Friday 20 April 2012

මහරගම බැංකුවක පෝලිමට XX ගහනවා ඇස් පනාපිට දුටුවෙමි! - Jackson goes to Bank

මේ කතන්දරේ ටයිටලයේ මුලින් තිබුණු ජැක් යන වචනය දැක රැවටී මෙහි කීප පාරක්ම පැමිණි අංකල්ලා ගෙන් සමාව අයදිමින් ටයිටලය වෙනස් කළෙමි.


පිලියන්දල තැපැල් කන්තෝරුවේ තියෙන මයියොක්කා අල වර්ගයේ අපූරු පෝලිමේ දී ජැක් වදින අතරේ පොලිමෙන් පිට අයට සේවාවන් සැපයෙන හැටි ගැන මං ලියපු කතන්දරේම දිගුවක් තමයි අද මේ කියන්න යන්නේ.

මේ සිද්ධිය වුනේ මහරගම හයිලෙවල් පාරේ තියෙන එක්තරා බැංකුවකදීයි. පුද්ගලික බැංකුවක් වන උංගේ නම අදාල නැති නිසා නොලියමි.

මං බැංකුවට ගිය වෙලේ හොඳ වෙලාවට වගේ වැඩිය සෙනගක් හිටියේ නෑ. පෝලිමේ හිටියේ දෙන්නයි. එක්කෙනෙක් කවුන්ටරේ ගණුදෙණු කරනවා. ඊලඟට හිටියා ගෑණු පරාණයක්.

ඔන්න මාත් ගිහින් තුන්වෙනියාට පෝලිමට එකතු වුණා.

පෝලිමක ඉන්නවා කියලා ඇඟේ ගෑවි ගෑවී ඉන්න ඕනෑ නෑනේ. මං හිටියේ මට ඉස්සරහිං හිටිය ලලනාවට සෙන්ටිමීටර් 50 කට විතර පිටිපස්සෙන්, අපි දෙන්නාගේම පුද්ගලික අවකාශය රැකෙන විදියටයි.

ඒ ඉඩ හොඳටෝම ඇතිනේ!

තව තත්පර කීපෙකින් මගේ පිටි පස්සෙනුත් කෙනෙක් ඇවිත් හිට ගත්තා.

ඔන්න තව විනාඩියක් විතර ගියා. එක පරාටම ආවා අංකල් කෙනෙක් අපේ පෝලිම පැත්තට. කළු කලිසමයි, සුදු අත්කොට කමිසෙකුයි ඇඳලා, හම්පටි සෙරෙප්පු දෙකක් දාලා, මල්ලක් අතේ අරං. මට පෙණුන හැටියට පැන්සොං අංකල් කෙනෙක්.

පොර කෙලින්ම ඇවිත් මට ඉස්සරහා හිටිය ලලනාවයි, මායි අතර මං තියාගෙන හිටිය සෙන්ටිමීටර් පනහේ ඉඩ ඇතුලට රිංගුවා!

පොරට අර ලලනාවට ජැකක් ගහන්න ඕනෑ වෙලාද, නැත්තං, මට කියලා එකක් ගහ ගන්න ඕනෑ වෙලාද මන්දා?

මට සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලට කේන්ති යන්නේ නෑ. තවත් හොඳ අත්දැකීමක් නේද කියලා හිතිලා සතුටක් ඇතිවෙනවා. පොඩි හිනාවක් යනවා.

ඒ ජොලිය පිට වුනත් මට හිතුණා අංකල්ට පෙන්නන්න ඕනෑ කියලා එයා පෝලිම පැන්න බව.

මං කලේ ඉස්සරහට නැවිලා අංකල්ගේ මූණ දිහා හොඳ විමර්ශනාත්මක බැල්මක් හෙලීමයි.

අනේ පොරට ගාණක්වත් නෑ.

දවල්ට බත් එක්ක කාපු මැල්ලුමේ තිබිලා දත් අස්සේ රැඳිලා ඉතුරු වෙච්ච ගෝවා කොළ කෑල්ලක් අතුරු පසට වික විකා ඔය හිටියේ බබා වගේ!

-කතන්දරකාරයා

ප/ලි
තැන්කියු තැපැල් නෝනා, තැන්කියු බැංකු කස්ටමර් අංකල්. ඔය දෙන්නා නිසා මං කතන්දර දෙකක්ම කොටා ගත්තා. පුද්ගලිකවම ස්තුති කරන්න නොලැබීම ගැන සමාව අයැදිමි.

ප/ප/ලි:
මීලඟට මහල්ලා ඩොට් කොම් වෙබ් අඩවියේ බොස්ගෙන් කතන්දරකාරයාට ආ අපූරු යෝජනාව පිළිබඳ කතන්දරය බලාපොරොත්තු වෙන්න.

එයා ට නං ඊ-මේල් එකකින්ම ස්තුති කරලායි තියෙන්නේ දැනටම!


(image: http://daveberta.ca/2011/06/queue-jumping-for-political-insiders-could-unleash-the-wrath-and-fury-of-albertans/)

110 comments:

  1. අංකල් පව් අප්පා!!! එයා දිහා නම් විමර්ශනාත්මක බැල්මක් හෙලලා නතර කල එක හොඳයි. :)

    ReplyDelete
    Replies
    1. මං වලියට බර නෑනේ!

