
පෙර කතාව
නිතඹ ලෙළවමින් ලැසි ගමණින් ඇදෙන තරුණියකි. ඇය දුටු අසල සිටි තරුණයෙකු සෙමෙන් දෙවරක් උරුහම් බා, "ආ ගුඩ් මෝනිං නංගී!" යයි පැවසුවේය.
නොරිස්සුම් බැල්මක් හෙලූ තරුණිය, ඉඟ ගස්සා අඩිය ඉක්මන් කර යන්නට පටන් ගත්තාය.
ඉන් සැලුනේ තරුණයා නොවේ.
"මේ, නංගී, ඕවා තියා ගන්න එපා, හරිය?"
ඔහු මවිතයට පත් කරමින් තරුණියගෙන් ලැබුනේ යස පිළිතුරකි.
"මේ, හලෝ, අපි ඕව තියා ගන්නේ නෑ තමා, මාසෙකට පාරක් හෝදල අරිනව. බොරු නං ගිහිං අහපං උඹලෑ අම්මගෙන්!"
තරුණිය නොදැන සිටි කාරණය නම්, මේ තරුණයාද එසේ මෙසේ පොරක් නොවන බවයි.
"මේ, නංගී, මේකත් අහගන්න. ඔහෙලා මාසෙකට පාරක් හෝදලා අරිනවා තමයි. ඒත් අපිට පුලුවන් ඒක මාස නමේකට නවත්තලා දාන්න. බොරු නං ගිහිං අහපං උඹලෑ තාත්තාගෙන්!"
අදට නියමිත කතන්දරය
මං මිහිර පත්තරේ බලන්න පටන් ගත්තේ දෙකේ පන්තියේදී විතර. පස්සේ තුනේ පන්තියේදී කවියක් ලියලා හොරෙන්ම පත්තරේට දාලා ඒක පලවුණාම, එදා ඉඳලා මහා ලේඛකයෙක් වෙන්න සිහින දැක්කා.
සිහින දැකීම හොඳ දෙයක්. ඒත් ඒ ඩ්රීම් ස්ටාර් ප්ලෑන් කෙසේ වෙතත් මට මේ දක්වාම පුළුවන් වී ඇත්තේ පඩ කතා, චු කතා, කක්ක කතා දෙක තුනක් ලියන්න විතරයි.
තුනේ පන්තියේ දී ම මං පටන් ගත්තා සිළුමිණ වගේ පත්තර බලන්න. මුලින්ම ළමා පිටුව, බන්දුල හරිශ්චන්ද්‍ර ගේ චිත්‍ර කතාව හෙම.
ටිකක් කල් යන කොට වෙන වෙන ලිපි පවා කියවන්න ගට්ස් ආවා. "කියවන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද?" වගේ මහා සංඛීර්ණ දේවල් පවා තේරුනේ නැති වුණත් තේරුණා වාගේ කියවාගන්න පුළුවන්කම ලැබුණා.
ඒ දවස්වල තිබුණා, රිවිරුස කියලාත් පත්තරයක්.
අපේ තාත්තා ඒ දවස්වල ඉරිදාට ටවුමට ගිහින් පත්තර හතරක් ගේනවා. සිළුමිණ, ලංකාදීප, රිවිරැස සහ සන්ඩේ ඔබ්සෝවර්.
හැම ඉරිදා පත්තරේම වගේ රිවිරුස පත්තරේත් තිබුනා ඔය දැන් කාලේ "ලහි පිට" ද "ලුහු පිට" ද කොහෙද කියන ලුහුඬු දැන්වීම් පිටුවක්.
ඔන්න එක දවසක් මං පත්තරේ නැව් පෙරලිලා ද කියලා බල, බල ඉන්න කොට දැක්කා අමුතුම දැන්වීමක්. මේක ඒ ගොඩේ තිබුණු අනෙකුත් පොඩි, පොඩි දැන්වීම්වලින් කැපිලා පෙණුනු බවයි මට මතක.
ඔසප්! ඔසප්!! ඔසප්!!!
කාන්තාවන් ගේ ඔසප් රෝග
ඔබේ ඔසප් වීම මාස දෙකකින්, තුනකින් පමා වූවත් එය නිට්ටාවටම සුවකර දෙමි.
හරිගිය පසු ගාස්තුව ගෙවන්න.
ප්‍රතිකාර කිරීම අහවල් ස්ථානයේ පමණයි.
වෙනත් ශාඛා නොමැත.
විමසන්න.
පාරම්පරික වෛද්‍යාචාර්ය බ්‍රම්පි සිඤ්ඤෝ මයා
ගොඩපොර ගස් හන්දිය
තෝන්තුවාව
බොහොම අමාරුවෙන් කියවා ගත්තේ. අමාරු වචන ගොඩයි නේ.
හැබැයි මං අම්මගෙන්වත් තාත්තාගෙන් වත් ඒ අමාරු වචනවල තේරුම අහන්න නං ගියේ නෑ. හොඳ වෙලාවට.
තුනේ පන්තියේ ළමයි ඉරිදා පත්තර කියවන්න හොඳ නැති බව මට තේරුම් ගියේ හතේ පන්තියේ දී විතර එක්කෝ "ඒ.වී. සුරවීර ගේ හෙය්යංමාරුව" පොත හරි "ගුණදාස ලියනගේ ගේ දෝන කමලාවතී" පොත හරි කියවන වෙලේ ඔය "ඔසප් ප්‍රමාද වුනාම නවත්තනවාය කියන කතාවේ නියම තේරුම" මීටර් වුණාමයි.
මේ දැන්වීමේ තියෙන විදියට ඔසප් වීම් නැවතුනොත් කරන දේවල් ගැන නං මගෙන් අහන්න එපා. ඔසප් වීම නවත්තන විදිය නං මං දන්නවා. දෙපාරක්ම කරලා ඇක්ස්පීරියන්ස් එකත් තියෙනවා.
ඒවා නවත්තලා ටික කාලෙකින් මෙන්න මේවා ඕනෑ වෙන බව මතක තබා ගන්න.
-කතන්දරකාරයා
ප/ලි:
ඔය කාලෙම පත්තරවල තිබුණු ඔය වගේම වෙදකමක් ගැන දැන්වීමක් පටන් ගත්තේ මෙන්න මෙහෙමයි.
පයිල්ස්! පයිල්ස්!! පයිල්ස්!!!
මේ කතන්දරේ කියවල මාත් එක්ක කේන්ති ආපු අය ඉන්නව නං කියන්න, මං ඒ දැන්වීම හොයල එවන්නම්!
(image: http://www.zbais.com/tips-women/menstruation-cycle-and-its-phases.html)