Friday 18 May 2012

කමින් කලර් ගුඩ් ගුඩ් හෙවත් පොඩි පහේ හඳුන්වා දීමක් - Introducing a new blog


මං මේ දවස්වල පරිනාමයේ පොඩ්ඩක් විතර ආපස්සට ගමන් කරලායි ඉන්නේ. ඒ කියන්නේ කතන්දර ලියන්නේ කෙලින්ම ලැප්ටොප් එකට නොවෙයි, පොඩි පොතක අත් අකුරිනුයි ලියන්නේ.

මේකට හේතුව තමයි මගේ හුරුබුහුටි අඟල් දාහතර සයිස් එකේ Acer ලැපා ගේ චාජ්කරන තැන කැඩුන එක. ඒක හදාගන්න වෙලාවක් නැති කම නිසා පරණ DELL මැෂිමකට බැස්සා. මේක කිලෝ හතරක විතර ලදරං බඩුවක්. කෝච්චියේ අරං යන්න බර වැඩියි.

අළුත් එකක් ගත්ත නං හොඳයි. ඒත් ඉතිං අපිට කෙහෙන්ද වින්චැට් කිරිල්ලියෝ?

කොහොම කොහොම හරි අතින් ලියපු කතන්දරත් මේ වෙනකොට හය හතක් තියෙනවා. නමුත් අද හිතුණා ඒ එකක්වත් නොදා වෙනමම කතන්දරයක් කියන්න ඕනෑ කියලා.

මට මතකයි මං පොඩි කාලේ ඉදළම ඩයරියක් ලිව්වා. උසස් පෙළ කළාට පස්සේ අවුරුද්ද තමයි හොඳම ලිවිල්ල ලිව්වේ. නමුත් කැම්පස් ගියාට පස්සේ ඒක ටික ටික මග හැරිලා ගියා.

තර්ඩ් ඉයර් එකේදී ලිව්වේ විවිධ හේතු නිසා කට්කරන්න වෙච්ච ලෙක්චර්ස් ගාණ විතරයි. ඒක සීය පන්නපු ගමන් දින පොත විසිකරලා දැම්මා. ෆයිනල් ඉයර් එක වෙනකොට කිසිම දින සටහනක් නොලියන ගන්ධබ්බයෙකු ගේ තත්වයකට පත්වුණා.

ආයේ ඒ දින සටහන් වැඩේ අළුගහලා පටන් ගන්න හිතුනා පස්තාච්චි කුපාඩි වැඩේ කරන්න සියම් දේශයට ගිය දවසේ. නමුත් ඒකත් එක සතියකින් කපෝති වුණා.

ඒ සේරම කිව්වේ මට ඊයේ කියවන්න ලැබුණු අළුත්ම අළුත් බ්ලොග් එකක් අඳුන්වා දෙන්නයි.

මං බ්ලොග් ලියන්න පටන්ගත්තු මුල කාලේ ඉඳලාම කීප දෙනෙක්ම මගේ බ්ලොග් එකට මුලින් කතාවක් ලියලා පස්සේ තමන්ගේ ම බ්ලොග් පටන් ගත්තා. සමහරු මගේ කතා කියෝලා කෙලින්ම ලියන්න පටන් ගත්තා කියලා කියා තිබුණා.

ඒ අයගේ බ්ලෝග්වලට අමතරව මං කියෝලා හිතවැටිලා වෙනමම පෝස්ට් දාලා හඳුන්වා දුන්නු බ්ලොග් කීපයක් තියෙනවා. එයින් එකක් තමයි චානුක ගේ සිහි සටහන්. තව එකක් චාමි ගේ රියර් ගේට්.

ඒ වගේම මුල් ලිපියෙන්ම මගේ හිත ගත්තු බ්ලොග් එකක් තමයි ප්‍රියන්ත ෆොන්සේකා ඊයේ ලියන්න පටන් අරං තියෙන සිඩ්නි සිතුවිලි.

මෙන්න සබැඳිය: http://sydneythought.blogspot.com/

ප්‍රියන්ත කියන්නේ පේරාදෙනියේ ඉගෙන ගෙන කොලඹ විශ්ව විද්‍යාලයේ රැකියාව කරන කථිකාචාර්යවරයෙක්. පොර මේ දවස්වල පස්තාච්චි කුපාඩි වැඩකට සෙට්වෙලා ඉන්නේ දුරු රටක. ඒ අත්දැකීම් තමයි පොර මේ බ්ලොග් එකේ ලියන්නේ.

මේ වෙනකොට ලිපි තුනක් ලියලා තියෙනවා. මේ මං ලියනවා වගේ කෂඩ ලැන්ග්වේජ් එකකින් නෙමේ අර කෂ්ටිය කැමති සඟරාමය භාෂාවෙන්.

වැඩේ නැගලා යයි වගේ - කමින් කලර් ගුඩ්, ගුඩ්!

හැබැයි ප්‍රියන්ත සර්ට පොඩි චැලේන්ජ් එකක් තියෙනවා. ඒක තමයි පටන් ගත්තු වැඩේ දිගටම කරගෙන යන එක.

බලමු, බලමු!

-කතන්දරකාරයා

ප/ලි:
ප්‍රියන්ත තවත් බ්ලොග් දෙකක්ම මීට කලින් පටන් අරන් තියෙනවා.

1. සිනමා කතිකා - ඒක නං ඒ දවස්වලට නතර වෙලා!

