Saturday 12 November 2011

ලෝකයේ දිගම ලව් ලෙටර් එකේ වාර්තාවත් ලංකාවෙන් ද? Longest love letter world record set in Sri Lanka!


ලෝකයේ කෙටිම ලව් අෆෙයාර් එකේ වාර්තාව තියෙන්නේ ලංකාවේ ද කියලා හිතෙන තරමේ කෙටිම කෙටි ආදර කතාවක් ගැන කතන්දරයක් මං කාලෙකට කලින් ලිව්වා.

ඒ කතාව නම් පේරාදෙනියේ යුනිවසිටියට සම්බන්ධ එකක්.

හැබැයි මේ අද ලියන දිගම ලව් ලෙටර් එකේ වාර්තාව ගැන කතන්දරේ නම් කෙලින්ම විස්ස විජ්ජාලෙකට සම්බන්ධ නෑ.

දිගම ලව් ලෙටර් එකට ගැන විතරක් නෙමේ මේ කතන්දරේ තවත් අසම්මතයක් ගැනත් සඳහනක් තියෙනවා.

මං උසස් පෙල කරන කාලේ මුලින්ම ටියුෂන් ගියේ යාළුවෙක් ඕගනයිස් කරපු පොඩි පන්තියකට. ටියුෂන් දුන්නේ කැලණිය කැම්පස් එකේ කොල්ලෙක්. ඇත්තටම කියනවා නම්, ඒ පන්තියෙ සෙට් කරලා තිබුණේ මගේ යාළුවා ගේ පුද්ගලික කෝචින් එකේ වියදම බෙදාගන්නයි.

විශ්ව විද්‍යාලයේ යන්න කලින්ම සමහරු ටියුෂන් දෙන්න පටන් ගන්නවා. මගේ යාළුවෙක් හිටියා එහෙම පටන් අරගෙන මෙඩිකල් ෆැකල්ටියේ විභාග ෆේල් වෙන එක පවා නොතකා ටියුෂන් කරලා තමයි ජීවන වියදම හොයා ගත්තේ. තව එකෙක් උසස් පෙළ ඒ හතර ගත්තා කියලා පෝස්ටර් පවා ගහලා ටියුෂන් කළා. කැම්පස් එකේ විභාග ෆේල් වෙන එක ගැන නම් දැම්මේ නෑ.

මේ සේරම කොල්ලෝ! ඒක තමයි සම්මතය!!

එන්න එක්තරා නගරාසන්න ගමක හිටියා කෙල්ලෙක්. ලස්සනයි, වගේම බ්‍රයිට් (එ රෙයා කම්බිනේෂන්, හුහ්!) මේ දැරීවී ඉතාමත් හොඳින් ඒ ලෙවල් පාස්වුණාට පස්සේ ලඟපාත ගෙදර කොල්ලෙකුට මැත්ස් ටියුෂන් දෙන්න පුළුවන් ද කියලා ඒ කොල්ලා ගේ අම්මා ගෙන් ආරාධනාවක් ආවා. කැම්පස් යන්න කලින් ගෙදර කල් මරණ කාලේ බෑ කියන්න හේතුවකුත් නෑ නේ.

ඉතිං ටියුෂන් ව්‍යාපාරය ඇරඹුණා.

කොල්ලා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හවසට එනවා කෙල්ල ගේ ගෙදරට. පියෝ මැත්ස් සහ ඇප්ලයිඩ් මැත්ස් අහගන්න.

ඉතිං ඔහොම මාස දෙක තුනක් ගතවුණාය කියමුකෝ.

දවසක් කෙල්ල ටවුමට ගිහින් ආපහු ඇවිත් ගෙදර ලඟින් බස් එකෙන් බහින කොට මෙන්න කොල්ලා එතන ඉන්නවා.

"මං මේ හේවගේ පොතේ තිබුණු සාපේක්‍ෂ ප්‍රවේගය ගණං ටිකක් හැදුවා. හරිද බලන්න පුළුවන්ද?" කොල්ලා ඇක්සයිස් පොතක් දෙන ගමන් කිව්වා.

කෙල්ල පොත අරගෙන බෑග් එකේ දාගෙන ගෙදර ආවා.

එදා රෑ පොත පෙරළලා බලද්දී මේකේ සාපේක්‍ෂ ප්‍රවේගය ගණං වලට උත්තර නෙමෙයි තියෙන්නේ ජීව විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් ගැන වාක්‍ය රචනාවක්!

