Tuesday 26 October 2010

බින්දු බින්දු දා හතර


මේ කියන්න යන දේ අපේ සහෘද සිංහල බ්ලොග්කාරයින් වෙන මගේ මරණය, මාරයාගේ හෝරාව, බූරු බබා වගේ අය විතරක් නෙමේ ඕනෑම, කන-බොන කෙනෙක් දන්න කතාවක් කියල මං හිතනව.

වෙනද වගේ වහෙං ඔරෝ නැතුව මෙන්න ගහපං පොල්ලෙන් ඔළුවට ක්‍රමයට කෙලින්ම කතාව.

දැන් ඔන්න අපි පොඩ්ඩක් සෙට් වෙච්ච බොහොමයක් වෙලාවට ඉතිං බෝතල් සහ වීදුරු ගැටෙනවා නේ. ඕනෑම බෝතලයක තියෙන, අරක්කු හෝ ජින් හෝ වයින් හෝ බියර් හෝ සේරම වීදුරුවලට දාගත්තට පස්සෙත් අඩු ගණනේ තවත් බින්දු දාහතරක් ඒ බෝතලේ ඉතුරුවෙලා තියෙනවා, තියෙනවා ම යි...!!!

කොහොමද මං දන්නේ?

ඔය කතාව මුලින්ම අහපු වෙලාවේ විශ්වාස නොකරන අය ඒක චැලේන්ජ් එකක් විදියට බාර අරගෙන මේ දැන් ඇස් ඉදිරිපිට හොඳටම හිස් කරපු බෝතලයක් උඩ යට හරවලා වීදුරුවට උඩින් අල්ලං ඉඳලා මේ තියරිය ටෙස්ට් කරලා බලනවා දෙතුන් විටක් ම දැකලා තියෙන හින්දයි.

අන්තිමටම දැක්කේ ඊයේ රෑ. ඒ බෝතලේ බින්දු දාසයක් තිබුණා.

බොරුයි කියල හිතෙනවා නං ඇහැකි වෙලාවක, ඇහැක් විදියට චැක් කරල බලන්නකෝ.

මං ඉස්සෙල්ලාම මේ කතාව දැනගත්තේ ඉංගිරිසි සම්භවයක් තියෙන කාන්තාවකගෙන්. එතන හිටිය, ලාංකිකය විතරක් නෙමේ, වියට්නෑම්කාරය, පකිස්ථාන්කාරය, ඉන්දියන්කාරි, ඕස්ටෙ‍්‍රලියන්කාරි ඇතුළු මුලු අන්තර්ජාතික වට මේසයම ඕක දැන ගෙන හිටියෙ නෑ.

එදා ඉඳල ඒ හැමෝමත් ඕය විදියට බින්දු වක්කරගන්නව ඇති.

හැබැයි මං මේ බින්දු හොයන්නේ නං වයින් වගේ ජාතිවල විතරයි. රතු හෝ කළු ලේබල් නං ඊට වැඩිය හොඳයි බෝතලේට වතුර ටිකක් දාල කරකෝල වීදුරුවට දාගන්න එක.

බියර් නං මට අරහං.

මොනව වුනත්, මේ බින්දු හොයන වැඩේ මධුලෝලී කෑදරයින් ගේ වැඩක්ම නෙමේ. සම්පත් නාස්තිය අවම කරන්න ඕනැ නේ -ලෝක ප්‍රජාවගේ යහපත උදෙසා. අන්න ඒකයි.

-කතන්දරකාරයා

19 comments:

  1. අර කාලයක් ඇඩ් එකකුත් තිබ්බෙ අන්තිම බින්දුව තෙක්ම වටී කියල.
    ඒ නම් සිසිල් බීම වර්ගයකට. පොපියන චමත්කාරයටද නැත්තන් වෙන මොකක් හරි වර්ගයකටද කියලා මතක නෑ


    ඔන්න Taboo අහන්න කලින් අද මම අහනව විද්‍යාත්මක ප්‍රශ්නය. එහෙම බින්දු ඉතුරු වෙන්න භෞතික විද්‍යාත්මක හේතුව කුමක්ද ?

