Monday 27 June 2011

රතු කොරොල්ලා කාර් එකක් විකිණීමට තිබේ! - A Red Corolla Car 4 Sale


ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා ගත්තු කාර් එකෙන් මං සේවය ගන්න කලින්, මට කාර් එකට සේවය කරන්නයි වුනේ. නමුත් සේරම අවසානයේ රතු පාට කාර් එකේ පස්ස සීට් එකේ තියන් පුංචි රෝස පාට දූ පැටියෙක් හොස්පිටිතාලෙන් ගෙදර ගෙනා හැටි නම් මට කවදාවත් අමතක නොවෙන අත්දැකීමක්. ඉන් පස්සේ නං ස්පීඩ් කරලා අහුවෙලා උසාවි ගිහින් වෙච්ච රස්තියාදුවෙන් පස්සේ බොරු කියන්නත්, දඩ කන්නත්, ලොක්-අප් එකේ වැටෙන්නත් වුණා!

පස්සෙන් පහු, ගෙදර දොරේ සාමාන්‍ය වැඩවලට හෙමත්, ඒ කියන්නේ නුගේගොඩ ගිහින් එළවලු බඩු මුට්ටු ගේන්න, දෙමව්පියන් බලන්න යන්න, මේ රතු කොරොල්ලා කාරෙක අපි පාවිච්චි කළ බව කියන්න ඕනෑ.

වැඩට යන එන එකත් ඉතිං කාර් එකේම කරන්න තිබුණා තමා. හැබැයි ඉතින් එකම ප්‍රශ්ණය වුනේ ප්‍රෙට්‍රල් ගහන එකයි. අර පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සට තිබුනේ අපේ ඇන්ටි ලා ගේ පයිප් ඩ්‍රීම්ස් වල විතරනේ!

ඒ දවස්වල මං සාමාන්‍යයෙන් ගහන්නේ ලීටර් දහයයි. එකෙන් සතියක් විතර දුවනවා. ප්‍රෙට්‍රල් නැට්ටටම හිඳුනට පස්සේ තවත් ලීටර් දහයක් ගහනවා.

කොරොල්ලා එකේ එන්ජිම 1500 සී.සී. එකක්. ඉතිං ලීටරයකින් කිලෝ මීටර් දහයක් විතරවත් වැඩ කරන්නේ නෑ කොළඹ අවට ගමන් වලදී. කොහොමටත් කොරොල්ලා කාර්වල පෙට්‍රල් පිච්චීම ටිකක් වැඩියි කියල නේ කියන්නේ.

වැඩට ගිහින් ආපහු එනවා කියන්නේ ලීටර් තුනක විතර කේස් එකක්. ඒ සල්ලිවලින් දවස් දහයක් විතර වගේ බස් එකේ වැඩට ගිහින් එන්න පුළුවන්. ඉතිං කොහොමද හිත හදා ගන්නේ කාර් එකේ යන්න.

අනික බස් එකේ යනකොට පොතක් පත්තරයක් බලන්නත් ඇහැකියි නේ!

නමුත් මං පස්සේ පුරුදු වුණා මෙන්න මෙහෙම කරන්න. ඔන්න මායි, හාමිනේයි දෙන්නා කාර් කට්ටේ ගෙදරින් පිටත් වෙනවා. මං හාමිනේ ගේ වැඩපොලේ කාර් එක දාලා, එතනින් බස් එකක එල්ලිලා මගේ වැඩපොලට යනවා.

හවස බස් එකේ ඇවිත් හාමිනේ ගේ වැඩපොලෙන් කාර් එක අරං ගෙදර එනවා. ඒ වෙන කොට හාමිනේ නං වැඩ ඇරිලා බස් එකේම ගෙදර ගොහින්.

කොහොම වුනත් ඔය පෙට්‍රල් සීන් එක හින්දා මට ඒ දවස්වල හිතිලා තිබුනේ මේ ටොයොටා එකට වඩා පුංචි කාර් එකක් ගත්ත නං හොඳයි නේද කියලා.