      Delete
    2. Commented By සාදාරන කොටා මමත් අකමැතිම වැඩේ තමයි ඔය වගේ පෝලිම් පනින එක එක, හැබැයි මමනම් ඔයා වගේ නිකන් ඉන්නේ නැහැ....

      Delete
  2. ෂුවර් එකටම විමර්ෂනාත්මක බැල්මක් විතරද දැම්මෙ ?

    ReplyDelete
    Replies
    1. විමර්ෂණාත්මක බැල්මක් දැම්ම නිසයි අට ගෝවා කොල මැල්ලුං කෑල්ක දත් අස්සේ තියෙනවා දැක්කේ!

      Delete
    2. පොඩ්ඩි එක, පොඩ්ඩා දෙක, හිකිස්!

      Delete
    3. ඒ කියන්නේ පොඩ්ඩෝ කොහොමත් හොඳයි කියන එක...:D:D:D

      Delete
    4. හොඳයි නේන්නං නැත්තං මෙහෙම කුකුළා අතේ අරං මගේ කතන්දර බලන්න ඒවිද?

      Delete
  3. අන්කල් සාධාරනයි, ඉස්සරහටම ගියෙ නෑනේ..

    ReplyDelete
    Replies
    1. දයාල් බතී අංකල්ටත් මේවා තේරෙනවා ඇතිනේ!

      Delete
    2. දයාල් බතී කියන්නෙ අංකල් කෙනෙක්ද? මං මෙච්චර කල් හිතාගෙන හිටියෙ අරුණි අක්කලා, නලිනි මිස්ලා වගේ අක්කා කෙනකේ කියලා.....සිරාවට!

      Delete
    3. @ බුද්ධි,
      එයා අංකල් ගේ පැත්තට කතා කරපු හින්දා තමයි මං හිතුවේ අංකල් කෙනෙක් කියලා.

      කොහොමටත් දයාල් බතී අංකල් "ජැක්සන් අංකල්ගේ" යාළුවෙක්. මේ බලන්න කෝ මේ කතාව.

      විවෘත ආපන ශාලවේ හැන්දෑවක්-ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුනසිංහ ඇවිද ගෙන ගිය හැටි

      Delete
    4. හ්ම් හ්ම්..... ඒ කියන්නෙ අංකල් කෙනෙක් වගේ නේද?

      Delete
  4. "මට සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලට කේන්ති යන්නේ නෑ. තවත් හොඳ අත්දැකීමක් නේද කියලා හිතිලා සතුටක් ඇතිවෙනවා."

    තව පෝස්ට් එකක් හරි කියලා හිතෙනවා ඇති :)

    ReplyDelete
    Replies
    1. මොනද මේ කතා?
      ඒකනේ ප/ලි යේ තැන්කියු කළේ!
      බලන්නකෝ ලබන සඳුදා කතාව.

      Delete
  5. KATHANDARE MELO RAHAK NEHE

    ReplyDelete
    Replies
    1. මොන රහක් ද මෙයා ගෝවා කොල මැල්ලුම්වල?

      ඔන්න අඩු තරමේ ගොටුකොල සම්බෝලෙක කෑල්ලක්වත් තිබුණා නං කමක් නෑ කියන්න පුළුවනි!

      Delete
  6. heading eke thiyana kathandare mehi nehe. Miniha polimen pita panninna atthe ikmanata yanna wenna athi. Jack gahillak methana sidda wela nehe.

    ReplyDelete
    Replies
    1. මේ අර අංකල් නේද?

      Delete
    2. අංකල් කියනවා නං මං පිළිගන්නං කෝ!

      Delete
  7. හෙඩින් එකත් එක්ක කිසිම ගැලපීමක් නෑ.වීවර්ස්ලා ඇද ගැනීමට දරපු උත්සාහයක්

    ReplyDelete
    Replies
    1. මගේ ඇස් පනාපිටම ඒ අංකල් අපේ පෝලිමේ මැද්දට ජැක් එකක් ගහපු එක ඔයා කොහොමද නෑ කියන්නේ?

      දැං ඉතිං වීඩියෝ සහ ෆොටෝ සාක්‍ෂි නං මගෙන් ඉල්ලන්ණ එපා.

      මං ඒවා චැනල් ෆෝ එකට යැව්වා!

      Delete
  8. පව් අෆ්ෆා අංකල්.... මටත් ඔය වගේ ඒවට තද වෙන්නෙ නැ නොවැ... :-)

    ReplyDelete
    Replies
    1. අන්න හරි එහෙමම ඉන්න හොඳ ළමයා වගේ!

      Delete
    2. හැබැයි ජොක්කු ගන්න ගිය කතාවේදී නං මට තද වුනා!
      http://kathandara.blogspot.com.au/2012/03/superiority-complex.html

      !!!

      Delete
  9. .Mamath uncle kenek thama. Ema uncle novemi. Maharagama banku wala ganu denuda nmmatha. 2. ma keewata pili noganna. Kalama Suthraya balanna.

    ReplyDelete
    Replies
    1. අයියෝ අංකල් විහිළුවක්වත් තේරෙන්නේ නැද්ද? සොරි හොඳේ!

      Delete
  10. ඉතිං කතන්දර ඊට පස්සෙ අර අංකල්ට ජැක් ගැහුවද?

