
කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය ගැන ලියපු මගේ පොලිටිකල් බ්ලොග් කතන්දරේ මතකයි නේද?
ඒකට ආපු රෙස්පොන්ස් එක නරකම නැති හින්දා මේ දෙවෙනි කෑල්ලත් ලියල දාන්න හිතුණා ඔන්න ඔහේ!
කොහොමටත් ඉරිදා ට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක් දාන එක මං දැන් කාලයක් තිස්සේ කරගෙන එන වැඩක් නොවැ.
මං පහුගිය ඉරිදා කියපු විදියට, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත නගා සිටුවීමමේ සංවිධානයේ රැස්වීිමකදි තමයි මං අනුර කුමාර දිසානායකගෙන් රිටෝරිකල් ප්‍රශ්ණයක් ඇහැව්වේ.
අනුරකාරයා ගේ ෂෝයි උත්තරේ ඉවරවෙනවාත් එක්කම මං ආපහු නැගිට්ටා දෙවෙනි ප්‍රශ්ණේ අහන්න.
ඒ දෙවෙනි ප්‍රශ්නයට නිමිත්ත වුනේ මෙන්න මේකයි.
මං මේ ප්‍රජාතන්ත්‍රවාදේ නැවත පිහිටුවමු රැස්වීමට එනකොට ඒක පටන්ගන්න නියමිත වෙලාව ඇවිත් තිබුණ වුනත්, මුලින්ම අපිට පෙන්නුවේ වීඩියෝවක්.
මතක ඇතිනේ දැන් අවුරුදු දෙකකට විතර කලින් ලංකාවේ විරූපවාහිනී නාලිකාවල සහ සමහර රේඩියෝවල උදේ හවා ගිය "ආයුබෝවේවා මහරජාණෙනි!" කියන බයිලා එක. සහේලි ද කවුද කියන ගෑල්ලමේක් තමයි මේක කියන්නේ.
අන්න ඒ සින්දුව තියෙන වීඩියෝ එකක් තමයි මුලින්ම ගියේ ජනහමුවේ ඇපිටයිසර් එක විදියට.
අනුරකුමාර ලා, අර්ජුන ලා කතාකරන දේශපාලන වේදිකාවක මේ "ආයුබෝවේවා මහරජාණෙනි!" සින්දුවේ වීඩියෝ එකක් දාන එක නිකං අප්සැට් අප්සැට් වගෙයි කියල නේද හිතෙන්නේ මේ කතන්දරේ කියවන කොට?
වැඩේ මේකයි. මේ වීඩියෝ එකේ පසුබිමෙන් මේ "ආයුබෝවේවා මහරජතුමාණෙනි!" සින්දුව තිබුණට, විෂුවල් එකේ ඉන්නේ අපේ රජතුමා හෙම නෙවෙයි. කවුදෝ ආමි පොරක්, එහෙට යනවා, මෙහෙට යනවා, බටයින් ගේ ආචාර පෙළපාලි බලනවා, යුද්ධ කරනවා, කපටි සූට්ටෙක ඇඳන් පන්සල් යනවා වගේ සීන්.
හොඳට බැලින්නම් මේ යන්නේ සරත් ෆොන්සේකා ගේ ඉලෙක්ෂන් කැම්පේන් එකේ වීඩියෝ එකක්. ඒකට සහේලි ගේ "ආයුබෝවේවා මහරජාණෙනි!" සින්දුව ඩබ්කරලා.
http://youtu.be/Q4XQeFKKhpU
ඉතිං සතරවරං බඹුන් ගේ පිහිටෙන් අපිටත් රජෙක් පහලව ඇතේ කියලා සහේලි කියන කොටම සරත් මාමා දත් පෙන්නලා විරිත්තනවා.
ඔන්න එතකොට තමයි මට මීටර් වුනේ මේ පොලිටිකල් රැස්වීමේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටවමු කියන ස්ලෝගන් එකට අමතරව දෙවෙනි සටන් පාඨයකුත් තියෙන බව. ඒක තමයි සරත් ෆොන්සේකා වහා නිදහස් කරගනිමු කියන එක.
මගේ දෙවෙනි ප්‍රශ්ණයට නිමිත්ත වුනේ මේ වීඩියෝ එකයි.
"අනුර, මං කැමතියි තවත් ප්‍රශ්ණයක් අහන්න. ඔබේ කතාවේදී ඔබ කිව්වා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා තියෙන බව. ඒකට හේතුව පැහැදිලියි. මොකද දැන් ආපහු බිහිවෙලා තියෙන්නේ රාජාණ්ඩුවක් නේ!
දැන් මේ රැස්වීම පටන් ගන්න කලින් මම දැක්කා එක්තරා වීඩියෝවක් ප්‍රදර්ශණය කරනවා. එතෙන්දී අප දැක්කේ ආයුබෝවන් මහරජාණෙනි කියන ගීතය පසුබිමෙන් ඇහෙද්දී සරත් ෆොන්සේකා රඟපාන දර්ශණ කීපයක්.
