
ප්‍රීති වෙසක් එක ලැබෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී අද මට හිතුණා පොඩි කවි පන්තියක් උපුටා පලකරන්න.
විතවුට් ෆර්දර් අ ඩූ සහ විතවුට් රනින් කමෙන්ට්‍රි මෙන්න ඒ කවි පන්තිය.
බසින් පාලි අපි පන්සිල් පද කියමු
සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
කයෙන් සිතෙන් දස අකුසලකම් කරමු
පවෙන් ගැලවෙන්න තව බොරුවේ ගැළෙමු
ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ
උත්තමයෝ අපිය නැත කළ කිසි වරද
සත්තම දමන්නට එන්නේ කොයි කවුද
ඇත්තම වීඩියෝවල සටහන් වුවද
ගෙත්තම කර මුසා වහගන්නෙමු එයද
අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත
පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම
ගුවන් විදුලියේ හැම දිනයකම බණ
නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
මෙවන් පිනට බර දේසෙක හතර කොන
රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ
ගතේ දැවටුනද බණ පද නිරන්තර
අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර
(රචනය-රසික සූරියආරච්චි)
උපුටා ගැනීම: http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2526 වෙතින්.
- කතන්දරකාරයා
ප/ලි
අද පරණ කතන්දරවලට කිසිම ලින්ක් එකක් නැත!
(image http://www.infolanka.com/photo/vol2/Villa06.htm)