    ReplyDelete
    Replies
    1. නෑ මං අංකල් ගේ මැල්ලුම් කැල්ල බලලා නිකං හිටියා.

      Delete
  11. මටත් තදවෙන්නෙ නං නෑ ඇහැට කණට පේන දැරිවියක් ඇවිල්ල පැන්නොත්. අංකල්ල අයියල මල්ලිල ඇන්ටිල පැන්නොත් නං මලපනිනව. ;-)

    ReplyDelete
    Replies
    1. දවල්ට බත් එක්ක කාපු මැල්ලුමේ තිබිලා දත් අස්සේ රැඳිලා ඉතුරු වෙච්ච ගෝවා කොළ කෑල්ලක් අතුරු පසට වික විකා ඔය හිටියේ බබා වගේ!

      අප්පිරියා සහගත නිර්මාණාත්මක කියමනක්.

      Delete
    2. ඉස්සරහට එනවා නං කවුද අකමැති. පස්සෙන් හිටියොත් බෙල්ල උළුක් වෙනවානේ.

      Delete
    3. අප්පිරියා තමයි. නමුත් අමූලික ඇත්ත!

      Delete
  12. පොරට අර ලලනාවට ජැකක් ගහන්න ඕනෑ වෙලාද, නැත්තං, මට කියලා එකක් ගහ ගන්න ඕනෑ වෙලාද මන්දා? //කතන්දර ඕන වාහනේකට ජැක් ගහනවද?
    ....................

    මීට කාලෙකට කලිනුත් කතන්දර බැංකු කේස් එකක් ලියපු වෙලාවේ මම කිව්වා ඒ දවස්වල මට පෝලිමක වෙච්ච අකටයුත්තක්. මතකද දන්නැ?

    ඊට පස්සෙත් එකක් උනා. එදා උනේ මගේ යාලුවෙකුට. පොර නිව්යෝක්වල තනි ඉරේ පෝලිම් වල හිටපු බුවෙක්. මෙහෙ මයියොක්කා පෝලිම් වල ඉඳලා ඇති වෙලා මදිවට ඒවට උල්පන්දන් දෙන බැංකු නිළදාරියෙකුත් දැකලා මළ පැන්නට පස්සෙ වුනු සිදුවීමක්. අනික මේක ප්‍රයිවේට් බැංකුවක්. එදා හැබැයි මහ ගාලගෝට්ටියක් උනත් මගේ හිතට අල්ලලා ගියේ මේන් මෙතන. බාගදා හිතට ඇල්ලුවටත් වඩා මතක හිටියෙ.

    එදා නිව්යෝක් බුවා මේ අසාධාරනේ වෙනුවෙන් බැංකුවේ වීදුරු හෙල්ලෙන්න කෑ ගැහුවා. පස්සෙ මැනා ඇවිදිං ඉංගිරිසියෙන් ඇහැව්වා ඇයි සර් මොකද්ද කේස් එක කියලා. පොර ගත් කටටම කියපි, "ඇයි උඔට මාව සුද්දෙක් වගේ ද පේන්නෙ... ඉංග්‍රිසියෙන් කතා කරන්නෙ" කියලා. ඒ ටික පොර කිව්වෙත් ඉංගිරියෙන්. පස්සෙ මේ මොහොකටවත් සම්බන්ධ නැති අහිංසක මා දිහැ බලලා පොර අහපි "ඈ යුරෝ උඔටත් මගේ හම සුදුවටද පේන්නෙ.....මූට වගේ කියලා" කියලා. ඒ ටිකත් පොර කිව්වෙ ඉංගිරිසියෙන්. මැනා නේද ගල්ටික් වෙලා. මිනිහා කඩුපාරකින් ගේම ගහන්න ගියේ. අනික මට මොකවත් කියාගන්ඩත් බෑ. මොකද අර මැනා මීට කලින් මට හෙන උදව්වක් දුන්නු බුවෙක්.

    ReplyDelete
    Replies
    1. කෑ ගහන එක නං වැඩක් නෑ. සමාදානෙන් වරද පෙන්නා දීම තමයි හරි ක්‍රමය.
      කෑ ගහලා රංඩුවෙලා තවත් වැඩ අවුල් වෙන එක තමයි වෙන්නේ.

      මේක මතකයි නේ?
      http://kathandara.blogspot.com/2012/04/blog-post.html?showComment=1334726538407#c6154432933243157497

      That was a comment by Raj.

      Delete
  13. Jack kiyana wachanayata therum boho gananak atha.bankuwe ho post office eke di jack awashya wanne kumakata dai pahada denna. UNCLE

    ReplyDelete
    Replies
    1. අංකල් සහ මගේ නිර්වචන වෙනස් බව පෙනේ. ඔන්න මං ටයිටලය වෙනස් කළා!

      දැන් අවුලක් නෑ නේද?

      වැරදි ජැකක් ගැන සිතමින් මෙතනට ඇවිත් රැවටුනා නම් ඒ වෙනුවෙන් මම සමාව අයැදිමි.

      Delete
    2. MEKA VIHILU KATHAWAKDA? SATHYA KATHAWAKDA? Sorry wenna nam epa. Mama thara ha nehe UNCLE

      Delete
    3. පිස්සු කතා කරනවාද?
      මං මොකටද තරහා වෙන්නේ මේ එක්කුසේ උපන්නා වගේ ඉන්න අංකල් එක්ක?