මේ වෙලාවේදී මට මතක් වෙනවා 1994 මැතිවරණ සමයේදී රූපවාහිනී කතාවක ඔබේ පක්‍ෂයේ කාන්තා අපේක්‍ෂිකාවක් කළ එක්තරා ප්‍රකාශයක්.
ඇය එදා කිව්වේ, ඒ 1994 මැතිවරණයේ දී පොදු පෙරමුණ බලය ඉල්ලන්නේ 1977 සිට අවුරුදු දා හතක් තිස්සේ යුඇම්පීය රට කාගෙන, කාගෙන, කාගෙන ගිහින් නවත්තපු තැන ඉඳලා අපිට රට කාගෙන, කාගෙන, කාගෙන යන්න බලය දෙන්නය කියලාය කියන එකයි.
අපි හැමෝම දන්නා පරිදි පස්සේ ඇත්තටම සිද්ධ වුනෙත් ඒකයි.
මෙතන පෙන්නුව ඒ වීඩියෝ එක දැක්ක වෙලාවේ මටත් ඇතිවුනේ ඒ හා සමාන ප්‍රශ්ණයක්.
දැන් රාජාණ්ඩුවක් බිහිවීම නිසා නැතිවෙලාය කියලා ඔබ කියන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඔබ ආපසු පිහිටුවන්න යන්නේ, දැන් ඉන්න රජා වෙනුවට, ඒ සින්දුවම දාගෙන, වෙන රජෙක් පත්කරගෙනද?"
මගේ මුල් ප්‍රශ්ණය වගේම මේ දෙවෙනි ප්‍රශ්ණයත් මං ඇහුවේ උත්තරයක් ඕනැවට නෙමේ. මගේ මතය ඉඳිරිපත් කරන්නයි.
මගේ ප්‍රශ්ණයට අනුරකාරයා ට කට කොණකින් පොඩි හිනා කෑල්ලක් යනවා වගේත් මං දැක්කා.
ඒ හින්දද කොහෙද මේකට උත්තර දෙන්න ඉදිරිපත් වුනේ අර්ජුනකාරයායි.
"ඔබතුමා හරි!" අර්ජුන කිව්වා.
මට ෆුල් ත්‍රිලක් ආවා.
මාරයි නේ. මෙන්න බොලෝ මෙච්චර බලගතු අර්ජුනකාරයාත් මට ඔබතුමා කියනවා.
ඒ මදිවට මං හරි ලු!
හැබැයි ඒ ජොලිය තිබුනේ තත්පර කීපයයි.
අර්ජුන විහිළු සපයන්න හොඳින් දන්න කෙනෙක් බව මට වැටහෙනවාත් එක්කම ඒ ජොලිය නැතිවෙලා ගියා.
මෙන්න අර්ජුන රණතුංග ගේ උත්තරේ. මට වැටහුණු විදියට මගේ වචනවලින්.
"ඔබතුමා හරි, මෙච්චර කල් වැඩ සිද්ධ වුනේ එහෙම තමයි.
හැබැයි මේ පාර ඒ සේරම වෙනස්.
මං ෆොන්සේකා තුමාව හුඟක් ලඟින් ආශ්‍රය කළා පසුගිය කාලේ. එතුමා නිකං බෝධිසත්වයෙක් වගේ ගුණවත් කෙනෙක්. දූෂණය පිටු දකින කෙනෙක්."
මට වැටහුණු විදියට ඒ අර්ජුන රණතුංග කිව්වේ අළුත් රජතුමාව රජ කොරෝලා, ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටෙව්වාම, ලංකාව නිකං කේතුමතී පුරේ වගේ වෙනවා, ඒ ගැන කිසිම සැකයක් නෑ, ඉර හඳ වගේ විශ්වාසයි, කියලයි.
මගේ දූෂ්රා එකට අර්ජුන ලෝන්ග් ඕන් හරහා හයේ පාරක් දුන්නේ එහෙමයි.
-කතන්දරකාරයා
ප/ලි:
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න කරන්න තියෙන්නේ එක දෙයයි.
ඔන්න ඔහේ අර්ජුනව ක්‍රීඩා ඇමති කරලා දාන්න, අයියෝ.
ප/ප/ලි:
කේතුමතී පුරය කියන්නේ සියළු ධන ධාන්‍යයෙන් සශ්‍රීක උටෝපියාවක්. ජේ.ආර්. රජ්ජුරුවන් ගේ කාලේ ලංකාවේ බිහිවුණු කේතුමතිය ගැන සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගැයූ සින්දුව මෙන්න.
http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0170173C01
දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිති මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
උපදින්න මතුවාසනා
දස රජ දම් හි නිති පැවතී
නරපති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
රැකෙයි අකුරට නීතිය
දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
හෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
උපදින්න මතුවාසනා
කියමින් නිබඳ ගී මියුරූ
දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
උපදින්න මතුවාසනා
දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි