Saturday 1 December 2012

කෝච්චියේ දී උක්කුං බීම සහ කනේ පාර - Busy, busy, busy!


මං දැන් සෑහෙන කාලෙකට ඉස්සර ගුරු සේවයේ රසකතාවක් ලිව්වා. ඒකේ ඇත්තටම තිබුණේ කිරි බීමක් ගැනයි.

ඒ කතන්දරේ කියවපු නිර්ණාමික කතන්දර පාඨකයෙක් මට තවත් ඒ වගේ කතාවක් ලියලා එව්වා. ඒක මං පල කළා "මෙලෝ රහක් නෑ" කියන මාතෘකාවෙන්.

මේ ඊයේ පෙරේදා දවසක ඔය කතන්දර සෙට් එක කියවපු තවත් පාඨකයෙක් මට පොඩි කතන්දරයක් ලියලා එවලා තියෙනවා.

මෙන්න ඒ කතන්දරේ - රුෂාන් කුමාර ගේ වචනවලින් ම.


තරුණ ලස්සන නෝනා කෙනෙක් දුම්රියක ගමන් කරමින් හිටියා. එයා ඉදගෙන හිටපු සීට් එකට ඉස්සරහ සීට් එකේ ඉදගෙන හිටියෙ දුප්පත් තරුණයෙක්. මේ ගෑනු කෙනා හිටියෙ ගෙදරින් දුර ගමනක් යන ගමන්. ටික වෙලාවකින් මේ කාන්තාවගේ බ්ලවුස් එක තෙත් වෙන්න ගත්තා. ඇය පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්. මේ යන්නේ දුර ගමනක් නිසා පුතාව කිරිඅම්මා කෙනෙක් ගාව තියලා යන ගමන්. දරුවාට කිරිදෙන වෙලාවට අම්මලාට කිරි එරෙනවලුනේ. ඉතින් මේ කාන්තාව අපහසුවෙන් ඉන්න අතරේ අර ඉස්සරහ සීට් එකේ ඉදගෙන හිටපු තරුණයා ඇහුවා මැඩමොසලේ, ඔබ අපහසුවෙන් ඉන්න නිසා මම කිරි ටික ‍උරාබොන්නද කියලා. අර ගෑනු කෙනත් කැමති වුනාලු.(අනේ කතන්දර ලැජ්ජා නැත්ද ඔය විදියට හිතන්න, කොහොමද ? මේක වල් කතාවක් කියලා)

කිරිටික උරා බිව්වට පස්සේ ගෑනු කෙනා කිව්වලු මම බොහොම අමාරුවෙන් හිටියේ ඹබට බොහෝම ස්තුතියි කියලා. පස්සේ තරුණයා කිව්වලු ස්තුති කරන්න හදිසි වෙන්න එපා මැඩම්. මම දවස් දෙකක් තිස්සේ බඩගින්නේ හිටියේ. ඔබේ දරුවාට දෙන්න තිබුන කිරිටික මට දුන්නට ඔබට බොහෝම ස්තුතියි කියලා.
ඔය රුෂාන් ලියල එවලා තියෙන්නේ කතාව ප්‍රංශ ජාතික කෙටිකතාකරු "ගයි ඩි මොපසාන්ට්" (Guy de Maupassant) ගේ "අයිඩිල්" (Idylle) කියන කතාවේ සාරාංශයකුයි.

මේ කෝච්චි කේස්එක කියවන කොට මට මතක් වුනේ මං අහලා තියෙන තවත් කෝච්චි කතන්දරයක්.
මෙන්න ඒකේ දේශප්‍රේමී ලාංකික වර්ෂන් එක.

ඔන්න කඳුකර පලාතක යන කෝච්චියක එක ලඟ සීට්වල හිටියලු සුද්දියෙකුයි, ඉන්දියන්කාරයෙකුයි, ලංකාවේ පොරකුයි.
ටික වෙලාවකින් කෝච්චිය බිංගෙයකට ඇතුල් වුණා. ලයිට් නැතුව මුළු පලාතම කට්ට කරුවලයි.

