Monday 10 December 2012

කතන්දර බ්ලොගයට ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු ලියූ තේමා ගීතය - A theme song for Kathandara blog?


ඊයේ මා පලකළ සිංහල බ්ලොග් ලෝකය ගැන තේමා ගීතය ලෙස සැලකිය හැකි පැරණි රසාංගයට පිළිතුරක් ලෙස මගේ හිතවත් ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු විසින් කතන්දර බ්ලොගයට තේමා ගීයක් ලියා එවා තිබේ.

එහි සංස්කරණිත වර්ෂන් එකක් පහත පළකරමි.

කතන්දර ගැන ගීයක් ලීවා ඊයේ. මොකද අවුරුදු තුනයි හිට්ස් මිලියනයයි වුණාට කකාට තාම බ්ලොගේට තේමා ගීයක් නෑ නෙවැ. ඉතින් මේකවත් යොදා ගන්ටකෝ.

නංගිලා, මල්ලිලා ඉන්නවාදෝ බලා - මං එතී දැන් එතී දැන් කියා
චූ, කක්කා කතා - පඩ, ජොකා කතා මං ගෙනාවා බොලොග්ගේ පුරා

බලපං ගැජට් මට ඇතී - තට්ටෙ මසාජ් කරයි සැණෙකිනී
තාමත් රසයි පෙර මෙනී - හස්ත-දාරෙන් ගහපු මගෙ කවී

නංගිලා, මල්ලිලා...

නළු බට්ටන් ෆොටෝ දමා - උන් කවුදැයි කියා විමසමී
ඇනෝලා සමඟ පැටලෙමී - යළින් උන්ම අරන් නළවමී

නංගිලා, මල්ලිලා...

කමෙන්ට් එයි වැල වගේ - හිට්ස් ජල මීටරේ නඟී
මේ කාලෙ මං හරි බිසී - මෙහෙම ගියත් ඉතින් ඇතී

නංගිලා, මල්ලිලා ඉන්නවාදෝ බලා - මං එතී දැන් එතී දැන් කියා
චූ, කක්කා කතා - පඩ, ජොකා කතා මං ගෙනාවා බොලොග්ගේ පුරා

ඇනෝනිමස් කමෙන්ට්කරුවාට මගේ ස්තුතිය.

-කතන්දරකාරයා

ප/ලි
මාත් එකක් ලියන්න ඕනෑ. හැබැයි මං ලියපු නාන කාමරේ සින්දුවට තාම තනුවක් දාගන්න බැරි වුණා!

(image: http://www.realmagick.com/theme-music/)

51 comments:

  1. the truth is out there.,(but not from ano)

    ReplyDelete
    Replies
    1. රතු රජ රට උඹ එක කාටද ආඩම්බර

      Delete
    2. එක නේන්නම්.
      ඒක නේන්නම්

      Delete
  2. ඔක්කොම නියමයි කයි ලියන කොට තමයි කකා උඹත් බෝරින් වෙන්නේ

    ReplyDelete
  3. ඒකත් මරු සින්දුවක් ..

    ReplyDelete
  4. කතන්දර හා ඇනෝලා අතර ඇත්තේ ගහට පොත්ත වැනි අව්‍යෝජනීය බැඳිමකි. කකාට ඇනෝ නැතුවත් බෑ ඇනෝට කකා නැතුවත් බෑ.

    ReplyDelete
    Replies
    1. කකාගේ බ්ලොග් එක ඇනෝට කියපු ගීතය:

      පාළු අඳුරු නිල් බ්ලොගේ මමයි
      කමෙන්ට් කරන බුදු ඇනෝ නුඹයි
      යුගයෙන් යුගයට හතවත් ඉල්ලන
      බලාපොරොත්තුව පැතුම නුඹයි.

      Delete
    2. සමනල විප්ලවය කියවලා එන ගමන් වෙන්ටැ..

      Delete
    3. කකාත් ඇනෝ වෙනවද මංදා වෙලාවකට

      Delete
    4. //කතන්දර හා ඇනෝලා අතර ඇත්තේ ගහට පොත්ත වැනි අව්‍යෝජනීය බැඳිමකි//

      අඹුඩෙට පුක වගේ බැදීමක් කීවනං ටක්කෙටම හරි

      Delete
  5. දැන් මේ බ්ලොග් එකත් හරියට ටිපිටිප් වගේ.....

    පෙනුම හොදයි, පැකට් එකෙත් යම්කිසි දෙයක් තියෙනවා, ඒත් බරක් නෑ. කන්න පුළුවන්..රසකුත් තියෙනවා වගේ දැනෙනවා. හැබැයි තත්පර කිහිපයකින් මොනවහරි කෑවද කියලවත් මතක නෑ.....

