Monday, 31 August 2009

ඉන්දියන් කාරයා ට ලැබුණු බර්ත් ඩේ කාඩ් එක


ටික කාලෙකට කලින් ඉගෙනීමෙ වැඩකට සෙට් වෙලා හිටිය දවස් වල මට හම්බ උනා ඉන්දියන් කාරයෙක්. දැන හඳුන ගත්තට පස්සෙ අපි තරමක් මිතුරු උනා. පොර ගෙ නම එස්.සී. මිශ්‍රා. මුලකුරු වලින් කියවෙන්නෙ සුබ් චන්ද්‍ර කියන නම් දෙකයි.

මිනිහ හොඳ පොර. එලවළු ජීවිතයක්. ඩ්‍රින්ක්ස් දාන්නෙත් නෑ. සිගරැට් බොන්නෙත් නෑ. බුලත් විට වගෙ දෙයක් හපනව දැකල තියෙනව සමහර වෙලාවට. එච්චරයි.

මෑන් ගෙ ගම උතුරු ඉන්දියාවෙ බිහාර් කියන ප්‍රාන්තයෙ. පොර ගෙ පවුල එහෙ ලෝකල් පොලිටික්ස් වලට හෙම සම්බන්ධ කට්ටියක්. කෑම යි, කෂිය පැකට් එකකුයි, රුපියල් කීපයකුයි දුන්නම දේශපාලන වැඩ කටයුතු වලට ඕනැ තරම් මිනිස්සු හොයා යන්න පුළුවන් කියල මිනිහ මා එක්ක කිව්ව. ලංකාවට වඩා ලාබයි.

විස්තර ඇති දැනට. (මං දන්නෙත් ඔච්චර තමා). මෙන්න ඉතිං අද කතන්දරේ.

ඔන්න එක දවසක් අපේ මෑන්ස් ට ආව සුදු පාට ලොකු ලියුම් කවරයක් ඉන්දියාවෙන්. බැලින්නම් ඒක බර්ත් ඩේ කාඩ් එකක්. ගමේ නෑදෑයො එවල තියෙන්නෙ. පොරට හරි ජොලි. මටත් පෙන්නුව කාඩ් එක.

මෙන්න මෙහෙමයි ඒකෙ ලියල තිබුනෙ ඉංග්‍රීසියෙන්.

Happy birthday to S.C. Mishra

Greetings from
R.C. Mishra
P.C. Mishra
M.R. Mishra
V.N. Mishra
and
P.P. Mishra

මට මැරෙන්න හිනා ගියා ඒක දැකල. හැබැයි ඉන්දියන් කාරයා ට තේරුනේම නෑ ඇයි මට හිනා ගියේ කියල.

ඔහේ ල ට තේරෙනවැයි?

ප/ලිඃ
මේ කතන්දරේ බ්ලොග් එකට දාන්න කලින් දැකපු කෙනෙක් කිව්ව අයියෝ වරහනක් දාල මිශ්‍රා පොදු සාධකය එලියට ගන්න තිබුණනෙ කියල.

ප/ප/ලිඃ
මං සාමාන්‍යයෙන් කතන්දර වලට දාන්නෙ ඇත්ත නම් වෙනස් කරලයි. හැබැයි මේ ඉන්දියන් කාරයා ගේ කතන්දරේ නම් ටික නං මං වෙනස් කලේ නෑ. හී! හී!! හී!!!

නැවත හමුවෙමු.

මගේ පරණ කතන්දර මෙතනින් කියවන්න. http://kathandara.blogspot.com/

මට කෙලින්ම ඊ-මෙල් එවනවා නම්: kathandara@blogspot.com