
පැට්‍රල් ලීටරයකට කිලෝමීටර් දහයක්වත් වැඩ නොකරන කොරොල්ලා එක වෙනුවට, ලීටරයකට කිලෝමීටර් පාලහක් වැඩකරන ඩයිහට්සු ෂැරේඩ් එකක් හරි, නිසාන් මාච් එකක් හරි ගන්න මං ප්ලෑන් කළාට, දැන් තියෙන එක විකුණන්නේ නැතුව වෙන එකක් ගන්න මට සල්ලි කොහෙන්ද?
කාර් සේල් පොළකින් නං ඔය වගේ මාරුවක් කරන්න තිබුණා, ඒත් ඒක අතින් කයිට් වෙන වැඩක්.
මිස්ටර් පෙරේරා හම්බ වුනේ හොඳ වෙලාවට. මට කරන්න තියෙන්නේ පොඩි කාරෙකක් හොයලා ඇඩ්වාන්ස් දීලා, පෙරේරාට කියන්න විතරයි.
එතකොට පොර මගේ කාර් එක කෑෂ් දීලා ගන්නවා. මං එදාම ඒ කෑෂ් දීලා ඇඩ්වාන්ස් දීලා තියෙන කාර් එක ගන්නවා. ඇඩ්වාන්ස් එකට ගාණ විතරයි ඕනෑ!
ඊලඟ සතියේ ඉඳලම මං පොඩි කාර් හොයන්න පටන් ගත්තා. සති දෙක තුනක් යනකොට මෙන්න කළුබෝවිල පැත්තේ තැනක නියම කිරි ටොයියෙක් වගේ ඩයිහට්සු ෂැරේඩ් එකක් විකුණන්න තිබිලා හම්බ වුණා.
මේක බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු "වන් ඕනර්" කාර් එකක්. ගානත් මං හිතුවාට වැඩිය හොඳයි. මිස්ටර් පෙරේරා මගේ කොරොල්ලා එකට දෙන්න පොරොන්දු වුණු ගානට වඩා මේක ටිකක් වැඩියි නමුත් ඒක අවුලක් නැහැ, කාර් එක වටින නිසා.
මං පොඩ්ඩක් බඩුව අතගාලා බැලුවා. ටිප් ටොප් වගෙයි දැනුනේ. මගේ ෂැරේඩ් එකක් තියෙන ෆ්‍රෙන්තාට කෝල් කළා, ගෙදර ලඟ තිබුණු ෆෝන් බූත් එකකින්. මේ කාලේ මොබයිල් ෆෝන් තිබුනේ ලොකු බිස්නස්කාරයින්ට විතරයි.
පොර ආවට පස්සේ, අපි දෙන්නා පොඩි ට්‍රයල් එකක් හෙම ගිහිල්ලා කාර් එක ගන්න වටිනවාය කියලා තීරණය කළා.
කාර් එකේ අයිතිකාර මිසිස් ෆර්නැන්ඩෝ විතරයි ගෙදර හිටියේ. මිස්ට ෆර්නැන්ඩෝ එදාත් වැඩට ගිහින්. නේවි එකේද කොහෙද ඉඳලා අස්වෙලා දැන් සෙකුරිටි සර්විස් එකක් කරන බූවෙක් කියලා මිසිස් ෆර්නැන්ඩෝ කිව්ව බවයි මට මතක. සේරම ලියකියවිලත් අඩුපාඩුවක් නැතුව තිබුණා හොඳට සැට් කරලා ෆයිල් එකක.
මහත්තයා කිව්වේ විකුණන ගාන ලක්‍ෂ හයක් ය කියන්න කියලයි මිසිස් ෆර්නැන්ඩෝ කිව්වා.
හොඳයි මං කැමතියි. මං අද විසිපන්දාහක් ඇඩ්වාන්ස් එකක් දෙන්නම්. සතියේ දවසක හවස් වරුවේ ඉතුරු සල්ලි අරගෙන ඇවිත් කාරෙක අරගෙන යන්නම් ලියල මං කිව්වාම මිසිස් ෆර්නැන්ඩෝත් කැමති වුණා.
මං මිසිස් ෆර්නැන්ඩෝ ගෙන්ම කොල දෙකක් ඉල්ලං, ඇග්‍රීමන්ට් එකක් ලියලා, දෙන්නා අත්සන් කරලා, විසිපන්දාහත් මිසිස් ෆර්නැන්ඩෝ ලඟ තියලා, ඇග්‍රීමන්ට් එකේ මගේ කොලේ අරං වීරයා වගේ ගෙදර ආවා.
හාමිනේටත් මේ සුභ ආරංචිය දීලා, ඊලඟට කලේ අර නුගේගොඩ දී හම්බ වුණු මිස්ටර් පෙරේරාට කෝල් එකක් දාලා මගේ කොරොල්ලා කාර් එක විකුණන්න රෙඩි කියලා කියන එකයි.
අඟහරුවාදා හවස ඇවිත් සල්ලි දීලා බඩුව ගෙනියන්නම්, මිස්ටර් පෙරේරා කිව්වා!
