
ධම්පදයේ එන මනෝපුබ්බංගමා ධම්මා ගාථාවේ තියෙන චක්කංව වහතෝ පදං කෑල්ල දන්නවා නේද? ඒ ආකාරයට තමයි බොහොමයක්
ලව්වලින් පස්සේ බූට් එන්නේත්, ඒ වගේම සමහර
කසාදවලින් පස්සේ දික්කසාද එන්නේත්.
මුලින් ලව් කලකට පස්සේ මල ඉලව් වෙනවාට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි මුලින් කසාද කලකට පස්සේ දික්කසාද වෙන්නේ.
මං කලින් දවසකත් කිව්ව විදියට මේකට නං හේතුව ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න වෙන්නේ තමන්ට කරුමය උරුමය වෙලා කියලා හිතන ඈයෝ වැඩි නිසයි.
අනිත් හැමෝටම ආදර්ශයක් වෙමින් හොඳ යුගදිවි ගත කරන අයත් අපි අතරේ ඉන්නවා.
රත්නායක මහත්තයා ගේ ඔෆීසියේ ලොක්කෙක් තමන් ගේ විසිපස්වෙනි විවාහ සංවත්සරය සමරලා, ඒ අවස්ථාව තවත් අර්ථවත් වෙන්න තමන් විවාහ වෙන්න කලින් අනාගත බිරිඳ එක්ක ගිවිස ගත්තු කොන්දේසි දහයක් ලේඛනගත කරළා, ඊ-මේල්වලින් තමන් ගේ හොඳම යාළුවන්ට යවලා තියෙනවා.
පොර කියලා තියෙන්නේ ඒ දේවල් පිළිපැද්ද නිසා අවුරුදු විසිපහක් සතුටින් යුග දිවිය ගෙව්වාය කියලයි.
හොඳම යාළුවන්ගෙන් උන්ගේ හොඳම යාළුවන්ටත් ලැබුණු නිසා මටත් මේ ලයිස්තුව කියවන්න ලැබුණා.
එකේ සිට දහයට අංකගත කෙරුණු ඒ ලයිස්තුව මෙන්න.
1. එකිනෙකාව අගය කරන්න. කිසිවිටෙක තම සහකරු/සහකාරිය සුළුකොට තකන්න එපා.
2. කුරිරු, කර්කෂ වචන පාවිච්චි කරන්න එපා, එකිනෙකා විවේචනය කරන්න ඉක්මන් වෙන්න එපා. සමාව ලැබුණද, අමතක නොවෙනු ඇත.
3. එකිනෙකා වෙනුවෙන් යම් යම් දේ සතුටින් සහ ආදරෙයෙන් කරන්න.
4. එකිනෙකා ගේ පවුලේ සාමාජිකයින් විවේචනය කරන්න එපා.
5. ඔබ කරන කොයි දෙය හෝ (රැකියාව, ඉවීම, වත්තේ වැඩ) හොඳින් කිරීමෙන් සහකරු/සහකාරිය ගේ ග්‍යෙරවය දිනාගන්න උත්සාහ කරන්න.
6. උපන් දින, සංවත්සර දින යනාදිය කිසිවිටෙක අමතක කරන්න එපා. මේවා ආදරය අළුත් කරගැනීමට උපකාර වෙනු ඇත.
7. ඔබේ මිතුරු මිතුරියන් සමග සහකරු/සහකාරිය ගේ ගුණ අවංකවම පවසන්න. සහකරු/සහකාරිය ගැන කීමට හොඳ දේ ඔබට සැමවිටම ලැබෙනු ඇත.
8. දරුවන් ඉදිරිපිටදී සහකරු/සහකාරිය සමහ විවාද කරන්න එපා. ඔවුන්ට ඔබ දෙදෙනා එක ඒකකයක් ලෙසින් පෙනිය යුතුය. දෙදෙනාගේ ප්‍රශ්ණ දෙදෙනා එකතුව විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය ඇති වාතාවරණයක් තුල විසඳාගන්න.
9. දවසේ රාජකාරි නිමකට නිවසට එන ඔබේ සහකරු/සහකාරියට තනිව ගත කිරීමට කාලයක් ලබා දෙන්න. එය ඔවුන්ගේ ආතතිය නිවා ගැනීමට උපකාරී වනු ඇත.