මගේ යාළුවෙකුට තිබුණා ඩයිහට්සු චැරේඩ් එකක්. ඒකේ පෙට්‍රල් ලීටරයට කිලෝ මීටර් පාලහක් තරමට හොඳට වැඩ කරනවා කියලයි පොර කිව්වේ. නිසාන් මාච්, ටොයොටා ස්ටාලට්, හොන්ඩා සිටි වගේ ඒවගේත් ඇන්ජින් පොඩි නිසා, පෙට්‍රල් හොඳට වැඩ කරනවාය කියලයි කාගෙ කාගෙත් අදහස වුනේ.

කරුණු එලෙස නිසා, මං ඉරිද දවස්වලට අල්ලපු ගෙදර අංකල්ගෙන් ඔබ්සර්වර් එක බලන කොට ඔය කියන මොඩල්වල වාහන ගැන ඇහැ ගහගෙන තමයි හිටියේ.

නමුත් එක ප්‍රශ්ණයක් තිබුණා.

ඉස්සෙල්ලා මේ රතු කොරොල්ලා කාරෙක විකුණන්න ඕනෑ. ඒ සල්ලි වලින් තමයි මීට වඩා පෙට්‍රල් වැඩ කරන කාරෙකක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඉතිං ඒකට සති ගාණක් යාවි. කොරොල්ලා එක හොයාගන්නත් මාසයක් විතර ගියා නේ.

ඉතිං, මේක විකුණලා වෙන කාර් එකක් ගන්නවා කියන්නේ මාසයක් විතර නෝ-කාර් කොම්පැණියේ තමයි පදින්න වෙන්නේ! අනික කාර් එකක් නැතුව, තව කාර් එකක් හොයාගන්න එහෙ මෙහෙ දුවන එකත් ලේසි වැඩක් නෙමේ.

මේකත් හරියට "විෂම චක්‍රයක්" වගේ එකක් හිතලා බලන කොට.

ඉතිං ඔය කාරණය හින්දාම මං වැඩේ පොඩ්ඩක් බැක්බර්නර් එකට දාලා, දැහැමෙන් සෙමෙන්, අරපිරිමැස්මෙන් කටයුතු කරගෙන යන්න පටන්ගත්තා.

-කතන්දරකාරයා

ප/ලි:
ඔහොම කාලයක් ගියාට පස්සේ තමයි මට නුගේගොඩ සුපර් මාකට් එක ලඟදී මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ!

(image: http://www.countrycars.com.au/centralvictoria/car-dealer/EPSOM)

66 comments:

  1. මිස්ටර් පෙරේරා කිව්වේ අර රත්ති විකුණන මිසිස් පෙරේරගේ හස්බන්ඩ් වෙන්න ඇති නේ?

    ReplyDelete
  2. අම්මප අර පූස කිවුවත් වගේ... මිසිස් පෙරේර රත්ති විකුනනවා මිස්ට පෙරේරා කාර් බ්‍රෝකර් කාරයෙක්වත්දැ ???

    ReplyDelete
  3. මොකෝ මේ ගත්තු කාර් එක එපාවෙලා තියෙන්නේ ?

    ReplyDelete
  4. දැන් ඉතිං මිස්ට පෙරේරා කතන්දරව අමාරුවෙ දාපු හැටි ගැන විස්තරයක් කරන්නකො.

    ReplyDelete
  5. කීයද දෙන්නෙ, මම දන්න යකඩ බඩු කඩයක් තියනවා අපි කතා කරමු ...

    ReplyDelete
  6. කවුද කියන්නේ කොරොල්ලා වල පැස්ටෝල් කොරන්නෙ නෑ කියලා ?
    පරණ ඒවයෙ නම් එහෙම වෙන්න ඇති, හැබැයි අළුත්ම අළුත් කිරි ටොය්යොන්ගෙ නම් ගැලුමට හැතැක්ම 35ක් නිතර වැඩ ඒ කියන්නේ ලීටරයට කිලෝමිටර 13.5 ක් වැඩ..
    ඒ මදැයි

    ReplyDelete
  7. ඕක තමයි කියන්නේ දෙයක් නැතුව .. ඕන තරම් කාලයක් ඉන්න පුලුවන්. ඒත්..තිබිලා නැති උනාම ... පිස්සු හැදෙනවා කියලා..කතන්දර අයියේ.

