Sunday 20 November 2011

අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප - What's wrong with being Gay or Lesbian?


මං සිංහල. ඒ කියන්නේ මං මූලිකවම කතා කරන්නේ, ලියන්නේ සිංහලෙන්. මගේ දෙමව්පියෝ, ඒ අයගේ දෙමව්පියෝත් සිංහල.

මං හැර තවත් සිංහල අය ඉන්නවා. අපිව එක කණ්ඩායමක් විදියට පොදුවේ සිංහල කියලා හඳුන්වනවා නම් ඒ අපේ පොදු චාරිත්‍ර රටාවක්, භාෂාවක් තියෙන නිසාය කියලා කියන්න පුළුවන්.

මං හැකි විදියෙන් බුදු දහම අනුව ජීවත්වෙන කෙනෙක්. මගේ දෙමව්පියෝ, ඒ අයගේ දෙමව්පියෝත් එහෙම තමයි ජීවත් වුනේ.

මං හැර තවත් බුදු දහම අනුව ජීවත්වෙන්න බලන අය ඉන්නවා. අපිව එක කණ්ඩායමක් විදියට පොදුවේ බෞද්ධයෝ කියලා හඳුන්වනවා නම් ඒ අපේ සිතුවිලි රටාවේ තියෙන සමානකම් නිසාය කියලා කියන්න පුළුවන්.

එතකොට, මම සිංහල බෞද්ධයෙක්. මං වගේ තව අය ඉන්නවා. ඒ එක්කම බෞද්ධ නොවන සිංහල අයත්, සිංහල නොවෙන බෞද්ධ අයත් ඉන්නවා.

හරකා මේ වටෙන් වටෙන් එන්නේ මෙන්න මේ පොල් පැලේටයි.

මට තේරුණු විදියට ඕස්ට්‍රේලියාවේ මෙල්බරන් නගරයේ වගේ තැනක තිබුණු ලෙස්බියන් (ස්ත්‍රී සමලිංගික) විවාහ උත්සවයක් ගැන කස්සා කියන බ්ලොග්කරුවා ලිපියක් ලියලා තිබුණා. ඊට කලිනුත් මේ වගේ ලිපි දෙකතුනක් බථලොග් අවකාශයේ පලවුනා. මේ ලඟදී තවත් ලිපියක් තිබුණා කොඃඟ කොන්ඩම් වගයක් බෙදුවාය සහ ඒ ගැන සර්වෝදය ලොක්කා ආරියරත්න කියපු කතා ටිකක් හෙම එක්ක. ඒ ලිපි කෙසේ වෙතත් මේ ගේ-ලෙස්බියන් කතා ගැන යන ලිපිවලට එන ප්‍රතිචාරවලින් සමහර ඒවායින් යම් කිසි භීතිකාවක් ඉස්මතුවෙනවාය කියලා මට පෙණුනා.

ඒ තමයි අපේ සිංහල බෞද්ධ රටේ අගතියට මේ ගේ-ලෙස්බියන් ලිංගිකත්වය හේතුවෙනවාය වගේ භීතියක්! ෆෝබියාවක්!

ඒ ගැනයි මේ ලියන්නේ. මෙතන මගේ පඬිවදන් මිස කාමාශාව ඇතිකරවන ජූසි කතන්දරයක් නම් නැහැ.

කස්සා ගේ ලිපිය හෝ ඒ වගේ වෙනත් ලිපි කියවන වෙලේ සිංහල බෞද්ධ මට නම් කිසිම ලේ කෝප වීමක්, සාංකාවක්, අරකක් මේකක් ඇති වුනේ නෑ.

මගේ සිහියට ආවේ එකම දෙයයි. අර අප්‍රසිද්ධ සිංහල ලෙස්බියන් සින්දුව විතරයි.

කාලෙකට කලින් මං පරිවර්තනය කරලා පෝස්ට් කරපු ලිපියක, ඩොක්ටර් ග්‍රැන්විල් ධර්මවර්දන උත්සාහ කරලා තිබුණා සමලිංගික සබඳතා ස්වභාවිකයි කියලා ඔප්පු කරන්න. පොර ඒ සඳහා පාවිච්චි කරලා තිබුණු නීරීක්‍ෂණවල වලංගුභාවය කෙසේ වෙතත්, මගේ අදහස නම් සමලිංගික සබඳතා, විරුද්ධ ලිංගික සබඳතා තරමටම ස්වභාවිකයි කියන එකයි.

ස්වභාවිකය කියන්නේ නිරුත්සාහීව සිදුවෙන, ඉර නැගීම, බැසීම, මල් පිපීම වගේ කරුණුනේ. සමලිංගිකත්වය අස්වාභාවිකයි කියනවානම් ඒකෙන් කියන්නේ සමලිංගිකත්වය බලෙන් ඇතිකරගත් එකක් ය කියන එකයි. එතනයි වැරදීමේ මුල!

එහෙම බැලුවාම ඇත්තටම අවශ්‍ය වෙන්නේ සමලිංගිකත්වය අස්වාභාවිකය කියලා ඔප්පු කරන එක මිසක් සමලිංගිකත්වය ස්වාභාවිකය කියලා ඔප්පු කරන්න නෙමෙයි.

සමලිංගිකත්වය අස්වාභාවිකය කියලා සාධක ඇතිව ඔප්පු කරන කං, ඒක ස්වාභාවිකයි මට පේන විදියට.

ලෙස්බියන්ස් ලා ට හරි සමලිංගික පිරිමින්ට හරි ආදර සම්බන්ධකම් තියාගන්නයි, විවාහ ජීවිත ගෙවන්නයි තියෙන අයිතිය අහුරන්න අපි කවුද? මගේ සිංහලකමයි, බෞද්ධකමයි මගේ. ඒවා වෙනත් අයගේ විරුද්ධ ලිංගිකත්වය එක්ක ගැටුමක් තියෙන බවක් මට නම් පේන්නේ නෑ.

සිංහලකමටයි, බෞද්ධකමටයි එරෙහිව යන්නේ සමලිංගිකත්වය නෙමෙයි, බෞද්ධ භික්‍ෂුන් අතර තියෙන කෞමාරකාමය නොහොත් පිඩොෆිලියාවයි!

ලෝකයේ විවිධ රටවල කාලයක් තිස්සේ කතෝලික සහ ක්‍රිස්තියානි නිකායවල පූජකයින්ගේ පිඩොෆිලියා වැඩ මේ වෙනකොට එළිදරව් වෙලා එක පුලියේ තියෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි
මෙය කතන්දරයක් නොවේ. ඉරිදා දවසේ පලකෙරෙන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකකි!

අමුතුවෙන් කිව යුතු නොවුනත්, පෙර කී ලිපි දැමූ අය සමග හෝ එහි කමෙන්ට් කළ අය සමග මගේ කිසිදු අවුලක් නැත.

ඇත්තටම ප/ලි:
මගේ අදහස විමසූ ට සහ එයට ප්‍රතිචාර දැක්වූ අයට,

යම් පුද්ගලයෙකුගේ ලිංගික රැචිය ඔහුගේ හෝ ඇයගේ අයිතිවාසිකමකි.

මගේ ලිංගික රුචිය හෝ හැසිරීම ගැන මගේ දෙමව්පියන් මොනවා කරන්නද?

එලෙසම මගේ දරුවන් වැඩි වියට පැමිණි පසු ඔවුන් ගෙවන ලිංගික ජීවිතයට ඇඟිලි ගැසීමට මට ඇති අයිතිය කුමක්ද?

අපි අපේ දරුවන් විවාහ වී දරුවන් සෑදීම ගැන සතුටුවෙන්නේ එමගින් අපේ ජාන ඉදිරියට යෑම ගැන ඇති තන්හාව නිසාය. දරුවන් බිහිවීමේදී දෙමව්පිය ජාන හරස්-මාරු (cross-over) වෙන අතර සමහර ජාන නිශ්ශබ්ද (mute) වීම, ඉස්මතුවීම ස්වාභාවිකවම සිදුවේ. සෑබෑ සමලිංගික එකතුවීමකදී දරුවන් නොලැබෙන නිසා ඒ ජාන ස්වාභාවික තේරීම් පටිපාටියෙන් ඉවත් වේ.

සංමලිංගිකත්වය මානසික රෝගයක් බවත්, එය මානසික ප්‍රතිකාර මගින් සුව කළ හැකි බවත් සිතන්නෝ සිටින්නේ අඳුරේය.

වමතෙන් ලිවීම අසුභ දෙයක් බව සිතූ කාලයක් ද තිබුණු බව අමතක කරන්න එපා.

මේකත් බලන්න: Homophobia

(iamge: http://allieiswired.com/archives/2009/02/ellen-and-portia-have-baby-plans/)

97 comments:

  1. කතන්දර, හිතන්න ඔයාට දුවෙක් ඉන්නවා. ඒ දුව සමලිංගික ඇසුරක් පවත්වන බව ඔයා දැන ගන්නවා! එතකොට ඔය මැදහත් බවට මොකද වෙන්නෙ?

    මෙතන කමෙන්ට් කරන අනිත් බ්ලොග්කරුවන්ගෙනුත් මම ඉල්ලනවා මම අහපු මේ ප්‍රශ්නෙ තමන්ට අදාළ කරගෙන උත්තර දෙන්න කියලා. (සහෝදරියක්, දුව ...)

    ReplyDelete
  2. ඔය මුළු ලෝකෙටම බණ කියන අය මිනිස්සු නොකරන එකම දේ තමයි බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිපත්ති පිළිනොපදින එක. කක්කුට්ටො වගේ ඇදේට යන ගමන් ඒ අය අනිත් මිනිස්සුන්ට වැදි බණ කියන්න එන එක තමයි හිනා යන වැඩේ.
    "මම නොකළට උඹලා කරපල්ලා" :)

    ReplyDelete
  3. @Viwechana: බය වෙන්න එපා. ඔය ප්‍ර්‍ය්නෙට කවුරුත් ූත්තර දෙන්නෙ නෑ. තමුක්ගෙ කෙනෙක්ට වෙද්දී ඔය බණ පැනල දුවන්නෙ පස්ස දොරින්. අර මාලන් කියන්නා වගේ "ඔය මුළු ලෝකෙටම බණ කියන අය මිනිස්සු නොකරන එකම දේ තමයි බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිපත්ති පිළිනොපදින එක. කක්කුට්ටො වගේ ඇදේට යන ගමන් ඒ අය අනිත් මිනිස්සුන්ට වැදි බණ කියන්න එන එක තමයි හිනා යන වැඩේ. මම නොකළට උඹලා කරපල්ලා!"

    ReplyDelete
  4. අපෝ මහ අප්පිරියයි හිතනකොටත්..හිතන්න තමනගෙ දුව හෝ පුතත් මේ වගේ කෙනෙක් ගෙදරට ගෙනාවොත් . හරි ශෝක් එකට තියේවි..

    ReplyDelete
  5. @Viwechana

    ඒ දෙන්න ආදරෙන් නම් ඉන්නේ කාටවත් තියෙන ප්‍රශ්නේ මොකද ?? හා.... පරම්පරාව ගෙනියන්න බෑ කියල ප්‍රශනයක් තියෙනවා තමය් ... ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාටනෙ ... ඔයාගේ දුව එකට පළි නෑ නේ .....අනික් එක මහන වෙන එක පුජක වෙන එකත් gay / lesbian තරමටම විකුර්තියක් නේ .... ජීව විද්‍යාව පැත්තෙන් ගත්තම

    ReplyDelete
  6. I have a question for you people. Where in Buddhism has anything said about homosexuality is wrong?

