
තාත්තලා කියන්නේ දරුවන් ගේ වීරයෝ ය කියන කතාව අවිවාදාත්මක එකක්.
ඒ හින්දා තමන් ගේ තාත්තා ගැන පුතෙක් හෝ දුවෙක් පම්පෝරියක් ගැසීමේ කිසිම පුදුමයක් නෑ. මේ විදියට කියන කතාවක් නයෙක් ද නැද්ද කියන එක නම් මං අර කලින් කතන්දරයේ කිව්වා වගේ අසන්නාට සාපේක්‍ෂ කාරණයක්.
දැන් මෙන්න, වහෙන් ඔරෝ නැතුව කෙලින්ම පොල්ලෙන් ඔළුවට ගැහැව්වා වගේ මගේ තාත්තා ගැන පොඩි නයි පැට්ටෙක්.
මගේ තාත්තා උපාධිධරයෙකි.
තවත් විස්තර කියනවා නම්, ඔහු වසර 1962 දී විද්‍යොදය (දැන් නම ජයවර්දෙනපුර) විශ්ව විද්‍යාලයෙන් තම උපාධිය ලබා ගත්තෙකි.
දැන් මේ කතාව නයෙක් වෙන්නේ කොහොමද?
මේක නයෙක් වෙන්නේ මෙලෙස ප්‍රකාශයක් කරන්නට හැකි අය අඩු හින්දයි. විශේෂයෙන්ම මේ කතාව කියන්නට පුළුවන් මගේ සමවයසේ අය ඉතාමත් අඩුයි, මා දන්නා තරමට.
නමුත් මේ උපාධි කතාවේ පසුබිම සලකා බැලුවොත් නයා ගේ පෙනේ තරමක් හැකිලී යන්නට ද ඉඩ තියෙනවා.
මගේ තාත්තා උපන්න කාලයේ ගමක හැදෙන වැඩෙන, සාමාන්‍ය ගොවිතැනෙන් දිවි රැකගන්නා පවුලක ළමයෙකුට සිංහලෙන් උගන්වන ගම්බද පාසල් ක්‍රමය යටතේ ලබා ගත හැකි වුනේ සීමිත අධ්‍යාපනයක් පමණි. මේ කියන ගමට කොළඹ කොඩිගහ යට සිට ඇත්තේ සැතපුම් පාළහකටත් වඩා අඩුවීම මෙයට අදාල නෑ.
මේ කාලයේ අටේ පන්තියෙන් උඩට හෝ ඉගෙන ගත්තේද ඉතා අඩු පිරිසක්. ඊට වඩා ඉහලට ඉගෙන ගෙන වුවද ලබාගත හැකි එකම රැකියාව වූයේ ගුරුවරයෙක් වීම පමණයි. ආයුර්වේද වෛද්‍යවරයෙක් වීම හෝ නොතාරිස් කෙනෙක් වීම වැනි පොඩි ඔප්ෂන් දෙක තුනකුත් තිබුණා ලු.
මගේ තාත්තාත් ඒ ආකාරයට ග්‍රාමීය අධ්‍යාපනය ලබා ප්‍රාරම්භය, අවසානය ආදී විභාග තරණය කරලා රජයේ උප ගුරු තනතුරක් ලබා ගත්තා. ඔහුගේ ආරම්භක මාසික වැටුප රුපියක් තිස්පහක් පමණ මුදලක් ලු. නමුත් මේ ආප්පයක් තුට්ටුවට විකිණෙන කාලය නිසා ඒක සැලකිය යුතු මුදලක්.
තාත්තා ඉංගිරිසි ඉගෙන ගෙන තියෙන්නේ පාසලෙන් නොවේ. ටික කලක් තිස්සේ සතියකට වරක් උදේ පාන්දර හතරට නිවසට ආ ගුරුවරයෙකු ගෙන්. ඒ අතරතුර දිනපතා දිණමිණ සහ ඩේලි නිවුස් පුවත්පත මිළට ගෙන එහි කතුවැකි සංසන්දනාත්මකව කියවීමත් කර තියෙනවා.
නමුත් තාත්තා එතැණින් නතර වුනේ නෑ!
ඔහු මුලින්ම මරදානේ කාර්මික විද්‍යාලයේ ඉගෙන ගත්තා.
ඉන්පසු මීරිගම ගුරු විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා.
ඊටත් පසු තනිවම ඉගෙන ගෙන ලන්ඩන් ඒ-ලෙවල් විභාගය සමත් වුණා.
එතැනිනුත් නොනැවතී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය ලංකාවේ සිට හදාරන්නට ලියා පදිංචි වුණා. පසුව තාත්තා ජී.ඒ.කිව් නමින් හැදින්වෙන ලන්ඩන් උපාධියේ පළමු වසර විභාගයත් සමත් වුණා.
මේ අතරතුර ලංකාවේ සිදුවුණු දේශපාලන පෙරළි නිසා රටේ සාමාන්‍ය ජනතාවට ද බටහිර මොඩලයේ උසස් අධ්‍යාපනය ලබන්නට ඉඩ සලසමින් විද්‍යෝදය සහ විද්‍යාලංකාර කියන රජයේ විශ්ව විද්‍යාල දෙක ඇරඹුණා. ගුරු සේවයේ සිටි තාත්තාට අධ්‍යාපන නිවාඩු ලබා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරට ඇතුලත්ව උපාධිය ලබා ගන්නට එනිසා ඉඩ ලැබුණා.
තාත්තා උපාධිය ලබා ඇත්තේ භූගෝලය, ඉතිහාසය සහ සිංහල යන විෂයන්ගෙනුයි. සිරිල් වික්‍රමගේ නළුවා තාත්තා ගේ විශ්ව විද්‍යාල සමකාලීනයෙක් බව තාත්තා මා සමග කිය තියෙනවා.
ඉතිං, කොහොමද, තාත්තා ගැන ලියවුණු මගේ නයි පැට්ටා හොඳඳ?
-කතන්දරකාරයා
ප/ලි:
ඇත්තම කියනවා නම් මේ කතන්දරේ මං ලිව්වේ නයි ඇරීම ගැන උදාහරණයක් සපයන්නටම නොවේ.
මගේ තාත්තා මිය ගොස් දෙසැම්බර් මස දෙවෙනි දිනට වසර තුනක් සම්පුර්ණ වෙනවා. එය සමරන්නටයි මේ කතන්දරය අද පළකෙරෙන්නේ.
තාත්තා ගැන සඳහන් මා ලියූ වෙනත් කතන්දර කීපයක් මෙන්න.
1. මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans
2. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records
3. ලියුං කැඩීම - තාත්තා ට පාඩමක්
4. බ්ලොග් අවකාශයේ "පඩ ෂෝ" එක!
5. කිරි ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ
6. ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි
7. තාත්තා ගැන මතකයෙන් බිඳක්
8. අද ඉරු දිනයේ තාත්තා සිහිවී - Father's Day
9. තාත්තේ මට සමාවෙන්න - Thaththe, please forgive me!