Friday 18 November 2011

හව් ඊස් යුවර් ප්‍රොබ්ලම් නව් සිවකුමාර්? - How's your problem now Sivakumar?


(බ්ලොග් එකේ ටෙම්ප්ලේට් අවුලකි. කමෙන්ට් බලන්න සහ කමෙන්ට් කරන්න කතන්දර මාතෘකාව උඩ ක්ලික් කරන්න).

සමහර කතන්දර තියෙනවා නේද, අහල ඉවර වුණාම හිතෙනවා දැන් හිනාවෙන්නද? අඬන්නද කියලා? මෙන්න මේ මං කියන්න යන කතාව අන්න ඒ ජාතියේ එකක්!

සිද්ධිය වුනේ මං කාලයකට ඉස්සර රජයේ සංස්ථාවක මැවිසුරුවෙක් විදියට සේවය අරඹපු කාලේයි.

මාත් එක්ක අළුත කැම්පස්වලින් අවුට් වුණු කොල්ලෝ කෙල්ලෝ තවත් හත් අට දෙනෙක්ව ම බඳවා ගත්තා සංස්ථාවට. පේරා පොරවල්, කට්ටෝ විතරක් නෙමේ රුස්සෝත් දෙන්නෙක් විතර හිටියා මේ කණ්ඩායමේ.

වැඩ පටන් අරන් මුල් සති දෙකේ අපිට තිබුණේ පොඩි ඉන්ඩක්ෂන් එකක්. සංස්ථාවේ එක එක අංශවල මැනේජර්ස් ලා ඇවිත් තමන් ගේ අංශවල වැඩ කටයුතු ගැන විස්තර කරනවා, අපි අහගෙන ඉන්නවා. ඒ උදේ වරුවේ. හවස කෑමෙන් පස්සේ, ෆැක්ටරියේ ඒ ඒ අංශ බලන්න යනවා.

මේ කාලයේ අපේ කණ්ඩායම බාර වුනේ, සංස්ථාවේ පුහුණු කළමණාකරු ක.කු.ල. මහතාටයි. එතුමා ගේ වාසගම ම තියෙන තවත් මහතෙක් හිටිය නිසා තමයි ඒ විදියට ඒ දෙන්නවම ඔවුන් ගේ මුලකුරුවලින් හැඳින්වුනේ.

'කකුල' මහතා හරිම හොඳයි. පරණ උපාධිධාරියෙක්. ප්‍රියමනාප පුද්ගලයෙක්. වැඩි වැඩකුත් නැති හින්දා පොර මේ කියන දවස්වල වැඩිපුර ගත කළේ අපේ ශුභසාධන සහ පුහුණු කටයුතුවලටයි. ඉතිං, පුහුණු වැඩසටහනේ තියෙන හිඩැස් වෙලාවලදී කකුල මහත්තයා අපිත් එක්ක නොයෙකුත් කරුණු ගැන කයිය ගහමින් ඉන්නවා.

අපේ කණ්ඩායමේ හිටිය එක පොරක් තමයි සිවකුමාර්. කොළඹ පොරක් හින්දා හොඳට සිංහල පුළුවනි. ඒත් ඉතිං අපි මැවිසුරවන් වශයෙන් ඉංගිරිසියෙන් තමයි කතා බහ කළේ.

දවසක් 'කකුල' මහත්තයා අපි කට්ටිය එක්ක කයියයක් ගහමින් ඉන්නවා. බෝඩිං ගැන, බස් ගැන, කාලගුණේ ගැන වගේ සරල කරුණු ගැන.

මේ කතාව යන අතරේ, මෙන්න 'කකුල' මහත්තයා සිවකුමාර්ගෙන් ගහෙන් ගෙඩි එන්නාවාගේ ඇහැව්වා මෙහෙම.

"සෝ සිවකුමාර්, හව් ඉස් යුවර් ප්‍රොබ්ලම් නව්?" (ඉතිං සිවකුමාර් කොහොමද ඔයා ගේ ප්‍රශ්ණය දැන්?)

මං හිතුවේ සිවා මොකක් හරි තමන් ගේ ප්‍රශ්ණයක් ගැන 'කකුල' මහත්තයාට කියලා වෙන්න ඇති, ඒක ගැන තමයි මේ අහන්නේ කියලා.

මොකද, වැඩට ගිහිල්ලා තවම සති දෙකක්වත් නොගියාට අපි මේ වෙනකොට, සංස්ථාවේ ක්වාටර්ස්වල නවතින්න, සංස්ථා වාහනවලින් වැඩට යන්න එන්න වගේ දහසකුත් එකක් ඉල්ලීම් දාලයි තිබුණේ.

