Friday 4 November 2011

චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?


දැන් අවුරුදු දෙකකට විතර කලින් දවසක අපි මාතර පැත්තේ ඇන්ටි කෙනෙකු ගේ ගෙදර නෑගම් ගිහින් ඉන්න වෙලේ ඒ ඇන්ටි පොඩි පොඩි විහිළු කතන්දර දෙක තුනක් කිව්වා, බත් කාලා කෑම දිරවන්න කයියක් ගහං ඉන්න වෙලේ.

මෙයින් කතන්දර තුනක් මං පස්සේ දවසක බ්ලොග් එකේ පල කෙරුවා.

මාස විසි දෙකකට පස්සේ මේක කියෝපු ඇනෝවෙකුට දුක හිතිලා. මටත් ඒ ඇනෝවා ගැන දුකයි. මොකද අපේ සමහරු ලිඳ ඇතුලේම ඉන්නවා මිසක්, ජාතිය සහ ජාතිවාදය අතර වෙනස, ආගම සහ ආගම්වාදය අතර වෙනස, විහිළුව සහ අපහාසය අතර වෙනස අඳුණන්නේ නෑ.

රෝමයේ පෙන්නපු ඩා වින්චි කෝඩ් මූවි එක ලංකාවේ තහනම් වුනේ ඒ වගේ බබා ජෝක් කාරයෝ හින්දයි.

ආගම් දේශණා කරපු අය ඒ දහම මුලු ලෝකෙටම දායාද කළා මිසක්, එක එක පුද්ගලයින් ට හෝ, කණ්ඩායම්වලට හෝ ආණ්ඩුවලට කොපි රයිට්, පේටන්ට් කරලා බාර දුන්නු බවක් නං මං අහලා නෑ.

කොටින්ම හැම ආගමක්ම ඕපන් සෝස්!

මං පේරාදෙනියේ ඉංජිනියරිං ෆැකල්ටියේ දෙවන වසරේ ඉඳිද්දී ලියපු මේ පහත තියෙන කවිය පදනම් වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය මතයි.

චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්. සුවිශේෂී පුද්ගලික අයිතිකාරයෝ නෑ. හැමෝගේම දායාදයක්!

සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය

දුක දනිමි!

තෙතක් සිසිලක් නැති
වාලුකාවක තැණුනු
කම්මලෙහි ඉගෙනීම දුකක් වේ

ඉඳින්නට තැනක් නැත
හත් දෙනෙකු සිරවෙමින්
පුංචි සිර මැදිරියක
බෝඩිමේ ජීවිතය දුකක් වේ

පර බසැති පොත් බලා
මහ රැයේ නිදි මරා
කෝර්ස්වර්ක් ගැසීමද දුකක් වේ

පෝලිමේ හිරවෙලා
රසය ගුණ නොහිතලා
කැන්ටිමේ බත් කෑම දුකක් වේ

දුකට හේතුව දනිමි

අනඳ විදු පියසෙහි
පස් මහල් ශාලාවෙ
පන්තියක ඉගෙනීම හේතුවය

චැපල් ටෙම්පල් ලේන්
රේල්වේ ඇවනියු
පුද්ගලික පන්තිවල
තෙරපෙමින් ඉගෙනීම හේතුවය

වසර දෙකකට කලින්
උසස් පෙළ විභාගය
උසස් ලෙස දා ගැනුම හේතුවය

මහවැලියෙ ඉවුරු තෙර
මරු කතරෙ කම්මලට
පෙර පවට පැමිණීම හේතුවය

දුක නැසුම මම දනිමි

අම්මගේ අතින් හැදු
රස අහර බුදින සඳ
කැන්ටිමේ අද විඳින දුක නැතිය

ඉස්සරහ කාමරේ
හුරු පුරුදු ඇඳට වී
සිතු ලෙසින් නිදන විට
බෝඩිමේ අද විඳින දුක නැතිය

හැන්දෑවෙ ගම වටේ
සයිකලය පදින විට
කම්මලේ අද විඳින දුක නැතිය

මැජෙස්ටික් එම්පයර්
රියෝ රීගල් තුලදි
කෝස්වර්ක් නැති නිසා දුක නැතිය

දුක නසන මග දනිමි

දේශණාගාරවල
නිදි කිරා වැටෙද්දී
ලියාගත් නෝට්ස් පොදි ඉවත විසිකළ යුතුය

කෝස්වර්ක් ගහන්නට
පුස්තකාලයෙන් ගත්
පොත් ගොන්න එතැනටම දිය යුතුය

ඇඳුම් කඩමාලු ටික
ගමන් මළු තුලට දා
පැනිදෙනිය හන්දියට යා යුතුය

ටිකට් පත මිළට ගෙන
තුනයි විසි පහට එන
කොළඹ යන දුම්රියෙන් යා යුතුය

දනිමි හඳුනමි හොඳින්
දුකෙන් මිදෙනා එමග
නමුදු කෙලෙසක කරම්
අවැසි අභිනික්මන?

දහසකුත් එකක් බැඳුමෙන් බැඳී ඇත
දහසකුත් එකක් නෙත් යොමුව ඇත

පැහැදිලිය චතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය


-කතන්දරකාරයා

ප/ලි:
ආගම්වලට වගේ වගේ ඉස්කෝලවලට නම් අයිතිකාරයෝ ඉන්නවා, දන්නවා නේද?