    And answering that above person's question, if it was my daughter/sister, I would accept her for what she is and help her lead a normal life.

    ReplyDelete
  7. 2 වැනි ඇනෝ

    ඔබතුමා/ ඔබතුමිය සමරිසියෙක් වගේ!

    මම ලෙස්බියන් හෝ ගේ එව්වොන්ට විරුද්ධ නැහැ. ඒත් මගේ පවුලේ කෙනෙක් හරි මගේ යාලුවෙක්, යෙහෙළියෙක් හරි එහෙම සමරිසි නම්, හිතන්න අපි මහ ලොකුවට කියන මැදහත් බවට මොකද වෙන්නෙ කියලා?

    ReplyDelete
  8. අනෙකාගේ අයිතියට ආශාවට ගරුකරන බුද්ධිමත් පිරිසක් රටක බිහිවන තුරු මේ ප්‍රශ්නය එතනමයි. ගෝත්‍රික සමාජයක මොන සමරිසි ද කතෝ. හොඳ බඩුකාරයෙක්නම් ඒ පවුලටම ආඩම්බරයක්. ඌ වීරයෙක්. නමුත් ඒකම කරන කාන්තාව. වෙට්ට පාසී. උගත්තු බිහි උනාට වැඩක් නෑ. බුද්ධිමතුනුයි අවශ්‍ය. අවුරුදු 18 පස්සෙත් දෙමව්පියන්ගෙන් මොනව හරි බලාපොරොත්තුවෙන් ඔවුන්ගෙන් යැපෙන්න ඉන්න මන්ද බුද්ධිකයින්ට මේවා විශාල ප්‍රශ්න. ඒකනේ තමන්ගේ දරුවා ගැන විමසන්නේ. ලිපිය ලියන් එකාගේ දරුවා ගැන ප්‍රශ්න කරන අයගෙන් මට අහන්න තියෙන්නේ තමන්ගේ දරුවා. මේ වගේ තත්වෙකට පත් උනොත් මොකද කරන්නේ. ගහනවද, පට්ට ගහනවද, පවුලෙන් එලවනවද, කන්ට්‍රැක් එකක් දීලා මරා දානවද.

    ReplyDelete
  9. I am 2nd ano
    මම සමරිස් නොවේ ... ඇත්තම කියනවනම් ලංකාවෙන් අවට පස්සේ කොල්ලෙක් ගේ කරට අතවත් දාල නෑ ...... ඒ උනාට ලෝකේ අනික් මිනිසුන්ට ඕනි විදිහට මේ අය රගපාන්න ඕනිද ? ඔබට ගෑනු කෙනෙක් දැක්කහම අස හිතෙනවා වගේ මේ අයටත් තමාගේ යාළුවා දැක්කම හිතෙනවා ඇති .... ඒක වැරද්දක වෙන්නේ කොහොමද .... රටේ සල්ලි නාස්ති කරකර දුම්වැටි බොන ඒක හොද නම් මෙය එය බොන එකාට හොදනම් අපිට මොකද කියල ඉන්නවා නම් මෙය එයිට වැඩ හොද විය යුතුය්.

    ReplyDelete
  10. @ Vivechana
    යම් පුද්ගලයෙකුගේ ලිංගික රැචිය ඔහුගේ හෝ ඇයගේ අයිතිවාසිකමකි.

    මගේ ලිංගික රුචිය හෝ හැසිරීම ගැන මගේ දෙමව්පියන් මොනවා කරන්නද?

    එලෙසම මගේ දරුවන් වැඩි වියට පැමිණි පසු ඔවුන් ගෙවන ලිංගික ජීවිතයට ඇඟිලි ගැසීමට මට ඇති අයිතිය කුමක්ද?

    අපි අපේ දරුවන් විවාහ වී දරුවන් සෑදීම ගැන සතුටුවෙන්නේ එමගින් අපේ ජාන ඉදිරියට යෑම ගැන ඇති තන්හාව නිසාය. දරුවන් බිහිවීමේදී දෙමව්පිය ජාන හරස්-මාරු වෙන අතර සමහර ජාන නිශ්ශබ්ද වීම, ඉස්මතුවීම ස්වාභාවිකවම සිදුවේ. සෑබෑ සමලිංගික එකතුවීමකදී දරුවන් නොලැබෙන නිසා ඒ ජාන ස්වාභාවික තේරීම් පටිපාටියෙන් ඉවත් වේ.

    සංමලිංගිකත්වය මානසික රෝගයක් බවත්, එය මානසික ප්‍රතිකාර මගින් සුව කළ හැකි බවත් සිතන්නෝ සිටින්නේ අඳුරේය.

    වමතෙන් ලිවීම අසුභ දෙයක් බව සිතූ කාලයක් ද තිබුණු බව අමතක කරන්න එපා.

    ReplyDelete
  11. Viwechana said...මම ලෙස්බියන් හෝ ගේ එව්වොන්ට විරුද්ධ නැහැ. ඒත් මගේ පවුලේ කෙනෙක් හරි මගේ යාලුවෙක්, යෙහෙළියෙක් හරි එහෙම සමරිසි නම්, හිතන්න අපි මහ ලොකුවට කියන මැදහත් බවට මොකද වෙන්නෙ කියලා?

    @Viwechana,
    එහෙම කියල දැනගත්තොත් ඔබ මොකද කරන්නේ දුව , පුතා පවුලෙන් පන්නවද ... යාළුකම් අතහරිනවද ?
    මේ හැම එකක්ම මමත්වය නිසා නේද ..... මට වඩා සර්ව සම්පුර්ණ කෙනෙක් නෑ ... මමත් මගේ පවුලත් ...යාලු මිත්රයනුත් සර්ව සම්පුර්නය් .... එහෙම නොවන අය ආශ්‍රය කිරීම මට ලැජ්ජාවකි ..... එහෙම නේද ඔබ හිතන්නේ ??

    SHAME ON YOU !!!!!

    (2nd ANO)

    ReplyDelete
  12. // කිසි විලි
    සන්ගයක් නැතුව අර ගෑනු දෙන්න කෙල පෙරාගෙන කිස් කරගන්නව.අපි කට්ටිය පැනි පෙරාගෙන
    බලාගෙන ඉන්නව.කාටවත් කිසි ගානක් නෑ.හිනා වෙනව

    ~ඔසිකතා//

    මෙතන තියෙන්නේ අපේ අයියලගේ හිතේ හිරවෙලා කැකෑරෙමින් තියෙන ආසාවල්. ලෙස්බියන් ගෑනු දෙන්නෙක් කරන්නේ මොනවද කොහොමද කියලා බලන්න පිරිමි බහුතරයක් ආසයි. ඒ වගේම ඒ ගෑනු දෙන්නගෙ මැද්දට පැනලා ඔවුන්ගෙන් තමන්ටත් ආතල් එකක් ලැබෙවනවම් තවත් ආසයි. හැබැයි තමන්ට ඒ දෙන්නගෙ මැද්දට පනින්න ලැබෙන්නෙ නෑ කියන සිතුවිල්ලට බයයි.

    ඔය තමන්ගෙ දරුවෙක් එහෙම උනානම් කියලා අහන උදවියට නොතේරෙන කාරණය "කෙනෙකුට තවත් කෙනෙක් අයිති නැහැ" කියන එක. වහලුන් ව හැරෙන්න කෙනෙකුට තව කෙනෙක් අයිති වෙන්නෙ නැහැ. අපේ අයියලට ඕනි තමන්ගේ දරුවන් තමාගේ වහලුන් ලෙස ජීවත් වනවා දකින්නයි.

    ReplyDelete
  13. අතිසාර්ථක අන්දමින් කතන්දර නැවත වතාවක් බට කැළයකට ගිනි තබා ඇත :D

    @ 1st Ano:
    මගේ කමෙන්ටුව කතන්දරට එල්ල වූවක් නොවෙන බව සලකන්න.

    @කතන්දර:
    ඔය ෆොටෝ එකේ ඉන්නේ Ellen නේද?

    @Vivechana:
    මගේ පවුලේ කෙනෙක් සමරිසි වුනොත් මට ටිකක් දුක හිතෙයි [මම හැදිච්ච සංස්කෘතිය නිසා] ඒත් මම එයාට බාධා කරන් එකක් නැහැ.

    ReplyDelete
  14. මං විවාහක කාන්තාවක්. සමලිංගිකත්වය පිළිබඳව ඒ ගැන දැනගත්තු දවස්වල ඇතිවුනේ හරිම අප්‍රසන්නතාවයක්. ඒත් කාලයත් එක්ක ඒ වගේ අය වැඩිවැඩියෙන් මුණගැහෙන්න පටන් ගත්තාම, එයාලව තේරුම් ගන්න පටන් ගත්තාම ඒ අප්‍රසන්නතාවය ටික ටික අඩුවෙලා ගිහින් ඒ ගැන මැදිහත් සිතින් බලන්න පුළුවන් තත්ත්වයකයි අද මම ඉන්නෙ.

    මට මගේ අත්දැකීම්වලින් මෙහෙම කියන්න පුළුවන්. මේ ගැන අද සංවාද ගොඩනැගිලා තිබුනට මේ වගේ කට්ටිය ගොඩක් ඉස්සරත් අපේ සමාජයේ හිටියා. අපේ පරණ අගමැතිතුමෙක් ගැන එහෙමත් කිව්වානෙ. ඒත් ගොඩදෙනෙක් ඒ බව වසන් කරගෙන හිටියෙ සමාජයට බයෙන්. මට මෙහෙම කෙනෙක් මුණගැහුනෙ ඉස්සරවෙලාම 1980 ගණන්වල. ඒ කාලෙ බොහොම කලාතුරකින් තමයි ඒ ගැන එළිපිට කතාකළේ. ඒත් අද වැඩිවැඩියෙන් මුණගැහෙනවා. එයාලගෙ ස්වාභාවික රුචිය ඒකනම්, සාමාන්‍ය සම්බන්දතාවයක් පවත්වාගෙන යන්න එයාලට බැරි නම් අනිත් අය මොනවා කතා කළත් ඒක වෙනස් වෙන්නෙ නෑ. අනිත් මනුස්සයන්ට විදියටම එයාලටත් මානව අයිතිවාසිකම් තියෙන නිසා, එයාලගෙ රුචියට අනුව ජීවත්වෙන්න එයාලටත් නිදහස කෙසේවෙතත් අයිතිවාසිකම තියෙනවා.

    ඒකෙ මෙහෙම පැත්තකුත් මම දැක්කා. මට මුණගැහුනු සමලිංගික ගැහැණු ළමයි වැඩිදෙනෙක් කාන්තා පාසැල්වල ඉගෙන ගත්තු, නේවාසිකාගාරවල නැවතිලා උන්නු අය. (මෙතැනදි අපේ ලංකාවෙ ක්‍රමයට කට්ටිය කියන්න පුළුවන් මමත් මේ කියන විදියෙ එක්කෙනෙක් වෙන්න ඇති, ඒකයි මං මෙහෙම කියන්නෙ කියලා. අනේ නෑ. මම ගියෙත් මිශ්‍ර පාසැලකට ). මේකෙන අදහස් වෙන්නෙ නෑ කාන්තා පාසැලවලට ගිය, නේවාසිකාගාරවල නැවතිලා හිටපු ඔක්කොම ගැහැණු ළමයි මේ වගේ කියලා. ඒක මං විශේෂයෙන්ම කියනවා. මේක මට ලැබුනු අත්දැකීම.

