
මේකත් කොල්ලෝ හුඟ දෙනෙකුගේ පොදු අත්දැකීමක් වෙන්න ඕනෑ.
හැබැයි මොබයිල් ෆෝන් නැති කාලේ.
කොහේ හරි බස් හෝල්ට් එකකට වෙලා වාතවෙවී ඉන්නවා. අන්තිමේදී හිතේ දුක දරාගෙන ගෙදර යනවා.
මෙන්න මං වයස විසි දෙකේදී විතර ලියපු කවියක්.
මගෙ තනියට උඹ අඬපං බකමූණෝ
ගිණි ගහනා සැඩ හිරු එළියේ
පැය ගණනාවක්
කකුල් රිදෙනතුරු
හිස කකියනතුරු
ගිණියම් ලෝකය සිරුර දවනතුරු
නොසැලී නොපැකිල
පදික වේදිකාවේ සිරගත වී
(ගත සිත නලවන කඳුකරයේ නොව
කොළොම් පුරේ)
බලා සිටියමුත් ඇය හමුවෙනතුරු
නැත ඇය ආවේ.. .. ..
බිඳුණු සිතින්
සහ රිදුණු හදවතින් කාමරයට විත්
කකියන ඇඟපත සයනෙහි සතපා
වෙහෙස නිවන්නට
වහලේ උළුකැට ගණිමින් සිටියෙමි
යට ලීයෙන්වත් නෑ ඒ මොහොතේ
නාරිලතා මල් පිපුණේ!
මගෙ තනියට උඹ අඬපං
බකමූණෝ
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)
-කතන්දරකාරයා
ප/ලි:
අද තමයි මුල්වරට කයි-කතන්දරයක මාතෘකාව සහ ඔරිජිනල් කවියේ මාතෘකාව එකම වුණේ!
(image: http://www.janbrett.com/mitten_masks_the_owl.htm)
kiyanna thiyenne patta kiyala. Aye ethanin ehata kiyanna deyak man danne ne.
ReplyDeleteඅනේ අර අහිංසක බකමූණා...:D
ReplyDeleteඑයට බකමූණා කියලත් කියනවද....?
ReplyDeleteනියමයිනේ....
ReplyDeleteමම අදමයි දන්නෙ කතාන්දරට කවිත් ලියන්න පුළුවන් කියලා...බකමූණත් ඇඬුවද දන්නෙ නෑ :D
Bakamoona = Baan Kee Moon ???????
ReplyDeleteඔච්චර අව්වෙ කට්ට කෑවෙ, හෙවනක් තිබ්බෙම නැද්ද? :)
ReplyDeleteඅවුරුදු විසි දෙකේදි ලිව්වේ? දැනට අවුරුදු තිස් හතළිස් ගානකට කලින් වෙන්න ඇති...
ReplyDeleteඒ අත්දැකීම නම් මටත් පොදුයි. දැන් මට අවුරුදු 23යි. ඒ කියන්නෙ දැන් කතන්දරගෙ වයසෙන් හරි අඩයි. හික්.. ඒත් මේ අත්දැකීමට මුහුණ දුන්නෙ මීට අවු තුන හතරකට කලින්.
ReplyDeleteහැරිල බලනකොට ඒ කාලෙත් සුන්දරයි.
ReplyDeleteහැම බකමූනම එක වගේනේ බලාගෙන යද්දි... :D
ReplyDeleteගයාන් පෙරේරත් මේ වගේ බලං ඉඳලා බැරිම තැන අමාරුවෙන් සින්දුවක් කිව්වා නේද?
ReplyDeleteඅදත් කයියක් !
ReplyDeleteමගෙනං සිද්ද උනේ ඕකෙ අනිත් පැත්ත.හැමදාම පරක්කු වෙන්නේ මම.
ReplyDeleteමේක කවියක්ද? හොඳයි.
ReplyDeleteමේ කතන්දර හාමිනේට ලියපු ඒවාද?
ReplyDeleteඒ අත්දැකීම නම් අහසෙ තරු ගානට තියෙනෝ....
ReplyDeleteමං ආස සිරස් තලයට!
ReplyDeleteකතන්දරගේ කතා ගඟ හිඳිලා වගේ. පරන කයි දාන්නේ .
ReplyDeleteකකා ට කිව්වම මොකද, අපේ කාලේ නම් ඔහොම බස් හෝල්ට් එකකට වෙලා බලන් ඉන්නත් බැහැ. ගෝනි බිල්ලෝ ඇවිත් අරන් යනවා.
This comment has been removed by the author.
ReplyDelete
Deleteලස්සන නම මොනවා උනත් ;)))))