
හොද වැඩේ!
ආණ්ඩු විරෝධී ලිපි ලියලා පල කරන්න ගුගල් ලා ගේ බ්ලොගර් සර්විස් එක පාවිච්චි කරන බ්ලොගර්ස් ලා ට කෙලවෙන්නයි යන්නේ.
අන්න ගූගල්කාරයෝ ආණ්ඩු විරෝධී බ්ලොග් ලිපි වාරණයක් දාන්න යනවා!
ආණ්ඩු විරෝධී ලිපිය ලියවෙන රටේ නීතියෙන් යම් බ්ලොග් එකක ලිපි තහනම් කළොත්, ඒ නීති පිළිපදිමින් ඒ රටේ ඉන්න උන්ට ඒ ලිපි නොපෙනෙන්න සෙට් කරන්නයි ගූගල් ලා හදන්නේ.
ට්විටර්කාරයෝ ඕක දැනටම කරනවා කියන්නේ.
මෙන්න මං බලපු නිව්ස්පේපර් කෑල්ල.

මෙතන තියෙනවා මුළු විස්තරයම.
http://www.dailymail.co.uk/sciencetech/article-2095328/Google-joins-Twitter-censorship-storm-Site-block-blog-posts-line-requests-repressive-governments.html
අර මාටින් නීමොලර් කිව්වා වගේ මට නං ඕක ප්‍රශ්ණයක් නෑ!
-කතන්දරකාරයා
ප/ලි
ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් වගේ අය හිටිය නං මේකේ ප්‍රායෝගිකත්වය අපිට බලා ගන්න තිබුණා!
ප/ප/ලි
මේ කතන්දරකාරයා ගේ සමාජමාමක, බ්ලොග්මාමක පෝස්ටුවකි. මේ වර්ගයේ තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තුවන්න.
(image: http://code.google.com/apis/blogger/)
@ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් වගේ අය හිටිය නං මේකේ ප්‍රායෝගිකත්වය අපිට බලා ගන්න තිබුණා!
ReplyDeleteඇයි ඇටමැස්සා,රාමචන්ද්‍ර,w3lanka,විකල්ප,Rear gate,........ (තව ඕනි තරම් තියෙන්නේ)
අපොයි මමනං ඔය ආන්ඩුවිරෝදධී අනං මනං අතෑරලා සියඹලා කතාම ලියන්ඩයි හිතං ඉන්නෙ
Deleteඒක හොඳයි
Deleteහුරේ .... මගේ නමින් හදපු ෆිල්ම් එක බලන්න යන්නේ ......!!
ReplyDeleteඅපි නම් ඕවට නෑ
ReplyDeleteඅපි වගේ දේශප්‍රේමීන්ට ඕවා බලපාන්නේ නෑ
ReplyDeleteඅපිටත් ඕකෙන් අවුලක් නැහැ.ඒත් යම්කිසි බලපෑමක් එනවා නම් බ්ලොගර් විතරද තියෙන්නේ?????
ReplyDelete//අර මාටින් නීමොලර් කිව්වා වගේ මට නං ඕක ප්‍රශ්ණයක් නෑ!//
ReplyDeleteමටත් එහෙමයි
නියමයිනෙ..තහනම් කරන්න නම් මුලින්ම ආණ්ඩුවෙ උන්ට සිද්ධ වෙනවා බ්ලොග් කියවන්න...යේ..අපේ ට්‍රැෆික් වැඩිවෙලා හිට් කවුන්ටරේ කැරකෙනවා..කොහොමත් මෙව්වල ලියන එව්වා උන් දකින්නම ඕනා..
ReplyDeleteකතන්දර මාමත් නිදහස දවසේ නිදහස නැතිවෙන කතාවක් නෙ දාලා තියෙන්නෙ..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
"සිග්නේචරේ දැම්මෙ තාක්ෂණික අවුලක් හින්දා මගෙ නමින් කමෙන්ට් කරන්න බැරි නිසා"
"ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් වගේ අය හිටිය නං මේකේ ප්‍රායෝගිකත්වය අපිට බලා ගන්න තිබුණා!"
ReplyDeleteහු හු කතන්දර වැරදි . මේ දෙකම බ්ලොගර් නෙමේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් දෙකක්.
මට වැරදුනා තමයි, නමුත් ඇත්තටම ඒක තමයි ප්‍රායෝගිකත්වයත්.
Deleteඒ කියන්නේ බ්ලොගර් අතහැරලා වර්ඩ්ප්‍රෙස් යන්න වෙනවා ආණ්ඩු විරෝධී පොලිටිකල් බ්ලොග්කාරයින්ට...!!!
ලෝකේ තියෙන විකාරම ගීත විචාරය කියවන්න කැමති අය මේක බලන්න
ReplyDeletehttp://rajitha-sannasa.blogspot.com/2012/02/blog-post.html
අදාල නෑනෙ මෙත්නට..කියෙව්වා..ඒත් වරදක් කිය්න්න බෑ..විචාරය විවිද කෝන වලින් දැකිය හැකියි
Deleteමං හිතන්නේ ඒ වගේ විචාර දැම්මොත් ආණ්ඩුවෙන් ගූගල්ලට කියලා බ්ලොග් එක වහයි කියලා වෙන්න ඕනෑ කියන්නේ.
