
ඉස්සර තිබුණු වට්ටෝරුගත සිංහල වාණිජ චිත්‍රපටිවල කෙල්ලයි කොල්ලයි ගේ ලව් සීන් එකට අමතරව කොල්ලගේ සපෝටර් ගේ යි, කෙල්ලගේ සපෝටර් ගේ යි වෙනම ස්ටෝරියකුත් තියෙනවා.
ඒ කියන්නේ කොල්ලට විජේ අයියා සහ කෙල්ලට ගීතා ආන්ටි ඉන්න කොට කොල්ලගේ සපෝටර්ට ඉන්න ෆ්‍රෙඩී සිල්වාකාරයා, කෙල්ලගේ සපෝටර්ට ඉන්න අංශය එක්ක සෙට් වෙනවා.
කොටින්ම සමහර මූවීස්වල සපෝටර් ජෝඩුවේ ලව් සෝංග් කියනවත් එක්ක.
බොහොමයක් ප්‍රායෝගික කතාවල කෙල්ලට විතරයි මේ විදියට සපෝටර් කෙනෙක් ඕනෑ වෙන්නේ. ඒ ගෙදරට හොරෙන් කොල්ලා මුණ ගැහෙන්න යන කොට කියන බොරුවලට මැච් වෙන්නයි, තනි-නොතනියට යන්නයි. සමහරු මේ සපෝටර් ට තුන්වැන්නා කියලා කියනවා.
මගේ බ්ලොග් එකේ මුල් කාලයේ කතන්දරයක් ලියලා එවපු මනෝ එයාව හඳුන්වාගෙන තිබුණේ තුන්වැන්නී කියලයි.
ඒක වැරදියි! ඇත්තටම මනෝ ලියපු මුල් කතන්දරවල එයා සපෝටර් කෙනෙක්. තුන්වැන්නෙක් නෙමේ!
මගේ ඩෙෆිනිෂන් එක අනුව නම් තුන්වැන්නා (තුන්වැන්නී) කියන්න ඕනෑ දෙන්නෙක් අතර ලව් එකක්, ලව් ත්‍රිකෝණයක් කරන්න හදන පුද්ගලයාටයි.
ඒ කියන්නේ ලව් ස්ටෝරි එකේ කෙල්ල ගැන උනන්දුවක් තියෙන වෙන කොල්ලෙකුට හෝ කොල්ලා ගැන උනන්දුවක් තියෙන වෙන කෙල්ලෙකුට හෝ තමයි තුන්වැන්නා කියන්න පුළුවනි.
පැහැදිලියි නේද?
සමරිසි ආදර සම්බන්ධයක් නම් මේ තුන්වැන්නා/තුන්වැන්නී සීන් එක ඒ වගේ පැහැදිලිව විස්තර කරන එක මීට වඩා පොඩ්ඩක් විතර සංඛීර්ණයි.
ඒ කොයි හැටි වෙතත්, සමහර අවස්ථාවලදී හිතලා මතලා නොකලාට අපි දන්නේ නැතුවම තුන්වැන්නෝ වෙලා.
මෙන්න මං පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ දී ලියපු කෙටි කවි දෙකක්.
තුන්වැන්නෙකු ගේ කතාවක්
සිතුවමුත්
මා කුමාරයා යැයි
මගෙත් ඇයගෙත් පෙම් කතාවේ
මා ය අද
දුෂ්ඨයා සතුරා
ඇගෙත් ඔහුගෙත් පෙම් කතාවේ!
මෙන්න තව එකක්.
තුන්වැන්නෙකු ගේ ප්‍රකාශය
මට අහිමිවු සුව විඳිනා ඔබ ගැන
අහිතක් නැත මා සිත තුල කිසි කල
තනිවුණු අසරණ මා ගැන ඇතිවුණ
ආත්මානුකම්පාවක් මිස
-කතන්දරකාරයා
ප/ලි:
සමහර ලව්කතාවල තුන්වැන්නෙක් ඉන්න බව දන්නේ තුන්වැන්නා ම පමණයි! හික්ස්!!
(ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)
(image: http://www.films.lk/)
මෙහෙම තුන් කොන් ප්‍රේමය , ...........
ReplyDeleteසමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන.......... මතක් උනා මට.
තුන්වැන්න (නී) ජයග්‍රහණය කරල තියෙන අතීත කතා තියෙන හැඩයි කකාට !