ඒත් සිවාට නං මේ 'කකුල' මහත්තයා ගේ ප්‍රශ්ණයේ අගක් මුලක් තේරිලා තිබුණු බවක් පෙනුණේ නෑ.

"වට් ප්‍රොබ්ලම් මිස්ට 'කකුල'?" සිවා ඇහැව්වා. (මොන ප්‍රශ්ණය ද කකුල මහත්තයා?)

"අයි හර්ඩ් ඔන් ද නිවුස් ලාස්ට් නයිට් දැට් ද ගවර්න්මන්ට් ඉස් විලින් ටු නිගෝෂියේට් විත් ද එල්ටීටීඊ!" 'කකුල' කිව්වා.
(මට ඇහුණා ඊයේ නිවුස්වල කියනවා ආණ්ඩුව ඇල්ටීටීය එක්ක සාකච්ඡා කරන්න යනවාය කියලා)

මල්ලේ පොල් උත්තරයක් වගේ මුලින් පෙණුනට පස්සේ තමයි අපේ ටියුබ් ලයිට් වැඩ කළේ.

මේ කාලේ ලංකාවේ වර්ගවාදී යුද්දේ නැගලා යන කාලේ. 'කකුල' මහත්තයා මේ "හව් ඉස් යුවර් ප්‍රොබ්ලම් සිවකුමාර්?" කියලා තියෙන්නේ උතුරේ යුද්ධය ගැන කතාව පටන් ගන්න ආරම්භයක් ලෙසටයි!

මුලින්ම කිව්වා වගේ, හිනාවෙන්නද, අඬන්නද කියලා මට හිතාගන්න බැරිවුණා.

-කතන්දරකාරයා

ප/ලි:
සිවකුමාර් ට මොනවා හිතුණද මන්දා?

ප/ප/ලි
මේ කතාවේ තේරුම කාට හරි (ස්ටාටර් ගහල ගිය) ටියුබ් ලයිට් වුනොත් නම් ඉතිං අඬන්න තමයි වෙන්නේ.

35 comments:

  1. කතාව කියෙව්වම හිනාවෙන්නද, අඬන්නද කියලා මටත් හිතාගන්න බැරිවුණා...:D

    //මුල් සති දෙකේ අපිට තිබුණේ පොඩි ඉන්ඩක්ෂන් එකක්//

    induction or introduction???

    ReplyDelete
  2. induction = සේවාරම්භක පුහුණුව
    ඇඬෙන්නම ගිහින් හිනා වෙලා නිකන් හිටිය !

    ReplyDelete
  3. //induction = සේවාරම්භක පුහුණුව//

    හපොයි එහෙම ඒවාත් තියනවද මැවිසිරුවන්ට? ...:D

    ReplyDelete
  4. ඇත්තටම හිනාවෙලා අඬන්න ඕනි කේස් එකක්..

    http://www.languagesdept.gov.lk/glossary/index.php?action=result&postid=ALL&word=Induction , මැනේජ්මන්ට් යටතේ තියෙන්නේ ප්‍රේරණය, විද්‍යුත් ප්‍රේරණය වගේ දෙයක්. :D , අවට සිදු වෙන දෙයින් උත්තේජනය වෙනවා.

    ReplyDelete
  5. මැවිසුරුවන්ට විතරක් නෙමේ දැන් ගොඩක් තැන්වල "ඔරියන්ටේෂන්" වෙනුවට "ඉන්ඩක්ෂන්" තමා නේද තිබෙන්නෙ?
    ඒක අපූරු වචනයක් නේද?
    "Mathematical Induction" වුනහම ගණිත අභ්‍යුහන්‍යය වෙනව නේ?
    "Electromagnetic Induction" වුනහම විද්‍යුත් චුම්බක ප්‍රේරණය වෙනව නේද?

    [මගෙනුත් අහයිද කසූ "ඕකද කථාවේ climax එක?" කියලා ;-)]

    ReplyDelete
  6. හිනා කාල ඇඩුන.

    ReplyDelete
  7. ඔන්න ඔතැන තමයි අපි වරද්දා ගත්ත තැන. ඇයි අපිට බැරි මේක දෙමල ජනතාවගේ ප්‍රශ්නයක් නෙමේ. එල්. ටී ටී ඊ. ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්න. දැන් ත්‍රස්තවාදී ප්‍රශ්නේ ඉවරයිනේ. ඒත් ජනතාවගේ ප්‍රශ්නෙ අන්න ඒක තමයි සිවකුමාර්ලා වගේ අපේ මිත්‍රයෝ දැන් බලාපොරොත්තු වෙන්නේ. ජාතීවදීන් නොවන අපේ කතන්දරලා අපි මේවගේ ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න මෙහෙමවත් කථා කරන එක හොඳයි.