Deleteමම හිතන්නේ මේ වගේ විචාර දැම්මොත් ගුගල්'ල ආණ්ඩුවට කියල මේ site වහය් කියල වගේ දෙයක් කියල .... ලොලේ ලොල් ය
Deleteහානේ බයේ බෑ සෑර්!
ReplyDeleteඅයියෝ දුමීගේ කට කහන කතාත් නවත්තන්න වෙයි.....!
ReplyDeleteමෙන්න කසූ ආණ්ඩුවට කඩේ යනෝ......!
(ආණ්ඩුවේ මොරාල් අප් කරනවා කියන්නෙත් කඩේ යාමක් නේ )
මොනා කියන්ටද මන්දා...:D:D:D
ReplyDeleteදැන් මොකද එතකොට කරන්න කියන්නේ ??
ReplyDelete//අර මාටින් නීමොලර් කිව්වා වගේ මට නං ඕක ප්‍රශ්ණයක් නෑ!//
ReplyDeleteකිවුව වගේ අපිට නම් ප්‍රශ්නයක් නෑ. ඕකෙ වෙන්නෙ ඒ රටේ පේන්නෙ නැති එකනෙ.
හානේ ආණ්ඩු විරෝධී අයත් බ්ලොග් ලියනවද
ReplyDeleteවැහුවයි කියලා මොනවා කරන්නද.....ගූගලුත් ආණ්ඩුවක් වගේනෙ!
ReplyDeleteකඩේ යන අයට අවුලක් නෑනේ ආයිබෝවංඩ....
ReplyDeleteඅර කිව්වත් වගේ තහනං කරන්ඩ කලින් බ්ලොග් කියවන්න එපැයි. එතකොට හිට්ස් වැඩිවෙයි. ලියන්ඩ ඕන අපි නොදන්න දේසපාලනේ ගැන. තහනම් කොරන්ඩ ඔහොම මෙහෙම තියෙද්දි කතන්දර ආය දැනුවත් කරන්ඩ.... එතකොට ආයි පරණ කතා දැම්මැකි... වෙන්ඩෝන වැඩේ ඒ වෙද්දි වෙලා.....
ReplyDeleteලියන්න ඕනෙ ආන්ඩු විරෝදී එවුව දෙක තුනක් . . . . ආන්ඩුවෙ එවුවොත් කියවන්න පටංගන්න නිසා හිට් කවුන්ටරේ කැරකෙයි දුං දාන්න්
ReplyDeleteඅප්පද බොල සිරාවටම
Deleteඅන්න ඒකනේ කියන්නේ ,මේ ඇටමැස්සා වගේ වර්ඩ්ප්‍රෙස් භාවිතා කරන අයට දුර දක්නා නුවණක් තියෙනවා කියලා. මහත්වරුනි කියවන්න අපේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග්.
ReplyDeleteඇත්ත ඇති සැටියෙන් ලීවොත් ආන්ඩු විරෝධී තමා හැබැයි...
ReplyDeleteකලින් තිබ්බ ක්‍රමේට බ්ලොග් එක කොහෙන් වත් බලන්න බැරි වෙන්න බ්ලොක් වෙනව, අධිකරණ නියොගයක් ලැබුනොත් හරි ආණ්ඩුවෙන් ඉල්ලුවොත් හරි. මේ ක්‍රමේට ලංකාවෙන් ඉල්ලුවොත් බ්ලොක් කරන්න කියල බ්ලොක් කරන්නේ ලංකාවට විතරයි. ඒ නිසා තියන එකට වඩා මේක හොදයි. ඒවට යන හැටි අපේ තරුණ (වැඩිහිටි ?) පරපුරට කලින්ම ට්‍රෙන් කරල නෙ තියෙන්නෙ.
ReplyDeleteඅර රැවුල නොකප ඉන්න කෙහෙවළු මාමට නං ඕකෙන් පොඩ්ඩක් ආතල් යයි හැබැයි දන්නො දනිති නේ :P
ප.ලි. පෙරාදෙණිය ගැන මේ දවස් වල පැතිරෙන කතාව හැබෑටම මොකක්ද? මට නං හිතෙන්නෙ අලි බොරුවක්ද කොහෙද. කකා පේරා කොල්ලෙක්(?) වශයෙන් ඔය ගැන ලියයි කියල හිතනව.
lankawata block kalot itin ip change karala me blogs kiyawanna bariwena ekak na.....habai taama mata aandu wirodi blog kiyawanne labila na....eth meka nidahasata baadawakne....mata nam penne katha wadak
ReplyDeleteඅපි දේශප්‍රේමි ජනතාවක් නිසා බයවෙන්න කාරනාවන් නෑ..
ReplyDelete