(image: http://dougal.union.ic.ac.uk/scc/buddhist/buddhist2010/?page_id=75)

56 comments:

  1. මම කියවපු කතන්දරගේ ලස්සනම කවි පෙල. මෙච්චර හොඳට දුක, දුකට හේතුව, සහ දුක නැති කරන හැටි දැනගෙන තාම අභිනිෂ්ක්‍රමනය නොකල එක පුදුමයි.

    භාවනා ක්‍රම හොඳට ප්‍රගුන කල ගොඩාක් හාමුදුරුවරු කලින් හිටපු ඉංජිනේරුවොලු. එයාලට මොලේ වැඩ කරන හැටි සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳින් තේරෙනවා කියලයි කියන්නේ. කතන්දර ලස්සනට කතා කියන රහස ඒක වෙන්ටත් බැරි නෑ.

    හොඳට හිතලා බලන්ට වටිනා ලිපියක් උදෙන්ම කියෙව්වා. කතන්දර ඒ පිනේ බලෙන් සියලු දුකෙන් මිදේවා කියලා පතනවා...:D

    ReplyDelete
  2. මෙන්න දුක නැති කෙරෙන නියම ක්‍රමය.


    මම වැඩිය කවි කියවන්න ආසාවක් නැහැ, ඒ වුනාට මේ කවි පෙළ නම් රස වින්දා.

    ReplyDelete
  3. විහිළුව සහ අපහාසය අතර වෙනස දැකගන්න හොඳ චිත්‍රපටියක් තමයි " Monty Python's Life of Brian " මේක 1975 දී විතර හදල තියෙන්නේ. අද නම් ලෝකේ කිසිම රටක කිසිම ආගමක් ගැන මෙවැනි ප්‍රහසනයක් නිර්මාණය කරන්න බැරි බව ස්ථිරයි. හැදුවොත් මැරුම්කන්න වෙන නිසා. ඒ අතින් නම් ලෝකේ ගමන්කරලා තියෙන්නේ ආපස්සට.

    ලස්සන කවිය.

    ReplyDelete
  4. කතෝ මේ දුක ගැනම ලියන්නේ මොකෝ. අනිත් ආගම් ගැන කියන්න දන්නේ නෑ නමුත් බුද්ධාගම සොයාගෙන තියෙන්නේ සිහළ උරුමය බව නම් අමතක කරන්න එපා. එයාලට තමයි පේට්න්ට් එක තියෙන්නේ. ඔය බුද්ධාගම ගැන විවේචනාත්මක ලිපියක් ගියහම පාලි සංස්කෘත වලින් කොමෙන්ට්ස් එහෙම දාන්නේ ඒ අනුගාමිකයෝ. කවිය සෑහෙන රසයි. වින්දෙමි.

    ReplyDelete
  5. අපි සැපයි කියා සිතන බොහෝ දේ තුල අන්තිමට තියෙන්නෙ දුක තමයි ...ලස්සන කවි ට්ක ..

    ReplyDelete
  6. KK, me kiyala thiyena sathya kallayata saapekshai...eth chathu+arya (uthum) sathaya kiyana eka kaalaye pahara kamata lak venne ne...e wagema sadakalika sapaya laba denawa...eka hinada meakata chathuraraya sathaya kiyanawata ( i mean...title in the topic..but you have correctly used it in your poem) mayyage virodahaya!!!...onaa mekata chauthr sathaya kiyala dagaththata nam waradak ne...

    opensource kiyanne hamotama ganna puluwan wagema homotama contrbute karannath puluwan kiyala kiyana ekak nam ,,,,chathurarya sathaya kiyana eka hamotama paavichchi karanna puluwan unata eke theoritical vadi diyunu keerimak karnna bee...mokaada eaka avasaanama vadiduyunu karana lada sathaya nisa...

    "caesar ge dea caser ta denna..deviyange ge deviyanta denna".....

    ReplyDelete
  7. සිංහල බෞද්ධයින් පේටන්ට් එක ලියාගෙන තියෙන්නෙ බලහත්කාරයෙන් ගණන් ගන්න එපා .

    හැබැයි හැම ආගමක්ම ඕපන් සෝස් නැ ,අහවල් කෙනා තමයි සියල්ල දන්නේ සැක කරන්න එපා ඒකත් පව් කිව්වාම ඉතින් ඕපන් සෝස් ගතිය නැතුව යනවනේ , බෞද්ධ දර්ශනය හා හින්දු ආගම නම් ඕපන් සෝස් තමයි

    ජේසු තුමාව පදනම් කරගෙන හැදිල තියන නිකාය සංඛ්‍යාව සහ ඒවායේ තියන වෙනස් අරන් බැලුවාම , එතන්ත් ඕපන් සෝස් බව පේන්න තියෙයි . (ලිනකස් කර්නල් එකෙන් හදපු එක එක ඩිස්ට්‍රො වගේ තමයි )

    ReplyDelete
  8. ඊළඟ තත්පරයේදි ඔබ මැරෙනවා...ඔබ සූදානම්ද ?