    ඒ උනාට අද ඒ ගැහැණු ළමයි කසාද බැඳලා දරු මල්ලොත් එක්ක ජීවත් වෙනවා. එයාල ජීවත්වෙන්නෙ සතුටින්ද කියන එක නම් මං දන්නෙ නෑ. සමහරවිට මේ අය සමලිංගික අය වුවත් සමාජයට බයෙන්, ලැජ්ජා වෙන්න වෙනවට හිතට විරුද්ධව කසාද බැඳලා මුළු ජීවිත කාලෙම අසන්තෝෂයෙන් ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා මගේ දරුවෙක් සමලිංගිකයෙකු උනොත්, මට ඔක්කොටම වඩා වැදගත් වෙන්නෙ දරුවගෙ සතුට නිසා එයාගෙ කැමැත්තක් කරගන්න මං ඉඩ දෙනවා. ඒක එයාගෙ ජීවිතය. අපියි එයාව ලොකු මහත් කළේ. ඒ නිසා එයාගෙ ජීවිතේ ගැන තීරණය කරන්න එයාටත් අපටත් අයිතිය තියෙනවා රටේ අනිත් මිනිස්සුන්ට වඩා.

    මෙහෙම අයට වඩා මම නම් අප්‍රිය කරන්නෙ ළමා අපචාරවල යෙදෙන අය (පූජකවරුන් ඇතුළු )සහ ඔය මහ ලොකු සංස්කෘතික කඩතුරාවෙන් වසන් වෙලා ලෝකෙ තියෙන දහදුරා බලු වැඩ ඔක්කොම කරලා සදාචාරය, සභ්‍යත්වය ගැන කතාකරන මිනිස්සුන්වයි. සමලිංගිකත්වය අපරාධයක් නෙවේ. සමලිංගිකයො අපරධකාරයොත් නෙවේ.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මේ කථාවේදී මමත් ඉන්නේ මාලන් හා මාතලන්ගේ පැත්තේ. කකා හොඳ බට කැලයකට ගිනිතබා ඇතිබව තමයි මටත් පේන්නේ. හොඳ වැඩක්. මමත් අහන්නේ ඇයි අපි තවත් මිනිහෙක්ගේ ලිංගික හෝ වෙනයම්ම අයිතියකට නීතිදාන්නේ. ඒ අපේ දරුවාද එහෙම නැත්නම් වෙනකෙනෙක්ද නෙමේ ප්‍රශ්නේ. අපි දරුහො හැදුවා උන්ගේ අයිතිය උන්ගෙනියයි. ඒකට නීතිදාන්න මමනම් කැමති නැහැ. දැනටත් මගේ සහෝදරයින් හා මා අතර ඔය ගැන විවාද තියනවා.

    මගේ දුව ගැන කියනවනම් මම කියන්නේ මට ඕනෙ එයා හොඳ මනුස්සයෙක් වෙන්න විතරයි.

    ReplyDelete
  17. ඔය සිංහලබවුඩ්ඩ කියන කට්ටිය එක්කනං මම කොහෙත්ම එකඟ නෑ(සිංහල බෞද්ධ !=සිංහලබවුඩ්ඩ).
    හැබැයි ඔය සමලිංගිකේනං එච්චර හොඳ එකක් කියල මට හිතෙන්නෙ නෑ

    ReplyDelete
  18. http://en.wikipedia.org/wiki/Homosexual_behavior_in_animals

    ReplyDelete
  19. samalinika sanskruthiya ape ratata gelapenne nethi bava mage mathayayi.re*nna thiyena p*ka parissam karagena hitiyama ivarayi.

    ReplyDelete
  20. මාරම කතන්දරේ.. :D
    “එකගෙයි කෑම“ කියන සංකල්පයේ ඉදන් අපි ඉදිරියට යනව වෙනුවට අද අපි ආපස්සට ගිහින්. ඒත් අපි අනික් අය වෙනස් වෙනවට කැමතිත් නැති නිසා ඒ වෙනස නවත්තන්න හදනව.
    අවාසනාවට කාරණය තමයි කතන්දර නොකියා කිව්ව වගේ, බුදු දහම කියන නිර්මල ඉගැන්වීම් සිංහලට පරිවර්තනය කිරීමේදී ඔය උඩ කියපු ඒවට ගැපපෙන විදියට පෙරලා ගැනීම.
    බුද්ධාගමත්, සංස්කෘතියත් ගැන මහා ඉහලින් කතා කරන එක විලාසිතාවක් වෙලා. මේ ලගදි ජපානයට බලපෑ දරුණු ගංවතුරෙන් පස්සෙ එක්තරා ජපන් ජාතිකයෙක් ගෙන් අහල තිබුන “ඒ ගැන පසුතැවිල්ලක් ඔබට නැත්තෙ ඇයි?“ කියල.
    එතකොට ඔහු කියනව “ඒ දේ වෙලා ඉවරයි. අපිට හුගක් මහන්සි වෙන්න වෙයි ඉදිරි දින වල,මම ඒ ගැන හිතිය යුතුයිනෙ“ කියල.
    ඒත් අපි තාම අවුරුදු 2500කට කලින් අපිට තිබුන දේ ගැන උඩ පනිනව.කොහොම උනත් ලංකාවෙ ජීවත් වෙන බොහොමයක් මිනිස්සු හරිම හණමිටි අදහස් ඇති වෙනසකට බොහොම තදින් ප්රතිරෝධය දක්වන අය. ලෝකය බොහෝම ඉක්මනට වෙනස් වෙනව. ඒත් ලාංකිකයො(ඉන්දියානුවන් වගේම)පරිණාමණයට විශාල අකමැත්තක් තියනව.ස්වභාවිකවම පරිණාමණයත් එක්ක ඉදිරියට යන්න බැරි සත්වයින් වද වෙනව.ලංකාවෙ උනත් අනිත් ආගම් වල ජනගහණය වැඩිවීම වපර ඇහින් බලන්නෙ ඒ හින්ද වෙන්නත් ඇති.

    ReplyDelete
  21. මගේ කොමෙන්ටු වලට මොකද වෙන්නේ? නාථ දෙවියන්ගෙන් අහන්න වෙනවා.

    ReplyDelete
  22. සමලිංගිකත්වය කියන දේ එයාලට ප්‍රශ්නයක් නෙමේ නම් අවුලක් නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තාවේ !!!

    හැබැයි ලංකාවට නම් මෙවුවා එපා !!!

    ReplyDelete
  23. සහතික ඇත්ත....කොච්චර ස්වභාවිකයිද කියනවනම් ඒකට ඒ අදාල මනුස්සයටවත් කරන්න දෙයත් නෑ!මොකද මෙවා ඔක්කොම උපතින්ම ගේන ජානවල හා හෝමෝනවල බලපෑම නිසා සිදුවන දේවල්!

    ReplyDelete
  24. අනුන්ට හානියක් නොවන විදිහට , තම තමන් ජීවත් වෙනව නම් ඒකෙ ඇති වරදක් මොකක් ද? එකම වරද ස්වභාවික ජීවින් බිහිවීමේ ක්‍රියාවලියට ඇති වෙන යම් අවාසියක් විතරයි.ඒත් එහෙම හිතුවොත් , කසාද බැදපු පවුල් වලත් හැම එක් වීමකින් ම දරුවො හදන්නේ නැහැනේ. එහෙමනම් ඒකත් වරදක් වෙනවා.

    එක එක අයගේ ලිංගික කියවීම වෙනස්.ඒ කියවීම වෙනස් කරල බලපෑම් කරල අකැමැත්තෙන් වෙන මාර්ග වලට ගත්තම වෙන්නේ , ඒ පවුල් කඩා ඉහිරෙන එක. (පුද්ගලිකව මම හදුනන එවැනි පවුල් දෙකක් ඉන්නවා- එකක් දික්කසාදයකින් සහ හරිම සංවේදි අවාසනාවන්ත සිය දිවිනසා ගැනීමක් දක්වා දුර දිග ගියා) අනිත් පවුල නම් ඔන්න ඔහේ අද ගෙන යනවා.

    ලංකාව වගේ රටක , ඔය කියන පිරිසට නිදහසක් නැහැ. නිදහසක් දෙන්න කියල මම කියන්නෙත් නැහැ.නමුත් මානුසිකව සලකල බලන්න හරි අපිට පුලුවන් නම් කොයි තරම් හොඳද ?

    ReplyDelete
  25. //ඔයාට දුවෙක් ඉන්නවා. ඒ දුව සමලිංගික ඇසුරක් පවත්වන බව ඔයා දැන ගන්නවා! එතකොට ඔය මැදහත් බවට මොකද වෙන්නෙ?//

    මගේ මැදහත්කම මගේ ප්‍රශ්නයක්. එය වෙනකෙකුගේ පෞද්ගලික ජිවිතයකට ඇඟිලිගහන්න මට දෙන ලයිසන් එකක් නෙමේ. මම කැමති තෘප්තිය පමණක් ලෝකෙ හැම දෙනාම ලැබිය යුතුයි යන්න අමු අන්තවාදයක්.

    ඇත්ත උදාහරණයක් ගත්තොත් මට වැව්මාළු පිළිකුල්. ඒත් මගේ පවුලේ අය බොහොම කැමැත්තෙන් වැව්මාළු කනවා. මගේ මැදහත්කම මංගාව.

    මේ වගේ බට කැලෑ වලට තමයි ගිනිතියන්න ඕනෙ

    ReplyDelete
  26. මධුරංග said...සමලිංගිකත්වය කියන දේ එයාලට ප්‍රශ්නයක් නෙමේ නම් අවුලක් නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තාවේ !!!හැබැයි ලංකාවට නම් මෙවුවා එපා !!!


    THAT IS REALLY FUNNY !!!

    ඒ කියන්නේ ඇමරිකාවේ සමලින්ගිකයෝ කරන දේ එයාලට ප්‍රශ්නයක් නෙමේ නම් මේ මහත්තයට අවුලක් නෑ... හැබය් ලංකාවේ සමලින්ගිකයෝ කරොත් මේ මහත්තයට මාරම ප්‍රශ්නේ ..... (මේ අපේ අඩවිය ඩෝ මෙහෙ ඉන්නවා නම් අපිට ඕනි විදිහට )
    මහත්තයෝ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් (නීතියේ මොනවා තිබ්බත්) ....

    ReplyDelete
  27. (ට්‍රැෆික්)
    සමහරු පිට අය සමග සහවාසයේ යෙදෙති. තවත් සමහර අය මුදල් වියදම් කර එය කරති.
    සමහරු විරුද්ධ ලිංගිකයන් සමග කුනුහරුප කතා කියමින් ආශ්වාදයක් ලබති. එය කාමමිථ්‍යාචාරයක් නොවේද?
    සමහරු සමාන ලිංගිකයන් සමග කුනුහරුප කතා කියමින් ආශ්වාදයක් ලබති. එය සම ලිංගිකතාවයද?
    සමහරු හුදකලාව ස්වයං ආශ්වාදයක් ලබති. සමහරු තවත් සමාන ලිංගිකයන් සමග සිටිමින් විවිධාකාරව ස්වයං ආශ්වාදය ලබති.
    සමහරු තම සහකරු ‍හෝ සහකාරිය සමග පමණකි. සමහරු ඒ අතේ මුකුත්ම කරන්නේ නැත.
    මේවා මා දකින්නේ මෙසේය.
    සමහරු කුඩු ගසති. තවත් සමහරු නහුතෙට බොති. සහහරු මද පමණට ය. සමහරු බියර් පමණයි. සමහරු මත්පැන් නොබොති.
    ඒවා එක් එක් පුද්ගලයාගේ එක එක මට්ටම් ය.
    සමාජයේ පැවැත්මට හා වර්ධනයට ඍජුව හෝ වක්‍රාකාරව හානියක් නොවන කිසි දෙයක් තහනම් කිරීමට හෝ හෙළා දැකීමට අවශ්‍ය නැත. පුද්ගල නිදහසට අපි ඇඟිලි ගහන්නේ ඇයි?
    පරපුරුෂ සේවනය, පරදාර සේවනය, මත්කුඩු, ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම, බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයන්හි ගැවසීම වැනි කටයුතු සමාජයට හා පුද්ගලයාට හානිකර නිසා ඒවා තහනම් කර ඇත. තහනම් කළ යුතුය.

