දේශපාලනේ නැති තැනක්, නොගෑවිච්ච තැනක් නෑනේ.කෞතුකාගාරයේ ඉඳලා කැවුතුකාගාරය දක්වාම, අකාරයේ ඉඳලා විකාරය දක්වාම, සූතිකාගාරයේ ඉඳලා ආදාහනාගාරය දක්වාම, මංගලාරාමයේ ඉඳලා චාරිකාරාමය දක්වාම, මල්වත්තේ ඉඳලා පොල්වත්ත දක්වාම, අර්ජුන රණතුංග ගේ ඉඳලා මයිකල් ක්ලාක් දක්වාම දේශපාලනේ.
එහෙව් එකේ කසාදෙටත් දේශපාලනේ බලපාන බව කිව්වොත් ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ.
කසාදේ ගැන කියන කොට මට නං මතක්වෙන්නේ රත්නායක මහත්තයා ගේ බොස් ගේ ලයිස්තුවට මං එකතු කරපු නම්බර් සීරෝ කොන්දේසියයි. ඒක අති වැදගත් එකක් තමයි, හැබැයි මං මේ අද කියන්න යන්නේ ඒ සේරටම වඩා වෙනස් කතාවක්. තියරියක් කියලා කියන්නත් පුළුවනි.
ඒ කියන වෙනස තමයි, බාහිර පරිසරයේ සාධක පවුල් ජීවිතේට බලපාන හැටි ගැන මේ තියරියෙන් කියවෙන එක.
දැන් මෙන්න මගේ තියරිය.
විවාහ ජීවිතය යහපත්ව පවත්වාගෙන යාමට නම්, පති-පතිනි යුවල එකම දිශානතියක දේශපාලන දර්ශනයක් දැරිය යුතුය.
මේකේ විලෝම නියමය මෙහෙමයි.
සැමියා සහ බිරිඳ එකිනෙකාට ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන්නේ නම්, ඔවුන් ගේ විවාහ ජීවිතය හැල හැලැප්පීම්වලට ලක්වීමට ඉඩ ඇති අතර, අවසානයේ දික්කසාදයෙන් පවා අවසන් වීමට ඉඩ ඇත.
සුද්ධ සිංහලෙන් කියනවා නං මෙහෙමයි.
ගෑණියි, මිනිහයි දෙන්නාගේ ම පොලිටිකල් අදහස් සමාන නම් කසාදේ නැගලා යනවා. විරුද්ධ අදහස් තියෙන දෙන්නෙක් අතර පවුල් කෑම අමාරුයි. දික්කසාද වෙන්න පවා ඉඩ තියෙනවා.
ගෑණියි, මිනිහයි වෙනස් දේශපාලන අදහස් තියෙන පවුල්වල ප්‍රායෝගිකව වෙන්නේ මේකයි. කසාදෙන් පස්සේ කාලයත් සමග එක්කෝ ගෑණි මිනිහා ගේ විදියට හැඩ ගැහෙනවා, නැත්තං මිනිහා ගෑණි ගේ විදියට වෙනස් වෙනවා. බොහොමයක් තැන්වල දෙන්නාම වෙනස්වෙලා දේශපාලන අදහස් සමපාත වීමක් සිදුවෙලා දෙන්නාට සාමකාමී සහජීවනයෙන් ඉන්න ඉඩ ලැබෙනවා.
දැන් මෙන්න උදාහරණ විදියට මං දන්න පොඩි කතන්දර දෙකක්.
මං දන්න ඇන්ටි කෙනෙකුයි, අංකල් කෙනෙකුයි හිටියා, අංකල් අති උග්‍ර දක්‍ෂිණාංසිකයෙක්, කොටින්ම ඊශ්‍රායලයට පක්‍ෂපාත, රොනල්ඩ් රීගන් දිනන කොට රතිඤ්ඤා පත්තු කරන තරමේ. ඇන්ටි මේ අංකල්කාරයා එක්ක ඉහ ගහගෙන හිටියේ ඇන්ටිගේ නි්‍යුට්‍රල් කම හින්දයි. ඒත් ඝර්ෂණය ඇතිවෙන තරමට අංකල් දකුණු ඉවුරේ. දැන් නම් අංකල් මිය පරලොව ගිහින්.

තව ඇන්ටි කෙලනෙකුයි අංකල් කෙනෙකුයි ඉන්නවා, බඳින්න කලින් ඇන්ටි යූඇම්පී. කොටින්ම පලාතේ මංත්‍රී පාරේ යනකොට තමන්ගේ ඉස්කෝලේ කොලපාට ටයි එකෙන් වේව් කරන තරමට යූඇම්පී ඉස්කෝලේ කෙල්ල කාලේ ඉඳලාම. අංකල් නං කොල්ලා කාලේ ඉඳලාම වම් ඉවුරේ පොරක්.
දෙන්නා බැඳලා ටික කාලයක් ගියාට පස්සේ මට තේරුණා දෙන්නාම ආගම්වාදී, ගෝත්‍රවාදී, ජාතිවාදී ලයින් එකකය යන්නේ කියලා. දැන් මේ වෙනකොට ඩබලම බලන්නේ අයිටීඇන්. උදේ හවා සුභ අනාගතයක් කියනවා හම්බවෙන අයට. මෙතන වුනේ ඩබලම ඩයිවර්ජ් වෙලා සමපාත වීමක්.
-කතන්දරකාරයා
ප/ලි:
තවත් ඔය වගේ කතා අනන්තවත් ඇති නේද?
(images: http://www.dailynews.lk/2006/04/29/spice03.asp
http://www.lankaegossip.com/2011/04/anoma-janadari-nudity-is-life-of-woman.html)