    ReplyDelete
  8. මගෙත් ඔලුවට ආවෙ පෙරේරා කියනකොට කාර් බ්‍රෝකර් කෙනෙක් වෙන්නැති කියල. වන් ඕනර් කාර් එකක් ගැන ඔත්තුවක් එහෙම දුන්නද?

    ඉස්සර ලංකාවේ සීන් කෝන් එකක් තිබ්බ, කොය් තරං ඕනර්ල මාරු වුනත් පලවෙනි අයිති කාරයගෙ ලියකියවිලි වලින් තමය් ඊළඟ අයිතිකාරයොත් දුවන්නෙ. ඉතිං හැමදාම ඒක වන් ඕනර් කාර් එකක්. තවමත් ඒ ක්‍රමේ කෙරීගෙන යනවද කියල නං දන්නෙ නැහැ. මගෙ හිතවතෙකුට ඉන්සුරන්ස් ක්ලේම් එකක් ගන්න වාහනේ ට්‍රාන්සර් කරගන්න ගියාම ආර්. එම් වී. සත්ගුණවත් මහත්තුරු කිව්ව ඉස්සෙල්ල අයිතිකාරයගෙ අස්සන පැහැදිලි නැහැ ඒ නිසා අලුතින් ට්‍රාන්සර් ෆෝම් එකක් අස්සන් කොරන් එන්න කියල. (පරණ කොලේ ඇත්තටම අතින් අත මාරු වෙලා කියවන්න බැරි සයිස් එකේ තමා තිබ්බේ) කොහොම හරි කොලේ තිබ්බ ලිපිනය අනුව අයිතිකාරය හොයන් ගියාම, ඒ පුද්ගලයා මිය පරොලොව ගිහින්, වල දාපු තැන මහ ගස් කොලන් හිටන් වැවිල කියලය් දැන ගන්න ලැබිල තියෙන්නෙ.

    හැබය් ඉතිං ආපහු ආර්.එම්.වී. එකට ගිහින්, එතන ඉන්න කාක්කෙක් මගින්, ඉස්සෙල්ල බැහැ කියාපු නිලධාරියාටම, අත යට ටැක්ස් එකක් ගෙවල ට්‍රාන්සර් එක හදාගෙන තියෙනව.

    සමාවෙන්න ඕනෙ කතන්දර, අන්තිමට කොමෙන්ට් එක පෝස්ට් එක ගැන නෙමේ, නිකන් මගෙ "මිනි පෝස්ට්" එකක් වගේ

    ReplyDelete
  9. අනේ මිස්ටර් පෙරේරා නම් හොද මනුස්සයා.
    උණුවතුරත් නිවලා බොන්නේ.

    ReplyDelete
  10. අනේ ඔය පින්තූරෙ දාල තියන කාර් එක ගන්නත් මිනිස්සු හිටියද :)
    මැණික්

    ReplyDelete
  11. අයියෝ... ඕක විකුනන්න එපා අප්පා...

    ReplyDelete
  12. හැබැයි මේක ගන්න කෙනාට කලින්ම පිටගැස්මට ඉනජෙක්සොන් එකක්
    ගහගත්තනම් තමා හොඳ

    ReplyDelete
  13. හැබෑටම කතන්දර මොකද්ද "පයිප් ඩ්‍රීම්ස්" කියන්නේ.... මම නොදන්න කුණු මෙව්ව එකක්ද..?

    ReplyDelete
  14. ඒකාලෙත් නිසාන් මාච් තිබ්බාද? හැබැයි පට්ට ගහපු ස්ටාලට් වලට දැනුත් මර්කට් එක හොඳයි! මං හිතන්නෙ දැනටත් 13/14 ගණං වලට දුන්නැකි.

    ඉතිං මාර්කට් එකේ හැටියට ඔය කුරුල්ලාව දීලා ස්ටාලට්ව ගන්න සල්ලි ඇතිවෙයිද අප්පා?