පිටු හැටහතරක එක්සයිස් පොතේ මුල සිට අගටම තිබුනේ කොල්ලා කෙල්ලට ලියපු දිගම දිග ලව් ලෙටර් එකක්.

ඒක තමයි මං මේ දක්වා අහලා තියෙන ලෝකයේ දිගම ලව් ලෙටර් එක!

දැන් මෙන්න චැලේන්ජ් එකක්. පිටු හැටහතරකට වැඩිය දිග පෙම් හසුන් ගැන දන්නවා නම් ඒ ගැන ලියලා යන්න.

-කතන්දරකාරයා

ප/ලි

පොඩි කාලේ ඉඳලාම කොච්චර ලියන්න කැමති එකෙක් වුණත්, මංතුමා මේ දක්වා ලියලා තියෙන දිගම ලව් ලෙටරය ඔන්නං පිටු හයක් වෙන්න ඇති උපරිමය.

ඉතිං මේ ලෝක වාර්තා ලව් ලෙටර් එක ගැන දැන ගත්තාම ඒක ලියපු එකා මගේ මිම්මෙන් වීරයෙක් වුණා.

මගේ ජීවිතයේ මං ලබපු ලොකුම අභූත චෝදනාව සහ නින්දා අපහාසය මං ලැබුවේත් මේ ලව් ලෙටර් ලියපු වීරයා කවුද බොලේ කියලා ඒ ඇතිවුණු උනන්දුව හින්දයි!

ඒකත් කේස් එකත් නියම කතන්දරයක්.

සමහර විට තව අවුරුද්දකින් විතර ලියවෙන්න ඉඩ තියෙනවා.

(image: http://www.dreamstime.com/stock-image-cartoon-exercise-book-image9475371)

37 comments:

  1. පිටු 64 ක්. ටැට්ටරයක් කතා කරයි වගේ. මුලු ලියුමෙම තිබුනේ, ඇහැ ඔබට ආදරෙයි (Eye Love You) කියලද දන්නේ නෑ. මම නම් වෙන ඒවුන්ට පිටු ගනන් ලියුම් ලියලා දුන්නට. මගේ ඒවල තිබුනේ වචන ටිකයි, මිලටන්ගේ සින්දුවකුයි, කවියක් දෙකක් විතරයි. හරිය කොමර්සොල් පිචැර් එකක් වගේ. ජාලේන් හොයලා දිගම එක බලන්න ඕන..

    ReplyDelete
  2. ප/ලි තිබු කතන්දරේ කියන්න අව්රුද්දක් ගන්න එපා, ඒක මං හිතන්නෙ මේකටත් වැඩිය රසවෙත් වෙයි වගේ.

    මේ ලව් ලෙටර් එක නම් ගිනස් පොතට ඇතුල් කරන්න වටිනව.

    ReplyDelete
  3. මෙහම ලව් ලෙටර් එකක් ගැන ඇහුවමයි . ඉතින් ලව් එකත් ඒවගේම තිබුනද ?

    ReplyDelete
  4. අඩේ අප්පා ඕවා සංරක්ෂණය කරන්න එපයි. දැන් ඉතින් ලව් ලෙටර් අයිති ඉතිහාසෙටනේ.

    ReplyDelete
  5. ආදර හසුන් කියන්‍නේ පුදුමාකර විෂයක්. ලියන්න පටන් ගත්දි ලියන්න කිසිම දෙයක් නැති වුනාට, ලියල ඉවර වෙලා බලද්දි , සෑහෙන දේ ලියල.
    ඒත් සමහර වෙලාවට ලියන්න බොහෝ දේ තියෙද්දි ලියන්න පටන් ගත්තත්, මෙලෝ දෙයක් ලියන්න බැහැ.
    “ ආදර හසුන “ කියල චිත්‍රපටයකුත් තිබ්බ නේද කතන්දර.

    අභූත චෝදනාව ගැන ත් ලියල හිත නිදහස් කර ගන්න කතන්දර .

    දැන් ඉතින් පෙම් හසුන් ලිය වෙන්නෙ නැති වුනත් , පෙම් හසුන් මාරාන්තික තර්ජන වෙන අවස්ථාත් නැත්තෙම නැහැ. ඒ ඉතින් පෙම් හුට්ටප්පර වෛරයෙන් කෙලවර වුනාම තමයි.ඒ වගේම සමහරු ඒව පුච්චල දාන්නේ , ඔක්කම ඉවරයි කියල හිත හදා ගන්න.ඒත් තවත් සමහරු ඒ දෙවල් තම මරණ මොහොත දක්වාම දිවි හිමියෙන් රකිනවා.

