
මං ඊයේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් කිව්වා විදියට තාත්ත සහ පුතා, නංගී සහ අයියා, අක්කා සහ මල්ලී, නෑනා සහ මස්සිනා, මාමා සහ බෑනා කියන සින්දු තිබුණත් නැන්දම්මා සහ ලේලි කියන සින්දු නම් මේ ලෝකයේ ඇත්තෙම නෑ වගේ.
සමහරු මගෙන් ඉල්ලලා තිබුණා නැන්දම්මා සහ ලේලි කියන සින්දුවක් ලියන්න කියලත්.
ඒ ඉල්ලීම ඉටු කරන තුරු මට හිතුණා, නැන්දම්මා සහ ලේලි කියන සින්දු කෙසේ වෙතත් ඒ ලඟින් යන ජනශ්‍රැතියේ එන කවි දෙක තුනක් දාන්න.
මේ කේස් එක අපි හුඟ දෙනෙක් දන්නවා. මුල් කවිය තමයි වඩාත් ප්‍රසිද්ධ.
අම්මා පුතාට කී කවිය
බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට
ගම්දෝ නොගම්දෝ කියලා හිතුණි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට
ලේලි නැන්දම්මාට කී කවිය
දුකක් නැතිව මා දැඩි කළ අම්මාට
මිටක්වත් දුන්නෙ නැත වී ඉල්ලු විට
දෙකක් වී මැනල දීලත් මල්ලකට
මොකක් කියනවද මැහැළියෙ පල දොරට
පුතා බිරිඳට කී කවිය (පද දෙකයි මතක)
කවදත් ඔහොමමයි උන්දැගෙ සට කපට
නුඹ සිත කෝප නොමගෙන පලයන්කො ගෙට
අයියා මල්ලීට කී කවිය
මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අප දෙන්නාට
තියෙන දෙයක් දෙන්නෙත් අප දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
ඔය කතන්දරේ අපේ අම්මා අපිට කියලා දුන්නු දවසේ මං ඇඬුවා දුකේ.
-කතන්දරකාරයා
ප/ලි:
මේ කවි සෙට් එකේ තියෙන සුවිශේෂී ලක්‍ෂණය තමයි කවුරුත් අනුන්ට කවි කිව්වාට, තමන්ට කියන කවියට උත්තර නොදෙන එක.
පුතා අම්මට උත්තර දෙන්නේත් නෑ, අයියාට උත්තර දෙන්නේත් නෑ, ඒ වෙනුවට වයිෆරේට කවියක් කියනවා. හැබැයි වයිෆරේ නෝ උත්තර. අම්මාත් ලේලිට උත්තර දෙන්නේ නෑ.
(http://www.mallkee.com/products-1005.aspx)
"මේ කවි සෙට් එකේ තියෙන සුවිශේෂී ලක්‍ෂණය තමයි කවුරුත් අනුන්ට කවි කිව්වාට, තමන්ට කියන කවියට උත්තර නොදෙන එක."
ReplyDeleteඅපේ රටේ දේශපාලනේ වගේ
බ්ලොග් ලෝකෙත් ඒ වගේ තමයි. බ්ලොග්කාරයෝ හරි හොඳ ළමයි. ඒ ගොල්ල අනුන්ව ප්‍රශ්න කරනවා. හැබැයි තමන්ව ප්‍රශ්න කළාම කට උත්තර නැහැ.
Deleteකවි පන්තිය සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ අපිට අඩු කවී ටික ලියලා මේක කම්ප්ලීට් කරන්න පුළුවන් බවයි.
Deleteලස්සන කයි සෙට් එක !
ReplyDeleteඉතුරු පද දෙකත් තිබුණා නම්?
Deleteokkotama katauththara ne wage.
ReplyDeleteMeke 2e man hala thibune. Ane mokata jeevath unada. Dan nam hari.
මොන මගුලක්ද මිනිහෝ යුනිකෝඩ් වලින් කොටපන්
Deleteකවුරු කියපු කවිද මන්දා සදා මතකයේ රැඳෙන්න..
ReplyDeleteඇත්තටම නැන්දම්මා ලේලී ගීතයක් නැද්ද කතා...
ඉන්ගිරිස් එකක්වත් මතකෙට නෝ ඒ...
ලියන්නකෝ එකක්!
Deletehumm
ReplyDeleteඔය හින්දි සින්දුවක මුල කෑල්ල නේද?
Deleteකතන්දර කියවන්ට ආවම බ්ලොග් එකට
ReplyDeleteමැනලා කවි ටිකක් දුන්නයි හිලව්වට
කතන්දරයෝ මැනලද කියපන් බරට
මිලියන් ගණන් හිට් දුන්නේ අපි නුඹට
මෙන්න මේවයි කයි පද කියන්නේ !
Deleteහැට්ස් ඕෆ් !
කවදත් ඇනෝලගෙ මෙහෙමයි සට කපට
Deleteමගෙ සිත කෝප නොමගෙන යන්නෙමිය ගෙට
කතන්දර ළමයො දුක් නොමගන් සිතට...
Deleteහැමෝගෙම හුටි ඔහොමයි මේ කලට...
කතන්දර ලමයො දුක් නොමගන් සිතට...
Deleteකවත් කතන්දර කියපං අහන්නට..
ලබුත් තිත්ත වේවිලු කලියුග කලට..
මමත් මෙය ලිව්වෙ නුඹෙ දුක නිවන්නට
KOHEDA HALO NANDAMMALA LELILA SINDU KIYANNE. DO YO UNDERSTAND HOW POOR YOU ARE.
ReplyDeleteමා දුප්පත් විය හැක, නමුත් ඔබට වඩා සිංහල අකුරෙන් පොහොසතෙක්මි!
Deleteහරියට හරි කතන්දර පුතා.උන් ලියන ඒවට උත්තර දෙන්න යන්න එපා...
Deleteමොකද්ද කාකා මේ වී දෙකක් කියන්නේ ?වී ඇටද ?වී ගෝනිද මම අහලා තියෙන්නේ නම්
ReplyDelete-මැනලා වී පතක් දුන්නයි මල්ලකට- කියල
දෙකක් දෙන්න හිතෙනවා රජරටටත්!
Deleteපතක් නං මනින්න දෙයක් තියෙනවායැ, දෙකක් දුන්නාය කියපු නිසා තමයි මැනලා දුන්නාය කියලා හිතෙන්නේ.
Deleteayi ban deketh maninda deyak thiyenawada? tikak kiwwanan iwarane
Deleteඔය කවිය නම් ජනප්‍රිය එකක් තමා.ඕකට හදලා තියෙන අනිත් කවි පස්සේ නිර්මාණ වෙච්ච ඒවා වෙන්ට ඇති.
ReplyDeleteවෙන්ට ඇති!
Delete