    ReplyDelete
  15. කතාන්දර ඔය කාර් එකේ පෙට්‍රල් හෑදුවොත් මොකද,නුවර කදු යනවානම් බෑහෑ.කොළඹ අවටනේ යන්නේ.ඕක කාබලේටර් නම් ගොඩක් ලෙහෙසියි.ඕන කරන්නේ පොඩ් පෑතලි නියනක් විතරයි.

    ReplyDelete
  16. අපේ මාමන්ඩිගේ සුදු පාට කොරොල්ල එක මිදුලේ තියනවා දැකල කට්ටියක් ඇවිත් ඉල්ලුවා. ඕකත් මිදුලේ නවත්තල තිබ්බ නම් හරි. පෙරේරා උදව් කලාද.

    ReplyDelete
  17. කතන්දර
    දැන්නම් මොකටද කොරොල්ලා වල යන්නෙ නේද?අපේ ගමෙත් හිටියා කාර් බ්‍රෝකර් කෙනෙක් ඉස්සර.ඕනම ලදරමක් විස්තර කරන්නේ ඒක ලංකාවෙ තියන හොඳම කාර් එක වගේ.මෙන්න මේ වගේ.මහත්තය මෙක වන් ඕනර් කාර් එකක්.වැඩිය දුවලත් නෑ.නෝනයි මහත්තයයි විතරයි යන්නෙ පස්සෙ සීට් එකේ මැස්සෙක්වත් වහලා නෑ.ගිහින් බැලුවහම කතාව ඇත්ත.මැස්සෙකුට වහන්න සීට් එකක් තියෙන්න එපායැ.ඒ පැත්ත ඔක්කොම දිරලා.තවත් එකක්.ෂෝක් කාර් පොඩ්ඩ මහත්ත්යා.එන්ජිමයි ගියර් පෙට්ටියයි, ඩිප් එකයි හදලා, ටින්කරින්ටික කරලා, පේන්ට් කරලා,ටයර් හතරක් දාලා සීට් ටික හදාගන්න විතරයි තියෙන්නේ. මොකද්ද දැන් කතන්දර පාවිච්චි කරන්නේ? කොමඩොර්ද පැල්කන්ද?

    ReplyDelete
  18. කතන්දර මහත්තය ඔය කාරෙකට මේකෙම දීල තියෙන පොරසිද්දිය ගුණ වර්ණනාව හින්ද කවුරුත් ඕක ගනියිද මන්ද ? ලංකාව වටේම ඇලට් එකක් ගිහින් තියෙන්නේ රතු කොරොල්ල එකකින් ප්‍රවේසම් වෙනු කියාලා

    ReplyDelete
  19. @ ඇනෝ,
    ඇය් ඉංග්‍රීසි පත්තරේ දාන්නෙ "mechanically sound " කියල. ස්ටාර්ට් කරල බැලුවම සද්ද බද්ද අඩුවක් නැහැ, කොහෙන්ද කඩා වැටෙන්න යන්නෙ කියල විතරය් හොයා ගන්න බැරි

    ReplyDelete
  20. 10km :O අපේ තිබ්බ 1.8L Corolla එකක්,එකේ මීට වඩා ගොඩක් වැඩ කරානේ,

    ReplyDelete
  21. හනේ උබ බයිසිකලයක් ගත්තනං ඔය කරදර ඉවරයිනේ නැත්තං රෝද 3 මෙව්වා එකත් මරු

    ReplyDelete
  22. ඩයිහට්සු චැරඩ් එක නම් ලොවෙත් නෑ.. අපෙ බාප්පා ලග තිබ්බා ඩීසල් එකක්. දැන් අවු 8-9 ට කලින්.. ඒ දවස් වල අම්බලන්ගොඩ ඉදන් කොලඹ "ගිහින් එන්න" පුලුවන් රු 150 ‍පෙට්‍රල් වලින්...