    ReplyDelete
  9. "තම තම ඇම පමණින් දැනගතයුතු"

    ඕනෑම තියරියක් තමන්ට තේරෙණ (තමන්ට වාසි?) විදියට අර්ථ දක්වන්න පුලුවන්.
    උදා:චලිතය පිළිඹඳ නිව්ටන් ගේ නියම අපි කැමති කැමති විදියට අර්ථ දක්වනවා නේ.(an open source concept?)
    නමුත් Physics marking scheme එකකට ඒවා වලංගු ද කියන එකයි ප්‍රශනේ.

    ReplyDelete
  10. @weni -මම නම් අනිව සූදානම් ...මොකෝ තව ඉන්න ඕනිය කියල වැඩිපුර ඉන්න පුලුවන්යැ , යන දාට ගියා තමයි

    @ජයශ්‍රි - නිව්ටන් නියම එක එක විදිහට අර්ථදක්වනවාය කියන එක පැහැදිලි නැ , ඒකෙන් කන්සෙප්ට් එක වෙනස් නොවෙන තාක් කල් මාකින් ස්කිම් එකේ ලකුණු දෙයි (ලංකාවෙදි නම් ශුවර් නැ )

    හැබැයි වස්තුවක චලිතය නම් නිව්ටන් නියම නැතුවත් අර්ථ දක්වනවානේ ?

    ReplyDelete
  11. @Buwa,
    තව දුරටත් පැහැදිලි කළොත්, අප පාසල් සමයේ අපට සහෝදර සිසුවෙක් පහරදුන්නොත් පෙරලා ඔහුට පහරදී අප කියනවා නිව්ටන්ගේ 3 වන නියමය ක්‍රියාත්මක වීම ගැන(ඇත්තටම මේක අහිංසක විහිලුවක්).(ඇත්තටම මෙතනදි ක්‍රියා-ප්‍රතික්‍රියා පිළිඹද නියමය 2වතාවත් ක්‍රියාතමක වෙලා).මම කියන්න උත්සහ කළේ වස්තුවල චලිතය පැහැදිලි කරන්න නිව්ටන් යොදාගත්ත තියරි අපි (සෙල්ලමට වාගේ) අපේ වෙනත් අවශ්‍යතා වලට යොදාගන්නවා.කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ.(අවශ්‍යත් නෑ).නමුත් Marking scheme එකකදි (i.e Seriously)ඒවාට සැලකිල්ලක් ලැබේද?

    ReplyDelete
  12. ඇත්ත මචො ඔය ආගම්වාද ජාතිවාද අමුලික බොරූ බං....
    ඔව එක එකා ලගේ ලාබප්‍රයොජන වලට හදලා කිරිපොවල ගන්න නයි වගේ...
    හ..හ...ඉහෙන ගන්ට පට්ට කට්ටක් කාපු එකා තමා එකේ රහ දන්නේ.....

    ReplyDelete
  13. කතන්දර විශ්ව විද්‍යාලයේ දි ලීව කවි වලින් , දැනට මෙහි පල වූව ලස්සනම කවිය .

    ආගම ගාවගන්නෙ කොතනද , එතන එකම කාලගෝට්ටියක් වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නැහැ.හැම ආගමක්ම ඕපන් සෝස් තමයි, තමන් කැමැති නම් වැළඳ ගන්නවා, අදහනවා , අකැමැති නම් අතඅරිනවා.ඒත් ඉතින් එහෙමයි කියලා , වෙනත් ආගම් වලට ගරහන එක වැරදි. තමන් අදහන ආගම තමයි උසස්ම කියල පෙන්වන්න යන එකත් වැරදි.

    කතන්දරට ඉතින් ඇනෝලගෙන් කවදත් හිරිහැර තියෙනව නෙව.ඇනෝලට පිං සිද්ධ වෙන්නම කතන්දරගෙ හොඳ පෝස්ට් දෙක තුනක්ම කියවන්න ලැබුනා...

    ReplyDelete
  14. චතුරාර්්‍ය සත්‍ය පෙන්වන්න පළ කරල තියෙන පුංචි සාමනේරයන් වහන්සේලා හතර දෙනා දැක්කම නම් කිසිම දුකක් දැනෙන්නෙ නැහැ. ජීවත් වෙන්න ආසාවක් ඇති වෙනවා... හරිම ලස්සනයි. මල් වගේ.

    ReplyDelete
  15. මමත් කකාගේ දැකපු ලස්සනම කවිපෙල. ඔබගේ ආගම සංකල්පයට මමත් එකඟයි. බුදුන් වහන්සේ ලොව පහල වුනත් නැතත් ඔය සංකල්ප නැති වෙන්නෙ නැහැ. ඔය හැම එකක්ම ස්වභාව ධර්මයේ තිබෙනවා. මේ මිනිස්සු මේවායින් මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ. මම වෛද්‍යවරයෙක් විදියට බුදු දහම මිනිස්සුන්ගේ ලෙඩ සුවපත් කිරීමට යොදා ගන්නවා. ඒකෙන් වෙන්නේ නිවන කරා යාම නෙමේ. මිනිස්සුන්ගේ මානසික තත්ත්වය සවිශක්තිමත් කිරීම. හැබැයි කැමති කෙනෙක්ට නිවන් මාර්ගයේ යන්නත් පුළුවන්. ඕනෙ කෙනෙක්ට ඔනෙම දේකට ප්‍රයෝජනයට ගන්න පුලුවන්. අපි තාම ඉන්නේ ලිදේ ඒකයි මේ. මම නම් ඕවා ගනන් ගන්නේ නැහැ. මට මොකද? මගේ රොගීන් සුව වෙනවා නම් මට ඒ ඇති.

