Monday 28 May 2012

පදම් වීම - Ageing



පදම් වීම

රතු ලේබල් හොඳයි.

හැබැයි,
රතු ලේබල්වලට වඩා
අවුරුදු දොලහක්ම පරණ
කළු ලේබල් හොඳයි!

ඊටත් වැඩියෙන් සුපිරියි
අපි නොදන්න ඩබල් බ්ලැක්.

හරිත ලේබලේ දෙන්නේ
අවුරුදු පාලහක් ගියාමලු!

එතකොට
ගෝල්ඩ් ලේබලේ දෙන්නේ
අවුරුදු දහ අටක් ගියාමලු.

කල් යන්නට, කල් යන්නට
වටිනාකම වැඩියි.

මං ඔයාට අද
එදාටත් වඩා වැඩියෙන්
ගොඩාරියක්
ආදරෙ ඒ නිසයි.


-කතන්දරකාරයා

ප/ලි:
කතන්දර හාමිනේ ගේ සහ මංතුමා ගේ අද (28 May) ට යෙදෙන "හැපි වෙඩින් ඇනිවර්සරිය" වෙනුවෙන් ලියවුණු පිස්සු කවියකි.

(image: http://whiskybros.com/cocktails/robroyrevisited)

66 comments:

  1. කවිය පිස්සු උනාට අදහස ලස්සනයි.

    කාන්තාවනුත් හරියට ඔය පරන වෙන එක, එක ලේබල් ගහපුවා වගේ තමාලු. එන්ට එන්ට වටිනාකම වැඩි වෙනවලු. :D

    දෙන්නාටම හැපි ඇනිවර්සරියක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඇත්ත, මොකද? සැරත් වැඩිවෙනවනෙ...... :p

      Delete
  2. මතක ඇතුව අද එස්.එම්.එස්. ආදරෙත් පෙන්නන්ට.:D:D:D

    ReplyDelete
  3. සුබ ඇනිවර්සරියක් වේවා. ගෙදර තියන කොට හැබයි ලේබලයයි මූඩියයි පරණ වෙනවා. නිතර නිතර පාවිච්චි කලොත් හරි

    ReplyDelete
  4. සුභ ඇනවසරි...

    ඕල්ඩ් ඉස් ගෝල්ඩ් ද මන්දා..

    ජය !

    ReplyDelete
  5. Kekkon anniversary Omaditho Gosaimasu!Me pennala thiyena 5 hen mona ekenda ada poddak venna ganne?

    ReplyDelete
  6. සුබ පැතුම් ඔබ දෙපලට

    ReplyDelete
  7. සුභපැතුම් කතන්දර යුවලට!!!

    ReplyDelete
  8. ම්..ම්...හරි හරි බලාගෙන යනකොට වැඩේ ඇත්ත නොවැ....

    ReplyDelete
  9. මම ඔබේ බ්ලොග් එක බලන්න කැමතියි. එහෙත් එයට පිවිසුන වහාම ස්ක්‍රොල් කරන්න බැරි විදිහට හිරවෙනවා. පිටුව නැවත නැවත රිකවර් කරන්න වෙනවා. මම පාවිච්චි කරන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 9. වෙනත් කිසිම බ්ලොග් එකක් මෙහෙම හිර වෙන්නේ නැහැ. මෙහෙම වෙන්නේ ඇයි?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. Usually people use explorer only to download Mozilla or chrome. After that they do not use it.

      Delete
    2. අන්න හරි ඇනෝ.

      Delete
    3. @ විචාරක
      මුලින්ම මේ අපහසුතාවය ගැන මගේ කණගාටුව කරුණාවෙන් පිලිගන්න.

      මේ තත්වය මං දන්නවා. කීප දෙනෙක්ම කිව්වා විතරක් නෙමෙයි මටත් ඔෆීසියේ දී වෙන්නේ ඕකම තමයි. ගෙදරදී මේ ප්‍රශ්ණය නෑ.

      එකම වෙනස ඔෆීසියේ Internet Explorer සාවිතය නමුත් ගෙදරදී Google Chrome.