2. කවි හෙවනැල්ල

22 comments:

  1. ප්‍රියන්ත සර්ට අපෙනුත් සුබ පැතුම්!!!
    හෙමින් සැරේ ඇවිත් කියවලා බලන්නම්. :)

    ReplyDelete
    Replies
    1. // හෙමින් සැරේ ඇවිත් කියවලා බලන්නම්. :)//
      ඒ ටික කියවද්දිම ඔබා මාමා ව මතක් වුන, මේ කෑල්ල ඔබා මාමාගේ ජනප්‍රිය පාඨයක්

      Delete
  2. "මං මේ දවස්වල පරිනාමයේ පොඩ්ඩක් විතර ආපස්සට ගමන් කරලායි ඉන්නේ"
    මට මතක් වුනේ වඳුරෙක්වනෙ..

    ඒ බ්ලොග කියවලා බලන්නම්..

    ReplyDelete
  3. ඔන්න අපි ප්‍රියන්තව අල්ලා ගත්තා. ඔබට කියන්න මම බ්ලොග් එකක් පටන් ගන්න හේතු වුනේ අන්තිම පේලිය, කතන්දර, සහ මාරයා කියන තුන් ඈදුත්තයි. එයිනුත් ඔබ සහ මාරයා මට මහා ශක්තියක් වුනා. ඔබට ස්තුතියි.

    ReplyDelete
  4. ඇත්ත. මගෙත් හිතට අල්ලලා ගීයා

    ReplyDelete
  5. ස්තුතියි මේ ගැන කිව්වාට. මුලින්ම අත් අකුරින් කතන්දර ලියන්න වීම ගැන කණගාටුව. හැකි ඉක්මණින් ලැප්ටොප් රාජයෙක් මිළට ගැනීමට හැකිවේවා / ලැප්ටොප් රාජයෙක් හිමිවේවා :D

    ReplyDelete
    Replies
    1. කකාගෙ නෝන ටක් ගාල අරංදෙයි මොකට කරදර වෙනවද?

      Delete
    2. නෝනා අරං දුන්නැත්තං කියන්න, මම ලැප්ටොප් එකක් ඊමේල් කරලා එවන්නම්.

      Delete
  6. චාමිගේ රියර්ගේට් බ්ලොග් එක '' ලිදෙන් ආපු හාමුදුරුවෝ '' පොස්ට් එකේ සිට කියවන්න පටන් ගත්තේ කතන්දරගේ බ්ලොග් එකෙන්ම තමයි පාර කියලා තිබුනේ . ඊට පසු පරන පොස්ට් ඔක්කෝම කියෙව්වා. සමහර පොස්ට් වලින් කියන දේ තේරැම් ගන්න ටිකක් හිතන්න ඕන .කියවන්න ආස හිතෙන විදියට ලියනවා. පාරපෙන්නුවට කතන්දරට ස්තුතියි. කතන්දර පෙන්නා ඇති අනෙක් බ්ලොග් වලටත් ගිහින් බලන්නම්.. ආසාවෙන් කියවන්න ඒ සදහා ගත කරපු කාලය අපතේ යාමක් නොවේ කියලා හිතන්න පුළුවන් සිංහල බ්ලොග් අළුතින් ආරම්භ වෙනවා කියන්නේ ඇත්තටම කමින් කලර් ගුඩ් තමයි.

    ReplyDelete
  7. කකා හදුන්වාදීපු හොදම බ්ලොගේ තමයි චාමි ගේ රියර් ගේට්. මම කැමතිම බ්ලොග් එකක්.
    ඉක්මනින්ම ලැපක් ලැබේවා!

    ReplyDelete
  8. මමත් මුලින්ම කියෙව්වේ කතන්දර තමයි . ප්‍රියන්තට සුබ පැතුම් . දැන් නම් මේ පැත්තේ එන්න කම්මැලියි . ලෝඩ් වෙන්න සැහෙන වෙලාවක් යනවා . මට විතරද ඒ ප්‍රශ්නේ . හා හා දැන් මුණත් එක්කමයි හඳුන්වා දෙන්නේ ආ .

    ReplyDelete
    Replies
    1. Don't know about for others but in my case, it opens in a flash in my Macbook (4MB) but take so long to load in my Dell latitude (2MB) using Windows 7

      Delete
  9. කකා උඹේ එකවුන්ට් නොම්මරෙයි අනිත් විස්තරයි දීපන් මම උඹට මේ දැන්මම සල්ලි එවන්නම්. වින්චැට්කිරිල්ලියන්ට විතරක් නෙමෙයි සල්ලි තියෙන්නෙ.

    ReplyDelete
  10. මදෑ කියවන්න කියල ගියා... එකත් අලයෙක් ගේ සටහන් නේ ............. !

    ReplyDelete
  11. සිඩ්නි සර්ට ජය වෙවා

    ReplyDelete
  12. රියර් ගේට් නම් මම අවුරුදු දෙකක් විතර තිස්සෙ කියවනව. මම හිතන්නෙ හොඳ ඉවක් තියනව මෑන්ට. කියවලම බලමු කකාගෙ අළුත් හඳුන්වාදීමත් කොහොම ද කියල.

    ReplyDelete
  13. //ඒක තමයි පටන් ගත්තු වැඩේ දිගටම කරගෙන යන එක.//

    මගේ බ්ලොග් එකේ කකා මුලින් කමෙන්ට් කරපු වෙලේ කිව්වෙත් ඕක. ඕක තමා අමාරුම වැඩේ!

    ReplyDelete
  14. අපි සුබ පතමු!

    ReplyDelete
  15. බලමු ගිහින්.. කතන්දර කියනවනම් හොද එකක් වෙන්න ඇති..

    ReplyDelete
  16. TRUMPET EKA SADDA MADI NEDA?

    ReplyDelete
  17. මමත් විනොදාංශෙට බ්ලොග් එකක් පටන් ගත්තා.
    හැබැයි කතන්දර නම් නෙමෙයි,
    වෙලාවක ඇවිත් යන්න එන්න.

    http://hindigeetha.blogspot.com/

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.