      Delete
  14. අන්න මේ වගේ නැවුම්, වැදගත්, ආදර්ශමත්, කියවන කොට මේ මොන හු****ද කියලා නොහිතෙන කතන්දර තමයි ලියන්න ඕනැ.

    දැන් ඔය බැංකුවට ගිය ගමනෙ වුණත් කොයි තරම් නම් අතුරු කතන්දර හැංගිලා තියෙනවද?

    1. බැංකුවට යන්න ගෙදරින් එළියට බහින කොට හූනෙක් ඇඬුවනම් හරි අඩු තරමින් හූනෙක් දැක්ක නම් හරි ඒ ගැන කතන්දරයක්.
    2. ඇඳෙගෙන ගිය ඇඳුම ගැන කතන්දරයක්
    3. පාරෙ යනකොට දැක්ක ගෑල්ලමයෙක් ගැන කතන්දරයක්
    4. බස් එකක ගියා නම් කොන්දාගෙ හැසිරීම ගැන කතන්දරයක් (ඇයි බස් එකේ ජැක්සන්ලා, හිඟන්නෝ, සීට් එක දෙන්න නැති එවුන්, වෙළෙන්දෝ...මෙකී නොකී එවුන් කීදෙනෙක් ඉන්නවද? උන් එක එකා ගැන එක එක කතන්දර ලියන්න බැරියැ.)
    5. බස් එකේ යනකොට ගහක කොස් ගෙඩියක් දැක්ක නම් ඒ ගැන කතන්දරයක්.
    6. පයින් ගියා නම් පාරෙ තාර ගැලවිලා ගිය එක දැකලා මතක් වුණු කතන්දරයක්.
    7. බයිසිකලේක ගියා නම් හෙම තව කතන්දර කෝටියක් විතර තියෙයි.
    8. ඊළඟට බැංකුවේ දොර ඇර ගන්න අමාරු නම් ඒක ගැන කතන්දරයක්. ලේසි නම් ඒක ගැන කතන්දරයක්. (හුඟක් බැංකුවල දොර තදයි. ඕනැකමින්ම තද කරලද දන්නෙ නෑ.)
    9. බැංකුවෙ මැනේජර්ගෙ තට්ටෙ දැකලා මතක් වෙච්චි කතන්දරයක්. (මැනේජර්ට තට්ටෙ නැත්නම් ඒ ගැන කතන්දරයක්. කාන්තාවක් නම් ඒ ගැන කතන්දරයක්.)
    10. බැංකුවෙ කවුන්ටරේ උසයි නම් ඒ ගැන කතන්දරයක්.
    11......
    12......
    13......
    ....
    ....
    100.....
    101.....
    ....
    ....
    1000....
    1001....
    ....
    ....


    ඉතින් ඔයවගේ කතන්දර බැංකුවට ගිය ගමන ගැනම විතරක්ම වුණත් අළුත්ම කතන්දර බ්ලොග් එකක් පටන් ගන්න බැරියැ.

    හැබැයි අර "ජැක් ගහනවා" වගේ වැදගත් දෙයක් මාතෘකාවට දාන්න ඕනැ (සම්බන්ධයක් තිබුණත් නැතත්) ලින්ක් ටිකත් දාල ගත්තාම පංකාදු පහයි. හිට්ස් ටිකයි කමෙන්ට්ස් ටිකයි බුදු ෂුවර්. ඒ ටික හම්බවෙනවනම් ඔය ඉඳ හිටලා මෝඩ පාඨකයෙක් "මේ මොන හු***ද?" කියලා ඇහුවත් මොකද?

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කාම කාලෙකට කලින් දැකපු කමෙන්ට් එකක් මතක්වෙලා හොයලා ගත්තා,,

      මෙන්න මෙතන


      අසභ්‍යයි කියලා හිතෙනවානම් කකා මාමට පුලුවන් ඩිලීට් කොරලා දාන්න..

      Delete
    2. @ Ano Apr 19, 2012 09:38 PM

      හුන්නස්ගිරියක් කියලා ලියන්න තව * ඕනෑ නේද?

      Delete
    3. හරී
      තැන්කියු ඒ ලින්ක් එකට. මං දැනගෙන හිටියේ නෑ ඒ පෝස්ට් එක.

      Delete
    4. මෙන්න තවත් ඒවා

      7. බයිසිකලේක ගියා නම් හෙම තව කතන්දර

      a. http://kathandara.blogspot.com/2011/10/blog-post_21.html

      b. http://kathandara.blogspot.com/2010/03/blog-post_17.html

      Delete
  15. Titalaya wenas karanna epa. Mata kisima awlak nehe. Samawada awasya netha. Weradi Jacka saha hari Jacka Pahada denna. Mama rewatuna kiyala hithanawada? Ma denuwath karanna.

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න හඳ, හද වටේ කැරකෙනවා.
      හඳ පොළොව වටේ කැරකෙනවා.
      පොළොව සුර්යයා වටේ කැරකෙනවා.
      සෞර ග්‍රහ මංඩලය විශ්වයේ කැරකැවෙනවා.

      ඒ වගේ තමයි මේ කතාව සහ කමෙන්ට් සහ උත්තර සහ ප්‍රති උත්තරත්.

