Friday 17 August 2012

ගුඩ් ඇනෝලා වෙනුවෙන් කතන්දරයක්: මා දුටු සුන්දරතම සිහිනය - The most beautiful dream I have ever seen!


මා මෙතෙක් දැක ඇති සුන්දරතම සිහිනය මෙසේය.

මා වැතිර සිටියේ සවිමත් ලෝහමය ඇඳක් මතුපිට දමා තිබූ සුවපහසු මෙට්ටයක් මතය. එහි සුදු පැහැති ඇතිරිල්ලක් එලා තිබුණි. මා හිස රැඳී තිබුනේද ඉතා සුව පහසු වූ සුදු කවරයක් දැමූ කොට්ටයකය.

විවිධ වයර් සහ ටියුබ් ඒ මේ අද ඇද බැඳ තිබුණද ඒවායින් මේ සුන්දර සිහිනයට කිසිදු බාධාවක් වූ බවක් නොපෙනුණි.

මා සිටියේ සිවිලිම දෙස බලාගෙනය. මගේ මුළු මහත් සිහිනයම ඉතා අලංකාර ලෙස මැවුණේ ඒ සිවිලිමේය.

මගේ දෑස් වැසී තිබුණේ යැයි මම නොසිතමි. ඇස් වසා කොයි ලෙසකින් සිහින දකින්නද?

මේ සිහිනය ඇරඹුනේ කෙසේද යන්න හෝ එය අවසාන වූයේ කෙලෙසකද යන්න හෝ පිළිබඳව කිසිදු තොරතුරක් අද මගේ මතකයේ නැත.

මට මතක මගේ සිහිනය පමණකි.

එය පාට පාට සිහිනයක් විය.

මිනිස් ඇසින් දැකිය හැකි යැයි කියනු ලබන වර්ණ සංඛ්‍යාව කෙසේ වෙතත් RGB ත්‍රිත්වය මගින් මැවිය හැකි මුළු වර්ණාවලිය වන 256*256*256=16,777,256 සංඛ්‍යාවෙන් දෙකක් හැර ඉතිරි සියළු වර්ණ මගේ ඒ සිහිනයෙහි විය.

ටෙක්නි කලර්, ඊට්ස්මන් වර්ණ, සමනල වර්ණ, වෛවර්ණ විසිතුරු රටා මා ඇස් ඉදිරියේ ඇති සිවිලිමෙහි මැවෙමින්, නෙක රූ සදමින් ගලා යයි. නොනැවතී ගලා යයි. වර්ණ වෙනස් වෙමින් දිව යයි.

විටෙක එහි මැවෙන්නේ විවිධ ලියවැල් මල් කැටයම් රටාය. තවත් විටෙක සුවිසල් පර්සියානු පලස්වල ඇති චක්‍රාකාර රටාය. තවත් මොහොතකින් එය නූතනවාදී ජ්‍යාමිතික රටාවක් බවට පෙරැලේ.

මා සංස්කරනය කරණ සඟරාවේ, ඊලඟ කලාපයේ මුල් පිටුව සඳහා මේ වර්ණවත් මෝස්තරයක් යොදා ගත යුතු යැයි මට සිතේ. ඒ සඳහා මා මේ රටා පිටපත් කරගත යුතු බව මට සිහිනයෙන්ම වැටහේ.

වාසනාවකට මෙන් එය ඉතා ලෙහෙසි පහසු කටයුත්තකි. මා දෙනෙත් ඉදිරියේ මේ රූ රටා මැවෙන්නේ සිවිලිම පුරා පැතුරුණු දැවැන්ත ද්‍රව්‍ය ස්ඵටික දර්ශන තලයකය. එය මෙහෙයවෙන්නේ එදා මට නොපෙනෙනු මහා පරිගනකයක් මගින් විය යුතුය.

මා කළ යුතුව ඇත්තේ තිරයේ නොනැවතී දිවයන දර්ශනයෙන් මට අවැසි කොටස් වෙන්කර පිටපත් කර ගැනීමයි. මා ශරීරය ද විවිධ වයර සහ නාල මගින් ඒ පද්ධතියටම සම්බන්ධ වී ඇති නිසා, මා එක්වරක් ඇසිපිය හෙලූ විට තිරයේ දිවෙන දර්ශනය පිටපත් වීම ඇරඹේ. නැවත වරක් නෙතුපිය හෙලූ විට, එයින් පිටපත් කිරීම අවසාන වී පිටපත ක්ලිප් බෝඩයේ තාවකාලිකව ගබඩා වේ.