      මං විවිධ උපකාරක මගින් වෙබ් අඩවිය පිරික්සුවා. කිසිම දෝශයක් හොයා ගන්න නෑ ඒ මගින්.

      මං හිතන්නේ එක්කෝ මගේ කතන්දර ගණන, නැතිනම් කමෙන්ට් ගණන හෝ බොහෝදුරට ෆලෝවර්ස්ලා ගණන වැඩි නිසා ඔයික්‍රොසොෆ්ට් වලින් මේ ප්‍රමාදය වෙනවා ඇති. ෆලෝවර්ස් ලා කොටුව නම් එකේ දී ලෝඩ් වෙන්නේම නෑ.

      නිකමට ගූගල් ක්‍රෝම් වලින් බලන්න. ක්‍ෂණයකින් ලෝඩ් වෙනවා.

      Delete
    4. ෆයර් ෆොක්ස් ගන්න. මටනම් ක්‍රෝම් වලට වඩා ලේසියි.

      Delete
    5. "මගේ කතන්දර ගණන, නැතිනම් කමෙන්ට් ගණන හෝ බොහෝදුරට ෆලෝවර්ස්ලා ගණන වැඩි නිසා"

      පොහ්............. ඇයි හිට්ස් ගාන

      Delete
    6. හි .. හි ... මේ ඇනෝ නම් හරි නිර්භීතයි වගේ . (හැබැයි මටත් හිනා ගියා)
      අනේ මන්ද කකා, මට නිරීක්‍ෂණය වෙච්ච හැටියට නම් කතන්දරට කතන්දර හදන්න හුඟක් අය කැමතියි වගේ.

      Delete
    7. මමත් මේක explorer වලින් ලෝඩ් කරලා බැළුවා එතන පෙන්වන්නේ මෙන්න මේ වගේ error එකක්.
      Webpage error details

      User Agent: Mozilla/4.0 (compatible; MSIE 8.0; Windows NT 5.1; Trident/4.0; BTRS129276; .NET CLR 2.0.50727; .NET CLR 3.0.4506.2152; .NET CLR 3.5.30729; SRS_IT_E8790271BD7658563EAA90)
      Timestamp: Mon, 28 May 2012 13:07:21 UTC


      Message: 'tj' is null or not an object
      Line: 164
      Char: 137
      Code: 0
      URI: http://www.blogger.com/static/v1/jsbin/1386232102-lbx.js


      Message: Object expected
      Line: 2
      Char: 1
      Code: 0
      URI: http://kathandara.blogspot.com/feeds/posts/summary?&max-results=1&alt=json-in-script&callback=getRandom



      ඔයාගේ code එකේ මෙක සර්ච් කරල බලන්න මට හිතෙන්නේ මේතන තමයි තියෙන්නේ.

      Delete
    8. මාත් ජාවා ස්ක්‍රිප්ට් එරර් සෙටින් එක ඕන් කරලා බැලුවා. එක එක වෙලාවට වෙනස් එරර්ස් එන්නේ.

      ඔය කියන විදියේ තැනක් ටෙම්ප්ලේට් කෝඩ් එකේ නෑ.

      බොහොම ස්තුතියි!

      Delete
  10. සුබ ඇනිවර්සරි වේවා !

    ReplyDelete
  11. සුභපැතුම්!

    ReplyDelete
  12. කතන්දර ජෝඩුවට,
    හැපි ඇනිවර්සරියක් වේවා !!!

    ReplyDelete
  13. කතතන්දර හාමිනේටත් කතන්දරටත් හැපි ඇනිවසරි එකක්ම වේවා...
    මේ වගේ පිස්සු කවි කතන්දර ගොඩක් ගෙන එන්න හැකියාව ලැබේවා..

    ReplyDelete
  14. සුබ ඇනිවසරියක් වේවා. (පරක්කු උනත්)

    ReplyDelete
  15. සුභපැතුම් කතන්දර.තවත් අවුරුදු ගානක් එකට සිටීමට ලැබේවා....

    ReplyDelete
  16. thithata matha thibboth neda honda

    ReplyDelete
  17. පරක්කු වෙන අරක්කු වල අගේ වෙනස් වෙනවා වගේ, කතන්දර කියන විදිහට ම ආරෝහන පටිපාටියට ආදරය වැඩි වේවා!