    මටත් ඔය වැඩේම වුනා මම ගනන් ගත්තේ නැහැ. මම කියන දේ මම ප්‍රායෝගිකව ඔප්පු කරලා තියනවා. රිසර්ච් කරලා තියනවා. ලෙඩ්ඩු සුව වෙනවා. ලෙඩ්ඩුන්ටයි මටයි හොඳ නම් වෙන කාටවත් මොකද? මම මේ වගේ ලිපියක් ලිව්වා ඒකට ඔය ඇනෝලට තද වුනා. මම අනුකම්පා කලා.

    ReplyDelete
  16. ඕපන් සෝස් නම් විකුනගෙන කන්න තහනම්..
    ඒත් අද දකින ආගම් විකුණාගෙන කෑම දකින විට ආයෙත් ආගම් ඕපන් සෝස්ද කියලා හිතෙනවා...

    කතන්දර ලියපු චතුරාර්ය සත්‍යය ඇත්තටමත් අත්දැකලා තියන නිසා කවිපෙල අපූරුවට මතක හිටියා...

    ReplyDelete
  17. should have started with preschool

    ReplyDelete
  18. "බ๤຺න๞ වහන๞๧ස๞ ๧ල๟ව පහල ව๤නත๞ න๠තත๞ ඔය ස๜කල๞ප න๠ත๢ ๧වන๞๧න න๠හ๠"

    then who is going to reveal those concepts? Is it "Maha vedana"

    Vala yana athata massa gaseema kiyaane mekata thamai....

    ReplyDelete
  19. මේ කවිය නියමයි කතන්දර.. ලෙසටම ලියල... පට්ටයි හොදේ....

    ReplyDelete
  20. කතන්දර, මාතලන්, බුවා.
    පේටන්ට් එක බලහත්කාරෙන් ගන්න ට්‍රයි කරනවා. සරළවම කිවුවොත් එයාල හිතාගෙන ඉන්නෙ, එයාල නැතිවුන කාලෙක බුදුදහම නැතිවෙයි කියලා. මම මගේ පෝස්ට් එකක පන්සලක් ගැන කිව්ව විතරයි එක ඇනෝවෙක් අහනවා "උඹ මුස්ලිම් නේද?"කියල. මට මෙතනදි මතක් වෙන්නෙ කකා ඉස්සෙල්ල කියපු කියමනක්."බ්ලොග් අවකාශයේ සිටින්නන්ද සමාජයේම පැතිකඩක්" කියල(ඔය වචනම නෙවේ වෙන්න ඇති).මොකද ජාතිවාදීන් ආගම් වාදීන් ද්‍රෝහීන් මාණුෂවාදීන්... ආදී ඔය කියන ඔක්කොම ජාතියෙ අය මේ 1000ක් 1500ක් ඇතුලෙ ඉන්නවා.

    ReplyDelete
  21. "ජීවිතං අනියතං...
    මරණං නියතං..."


    අපේ ආගම් ඕපන් සෝස් හින්දා අපේ සමහරු ධර්මයේ එහෙන් මෙහෙන් සෝස් කෝඩ්ස් කොපි කරගෙන තමන්ට ඕන ඕන විදිහට කෝඩිං කරනවා. ආගම් වැනසෙනවා. මිනිස්සු රැවටෙනවා.

    ලස්සන කවි ටිකක් කතන්දර...

    ReplyDelete
  22. වසිලිස්සා4 November 2011 at 12:32

    අර්ථාන්විත කවි ටිකක් කියෙව්වා.කතන්දර කියන්න වගේ හැම ආගමකම,තලෙබාන්ලා ඉන්නවනේ :)

    ReplyDelete
  23. කවිය ලස්සනයි. පරණ ජෝක් එල.

    අනොවාට පිස්සු. මනුස්සයෙක් අදහසක් ප්‍රකාශ කර ගමන ඒකට වට බඳින්න ඕනේ නැහැ. මේ කතාවේදී කතන්දරගේ පැත්තේ.

    හැබැයි "ආගම් ඕපන් සෝස් ය" කියන්නේ සම්පුර්ණයෙන් වැරදි කතාවක්. ආගම් කියන්නේ කෙනෙකු දේශනා කල දෙයක් මිස බොහෝ දෙනෙකු ටිකෙන් ටික ගොඩ නගන දැනුමක් නොවේ. ආගම් වල නිකාය හැදෙන්නේ නොතේරුම් කමට හෝ කට්ට කමට විවිධ දේශනා වෙනස් ලෙස අර්ථ දැක්වීමෙන්. ඒවා පරණ කතාවම නැවත කීමක්‌ විනා FOSS සංකල්පය අනුව යන දැනුම වඩා වර්ධනය කිරීමක් නොවේ.

    ReplyDelete
  24. අනිත් එවුව නං දන්නෙ නැහැ කවි ටික නං පට්ටයි .......