      Delete
    2. @ UNCLE
      සාමාන්‍යයෙන් පෝලිමට පිටින් ගිහින් හේත්තු වෙනවාට කියන්නේ ජැක ගහනවා කියලයි.

      ඒ එක්කම මයිකල් ජැක්සන් මයික් එක ගෑනු කෙනෙකුට හේත්තු කිරීමටත් ජැක ගහනවා කියනවා.

      මේ වගේ කරුණකට සමාව ඉල්ලා සිටීම ඉතා ලේසි දෙයක්. එයින් ලැබෙන ප්‍රතිලාභය අපරිමිතයි.

      Delete
  16. Bankuwe polimata xxx gahanawa keewe mokakada? Jackson kiwwe ara pissada? UNCLE

    ReplyDelete
    Replies
    1. අනේ අංකල්!

      කියන්නේ ජැක් කියන වචනය කපා දැමූ කතිර සළකුණු දෙකයි.

      ජැක්සන් කියන්නේ පිස්සෙක් නොව ජැක් ගහනා අයට කියන නික් නේම් එකක්. මයිකල් ජැක්සන් යනු මයික් එක හේත්තු කරන අයයි.

      හැබැයි තව දුරට මේ විදියට අපි දෙන්නා මෙතන ප්‍රශ්ණ පිළිතුරු ලියන්න ගියොත් කතන්දර කියවන අය අපි දෙන්නාට පිස්සු කියලා හිතයිද මන්දා?

      Delete
  17. methana karakeweemak mata penenne nehe. notheruna karuna denaganna digin digata giya. Kathandarata mama karadara karanawada? UNCLE gena iwasanna.

    ReplyDelete
    Replies
    1. මගේ උදාහරණය තේරුණේ නෑ වගේ.

      මං කියන්නේ බැංකුවේ එක කතාවක් සිදුවුණා.
      ඒක මං මෙතන ලිවීම තවත් කතාවක්.
      ඒක දැකලා කමෙන්ට් කරන කොට තවත් කතාවකයි අපි ඉන්නේ.
      මේ සේරම අපේ ජීවිත කතාවේ එක දවසක කොටසක්.
      අන්තිමට බලන කොට අපි මේ ගෙවන්නේ මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ ලොකු පොතකට උදාහරණ සැපයීමයි.
      ඒකටත් වඩා ලොකු කතන්දරයක් ඇති.

      Delete
  18. ANE K PUTHE MIKE HETHTHU KARANA AYA BANKU POLIM WALATATH ENAWADA? mAMA HITHAN HITIYE MIKE GENIYANNE mUsical shows, meetings,wage ewata kiyali.API DENNAGE ME GANU DENUWA TA KAWRUTH APATA PISSU KIYALA HITHANA EKAK NEHE. putha uncle wa danuwath karanawane.

    ReplyDelete
    Replies
    1. අනේ අංකල් ඔයා නං පුදුම අංකල් කෙනෙක් වගෙයි පේන්නේ!
      ඔයා බැංකුවක කලින් වැඩ කළා නේද?

      Delete
  19. කව්රු උනත් පිලිගන්න පුලුවන් හේතුවක් නැතුව මේ විදිහට පෝලිම් පනින කොට සාමකාමීව වාචිකව විරුද්ධත්වය ප්‍රකාශ කරන එක හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. අම්මා ගෙන දුන් බෝණික්කා
      මල්ලී කඩනවා මං දැක්කා
      මල්ලිගෙ මූණේ ලස්සන දැක්කම
      ගහන්න හිතට දුකයි!

      Delete
    2. අහිතකට නෙවෙයි ඉතින් අයෙත් ඒ වැරැද්ද නොකරන්න පාඩමක් හැටියට පොඩි පාරක් දුන්න නම් හරි. එතකොට ඒක මතක තියෙන කල් අයෙත් නංගිගෙ බෝණික්කො කඩන එකක් නෑ.

      Delete
  20. PUTHAGE UDAHARANAYA THERUNA. MAMA HITHUWE WENA WIDIYAKATA. BANKUWE SIDUWEEMATH THERUNA. JACK KATHAWA NOTHERUNA EKA NISA THAMI MEYA DIGIN DIGATA GIYE. DAN KATHAWA AWASAN. K.PUTHATA JAYAWEWA. -UNCLE-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අංකල්.
      අංකල්ට තුණුරුවන් ගේ සරණයි!

      Delete
  21. මටත් ඔය ප්‍රසිද්ධ ස්ථානවල පෝලිම් පනින එකනම් පෙනෙන්න බැහැ :(

    අංකල් කෙනෙක් නිසා විමර්ශනාත්මක බැලුමක් විතරක් හෙලල නතර උනා , ලස්සන කෙලි පැටික්කියෙක් හිටියොත් මොනවාගෙ බැල්මක් හෙලාවිද දන්නෙ නැහැ.. :D

    ReplyDelete
    Replies
    1. නීතා නෝනාට අප්‍රසිද්ධ ස්ථානවල පෝලිම් පැනීම ගැන අවුලක් නැද්ද?

      ඇත්තටම ගෑල්ළමයෙක් පෝලිම් පනිනවා මං දැකලාම නෑනේ.