    මෙන්න අපෙනුත් සුබ පැතුම්!

    විසි අට තමා අපෙත් මෙව්වැක තිබුනෙ! හැබැයි මේ මාසේ නෙමේ!

    ReplyDelete
  18. කතන්දර කපල් එකට සුබම සුබ වෙඩින් ඇනිවසරියක් වේවා !! තව තවත් මීවිතෙන් මත් වෙලා මී මැස්සයි මී මැස්සියි වගේ ඉන්න ලැබේවා !!

    ReplyDelete
  19. කතන්දර ජෝඩුවට මගෙන් සුභ පැතුම් පිළිගන්න.

    ReplyDelete
  20. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. මෙන්න මගෙනුත් සුභ පැතුම් ! කතන්දරටත් , කතන්දර හාමිනේටත් .

    ReplyDelete
  22. දැන් නම් හොඳටම පදම් වෙලා ඇති

    සුභ පැතුම්

    හාමිනේ දුරු රටකට ගියා කිව්වා නේද ? දැන් ඇවිත්ද ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. හාමිනේ දුරු රටකට ගියා කිව්වේ දැන් සති දෙකකට කලින් මෙන්න මේ ලිපියේදීනේ.
      http://kathandara.blogspot.com.au/2012/05/some-childhood-memories.html
      ගියේ 15 අඟහරුවාදා සෙනසුරාදා ආපහු ආවා.
      නෑවිත් කොහෙමාද අද ඇනිවසරියට?

      Delete
  23. සුභ වෙඩින් ඇනිවර්සරි එකක් වේවා..

    මට මේ මතක් උනේ සැහැල්ලුව ලියන ඉන්දික අයියගේ වෙඩින් ඇනිවර්සරි එකට බුද්ධි අයියා ඇදපු කාටුන් එක... :)

    ReplyDelete
  24. ආපු එකේ "සුභ පැතුම්" කියලා කොටලා යන්න මටත් පුළුවනි, හැමෝම වගේ. ඒත් අපි කීයෙන් කීදෙනෙක් ඒක තේරුමක් ඇතුව කියනවද?

    ඔබා මාමා මැරුණා. මැරිච්චි දවස්වල නම් බුදු හාමුදුරුවො පිරිනිවන් පෑවා වගේ තමයි කට්ටියගෙ කතාව. දැන් කාටවත් මතකත් නෑ. ලොකුවට කතා කරපු පිංකමුත් නෑ. ඔබා මාමා ඉන්නකල් උන්දැව හූරෙගෙන කාපු, උන්දැ නිසා යැපුණු අයියලත් දැන් මීක් සද්දයක් නෑ.

    කතන්දරත් මේ ගැන හිතන්න. මැරෙන්න ඕනැ කාටත් මතක හිටින වැඩ ටික කරලා. ටැබූ නැතිවීම ගැන තාම කතා කරනවා. ඒ ටැබූ කියන බ්ලොග් අවකාශයේ නන්නාදුනන පුද්ගලයා වෙනුවෙන් නෙවෙයි. ඔහු ලියපු දේවල් නිසා. ඔබා මාමා ලිවිල්ලට වඩා මිතුරන් හදා ගැනීම ගැන උනන්දු වෙච්චි නිසයි ඔච්චර ඉක්මණට මතක නැති වුණේ. හදා ගත්තු මිතුරන්ගෙනුත් බාගෙකට වැඩිය අමු කුහකයෝ රැළක්. දැන් කොහේ හරි ඉඳන් උන්ගෙ කුහක කම් බලාගෙන හිනා වෙනවා ඇති මං මුන් වගේ කෙළෙහි ගුණ නොදන්නා තක්කඩියන්ට නේද මං ගොනා වගේ උදව් කළේ කියලා.