    ReplyDelete
  8. ස්ටිල් ද සේම් මිස්ට කකුල....

    ReplyDelete
  9. වසිලිස්සා18 November 2011 at 10:41

    මටනම් හිතුනේ පොඩ්ඩක් හිනාවෙලා අඩන්න ඕන කියල.මගෙත් ස්ටටරේ ගහල ගිහිල්ලද මන්ද?:)
    "ඉන්ඩක්ෂන්" ට්‍රේනින්ග් දැන් හැම ක්ෂේත්‍රයකටම වගේ තියෙනවා නේද?

    ReplyDelete
  10. මුලු ලංකාවේම තිබ්බ ලොකුම ප්‍රශ්ණය , සිවාගේ පුද්ගලික ප්‍රශ්ණයක් විත්තිය අද වෙනකම් මම දැනන් වුන්නෙ නැහැනේ.

    ReplyDelete
  11. 01- සේවාරම්භක පුහුණුව- Induction
    02- සේවාස්ථ පුහුණූව -in service
    සේවා මූලික පුහුණූව කියල එහෙකුත් තියේ ද මන්ද... කොහොම වුනත් , අද කතාවේ කතා ගොඩාක් තියෙනවා.

    ReplyDelete
  12. පින්තූරයේ තියෙන මැෂීන් මොනා ද කතන්දර. යකඩ එක්ක වැඩ කළාට හදවත් යකඩ වෙන්නේ නැහැ නේද

    ReplyDelete
  13. හ්ම්..... පව් සිවකුමාර්.

    ReplyDelete
  14. අඬන්න වුනේ කොමෙන්ට් කියවන්න ගිහිල්ල. 200 ට ලොකු කරල කියෝ ගත්තෙ, නාකි කොමෙන්ට් දානවට ක.ශු. අකමැතිද කියල හිතුන.

    ReplyDelete
  15. He had to ask "How is our problem now?"

    ReplyDelete
  16. "පේරා පොරවල්, කට්ටෝ විතරක් නෙමේ රුස්සෝත් "
    හරි හරි. පේරා පොරවල්. අනිත් එවුන් කට්ටො සහ රුස්සො. අනෙ මගෙ කට.
    අනෙ මගෙ කට.

    ReplyDelete
  17. //පේරා පොරවල්//
    හා හා . . . එතකොට පේරා විතරයි පොරවල් ඉන්නෙ . . . .???

    ReplyDelete
  18. ඔය වගේ 'කකුල්' හින්දා තමයි තාමත් අපිට අඬන්න වෙලා තියෙන්නේ, 'ප්‍රොබ්ලම් එක' ඉවර වෙලා අවුරුදු දෙකක් ගිහිල්ලත්.

    ReplyDelete
  19. කකුල මහත්තයා වගේ අයට [1980 ගණන් වල ලංකාවේ උගත් යයි සම්මත සමාජයට] ඉතිරි සමාජයම පෙනුනේ මෙහෙම තමා.

    ReplyDelete
  20. @ඕනය සහ ඇනෝ,
    ඔව්. පේරා විතරයි පොරවල් ඉන්නේ.. මුකුත් ප්‍රශ්නයක් තියෙනවද එකේ ??...

    ReplyDelete
  21. හිනා වෙන්නද අඬන්නද?
    කමෙන්ට් කියෙව්වාමත් හිතෙන්නේ...
    හිනා වෙන්නද අඬන්නද?...:DDD

    ReplyDelete
  22. ඉංගිරීසියෙන් ඇඩෙනවා .. නිගෝෂියේට් කියන වදනේ තේරුම දැනගත්තා නම් මට මේ කතාවම තේරෙනවා ..

    දැන් තේරුනේ බාගයයි

    ReplyDelete
  23. KaKa

    Mathalan keewa wage "still the same"

    Maha Wedana kiwwa wage mamath obata sthuthi karami Jaathi wadiyek nowi ema paniwidaya ithiri aya atharath beda herima gena.

    Jayanath

    ReplyDelete
  24. @ All
    බ්ලොග් එකේ මා නොදන්නා වෙනසක් වී තිබේ.

    එක්ස්ෆෝලර් වල දී දකුණු පැත්ත වම් පැත්තේ යටය. ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම්වලදී වම් පැත්ත අතුරුදහන්ය.