      මං ඉස්සරහින් ඉතුරු කරගෙන හිටි සෙන්ටිමීටර් 50 අතරට ගෑල්ළමයෙක් ආවා නං අනේ මං නොදැක්කා වගේ ඉන්නවා.

      පෝලිමේ මැද
      හිටියට පාඩු වෙනවද?
      ඔය තරුණියන් මැද
      අපිටත් ජොලියක් නැද්ද?

      Delete
  22. ඔය පනින එක , සමහර එඋන්ගේ පුරුද්දනේ. හරියට පන ගන්න බැරි උන එනුන් තමා. ඔය පොඩි පොඩි තැන්වල පෝලිම පන්නින්නේ. හොදටම පන්නින්න පුළුවන් උන් තමා දේසපාලනේ කරන්නේ]

    ReplyDelete
    Replies
    1. එතකොට කොටු පනින්නේ? ඒ කවුද?

      Delete
  23. කසූ අද කාටත් උත්තර දෙනව, අපි ප්‍රශ්න කරනව- අදහස් දක්වනව, අංකල්ල ඇවිල්ල පැහැදිලි කරගැනීම් තරනව, ලින්ක් දානව, ජාලෙ ජංජාලයක් කිරීමේ උත්සාහය උඩින්ම සඵල වෙලා තියනව. නියමයි‍‍නේ!

    ReplyDelete
    Replies
    1. අද මං නිවාඩු!

      ඇත්තටම නිවාඩු..!!

      ඒකයි මේ වෙනස...!!!

      Delete
    2. කකා මාමට අද නිවාඩු..

      නිවාඩු දවසේ ෆුල් ජොලියක් දානවා.. ඒකයි ඔය..

      Delete
  24. කකා අහල තියෙනවද මන්දා කතාවක් තියෙනව "If you have nothing to say, don’t say it" කියල. කොහෙද මේ කමෙන්ට් තීරුවෙ පෝලිම් පනින අන්කල්ලා ඒක දන්නෙ නැති හැටි.

    ReplyDelete
  25. මටනම් එහෙම හොරෙන් පනින එක ඉවසන් ඉන්න අමාරුයි...
    මමත් ගොඩක් වෙලාවට කකා කිව්ව විදිහට විමර්ශනාත්මක බැල්මක් දාල බලනවා. ගොඩ දෙනෙක් තමන්ට වරදකාරී හැඟීමක් දැනෙන නිසා පෝලිමේ නියමිත තැනට යනවා.

    එහෙමත් බැරිනම් එහෙම අයව අදාළ තැනට ආපහු යවලා තියෙනවා කතා බහ කරලා.
    සැරවැර කරලා නෙමෙයි, පොඩ්ඩක් කතා කලාම පෝලිමේ ඉන්න අනිත් අයත් එකතු වෙනවා.
    ඊට පස්සේ මිනිස්සුන්ගේ(විශේෂයෙන්ම කාන්තාවන්ගේ) සද්දෙට බයේ අර මනුස්සයා තමන්ට අදාළ තැනට යනවා

    හැබැයි වයසක කෙනෙක් හරි යම්කිසි පැහැදිලි හේතුවක් කියන්න පුළුවන් කෙනෙක් මගෙන් අහලා පෝලිමේ මගේ ඉස්සරහට එන්න අවසර ඉල්ලුවොත් ඉස්සරහට එන්න අවසර දෙනවා.
    හැබැයි ඊට කලින් මගේ පස්සෙන් ඉන්න අයගෙනුත් පොඩ්ඩක් අහල බලනවා.
    නැත්නම් පෝරියල් එක සෙට් වෙන්නේ මටනේ.
    (මට තනියම අනිත් අයගේ කාලය වෙනුවෙන් වගකීම ගන්න බැහැනේ)

    කොහොම උනත් අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට පෝලිමක ගිහින් වැඩක්පලක් කරගන්න ඉවසීමක් නැති එකනම් ලොකු අඩුවක්... :(

    ReplyDelete
    Replies
    1. මං කලින් දවසකත් ලිව්වා වගේ හිත උණුවෙලා අනුන්ට උදව් කරන අය ගොඩායි.

      නමුත් ඒ තමන්ට පාඩු කරගෙන නෙමේ.

      පෝලිමේදී බලන්නේ අනුන්ට කෙලවලා හරි තමන්ගේ වැඩේ ඉක්මනට කරගන්න.

      Delete
  26. කසූ, ඇයි අර වම් අත පැත්තෙ හිට් කවුන්ටරේ 788,560 වෙද්දි දකුණු අත පැත්තෙ කවුන්ටරේ 813,581 වෙලා?

    ReplyDelete
    Replies
    1. වම් පැත්තේ තියෙන්නේ කවුන්ටරයයි.

      දකුණු පැත්තේ උඩ තියෙන්නේ බ්ලොග්ස්පොට් එකෙන් දෙන කවුන්ටරයයි.

      මං හිතන්නේ මේ දෙකේ හිට්ස් ගණින ක්‍රමය වෙනස්.

      බ්ලොග්ස්පොට් එකේ කවුන්ටරය ටිකක් වැඩි නිසා සහ අනික ඒක official වගේ නිසා මං ඒකයි මේ සතියේ පටන් බලන්නේ.

      ඔය දෙකේම මගෙන් එන හිට්ස් අයින් කරලායි තියෙන්නේ.