    ඔය සුභ පැතුම්, සුභ පැතුම් කියලා දාන අයටත් කතන්දර මැරුණු දවසක කොච්චර කාලයක් මතක හිටීද බලා ගන්න පුළුවන්. ඒ හන්දා අනුන්ගේ සුභපැතුම් උපේක්ෂාවෙන් භාර අරගෙන මේ විවාහය නිසා ඇත්තටම ලෝකයට වුණු යහපත මොකද්ද කියලා හිතලා බලන්න. රටට ලෝකෙට වැඩ ඇති කෙල්ලෙකුයි කොල්ලෙකුයි හැදිලා තියේ නම් ඒ හොඳටම ඇති. සුභපැතුම් මක්කටෙයි?

    ReplyDelete
    Replies
    1. උඹේ කටේ මසුරං දාල නිකන් හුස්ම හිරකරන්නෙ මක්කටෙයි. ඒ හින්ද ඔන්න දැම්ම පහක්!

      Delete
    2. සාමාන්‍යයෙන් ඕනෙම දෙයක් ටික කාලයයි. ඔබා මාමට විතරක් නෙවේ ඒක අපි කාටත් පොදුයි. ඔබා මාමා හෝ අප අතරි වෙන්ව ගිය තමන්ගේ පවුලේ කෙනෙක් හෝ ටික කාලෙකින් මතකයෙන් ඈත් වෙන්න පුළුවන්. ඒ උනාට මතකයෙන් සම්පූර්ණයෙන්ම නැතිවෙන්නෑ.
      ...එහෙම උනා කියලා තව මනුස්සයෙක් අවස්ථාවදියෙක්...ගුණමකුවෙක් ගානට දාන්න පුළුවන්ද?
      Life moves on until the inevitable!

      Delete
    3. මහත්තයෝ, දුරින් දැන හිටපු කෙනෙක් මිය ගිහින් සතියකින් දෙකකින් කාටත් අමතක වෙනව තමයි. ඒත් තමන්ට කන්න අඳින්න දීල මනුස්සයෙක් කරල ගත්තු මිනිහෙක්ව ඔච්චර ඉක්මණට අමතක කරල දාල චිත්තර පටියක් දෙකක් බලාගෙන, බෝතලයක් එක්ක සොමියක් ගන්න එකාට ගුණමකුව නොකිය වෙන මොනව කියන්නද?

      Delete
    4. මේ කවුරු ගැනද කියන්නේ???

      Delete
    5. //ඔබා මාමා මැරුණා. මැරිච්චි දවස්වල නම් බුදු හාමුදුරුවො පිරිනිවන් පෑවා වගේ තමයි කට්ටියගෙ කතාව. දැන් කාටවත් මතකත් නෑ.//

      ඔබා මාමා ගැන හැමදාම පේස්ටු දාන්න කියලද කියන්නේ ?

      තව දෙයක්.. පිංකමට ඔහුගේ පරන බ්ලොග් කරුවෝ වෙන මිත්‍රයෝ එකතු වෙනව කිව්ව. ඒක එයාලට බාර දිල අපි පැත්කට වුනා. ඒක එයාලට තනියම කරන්න ඕනෙ වුනා මයෙ හිතේ. හරිම කුහකයි..

      Delete
    6. මේ ඇනෝවනං සුවර් එකට බූට් එකක කාල කසාදයක් බැදගන්න බැරිවෙච්ච පිස්සු නාකි බූඩෙක්.... පුල් ආතල් ඕයි.. මට හිනා ගියත් එක්ක...

      Delete
    7. /මේ ඇනෝවනං සුවර් එකට බූට් එකක කාල කසාදයක් බැදගන්න බැරිවෙච්ච පිස්සු නාකි බූඩෙක්/

      මේ විස්තරේට ගැළපෙන එකෙකුට නං ඉන්නෙ මාරයා විතරයි. :-)

      Delete
  25. කතන්දර යුවලට සුභ වෙඩින් ඇනිවර්සරි එකක්...!!

    ReplyDelete
  26. හරිම ලස්සන අදහසක් . දෙන්නටම සුබ පැතුම් මගෙන්

    ReplyDelete
  27. ඔය කී වෙනි මෙව්ව එකද කියලත් කිව්වනම් හොඳයි නේ ද? ඔන්න මගෙනුත් සුභ පැතුම් !

    ඔය කියපු ජාති නම් පරණ වෙනකොට හොඳා තමා. ඒ වුණාට සමහරක් ජාති පරණ වෙනකොට ක්‍ෂය වෙනව නේ ද?