    ReplyDelete
  25. Traffic Ano
    පොඩි ෂෙන් කතාවක් කියන්න අවසර!
    පන්සලේ ලොකු හාමුදුරු‍වො වයසකයි. මහ රෑ ඉන්න බෑ සීතල. (මේ ජපානෙ කතාවක්නෙ) ගිනි තපින්න දර කෑල්ලක් හොයාගන්න නෑ. ලොකු හාමුදුරුවො පන්සලේ තිබුනු පරණ ලී බුදුපිළිමයක් අරගෙන ඒකට ගිනි තියල ගිනි තැප්පා.
    පන්සලේ හිටපු පොඩි හාමුදුරුවරුන්ට මේකට ජුවල්. ඒත් ලොකු හාමුදුරුවො මුවින් නොබැණ හිටියා. ගිනි ගොඩ නිවිලා අඟුරු පෑදුනාම ලොකු හාමුදුරුවෝ කෝටු කෑල්ලක් අරගෙන දර ගොඩ අවුස්සනවා. පොඩි හාමුදුරුවො ඇහුවා මොනවද හොයන්නෙ කියල.
    ලොකු හාමුදුරුවො උත්තර දුන්නා.
    මං හොයන්නෙ “සර්වඥ ධාතු”

    ReplyDelete
  26. Traffic Ano
    ඔය කවි පන්තියෙ විස්තර කරල තියෙන්නෙ ඇත්තම චතුරාර්ය සත්‍යය එහෙම නෙවෙයි නේද?

    ReplyDelete
  27. කොර! මටනම් දිව්‍යලෝක චාරිකාවෙන් පස්සෙ හොඳම කවි ටික.

    ReplyDelete
  28. අපූරු කවි පෙළ.

    "පැහැදිලිය චතුර් සත්‍යය - අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය"

    අභිනිෂ්ක්‍රමණය කෙසේ වෙතත් සත්‍ය අවබෝධ කරගන්නේ කීයෙන් කීදෙනාද??? මං මේ කියන්නේ අපේ 'පේටන්ට් බෞද්ධයෝ' ගැන.

    ReplyDelete
  29. මොනා වුනත් පට්ට කවි ටික...

    ReplyDelete
  30. @රූ...
    ඕපන් සෝස් (හරියටම කිව්වොත් GPL) කැමති කෙනෙකුට විකුනගන්න පුලුවන්. කිසිම බාදාවක් නෑ.

    @කකා.
    හැම ආගමක්ම ඕපන් සෝස් නෑ :-)
    http://en.wikipedia.org/wiki/Scientology

    ReplyDelete
  31. ෂාහ් නියම කවි ටික :)))))

    ReplyDelete
  32. මම හිතන්නේ අපි ඕනෙම කෙනෙක්ට ඔතන තියන තැන් ටික තමුන්ට අදාල තැන් වලින් රිප්ලේස් කරන්න විතරයි තියෙන්නේ... චතුරාර්ය සත්‍යය පැහැදිලියි... !!!

    දැන් දැන් ඕපන් සෝස් වලටත් අයිති කාරයො බිහිවෙනව වගේ මට නම් පේන්නේ...

    ReplyDelete
  33. කොකාවල මහත්තයගෙ කතාව හරි වගේ. ඒත් ඉතින් දේශකයා අනුව ආගමේ කියල තියෙන කාරණා වෙනස් වෙනව. ආගම් වල තියෙන්නෙ ටිකෙන් ටික ගොඩනගපු දැනුමක් තමයි.

    ReplyDelete
  34. බුදු දහමට ඕනේ නැති වචන කියා අපහාස කරනා ඊනියා කතන්දරගේ ඊනියා බ්ලොගය දෙකට ඉරා කුණු කූඩයට දැමීමට
    සියළුම සකළ ලංකා වාසී සිංහලබෞද්ධයනි (තනි වචනයකි) එක්වවු..!

    ප.ලි: බුදු හාමුදුරුවෝ අංගුලි මාලව දමනය කළේත් එහෙමනේ, ගැහුවා එකක් යටි බඩට අන්ගුලිමාල බිම. අහ් එතකොට චින්චිමානවිකාව, ඒකිට කිව්වේ, දෙකයි දෙකේ කුණු හරුප වලින්, කොණ්ඩේන් අල්ලලා දෙවුරම් වෙහෙරෙන් එළියට දැම්මේ. එතකොට බුදු හාමුදුරුවන්ගේ මස්සිනා, දෙව්දත් ගල පෙරලපු වෙලාවෙම නැග්ගා ගල උඩට දුන්නා එකක් පයින්, බිවු රන්කිරි කටින් එන්න. අන්න එහෙමයි බුදු හාමුදුරුවෝ වැඩ කලේ. අපිත් යන්න ඕන ඒ පාරේ.

    කමෝන් බෝයිස්.

    ReplyDelete
  35. ටිකක් කල්පනා කරල බැලුව පොර ටෝක්ස් එකක් දෙන්නෙ කෝමද කියල.

    මෙහෙම යමක් හිතට ආව.

    කතන්දර ඔහුගේ ශෝක් (විස්කි වගේ) කවි ටිකට පාදක කොට ගෙන ඇත්තේ වැඩි හිටි දිවියට එලඹෙන්න තරුනයකුගේ හිතේ ස්වභාවිකව නැගෙන භයයි. ජීවිතයට මුහුන දීමට ඇති භියයි.

    එය චතුරාර්‍ය සත්‍ය නොවේ.