      Delete
  27. අද, ජැක් ගහපු හැටි කියවන්න ඇනොල ගොඩායි................

    ReplyDelete
    Replies
    1. ජැකෝනිස් අයියා
      ජැක්සන් මල්ලී
      ජැක් ඇන්ඩ් ජිල්

      සේරම අද මෙතන!

      Delete
  28. කකා, මයියොක්කා පෝලිම හරිම තාත්වික සැසඳීමක්. මේක දන්නේ මයියොක්කා ගහක් ගලවපු කෙනෙක් තමයි. කඩෙන් මයියොක්ක මිලදී ගන්න කෙනා මේවා හැදිලා තුබුන විදිහ දන්නේ නැහැනේ. තම්බපු මයියෝක්කයි, පොලුයි, කොච්චි ලුණු මිරිසුයි තියනවා නම් තව අඩු මොනවාද? (කසිප්පු බෝතලයක් විතරයි)!

    ReplyDelete
    Replies
    1. මේක ගන්න ඕනේ 50% 50% හරියට ලේබලේ බලල නැහැ මගේ හිතේ!

      Delete
  29. දවසක්දා බස් එකේ ගමනක් යන්ඩ ගිහින් මම බෑග් එක සීට් එකේ තියලා පොඩි ඕනෑවකට බස් එකෙන් බැහැලා ගියා විනාඩියකින් ආපහු ඇවිදින් බලද්දී බෑග් එක රැක් එකට දාලා බුවෙක් මයෙ සීට් එකේ ඈඳිගෙන .. මම ඉතින් මම දන්න විදිහට කරුණු කාරනා පැහැදිලි කරලා ආයෙත් සීට් එකේ ඉඳගත්තා ..

    මම නම් පෝලිම් වල ඉන්දෙද්දී ගොඩක් වෙලාවට කරන්නේ පෝලිම් පයින එක තමා ..ඔය කොන් කොහෙන් හරි අත දාලා මගේ වැඩෙත් කරගෙන මේ කෙටි ජීවිත කාලේ තත්පයක් හරි ඉතිරි කරගන්න එක තමා මම නම් කරන්නේ ..

    ReplyDelete
    Replies
    1. මෙන්න අහුවුනා පෝලිං පණින එකෙක්.

      Delete
    2. ප්‍රභලයා දුබලයාට උඩින් යාම සුබාවිකයි නේ ආයිබෝං ... මට වඩා තරබාරු බුවෙක් ආවොතින් ඉතින් මමත් හීන් හිනාවක් පාලා සද්ද නැතුං ඉන්නවා .. සියාතු හාමි වගේ කෙනෙක් උන්නොත් ගර්ජනා කරලා පෝලිමේ පෙරට යනවා ..

      ට්‍රැෆික් එකේදී වුණත් බොහෝ දෙනා කරන්නේ කොහොම හරි අස්සෙන් රිංඟලා පෙරට යාමට නේද ?

      ඇත්ත කියන්නයි පේලි පනින්නයි ඇයි බය වෙන්නේ මං ?

      පෝලිං පයින්න ගිහින් මම පීචං වෙලත් තියනවා..

      Delete
  30. හු*** හදේ..කීවලු, ඇතුලෙත් කතා,පිටත් කතා, කතා පිට කතා.. ඈං..හෙහ්..හෙහ්... හේ

    ReplyDelete
  31. MEKA KISIMA HARAYAK NETHI KATHANDARAYAK.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද අංකල් යකා ගේ හැටියට කියනවානේ විමානේ!

      Delete
  32. " මට සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලට කේන්ති යන්නේ නෑ. තවත් හොඳ අත්දැකීමක් නේද කියලා හිතිලා සතුටක් ඇතිවෙනවා. පොඩි හිනාවක් යනවා."

    ඒ කතාවනම් ඇත්ත.. සමහර සිද්දි වලට අපි ඒ විදිහට වෙන්න ඉඩ දෙනවා දැන්නම්.. ලියන්න කියලා හිතාගෙන.. :)

    ReplyDelete
  33. අංකල් මාර බුවෙක්නේ මං ඔතන හිටියා නම් අන්කල්ගේයි ඇන්ටිගෙයි මැද්දට ජැක් එකක් ගහනවා ෂුවර්.

    ReplyDelete
    Replies
    1. මෙන්න තව් පොලිම් පනින එකෙක්!

      Delete
  34. ටයිටැනික් එකේ ජැක් හා රෝස් වගේ සීන් එකක් :)

    ReplyDelete
    Replies
    1. කාර් එකේ යන්න කලින් ද පස්සේ ද?

      Delete
  35. එක බිම් අඟලක්වත් ඉඩ ඉතුරු කරන්න එපා කියල පැරකුම්බා රජ්ජුරුවො කියල තියෙනවලුනෙ

    ReplyDelete
    Replies
    1. පැරකුමබා කිව්වා හැලගෙම්බා කොළා!

      Delete
  36. අද නම් ඇත්තටම නිවාඩු වගේ . දැන් කකාත් නිවාඩු ගිහින් ..සමහර අන්කල්ලත් නිවාඩු ගිහින් ..නෑ එක්කෝ ඕනේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඒ ඊයේ, අද නං හෙනහුරාදා නිසා කොහොමටත් නිවාඩු.

      බින්ඩි ගේ ගෙදර අංකල්ටත් නිවාඩු ඇතිනේ?