    ReplyDelete
  28. ඔබ දෙපළට මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  29. වයස ගියාට කකා වැඩකරු.

    ඇයි මිනිහා තට්ටෙන් දෙන සොමිය. රැවුලෙන් දෙන සොමිය.

    ReplyDelete
  30. ප්ලැටිනම්...බ්ලූ වලටත් වඩා පදම් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  31. හැබැයි කකා, බෝතල් නොකඩල තියනකම් පරණ වෙන්න පරණ වෙන්න හොඳයි. කඩපු බෝතල් නම් පරණ කරලා වැඩක් නැහැ. Happy Anivasary!

    ReplyDelete
  32. සුබ විවාහ සංවත්සරයක් වේවා කකා!

    ReplyDelete
  33. මියෙන තුරු මේ බන්දනය තව තවත් ශක්තිමත් වේවා.

    ReplyDelete
  34. ඔන්න අපිත් සුභ පැතුව....

    ReplyDelete
  35. යස ඉසුරු පිරි අනාගතයකට ඔයාල දෙන්නට සුභ පැතුම් සමග මෙන්න මගෙන් ජැක්ඩැනියෙල් එකක්..!! :D:D

    ReplyDelete
  36. "බත බුලතින් සපිරේවා...!"
    හෆ්ෆා... අර්ර්.. රව්..වා.. දැක්කම...ඇඟ...සලිත උනා හය්යෝ...

    ReplyDelete
  37. oya seratama wadiya hodai thani akure beema jathiya.

    ReplyDelete
  38. නීල ලේබලේ දෙන්නේ කොච්චර කාලෙකින්ද කියා කියා නැත....! ඔය උතුර් කුරු දිවයිනේ ඉඳන් අවුරුද්දු විස්සකට පස්සෙ මාව බලන්න ආපු යාළුවෙක් අරගෙන ආවෙ අවුරුදු 18ක් පරණ රත්තරන් ලේබල් එකක්. රතු ලේබල් අප්පිරිය කරන මගේ යාළුවො ඔක්කෝටම කතාකරලා පහුගිය සිකුරාදා ඒක වලඳලා දැම්මා.....! අද කසූ රත්ත්‍රන් ලේබලයක් ගැන දොඩවනවා.....! මොනව උනත් සුභ ඇනිවර්සරියක් වේවා.......! ඔන්න බලන්න ඉතින් ඒකෙත් හැටි....!

    ReplyDelete
  39. හප්පා කකා තුමාගේ ඇනිවසරියට විශ් නොකර කොහොමද?

    Auguri.....

    whiskey මතක් වුනාම කතා ගොඩකුත් මතක් වුනා. අපිට බ්ලෙන්ඩින් ගැන ඉස්සෙල්ලම ඉගැන්නුවේ ජොනී අන්කල්ගේ හවුස් එකෙන් නේ....

    ReplyDelete
  40. හුටා! අපේ ඇනිවර්සරියත් ළඟයිනෙ බොලේ. තව පොඩ්ඩෙන් මළ මගුලයි.

    ReplyDelete
  41. Happy Anniversary !!!

    ක.කාගෙ දැන් Green Labale පහු කරලා ඇති මයෙ හිතේ.
    ඉස්සරහට එන්නෙ රිදී ජුබිලියද?

    ReplyDelete
  42. අපේ හැපි වෙඩිං ඇනිවසරියට සුභ පැතු සැමට අපේ ස්තුතිය මෙයින් පුද කරමු.

    ජයවේවා!

    ReplyDelete
  43. එතකොට බ්ලූ ලේබල් එක... ?? පරණ වෙච්ච තරමට දැන් ඒක වාෂ්පවෙලා නැතිවෙලා ගිහින්ද ?

    ReplyDelete
  44. ඈහ් ඔක්කමත් හරි අන්තිමට නිකම් මාංදමිකයි වගේ........

    ReplyDelete
  45. හැපි ම හැපි ඇනිවර්සරි එකක් වේවා.. !!!!
    (ප. ලි. කොහොම වුනත් බීම නම් හොඳ නැතෝ කතෝ)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.