    ඒ නිසා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී ඇතයි සිතෙන මතෘකාව වෙනස් කල මැනවි.
    එවිට ඔවුන්ද ඔබද දුකින් මිදෙනු ඇත!

    පර බසෙන් ඉගෙන එබසට ගරහන එකත් ලිදෙන් දිය බී ගඟට ආවඩන්නා කතාවක වගේ.
    (මෙය අනාර්‍ය සත්‍යක් බව නම් කිව හැකිය)
    එය සත්‍ය අවබෝදයටද බාදාවක්.

    කමක් නෑ පොඩි කාලෙනෙ එය ලියල තියෙන්නෙ.

    ReplyDelete
  36. @මාලන්,
    ඔයා බොරුවට බය වෙලා වල්ගේ පාගන් කෑගහන්නේ.ප්‍රතිචාරකරුවෝ අතිමහත් බහුතරයක් හොදයි විශිෂිඨයි උත්කෘශ්ඨයි කියල වැල යන අතට ම මැස්ස ගහල මිසක් මේකවි ටික විවේචනය කරල තියෙන්නේ පුද්ගලයන් 2ක් ම විතරයි.

    ReplyDelete
  37. මාලන් අන්න කියුවා.. ධර්මිෂ්ට සමාජයක සිතුවිලි, මල් වට්ටිය විතරයි අඩු!!

    ReplyDelete
  38. @ All
    සියළු දෙනාටම
    මං පස්සේ කාලෙක මේ කවියේ නව රිද්ම වර්ෂන් එකකුත් කළා.
    ඒකට තරගයක මුල් තැන ලැබිලා පොත් මිටියක් තෑග්ගට ලැබුණා!

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  39. නියම කවි පෙල.......
    ලෙසටම ලියලා තියෙනවා...........:)

    ජය වේවා.............!!!!

    ReplyDelete
  40. මම කවි කියවන්න වැඩිය කැමති නෑ . . ඒත් මේ තමයි මම කියවපු කතන්දරගෙ සිරාම කවි සෙට් එක

    ReplyDelete
  41. මෙන්න මයියා ගෙන් මේ කතන්දරයට දිගුවක්.

    http://maiyyagelokaya.blogspot.com/2011/11/kathandharashuuriingea-oapan-soers.html

    ReplyDelete
  42. එල..අද තමයි ක්තන්දර කියවන්න ආවේ

    ReplyDelete
  43. හැඟුම්බර කවි පෙළක්. :)

    ReplyDelete
  44. ඕක සාපේක්ෂ දෙයක්නේ කතන්දර..
    ඔයාට තෙතක් සිසිලක් නැති වලුකවේ තැනුණු කම්මලේ ඉගෙන ගන්න එක දුකක් වෙනකොට අපිට තෙතයි සීතලයි දෙකම තියෙන ලන්ඩන් වල ඉගෙන ගන්න එක දුකක්.
    හත් දෙනෙක් එක පුංචි කාමරේක ඉන්න එක ඔයාට දුකක් වෙනකොට තනියෙන් අපාර්ට්මන්ට් එකේ ඉන්න එක මට දුකක්.
    කොර්ස්වක් නම් ඉතින් කොහෙත් දුක තමා.. සර්ව ලෝක සත්‍යයක්.
    කැන්ටින් බත් ඔයාට දුකක් වුනාට බත් දැකපු කාලයක් මතක නැති මට සුද්දගේ කෑම දුකක්.

    ඉතිරියත් ඔය වගේ ලියන්න පුළුවන්..
    එක නිසා චතුරාර්ය සත්‍යය පැහැදිලි නෑ.

    මම දන්නා විදිහට එක සාපේක්ෂ දෙයක් නෙවෙයි.

    ReplyDelete
  45. @ Grey:

    බියුටි එක කියන්නෙ ඔය තම තමන් ඉන්න ඕනෙම තැනකට සාපේක්ශව චතුරාර්ය සත්‍ය ඇප්ලයි කරගන්න පුලුවන්. ඒ අතින් ඔබ කියපු දේ වැරදියි. චතුරාර්ය සත්‍ය අන්තිම පැහැදිලියි. ඒකනෙ ඒ තරම් ජනප්‍රිය! ලස්සනම දේ තමයි... දුක නැති කිරීම (නිවන ) නම් සාපේක්ශ නැති දෙයක්.

    කතන්දර කවියෙන් කියන්නෙ වෙනදෙයක් ගැන වුනත් (මට තේරෙන හැටියට කැම්පස් කට්ටෙන් පසු ලැබෙන්නට නියමිත සුවපහසු ජීවිතය සහ ඒ ගැන තමා සහ තම සමීපතමයන් තබා ඇති අහිංසක බලාපොරොත්තු බිඳලිය නොහැකි බව ), මේ උපහාසය (නොදැනුවත්වම?) හොඳින් ගැබ් වෙලා තියෙනවා.

    සුලබ අත්දැකීමක්... නමුත් හරිම රසවත් කවියක්...

    - සනාත

    ReplyDelete
  46. ශා..නියමයි ආ..
    දැන් නම් දන්නව මේ කවිය පට්ටම පට්ට ඇත්ත කියල...
    කියල වැඩක් නෑ අනේ...
    පැනිදෙනිය හන්දිය දකින කොටත් සැපයි ආ...!!!!