    ReplyDelete
    Replies
    1. ටිපි ටිප් ගන්න කොට මුදලාලිට සල්ලි හම්බවෙනවා වගේ කකාට හිට්ස් හම්බ වෙනවානෙ. මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ?

      කකා විතරක් නෙවෙයි තව හුඟාක් දෙනෙක් ඉන්නවා ඒ කැටගරියේ.

      Delete
    2. නැහැ මේ බ්ලොග් එක හරියට වැඩක් නැති විජේවීරගෙ මෝල් පක්ෂෙ වගේ... බුලමයි කෙලින්නෙ

      Delete
    3. මං කලින් දවසක කිව්වේ මේ යන්නේ බ්ලොග් එකේ ඉන්වර්වල් රටකජු සහ අයිස් චොක්ස් කාලය කියායි.

      http://kathandara.blogspot.com.au/2012/11/ice-chocs-anyone.html

      දැන් ටිපි-ටිපුත් තියෙනවා වගේ!

      Delete
  6. කකා, අන්න දින කීපයකට කලින් අරයට මළ පැනලා තිබුණා වගේ අද මෙයාට මළ පැනලා.

    කකාත් කරන වැඩ! නිකරුණේ මිනිස්සුන්ගේ ප්‍රෙෂර් එක නග්ගනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ සැරේ තව එක්කෙනෙක් පැටළිලා. ගෑනු ගෑනු කෙහෙවලු ඇද ගන්නවා.

      කකා ළිඳ කපල දීලා දැන් කස්ටිය නා ගන්න හැටි බලා ඉන්නවා.

      Delete
    2. මොකක් ගැනද මේ කියන්නේ?
      මං මොකක්ද කෙරුවේ?
      කරුණාකර පහදන්න.

      Delete
  7. http://emailkavikaari.blogspot.com/2012/12/envy.html

    මචන් කනව නේද ගූ පාරවල්.... බලු ගූ දුගදයි... නයි ගූ සැරයි...... අපි ඔක්කොම කකා සමගයි...

    ReplyDelete
    Replies
    1. කකා, දෙයක් කරන්න කලින් දෙපාරක් හිතුවනම් ගිය නුවණ ඇතුන් ලවා අද්දන්න වෙන්නෙ නෑ නේද?

      Delete
    2. මොනවා ගැනද මේ කියන්නේ? අපැහැදිලි නෙමෙයි මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ!

      Delete
    3. I was talking about what Aduru Naya did today evening. Not about you kaka.... Its about publishing bitchy post and removing it suddenly.

      Delete
  8. සංස්කරණය කරන් ලද වර්ශන් එක මෙහෙම නම් ඔරිජිනල් එක නියමේටම ඇති...

    ReplyDelete
  9. කකා යන්නෙ මොන ක්ලාස් එකේ ද? කකා මුන ගැසී ඇති තානාපති වරුන් ගනන කීයද?

    ReplyDelete
  10. අන්න මකලා... පව්... මේ ගෑනිට පිස්සුද කොහෙද...

    ReplyDelete
  11. හා හා එව්වා එකකුත් තියෙන්න එපැයි.

    ReplyDelete
  12. කක්කා ගඳයෝ, දැන් බලපන් උඹේ බ්ලොග් එක මොන පුස් වෙඩිල්ලක්ද කියලා. ඒකනේ මම කලිනුත් කිව්වේ උඹ පුස්සෙක් කියලා. ගූ කතා ලියලා හිට්ස් හොයන කානු පනුවෙක්නේ උඹ. නිකම් හිතලා බලපන් උඹ උපාධිධාරියෙක්ද එහෙම නැත්නම් හිට්ස් හොයන හිට්ස් පිම්පියෙක්ද කියලා. යකෝ උඹට ඇනෝලා හදන්න බැහැ. උඹ හැදියන්. තේරුමක් ඇති දේවල් ලියපන්. ඇනෝලා උඹට පහුගිය ටිකේ දුන්නනේ නැතිවෙන්න. ඒ හිතේ අමාරුව අතහැර දාපන්. තේරුමක් තියන ලිපි ලියපන්. පම්පෝරි නවත්තාපන්. බ්ලොග් පිම්පියෙක් නොවී බ්ලොග් රචකයෙක් වෙයන්.

    ReplyDelete
    Replies
    1. දැන් මේ කමෙන්ට් එක දාපු නෝනගෙ හෝ මහත්මයාගෙ බ්ලොග් එකේ ඇනො කමෙන්ට් විසිබල්ද???

