
කතන්දර බ්ලොගයේ පලවුණු ඒවායින් ඉහලම ප්‍රතිචාරයක් ලැබුණු පෝස්ට් දෙකක් තමයි:
1. පෙම් කිරීමට උපදෙස් - පාඩම් අංක 0
2. පෙම් කිරීමට උපදෙස් - පාඩම් අංක 1
ඔය පාඩම් පිළිපැදලා ජයගත්තු අයත් ඉන්නවා කියලයි පස්සේ ආරංචි වුනේ.
ඒ මොනවා වුනත් බැඳපු මිනිහා වෙච්චි, මං නං වඩාත් කැමති බැඳපු අයට උපදෙස් එක්ක මං ලියපු මෙන්න මේ ලිපිවලටයි.
1. බැඳපු අයට මල් කඩන්න උපදෙස්
2. නිරුවතින් රණ්ඩුවීම
3. සතියකට පාරක්වත් - අළුත් නීතිය
4. ගෙදර වැඩට උදව් වෙන අයට නිතිපතා කම්සැප
5. නෝනා ගේ උපන් දිනේ ගැන වැදගත් අවවාදයක්
අද මේ ලියන්න යන්නේත් ඒ හා සමානවම වැදගත් උපදෙස් කීපයක්. අදත් පසුබිම් කතන්දරේ නෑ, උපදෙස් විතරයි.
බැඳලා එක වහලක් යටට උනාට පස්සේ:
1. සරොං කලිසං ගලෝපු ගලෝපු තැන දාලා යන්න එපා
2. රෑට බාත්රූම්, ටොයිලට් ගිහින් එනකොට ලයිට් ඕෆ් කරලා එන්න
3. උදේට නැගිට්ටායින් පස්සේ පොරෝන රෙදි නවලා, කොට්ටය නිසි තැන තියලා ඇඳ හදන්න
4. බැරි වෙලාවත් තේ හදනවා නං, පරණ තේ කුඩු, තේ බෑග් උනාදිය සින්ක් එක අස්සේ දාන්න එපා. කුණු බාල්දියටම දාන්න
මේ සේරටම වැඩිය බැඳපු මිනිස්සුන්ට වැදගත් වෙන කාරණය මෙන්න මේකයි.
5. රැවුල කැපුවට පස්සේ රැවුල් කොට සින්ක් එක ඇතුලේ ඉතුරු කරන්න නං එපා රජෝ!
දිග කෙස් ගෙදර බිම තැන තැන වැටිලා තියෙනවා වාගේ නෙමෙයි රැවුල් කොටයක් දෙකක් සින්ක් එකේ තිබුණොත්.
-කතන්දරකාරයා
ප/ලි:
මේවා බොහොම අමාරුවෙන් ඉගෙනගත්තු ඒවා, ගුරු මුෂ්ටි මොකුත් නැතුවයි නොමිලේ බෙදා දෙන්නේ.
(image: http://fashiondhamaka.com/how-to-stop-razor-burn/)