එක පාරටම උම්මා එකක් දෙන සද්දෙකුයි, කම්මුල්පාරක සද්දෙකුයි ඇහුණා ලු.

විනාඩියකින් විතර කෝච්චිය බං ගෙයින් එළියට එනකොට ඉන්දියන්කාරයාගේ මූණ ඉදිමෙන්න පාරක් වැදිලා තියෙනවා පේනවාලු.

දැන් සුද්දි හිතනවා මෙහෙම: "අයියෝ මේ ඉන්දියන්කාරයා මට දෙනවා කියලා හිතලා මේ අනිත් පොරට කිස් එකක් දීලා, ඌ මුගේ කම්මුලට දීලා රිවට් වෙන්න."

ඉන්දියන්කාරයා හිතනවා මෙහෙම: "මේ වලත්ත දකුණු ඉන්දියන්කාරයා සුද්දිව උම්මා කරලා. ඒකට කම්මුල්පාර කන්න වුනේ මටයි."

ලංකාවේ අයියා හිතනවා මෙහෙම: "ඊලඟ බිංගෙය ඇතුලෙදිත් මං මගේම අතට උම්මා එකක් දීලා ඉන්දියන්කාරයාට කම්මුල්පාරක් දෙන්න ඕනෑ."

-කතන්දරකාරයා

ප/ලි:
වැඩ, වැඩ, වැඩ!

(image: http://madlass.blogspot.com.au/)

31 comments:

  1. මේ වගේ කතා වලට ඉතින් අනුවාද කීපයක් තියනවනේ. 1980 ගණන්වල මම මේ කතාව රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ කියවද්දී කෝච්චිය ගියේ ස්විට්සර්ලන්තයේ, හිටියේ ඇමරිකන් කාරයෙකුයි රුසියන් කාරයෙකුයි, වයසක සුද්දියක් සහ ලස්සන ප්‍රංශ තරුණියක්. බිංගේයිදී ඇමරිකන් කාරයා අර බොරු හාදුව තමන්ගේම පිටි අල්ලට දීලා රුසියන් කාරයාගේ කම්මුලට ගැහුවා. ඊට පස්සේ එක එක්කෙනා හිතුවේ 1. රුසියන් කාරයා:- නොදකින් අර වල් ඇමරිකන් බල්ලා මේ කෙල්ලගේ මූණ ඉඹින්න ගිහින් ගුටිකෑවේ මමයි. 2. නාකි සුද්දී:- නොදකින් මේ රුසියන් වල් බල්ලා මේ කෙල්ලගේ මූණ ඉඹින්න හැදුවා. හොඳ වැඩේ කෙල්ල ඌට ගහපු එක. 3.ප්‍රංශ තරුණිය:- අනේ මුන්දෙන්නා වගේ මෝඩ වාහෙලා. මෙච්චර ලස්සන මම ඉඳිද්දී මුන්ගෙන් එකෙක් අර නාකි ගෑනිගේ මූණ ඉඹින්න ගිහින් ගුටි කෑවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන්නේ මෙහෙමයි..මේ විදියට චරිත ආදේශ කරගන්න

      ඇමරිකන් කාරයා - මහින්ද මාමා
      රුසියන් කාරයා - රනිල් අංකල්
      වයසක සුද්දී - චන්ද්‍රිකා
      ප්‍රංශ තරුණිය - අනර්කලී

      Delete
  2. කාගේ උනත් කතන්දරයක්නේ

    ReplyDelete
  3. ප්‍රේමදාස මහත්තයටත් ඔය වගේ අකරතැබ්බයක් උනා කියලා ඒ කාළේ යං හෑල්ලක් තිබුනා....

    ReplyDelete
  4. මම අහල තියෙනවා අම්මයි දුවයි ෆිල්ම් එකක් බලන්න ගිය කතාවක්. අසල ඉඳල තියෙන්නේ කොල්ලේ දෙන්නෙක්.