    ReplyDelete
  28. the couple in the picture(Ellen and portia) are happy. thats all that matters. your happiness and love. If sri lankan ppl want to have "normal" marriages and lead false unhappy lives its their choice. Its about time you people realize to do what you want without thinking about others opinions. You are responsible for your own happiness. I`m a sri lankan.

    ReplyDelete
  29. වසිලිස්සා20 November 2011 at 12:32

    අනෙකාගේ ලිංගික රුචි අරුචි පිලිබඳ අපට නීති දන්නා බැහැ. පාසල් යන කාලේ ඉදන්පුද්ගලිකව මන් දන්නා ගැහැණු ළමෙක් හිටියා සමලිංගික ආකර්ශනයක් තිබ්බ.මේ නිසා එය බොහොම කට කතාවලට,විහිළු තහලුවලට ලක්වුණා.හැබයි එයාව වෙනස් කරන්න දෙමවුපියන්ටවත් බැරිවුණා.එයාල හිතන් හිටියේ එයා පිරිමිලමෙක් විදිහට හිතනවා පතනවා කියලයි.
    හැබයි මට අද තේරෙනවා අපි විවුර්ත මනසෙන් ලෝකය දිහා බැලුවම ,ඒ ඒ පුද්ගලයාගේ අදහස් වලට ගරු කලානම් මේ කිසි ප්‍රශ්නයක් නැ කියල.අපේ රටේ මීට වඩා ස්ත්‍රී දුෂණ,මිනි මැරුම්,ගසා කෑම් වැඩි වෙලා තියෙනවා හැබැයි ඒ ගැන කතාකරන්න බය මිනිස්සු,මේ වගේ දෙයක් දැක්කම අනෙකා දිහා පිළිකුලෙන් වපර ඇහින් බලන්න පුරුදුවෙලා..

    ReplyDelete
  30. අනේ මන්ද,
    සිලිකොත පැත්තෙ ලොකු කෙනෙක් මේක කියෙව්වොත් මෙතන ඉන්න කාට කාටහරි ආසන සංවිධායකකම් ලැබෙනවා‍. කකාගෙ නමත් ගෑවෙනවා අර ශෝදනා පත්තරේට....

    ReplyDelete
  31. කුහකකම කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්තං මේකෙන් තේරුම් ගන්න.
    // කිසි විලි සන්ගයක් නැතුව අර ගෑනු දෙන්න කෙල පෙරාගෙන කිස් කරගන්නව.අපි කට්ටිය “පැනි පෙරාගෙන” බලාගෙන ඉන්නව.කාටවත් කිසි ගානක් නෑ.හිනා වෙනව
    ~ඔසිකතා//

    ඇයි එයාල වමනෙ කරන්නෙ නැතුව පැනි පෙරාගෙන බලා ඉන්නෙ?

    ReplyDelete
  32. මොනවාද ඉතින් සමලිංගිකත්වය කියන්නේ ලෑලි කෑල්ලයි වැලි කඩදාසියයි අතරේ තියෙන සම්බන්ද තාව වගේ. සීරෙනවා තමා.මෙලෝ රහක් නැහැ

    ReplyDelete
  33. බට කැලේට ගිනි තැබීම! හික්ස්!

    ඇත්තටම මට සමරිසි බව ගැන කිසිම ගැටලුවක් නෑ!

    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මටත් සමරිසියන්ගෙන් යෝජනා ඇවිත් තියෙනවා. එතකොට නම් ඔය මැදහත් බව මතක් වුණේ නෑ. ඒ පොඩි කාලෙ. මම පස්ස නොබලා දුවලා ගියා. නැත්තම් මමත් අතවරයකට ලක් වුණා තමයි.

    ඔන්න ඔහොම අඳුරු පැත්තක් ලංකාවේ සමරිසි බහුතරයක්ගේ තියෙනවා. සමාජයේ තහන්චි නිසා සම වයසේ / වැඩිහිටි සමරිසියන් හොයන් නැතුව ගොඩක් උන් පොඩි ළමයින්ව බිල්ලට ගන්නවා.

    (දැන් කියන්න එන්න එපා විෂම ලිංගිකයන්ගෙනුත් ඔහොම දේවල් අනන්තවත් වෙනවා කියලා! ඒක ඔබත් මමත් හොඳටම දන්නවා.)

    ප.ලි - වැල බලන පිරිමි වැඩිපුරම ආසා ලෙස්බියන් වැල වලට. ඒත් ගැහැනු ළමයි නම් ගේ වැල වලට පොඩ්ඩක්වත් කැමති නෑ! කතන්දර, ලියමුද ඒ ගැනත්?

    ReplyDelete
  34. විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්‍රයක්!
    http://www.gossip9.com/2011/11/blog-post_578.html

    ReplyDelete
  35. මම funny boy නව කතාව කියෙව්වට පස්සේ සම ලිංගිකත්වය ගැන තිබුන අදහස වෙනස් වුනා. එය ස්වභාවිකව ඇති වෙනවා වෙන්න පුළුවනි . එත් ඇමරිකාවේ සහ දැන් එංගලන්තය වගේ රටවල විවාහ වෙන gay අයට දරුවෝ adopt කරන්න පුළුවන්. ගැහැණු දරුවෙක් වුනත්. ඒ දරුවන්ට අම්ම තාත්ත වෙනුවට තාත්තල දෙන්නෙක්!. එතකොට එයාලගේ මානව අයිති වාසිකම් වලට මොකද වෙන්නේ. මවකගේ උණුසුම ලබන්න තියන අයිතිය ? පාසලේදී හැම තැනකදීම විහිලුවට ලක් වෙනවා. මේ පවුල ස්වාභාවිකයි කියන්න පුලුවන්ද ? මෙහෙ පල්ලියෙනුත් ලොකු fight එකක් කරා එත් නඩුවෙන් gay අය දින්නා.

    ReplyDelete
  36. Viwechana : "වැල බලන පිරිමි වැඩිපුරම ආසා ලෙස්බියන් වැල වලට"
    ගෙවන $9.99 ට කෙල්ලො දෙන්නෙක් ම බලා ගන්න පුලුවන්නේ ඒ කයි මම නම් ලෙස්බියන් වැල බාන්නේ :P

    ReplyDelete
  37. ස්වාභාවික මිතුරු කම් ආදීයෙන් මතුවන මෙවැනි දේ ස්වාභාවිකයි.

    සම ලිංගික තත්වයන් එදත් තිබුනා අදත් තියෙනව හෙටත් තියේවි. ඉන්දියාවෙන් බුදුදහම අතුගෑවී යාමට හේතු වූයේ මෙය බව කියනු ලැබේ. මාඩි ග්‍රා mardi gras වැනි පෙරහර වලින් මෙය භාණ්ඩයක් ලෙස අලෙවි කිරීමට මා විරුද්ධයි.

    ReplyDelete
  38. ක. ශු. නියම දෙබරෙට ගලක් ගැහුවෙ.
    අපේ රටේ විවුර්තව කතා කෙරෙන්නෙම නැති ප්‍රශ්නයක්.
    පෝස්ට් එක කියෙව්වා තාම කොමෙන්ට් කියෝනව.

    කවුරු හරි හිරගෙදර, ඒවගේම හමුදා කඳවුරු, වගේ විරුද්ධ ලිංගිකයන් නැති නිසාම සම ලිංගික වෙන අය ගැනත් අදහස් ඉදිරිපත් කරනව නං අගය කියල නිම කරන්න බෑ

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. ලිංගිකත්වය,ඕක අපිට පොඩි කාලෙ ඉදල විශවවිද්යාමලයට යනකම්ම හරියට උගන්නපු එකක් නෙමේ. ඒක නිසා ලාංකික අපේ ඕකට තියන ආකල්පය වෙනස්.
    උප්පත්තියෙන් සමලිංගිකයෙකු වීම එකක්. හැබැයි ෆැශන් එකට එසේ වීම තව එකක්.මෙහෙනම් මට හිතෙන විදියට 75% විතරම ෆැශන් එකට.

    "මම වැඩකරන හෝටලේ මැනෙජර් ගෑනි ලෙස්බියන් ඉන්නෙ කලුම කලු සමොආ ගෑනියෙකුයි ඒකිගෙ ළමයයි එක්ක.නිතරම හොටලෙට එනව දෙන්නම් එකට වැඩකරනව.එක හැමෝම දන්න දෙයක් ,කාටවත් ගානක් නෑ,මෙහෙ ආපු කාලෙ මට මේව මැජික් වුනාට දැනනම් ගානක් නෑ."
    “තව එකක්.මම දන්න ලංකාවෙ බුවෙක් ඉන්නව, මිනිහ උප්පත්තියෙන්ම "ගේ". දැන් අවුරුදු එකහ මාරකට විතර උඩදි සිඩ්නි ගිහින් කසාද බැඳල ආව ඔසියෙක් ව.වැඩේ කියන්නේ ම්නමාලිට ඇඳල පින්තූරත් අරගෙන තිබ්බ.ලංකවෙ හිටියනම් ඔය වැඩේ කොහොමද කරන්නෙ.”

    කෙහෙල් තියන අය බනිස් කෑවත්,බනිස් තියන අය කෙහෙල් කෑවත්
    කෙහෙල් තියන අය කෙහෙල් කෑවත් බනිස් තියන අය බනිස් කෑවත්.
    ඔය දෙගොල්ලොම කෙහෙලුයි බනිසුයි දෙකම කෑවත්,ලෝකෙ යන්නේ එහෙම නම් අපිට පාන්ද?
    පෞද්ගලිකව ලෙස්බියන් හෝ ගේ විවාහවලට මම කැමති නෑ.අපිට ජාති දෙකක් මවල තියෙන්න හේතුවකටනෙ.බුද්ධදර්මය මේකට ගාවගන්නෙ නෑ මම.මොකද වැඩක් නැති නිසා.

    කතන්දරටත් මගෙ ස්තුතිය මවත් පොඩ්ඩක් ප්රනමෝට් කරාට.

    ReplyDelete
  41. කතන්දර ශූරීන් නොබියව නොපැකිලව මේ මාතෘකාව ගැන කතාකිරීම ගැන නොවක් තුති!