    ReplyDelete
  47. දැනුම ටිකක් මදි වගේ ඔපෙන් සෝස් ගැන කියන්න .... ටිකක් ඔපෙන් සෝස් ගැන කියෙවොත් හොදා නේද ?? පොඩ්ඩක් ගිහිල්ල විකිඅ පැත්තේ කියවල එමුකො බල්ලන්න... කවියනම් රසවත් ..... ( තිරිසන් රසය කියල එකක් ගැන අහල තියනවාද ? එත් එක අදාල නැ කවිය රස විදින්න) කවිය රසවින්දා. බුද්දහගම කියන්නේ දර්ශනයක් නේ ... ඉතින් ඒ ගැන කතා කරල වැඩක් නැ නෙව.. අනික පොස්ට් එකක් දානකොට දෙයක් දන්නවා වගේ ප්රෙටෙන්ඩ් කෙරන්නේ නැතිව දන්නා කෙන්ගෙඩිය කිව්වනම් ඔබ තුමාට ඔහොම වෙන්නේ නැ. එල හොදේ .....

    ReplyDelete
  48. ආ.............. මම මේ කලින් ඇනො ම තමයි..... තිබ්බ හදිස්සියට මට දෙයක් මිස්ස් උනා නෙව .... දැන් ඉතිනේ නහින දෙහින කාලෙනේ කොල්ලෝ ... අපිට සිහිය නෑ බෝල්වූ තොපි වගේ .... Grey කියන කතාව නම් ඇත්ත... උට විතරයි මොලයක් තියෙන්නේ ( මෙතන තව පැත්තක් තියෙනවා ... සිංහල බෞද්ද වෙන්න සිංහල ලියන්න ශින්හලෙන් ඉගේන ගනන්න ඕනේ නෑ බොලව්... ) .... අපේ කතන්දර ගෝයිය දන්නා කෙන්ගෙඩියක් නැතිව ( බුද්ධාගම සහ ඔපෙන් සොඋර්චේ දෙකම් ) පොස්ට් එකක් ලියල උබ්බෑ කිව්වට මොකද තව අනෝ එකෙක් සහ බියුටි ළමය දන්නවා වගේ කිව්වනේ මේ ගෝයිය හරි කියල. එගොල්ලෝ සහ එකී මෙකි නොකී පඩියෝ කිව්වන්නේ බෝල එක එහෙම තමයි කියල.. මට එපා උනා බෝල මේ කෝලම් දැකල..... යකෝ කොල්ලොනේ කෙල්ලොනේ තොපි කියන විදියට චතුරාර්ය සත්‍ය තොපිලට රෙන්න බර හැදෙන එකටත් අප්ප්ල්ය් කෙරන්න බෑරිය බොළ.. යකෝ එක හරි ගැබුරු දෙයක් බොළ ... චතුරාර්ය සත්‍ය කියල තියෙන්නේ එක දෙයකට විතරයි බොළ ... ඉපදීම දුකක් කියන්න විතරයි බොළ එක යොදන්නේ.... ඒ දෙක තෝපි කොල්ලොන්ගේ තියෙන අහවල් දෙක වගේ එකට ඇල්ලිල තියෙන්නේ බොළ... එතනේදී එක නිරපේක්ෂ දෙයක් බොළ .... තොපිලට එක නිකන් හැම මගුලකටම අප්ප්ල්ය් කොරන්න ඇහැකි වෙන්නේ තොපිලගේ අවබෝදයේ අඩුකම. තොපිලගේ මනස සියුම් නෑ බොළ ඕව දකින්න .... වචන තේරුම විතරක් ගන්න එපා බොළ .... හොදට හිතල බලාපිය බොළ... එකට තමයි බොළ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝද කරගන්නවා කියල..... තොපි කරලා තියෙන්නේ තේරුම් ගෙන ..... තොපිල බයිල ගැහුවොත් දෙනවා දෙකක් මගේ හැරමිටෙන් කොන්ද කැඩෙන්න....

    ReplyDelete
  49. //එකට තමයි බොළ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝද කරගන්නවා කියල..... //

    එතකොට මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙක්ද කමෙන්ටුව දාල තියෙන්නෙ

    ReplyDelete
  50. තූ නොදකින් බොළ ...... තෝ එහෙමත් අහනවද වැඩිහිටියන්ගෙන්...... තොපිව් මකල හදන්න ඕනේ ... තොපිල ඔය නොදන්නා කේන්ගේඩි ලියන්නේ නැතිව දන්නා මල මගුලක් ලියපිය බොළ... ... අපි තාම නාකි උනත් මොලේ වැඩ කොලුවෝ ..... තොපිල වගේ එහෙට මේහෙට පැනල වැඩ කොරන්න සක්තිය නෑ බොළ .... නැත්නම් බොළ මම අනෝ වේයි ද ? - ජොලි සීය -

    ReplyDelete
  51. ජොලි සීයාගේ පුතා10 November 2011 at 12:12

    කලබල වෙන්න කාරි නැ......මේ කවියේ පදනම වැරදී කියලා දැනටම කතන්දර පිලිගෙන ඉවරයි.....මය්යා බ්ලොග් එකෙ කතන්දර ඒක පිලිගෙන ඉවරයි...

    ReplyDelete
  52. @ All
    මේ කයි-කතන්දරය ගැන, එනම් මේ සමග එන කවිය පිළිබඳව පසුව ලියූ පෙරවදන ගැන, නොයෙකුත් දෙනා විවිධ අදහස් පළකරලා තියෙනවා.