    ReplyDelete
  2. අප්පද බොල.., මං මෙච්චරකල් හිතං හිටියෙ මම බෝතලේම හිස් කරනවා කියලනෙ.. කවුද දන්නෙ ඔය බිංදු සීන් එකක්..

    ReplyDelete
  3. මේකනම් මාර අවුලක්. ඒමදිවට අද පසු ලිපියත් නෑනේ.
    ඇත්ත සම්පත් නාස්තිය නම් අවම කරගන්න ඕන තමා...

    ReplyDelete
  4. බෝතලේ මිරිකලම අරගන්න වගේ හදන්නෙ.

    ReplyDelete
  5. @Chanaka Aruna Munasinghe,

    ඕක අමාරු ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඕනෑම තරලයක් ඝන පෘෂ්ඨයක් සමඟ ගැටීමේදී ඒ ඒ අංශු අතර අන්‍යොන්‍ය අකර්ශනයක් ඇතිවෙනවා. හේතුව පෘෂ්ඨික ආතතියෙන් (surface tension) පැහැදිළි කළ හැකියි. ඉතින් මේ බලය ගුරුත්වාකර්ෂණයට වඩා වැඩි වන අවස්ථාවන්හීදී (එනම් අංශු ප්‍රමාණයේ ස්කන්ධය ඉතා අඩු නම් ) යම් අංශු ප්‍රමාණයක් නොවැටී වීදුරු පෘෂ්ඨය මත ඉතිරි වෙනවා. බෝතලයේ ඉතිරි වෙන්නේ ඒ ටික. තරලය උකු වෙන්න වෙන්න ඒ ප්‍රමාණය වැඩියි.

    - Taboo

    ReplyDelete
  6. .@ Taboo,

    මට පොඩි ප්‍රශ්නයක් ආවා,

    පෘශ්ඨික ආතතිය නිසා බෝතලේ යම් දියර ප්‍රමාණයක් ඉතුරු වෙන එක හරි,

    එතකොට නැවත බෝතලයෙන් දියර බිඳු ලබා ගැනීමේදී පෘශ්ඨික ආතතිය අහෝසි වෙනවද නැත්නම් පෘශ්ඨික ආතතිය ගුරුත්වාකර්ෂණයට වඩා අඩු වෙනවද?

    ReplyDelete
  7. අම්මෝ ඔව්. සම්පත් නාස්ති කරන්න හොඳ නෑ
    හික් :) :P

    ReplyDelete
  8. @Ravi,

    මගේ ඉහත පැහැදිළි කිරීම පොඩියක් නිවැරදි විය යුතුයි. මා කළ වරදක් ඔබ හොයා ගත්තේ. (මේක මගේ ගෝලයින් නොදකීය හිතනවා! ලොකු ලජ්ජාවක් ඔවුන් දැක්කොත් වෙන්නේ!!)

    පෘෂ්ඨික ආතති බලය ගුරුත්වාකර්ෂණයට වැඩි වන්නේ නෑ. එය නිවැරදි විය යුතුයි මුලින්ම. වෙන්නේ පෘෂ්ඨික ආතති බලය නිසා ගුරුත්වාකර්ෂණය යටතේ පහළට වැටෙන අංශුවල ගමන දුබල වීම. මේ නිසා ඒවා ගමන් කරන්නේ හෙමින්. ඒවා බෝතලයෙන් ඉවතට වැටෙන්නට පළමුව අප (බෝතලය හිස් වීය සිතා) නැවත හිස් බෝතලය කෙළින් කරනවා. එසේ නොකොට දිගටම (වැඩි වෙලාවක්) අල්ලාගෙන හිටියොත් වයින් සියල්ල ඉවතට වැටේවි, බින්දු දා හතරත් එක්කම.

    - Taboo

    ReplyDelete
  9. මම නම් අහලා තියෙන්නේ බිංදු 17ක් කියලා
    හැබැයි කවදාවත් කරලා නැහැ :-D

    ReplyDelete
  10. @ ටැබූ
    ටැබූ බීලද?