    ReplyDelete
  42. පොඩි එකීගේ ලිව්ම...!!
    කොමෙන්ට්ස් ටික නම් මල් මල්ය....!!
    අපි නම් ඉන්නෙ ලංකාවෙ නෙවේය..මෙහෙ කෙල්ලෝ කෙල්ලෝ එක්කත්,කොල්ලෝ කොල්ලෝ එක්කත් කරන දේවල් ඕන තරම් ඇත... ඒවා උන් කරන්නේ ප්‍රසිද්දියේ නිසා කවුරුත් හැංඟිලා බලන්නේ නැත...
    මෙහෙ මිනිසුන් ඕවා ගැන කතා කරන්නේද නැත..ඒ මොකද කියනවා නම්,, අපිට අපේ ජීවිත වලට අදාල වෙනත් වැදගත් දේවල් කිරීමට අපේ කාලය අවශ්‍ය බැවිනි...
    ලංකාවේ වගේම හරිම ආදරෙන් දරුමල්ලෝ එක්ක සාර්ථක පවුල් ජීවිත ගෙවන අයත්,,පවුල් කඩාගෙන වෙන්වී ඉන්න අයත්,,තනි තනියම ජීවත් වෙන අයත් මේ රටවලද සිටී...ගණිකාවෝද..ගේ බෝයිලාද..ලෙසිබි අක්කලාද ඕනේ තරම් සිටිති....
    ඒත් හැමෝම කාටවත් කරදරයක් නැතිව තම තමුන්ගේ පාඩුවේ ජීවත් වේ....අපිත් අපේ පාඩුවේ ඉන්නවාය...කතා කිරීමට රන්ඩු කිරීමට සංස්කුරුතියක් මෙහේ නැත...බවුඩ්ඩ සිස්ටාචාරයක්ද නැත...ඒ නිසා වාද විවාද නැත...ඒත් අපි කඩියෝ වගේ වැඩ කල යුතුය.....අපි දවසේ වැඩිපුර වේලාවක් ගෙවන්නේ අපේ රස්සාවල් වලටය...අපේ ඉදිරිය ..අනාගතය ගැන සිතීමටය....නිවාඩු දින වලට අපි කවුරුත් ඇති පදම් කා බී විනෝදගමන් ගොස් විනෝද වන්නෙමු.......මනුස්ස ආත්මයක් ලබන්නට නම් පෙර ආත්ම වල මහා පිංකඳක් කරන්නට ඕනේ යයි කවුදෝ කිව්වා මතකය...ඒ කිව් කෙනා ලංකාවේ කෙනෙකි...ඉතින් එහෙම පෙරුම් පුරා ලබාගත් මේ මනුස්ස ජීවිතේ ඇති තරම් විඳගත යුතුය..විඳවන්නට හොඳ නැත...දවසක් වත් පලක් නැති දේවල්,,වැඩ වලට..පලක් නැති කථා වලට නිකරුනේ නාස්ති කරන එක පව්ය.....

    මේ රටවල් දවසින් දවස දියුනු වේ..මිනිස්සු වැඩ කරති...සල්ලි හොයති...හැමෝම ලඟ සල්ලි තිබේ...පෝසත් රටවල් කියන්නේ ඒ නිසාය...පෝසත් රටක සැපට ජීවත් වෙන්න ලැබුනේ ඉහත ආත්මයේ පිං බලෙන් නොව,,මගේ දෙමාපියන් සහෝදරයින් මහන්සියෙන් වැඩකරන නිසාය...ඒත් මම මගේ උපන් රටට ගොඩාක් ආදරේය...මගේ රට කවදා හෝ දියුනු වෙනු ඇත..එතෙක් මග බලා හිඳිමි...

    ලොකු අයියලා..මාමලා.. මේක කියවලා බනින්නට එපාය..අනේ පව් සිද්ද වෙනවාය..මම තාම පොඩි එකියකි....!!!!

    ReplyDelete
  43. මෙහෙම ගියාම ඊලඟ පෝස්ට් එක අම්මලා එක්ක පුතාලත් දූලා එක්ක තාත්තලත් ලිංගිකව එකතු උනාට අවුලක් නෑ කියන තත්ත්වෙට ලෝකේ පත් වෙයි නේ !!!! ඔහොම යන් !!! ඔහොම යන් !!!!

    ReplyDelete
  44. උඩ Ano
    ෂුවර්ද?

    ReplyDelete
  45. අස්වාභාවික කිසිවක් ස්වභාවය බිහි නොකරයි.

    ReplyDelete
  46. Taboo nathi blogata KK Pandiya weema

    ReplyDelete
  47. අපේ පවුලේ දරුවන්ට ඉන්නේ මමයි(boy), අපේ අක්කයි(girl) දෙන්නා.අපේ අක්කා ගේ තියෙන්නේ homosexual affair එකක්.මගේ affair එක heterosexual .මේ දෙකටම අපේ අම්මලා තාත්තලා ගෙන් විරුද්ධත්වයක් වත් සලකන විදියේ වෙනසක් වත් නැහැ. අපි දෙන්නගෙම girlfriends ලා දෙන්නම එයාලට එකම වගේ .මම හිතන්නේ ano කෙනෙක් උඩ හරියෙම අහල තිබුන ප්‍රශ්නෙට උත්තරයක් මගෙන් ආව.අක්කව දන්නා ය ඉන්න පුළුවන් නිසා,හැමෝම හිතන විදිය එක වගේ නොවෙන නිසා මම කුඩා කියන එක මම කියන්න යන්නේ නැහැ,මොකද ඒකෙන් අක්කගේ පෞද්ගලිකත්වයට හානි වෙන්න පුළුවන් නිසා.සමහරු අහන්න ඉඩ තියෙන ප්‍රශ්නෙකටත් උත්තරයක් ලියලම යන්නම්.අපේ මවුපියෝ දෙන්නම හැම පෝයටම සිල් ගන්න සිංහල බෞද්ධ අය.අපි ඉන්නෙත් ලංකාවේ.

    ReplyDelete
  48. ඕක ගැන අර චාරිත තුනක් පොතෙත් තිබුන නේ

    ReplyDelete
  49. marenakamma aathal gamu kiyana eka ape AADHARSHA PAATAYA karagamu!

    ReplyDelete
  50. ඔන්න ඔහොම අඳුරු පැත්තක් ලංකාවේ සමරිසි බහුතරයක්ගේ තියෙනවා. සමාජයේ තහන්චි නිසා සම වයසේ / වැඩිහිටි සමරිසියන් හොයන් නැතුව ගොඩක් උන් පොඩි ළමයින්ව බිල්ලට ගන්නවා.

    Answers?

    ReplyDelete
  51. ෂිහ් මම මේ නිකන්ම අත්දෙක වන වන නේ ඇවිත් තියෙන්නේ... පොඩි අත් බෝම්බයක්වත් ගේන්න බැරි වුණා නෙව...

    ReplyDelete
  52. වේලි වේලි තියෙන බ්ලොග්ස් ප්රෝමොට් කරගන්න තියෙන මරු විදිය ......

    ReplyDelete
  53. සෑහෙන කාලෙකට පස්සේ කමෙන්ට් එකක් දාන්ට හිතෙන විදිහේ පෝස්ට් එකක් කතන්දරකාරයාගෙන්.. :)
    ඒත් කමෙන්ට් එක කතන්දරේට නෙවෙයි.. විවේචනගෙ ප්‍රශ්නෙට උත්තරයක් විතරයි...
    මට තවම දුවෙක් නැති නිසා සහෝදරියන් ගැන හිතලා උත්තරය දෙන්නම්.. මගේ සහෝදරියක් ලෙස්බියන් කියලා දැනගත්තොත් මම ටිකක් විතර අවුල් වෙයි.. මොකද ඔබ හිතන විදිහටම ලංකාවේ බහුතරයක් මිනිස්සු හිතන බව දන්න හින්දා.. එයා කොහොමද මේ වගේ ගෝත්‍රික් සමාජයක් එක්ක හැසිරෙන්නේ කියන එක ගැන විතරක් මට පොඩි අවුලක් එයි.. ඒත් ඒක එයාගේ පෞද්ගලික කාරණයක් විතරයි.. මට කොහොමටවත් අයිතියක් නෑ ඒක ප්‍රශ්ණ කරන්ට..

    ReplyDelete
  54. Hit and credit wadi karaganna meka niyama subject eka dann sl wala kisima problems nathi nisa mewa gana tama katakaranna ona...

    :D

    ReplyDelete
  55. බට කැලය ගිනි ගනියි !!!!!!!!!!.
    ඔය තියෙන්නෙ කොමෙන්ට් ඇති පදම්. ක. කා. පටන් ගත් හින්දා දැන් ලෙස්බියන් පෝස්ට් ‍රැල්ලක් යයිද දන්නෙත් නෑ.
    මමත් ඔය ක.කා. ඉන්න රටේම තමයි ඉන්නෙ. නිතරම ඔය වගෙ සන්තෑසි දැකලම දැන් නම් ගානක් නැහැ.
    මමනම් දකින්නෙ ඕක මානසික විකුර්තියක් හැටියට. ඔය ගේ හරි ලෙස්බියන් එව්වො හරි හිටිය කියල උන් මරන්න බැහැනෙ අනික ඕනත් නැහැනෙ. ඔහෙ උන්ගෙ පාඩුවෙ ඉන්න දීල අපි අපේ ආතල් අරගෙන හිටියම ඉවරයි පවට පින් දෙන්න යනවට වඩා.

    ReplyDelete
  56. වෙලාවට අපේ තාත්ත ගේ නොවුනෙ... උනානම් මම නෑනෙ...

    ReplyDelete
    Replies
    1. පොඩි මැන් තරහා ගන්න එපා...

      ඔබේ තාත්තා ගේ විය හැක...නමුත් ලංකාව වගේ සමාජයක ඔහු එය හෙළි නොකරනවා ඇති. ඔහු එයින් මානසිකව පිඩා විදිනවා ඇති

      සැ.යු

      ඔබේ පියා ඉලක්ක කරගෙන ලිව්වා නෙවෙයි හොදේ....

      Delete
  57. ජර්මනියේ සඟරාවක 1990ව දශකයේ මෙහෙම දැන්වීමක් පළවෙලා තිබුණාලු.

    "ඔබට රත්තරං පාට පිරිමි දරුවෙකු ලබා ගැනීමට වුවමනා නම් ශ්‍රී ලංකාවට යන්න..." කියලා. ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම ඒ වගේ සිද්ධි තිබිලා තියෙනවා.

    මං මගේ අත්දැකීමෙන් කියන්නේ.
    ඔය වගේ සමලිංගිකයෝ මටත් කරදර කරන්න ඇවිත් තියෙනවා. ඒක අද කාලේ ඉස්කෝලෙ යන කොල්ලොන්ට අත්විඳින්න වෙන සාමාන්‍ය සිද්ධියක්. බස් හෝල්ට්වල තනියම හිටියොත් අතන මෙතන අතපත ගාන අයියලා ඉන්නවා.
    අනිත් කාරණේ... බාලිකා පාසැල්වල විතරක් නෙවෙයි. මිශ්‍ර පාසැල්වල පවා ලෙස්බියන්ස්ලා ඉන්නවා.

    කවුරු කොහොම කාත් එක්ක හිටියත් කමක් නෑ. හොර රහසේ ඕන මඟුලක් නටා ගත්තට අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් ඒ වගේ සබඳතා නීතිගත කරලා එළිපිට සමලිංගිකයින් මඟුල් කන්න හදනවා නම් ඒක වරදක්.

    මෙහෙම ගියොත් තව ටික කාලෙකින් ළමයි හදන්න පිටරටින් ගෑණු ගේන්න වෙයි වගේ.