    තවත් සමහරුන්ට , සමහරුන්ගෙ පෙම් හසුන් ලැබෙන්නේ කසාඳත් බැදල දරුවනුත් ලැබුනට පස්සේ. මොකද තමන්ට ලැබෙන්න තිබුන පෙම් හසුන් තමන්ගෙ අතට පත් නොවී අන්අය සඟවපු නිසා. සමහර විට ඒ වගේ හසුන් කවදාවත් කියවන්න වත් ලැබෙන්නෙ නැතිව වැළලිලාම යන්නත් පුලුවන්.

    ReplyDelete
  6. // එක්තරා නගරාසන්න ගමක හිටියා කෙල්ලෙක්. ලස්සනයි, වගේම බ්‍රයිට් (එ රෙයා කම්බිනේෂන්, හුහ්!) //

    හහ් හහ් හා.. මල් හතයි.. :)

    මම කවදාවත් ලවු ලෙටර් ලියලා නෑ, මොකද මට හිතුනා මොකටද නිකං 'එවිඩන්ස්' තියාගන්නෙ කියලා.. අහන්න තියෙන දේ කෙලින්ම ඇහුවා.. :))

    ReplyDelete
  7. "මගේ ජීවිතයේ මං ලබපු ලොකුම අභූත චෝදනාව සහ නින්දා අපහාසය මං ලැබුවේත් මේ ලව් ලෙටර් ලියපු වීරයා කවුද බොලේ කියලා ඒ ඇතිවුණු උනන්දුව හින්දයි!"
    වැරදිලාවත් ඒක කතන්දර ලිව්වයි කියල කස්ටිය හිතුවද දන්නෙත් නැහැ. හික්ස්. අපි ඉස්කෝලෙ ඉන්න කාලෙදි නම් පිටු හතලිහෙ පොතක ලවු ලෙටර් එකක් කොල්ලෙක් ලියල තිබුන.

    ReplyDelete
  8. LOVE LETTER eka pitu 64 k nam mokadda kaka ayye,mama A/L karaddi class eke ganu lamayekgen kamathida kiyala ahala,mage hitha noridenna ekata bahai kiyanna LOVE "BA" LETTER eka pitu 40 potak pirenna liyala mata dunna kiuwoth ekath record ekak nemeda kiyanna.
    habai e pitu 40 pol gedi akuru wath ,ruoa adala wath ekama peliya pituwa purama liyala wath nemei sampurna wela thibune,eka 100% k hoda letter ekak.

    ReplyDelete
  9. පොඩ්ඩි ලෝකයේ දිගම ලව් ලෙටර් එක ලියන්ට පටන්ගත්තා. ඉවර උනු වහාම පොතක් විදියට ප්‍රකාශනයට පත් කරන්ටයි බලාපොරොත්තුව.

    පිලිගැන්වීම: අදහස ඔලුවට දැමූ කතන්දරකාරයාට...:D:D:D

    ReplyDelete
  10. @බූරා,

    ලස්සන , බ්‍රයිට් කොල්ලොත් //එ රෙයා කම්බිනේෂන්,තමයි. හුහ්!//

    හහ් හහ් හා.. මල් හතයි.. :)

    ReplyDelete
  11. ලවු ලෙටර් දෙන්න ඕන තරම් කෙල්ලො ඉස්කෝලෙ හිටියත් ඒ එක කෙල්ලෙකුටවත් ලවු ලෙටර් එකක් දෙන්න බැරි උනේ ගෙදරට අහු වුනොත්, ගුරුවරයෙකුට අහු වුනොත් චාටර් වෙයි කියල බයටද කොහෙද.
    ඒකටත් එක්ක දැන් ඕනෑම කෙල්ලෙකුට ලවු sms එකක් යවන්න දෙපාරක් හිතන්නෙ නෑ. :D

    ReplyDelete
  12. දිගම එකට පිටු 64යි.

    මං හිතන්නෙ කෙටිම ලියමන මගේ වෙන්ඩැ. ලියුම ආපුවාම ඇදට කාරිය ගිහිංලු දිග ඇරලා බැලුවේ. ඒ කාලේ මට ලියුම් ලියන්ට වැඩිය ‍දැයෙන්නැ...:D

    ඉලග දවසෙ හම්බුනාම ඒකේ මෙව්වා එක නියමෙට ලැබුනා. කතාව ආය එදා වගේ තමා මුකුත් නෑ,

    වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා තමා..

    ReplyDelete
  13. දිගම දිග ලව් ලෙටර් එක.. අප්පා කියවන්නම යන්න ඇති පැයක් වත්..හොරෙන් වගේ කියොනවා නම්..අපොයි..