    ReplyDelete
  5. අද නම් කියෙව්වා

    ReplyDelete
  6. අද නම් අශාවෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. මේ කතාව කියවනකොට මට තව කතාවක් මතක් වුණා. මෙතන තියෙන්නේ අම්බ කෛරාටිකයෙකු තමන්ගේ එදිරිවාදියාට හීන් නූලෙන් වැඩක් සෙට් කරපු ඇත්තෙක් ගැන කතාවක් නේ. ඒ වගේම තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න දන්න පොරක් ගැනයි මේ කතාව.

      ඔන්න දවසක් සුපර් මාර්කට් එකක මස් විකුණන අංශයට පාරිභෝගිකයෙක් ආවා.
      “මට කුකුළකුගෙන් පළුවක් දෙන්න” ඔහු වෙළඳ සහායකයාට කිව්වා.
      “අපි කුකුළු පළු විකුණන්නේ නැහැ. අවශ්‍ය නම් සම්පූර්ණ කුකුළම ගන්න” සහායකයා කිව්වා.
      “පළුවක් ඕන එකට කුකුළෙක් ගෙනිහිල්ලා ඉතිරි බාගෙට මම මොකක්ද කරන්නෙ? තමුසෙ පණ්ඩිතයා නොවී ගිහින් මැනේජර්ගෙන් අහනවා” පාරිභෝගිකයත් අරින්නෙ නැහැ.
      සහායක කොලුවා මැනේජර් ළඟට ගිහින් මෙහෙම කිව්වා,
      “සර්, කොහෙද යන පිස්සු කාලකණ්ණියෙක් ඇවිත් කුකුළෙකුගෙන් බාගයක් ඉල්ලනවා…”
      කළමනාකරුගේ දෑස තමා පසුකොට ඈතට විහිදෙනු දුටු කොලුවා දැක්කේ අර කරදරකාර පාරිභෝගිකයා තමා පසුපස මැනේජර්ගේ කාමරය දක්වාම පැමිණ තිබෙන ආකාරයයි. ඒ පාර කොලුවා වහාම තම කතාවට පහත සඳහන් කොටස ද එකතු කළා, “මේ මහත්තයා කිව්වා එයා ඉතිරි පළුව ගන්නං කියලා…”
      කුකුළු පළුවක් පාරිභෝගිකයාට විකිණීමට මැනේජර් අනුමත කළා. පාරිභෝගිකයා කුකුළු පළුවත් රැගෙන සතුටින් නික්ම ගියා.
      ඉන්පසු කොලුවාට කතා කළ මැනේජර් මෙහෙම කිව්වා “තමුසෙ ගාණට මොළේ පාවිච්චි කරලා යන්තම් බේරුණා නේද? මම කැමතියි තමුසෙ වගේ තැනට සුදුසු නුවණ තියෙන අයට”.
      තමන්ගේ ජොබ් එක නැතිවේදැයි බියෙන් සිටි වෙළඳ සහායකයා
      “බොහොම ස්තූතියි සර්” කියල කිව්වා.
      “ඒක නෙවෙයි පුතා, කොහෙද තමුසෙගෙ ගම?” මැනේජර් ඇහුවා.
      “මම ටෙක්සාස්වල සර්” සහායකයා කිව්වා.
      “ඉතින් මොකද තමුසෙ ටෙක්සාස් ඉඳන් මෙහෙ ආවෙ?”
      “අයියෝ සර්, එහේ කරන්න කිසි දෙයක් නැහැනේ. එහේ ඉන්නෙ වේස ගෑනුයි, ෆුට් බෝල් ගහන එවුනුයි විතරයි” සහායකයා කිව්වා.
      “ඇත්තද? මගේ වයිෆුත් ටෙක්සාස්වල” එවිට මැනේජර් කීවා. එතකොට සහායකයා මෙහෙම ඇහුවලු.
      “අම්මට සිරි! මොන ෆුට් බෝල් ටීම් එකට ද සර් නෝනා සෙල්ලම් කළේ?
      (උපුටා ගැනීමක් )

      Delete
  7. මමත් ආසාවෙන් කියෙව්වා..

    ReplyDelete
  8. අද නං කතාවයි කමෙන්ටුයි දෙකම ආතල්. මෙන්න ඕකෙ මම අහල තියෙන වර්ශන් එක.