ඊලඟට මා කළ යුතුව ඇත්තේ දෙනෙත් වසාගෙනම ඒ පිටපත් කළ කොටස මගේ යූඑස්බීයට ඇද දැමීමයි. දෙනෙත තිරයේ කොනක ඇති යූඑස්බී අයිකනය උඩට ගෙනවිත් දෑස විවර කළ විට පිටපත එහි ගබඩා වේ.

මේ මා වසර 2003 දී රුපියක් හාරදහසකටත් වඩා වියදම් කර මිළට ගත් යූඑස්බී කූරයි. එහි දැවැන්ත ධාරිතාව වන 128 MB පිරෙන්නටම මම මා දුටු සුන්දර වෛවර්්ණ සිහින කැබලි ගබඩා කර ගතිමි.

-කතන්දරකාරයා

ප/ලි:
ඇත්තෙන්ම ඔය උඩින් ඇත්තේ කතන්දරය නොව ඇත්ත කතන්දරයේ ප/ලියයි.

ප/ප/ලි:
මෙය ගුඩ් ඇනෝලා වෙනුවෙන් පලකෙරෙන කතන්දරයකි. නෝටි ඇනෝලා වෙනුවෙන් මා ලියා පල කළ කතන්දරය මෙන්න. කණ හාරන හැටි එදා සහ අද.

(image: http://www.layoutsparks.com/1/125911/wild-colors-abstract-image.html)

70 comments:

  1. Replies
    1. ඒ වගේ නේද?

      එකේ කොටුව කියන්නේ ලග්නාධිපතිට අයිති තැන නේ.

      කතන්දර බ්ලොගේ කුම්භ ලග්නේ නිසා ජෝති එකේ කොටුවට ආපු එක මට හොඳයි වගේ!

      ;-)

      Delete
    2. කතන්දර බ්ලොගේ කුම්භ ලග්නේ වෙන්නේ පිරුණු කළේ දිය නොසැලේ නියමය අනුවයි!

      Delete
  2. GOOD ANOLAWA BAD ANOLA KARANNE BAD BOGALA BAWA THAMA DANNE NEDDA?

    ReplyDelete
    Replies
    1. තමා ගෙන් අහලා බලන්න කෝ දන්නවාද කියලා!

      Delete
    2. ඕනෑම ජාතියේ ඇනෝ කෙනෙක්ට.. නම නොකියා ඇනෝ කතා කරන්නන්ට..

      http://anonymusgelokaya.blogspot.com

      එන්න.. ඇනෝ ගේ ලෝකය වෙත..

      Delete
  3. DAN MAMA GOOD ANO KENEK DA NAUGHTY ANO KENEKDA?

    ReplyDelete
    Replies
    1. ඔහේ සිංහල අකුරුත් බැරි, ඉංගිරිසි අකුරුත් බැරි නැන්දා කෙනෙක් වගේ.

      Delete
  4. කතන්දරගේ බ්ලොග් එකේ තිබු අන්මොඩරේටඩ් තත්වය නැවත හැකි ඉක්මනින් ස්තාපිත කලයුතුය. ඒ ඇනෝ තහනම් කරන්න කියා නොකියා කියන පුද්ගලයන් කීප දෙනෙක් ඔබට මේ තත්වය උදාකිරීමට කටයුතු කල/කරන බව පෙනෙන නිසාය. - සූස්ති ගුනේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඒ ලෝකයට මා නැවත කැඳවාගෙන යන්න!

      Delete
  5. මට නම් තේරුනේ නැහැ
    බ්ලොගය නම් ටිකක් අලුත් වෙලා ඒක හොඳයි,හැමදාම දකින කුකුලගේ කරමලත් සුදු පාටයිලුනේ.

    ReplyDelete
    Replies
    1. ගනං ගන්න එපා, මටත් තේරුණේ නෑ ඔය දැක්ක ටිකයි ලිව්වේ.