    ටෙම්ප්ලේට් එකේ වරදක්ද?

    ReplyDelete
  25. ඔවුමයි......

    ReplyDelete
  26. @ All
    කකුල මහත්තයා වාත පොරක් නොවේ. ඔහු ගේ කටින් පිටවුනේ අපේ සමාජයේ කොටසක අදහස ඉංගිරිසියෙන්.

    ලංකාවේ එත්නික් ප්‍රශ්ණයට ඒ දවස්වල හුඟ දෙනෙක් කිව්වේ දෙමල ප්‍රශ්ණේ කියලයි. ඒ නොදන්නා කමටයි වැඩි පුරම. ඉතිං දෙමල ප්‍රශ්ණය දෙමලා ගේ ප්‍රශ්ණය වුණා. සිවා දෙමලා, ඒක සිවා ගේ ප්‍රශ්ණය වුණා!

    ඒ වදස්වල ඔය එත්නික් කියන වචනේ වැඩිය ප්‍රසිද්ධ නෑ. තාමත් සිංහල වචනයක් නෑනේ. අපි කැම්පස් කාලේ කිව්වේ ජාතික ප්‍රශ්ණය කියලයි.

    ReplyDelete
  27. මටත් මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි උනා.

    ReplyDelete
  28. මගේ තක්සේරුව හැටියට සිංහල බ්ලොග් ලියන්නන් අතර ඔය ප්‍රශ්නය එත්නික් ප්‍රොබ්ලම් එකක් විදියට දකින අය ඉන්නෙ හරිම අතලොස්සයි.

    දෙමල අය ගැන බොහොම කරුනාවෙන් කතා කරන බොහෝ අයට ඔය වචනෙ නම් වානා!

    ඒ අතින් (පවා) කතන්දර ග්‍රේට්..

    - සනාත

    ReplyDelete
  29. තාම සිව කුමාර් ඉන්නවාද ???

    කොහොම නමුත් මේ එක්තරා කොටසකගේ සටනක් වුණු නිසා ජනවාර්ගික අර්බුදයක් කියල සළකන්න අමාරු වුණත් බොහෝ දෙනාගේ හිත්වල මේක පැළපදියම් වෙලා තියෙන්නේ දෙමළ ප්‍රශ්නය කියලා තමා.

    හරියට යුද්ධය තිබුණු කාලේ බස් එකකට දෙමළ වගේ මනුස්සයෙක් නැග්ගොත් හරි දෙමළෙන් කතා කරනවා ඇහුණොත් හරි මූ නම් කොටියෙක්ද දන්නේ නැහැ කියලා හිතුවා වගේ තමා

    ReplyDelete
  30. කතන්දර,
    514 වතාවක් older post click කරන් නැතුව කෙලින්ම මුල්ම බ්ලොග් එකේ ඉඳල වර්තමානයට කියවගන එන්න ක්‍රමයක් තියනවද ? මම බදාදා නිවාඩුවකුත් දැම්ම කතන්දර ටික කියවන්නම

    ReplyDelete
  31. කතන්දර

    බ්ලොග් එකේ වම්පැත්ත කොහේවත් ගිහිල්ලා නම් නෑ ඒ තිබුන තැනම තියනවා . වැඩේ වෙලා තියෙන්නේ වම්පැත්තේ එලයිමන්ට් වැඩි වෙලා වගේ පොඩිත්තක් සූම් අවුට් කරලා බලන්න ඔයාට බ්ලොග් එකම හොඳින් පෙනේවි

    ඩිසයින් වලින් හැකි වේවි ඔය පරතරය ආයේ අඩු කරලා දාන්න

    ReplyDelete
  32. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    ත්‍රස්තවාදී ප්‍රශ්ණය බොහෝවිට දිගු කාලයකට [(2009+(1989-1971)] අවසාන වී ඇතත් ජාතික ප්‍රශ්ණය නොහොත් එත්නික් ප්‍රශ්ණය නම් තාමත් අමු අමුවේ බව පවසමි.

    ReplyDelete
  33. ""පේරා පොරවල්, කට්ටෝ විතරක් නෙමේ රුස්සෝත් "
    හරි හරි. පේරා පොරවල්. අනිත් එවුන් කට්ටො සහ රුස්සො. අනෙ මගෙ කට."

    What do you expect from a narcissist?

    ReplyDelete
  34. @මරුමුස්:
    ආ ඇත්තද . . . මං මේ නිකමට ඇහුවෙ . . .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.