      Delete
  37. කවුන්ටර් ගැන නම් කතා කොලන්න එෆෝ...මගෙ ඇඟේ මාළු ගඟේ නටනව......:P

    ReplyDelete
    Replies
    1. ඉවසන්න පිංවත, ඉවසන්න!

      Delete
  38. MEMA KATHAWA VIMARSANATHMAKAWA BALANA WITA PARAS PARAYAK PENENAWA. 1.SAMANIYEN POLIMATA PITIN GIHIN HETHTHU WENAWATA KIYANNE JACKA GAHANAWA KIYALI - APR 19 -10.18 A.M. 2. PORATA ARA LALANAWATA JACKAK GAHANNA ONE WELADA MATA KIYALA EKAK GAHAGANNA OONE WELADA MANDA?(KATHAWA) PORA (UNCLE) POLIMA ATHARATA PENALA (I.E.)JACKA GAHALA) IWARI NE. MEKA APABRANSAYAK. 3(TITLE) HISA WENAS KALATA KANDA EHEMAMI. eka kusa upan wage UNCLE

    ReplyDelete
    Replies
    1. ඉතිං මොකද?

      පරස්පරයෙන්, විසංවාදයෙන්, තර්කයෙන්, විතර්කයෙන්, විවාදයෙන්, සංවාදයෙන් තමයි අපි ඉදිරියට යන්න ඕනෑ.

      මේ පහල තියෙන වැකිය අහලා තියෙනවා නේද? අර කලවානේ ආච්චී ගාව තිබුණු ප්‍රහේලිකා පොතේ.

      "දදක් ඇති දද දදෙක් දදක් ගෙනියයි"

      එහෙව් එකේ ජැක් කියන ඉංගිරිසි වචනේ ගැණ කවර කතාද?

      Delete
  39. බුදු අම්මෝ!

    මේක මැරතන් කමෙන්ටු රැලියක් වුණා.

    හැමෝටම එකවරක් බැගින් ස්තුතියි.

    "අංකල්" ට දහ පරක් ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. PARASPARAYEN, VISANVADAYEN, THARKAYEN, VIVADAYEN, SANVADAYEN, SAKACHCHAVEN, SAMMANTHRANAYEN, SAMMUTHIYEN, API IDIRIYATA YAMIN SITIYA. GRAHA LOKA WAGE KARAKEMIN THIBUNE NEHE. ETHAKOTA KENEK MEDATA PANA "IF YOU HAVE NOTHING TO SAY DON'T SAY IT"KIYANAWA. UNCLE

      Delete
  40. //දවල්ට බත් එක්ක කාපු මැල්ලුමේ තිබිලා දත් අස්සේ රැඳිලා ඉතුරු වෙච්ච ගෝවා කොළ කෑල්ලක් අතුරු පසට වික විකා ඔය හිටියේ බබා වගේ!//

    මම දැක්කෙ " ඔබා " වගේ කියල. මහරගම පැත්තෙ ජැක්සන්ල වැඩියි.

    ReplyDelete
  41. ITHIN MOKADA ? - TIKAK AWEGAYEN WAGE DA? UNCLE

    ReplyDelete
    Replies
    1. ආපෝ නෑ, ආවේග ආතති සමතික්‍රමණය කරලායි ඉන්නේ.

      Delete
  42. ITHIN KALAWANE ACHCHI GE POTHE THERAWILI GENA NAM MAMA DANNE NAHE. POLIMAKATA KENEK ATHARATA RINGUWOTH JACK GAHNAWA NOKIYA SAKKAYAK GAHANAWA WAGE WACHANAYAK SUDUSU NEDDA? JACK GAHANAWA KIWWAMA WAHANAYAKATA WAGE BARAK DARANNA THIYANA MUKKUWAK WAGE NOWEDA? " AN APPARATUS FOR RAISING HEAVY WEIGHTS; A WINCH" ( UNCLE )

    ReplyDelete
    Replies
    1. සක්කයක් ගහනවා කියන්නත් පුළුවන්, ජැකක් ගහනවා කියන්නත් පුළුවන්.

      එක තේරුම දෙන වචන කීපයක් නං තියෙන්න පුළුවන්ද?

      ආච්චිගේ ප්‍රෙහේලිකා විසඳුම පොතේ හිරුට කියන වචන (දිණමිණ, දිනකර, රිවි, යානදී වශයෙන්) බර ගාණක් තිබුණා.

      බුදුන් ට කියන චවන තමයි ඬැඩියි. සීයක් විතර වෙන්න තිබුණා.

      ඉතිං පෝලිමට හේතු වෙනවාට වචන දෙක තුනක් තිබුණට මොකෝ?

      Delete
  43. KATHANDARATA 1000 THANKS. DISTURB UNA NAM SOORY.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      ඩිස්ටර්බ් කතාවක් නෙමේ. එදා සිකුරාදා නිවාඩු හිටියාට ඊයේ සෙනසුරාදා සහ අද ඉරිදා ගෙදර දොර සහ පවුලේ වැඩ බර ගාණක් තිබුණු නිසා වහාම පිළිතුරු බඳින්න වෙලාවක් ලැබුණේ නෑ.

      පසුව දිනයක හමුවෙමු!

      Delete
  44. Why this xx and Jack

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.