ඊලඟට මට අඟහරුවාදා රෑට ඉතුරු සල්ලි දීලා කාරෙක ගෙනියන්න පුළුවන් බව මිසිස් ෆර්නැන්ඩෝ ට කෝල් කරලා දැන්නුවා.
හස්බන්ඩ් ගෙදර ආවාම මං කියන්නම් මිසිස් ෆර්නැන්ඩෝ කිව්වා.
එදා හවස් වරවේ මං මාර හැපි මූඩ් එකේ හිටියේ. වැඩිය කට්ට කන්නේ නැතුව ලීටරේට කිලෝමීටර් දහයක් වැඩ කරන රතු කොරොල්ලා එක වෙනුවට ලීටරේට කිලෝමීටර් පාලහක් වැඩ කරන ෂැරේඩ් එකක් බදාදා දවල් වෙනකොට මගෙ අතේ.
අනික කාර් එකක් නැතුව ඉන්න වෙන්නේත් පැය කීපයයි.
අපූරුවට වැඩේ සෙට් වුණු හැටි!
ඔහොම හිත හිතා ඉන්න අතරේ තමයි ඉස්සරහ දොරට කවුදෝ තට්ටුවක් දානවා ඇහුනේ.
වෙලාව රෑ නමයට විතර ඇති. කවුද බොලේ මේ වෙලාවේ?
-කතන්දරකාරයා
ප/ලි:
ඒ ආවේ කවුද කියල සඳුද ට තමයි දැනගන්න වෙන්නේ.
ඊට කලින් ඉරිදට එන සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එක අමතක කරන්න එපා!
මෙන්න ගිය සුමානේ මං දාපු සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එක - "කැසට් මුදලාලි ලා මාව රවට්ටලා මගේ කට හඬට නව රිද්ම සංගීතය දැම්මා :: රෝහණ බැද්දගේ සමග කතන්දරකාරයා පිලිසඳරක"
(image: http://laspinascity.olx.com.ph/)
@ All
ReplyDeleteමේ කතාව ඇදෙන්නේ මගේ වරදකින් නෙමේ. මෙතන වෙන දේවල් බොහොමයක් මගේ කැමැත්තට වෙන දේවල් නෙමේ නේ.
මට එහෙම කොන්ට්‍රෝල් එකක් තිබුණා නම්, පරමිට් එකට ජපානෙන් ටොයියෙක් අරගෙන කිසි අවුලක් නැතුව ඉන්නවා නේ.
හැබැයි එහෙම වුණා නං මේ කතන්දර කෑලි නෑ.
-KK
අවුලක් නැහැ . දැන් අපි මේකට පුරුදු වෙලානේ. කසු වගේම රතු කොරොල්ල එකත් සැහෙන ජනප්‍රියයි. කොටින්ම රතු කාර් එකක් දකින හැම වෙලාවේම මට ''රතු කොරොල්ලා'' මතක් වෙනවා
ReplyDeleteකිව්වත්වගේ මේක නම් මෙගා එකක්. දැන් ලියන්න තියෙන්නේ 12වෙනි කොටසනේ කතන්දර අයියේ.
ReplyDeleteකමක් නෑ සදුදට එන්නම් කෝ.
එල එල අයියේ දැන් තියෙන හොඳ කාර් මොනාද?
ReplyDeleteමයියා අහලා තියෙන විදිහට ' just in time' construction කියලා සOකල්පයක් තයෙනවා. ඒ කියන්නේ, අමුද්‍රවය්‍ය ගඔඩ ගහගේන් ඉන්නේ නැතුව, වැඩේ කරන්න ඕනා වෙනකොට අදාල බඩු ටික අදාල වෙලාවට ගේන ඒක.
ReplyDeleteමේකත් ඒ වගේ සOකල්පයක්. just in time cash . සOකල්පේ නිර්මතෲ KK. මිස්ටර් පේරේරත් මේකට සමභන්ධ නිසා මේක කාර් මිලදී ගනීම සම්භන්ද KK- perera තියාරිය කියලත් කියන්නන් පුලුවන්
Gimhani
ReplyDeleteෂුවර් එකට පෙරේරා කාරයා වෙන්නැති .
මේ රෑ ජාමේ නැත්නම් වෙන කව්ද?
Gimhani
බඩුම තමා පෙරේරා කාරයා ඇවිත් කියයි වැඩේ හරි යන්නෙ නැහැ කියලා, නාන්න තමා වෙන්නෙ ......
ReplyDeleteඅති භයානක ආරංචියක් සමගින් සඳුදා කතන්දර ඔබ හමුවට.
ReplyDeleteපෙරේරා කාරය වෙන්න බෑ... වෙන ජල්තරයක් තමා සෙට් වෙන්න යන්නේ කියලයි මගේ ටිකිරි මොලේට වැටහෙන්නේ...