    මෙන්න මේක අහලා බලන්න. ලංකාවේ දුරපළාත්වලත් මෙහෙම අයියලා ඉන්න බවට හොඳ සාක්ෂියක් මේක.
    http://truthlanka.tk/download-0-d689e95f81a0a2b722f0/Suddathchari%20guru%20-gay%20scene.amr

    මේවා අහලා පණ පලයං පෙරේදා...

    ReplyDelete
  58. වැලි මැඩියා මට කලින් සඳහන් කර ඇති ආකාරයටම මේ මාතෘකාව මේ ආකාරයට සඳහන් කර තියෙන්නේ සිරිකොතේ කොක්කනය පිළිබඳ ගැටළුව නිසාද කියා මටත් සාධාරණ සැකයක් තිබේ.

    මට අනෝදා අප්පිරියාය. මට වැල වරකා අරහංය.

    ඒත් අපේ ගෙදර හැමෝටම ඔය පලතුරු රසවත් ය. එහෙම හිතුවාම මට ඒවා අප්පිරියා වීමත් අනෙක් කට්ටියට පිරියා විමත් දෙකම ස්වභාවික කාරණාය.

    මේ ප්‍රශ්නයත් ඔය වාගේම එකකි.

    තමුන්ගේ ප්‍රිය අප්‍රිය බව එකකි. ඒක අනෙක් උන්ගේ කරේ පටවන එක තව එකකි. නිදහස කියන්නේ නිදහසට මිස අනෙක් උන් මට ඕනෑ හැටියට ජීවත් කරවීමට නොවෙයි. සිරිකොතේ ප්‍රශ්නය ප්‍රශ්නයක් වෙනනේත් මෙන්න මේ ප්‍රශ්නය නිසාය. අසම ලිඟු උනත් සම ලිඟු උනත් ලිඟුවල උවමනා ඒපා කම් බලහත්කාරකම් වලින් පිරිමහ ගන්නට යෑමයි ප්‍රශ්න වලට මුල.

    අනෙක් අතට දෙයියන් බුදුන්ගේ සව්වන්ට කැප දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට අරහං වෙන්නේ කොහොමද?

    ReplyDelete
  59. කස්ටිය ආප්ප කෑවත් දෙහි බීවත් මට නං අවුලක් නෑ. ඔය සබ්ජෙක්ට් දෙකම කරන යාලුවො වගේම නෑදෑයොත් මට ඉන්නව . . . . මට ඒ කිසි කෙනෙක් මගෙ ජීවිතයටකරදරයක්වත් බාදාවක් වත් නෙමේ . . . මම දන්නෙ එක දෙයයි . . . අපි මේ ලෝකෙට ඇවිල්ල ඉන්නෙ ටික කාලෙකට . . . ඒ ටික කාලෙ අනුංගෙ මගුල් හොයන්නෙ නැතුව තමංගෙ පාඩුවෙ තමංගෙ පැවැත්ම හොයාගෙන ශේප් එකේ ලෙස්බියන් ට්‍රිබලක් බලල කාක්කෙක් මරං හිටියාම ඉවරයි . . . . .

    @ට්‍රැ‍ෆික් ඇනෝ:
    නොදන්න කමට අහන්නෙ . . . ලංකාවෙ "පරපුරුෂ සේවනය, පරදාර සේවනය" තහනං ද ???

    @මහිම:
    ඔයා කියන්නෙ අර ඉසාට ගමේ අයිය කෙනෙක් දවසක් රෑක ගහක් යට වැටිල හිටිය සුදු කපුටෙක් පෙන්නපු කතාව නේද ???

    ReplyDelete
  60. This comment has been removed by the author.

    ReplyDelete
  61. ඉතාම කාලෝචිත මාතෘකාවක් කතා.. සමරිසි වල "ස"යන්නක් වත් මට නෑ.. උන් ගැන එච්චර ප්‍රායෝගික අත්දැකීමුත් නෑ.. ඒ කොයිහැටි වෙතත් ඕක ලෙඩක්වත් විකුර්තියක්වත් නෙමෙයි ජනගහනයේ සාමාන්‍ය විචල්‍යයක් බව කට්ටිය තේරුම් ගන්ඩ හොඳයි.. ලෙස්බියන් හරි ගේ හරි අයව චාටර් කරන එකයි වමතින් ලියන අයව චාටර් කරන එකයි අතර වෙනසක් නෑ.. අරක විකුර්තියක් නම් මේකත් අනිවාර්ය සේවා විකුර්තියක්.. ලෝකයේ පිළිගත්තු මනෝවෛද්‍ය සංගම් සියල්ලම එගඟ වෙනව සමරිසි බව මානසික විකුර්තියක් නෙමෙයි කියන එකට.. ඒ අදහස සමාජෙ ඇති වුණේ ම ඒබ්‍රහමික ආගමික අදහස් නිසා.. ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙවු ආගම්වලට තියෙන්නෙ සමරිසි කියල සැක කරපු අයව එල්ලපු, පණපිටින් පුළුස්සපු ඉතිහාසයක්.. දැන් වුණත් මුස්ලිම් සහ අප්‍රිකාවෙ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි රටවල ඕක වෙනව.. ගේ සීන් එකට විරුද්ධව ලංකාවෙ දාපු නීතිය යටත් විජිත යුගේ එකක්.. වික්ටෝරියානු ක්‍රිස්තියානි සංකල්ප මත පදනම් වෙච්චි එකක්.. ඒ නීති දාපු රටවල්ම පහුගියෙ අවුරුදු පනහ තුළ සමරිසි බව දිහා විද්‍යාත්මක හැදෑරීම් කරල ඒක සාමාන්‍ය දෙයක් බව වටහාගෙන අර නීති අයින් කරගත්ත.. අඩු වැඩි වශයෙන් ඔවුන්ට විවාහ වීම හෝ වෙනත් නෛතික එක්වීම් වලටත් ඉඩ දුන්න.. අපි තාම අර වික්ටෝරියානු අටමගල අපේ වගේ බදාගෙන ඉන්නව.. කට්ටිය ඇවිත් තර්ක කරන්නෙ හරියට ඒක බුද්දාගම වාගෙ.. තමන්ගෙ ළමයෙක් සමරිසි වෙන එක ලංකාවෙ ප්‍රායෝගික අවුලක් තමයි, ඒත් එහෙම වෙන්නෙ සමාජෙ හැදිල තියෙන හැටි හින්ද මිසක් වෙන හේතුවක් හින්ද නෙමෙයි.. ඒක ගැටළුවක් වෙන්නෙ ළමයට සමාජෙන් එල්ල වෙන නින්දා අපහාස හින්ද.. ඒකට මූලිකව වගකියන්ඩ ඕනෙ ගෝත්‍රික ලක්ෂණ රඳවාගෙන ඉන්න සමාජය.. බුදු දහමෙ කිසිම තැනක සමරිසි බවට විරුද්ධව කතා කරල නැති බව මට හොඳටම විශ්වාසයි.. තියෙනව නම් පෙන්වන්ඩ කියල මම අභියෝග කරනවා..

    කතාට මතක ඇති ළඟදි අර ජාතිවාදී පත්තර කඩමල්ලක පලවෙච්චි හෝමොෆෝබික් ආර්ටිකල් එක.. අර ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් කියාගත්තු හොරිකඩයෙක් බොරුවට "ගේ" වාගෙ ගිහින් ගේ සංවිධාන ගැන "එළි කරල" තිබ්බෙ?? ඕකෙන් පස්සෙ ලංකාවෙ සමරිසි සංවිධාන සහ ක්‍රියාකාරින් හොඳටම බය වෙලා වහල දාන තත්වෙකට ඇවිත් තිබ්බ, ඇයි ඉතින් අර ඉලවු නීතිය තවමත් තියෙනවනෙ.. අර ඉලවු ලිපියෙන් ගේ සංවිඪාන වලට විතරක් නෙමෙයි ඒඩ්ස් මර්දන සංවිධාන වලට, සෞඛ්‍ය අමාත්‍යංශෙට සහ එක්සත් ජාතීන්ට පවා කියල තිබ්බ "ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්ඩ යනව" කියල.. වැඩේ කියන්නෙ ඔය කෙප්පයට උත්තර බඳින්ඩ කිසි කෙනෙක් ඉදිරිපත් නොවිච්චි එක.. වෙබ් සයිට් වල කඩ්ඩෙන් ලිපි පල වුනා.. ඒත් අර පත්තර කඩමාල්ල තරම් රීච් එකක් තිබ්බෙ නහ.. ඒ නිසාම තාඹුවට ඒ දවස් වල හිත දුන්න පොඩු ආර්ටිකල් පොජ්ජක් ලියන්ඩ..(http://voiceofthambu.blogspot.com/2011/10/blog-post_10.html).. ඒ තරම්ම ශාස්ත්‍රීය එකක් නම් නෙමෙයි, ඒත් සමාජෙ තියෙන පච මත වලට උත්තර දෙන්ඩ යන්තං ට්‍රයි කොරා..

    ReplyDelete
  62. Homosexuality aswabhawika ne.Eka kohomawath manasika ledakwath wikurthiyakwath newe.
    they are born with it,not a choice of them.

    lankawe minissu yatath wijithe neethi thamange agama kiyala hithagena inne.Budhdhagame kothanada ehema deyak kiyala thiyenne?

    ReplyDelete
  63. http://www.youtube.com/watch?v=NarI0URhWg0

    ReplyDelete
  64. තවත් ගේ ප්‍රොමෝටර් කෙනෙක්. ඔයගොල්ලන්ට දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ගේ කේස් එක නේද? :)

    http://bit.ly/oLSB2h

    ReplyDelete
  65. අන්න බ්ලොග් අවකාශයේ සද්ගුණවත් සුද්ධවන්තයා ගේ පාට් එක රඟ පෑ දුකා නැමැති මෝඩ ආතල් කරුවා ඇනෝ කමෙන්ට් වහලා.කවුරු හරි එකෙක් උගේ ස්වයං වින්දනයට එරෙහිව නියමෙට ටෝක දුන්න ගමන් ඇනෝලටත් දොස් කියාගෙන සද්ද නැතිවම ඇනෝ කමෙන්ට් වහලා.
    පොන්සේකට දෙන්න ගිහින් ඒකට නියම ක්‍රමයට උත්තර ලැබෙද්දි ඇනෝගේ නම ගම අහලා මෝඩ පාට් දාලා සද්ගුණවත් දුකා ගොයියා ඇනෝ කමෙන්ට් වහලා.

    කුජීතයි.අජූවයි.අප්‍රසන්නයි නේද?

    ReplyDelete
  66. බුදුදහමෙ කිසිම තැනක සමලින්ගිකත්වය වැරදි බව පෙන්ව නැත්.
    තෙවෙනි සිල් පදයෙන් කියන්නෙ.. කාමයේ වරදවා බැදෙන්න එප කියල විතරඉ.
    ඒ කියන්නෙ.. තමන්ට අයිති නැති,අනුන්ගෙ දෙයක්, හෝ අනුන් රිදවා ලබන දෙයක් ලබන්න එපා.

    අනේ ඉතින් රිසි සේ කම් සැප වින්ද , නිදහස් මතදාරී,කාන්තාවන්ට හොදින් සැලකූ..
    එකගේ කෑම,ලිවින්ග් ටුගෙදර්.. තිබ්බ.. කණවැන්දුම් ගැහණු -පිරිමි බේදයක් නොතිබ්බ රටකට වෙච්ච දේ...