    ReplyDelete
  14. මම අතේ ඇඟිලි ගානටත් අඩුවෙං ලියල තියන ලවු ලෙටර් ගනනින් දිගම එක වැඩිම උනොත් පි‍ටු දෙකයි.

    ලැබිච්ච ලවු ලෙටර් බන්ඩලයක් මට අමතක වෙලා තිබිල මේ මෑතකදි හාමිනේට මාට්‍ටු වෙලා හරි ජංජාලයක් උනා . . . . ලොකුවටම කේස් එක ඇදුනෙ එයිං ලියුං කීපයක දින දාල නැතුව තිබිල

    ReplyDelete
  15. බුද්ධි : වැස්සා ද? වස්සා ද?

    ReplyDelete
  16. ඒ ලව් ලෙටර් එක නං පට්ට!!! හැබැයි ඔය ලෙටර් එකෙන් පස්සේ ලව් එකට මොකද වුනේ කියන ඕපෙ ලියලා නැති එක නං අඩුවක් ඕං...

    ReplyDelete
  17. පිටු 64 ක් ලියනවා කියන්නෙත් සෙල්ලමක්ද.
    මම ලියපු ඒවානම් මගේ ගාවම තිබුනා, ලිව්වට පස්සේ දෙන්න හිතුනේ නැති ඒවා සහ දුන්නට පස්සේ ආපසු ලැබුණු ඒවා.
    බඳින්න කලින් මට ලැබිල තිබුණු එව්වා සහ මම ලියපු එව්වා ඔක්කොම එකට එකතු කරලා ගිනි දෙයියන්ට පුජාවක් කළා.
    මං මොකටද මටම මඩ ගහ ගන්නේ සහ ඉල්ලං කන්නේ කියල හිතුනු නිසා.

    ReplyDelete
  18. අඩේ මමනම් පුද්ගලිකව විශ්වාස කරනවා මට ලස්සනට ලව් ලෙටර් ලියන්න පුලුවන් කියලා... ඒත් ඉතින් මම ජීවිතේටම ලව් ලෙටර් ලියලා තියෙන්නේ එකෝම එකයි... :D

    ReplyDelete
  19. ලව්ත් කළා හැබැ ජීවිතෙට ලෙටර් නං ලියලා නෑ.... අඩුගාණෙ යාළුවෙකුටවත්.....

    ReplyDelete
  20. පිටු 64 ක්! ඇති ඔයින් ගියා..මොනිටර් පොතක් හොයා ගන්න බැරිවෙන්න ඇති!

    ReplyDelete
  21. මම නම් ලියල තියෙන්නෙ ලව් ලෙටර් 2 යි. දෙකේම ලිව්වෙ ලව් එක නවත්තමු කියල. :)
    හැබැයි මට නම් දුසිම් ගනන් හම්බ වෙලා තියනව ඒ කෙල්ල ගෙන් ම. එක සැරයක් සෙනසුරාදාට හම්බ වෙන්න ගියහම ලියුම් 5 ක් හම්බ උනා. සඳුදා, අඟහරුවාදා වශයෙන් සතියේ දවස් පහේ ලියපුවා.

    ReplyDelete
  22. පි‍ටු 64 1/4ක් ලිව්වොත් මේ රෙකෝඩ් එක කඩන්න පුළුවන් නෙහ්!!!
    ඒත් අප්පා, ලව් ලෙටර් ලියන එක දැන් ඉතිහාසෙට අයිති වෙලා නේ...

    දැන් ඉතිං,
    "වචන රචන කරන එකම ක්‍රමය......SMS....." :D :D

    ReplyDelete
  23. බුදු අම්මෝ සෙනේ කොල ..

    මම මෙතන මුකුත් නොකියා මට වෙච්ච දේ බ්ලොග් පෝස්ට් එකකින්ම කියන්නම්

    පින්සිද්ද චෙනවා කතන්දර මට වෙච්චි ලවු ලෙටර් කතාව සිහිපත් කලාට

    ReplyDelete
  24. හප්පෝ..අන්න ලියුම්..හී
    මම නම් තාම ලව් ලෙටර් එකකට ට්‍රයි එකක් වත් දීල නෑ ඕං...!!!!

    ReplyDelete
  25. එස් එම් එස් හැට ගානක් මීට වඩා කුඩා ද?