      Delete
  6. කතන්දරටත් සමාන්තර මෙව්වා එකේ දේවල් පේනවා වගේ

    ReplyDelete
    Replies
    1. මේක නං මේ විශ්වයේ මේ කාලයේම එකක්!

      Delete
  7. අර සමහර නළු නිලියෝ ඉන්නවා ෆීල්ඩ් එකට එන්න නමක් හදාගන්න ඕන දහ ජරාවක රඟපානවා.නමක් හදා ගත්තම හරි ඩිමාන්ඩ් සම්භාව්‍ය ඒවයි විතරයි රඟපාන්නේ.ඔහෙත් මිලියනේ ගහනකම් ඕන කුණු ගොඩක් දාන්න මේක ඇරල තිබුන.දැන් හරි ඩිමාන්ඩ් සම්භාව්‍ය වෙලා.

    ReplyDelete
    Replies
    1. අන්න ඔහේට තේරුණා!

      හැබැයි මංතුමා කවදත් බෲස් විලීස් වගේ කියලයි දකින දකින අය කියන්නේ.
      http://kathandara.blogspot.com.au/2011/10/sri-lankan-bruce-wills.html

      !!!

      Delete
    2. මගේ අදහස නං කකා කතන්දර මැසිම බවට පත්වූ නිසා කතාවල කොලිටියට කෙල වූ බවයි.

      අර උඩින් ඉන්න ඇනෝට කියන්නෙ: කකාට "ෆීල්ඩ් එකේ නමක්" හදාගන්න ඕනෙයි කියලද ඔහේ කියන්නෙ. හයිකු පාර සැරටම වැදිල ඔල්මොරොන්දන් වගේද?:)

      මොනව කරන්නද අයියා? වීදුරු ගෙවල්වල ඉන්න මිනිස්සු ගල් ගහන්න හොඳ නෑ කියල කතාවක් තියෙනව නෙව. ඔය තුප්පහි වැඩ නවත්තලා , දන්න ලබ්බක් ලියාගෙන හිටියොත් මෙහෙම වෙන එකක් නෑ :)

      Delete
  8. හොලමන්ද බේරේ සහ පොල්කොල. ආයෙත් කියවන්න වෙනවා. අඩ මම එක වෙමි.

    ReplyDelete
  9. මට පෙන්නේ කතන්දරත් ජෝන් නෑෂ් වගේ වේගන එනවා

    ReplyDelete
    Replies
    1. ලේසියි, කොහොමටත් Beautiful Mind එකක් නේ තියෙන්නේ.

      Delete
  10. එදා දැකපු හීනය කියලයි මම හිතුවේ....

    අර බරපතල තත්ත්වයේ ඉන්න කොට...

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එහෙමයි.

      කොහොම උනත් හීනේ ලස්සනයි...

      Delete
    2. අන්න බලන්න ගෑණු මොලයක්ම වෙන්න ඕනෑ යමක් කමක් තේරෙන්න.

      ස්තුතියි ළමයිනේ.

      Delete
  11. katandara uncle sorry wenda ona..dan oba tumage post wala gunathmaka bawaya pilibada gatalu wadi.. mul kale katandarage place eka nati wei ohama giyoth

    ReplyDelete
    Replies
    1. සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය කියන්නේ කට කහනවාටද?

      Delete
  12. deneth piya karana wade api dannawa

    ReplyDelete
    Replies
    1. ඒ ඔහේ දෙනෙත් පියා ගත්තාම කරන වැඩේ නේ!
      දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව.

      Delete
  13. more like an Acid Trip :-)

    ReplyDelete
  14. හරිනේ. මේක කියෙව්වම මල පනින්නේ නැහැනේ.
    එතකොට ඇනොල naughty කොමෙන්ට් දමන්නේ නැහැනේ.
    අනේ' නිකා ඉන්න කකා. එව්වා කොහෙද අපි එක්ක.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ කොල්ලෝ !

      Delete
    2. ආ, නෝටි ඇනෝවෙකුත් ඇවිල්ලා!