    වික්ටොරියා ඇන්ටිලගේ පාඩම් ඉගෙන්න ගෙන කුරුවල් උන අපෙ රට, එයාලගෙ කසාද සහතිකෙත් අරන්..
    අන්තිමට ඉතුරු උනේ ලම දුශන,ප්‍රදර්ශන කාමය වගේ මනසික ලෙඩ විතරඉ.

    ඔන්න ඇන්ටිලනම් ඩන් අපි ඉස්සර හිටි විඩියට ඉන්නවා...

    ReplyDelete
  67. What is important is that you have someone to love - Not whom you love :)

    බුදුන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ හැම දෙනාටම මෙත් වඩන්න කියල මිසක් අනුන්ගේ පුද්ගලික දේ හොයන්න කියා නොවේ.
    අනිත් හැම දෙනාම මම කැමති විදියට ජීවත් නොවනවා මෙන්ම, මම කැමති හැමදේටම අනිත් අය කැමති නොවන්නටද ඉඩ ඇත.
    මගේ පවුලේ කෙනෙක් සමරිසි වුවද මට නම් ප්‍රශ්නයක් නැත. මට අදාළ වන්නේ කෙනෙක්ගේ මනුස්සකම මිස අනිත් කෙහෙල්මලක් නොවේ.
    සිංහල බෞද්ධ කම සහ සිංහල බමුණු කම දෙකකි!

    ReplyDelete
  68. කතන්දර සමඟින් එකඟයි ... විවේචනගේ ප්‍රශ්නය ගැන තියෙන්නෙ දරුවන්ගේ ලිංගික ජීවිතයට ඇඟිලි ගහන්න දෙමව්පියන්ට අයිතියක් නැ කියල මම විශ්වාස කරනව කියලයි

    ReplyDelete
  69. Lesbian couple is same as conventional couple and there are husband and wife roles.the esbian husband can be quickly identified by appearance as they showing least feminine but the wife role is more tender.Gay couple also the same but bit hard to identify the husband straightway but still there are some unique charterers like beard ,muscular and bold head.Moreover lesbian couple also have a privilege to get their own children and can get the "sperm" from the Donor.

    ReplyDelete
  70. @ඕනයා
    ඔව් එක තමයි
    ඒ කියන්නේ එකලෙත් ඕව තිබිල තියනවා නේ
    දැන් මේ නැට්ට පාගාගෙන දගලුවට

    ReplyDelete
  71. You are really a dog. Why is that is what is good and what is bad cannot be identified by you. Don't think your thinking is the only right thing and the balanced thing. If you think so you are a foolish. Freedom is not a space to do any thing you should keep it mind.

    If you a real man allow this post unless will see........

    ReplyDelete
  72. To all ; at first you should understand who is Sinhala Buddhist. Otherwise you can't talk on that.

    If you all want I can explain clearly. It seems a lot are fools.

    ReplyDelete
  73. This fool "bkthambugala" is saying that there is no any issue of been homosexual according to Buddhism. What a foolish status is that ?? He is now aware about Buddhism.
    If you want refer to Winaya Pitakaya. Or else I can provide more and more proofs.
    Remember this; if you don't know exactly something don't tell anything about it.

    ReplyDelete
    Replies
    1. BUHAHAHAHAHA....... Bluffing Bluffing

      Delete
  74. ඉංගිරිස්යෙන් කමෙන්ට් දාන සිංහල බෞද්ධ ඇනෝ , විනයේ පිටකයේ අදාල කොටස් වලින් උපුටන දක්වල පැහැදිලි කලොත් හොඳයි නේද අපි කාටත් දැනගන්න

    ReplyDelete
  75. Ano above.. This is ridiculous.. It's very clever of you to post an anonymous comment calling others names, but let's keep it aside.. As far as I'm aware, Vinaya Pitaka focuses on Monks and Nuns.. However, if YOU CLAIM Vinaya Pitaka explicitly bans homosexuality (not to monks, but to worldly Buddhist followers) it's UP TO YOU to depict relevant phrases and point it out.. (that exactly was my challenge, and you defied it, despite whatever bluffing on your part).. And in this particular case it's YOU who's uttering things you arent quite sure of.. Prove I'm wrong by posting exact wordings of Buddhist scripture, or else, admit that you've lost..

    ReplyDelete
  76. hmm.... yeah I want to know if there's anything about this in Buddhism. But don't get me wrong, I don't think there's anything wrong with homosexuality, or letting them raise kids. But what Buddhism has to say about this will tell me how much Buddhism was influenced by the societal beliefs in that era.

    couple more clarifications.
    Homosexuality is a result of multiple causes. Researchers have found (sorry I don't rem where I read this) that genetics can explain only about 30% of the cases. Others include culture ans exposure to same sex. This might explain the comment above about many lesbian women were in lady's colleges.

    Most of the problems that many people here refers to, comes from the oppressive society itself. The reason I would not like my kid to be homosexual is that I know he will have to face a lot of discrimination in today's society. Couple like this will have no problem giving the love and affection a kid needs. Even in heterosexual families, the gender roles differ so much. Some dads are more affectionate, and some moms are more restrictive. I think the only thing that matters is that the child get the love and warmth of a caring family. A gay or lesbian being in a heterosexual marriage will not have a happy marriage and the kids will not get that love from such a family. In that sense I think it is more harm banning homosexual marriage.

    "හොර රහසේ ඕන මඟුලක් නටා ගත්තට අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් ඒ වගේ සබඳතා නීතිගත කරලා එළිපිට සමලිංගිකයින් මඟුල් කන්න හදනවා නම් ඒක වරදක්.

    මෙහෙම ගියොත් තව ටික කාලෙකින් ළමයි හදන්න පිටරටින් ගෑණු ගේන්න වෙයි වගේ. "

    The reason we see comments like this though is pure ignorance. The question I have for this person is that if homosexuality is accepted today, would you choose to be gay or lesbian? if not then that's how 99.99% of people feel. Legality of homosexuality has nothing to do with women choosing other women as partners. I've never felt comfortable thinking about another man sexually. On the other hand, if you DO think that you might change, then may be you ARE homosexual. And I'll send you my best wishes and love.

    "උප්පත්තියෙන් සමලිංගිකයෙකු වීම එකක්. හැබැයි ෆැශන් එකට එසේ වීම තව එකක්.මෙහෙනම් මට හිතෙන විදියට 75% විතරම ෆැශන් එකට."

    Like really? you think people love to put their dick in some other guys asshole for fashion? If you think you'd do that, boy i gotta say you have a weird taste of fashion, literally.

    ReplyDelete
  77. ඔය bkthambugala කියන්නෙ fb එකේ ඉන්න Buddhika Thambugala කියන එකා ..ඕකා ඔය ගේ සීන් ප්‍රමෝට් කරන එකෙක් ..මුන් ඒක සාදාරණීකරණය කරන්නෙ බුදුන්වහන්සේ ඒව වැරදියි කියලා වදාරලා නෑ කියලා.තුන්වෙනි සිල්පදේට ඔය කාරණාවත් ඇතුළත් වෙනවා.මුන් කරන්නෙ මුන්ගෙම හිත් රවට්ටා ගැනීමක්.ඔය තාඹුගලයා එකේ කියලා තිබුණා පොර බුදුදහම ගැන මෙලෝ දෙයක් දන්නෑ කියලා

    ReplyDelete
  78. ape ratata ai oya the thahanam karala thiyenne.kawadawath okata idak dena ekak nadda?meka loku lokkek dakkoth mama kiyanne me gana tikak salakala balanna kiyala.ape rate inna sama lingika aya hamoma hangila inne.eth eyala manasika athin vdawanawa
    mama kathawak kiyannam mage yaluwek innawa eyalage gedarin oka dana gaththa mehema sama lingika sambandayak thiyanawa kiyala.math e yaluwa gana hithuwe waradiyata but mata theruna meka weraddak neme kiyala.ithin ara yaluwage gedarin e lamayawa godak kon karala.pau e asarani math ekka kiyala adanne mama loku pawak karala thiyenawa giya athme kiyala.ithin ara ammala me lamayawa ekkagena giya manasika doctor kenek gawata pau anthimata beth dunna.eth eka dan aurudu pahak wenawa thama hitha hada ganna bari wela.dan e lamayata beth nawaththannath bari tharam.oya hethu nisa eka parak niyagala kewa
    ithin e lamaya ICU dala hitiya godak amaru una.eth gedara minissu e lamayawa therum gaththe na.e lamaya gedarin,gamen,kiyana katha walata godak manasikawa wetenawa.mama hithanne me de gana mekath adarayak.swabavkai.
    mama kiyawapu poth deka thunaka thibuna me de manasika ledak neme kiyala.mageth yaluwo one tharam innawa eyalath sama lingikayo.eth kawa dawath lokayata pennanne na ehemai kiyalae ayage manasikathwaya gana hithanna one.
    anika me lokema inna ayage le rathupatai.e hamoma minissu.eyalata manawa aythin thiyenawa.ai ape janadi pathithumata me gana hithanna bari.ai ape minissu thamange paduwe jiwath wenne naththe.hadawath ekkarana eka pawak neme.ai ape sinhalayo gawa manussakam nathte.

    ReplyDelete
  79. ඔය bkthambugala වගේ අය නිතරම කරන දෙයක් තමයි සමලිංගිකත්වය හොද දෙයක් කියල පෙන්නන්න හදන එක එක.
    First Things First
    සමලිංගික හෝ වේවා විෂම ලිංගික වේවා ලිංගික ක්‍රියාකාරකම් තහවුරු කර ගැනීමට බුදු දහම පාවිච්චි කිරීම මහ පහත් දෙයක්. බුදු හාමුදුරුවෝ සමලිංගිකත්වය tolerate කලාට එක හොඳයි කියල කිව්වේ නැහැ. සමලිංගිකත්වය ගැන සඳහන් කල අවස්ථාවන් වලදී වුනත් නොකළ යුතු දෙයක් විදියටයි සඳහන් කලේ. පුරුෂයාගෙන් පුරුෂයාට ඉටු විය යුතු යුතු කම් ගැන කතා කලේ නැහැ. පරපුරුෂ සේවනය, පර ස්ත්‍රී සේවනය සිදු වෙන්නෙත් දෙදෙනාගේම කැමැත්ත අනුවයි. එත් බුදු හාමුදුරු සහ අනෙක් ආගමික නායකයෝ ඒවා ප්‍රතික්ෂේප කලා.

    බුදු හාමුදුරුවෝ සමලිංගිකත්වයට විරුද්ධ වුනේ නැහැයි කියමු? එත් දකින දකින පුද්ගලයත් එක්ක ලිංගිකව හැසිරීම(සමලිංගිකත්වය හා ලිංගික රෝග අතර තිබෙන සමීප සම්බන්ධය මිට නිදසුනක්), අනෙක් පාර්ශවයට හානි සිදුවන අයුරින් ලිංගිකව හැසිරීම බුදු හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා.

    ඉතා සුළු පිරිසක් හැරුණු කොට සියලු සමලින්ගිකයෝ එහෙම වෙලා තියෙන්නේ සාමජිය සාධක නිසා. කුඩා වයසේදී අතවරයට ලක්වීම, විශ්වාසවන්ත පියෙක නොසිටීම වැනි කාරණා නිසයි සමලින්ගිකත්වයට ඇති වෙන්නේ. කිසිදු ජාන පදනමක් නැහැ. මෑතකදී හමාර වුනු "Human Genome Project" එකෙන් සියලු මිනිස් ජානවල ක්‍රියාවන් අධ්‍යනය කළා. හෝර්මෝන මගින් බලපෑමක් ඇතිවුණත් එය තීරණාත්මක සාධකයක් නොවෙයි.