ReplyDelete"ප/ලි:
ReplyDeleteසමහර ලව්කතාවල තුන්වැන්නෙක් ඉන්න බව දන්නේ තුන්වැන්නා ම පමණයි! හික්ස්!"
මේක නම් ඇත්ත..මම දාන්න ගිය කමෙන්ට් එක chandi දාලනේ..කවිත් ශෝක්..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
කොල්ලට විජේ අයියා.
Deleteකෙල්ලට ගීතා ආන්ටි ???
මැරුණු මිනිස්සු වයසට නොයති.
Deleteවිජේ අයියා මැරුණේ 1988 දීය. දැන් අවුරුදු 24කට පසු ගීතා කුමාරසිංහ ඇන්ටි කෙනෙක් වී ඇත.
මමනම් හැම විටම වගේ "තුන්වැන්නා" තමයි....පරක්කු වැඩි හින්ද..
ReplyDeleteකතන්දරගේ කථාවට මමත් එකඟයි. තුන්වැන්නා හෝ සපෝටර් කියන්නේ දෙන්නෙක්. හැබැයි ඉතින් සපෝටර්ලා ගොඩක්ඉන්න එකනම් පුරස්නයක් නෙමෙයි. තුන්වැන්නෝ ගොඩක් ඉන්න එක
ReplyDeletehttp://119sinhala.blogspot.com/2011/11/blog-post_27.html
සමකෝනී ත්‍රිකෝනයකි. ඔබත් මාත් ඇයත් ඉන්න...
ReplyDeleteසමකෝනී ත්‍රිකෝනයකි ඔබත් මාත් ඔහුත් ඉන්න...
අන්න මට ආපු ප්‍රශ්නෙම උඩ ලියල....අයියයි ඇන්ටියි කොහොමද අෆ්ෆා ලව් කරන්නෙ???
ReplyDeleteඔය ඒනෙ තරං අයියල ලවු කරන්නෙ ඇන්ටිලට
Deleteවිජේ අයියා මැරුණේ 1988 දීය. එදා ගීතා අක්කා දැන් අවුරුදු 24කට පසු ගීතා ඇන්ටි වෙලා!
Deleteසිතින් විතරක් පෙම් කරන්නම්.....දුරින් හිඳ ඔබ දෙස බලන්නම්......:(
ReplyDeleteකාලයක් මමත්, තුන් වැන්නෙක් වෙලා හිටියා නේ, ලවු අෆෙයාර් එකක, හෙහෙ.....,මගේ අක්කා කාලයක් යාලු වෙලා ඉදපු, අයියා කෙනෙකුගෙයි අපේ අක්කගෙයි, බලවත්ම හතුරා විදිහට! හොදයි නේ... :)
ReplyDeleteෆැන්ටසියක් හිතින් මවන්
ReplyDeleteදුක් විඳිනා සද
ඇයත් ඔහුත් සුව විදිනවා
පෙම් සඳ රැස් යට
අනුන්ට හිමි අනුන්ගේ දේ
ගැන හිත හිත අය
නිකම් මොකට දුක් විඳින්නේ
නොතේරේය මට
අනුන්ගේ දේ අනුන්ටමයි
අයිති නැතේ මට
කියා සිතන්නට බැරි ඇයි
මනුස්ස හිතකට
අනුන්ගේ දේටම, නොලැබෙන දේටම පෙම් බදිනෙක, ආස කරනෙක පිරිමි අයගෙ හැටි නෙව.
අනුන්ගේ දේටම, නොලැබෙන දේටම පෙම් බදිනෙක, ආස කරනෙක ගැහැණු අයත් ඕනෑ තරම් ඉන්නේ! :D
Delete// අනුන්ගේ දේටම, නොලැබෙන දේටම පෙම් බදිනෙක, ආස කරනෙක පිරිමි අයගෙ හැටි නෙව //
Deleteඅන්න අන්න වත් වරද්දගෙන.. ඕක පිරිමි අයගෙ හැටියක් නෙවේ, මනුස්සයින්ගෙ හැටියක්..
"නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ..
නොලැබෙන දෙයකට ඇයි මෙතරම් හිත යන්නේ.."
