
අද හවස් වෙලේ වෙහෙස මහන්සි වී හති අරිමින් ඉන්න වෙලේ අපූරු දෙයක් මතක් වුණා. මතකනේ මං මීට කලින් සිංහල ලෙස්බියන් සින්දුව ගැන, ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක් ගැන වගේ සින්දු ගැන කතන්දර රාශියල් ලියලා තියෙනවා. (දිග ලයිස්තුවක් ප/ලි යේ ඇත) අද කතන්දරේත් ඒ වගේ සින්දු ගැන එකක්.
තාත්තයි පුතයි කියන සින්දු අපි අහලා තියෙනවා. උදා: බට් යූ ලව් මී ඩැඩී.
අම්මයි දුවයි කියන සින්දු අපි අහලා තියෙනවා. උදා: බුදුන් වදින මේ දෑතින් වැඳල කියන්නම් අම්මේ
[යූ ටියුබ් එකේ නැත! මා ලඟද නැත!!]
අක්කයි මල්ලියි කියන සින්දු අපි අහල තියෙනවා. උදා: අක්කේ ටිකක් ඉන්නකෝ
අයියයි නංගියි කියන සින්දු අපි අහල තියෙනවා. උදා: කීන දම් මිටක්.
නෑනයි මස්සිනයි කියන සින්දුත් ඕනෑ තරම්. උදා-රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ.
මාමයි බෑණයි කියන සින්දු නම් එමටයි. උදා-රෝහණ විජේවීර දෙන්නා ගේ සින්දු දුසිමක්ම තියෙන්නේ.
මට ඇති වුණු ප්‍රශ්නය මේකයි.
ඇයි නැන්දම්මා සහ ලේලි කියන සින්දු නැත්තේ? එහෙම නැත්තං, එහෙම සින්දු මං අහලා නැත්තේ?
නැන්දම්මා සහ ලේලි කියන සින්දු දන්නවා නං පහලින් ලියලා යන්න.
-කතන්දරකාරයා
ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවයි.
කතන්දර බ්ලොගයේ මීට කලින් පලවුණු සින්දු ගැ කතන්දර කිහිපයකට ලින්ක්ස් මෙන්න.
1. ලයික් සහ ලොල්-කතන්දර කීපයක් ඉතා කෙටියෙන් - From LIKE to LoL (http://kathandara.blogspot.com/2012/08/from-like-to-lol.html)
2. ඉරිදා බඩු මෙන්න සෙනසුරාදාම - Sunday come early! (http://kathandara.blogspot.com/2012/07/sunday-come-early.html)
3. එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක් - One seed and two fruits (http://kathandara.blogspot.com/2012/04/one-seed-and-two-fruits.html)
4. ආදරේ අද නෙමෙයි හෙට...! - Tomorrow never comes (http://kathandara.blogspot.com/2012/03/tomorrow-never-comes.html)
5. සුද්දො අපෙන් කොපි කරපු සින්දු මෙන්න අහන්න - From English to Sinhala or Sinhala to English? (http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html)
6. "පෙම්බර මධු කාගෙද?" හෙවත් ඉච්ඡාභංගත්වය - Can a video bring this much anomy? (http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html)
7. සකලදේශවාසී සියළු පුරුෂයිනි එක් වෙයව්! නෑසී යන පුරුෂභාවයේ හඬ : Calling all men - Get up, stand up! (http://kathandara.blogspot.com/2011/11/calling-all-men-get-up-stand-up.html)
8. සංගීත් ඔස්තාද් අහවලා නොහොත් ගණිකාවකට බැඳි පෙම - How long is too long? (http://kathandara.blogspot.com/2012/03/blog-post.html)
9. ඇම්පීත්‍රී සහිත - මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය :: Inhumane song written about the humane war (with MP3) (http://kathandara.blogspot.com/2011/05/inhumane-song-written-about-humane-war.html)
10. උගෙ අම්මයි දුන්නේ! (http://kathandara.blogspot.com/2011/05/blog-post.html)
මදිද? තවත් ඕනෑ නම් මෙන්න මෙතන බලන්න. http://kathandara.blogspot.com/search/label/%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94#uds-search-results
(image: http://www.5sizes2small.com/wristflick/holidays-2/5-tips-for-dealing-with-a-mother-in-law/)
කතන්දරගෙ නොදන්නා කම. ලෝකෙ වැඩියෙම්ම තියෙන්නෙ නැන්දම්මගෙයි ලේලිගෙයි සින්දු තමා. ඒව වැඩියෙම්ම අහන්නෙත් මාමයි බෑනයි අසල්වැසියොයි..