    බුද්ධි; විනී ද පූ එකේ වහින සීන් එකක් තියේ. ඒක නරේටර් කියවන්නේ මෙහෙම "වැස්සා වැස්සා හොඳටම වැස්සා. පිටු අංක හතලිස් පහේ පටන් ගත්තු වැස්ස හැට තුන වෙනි පිටුව දක්වා වැස්සා." මෙහෙම කියද්දී පිටුවලට වතුර වැටී අකුරු ගැලවිලා ගහගෙන යනවා. පොතේ පිටු හට තුන දක්වා පිටු පෙරළෙනවා.

    මැරියන්ට දෙන්න අන්න එහෙම නරටෙර් පාරක්.

    ReplyDelete
  26. Trafic Ano
    පලි කෑල්ල කියවන්න ඉස්සෙල්ල මම හිතං හිටියෙ ෂුවර් එකටම පිටු හැට හතරක් ලියපු කොල්ලා “කතන්දර කුමාර” වෙන්න ඇති කියල.

    ReplyDelete
  27. අද කාලෙ කොල්ලො කෙල්ලො ලව් ලෙටර් ලියන්නෙ නැති එකේ විපාක විඳින්න වෙලා තියෙනව අපට. අපේ වැඩපොලේ මගෙ සමහර ගෝලයන්ට ලියුමක් හරියට ලියාගන්න බෑනෙ. සිංහලෙනුත් බෑ ඉංගිරිසියෙනුත් බෑ. මං දවසක් බැන්න උන්ට “උඹල ලව් ලෙටර් එකක්වත් ලියල නැද්ද?” කියල අහල.

    ReplyDelete
  28. ලව් කිව්වට ලව්ම නෙමෙයි වෙන් වෙන දවසේ පිටු 200 පොතක් පිරෙන්න ලියපු ලියුමක් නම් මම දැකල තියෙනවා.

    ReplyDelete
  29. @ All
    මේ කතාවේ දෙවෙනි කොටසට මංතුමා සම්බන්ධයි.

    දෙන්නෙකුගේ රහසක් විය යුතු මේ කතාව තුන්වැන්නෙක් වන මං දන්නේ කොහොමද කියලා හිතන කොට - ඕන්නං ඒ දෙවෙනි කොටසින් බාගයක් විතර අනුමාන කරන්නත් පුළුවනි.

    ඒත් ඒක ලඟදී නං ලියවෙන්නේ නෑ. තව පදං වෙන්න ඕනෑ.

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  30. මේ බ්ලොග් වල දාන කමෙන්ට් බැලුවම අර කොලුවා අපේ "සුජීව කොකාවල" වෙන්න බැරිද ;-)

    [take it easy SK :-)]

    ReplyDelete
  31. Harish, a resident of Kavalakki village of Uttara Kanada district of Karnataka wrotes longest love letter. It was 143 pages long. He has written this for an imaginary lover to enter the Guinness book of record. He started writing on valentines day and completed it on May 25.He used to write 1 or 2 pages daily.

    The statistics of letter
    Pages 143
    Size of pages: 12inches*10 inches.
    Line written:4136
    Total word: 33100

    http://www.groundreport.com/Lifestyle/Longest-love-letter-of-world/2862412

    ReplyDelete
  32. @තිස්ස;

    [[take it easy SK :-)]]

    මං නෙවෙයි ඉන්දියන් පොරක් :)

    ReplyDelete
  33. අවුරුදු ගානක් තිස්සෙ ලියාපු ලියුම් මතක් උනා, කිලෝ ගානක් බරට , මමම ලියාපු ලියුම් මම වීසි කරා ගේ අස් කරන්න ඕනා නිසා. ( කෝකටත් කියලා ටිකක් තියා ගත්තා, මතු ආරක්ශාවට ) :D :D

    ReplyDelete
  34. වසිලිස්සා16 November 2011 at 11:37

    මමනම් අනුමාන කරන්නේ මේ ලියුම ලැබිල තියෙන්නේ කතන්දර හාමිනේට :)
    මේ ගැන කාකා වැඩි විස්තර අර පුද්ගලයා ගැන දැනගන්න ගිහින්(වැරදි චේතනාවකින් නොවෙයි)හාමිනේ කාකාට පොඩි අබුත චෝදනාවක් කරලා තියනවා. ඔන්න ඕක වෙන්න ඕන කතාව :D

    ReplyDelete
  35. සිරාවටම මේක නෙමෙයි කතාව ඊට පස්සේ වුණු ටික තමා නියම කතාව. ඒක පදං වෙනකම් ඇස් දල්වා බලා සිටිමි :)

    ReplyDelete
  36. Wrote a love letter included 1700+ words once :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.