
රටවල් දෙක තුනක පොඩි පහේ සංචාරයක යෙදෙන්න හිතාගෙන ගෙදරින් පිටවුනේ අප්‍රියෙල් මාසේ දහතුන්වෙනිදා හවස.
එදා දවල්ට ගෙදර දී බත් කෑවට පස්සේ කන්ඩ ලැබුනෙම එක එක ජාතියේ කඩෙයි-අප්පම් විතරයි.
බත් ඇටයක් කියලා ඇහට දැක්කේ කොහෙදෝ රෙස්ටෝරන්ටුවක දී කතන්දරහාමිනේ සල්ලි-සල්ලි කියලා බලන්නේ නැතුව ඕඩර් කරපු රිසටෝ එක විතරයි. ඒත් ඒ බත් ඇටවල පෙනුම දැක්කාම ඒකෙන් රහ බලන්න වත් හිතුනේ නෑ.
මට උදේට බත් කෑම නං අරහං. ඒත් දවල්ට හෝ රෑට එක වේලක් හරි බත් නැත්තං නිකං දවස හරියට ගෙවුනේ නෑ වගේ දැනෙනවා.
නමුත් ඉතිං කඩෙන් කකා, හොටේල් ඇඳන්වල නිදියමින්, සූට් කේස් එකෙන් ජීවත් වෙද්දී අපිට කොයින්ද උණු බත්?
දවස් දහයක් ම පීට්සා සහ පැස්ටා වලින් ඇදලා අන්තිමේදී පහුගිය විසි හතරවෙනිදා ෆ්‍රෑන්ක්ෆර්ට්වල අපි නවතින්න ආපු හොටේල් එකේ රෙස්ටුරන්ට් එකේ දී ඔන්න බත් මිටක් කන්න ලැබුණා.
ජරමානු බාසාවෙන් තිබුණු මෙන්‍යු එකේ "තන්ඩූරි චිකන් විත් බාස්මතී රයිස් ඇන්ඩ් චික් පීස්" කියලා ඉංගිරිසි අකුරින් පොඩියට ලියලා තිබුණු එක දැක්කාම කටට කෙල ඉනුවා.
විනාඩි පාලහකට විතර පස්සේ මේසෙට ලැබුණු පිඟානත් හොඳ ගුඩ් ලුකින්.

දවස් එකොළහකින් බත් ඇටයක් කාපු හින්දද මන්දා රසත් නරකම නෑ. ඒත් මේක ජර්මානු ඩිෂ් එකක් බව නම් හොදටම දැනුනා.
උන්න හැටියට මළත් මදෑ!
-කතන්දරකාරයා
ප/ලි:
මං කලින් ලියපු "දුම්බීම සහ තුවක්කු" කතන්දරයට නිමිත්ත ලැබුණු දුම්බීමේ කොටුව දැක්කේ ජර්මනියේ හයිඩල්බර්ග් කිට්ටුව දුම්රිය පොලකදී.
පසුව ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපලේ දී අවුරුදු දහයකට විතර කලින් දවසක හොංකොංවල දී දැකපු ආකාරයේ දුම්බොන වීදුරු කාමර දැක්කා.

(image: http://www.silumina.lk/2010/04/11/_art.asp?fn=as1004111)