ReplyDelete(මම orgnl එව නම් දන්නෙ නෑ. ඒත් ඉස්සර 70 දශකයෙ වගේ අපි අහපු නැති ලස්සන සින්දු කොයි තරම් ඇතිද?)
ඇයි නැන්දම්මා සහ ලේලි කියන සින්දු නැත්තේ?
ReplyDeleteකකා පිස්සු කියෝනවා... බොහොම අමාරුවෙන් ඉහගහගෙන ඉන්නේ නැන්දම්මත් එක්ක.. සින්දු කියන්න ගිහින් නිකම් මේ අහක යන ලෙඩ දාගන්නද.....?? හි හි.....
ReplyDeleteනැන්දම්මෙක් ද නැත.. අපෙ අම්මට ලෙලියෙක්ද නැත.. ඔව්වා ගැන සොයන්නෙද නැත.. :D
ReplyDeleteඋඩම පින්තූරේ ලේලිගේ මෙව්වා එක පේනවා. කොටු දාන්නේ නැද්ද?
ReplyDeleteහික්. සින්දු නෙමෙයි පැල් කවිනේ කියන්නේ...
ReplyDeleteසින්දු නෑ..මියුසික් විතරයි ඒවගේ තියෙන්නේ! සමහර තැන් වල රැප් කරනවා!! ;)
ReplyDeleteහැබැයි නැන්දම්මා ලේලි කේස් ගැන නම් තියනවා සින්දු..
"සමකෝනි ත්‍රිකෝණයකී.." ඒ සින්දුව ඒ ගැන තමා මං හිතන්නේ...
mokada neththe. Kussiya peththe thamai thiyenne. Wachana sanwara nethi nisa pracharaya wenne ne.
ReplyDeleteEth ehema nethi thaen thami wedi.
කතන්දරම එකක් ලීවා නම් හරි...:D
ReplyDeleteKAKKA GE NANDAMMATI LELITI KIYALA KIYAWALA AHANTA BERIYE. OYA LIKU BALA BALA INNA KATADA WELAWA THIYENNE.
ReplyDeleteඒ යුවල ගහනවා බයිලා !
ReplyDelete‘සුදු නැන්දා ඇයි‘ ගීතය සැට් කරල බලමු !
නැතුව නෙවෙයි. ලියවිල ඇති. අපේ පිරිමි පාර්ශවය ඒ ජාතියෙ සිංදු කියන්න බය ඇති.
ReplyDeleteඅම්මප...ඇයි එහෙම නැත්තෙ......කකා තුමාට බැරිද එකක් ලියන්න...
ReplyDeleteනෑ නේන්නං :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පියුම් රටාවෙන් පැදුරක් මම වියනා...
ReplyDeleteගිරා කොබෙයියෝ පැදුරේ මැද වියනා..
ඉර සද ඊසානේ සාවුන් හිද කෙලිනා...
නැන්දට බලන්නට පැදුරක් මම වියනා...
මේ තියෙන්නේ..
Deleteමම නම් කකාගේ කතාවට වඩා ආස ජෙනිෆර් ලෝපෙස්ගෙ පිංතූරේට
ReplyDeleteචීයා! Naughty Firefly!
DeleteLatha walpola eyage leli ekka kiyana ekak tiyanawa
ReplyDeleteකෝ කොහෙද? මොකක්ද?
Deleteලියන්න දෙයක් නැත්තම් නිකන් ඉන්නකො ලොක්කා. මොනවද මේ බ්ලොග් පෝස්ට්.
ReplyDeleteමං ලියලා පල කෙරුවේ නැත්තං ඔයා මොනවද සුදෝ කියවන්නේ? ඒකයි මං මේ වෙන වැඩ අතපසු වුනත් බ්ලොග් එක කරගෙන යන්නේ.
Delete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි. මේ කෑල්ලත් කියවන්න.
http://kathandara.blogspot.com.au/2012/10/story-in-verse.html