කියලා කිවුවෙ ඒ නිසයි.. :D
"නෙළන්න බැරි මල් අතු අග - මොටද පිපෙන්නේ
Deleteලැබෙන්නේ නැති වස්තුවකට - කිම සිත යන්නේ"
තවතැනක මෙහෙමත් කියනව
"කඩන්න බැරි මල් පිපුනට - කිම ලතැවෙන්නේ
දිගු දෑතක පහස ලබා - පෙති සැලුනාවේ"
මම නං දුෂ්ඨයා වෙලා නිකං කාලේ නාස්ති කරන්න ගියේ නෑ...ආයි පලවෙනියා උනා..
ReplyDeleteආයෙත් කවි... අනේ මන්ද ?
ReplyDeleteපින්තුරෙ ෆ්‍රෙඩී එක්ක ඉන්න නිළිය කව්ද ?
//සමහරු මේ සපෝටර් ට තුන්වැන්නා කියලා කියනව//
අපි ඔය කෙල්ලට තනියට එන නංගිට, මල්ලිට, යෙහෙළියට, පොදුවෙ කිව්වෙ ඒ කාලෙ නං 'කොල්ලෑව' කියල.
(Traffic Ano)
Deleteෆුට් බෝඩ් එකේ යන අය වශයෙන් හඳුන්වනු ලැබූ (දෙපක්ෂයෙන්ම) සපෝටර්ස්ලාත් හිටිය ඉස්සර. දැන් මං හිතන්නෙ අනිත් හැම දේ වගේම ඒ සංස්කෘතියත් වෙනස් වෙලා. ඒ දවස්වල මල්කැඩීම සඳහා එස් එම් එස් භාවිතා කරන්න බැරි නිසා සපෝටර්ස් ලා නැතුවම බැරි වුනානෙ.
මේ කවි එහෙම විශිෂ්ට නිර්මාන වුනත් එව්වයෙ අදහස් දැන් වලංගුද මන්දා.
ඔබා මාමගෙ Drop Hire පෝස්ටුවට යන්න බෑ කොමෙන්ට් 1ක් දාන්නවත්.
Deleteෆ්‍රෙඩී එක්ක ඉන්නෙ මානෙල් චන්ද්‍රලතා වගේ, හරියටම ෂුවර් නෑ..
Deleteප්‍රේඩී අන්තිම කාලා ජීවත් උනේ මේ පොටෝ එකේ ඉන්න කෙනත් එක්කලු නේද?
DeleteTo Anjana,
DeleteTry this link, I can't find any problem reaching it.
http://observer-nireekshaka-observer.blogspot.com.au/2011/11/drop-hire.html
ඒ කියන්නේ ඔයා දුෂ්ටයාටත් ඉඳලා තියනවද? :D:D:D
ReplyDeleteසමහර වෙලාවට සපෝටර් තුන්වැන්න වෙලා, දුෂඨය වෙන වෙලාවලුත් තියනව.
ReplyDeleteLove Is The Best
ReplyDeletehttp://www.gamedroidlk.com/
සමහර වෙලාවට තුන්වැන්නා පළවෙනියා වෙන වෙලාවලුත් තියෙනවා. පැත්තකින් ඉඳගෙන කෙල්ලව අයිති කරගෙන.
ReplyDeleteසපෝටර් තුන්වැන්නා වෙලා..දුෂ්ඨයා වෙලා...ආයම පලවෙනියා වෙන අවස්ථාත් තියනවා....
ReplyDeleteසපෝටර් (සපෝටරී) එක්ක ගණුදෙනු කරලා අමාරුවෙන් ජාම බේරගත්ත වෙලාවලුත් තියනවා...මං කිව්වේ කාඩ් නොවැදී....
//සපෝටර් තුන්වැන්නා වෙලා..දුෂ්ඨයා වෙලා...ආයම පලවෙනියා වෙන අවස්ථාත් තියනවා....
ReplyDeleteසපෝටර් (සපෝටරී)//
දන්න උදාහරණයක් තියෙනව, බ්ලොග් පෝස්ට් එකකට හොඳ කථාවක් කියල හිතුන
ආන්න..දැම්මනම් කතාව කාට කාටත් දැනගන්න.....
Deleteඔව්..වොව්... දැම්මට පස්සෙ මේක වුනේ ඔබාටද කියල අහල මඩ බාල්දි ගණන් ගහන්න...හෙහ්...හෙහ්...
Delete//සමහර ලව්කතාවල තුන්වැන්නෙක් ඉන්න බව දන්නේ තුන්වැන්නා ම පමණයි!//
ReplyDeleteඑක තමයි වටිනාම කතාව