Monday, 30 November 2009

දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!


මේ කතන්දරේ සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ එකක්. ඔන්න අද තමයි ලියවුනේ!

දුටුගැමුණු "රජ්ජුරුවෝ" තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම්. ඒ ඉතිං "එතුමා" [පොර] ගැන අපි අහල තියෙන විවිධ වීර කතා, ජන කතා සහ බණ කතා හින්ද තමයි. බයිලත් නැත්තෙම නෑ.

ඒ කතන්දර කොච්චර අපට බලපාල තියෙනවද කියනව නම් "එතුමා" [පොර] ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2300 කට ඉස්සර කියන සත්‍යයවත් අපිට විශ්වාස කරන්න අමාරු තරම්. මේ ඊයෙ පෙරේද වෙච්ච දේවල් විදියටයි අපේ මතකයෙ තියෙන්නේ.

දුටුගැමුණු සම්බන්ධ කතා බොහොමයක් "එතුමා" [පොර] ගැනම විතරක් නෙමේ. කැළණිතිස්ස ල, ගෝටයිම්බර ල ත් ඕවට සම්බන්ධයි. ලාවට නෙමේ, සිරාවටම.

දුටුගැමුණු පුරා වෘත්තයට සම්බන්ධ තවත් පොරක් තමයි සාලිය කුමාරය. සාලිය කියන්නෙ දුටුගැමුණු "රජ්ජුරුවන්" ගෙ පුතා.

ලව් කරන, ලව් එකට ලව් කරන, අපි බොහෝ දෙනෙකුට නම් සාලිය කාරයව පේන්නෙ එළකිරි පොරක් වගේ. අශෝක වනය මැද්දේ, අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් කෙල්ලට ඇතිවුනු ලව් එක නිසා සාලිය මාගම් පුරේ රජ පවුලෙන් කැපුනනේ.

තමන් ගෙ තාත්ත එලාර ට බැෂ්ටිය දීල මුළු රටේම පාලනය අල්ලගත්ත. ඊලඟ ට, ඌව වෙල්ලස්ස යි මාගමයි විතරක් නෙමේ මුළු රටම හිමි වෙන්න තිබුනෙ සාලියට යි. ඒ සේරම රජ සැප ආදරය වෙනුවෙන් පූජා කලා. අපේ ලව් සික් කාරයෝ සාලිය වීරයෙක් විදියට සලකන්නේ අන්න ඒ නිසයි. නියම එස්.පී.බී.ආර්. [SPBR] කෙනෙක් හෙවත් සත්‍ය ප්‍රේමෙ බෲංග රාජයෙක්!

අපි වගෙ ලව් සික් කෂ්ටිය එහෙම හිතුවට ලව් එක නිසා පවුල් පන්සල් වෙලා දැන් උලව් ලව් මල ඉලව් වෙලා ඉන්න උන් නං හිතනව ඇති සාලිය කියන්නෙ පොල් බූරුවෙක් කියල. කෙල්ලෙක් නිසා රජකම දාල යන්නෙ නැතුව පොරට තිබුනෙ ඉස්සෙල්ල රජකම අරගෙන පස්සෙ හිමින් සැරේ අශෝකමාලා ව අන්තඃපුරේට සෙට්කර ගන්න එකනේ.

ඒ දවස්වල ඕක ලීගලි ම කරන්න තිබුනනෙ, අද වගෙයැ.

අර සුනිල් පෙරේරා ගෙ සින්දුවෙ කියනව වගේ - ඒ කාලෙ නෙ ඉන්න තිබුනෙ - අයි ඩෝන්ට් නෝ වයි!

දුටුගැමුණු "රජ්ජුරුවො" සහ "එතුමා" ගෙ [පොර ගෙ] පවුලෙ කෂ්ටිය ගැන තව කතන්දර කීපයක් ම තියෙනව. ඒව ලඟදීම ලියන්නං.

දෙවෙනි කොටස මෙන්න.
http://kathandara.blogspot.com/2009/12/2-visa-on-arrival.html

-කතන්දරකාරයා