    මයියා නමැති බ්ලොග්කරුවා ලිපි දෙකක්ම ලියලා. ඒ මුල් ලිපියේ අදහස් ගැන මගේ අවුලක් නැති බව මං එතන ලිව්වා!

    මේ චතුරාර්ය සත්‍යය ගැන මගේ අවංක අදහස කියනවා නම්.

    1. අප දන්නා චතුරාර්ය සත්‍යය බුදු දහමේ එන සංකල්පයක්. එහි සඳහන් වෙන්නේ සසරෙන් එතෙර වීම ගැණයි.

    2. නමුත් ඒ සංකල්පය හෝ වචන මාලාව කාට හෝ එක් අයෙකුට හෝ එක් පිරිසකට අයිති නැහැ.

    3. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විඳින දුක සහ ඉන් මිදීම ගැන කතාකරන්න මං චතුරාර්ය සත්‍යය සංකල්පය උපයෝගී කරගත්තා. ඒකේ වරදක් ඇතැයි මං හිතන්නේ නෑ. මා එලෙස කිරීමෙන් බුදු දහමේ එන සංකල්පයට අඩුවක්, අපහාසයක් හෝ වෙනත් දෙයක් වෙන්නේ නෑ.

    4. මගේ කවියෙන් කියවෙන්නේ දුකට විසඳුම දුක තුලින්ම ලබාගත යුතුයි කියායි. එය අප දන්නා චතුචාර්ය සත්‍යයේ අදහසට තරමක් ප්‍රතිවිරෝධී අදහසක්.

    5. අභිනිෂ්ක්‍රමණය කියන සංකල්පයේ මට තේරෙන අදහස නම් තිබෙන රාමුවට යටවී ඉඳීමෙන් නොව විමුක්තිය ලැබෙන්නේ එය සමතික්‍රමණය කිරීමෙන් බවයි. බුදු දහම ආගමක් කරගෙන එය බදාගෙන එහිම ගැලී එයින් පිට නොසිතා සිටීම ඒ සංකල්පය බැහැර කිරීමක්. විමුක්තියෙන් ඈත් වීමක්.

    ජයවේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  53. ජොලි සීයගේ පුතා11 November 2011 at 06:57

    මේ පූසා නම් කෝ මස් රාත්තල....මේ මස් නම් කෝ පූසා...

    ප්‍රතිපත්තිගරුකයි කිව්වා නේද? ලැජ්ජයි හෝදේ.....

    ReplyDelete
  54. කොලුවෝ ඉදල හිටලා එමුකො ගෙවල් පැත්තේ.... හොද කහට කෝප්පයක් බීල විටක් හපනගමන් මම උබට කියල දෙන්නම් මේ කරුණු කාරනා.... උබට තේරෙනවා මදි කොල්ලෝ ... අහිත කට කියනවා නෙමේ... උබේ ඔය බ්ලොග් උවට කට්ටිය යනවා එනවා නෙව .... වැඩිහිටියන් විදියට අපි උබලව නොමග යන්න නොදී තියාගන්න ඕනේ නේ බන් .... මේ විමුක්තියට කියන්නේ මොන හැරුපයකට ද බන් ??? අභිනිෂ්ක්‍රමණය කියන්නේ බන් ක්‍රියාවකට නේ .... උබ මට කියනවනේ තියෙන රාමුව ඈත් කොරන්න කියල ... ඒ මොන කෙන්ගේදියකට ද බෝල .... මගේ ලේ රත් වෙන්නේ ඔය වෙලාවට කොල්ලෝ ..... උබල අද මේ නැගල මේ ඒරොප්පේ ගියාට එහෙමත් පුලුවන්ද ඇ ඒරොප්පේ යන්න ඒදවස්වල .... ඒකාලේ නැවී නැගල ගියේ බොහොම පරිස්සමින් ... දෙයක් දැනගෙන .... අසාගෙන .... පොතක් කියවල ...... සිතියමක් බලල ..... උබ ඔය කියන රමුවත් ඒ වගේනේ කොල්ලෝ ..... මම දැන් තොපිට සීය උනාට මාත් ගිය බෝල ඒරොප්පේ මගේ ගෑනි බැදපු අලුත... සා... බලන්න එපැනේ ඒවාවල තියෙන විගඩම් ..... - ජොලි සීය -

    ආ ... ආයෙත් අමතක උනනේ බෝල .... මගේ කොල්ලත් දැනුම තේරුමක් තියන එකා .... උබට දන්නේ නැති මල මගුලක් තියේනම් ඔකගෙන් අහපන් කෝ ........ උබට ඈහැකි නම් හොද විටක් අරගෙන වරෙන් බන් එනකොට ... හොද විටක් කැවේනැ හුග දවසකින් .............

    ReplyDelete
  55. @ජොලි සීයා,

    කතන්දර ඉතා පැහැදිලිව සඳහන් කරපු "චතුරාර්ය සත්‍යය ගැන මගේ අවංක අදහස" ගැන ඔහේගෙ අදහස කියමුද බලන්න....හැකිනම් අභියෝගයක් විදියට බාර ගන්න බහුබූත දොඩවන්නෙ නැතුව....

    - සනාත

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.