    කොල්ලො දෙන්නෙක් කෝච්චියෙ යනවලු. අම්මෙකුයි කෙල්ලෙකුයිත් ඒකෙම යනවලු. බින්ගේ ඇතුලෙදි කොල්ල ඇ අර දූගෙ මූන ඉඹිනවලු. පස්සෙ එළියට ආවම කෙල්ල අම්මට මේක කිව්වම අම්ම කිව්වලු ඊළඟ බිංගේ අස්සෙදි උඹ පොඩ්ඩක් මගෙ පැත්තට නැමිල හිටහන්කො කියල. ඔය අතරෙ A කොළුවත් B කොළුවට තමන්ගෙ හපන්කම කියනවලු. ඒක අහපු B කොළුව කියනවලු එහෙනං ඊළඟ බිංගේ අස්සෙදි මමයි ඉඹින්නෙ කියල.

    ඔන්න ඊළඟ බිංගේ අස්සෙදි B කොළුවත චෑන්ස් එක අරන් මූන ඉඹල බිංගේ ඉවරවෙලා එළියට ආවම A ට කියනවලු "මචං මූණ මාර සිනිඳුයි ඒත් කට තමා පට්ට ගඳ" කියල. අම්ම දූව බේර ගන්න ඉඹින්න දුන්නෙ කොහෙද කියල හිතාගතෑකිනෙ?

    ReplyDelete
    Replies
    1. ඊයා...... ඔයා හරි වල් අනේ......

      Delete
  9. Oya kiyana binge ethulen yana kochchiye giye Anarkali, Mahinda saha Ranil me kathawa Udurawana web eke thiyanawa.

    ReplyDelete
  10. GAHANIYAKAGE KIRI URANNA GIHILLA SEREPPU PARA KEWE kAKKA. DAN EKATA WENA KATHAWAK HADALA.

    ReplyDelete
  11. oya kathawa oya Ganemulle di wechcha ekak ne kakkata. MIniha okata gihilla pociyeth hitiya.

    ReplyDelete
  12. පට්ට කතාව මේක වර්ෂන් ගොඩක්ම තියනවානේ...
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  13. අන්න නියම සිංහලු

    ReplyDelete
  14. කෝච්චි කතා ගොඩායි... හී...හී...

    ReplyDelete
  15. monawada ban me katha... daapan ko honda post ekak

    ReplyDelete
  16. මමත් ඔහොම උක්කුං ගැන ලියල තියෙනවා. කට්ටිය කියවල නැත්නම් මෙන්න ලින්කුව.

    http://nihalw.wordpress.com/2012/06/08

    ReplyDelete
  17. මම් ඕක අහලා තියෙන්නේ ලංකාවේ විදියට එතකොට දුම්රියේ ගියෙ, රනිල්, මහින්ද ,චන්දිරිකා සහ අනර්කලි නගා... ගුටි කන්නෙ රනිල්.

    කතාව නියමයි...

    ReplyDelete
  18. aathal katä tika.. Ada nam hodata kiyewwa tamai

    ReplyDelete
  19. හැම තැනම සිංහලු දෙකට දාන නැත්තං සුද්දො එක කරන කතා අතරෙ පස්ට කතාවක්......

    ReplyDelete
  20. කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා ලියවෙන කතන්දර එකතුවෙන් එකකි.

    ReplyDelete
  21. අද නම් කතන්දර ෆැක්ටරියක් වෙලා....! ඕකෙ මම අහලා තියෙන්නෙ ජේ.ආර්, විජේවීර සහ සිරිමාවෝ සම්බන්ධ කතාවක්....!

    ඒක ඉවර වෙන්නෙ, අනේ සොරි විජේ.....! කියලා....!

    ReplyDelete
  22. නියම කතානෙ මේ මතක් වෙන්නෙ.

    ReplyDelete
  23. කිරි කතාවට මම ගොඩක් ආසයි..

    ReplyDelete
  24. @ All

    සියළු දෙනාටම ස්තුතියි.

    වැඩ, වැඩ, වැඩ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.