      Delete
    2. විසිල්බල් (විසිල් ගහන්න පුළුවන්)

      Delete
  13. කෝ බන් අපේ කොමෙන්ට්...

    ReplyDelete
  14. පින්වතුනි, කතන්දරගේ බ්ලොග් එක හරියටම සංසාරය වගෙයි. අපි හැමෝම රසයි රසයි කිය කියා දුක් විඳිනවා. ගැළවෙන්නට බැරුව ඒකෙම ඇලී ගැළී ඉන්නවා. ඔන්න කතන්දරගේ බ්ලොග් එක කියවන්නට ඕනැ නැති වෙච්චි දාට අපි නිර්වාණ සම්පත්තිය ලබනවා. සාදු සාදු සාදු.

    ReplyDelete
  15. ගෑනු වලි වලට....
    කකා බිලි....
    අනේ පව්

    ReplyDelete
    Replies
    1. කරුණාකර පැහැදිලි කරන්න, මා කර ඇත්තේ කුමක්ද?

      Delete

  16. තමුන්ගෙ බ්ලොග් එකේ තමුන්ට අවශ්‍ය පෝස්ට් එක දාන්න කකාට කාගෙන්වත් අවසර ගන්න ඕන්නෑ.
    නිර්ධන පන්තියෙ ඉදන් ඒ නරාවලේම ඇලීගෙන බ්ලොගර් වලින් ලෝකෙ වෙනස් කරන්න යන එවුන් සහ ධනපති පන්තියෙ ඉදන් දුප්පත් මිනිහට නිගා කරන පාච්චල් කරන අපහාස කරන අයට වඩා කකා වැදගත් මනුස්සයෙක්.
    පුහු මාන්නවලින් ඔලුව පුරවගෙන පොරත්වය පෙන්නනවට වඩා නිකම් ලැබෙන බ්ලොගර් වලින් සමාජයට වැඩදායක වෙනදෙයක් කරන්න උත්සාහ කරන්න.

    බ්ලොග් කලාව ඌරු කොටුවක් නොකර
    ඉගෙනගත්තු අය වැදගත් මිනිස්සු වගේ හැසිරෙනවනං ඔයාල ඔය පීචං කරන නූගතුන්ටත් වැදගත් මිනිස්සු වෙන්න පුළුවන්.
    කකාටත් අනුන්ගෙ කුණු අදින්නැතුව තමුන්ගෙ බුද්ධියට ගැලපෙන විදියට වැඩ කරානං අද කකා බ්ලොග් අවකාශෙ වීරයෙක් නමුත් කකා ඔප්පු කරා තමුන් උගතෙක් නමුත් බුද්ධිමතෙක් නොවන බව.


    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ ව්‍යංගාර්ථය?

      Delete
  17. December 10, 2012 4:50 PM ඇනෝගේ විචාරය තරමක් යුක්තිසහගත වගෙයි. කොහොම වුනත් සමහර අය බ්ලොග් කියවන්නේ "දැනුම" ලබන්න. තවත් සමහර අය මේ ඇනෝ කියනව වගේ බලාපොරොත්තු වෙන්නෙ "විප්ලවය". තවත් අය සාහිත්‍ය රසය බලාපොරොත්තු වෙනවා. තමන් අකමැති දේ තිබුනොත්, නැත්නම් කැමති දේ නොතිබුණොත් බ්ලොග් එක ලියපු එකාට බැන වදිනවා. සමහර ඇනෝලට පොඩි පහේ ඊරිසියාවක් වගේ එකකුත් තියන බවයි පේන්නෙ.

    කොහොම වුනත් බ්ලොග් එකක් කියන්නෙ බ්ලොග් එකක්. පුස්තකාලෙට ගිහින් කරන දේවත් ඉස්කෝලෙකට විශ්ව විද්‍යාලෙකට හරි නැත්නම් වෙනත් අධ්‍යාපන අායතනයකට හරි ගිහින් ලබා ගන්නා දැනුම බ්ලොග් වලින් කරන්න බැහැනෙ නේද?

    ReplyDelete
    Replies
    1. Why cant???
      malala usufai, kai minji they did it.
      if they can do something why we cant?
      problem is attitude.

      Delete
  18. @ All
    සමහර කමෙන්ට්ස් වල යම්කිසි ව්‍යංගාර්ථයක් තියෙන බව පේනවා. නමුත් පැහැදිලි නෑ.

    මොකක්ද මේ ගෑණු වලිය? මං මොකක්ද කළාය කියන්නේ? මේක තුන් තේරවිල්ලක් වගේ!