    ReplyDelete
  23. සුපර් මාරියෝ,

    'ඩීසල්' කාරෙකේ අම්බලන්ගොඩ ගිහින් කොළඹ එන්න පුලුවන් නං 150/- 'පෙට්‍රල්' වලින් ඒක පට්ට කාරෙකක් වෙන්ටැති නෙ බං..

    ReplyDelete
  24. සුපර් මාරියෝ
    ඔයාගෙ බාප්පගෙ ඩයිහට්සු එකනම් මාර කාර් එකක්නේ.ඩීසල් කාර් එක කොහොමද පෙට්‍රල් වලින් කොළඹ යන්නේ?ඉස්සර තානාපති කාර්යාල වල වාහනවල ගහලා තිබුනා පුංචි බෝඩ් එකක් DPL කියලා.ඒකට දීලා තිබුන තේරුම තමයි ඩීසල්,පෙට්‍රල්,ලාම්පුතෙල් තුනෙන්ම ඒ වාහන දුවනවා කියලා. හරි එක නම් Diplomatic.බාප්පගෙ එකත් ඒ වගෙ එකක්ද?

    ReplyDelete
  25. කතන්දරට තිබුනෙ "විල්බැරෝස්" එකක් ගන්න . . . . ඇංජිම පොඩියි . . . පැට්ටල් ඩිංගිත්තක් ගැහුවාම කකුල් පන තියේනං රට වටේ උනත් යතෑකි ගේමක් නැතුව. අනික බට දාන්නත් පුලුවංනෙ . . . . ෆ්‍රන්ට් වීල්, කන්වටිබල්, ෆුල් ඒසී . . . ඔය ටික විතරක් නං මදෑ . . . . ඉස්සරහිං ලනුවක් ගැටගහල හාමිනේට දුන්නනං . . . ."පුල් ඔප්ශන්"

    ReplyDelete
  26. @ පූසා
    @ පොඩි මෑන්
    අපෝ නෑ. මිස්ටර් පෙරේරා කියන්නේ බැංකුවක වැඩ කරන මහත්තයෙක්.

    ReplyDelete
  27. @ මධුරංග
    ඇයි ළමයෝ එදා උසාවි ගිය දවසේ නේ මට හිතුනේ මේ කාර් වෙඩිම විකණලා දාන්න.

    ReplyDelete
  28. @ Praසන්ன
    මිස්ටර් පෙරේරා තමයි කාර් එක විකුණලා පස්සේ කාර් හොයන්නේ නැතුව වැඩේ ෂේප් කරගන්න මට කියල දුන්නු දෙයියා!

    ReplyDelete
  29. @ පන්සල් හන්දිය
    අඩෝ - වලි තමයි හරිය?

    ReplyDelete
  30. @ ariyananda
    අපිට කොයින්ද හලෝ ටොයියෝ. ඒ දවස්වල කබ්බෝ විතරයි අපේ රේන්ජ් එකේ තිබුනේ!

    ReplyDelete
  31. @ නිල් අහස
    තාම නැතිවුනේ නෑ ළමයෝ, නැති වෙන්න පටන් ගත්තා විතරයි!

    ReplyDelete
  32. @ Observer
    ගාණක් නෑ. මේ වගේ කෑල්ලකුත් ඉස්සරහට එනවා මේ මෙගා එකේ!

    ReplyDelete
  33. @ Gimhani
    ඔයා ඇත්තටම මිස්ටර් පෙරේරා ව දන්නවා වගේ!

    ReplyDelete
  34. @ මැණික්
    අනේ මැණික් ඔය ෆොටෝ එක වෙබ් එකෙන් ඉස්සුව එකක් නේ!

    ReplyDelete
  35. @ ADK කොලුවා
    ඇයි කවුද තෙල් ගහන්නේ ඔයාද?

    ReplyDelete
  36. @ Gimahani
    ඇයි නිව්මෝනියාවටයි, මැලේරියාවටයි ඉන්ජෙක්ෂන් ගහන්නේ නැද්ද?

    ReplyDelete
  37. @ sudheera
    අන්න පයිප් ඩ්‍රීම්ස් වලට ලින්ක් එකක් දැම්මා!