ReplyDeleteකසු, අපරාදේ කළුබෝවිල පැත්තෙන් වාහනයක් ගන්න ආවනං පොඩ්ඩක් මට මැසේජ් එකක් එවන්නනේ තිබුනේ.... තව කීයක් හරි කොහොම හරි අඩු කරලා දෙන්න තිබුනා.....!! හැබැයි ඔය පින්තූරේ තියෙන විදිහේ චැරඩ් එකක් නම් මේ ඒරියල් එකේ තිබුනු විත්තියක් මට නම් මතක නෑ....! ඔය මිසිස් ෆර්නෑන්ඩෝ කළුබෝවිල කොයි හරියෙද හිටියේ.....?
ReplyDeleteදුමී අයියා මොකෝ මිසිස් ෆර්නෑන්ඩෝ ගැන සොයන්නේ බලාගෙන.. එයාගේ හබිය නේවි කාරයෙක්..
ReplyDeleteකතන්දර,
ReplyDeleteමං හිතන්නෙ මීට ලේසියි පරාක්‍රම නිරිඇල්ල මහත්තයගේ ටෙලි නාට්‍යයක් බලන එක. එයා ඔච්චරම කුතුහලේ අවුස්සලා නෙමේ කුට්ටි කරන්නෙ.....
දූමී,
උඔ කතන්දරට මැසේජ් එවන්ඩය, අරකය මේකය කිව්වට කතන්දර කාර් ගද්දි උඔ ඉබ්බො අල්ලලා ලිං වලට දාන කාලේ මං හිතන්නෙ......
මිස්ට ෆර්නෑන්ඩෝ වෙන්න ඕන...ෂුවර් එකටම.
ReplyDelete@ නිල් අහස
ReplyDeleteමිසිස් ෆර්නැන්ඩෝ මේ මහ රැ කසුගේ ගෙදර එන්නේ අල කන්නද?
මම නම් හිතන්නේ අර නුගේගොඩ මාර්කට් එක ලඟදි හම්බවුන සරම් අඳින බ්‍රෝකර් අයියද දන්නෙ නැහැ....
මේකනම් මෙගාම තමා,, හැක් හැක්....
ReplyDeleteඔය එන්නේ පෙරේරා නෙමෙයි.මිස්ට ෆනෑන්ඩු. බලමුකො සඳුදට.
ReplyDeleteසමහරවිට සල්ලි අතේ ගැවසෙනබව දැනං ගෙදරට හොරු පැන්නාවත් ? .එහෙම නැත්තං .මේ... නෑ එක්කෝ ඒක ඕන නෑ
ReplyDeleteකාර් එකක් ගත්තා කියන්නේ ආයේ ඉතින් මොන නිදහසක්ද මාසයක් පාවිච්චි කරමා හිතෙනවා වෙන එකක් ගන්න ඕන කියලා . මගේ බොස් වින්ද දුක දන්නේ මම විතරයි . අන්තිමට රට වටේම ගිහිල්ලා කාර් බලලා මගේ බොස් හයිබ්‍රිඩ් ලඟ නතර වුණා .
ඇත්තට කවුද මේ මහ රෑ ?
කොයි කලේ උනු සින් එකක්ද අය්යේ මේ කියන්නේ
ReplyDeleteලොකු බිස්නස් කාරයො ලග විතරක් පොන් තිබුනේ මොන කාලේද?
මෙහේ කිරි බොන පොඩි උනුත් දැන් පොන් එකෙන් හෙලෝ කියගෙනමනේ ඉන්නේ
අවේ කවුද කියන එක දැන ගන්න සදුදා වෙනකන් ඉන්න එකනම් අමාරු වෙයි වගේ
අනිත් අයගේ ලිපි ටික කියවලා ඕං මේක තම් තමයි අන්තිමටම කියෙව්වේ :D
ReplyDeleteකෙහෙල් කොටුවෙ පොඩි එකා, දුමියට කිව්ව කතාව නං මරු, හැබය් ඌත් ඒ කාලෙ ඔය රාජකාරියම කොරමින් තමා ඉන්න ඇත්තෙ, ගෙම්බො ඉස්ගෙඩි එක්ක
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ඉතා ස්තුතියි. වැඩ රාජකාරී බහුලවම නිසා එක උත්තයක්වත් බඳින්න බැරිවුණා.
කාර් මෙගා එක තව කොටස් දෙකකින් අනිවා ඉවරයි.
තව ජොලි කතන්දර ගණනාවක් ම ලියලායි තියෙන්නේ.
හෙට යලි හමුවෙමු Sunday extra special සමගින්.
මේක නම් රියල් මෙගා එකක් වගේ. ඔච්චර අපිව පුදුම කරන්න්නේ නැතිව මේක දාන්න. මේකත් හරියට සුපර් ස්ටාර් එකේ දිනන කෙනා විරාමයෙන් පස්සේ කියනවා වගේ වැඩක්. හැබැයි විරාමය නම් ගොඩක් වැඩියි
ReplyDeleteඔය වාහන බ්‍රොකර්ල කොහොමත් ලෝක අන්ඩපාලල නේද.....හැරුනත් ගාන කපනව...
ReplyDeleteදුමිය කලුබෝවිල ග්‍රාමසේවකද මන්ද.......