      Delete
  15. එච්චර පරණ USB එකක්.....? අනේ මන්දා... මට නම් එක USB එකක්වත් අවුරුද්දකට වඩා තියාගන්න බෑ... එක්කෝ පිච්චෙනවා... නැත්තම් කැඩනවා... එකක් තියෙනවා ෆයිල්ස් ඔක්කොම දා ගන්නවා... ආයිත් බැලුවම එක ෆයිල් එකක්වත් නෑ.....

    හීන කොපි කරගන්න ඔප්ෂන් එකක් තිබුන නම් හොදයි තමයි... නැගිටිනකොට මුකුත් මතක නෑ නේ....

    ReplyDelete
    Replies
    1. පරණ නෑ, මේ කතන්දරේ 2006 එකක්.

      Delete
    2. හිරුAugust 17,

      කොහොමත් ගැහණු ළමයින්ට ගොදකලයක් කුරූ පාවිච්චිකරන්න අමරුයිලු..

      Delete
  16. සමහර වෙලාවට පෝස්ට්වලට වැටෙන කමෙන්ට් දිහා බලලා බ්ලොග් රචකයෝ දිවි නොනසා ගන්න එක ගැන නම් ඇත්තටම මට පුදුමයි. මේක කතන්දරටත් අදාළයි, නමුත් වඩා ගැළපෙන උදාහරණයක් දෙන්නම්. ඊයේ අභියා පෝස්ට් එකක් දාල තිබුණා මතුපිටින් කියන දේට වඩා ගැඹුරු ව්‍යාංගර්ථයක් එක්ක. (ඌ හරිය කියනව නෙවෙයි.) ඒ පෝස්ට් එකට මේ දක්වා කමෙන්ට් කරපු දහසය දෙනාගෙන් එකෙකුටවත් ඒක මීටර් වෙලා නෑ. මං අහන්නෙ දැන බ්ලොග් ලියන එවුන්ට හොඳ බ්ලොග් පෝස්ට් එකක ලියන එක පැත්තක තියලා බුද්ධිමත් කමෙන්ට් එකක දාන්න ඔළුවක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක දාලා තියෙන්නෙ අභීත වගෙ...

      Delete
    2. ඔය ලිපියේ මාතෘකාව සිත් ඇද ගන්නා සුළුයි!

      Delete
    3. ඇනෝ උඹ හිතන් ඉන්නෙ උඹ පොරක් කියලද?

      Delete
  17. නෝටි ඇනෝලා හිටියෙ එක්කෙනයි...එයා කවුද කියලා කකාගෙ අන්තිම පොස්ට් 10යෙ කොමෙන්ට් අධ්‍යනය කරානම් අදාල ප්‍රොෆයිල් කොමෙන්ට් වලින් අදුරගන්න පුලුවන්....

    අටම්ට, කට්ටිය මේකට ඇගිල්ල දික්කරන එක වැරදියි.... ඌ බල්ලෙක් නෙවෙයි.. බලු වැඩ කරන එකෙකුත් නෙවෙයි...

    කොහොමත් රටේ දේශපාලනය ගත්තත් අමු බලු වැඩ කරන එකා ඉන්නෙ කොහෙද කියල කකා දන්නවනෙ...

    ReplyDelete
    Replies
    1. ඇනෝලාගේ අනන්‍යතාවය හොයන්න යාම විහිළුවක් නේද?

      Delete
  18. කොහොමත් බ්ලොග් අවකාශයෙ පුද්ගලයන්ගෙ ලින්ගික අභිරුචිය හාස්‍යයට ලක්කරන කොමෙන්ට් පල නොවන තාක් කල් කකාට නෝටි කොමෙන්ට් එන එකක් නෑ මගෙ හිතේ...
    ඇත්තටම බැලුවත්, එහෙම කරන එක වැරදියි කියලා "මලට නො එන බඹරු" බ්ලොග් එකේ කොමෙන්ට් කරලා තියෙන කකා, තමන්ගෙ බ්ලොග් එක ඒ සදහා ඇනෝලට පාවිච්චි කරන්න දීපු එක වැරදියි....
    සමලින්ගික තාවය තව දුරටත් විහිලුවට ලක්කල යුතු නෑ...

    ReplyDelete
    Replies
    1. මොකක්ද ගැනද මේ කියන්නේ?

