
මීට අවුරුදු බර ගාණකට කලින් මගෙ පන්තියෙ යාළුවෙක් ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරග වැඩ සටහනකට සහභාගී වෙන්න ගිහින් පොරට ලැබුණු
දෙවෙනි ප්‍රශ්ණෙන්ම කැපිල ගිය බව කිව්ව කතන්දරේ මතකයිනේ?
පොරට ලැබුනේ මහා අසාධාරණ ප්‍රශ්ණයක් නේ නේද?
ඒ
කතන්දරේ ලියන වෙලේ මට මතක් වුණා මං බලන්න ගිය ප්‍රශ්ණ විචාරාත්මක තරග දෙකක්.
අද මෙන්න එකක් ගැන විස්තරේ.
ඔය කියන දවස්වල ලංකාවෙ තිබුණ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව කියල ශ්වේත හස්තියෙක්. මේ ගොල්ලො සිංහල සහ ඉංගිරිසි රේඩියෝ වැඩසටහන් දෙකකට අනුග්‍රහය දැක්වුවා. දෙමළ වැඩ සටහනකුත් තියෙන්න ඇති මං අහල නැතිවුනාට.
සිංහල වැඩසටහන එකේ නම "පුළුවන් නම් දිනා ගන්න!" ඉංගිරිසි ෂෝ එක හැඳින්වුනේ "ටේක් ඉට් ඕ ලීව් ඉට් (take it or leave it)" කියලයි.
ඔන්න දවසක්
අපේ අංකල් කෙනෙකුට ඔය ටේක් ඉට් ඕ ලීව් ඉට් ෂෝ එකට සහභාගී වෙන්න චාන්ස් එකක් ලැබුණා, එක්කො අංකල්ගෙ කොම්පැනිය හරි නැත්තං මොකක් හරි වෘත්තීමය සංගමයක් හරි හරහා.
අංකල් තනියම යන්නෙ නැතුව මටත් කතා කළා යන්න රෙකෝඩින් එක බලන්න. ඒක රෙකෝඩ් කලේ, නිදහස් චතුරශ්‍රය ලඟ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ.
එදා වැඩ සටහන් දෙකක් රෙකෝඩ් කළා. මුල් වැඩ සටහනට හිටිය
අපේ අංකල් තුන්වෙනි ප්‍රශ්ණෙන් පැරදුනා. මට මතක විදියට ඒ ප්‍රශ්ණෙන් ඇහැව්වෙ, ඒ වෙන කොටත් අහෝසි වෙලා ගිහින් තිබුණු, දැන් දැන් ආයෙ කතා බහට ලක්වෙන, සෙනෙට් සභාව ගැනයි.
අංකල් ට හම්බ වුනා සැනසිලි තෑග්ගක්.
ඔය ආකාරයට තරගෙට සහභාගිවෙන අයට බැරිවෙන ප්‍රශ්ණ අහනවනේ ඕඩියන්ස් එකෙන්. තමන් උත්තරේ දන්නව නං අත උස්සලා, නිවේදකය කතාකළාම ගිහින් උත්තර දෙන්න ඕනැ. හරි නම් තෑග්ගක් දෙනවා.
එදා නිවේදකයා වුනේ විජය කොරයා.
දෙවෙනි වැඩ සටහනේදි මට ආව චාන්ස් එකක්. තරගෙට හිටපු පොරක් දැනගෙන හිටියෙ නෑ, සර්ජී අයිසන්ස්ටයින් කියන්නෙ කවුද කියල.
පොර කිව්වෙ, අයිසන්ස්ටයින් කියන්නෙ "රිලටිවිටි තියරි" එක ඉදිරිපත් කරපු කෙනා කියලයි. මිහිහට අයිසන්ස්ටයිනුයි, අයින්ස්ටයිනුයි ටැපලිලා.
මං අත ඉස්සුව. හැබැයි මං හිටියෙ පිටිපස්සෙම පේළියෙ.
ඉස්සරහින් හිටපු තව පොරක් අත උස්සල උත්තරේ දෙන්න නැගිටල යන්න හදන කොටම, නිවේදක විජය කොරයා දැක්ක පිටි පස්සෙ හිටපු කතන්දර කුමාරව.
පොරට හිතෙන්න ඇති මේ පොඩි කොල්ලට චාන්ස් එකක් දෙන්න ඕනැ කියල.
මං ඉස්සරහට ගිහින් වීරය වගේ මයික් එකට කිව්ව හරි උත්තරේ.
ගත්ත විජය කොරය දුන්නු තෑග්ග.
පස්සෙ බැලින්නම්, තරගෙට හිටිය අපේ අංකල් දිනපු තෑග්ගයි, මං දිනපු තෑග්ගයි දෙකම එකම දේ.
මට ඒ තෑග්ගෙන් වැඩක් නෑ. ඒකත් දුන්න අංකල්ටම.
කතන්දරකාරයා
ප/ලිඃ
1. මොකක්ද ඒප්‍රශ්ණෙට හරි උත්තරේ දන්නවද?
2. මොකක්ද ලැබුණු තෑග්ග කියල හිතාගන්න පුළුවන්ද?
3. මං ඒ තෑග්ගත් අංකල්ටම දුන්නේ ඇයි?
එදා ප්‍රශ්ණවලට උත්තර දුන්නු මං අද ප්‍රශ්ණ විචාරකයා වෙලා!
කොහොමින් වුනත් මේ තුන්වෙනි ප්‍රශ්ණෙට නිවරදි උත්තරෙන් මට තව කතන්දර තොගයක්ම ලියන්න පුළුවන් වගේ.
ප/ප/ලිඃ
පිලිතුරු ලැබෙමින් පවතී. තවත් ඒමටද ඉඩ ඇත.
තුන්වන ප්‍රශ්ණයට පිලිතුරු දන්නේ මම්තුමා පමණක් ද?
ප/ප/ප/ලි:
මෙන්න පිළිතුරු.
http://kathandara.blogspot.com/2010/05/blog-post_19.html