
මේ කතාව කියන්න ඕනෑ ටිකක් පරිස්සමින්.
ඒකට එක හේතුවක් මාව පුද්ගලිකව දන්න අය මේකේ සුලමුල හොයන්න පටන් ගනීවි. ඒකෙන් ගැලවෙන්නත් ඕනෑ.
අනික් හේතුව තමයි, ලියන්නා කෙසේ කීවත් කියවන්නා තමන්ට ඕනෑ දේ අවභෝධ කරගන්නා හින්දා, මට අවශ්‍ය කාරණාව හරියටම සන්නිවේදනය කරන්නත් අවශ්‍ය වීම.
ලව් ගැන, බූට් ගැන මං ගොඩක් කතන්දර ලියලා තියෙනවා. ඒ වැඩි හරියක් කයි-කතන්දර, මගේ හන්තානේ කඳු පාමුල හස්තද්වාර පොත අනුසාරයෙන් ලියපුවා. මගේ විතරක් නෙමෙයි ඔය කාගේ කාගේත් ලව් කේස්වල උඩින් නොපෙනුණත් යටින් තියෙන්නේ තමන්ගේ හිතට ගැලපෙන කෙනෙක්ව තමන්ටම කියලා අයිතිකර ගැනීමේ තන්හාවයි. ඩෙස්මන් මොරිස් ගේ යාළුවා හිටියා නං කියයි ඒක මිනිස් සත්ව ප්‍රජාව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය මත ඇතිවෙන මෙව්ව එකක් කියලා.
මේ වෙලාවේදී මට මතක් වෙනවා චන්ත්‍ර අනගිරත්න ගේ කවි පන්තියක කොටස්.
දැක්කම වින්කින්
නැතුවම තින්කින්
පෙම් සයුරේ අපි
යටටම සින්කින්
වෙන් ලව් මේකින්
නෝ මෝ ජෝකින්
විලි යූ මැරි මී?
යූ බණ ටෝකින්
මංතුමා අවුරුදු හතරයි, මාස දෙකයි, දවස් තුනක් ගත කරපු පේරාදෙනියේ ඉංජිනේරු තිප්පොල කියන්නේ එක්තරා විදියක කාන්තාරයක් කියන්න පුළුවනි. මොකද මල් අඩුයි. එනිසා, මල් පාත්ති දැමීම, මල් කැඩීම වගේ දේවල් නිකං අපි හුඟ දෙනෙකුට භූතාර්ථ විතරයි. අපිට පස්සේ ඔතන ලැග්ග ගීතක, මධුරංග, චානක ලා ගේ අත්දැකීම් සමහර විට වෙනස් ඇති.
ඉතිං අළුතින් බැච් එකක් ආපුවාම ඕකේ ඉන්න කෙල්ලෝ කීප දෙනා පස්සේ කොල්ලෝ පෝලිමේ වහ වැටෙනවා. ඔය අතරේ, හොඳට හුරු බුහුටි, පෝර්ටබල් සයිස් දැරිවියක් හිටියොත් අර ඉටිපන්දම් එලියට ඇදිලා එන පළඟැටි සීන් එක බලාගන්න පුළුවන්.
කෙල්ලෝ ඒ අතින් හරිම වාසනාවන්තයි. ඒ ගොල්ලන්ට තියෙන්නේ නිකං ස්වයංවරයකදී වගේ තමන්ගේ චොයිස් එක පික් කරන්න විතරයි!
රූ ළමයා නම් මේ ගැන මොනවා කියයිද මන්දා ඒ ගැන?
ඔන්න අපේ කාලේ ඔය තිප්පොලේ හිටියා නිශා කියලා ගෑල්ළමයෙක්. මං දන්න කාලේ, මේ ඇත්තී තමන්ගේ අත ගන්න ආපු අයගෙන් තමන්ගේ හිත ගත්තු පොර ළමයෙකුට බහ දීලා මේ වෙනකොට යුගල වෙලයි හිටියේ.
නමුත් ඉතිං ඔය උලව් ලව් මල ඉලව් බොහොමයක දී වෙනවා වගේ වැඩි කල් නොගොහින් වැඩේ හබක් වුණාය කියමුකෝ.
ඕකේ ඉතිං ආයේ මතක තියාගන්න දෙයක් තිබුණේ නෑ. මේ වගේ සිද්ධි දස දහස් ගණනක් අතුතින් තවත් එක කේස් එකක් විතරයි නිශා සහ පවන් ගේ සංසිද්ධිය.
අපි ඔය තිප්පොලෙන් ගැළවිලා අවුරුදු දහයක් විතරම ගතවුණාට පස්සේ ඔන්න දවසක් මට හම්බ වුණා අපේ කාලේ තිප්පොලේ හිටිය පොරක් "ගොබ්ස්" කියලා. අපි දෙන්නා ඒ කාලේ අඳුණන්නේ නැතිවුනත් මෙදා පාර අඳුණා ගත්තට පස්සේ ඒ කාලේ විස්තර ගැන ගොබ්ස් සහ මං ඔන්න කතාවට වැටුණා.
කෝස් එක ගැන, වාත ලෙක්චරර්ස් ලා ගැන කතාවලින් පටන් ගත්තු අපේ කතාබහ අන්තිමේදී නතර වුනේ ලව් කේස් වලිනුයි.
"අපේ බැචෙකුත් සිරාවටම ට්‍රයි කළා නිශාට!" ගොබ්ස් කිව්වා.
"නිශා ට මං හිතන්නේ හත් අට දෙනෙක්ම ට්‍රයි කරලා තියෙනවානේ නේද?" ඒ මම.
"ඒ අනිත් උං වගේ නෙමෙයි අපේ බැචා නං, ඌ නං ට්‍රයි කළේ බඳින්නම හිතාගෙනයි. කොහෙද ඒකි අර පවන්කාරයා ට නේ කැමති වුනේ. අන්තිමේදී ඒකත් හබක් වුණා!"
ගොබ්ස් ගේ කතාවෙන් මං මුලින් ම අන්දුන්කුන්දුන් වුණා. ඇයි බොලේ, ඔය බඳින කතාව හිත යට තිබුණාට බඳින්න කියලා ඩික්ලෙයාර් කරළා යෑ කෙල්ලෙකුට ට්‍රයි කරන්නේ? එහෙම නං තිබුණා නේ කෙලින්ම මංගල යෝජනාවක් ගේන්න!
-කතන්දරකාරයා
ප/ලි:
හෙඩ් ඕවර් හීල්ස් වගේ ලව් තිබුණාට බැඳලා කාලාන්තරයක් ඉන්නවා කියන්නේ සීරීයස් වැඩක් නේ. දෙන්නෙක් සෙට් වෙලා කාලයක් ආස්සරේ කරන කොට තමයි තේරෙන්නේ වැඩේ ලීගල් කරලා අද්දං යන්න පුළුවනිද කියලා.
ඒ හින්දම, බඳින්නම කියලා කෙල්ලෙකුට ට්‍රයි කරන කොල්ලෙකුට කැමති වෙන එකත් කෙල්ලෙකුට ටිකක් භයානක වැඩක්. එහෙම නේද?
(image: http://blog.twomangoes.com/my-first-proposal-the-bollywood-factor/)