ගේ පොත් කියවන්න ආසාවෙන් හිටියට තවම එකක්වත් කියවන්න බැරිවුනානේ. කාලෙකින් කවියක්වත් දැක්කේ නෑ.

    ReplyDelete
  25. Why not Kulasena Fonseka's "රන්සි໱ ‍๧‍ග් ໶ක්රමය" (as per his last comment in http://kathandara.blogspot.com/2011/11/iq.html
    by Mr. Know it all and always right (he thinks) KK )

    However, the actual youth-novel's title is "Ransirige Sangramaya" (Ransiri's struggles)

    ReplyDelete
  26. "වන මැද තරුවක්" කියන්නෙත් කියවීමේ රුචිය ඇති කරන සිරාම පොතක් . . .

    @මාතලන්:
    ඔයා ඔය කියන්නෙ මම දවසක් කීයපු පවුල් කොයියෝ ලියපු බෙරි ඔන් ද කැඩ් ශීට් පොත ගැන වෙන්ටැ ???

    @ඔබ්සර්වර්:
    රුසියන් කතා විතරද . . . ??? ඇයි අරාබි නිසොල්ලාසයේ කතා ටිකත් හරිම ලස්සනයි . . . මගෙ ආසම කතාවක් තමයි ඇලඩින් සහ පුදුම පහනෙ දෙවනි කොටස "යකාගේ පහන"

    @කැන්ඩියන්:
    ඔවු එතුමා තමයි. එතුමගෙ තවත් ලස්සන කතාවක් තමයි "වඩුවයි බල්ලයි"

    ReplyDelete
  27. @ඕනයා,

    ඔය "නරියා සහ කැලෑව" පොතේ දෙවෙනි කොටසත් ගහලා තියෙනවා මං දැක්කා, "කැලය මැදින් නරි එනවෝ" කියලා..

    ReplyDelete
  28. @ඕනයා

    ඔය පොතේ තවත් තවත් පරිවර්තනයක් තියෙනවා.. "පහනට ආ යකා" කියලා. මට මතක විදියට ලියලා තියෙන්න අංගම්මන සුමන හරි කරඳන ගුණරතන කියල හාමුදුරුවො කෙනෙක්.

    - සනාත

    ReplyDelete
  29. පෝස්ට් එක නම් මොනාද අප්පා . . . කොමෙන්ට් ටිකනේ මරේ මරු . . .

    ReplyDelete
  30. සාමා සහ පොත් පිංච ලිව්වේ අපේ කතන්දරකාරයාද? :)

    ReplyDelete
  31. (Traffic Ano)
    මේක නිකං මහජන වැසිකිලියක බිත්තියක් වගේ වෙලා නොවැ. (ඒ කියන්නෙ කාටවත් පේන්නෙ නැතුව ලියනවනං අපට ඕනැ එකක් ලියන්න පුළුවන් කියන එකද?)
    හැබැයි මාත් අහල තිබුන නැති පොත් කීපයකම නම් ටිකක් දැනගත්තා.
    ඒකට ස්තුතිවන්ත වෙනවා.

    ReplyDelete
  32. @සනාත් . . .
    තව කොටස් දෙකක් තියනව ඔයාට මග ඇරුන . .
    යකා පහනෙන් වැටේ සහ යකා නැති පහන කියල . . .
    ඔය කතාවල ඉන්න යක පහලු යකෙක් කියනවනෙ . . .

    @අන්තිම ඇනෝ:
    ජාලෙම ඒ වගෙ අප්පා . . . .

    ReplyDelete
  33. ඔයාල කියවන්න ' ටොම් මාමාගේ කුටිය ' සහ ' සිහින කුමරිය '

    මම පොත් ගණනාවක් කියවල තියනවා. ඒ වගේ ලස්සන පොත් දෙකක් නම් කොහෙවත් නැහැ. මුල් පොත් වලට වඩා පරිවර්තන ලස්සනයි

    ReplyDelete
  34. Deamon Ananda and the authors of Pransa Rasaya and Makuna should be credited for instilling in many of us the desire to read. Inspired by these literary greats, some of us went on to read Martin's Dumb Heart , Gunadasa Amarasekaera's Athuru Mithuru and Gustav Gorki's Romulus and Julio.

    ReplyDelete
  35. ක.කා මෙල්බන්ද ඉන්නෙ... ජගත් අයියගේ පොත් දාලා තියෙන්නේ.....

    ReplyDelete
  36. @ All
    මේ තියෙන සමහර කමෙන්ට්ස් නම් සාමාට පෙන්නන්න බෑ. බුදු අම්මෝ!

    සියළු දෙනාටම ස්තුතියි.

    ජගත් එදිරිසිංහ ගේ පොත් ටික හොයාගෙන බලන්න. දයාවංශ ජයකොඩි එකේ තියෙනවා නවල්ස් ටික. ඉස්කෝල කාලේ ගොඩගේ එකේ.

    කුලසේන ෆොන්සේකා ගේ උඩු බිරුම පොතත් ඔහුගේ පාලම යට වැනි අනෙකුත් නවකතා වගේම විශිෂ්ඨ ගනයේ එකක්.

    ReplyDelete
  37. ගීද මෝපසාං ලිව්ව මළගිය ඇත්තෝ පොත වගේද :))

    http://aagiyakatha.blogspot.com/2010/12/instant.html

    ReplyDelete
  38. මග ඇරුණු පෝස්ට් එකක් . කමෙන්ට් ටිකයි පෝස්ට් එකයි සේරම රසවින්දා .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.