    සමලින්ගිකයෝ හැමෝම වෙනස් වෙන්න ඕනේ කියල මම කියන්නේ නැහැ. එත් උවමනාව හා කැපවීම තිබේ නම් බහුතරයක් සමලිංගිකයන්ට වෙනස් වෙන්න පුළුවන්. ලෝක සෞක්‍ය සංවිධානය ඒ සඳහා අවසරය ලබා දීල තියෙනවා.

    ReplyDelete
  80. කොන්ද පණ නැති පිරිමින් බිහි කිරීමට යුරෝපීයයන් තනන මේ වෑයම අපේ බහුශ්‍රැත උගත් අයියලාට පේන්නේ නෑ වගේ.මේක ලෙඩක්වත් කාගෙවත් ආසවක්වත් නෙමෙයි මේක අනිවාර්යෙන්ම පුරුද්දක්.මෙතන තියෙන එකම අවුල මේවායෙන් නොමග යන්නේ අපේම අනාගත පරපුර.

    අන්තිමට මට අහන්න තියෙන්නේ සුදදන්ගේ පස්සේ වැටිලා උන් ගේ හැම රෙද්දක්ම සෝදන ඔබතුමන්ලාටත් පිරිමි කසාදය අනිවාර්ය කලොත් ආසාවෙන් ජීවත් වෙනවා?ද??

    ගැහැනියකගේ උණුසුම පිරිමියෙකුගෙන් ගත හැකිනම් ඉබ්බාගෙන් පිහාටුද ගත හැක.විකෘති ලිංගික ආසාවන්ට උඩ ගෙඩි දෙන ඔබලාට අහිංසක තරුණ ජීවිත අනාගතයේ කරන ශාප එලෙසින්ම වැදියන්.හැකි තරම් හෙනද වැදියන්.

    ලොවට ජීවය දෙන්නේ හිරුගේ කිරණත් මවගේ කිරිත් නම් adopted ලමයින්ට පොවන්නේ අශ්ප කිරිද??මව් කිරි නොලද්දවුන් මවට ගරු කරනු දැක තිබේද??

    නවීන චින්තනය ලිංගික නිදහස වැනි ගොන්බූරු සංස්කෘතියක් ඇතිකරගෙන සිංහල කෙල්ලන් පිටරට බඩුකාරයන්ට දී කොල්ලන් සමග හනිමුන් යන්නට බලා සිටින ඔබ වැන්නවුන්ට මේ ජාතිය විනාස කිරීමේ කිරුළ ඉක්මනින්ම පැළදීමට හැකි වනු ඇත.

    මම දැක්කා උඩ එක P කොල්ලෙක් ලියලා තියෙනවා අක්කා සමලිංගික කියලා.අම්මලා පෝයට සිල්ගන්න බවකුත්.මෙය ගොතන කථාවක් විනා සත්‍යයක් විය නොහැ.ක

    මෙය මානසික ලෙඩක් විනා ජෛව සංසිද්ධියක්වත් ජාන හැඩගැසීමක් නොවේ.හැකිනම් මෙය පළ කරන්න සංවාදයට

    ReplyDelete
    Replies
    1. සමනලයාගේ linux පිටුව සමඟ සපුරා එකඟ වෙමි, සමාජ් විරොධී මෙවන් දෙවල් මෙවැනි ආකාරයෙන් ප්‍රමොට් කරන්නන් සිතා සිටින්නේ තමා රැඩිකල් පොරක් යන, රැඩිකල් මානසික ආතතියෙනි, ඔවුන් තම්ට අවැසි දේ සාධාරණීකරණය කර ගැනීමට විකෘති තර්ක ගොඩ නගති, ඉහත ඇනො පොරක් කියා සිටියේ ඔහුගේ සොයුරිය ලෙස්බියන් බවත් ඔහුට හෝ ඔහුගේ පවුලට එය සාමාජික ගැටලුවක් නොවන බවත්ය, එසේ නම් ඔහු සත්‍ය අනන්‍යතාවයෙන් මෙය නොකිව්වේ ඇයිදැයි සිතා ගත නොහැකිය, පරිසරයේ පැවැත්මට බාධා වන සියලු දේ අස්වාභාවික ක්‍රියාවන්ය, අස්වාභාවික ක්‍රියාවන් සමාජ සම්මතයෙන් වැරදි ක්‍රියා වේ.මනුෂ්‍යයා ස්වාභාවිකව සම ලිංගික ක්‍රියාවන්ට හැඩ ගැසී නැත. මෙය මත වාදයෙන්ම වැරදි ක්‍රියාවකි. එසෙත් සමලිංගිකයන් ගෙන් අපිට වැඩක් නැත් මෙවැනි මත වාද හරහා සමාජය අඳුරට පත් කරීම පාපයකි.මතක තියා ගත්තොත් හොඳයි මුල්ම AIDS ආසාදිතයාද සමලිංගිකයෙකි, සහ සමලිංගිකයන් විශමලිංගිකයන්ට වඩා සමාජ රෝග ව්‍යප්ත කරන්නෝද වෙයි.මෙය පිලිගත් සමීක්ෂන වාර්තා වල සඳහන් වේ.

      Delete
  81. This comment has been removed by the author.

    ReplyDelete
  82. A son raised by two lesbian women testifying in Iowa.
    http://www.youtube.com/watch?feature=player_embedded&v=yMLZO-sObzQ&noredirect=1


    @http://quitbeinggay.blogspot.com/, @http://samanalayagelinuxpituwa.blogspot.com/

    listen to what he says in that video. Im sure there were a lot of people like you screaming outraged in europe when copernicus said that earth is not the center of the universe.

    I wish I had time to confront the ignorance....

    ReplyDelete
  83. @ අවුට්සයිඩර්: "අස්වාභාවික කිසිවක් ස්වභාවය බිහි නොකරයි"

    ලොකු කෙබ්බයක්. පීඩොපීලියා (pedophilia) ස්වභාවිකයි. ඒ නිසා අනුමත කළ යුතුයි. දැන් මොකද වෙන්නෙ?

    ReplyDelete
  84. @ බුවා : "දරුවන්ගේ ලිංගික ජීවිතයට"

    දරුවන්ට ලිංගික "ජීවිතයක්" නොමැත. (දරුවා යන්නෙන් වටස 16ට අඩු යයි සිතමි). මන්ද ගන්නා තීරණ වල බරපතල භාවය ඔවුන්ට නොවැටහෙන නිසාය. එනිසා බුවාගේ කතාව ලත් තැනම වැරදිය.

    ReplyDelete
  85. @දරුවන් කියල අදහස් කරන්නේ ළමයින් නෙවෙයි , වයස කීය වුනත් දෙමව්පියන්ට සාපේක්ෂව දරුවන් වෙනවනේ . උදා - මීගාරගේ දෙමව්පියන්ගෙ එක දරුවෙක් තමයි මිගාර , නමුත් මිගාර කියන්නෙ වයස 16ට අඩු ළමයෙක් නෙවෙයි නේ

    නීතියට අනුව ලිංගික අයිතිවාසිකම් තියන ඕනැම් කෙනෙකුට තමන්ට අවශ්‍ය නම් සමලිංගික වෙන්න පුලුවන් , ඒකට එයාගේ දෙමව්පියන්ට බලපැම් කල නොහැකියි කියලයි මම විවේචන ගේ කමෙන්ටුවට කියන්නේ . පටලවා ගන්න එපා පොඩි උන් ගැන නෙවෙයි කියන්නෙ

    ReplyDelete
  86. මම නං හිතන්නේ අනුනේගේ දේවල් හොයන්න නැතුව තමන්ගේ පාඩුවේ වැඩක් කොරං හිටියනම් ඉවරයි නේද...ගේ ලෙස්බියන් කියන්නේ අපි වගේම මනුස්සයෝ ටිකක් නේ..උන්ගේ ලිංගික ආසව විතරනේ වෙනස්....."හොර රහසේ ඕන මඟුලක් නටා ගත්තට අපිට ප්‍රශ්නයක් නෑ" මේ කියමනත් එක්ක මං නම් එකගයි..

    යාලුවනේ මේක ඔය මහා අවු 2500 සංස්කෘතිය කියලා කතා කරන්න මේ රටේ රජවරු අන්තංපුර තියං හිටියා ,අයියයි මල්ලි දෙන්නා එක බඩුවට මරුවෙන් මාරුවට ගහපු රටක් මේක..(සභය්‍ය වචනේ එක ගෙයි කෑම)

    ලිංගිකත්වය කියන මාතෘකාවෙ නම් ලංකාවේ අධ්යාපනේ ඉදන්ම හැදෙන්න ඕනැ.මොකද මට හොදට මතකයි ඉස්කෝලේ අටේ පන්තියේ සෞඛය්‍ය පාඩමේ ප්‍රජනය උගන්වදී සර් පිරිමි ලමයි ටික එලියට දාලා තමා පාඩම කරේ(මම ගියේ මිශ පාසැලකට).....රටේ ඉදිරි ජනතාව වත් අඩු ගානේ ලිංගිකත්වත කියන ඔයිට වඩා open mind එකකින් බලයි නේද..අපි අධාපන ක්‍රමවේදය ඔයිට වඩා හැදුවොත්....

    ලංකාවේ ඉන්න පිරිමින්ගෙන් 40% විතර (BI-sexual) කියලා මං දැක්කා ලහදි කොටි නාලිකාවේ(සිරසේ) නිවිස් වලට කීවා....අපේ රටෙත් gay/lesbian-Pride කටිටිය යාවි ඕක හැබයි නීති ගත කොලොත්.. ඒක නිසා ඔය කතාව නීති ගත කරන එකට නම් මං විරුද්ධයි....

    ReplyDelete
  87. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි.
    බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත.

    read more

    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
  88. When I was nearly ten years old boy, one of our neighbour tried to have sex with me and as a result I was afraid of sex and I did not have a girlfriend untill I enter to university last year. Thanks to her my life became normal and we have a great relationship including sex.Those who are gay should be sentenced to death.

    ReplyDelete
    Replies
    1. @ AnonymousFeb 14, 2012 07:57 PM

      I am so sorry to hear about that and I am glad that you now now having a happy sex life.

      One common mistake people make is to assume that Gays (සම ලිංගිකයෝ) are Pedophiles (බාල අපරාධකරුවෝ). I don't think that's the case at all. Pedophilia is a crime whether same sex or otherwise.

      Sex between two consenting men or women is a totally different matter altogether.

      Delete
  89. හිකිස්...

    ReplyDelete
  90. මල විකාර..........කියක් හරි හබ්බු කරගෙන පිනක් දහමක් කරගෙන, ඉන්න හැටි කියල දෙන බ්ලොග් 1ක් කරනවකෝ................

    ReplyDelete
  91. samalingika okkomalage bella kapala maranna one.

    ReplyDelete
  92. මෙතන ඉන්නේ ගොඩක් අය සමලිංගිකයෝ. කණගාටුයි අපේ ලංකාවේ මෙහෙම වෙන එක ගැන.
    සමලිංගිකයන්ට මරණීය දඩුවම මැදපෙරදිග දෙන එක ගැන මම සතුටු වෙනවා. මොකඩහ් සමලිංගිකයන් කියන්නේ සමාජයේ පිළිකාවක්. එහෙම පුද්ගලයන්ට එක්කෝ ප්‍රතිකාර දෙන්න ඕනේ නැත්නම් මරණීය දඩුවම දෙන්න ඕනේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.