      Delete
  19. මේකා ගංජා ගහපු වෙලාවක ලිව්ව එකක් ද මන්දා !!!
    බූන්දි එහෙම කන්ඩ ඕනේ උනේ නෑ ???

    ReplyDelete
  20. යේ බොරු මොකටද...? මට නම් මෙලෝ හත්තිලව්වක් තේරුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. ආයේ කියවන්න. උත්සහය උක් දණ්ඩක් වැන්නේ කියනවානේ!

      Delete
  21. වසර ගණනකට පෙර සැත්කමකින් පසු ලබා දුන් වේදනා නාශක එන්නතක බල මහිමය නිසා සොඳුරු සිහිනයක් දුටිමි.එම සිහිනය තුල පියස්සක් නොමැති දුම්රිය මැදිරියක ගමන්කලෙමි.දුම්රිය ගමන්කළේ මහා මල්යායක් මැදිනි.පියවි ලෝකයේ කිසිදා නොපිපුණු මල් දුටිමි.කතන්දරකාරයා ගිලන් ඇඳේ දුටු සිහිනයක් ගැන ලියුවා විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝව මං නිකං දන්නවා දන්නවා (FF) වගෙයි!

      Delete
  22. මා ගුඩ් ඇනෝවෙක් නොවන බැවින් කමෙන්ට් නොකරමි.

    ReplyDelete
  23. පෝස්ට් එකට හොඳ ටයිටල් එකක්:
    "මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න"

    ReplyDelete
    Replies
    1. ඇයි,

      "සිහිනෙන් ඔබ මට පෙනෙනව නං, නොනිදා මම ඉන්නම්" ?

      Delete
  24. "මිනිස් ඇසින් දැකිය හැකි යැයි කියනු ලබන වර්ණ සංඛ්‍යාව කෙසේ වෙතත් RGB ත්‍රිත්වය මගින් මැවිය හැකි මුළු වර්ණාවලිය වන 256*256*256=16,777,256 සංඛ්‍යාවෙන් දෙකක් හැර ඉතිරි සියළු වර්ණ මගේ ඒ සිහිනයෙහි විය"

    බැලුවම ලොකු ලොකු පොරවල් වලට පේන්නෙත් හෙන සංකීර්ණ හීන.

    ReplyDelete
    Replies
    1. තිබුණේ නැති වර්ණ විය යුත්තේ 255,255,255 සහ 0,0,0

      :D

      Delete
    2. මිනිස් ඇහැට මිලියන් 16 ක වර්ණ පේන්නේ නෑ. හැබැයි හීන වෙනස්!

      Delete
  25. හොද සමණලයන්ට පමණයි !!!

    ReplyDelete
    Replies
    1. හොඳ බබාලාටත් එලෙසම හොඳයි!

      Delete
  26. WENADA commnets 100k pannala watena postu neda me ??????

    ReplyDelete
  27. Kathandara uncle, matat oka nownat oyawage hina penila tyanawa.. Ettatama e widiyata hina copy k ganna technology1k hoyagattot edaata loke godak dewal wenas wei.. Oya katawa etule geb ulnu lokuu deyak mata penawa.. Samahara wita kaka uncle tat eka nopenenna eti.. Oya boruwata pizu kelina ano la eka terum ganna try kalot ita wada watinawa.. Mama kaka ge blog1 kyawanna patan aran wedi dawasak na.. Meka 1st comment1.. Digatama liyanna.. Mama kematima blog1 meka..

    ReplyDelete
    Replies
    1. බෝම තුති!

      දිගටම කියවන්න.

      Delete
  28. ප්‍රතිචාරවලට ස්තුතියි!

    හිසරදය, කැස්ස සහ හෙම්බා. ඒ මදිවට මුළු ඇඟම රිදෙනවා. මෙහෙමත් උණක්!

    හෙට වැඩට යන්න වෙන්නෙත් නෑ වගේ.

    සියලු දෙනාටම එසේ නොවේවා!

    ReplyDelete
  29. සංකීර්ණ වැඩියි අප්පා . ඉක්මනින් කැස්ස හෙම්බිරිස්සාව හොඳ වේවා !!!.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.