    ReplyDelete
  38. @ බුද්ධි
    බලමු, බලමු මොකද වෙන්නේ කියලා!

    ReplyDelete
  39. @ Nuwantha
    අනේ නුවන්ත ඔය සේරටම වැඩිය හොඳයි විකුණලා දාන එක.
    ඇක්සිඩන්ට් එකකුත් වුණානේ!

    ReplyDelete
  40. අන්තිම ඇනෝ, D .P .L . කියන්නෙ "දීපන් පු# ලොක්කට" කියලය් අපේ කාලේ නං

    ReplyDelete
  41. මම නම් කැමතිම වාහනේ කොරොල්ලා....අතට ගැලපෙන කියාපු කාරු එක...දැන් පාවිච්චි කරන්නේ සී110 මොඩල් එකක්....පට්ට වාහනේ....

    ක.කා අයියා ඉතුරු ටිකත් කියන්න බලන්න....

    ReplyDelete
  42. @ Bindi
    ඉස්සර දවසක් අපේ මිදුලෙත් සුදු පාට කුරුල්ලෙක් නං හිටියා. ඒ සුදු රෙදි හොරෙක්.

    ReplyDelete
  43. @ ඇනෝ 1
    මේ දවස්වලත් මගේ පාවිච්චිය ටොයොටා එකක් ම තමා. හැබැයි කැම්රි.

    ReplyDelete
  44. @ සරත් ලංකාප්‍රිය
    බය වෙන්න දෙයක් නෑ. මිස්ටර් පෙරේරා ඉන්වානේ!

    ReplyDelete
  45. කතන්දරේ මේ කියන්නේ මම වැඩ කරන් බ්‍රාන්ච් (බැංකුවේ ) එකේ ඉන්න පෙරේරා ගැන එහෙම නෙමේ නේද??? අ
    අනේ ඒ මැන් ට නම් අහුවෙන්න එපා...
    මුලින් හොද වෙලා පස්සේ නරක් වෙයි....

    ReplyDelete
  46. @ Observer
    ඇයි සමහර වාහන වල හෝන් එක විතරයි සද්ද නැත්තේ!

    ReplyDelete
  47. @ බුද්ධික
    ඒවා වගේ ද මගේ කොරොල්ලා ඒක, මේක E80 එකක්.

    ReplyDelete
  48. @ කිඩෝ
    කිඩෝ කාලේ වත් මං ඔය රෝද දෙකේ තුනේ බාල වැඩ කලේ නෑ.

    ReplyDelete
  49. @ සුපර් මාරියෝ
    අන්න ඔහේට මං නැතුවට හැමෝම බැස්ටිය දීල ගිහිල්ලා

    ReplyDelete
  50. @ ඕනයා
    ඇයි හාමිනේ ට කියලා නාහෙටම ලණුව දාගත්තනං හරිනේ ඕනයා මලයා කර ගත්තා වගේම.

    ReplyDelete
  51. @ Observer
    ඒ කාලේ GPO කියන්නේ ගහපං පොල්ලෙන් ඔළුවට නේද?

    ReplyDelete
  52. @ මකුළුවා
    බදාදා ට දානවා මිස්ටර් පෙරේරා හමුවීම!

    ReplyDelete
  53. @ දේවා ගේ අඩවිය
    අපෝ නෑ. හැබැයි මෙයත් පෙරේරා, නෑයෝ නෙමේ මගේ හිතේ.

    ReplyDelete
  54. chak katandara meka wikunanna puluwanda?onna oka mata denna man gannam oka yakada walata dan yakadath higa kale

    ReplyDelete
  55. ලොවෙත් නෑ වෙච්ච වැරැද්ද නම්...
    කොහෙද ඉතින් මම කාර් එකට ගහන්නේ පෙට්‍රල් නේ.. එතින් පුරුද්දටයි ලියවුනේ.. ඔකට ඉතින් කට්ටිය ඔච්චර කියවන්න ඔනෙයි... :P

    ReplyDelete
  56. කසු ෂුවර් එකටම හොඳ ගාණකට කුරුල්ලා දෙන්න ඇති. ලංකාවෙ පරණ වෙන්න පරණ වෙන්න තමයි වාහන වල වැලිව් එක වැඩි වෙන්නෙ. අනික මම කට කහන්නැහේ කියන්නම්, කසු මේක විකුණන්න ඇඩ් එක දාන්න ඇත්තෙ, මින්ට් කන්ඩිෂන්, ලේඩි ඩ්‍රිවන් නෝ ඇක්සිඩන්ට් කියලා වෙන්නැති.....!

