
අම්මපා මොකක්ද මේ ඉංගිරිසියෙන් ගත්තාම ආදරයයි කකුලයි අතර තියෙන අමුතුම අමුතු සම්බන්ධය?
කෙල්ලෙක් කොල්ලෙක් හමුවුණු මොහොතේ මහා ආදරයක් ඇති වීමට කියන්නේ ෆෙල් ඉන් ලව් හෙඩ් ඕවර් හීල්ස් කියලයි.
කෙල්ල කොල්ලාව හරි, කොල්ලා කෙල්ලව හරි අතහැරලා සම්බන්ධය නතර කළාම ඒකට කියන්නේ බූට් එක දුන්නා කියලයි.
ඒවගේ ඒවා භාෂා ප්‍රයෝග. මේ පල්ලෙහා තියෙන කවියෙත් වෙනත් ආකාරයක පොඩි ප්‍රයෝගයක් තියෙනවා. කියවලා බැළුවොත් පෙනෙයි මොකක්ද කියලා.
වෙනස
අදත්
එදා වගේම
සේරම දේවල් තියෙනවා
අහස පොළොව
සඳ ඉර
ඔබ මම
ඒත්
එදා තිබුණු මොකක්දෝ
අද අඩුයි වගෙයි
ඒකද මේ පාළුව?
(ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න වෙනත් ආකාරයක කවියක්.
ටවුන් එක රන් කරන් හිටපු නොන්ඩි සෝමේ හෙවත් ටයිගර් හදිසියේ අප අතරින් වියෝ වුණා. ඒ දුකට ලියවුණු ශෝක ප්‍රකාශයක තිබුණු කවියක් මේක.
මට මතක විදියට මේ කවිය ලිව්වේ සමාජ සමයං කාටුන් එක, පොඩි එකාගේ ලියුම වගේ ආතල් වැඩ ගොඩක් කළ ඇස්. තෙන්නකෝන්.
මුළු රට ගිල්වලා රෑ මෙන් අමාවකේ
ඔබ සැඟවුණා අයියෝ මරහුගේ මුකේ
ටයිගර් සුමිතුරාණෙනි අප හෙලූ දුකේ
හොඳ කකුලක්ය ඔබ අපගේ බජාරෙකේ
(iamge: http://en.wikipedia.org/wiki/File:Head_over_heels_ver1.jpg)
අඩු උනේ ඔබගෙන් පිරුනු අඩුවද මන්දා ?
ReplyDeleteබජාර්වල ඉන්නේ කොහොමත් අතින් පයින් වගේ කටිනුත් වැඩකරුවොනේ..
ReplyDelete'හස්තද්වාරයෙන්' කියන්නෙ මොකක්ද? අතින් ලිව්වා කියන එකද? කකාම පබ්ලිශ් කරා කියන එකද?
ReplyDeleteඅතේම පබ්ලිෂ් කළා කියලනෙ.
Deleteකකා කාලයක් අතේම තමා පබ්ලිශ් කලේ
Deleteහස්තද්වාරයෙන් පළ කරපු කවියේ ප්‍රයෝගය තේරුනේ නෑ. පාදය ගැන හස්තද්වාරයෙන් කටයුතු කිරීමත් හරි මදි මගෙ හිතේ.
ReplyDeleteහිසේ සිට පාදාන්තය දක්වා ආදරයක් ඇති වුනාම කකුලට විශේෂත්වයක් නෑ. ඒත් “ආදරේ” පටන් ගන්නෙ කකුලෙන් කියලයි මට හිතෙන්නෙ.
බූට් එක වදිනව කියද්දි එතන කියන්නෙ කකුලට දාන බූට් එකම ද කියල විකිපීඩියා එකේවත් බලන්න වෙනව.
එදා වගෙ ඔබ මගේ නෙමෙයි, මම ඔබේ නෙමෙයි. එහෙමද? මටනම් දැනුනෙ එහෙමයි.
ReplyDeleteහී හී
ReplyDeleteදෙවනි එක මතලන් ලියපු "සුභ අනාගතයක්" වගේ
ReplyDeletehttp://maathalan.blogspot.com/2012/01/suba-anaagathayak.html
ඩබල්ගේම්., ප්‍රයෝග තමයි නේ. ඕව ඉතිං හැමෝටම බෑ නේ. මරු
කකුලෙන් පටන් ගෙන හිස මුදුනේ දුවන
ReplyDeleteආදරයක් ගැන ද මේ ලියලා තියෙන
'Topsy-turvy'
මමත් ඔයා පාද පාද නිසා හස්තද්වාරයෙන් ගොඩක් ඒව එලියට දාල තියෙනවා...
ReplyDeleteකෙල්ලෙක් දැක්කාම මොලේ කකුලට බහිනවද මන්දා හි හි
ReplyDeleteබූට් දුන්නාම කියන්න වෙන්නේ "හීල්ස් ඔවර් හෙඩ්" කියලා...
ReplyDeleteහපොයි ටයිගර්ර්ර්ර්ර් !
ReplyDeleteකකුල් දකිද්දි හිතෙන එවුව මේ දවස්වල හස්තද්වාරයෙංම තමා එලිදක්වන්න වෙලා තියෙන්නෙ
ReplyDeleteඇයි පවුල රට ගිහින්ද නැත්නම් උඹ රට පනලද
Deleteරට බල්ලට ගිහින්, බල්ල රට ගිහින්
Deleteඉන්දිකයෝ ඌ ආයෙ ආවා පාකිස්තාන් ගිහින්
Deleteමේක ආදර කතාවක් ද ? බූට් සීන් එකක්ද ?
ReplyDeleteමටත් තේරෙන්නෙ නැහැ අප්පා....ආදර කතාවක්ද බූට් කතාවක්ද? ආදරයයි කකුලයි අතර සම්බන්ධය..ම්ම් ...පොඩ්ඩක් ඉන්න තව ටිකක් හිතල බලන්න ඕනෙ......
ReplyDeleteහ්ම්....පොඩ්ඩක් විතර ටියුබ් ලයිට් වගේ..... o.O
ReplyDeleteපළවෙනි කවියනම් පපුවටම වැදුනා මහත්තයෝ
ReplyDeleteඅය්යෝ මටත් කවියෙ තිබුණ ප්‍රයෝගය නම් තේරුණේ නැහැ.
ReplyDelete