    ReplyDelete
  11. කසුගේ බින්ඳු බින්ඳු කතාව ඔන්න භෞථික විද්‍යා පාඩමක් වේගෙන වගේ එන්නෙ. එළ එළ, ඒ. ලෙවෙල් ෆිසික්ස් කරාට පස්සෙ මේ වගේ ගුරුත්වාකර්ෂණය සම්භන්ධ ෆිසික්ස් පාඩමක් ඇහැ ගැටුනෙ අද. ඒකත් ඉතින් අපිට හොඳට වදින සබ්ජෙක්ට් එකක් ගැන නේ.

    ReplyDelete
  12. ඈ බන් කසිප්පු වලටත් ඕක වලන්ගුද හැබෑට.....

    ඔන්න කශු නම් කිව්ව ඇඟට නොදැනිම එයා බොන ඒවා...අපිට කොහින්ද බටර් පූසෝ....

    ReplyDelete
  13. අද නම් ප/ලි නැ...

    සැහෙන්න බොන්නවෙන පශ්නයක්...
    මොකද චැක් කරන්න බොතලයම බොන්න වෙනවනෙ...

    ReplyDelete
  14. @දුමී..,

    මේ වගේ ඇගට දැනෙන සබ්ජෙක්ට් උදාහරණෙට අරගෙන ෆිසික්ස් කෙමිස්ට්‍රි ඉගැන්නුවානං අපිටත් ඒ එල් ගොඩදාගන්න තිබුනා නැද්ද මචං.. මොකද කියන්නෙ, අධයාපන අමාත්‍යාංශෙට පොඩි පහේ අයිඩියා එකක් දාලා බලමුද..

    ReplyDelete
  15. බින්දු ගාන වෙනස් වෙනව ඇති එක එක ආකාරයේ බීම වර්ග වලට. මොකද පෘෂ්ඨ්ක ආතතිය වුනත් , විස්කොසිටි එක අනුව වෙනස් වෙනව නේද?

    දියර වර්ග වලට ‍වුනත් ඒවාට මිශ්‍ර කරන ද්‍රයව්‍ය අනුව ඔය හැම එකම වෙනස් වෙනව ඇති.

    හැබැයි නැමි බෝතල් වල නැතිව වංගු අනම් මනම් අඩු බෝතල් වල දැම්ම නම් ඉතිරි වෙන බින්දු ගාන අඩු වෙයි...

    අනේ වාසනාවන් ලබන ආත්මෙවත් පිරිමියෙක් වෙලා බොන්න ඕනි... ගැහැණු ආත්මයක් වෙලා සිරි ලංකාවේ ඉපදුනාම තහංචි වැඩි නෙව....

    ReplyDelete
  16. lol. අපේ ගෙදර ගොඩ ගැහිලා තියන බෝතල් ටික එකතු කර ගත්තොත් ඔය system එකෙන් ආයෙමත් පුරෝලා එකක් හදා ගත්තහැකි වගේ......වෙලාවට අපේ තාත්ත blog කියවන්නේ නැත්තේ!

    ReplyDelete
  17. @All
    සියළු දෙනාටම ස්තුතියි. අද ටෙස්ට් එකේ ප්‍රතිඵලය බින්දු දාසයයි.

    මේ කතන්දරේ ප/ලි නොතිබුනේ ඇයිද කියල හිතාගන්න බැරිද? මේ පුළු කතන්දරේම ප/ලි එකක් නේ? ඒ කියන්නේ බෝතලේම හිස් වුනාට පස්සේ එන බින්දු ටික ගැන කතන්දරේ ලිව්වට පස්සේ දාන්න වෙන්නේ ප/ලි/ලි එකක්!

    කකා

    ReplyDelete
  18. මට නම් ඔය වගේ දෙයක් කරන්න කවදාවත් ඉඩක් තිබිලා නෑ.

    මේකනේ කතන්දර තුමෝ ඔය නිතර බොන අපි වගේ අය කවදාවත් බෝතලේ හිස් කරන්නේ නෑ නේ. .

    ReplyDelete
  19. මමත් තනියම දවස් කීපයක් ට්‍රයි කලා ඹ්කට. හැබැයි බෝතලේම හිස් වෙනව මට මතක ෑනේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.