    ReplyDelete
  57. කාර් බාර් ගැන ඉතින් මම යන්තමවත් දෙයක් දන්නේ නෑ . මම ඉතින් දන්නේ මගේ බොසා ගාව තියන හයිබ්‍රිඩ් කාර් එක ගැන විතරයි . අපරාදේ තෙල් ගැන හිතනවා නම් කකා අයියට තිබුනේ හයිබ්‍රිඩ් එකක් ගන්න .

    දැන් අහන්න එපා ඒ කාලේ කොයිද බං ඒවා කියලා . කොහොම හරි ගන්න තිබ්බා .

    පෙරේරා කියන්නේ කාර් සේල් එකක හිමි කරුවෙක් වෙන්න ඇති .එයා කතන්දරට නොමිලේ වාහනයක් දෙනවා .ඒක නේද ඉස්ටෝරිය ?

    ReplyDelete
  58. @ Buratheno
    තැක්කියු කිව්වා!

    ReplyDelete
  59. @ දුමී
    @ හිස් අහස
    පොඩ්ඩක් ඉන්නකෝ බදදා ඊලඟ කොටස එනකං. මිස්ටර් පෙරේරා හින්දා සේරම ගොඩ යයි!

    ReplyDelete
  60. Mr. Perera විතරද? Mrs නැද්ද?

    ReplyDelete
  61. Machan Nissan March eka Patrol karanne nam na. 6KM per liter withara karanne. danna kenek ta wath ganda denda epa.

    ReplyDelete
  62. සඳරු . . . . ගොං කරත්තෙ කියන්නෙත් හයිබ්‍රිඩ් එකක් තමා . . . . ගොනා ඇදං යද්දි ඩැයිවර්ට පුලුවංනෙ තල්ලු කරන්න

    ReplyDelete
  63. @ BCKurera
    @ Ano
    @ All

    සියළු දෙනටම ස්තුතියි.
    මොග එකේ ඊලඟ එපිසෝඩ් එක, මිස්ටර් පෙරේරා හමුවූ හැටි, හෙට බලන්න.

    ReplyDelete
  64. @ඕනයා = අපේ සීයට කරත්තයක් තිබ්බා.. ගොනාට අජීරනයක් තිබ්බා . සීයා ගියර් එක දාලා ක්ලච් එක අත ඇරලා ඇකසලරේටරේ පෑගුවා විතරයි බක්කියි පිරෙන්න ගොම ..

    ඔන්න මචෝ හයිබ්‍රිඩ් කරත්තවල අතුරු ඵල !

    ReplyDelete
  65. @සඳරු:
    ඔය සංසිද්දියට අපි කියන්නෙ "ටර්බෝ චාජරේ අරිනව" කියල.
    සීයට වාඩිවෙලා ඉඳල තියෙන්නෙ ඉස්සරහ පේලියෙ මැද ජම්පරේ . . . ඒකයි ශොට් එක වැදිල තියෙන්නෙ . . . . ප්‍රොෆෙශනල් කරත්ත රයිඩර් කෙනෙක් වගේ බෝං ලීයෙ වාඩි වෙලා ගියා නං අවුලක් නෑ . . . . ගොම පාර සීයගෙ කන ලඟිං ගිහිං බක්කියෙ ආතල් එකේ ඉන්න පැසෙන්ජර්ස්ලට වදින්නෙ . . . .

    ප.ලි.
    ඇස්ලේටරේ පාගනවාය කීවෙ . . . කිරිජ්ජපල්ල කෙවිටෙං කිති කවන එකට වෙන්ටැ ???

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.