    දන්න කෙනෙක් කියනවාද, ප්ලීස්?

    ReplyDelete
    Replies
    1. ගෑණු වලිය මං හිතන්නෙ මේක
      මටත් හැබැයි අගක් මුලක් තේරෙන්නෙ නෑ.. ඒකට කකා සම්බන්ධ වෙන්නෙ කොහොමද?

      Delete
    2. මං හිතන්නෙ මේකෙ තියෙන comment වලින් තමයි වලිය ගිහින් තියෙන්නෙ.

      Delete
    3. ඔයා බබා

      Delete
    4. මම කියන්නද වැඩක්... අරකෙන් තට්ටෙ ටිකක් මසාජ් කරගෙන මේකේ දාල තියෙන ලින්ක් හා සින්ඩි වලින් බ්ලොග් ලිපි බලන්න...(විහිළුවක් කලේ මටත් මෙලෝ දෙයක් තේරුනේ නැහැ.)

      Delete
  19. පින්වතුනි මෙතන පහු ගිය ටිකේ උන දේවල් ටිකක් ගැන
    එක ඇත්තියෙක් තව කෙනෙක්ව පටලන් මඩ ගහල තිබ්බ..
    බොකු අවතාරේ. පින්වතුනි පැහැදිලිද...?

    ReplyDelete
  20. පඩ කතා,චූ කතා.කක්කා කතා වලට දැන් කතන්දර බ්ලොග් එක ප්‍රසිද්දයි ලෝකේ පුරාම ඒත් ඒක අවනම්බුවක් වගේ දැනෙන්නේ නැද්ද කකා?.මට නම් නිකන් කුජීතයි වගේ.

    ReplyDelete
    Replies
    1. තමන් විශ්ලේෂණය කර බලා තමන්ම තේරුම් ගන්න.

      ඔබ දක්වා ඇති මතය ඔබේම එකක්ද? එය මගේ පෝස්ට් 740+ ම සලකා බලා ගත් එකක්ද? නැති නම් තෝරාගත් නියැඳියක් මත පදනම් වූ එකක්ද? එසේත් නැති නම් කවුරු හෝ ඇනෝවෙක් ගේ කමෙන්ටුවක් නැවත ප්‍රතිචාරයක්ද?

      Delete
  21. කකාගේ බ්ලොග් එක දැන් මා එන අතරමඟ හමුවන, අයිතිකාරයා ගම නැති නිසා ගේට්ටුවට ලොකු ඉබ්බෙකු දමා වැසූ, ගරා වැටුණු නිවසක් සහිත වත්තක් සිහි ගන්වයි. මේ වත්තේ ඔහේ වල් වැවෙයි. වටපිට ඉන්නා බල්ලෝ පූසෝ එහි කක්කා කරති. (මිනිසුන්ද කරනවා විය හැකිය.) ගේට්ටුව වසා තිබුණාට වැට කැඩී ඇති නිසා එහි වැදුණු ගොන්නු සරුවට වැවෙන තණ උළා කති. එහිම ලගිති. ගොම දමති. ගරා වැටුණු ගෙදර අස්සේ කවුරුන් හෝ කසිප්පු සඟවනවාද විය හැකිය. අයිතිකාරයා ආපු දවසක ඔහේ වත්ත වටේ රවුමක් කැරැකී යයි. මේ වත්තෙන් වැඩක් ගන්නේ අයිතිකාරයා නොව අහක ඉන්නා පාදඩයන්, බල්ලන්, පූසන් හා ගොනුන්ය.

    ReplyDelete
    Replies
    1. hi... hi... maxa one mate....

      Delete
    2. කණගාටුවෙන් වුවත් ඔබ හා එකග වන්නට සිදුවේ.

      භායනකම කරුණ නම් - අයිතිකාරයෝ රට ගිය කොළඹ ඉඩම්වලට හොර ඔප්පු හදාගෙන අයිතිකරගන්නා මැරයෝ ඉන්න නිසා බ්2ලාග්වලටත් එහෙම වෙයිද කියන එකයි.

      මා දැමූ වැඩ, වැඩ, වැඩ කමෙන්ටුව උපුටා දක්වන කෙනෙක් පසුගිය දිනවල මෙහි හිටියා!

      Delete
  22. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    දැන් නම් විවේක කාලය තුලදීම කඩේ වසා දමන්නට සිතේ.

    ReplyDelete
  23. Kathandara Karaya11 December 2012 at 20:42

    @ All

    සියළු දෙනාටම ස්තුතියි.

    වැඩ, වැඩ, වැඩ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.