10. කිසිවිටෙක ඔබේ සහකරු/සහකාරිය අන් අය හා සසදන්න එපා. අප සියළුදෙනාම අපේම වූ ශක්තීන් සහ දුර්වලතා සහිත අය වෙමු. ඔබේ සහකරු/සහකාරියට කවරෙකු වේවා ඒ පුද්ගලයාට ආදරය කරන්න.
මේ ලයිස්තුව කියවලා බලපු මට පෙනුණේ ඔය සේරටම වඩා අතිවැදගත් මූලිකම කොන්දේසියක් තියෙනවා නේද සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න අවශ්‍යම කියලායි.
මං එකතු කළා ඒ කොන්දේසිය මෙන්න මේ විදියට.
0. අඩු වශයෙන් සතියකට එක්වරක්වත් ලිංගිකව එක්විය යුතුය. එයින් ඇතිවන චමත්කාරය සිත්තුල පවතිනතාක් කල් මෙහි අංක 1 සිට 10 දක්වා ඇති කරුණු අදාල නොවේ.
මං කෙරුවේ මේ අංක 0 එකතු කරපු ලයිස්තුව මට මුල් ඉ-මේල් එකේ කොපියක් එවපු හිතවතාට යවපු එකයි. පොරත් ඒක උඩට යැව්වා නම් අවසානයේ මුල් ලයිස්තුවේ රචකයාට ලැබෙන්න ඇති.
-කතන්දරකාරයා
ප/ලි:
මේ ආකාරයේ තවත් මගේ සොයා ගැනීමක් තියෙනවා.
ඒක ලඟඳීම ලියන්නම්! එතකල් කසාද ජීවිතේ ගැන ලියූ මේ පරණ කතන්දර බලන්න.
1.
රෝස පාට තුවා
2.
රෝස පාට තුවා - වලි ෂේප්
3.
බැඳපු අයට මල් කඩන්න තහනම්ද?
4.
ගෙදර පොඩි අවුලක්
5.
ගෙදර අවුලක් - මෙන්න ඇත්ත!
6.
හාමිනේ ට ලියූ නාඩගම් ගීතය
7.
හාමිනේ ට මෙව්වා එකක් අරං දුන්නෙමි
8.
බිත්තර තැම්බීම
9.
බැඳපු අයට උපදෙස් කීපයක්
10.
නෝනා ගේ උපන් දිනේ ගැන වැදගත් අවවාදයක්
p/s/s:
Here the original eMail in verbatim.
"I hope you will not mind if I take a little more of your time to share some of our thoughts with you regarding marriage. When we decided to get married (we married one year later) we swore to each other that we will make our marriage the happiest ever.
We realised, based on the experience of our friends and relatives, that to make
a marriage succeed is not easy. After some years of marriage many couples start leading what we call a "polite marriage" not a "delightful marriage."
We wanted to feel during each day of our marriage that we were still newly wed.
So, during that one year after our marriage was fixed, we both read many books
on marriage, problems in marriage, etc. and shared our thoughts. Based on our research we formulated some guidelines to foster a "delightful marriage." We would very much like to share this with you.
We sometimes refer to these as the 10 commandments to be adhered to, faithfully, each day of our married life.
1. Never take each other for granted.
2. Never use harsh words and do not be quick to criticise.
Once words come out of your mouth you cannot take them back in.
People may forgive but it is not easy to forget.
3. Do things for each other happily and lovingly.
4. Never criticise each other's family and family members.
5. Command the respect of your spouse through excellence in whatever you do
(your job, cooking, gardening, home projects etc.).
6. Never forget birthdays, anniversaries, Valentine's Day etc.
(these are opportunities to rekindle passion).
7. Praise your spouse (sincerely, no flattery please) to your friends.
You can always find great things about your spouse to tell others.
8. Never argue with your spouse in the presence of your kids
(your kids must see you both as a single, united entity).
Differences are to be worked out in private in an atmosphere of trust and mutual respect.
9. Allow your spouse some time to be alone each day after coming home (they need their private space to recover from stress at the workplace).
10. Never compare your spouse with others. We are all individuals with our own strengths and weaknesses. Love your spouse for what she/he is.
We decided to follow these rules from day 1 of our marriage and such conduct has now become part of our personalities. We certainly have our flaws but our marriage is still very happy and deeply passionate.
Our greatest reward came last year when our daughters, on our wedding anniversary, told us that they wished, hoped, and prayed that their marriage would be as wonderful as ours.
We are sure that your kids too will feel the same way about you."
(image: http://www.fanpop.com/spots/celeb-weddings/images/5982532/title/amitabh-jaya-wedding-photo)