Wednesday 15 June 2011

කතන්දරකාරයා ස්පීඩ් කර අහුවෙයි - Kathandarakaraya caught speeding


මේ සිද්ධිය වුනේ කතන්දරකාරයා වීරයා සේ රතු කොරොල්ලා කාරෙකෙන් රෝස බබෙක් ගෙදර ගෙනල්ලා සති තුනකට විතර පස්සේයි.

බබා හම්බවෙන්න ඉතිං කතන්තර හාමිනේ මැටනිටි නිවාඩු ගත්තනේ මාස තුනක් විතර. මැටනිටි නිවාඩු කියන්නේ දන්නවානේ මුළු පඩියම ලැබෙනවා.

මේ කියන කාලේ කතන්දර හාමිනේ ගේ වැඩපොලේ පඩි බැංකුවට ගෙවන ක්‍රමයක් තිබුනේ නෑ, මගේ වැඩපොලේ කළා වාගේ. අර ඉස්සර මං බොසී යටතේ වැඩ කරන කාලේ වගේ ලියුම් කවරෙක දාලා දෙන මාසේ පඩි පැකට්ටුව වැඩපොලේ දී ම අත්සන් කරලා ගන්න ඕනෑ.

ඉතිං නිවාඩු පිට බබා ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න කතන්දර හාමිනේව පලමුවෙනි මාසේ පඩි පැකට් එක ගන්න වැඩපොලට එක්කගෙන යන්න මං බාර ගත්තා.

එදා මට හවස පොඩි වැඩක් තිබුණු හින්දා මං ප්ලෑන් කලේ හාමිනේව රතු කොරොල්ලා කාර් එකේ එක්කගෙන ගිහින්, ඒ වැඩෙන් පස්සේ ආපහු ගෙනත් ගෙදර දාලා, මං වහාම බස් එකේ මගේ වැඩ පොලට යන්නයි.

ඔන්න අපි දෙන්නා පිටකෝට්ටේ පැත්තේ ඉඳලා ඇවිල්ලා වමට හරෝලා දැම්මා පාර්ලිමේන්තු පාරට බොරුල්ල පැත්තට යන්න.

වෙන වෙලාවට මේ පාර නිකං කාර් පාක් එකක් වගේ නේ. මේ වෙනකොට වෙලාව නමය විතර වෙලා නිසා මෙලෝ සතෙක් නැති ගානට පාර හිස්.

මංතුමා ඉතිං සීඝ්‍රයෙන් බොරුල්ල බලා යන්න පටන් ගත්තා.

ඔය හරියේ තියෙන පොඩි පාලම පහුවෙච්ච ගමන් වගේ මෙන්න බොලේ එක පාරටම පොලිස්කාරයෙක් පැන්නෙ නැතෑ කාර් එක ඉස්සරහට. මං වහාම කාර් එක නැවැත්තුවා.

පොර ඇවිල්ලා මා දිහා කාර් එකේ වීදුරුවෙන් බලලා ඇහැව්වා මෙහෙම.

"මහත්තයා දන්නවාද මේ පාරේ ස්පීඩ් ලිමිට් එක?"

මං කොහොමද ඕවා දන්නේ පාරේ ඒවා දන්වන බෝඩ් ගහල තිබුනේ නෑනේ.

"පැයට කිලෝ මීටර් හැටයි?" මං කිව්වා.

"වැරදියි, පැයට කිලෝ මීටර් හතලිහයි. මෙන්න මහත්තයා ගිය ස්පීඩ් එක."

පොර මට පෙන්නුවා ලේසර් ගන් එක. ඒකේ කොල පාට ඉලක්කමින් තිබුණා 64 කියලා.

ඉතිං මොනවා කරන්නද? පොර මගේ ලයිසොම අරගෙන, ඒකට තුණ්ඩුවක් දීලා, ස්පීඩ් කළ එකට දඩ කොලයක් ලියලා දුන්නා.

දඩ කොලේ ලැබුණාම මට නිකං පොඩි වීරකමක් වගෙයි දැනුනේ. මොකද ස්පීඩ් කරලත් අහුවුණු සීරීයස් ඩ්‍රයිවර් කෙනෙක් නේ.

නමුත් සත්‍යය තමයි පැයට කිලෝ මීටර් 64 කියන එක ඒ පාරේ හැටියට අන්තරාදායක ස්පීඩ් එකක් නොවෙන බව. මං මේ කියන්නේ කොළඹ තියෙන හොඳම පාරක් ගැනනේ.

නමුත් ඉතිං ඔය කතා වැඩක් නෑනේ අපිට තියෙන්නේ දඩ කොලේ ගෙවලා දාලා, ඒක පෙන්නලා පොලීසියෙන් ලයිසොම ආපහු ගන්න එකයි.

ගෙවන්න නං තිබුනේ රුපියල් දෙතුන් සීයක් විතරයි! මං හාමිනේව අරගෙන ආපහු ගෙදර එන ගමන්ම ගියා බොරැල්ලේ තැපැල් කන්තෝරුවට මේක ගෙවල දාන්න. බුදු අම්මෝ එතන තිබුණු පෝලිම. ආපහු වැඩට යන්නත් තිබුණ හින්ද මං ඒ වැඩේ පහුවදාට කල් දැම්මා.

හැබැයි ඉතිං ඒ දවස්වල ගෙදරයි, වැඩපොළෙයි, තිබුණු කළබළකාරී තත්වය හින්ද ද කොහෙද මට ඔය දඩ කොලේ ගෙවල දාන එක සති කීපයක්ම අමතක වුණා. ඔන්න එක දවසක් මතක් වෙච්ච වහාම මං ගියා අර ටවුන් හෝල් එක ලඟ තියෙන තැපැල් කන්තෝරුවට ඒක ගෙවන්න.

එතන කවුන්ටරේ හිටිය පොර කියපි, මේක ගෙවන්න බෑ දැන් කල් ගෙවිලය කියලා.

"බුදු අම්මෝ, දැන් මොකද කරන්නේ?" මං කෙලින්ම ගියා වැලිකඩ පොලීසියට.

විස්තරේ කිව්වහම, එතන ට්‍රැෆික් ඕඅයිසී කියපි, "දැන් ඉතිං කරන්න දෙයක් නෑ. අපිට මේක උසාවියට දාන්න වෙනවා. උදව්වක් හැටියට හැකි ඉක්මනින්ම දාල දෙන්නං!" කියලා.

දැන් ඉතිං පලයංකෝ උසාවි, මේ පොඩි කේස් එකට!

-කතන්දරකාරයා

ප/ලි:
අපේ පරම්පරාවේ එකෙක් මීට කලින් කාර් අරං නොතිබුණාට උසාවි ගිහින් නං තිබුණා.

හොඳ වෙලාවට!

ඒ කතාව ඊලඟට.
කතන්දරකාරයා උසාවි සාවියේ

(image: http://ocbizblog.com/)

42 comments:

  1. කියන්නත් බයයි. තාම දඩයකට අහුවෙලා නෑ. ඉතින් එහෙම අහුවුනාම ඇත්තටම වීරයෙක් වගේ දැනෙනවාද?:DDD

    තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ අද වෙනකල් දඩ කාලාම නැද්ද?:D

    ReplyDelete
  2. හය් ස්පීඩ් ගිහින් අහු වෙනව කියන්නෙ පොඩි පහේ වීර ක්‍රියාවක්ද? උසාවි ගිහින් පුරුදු කෂ්ටිය නෑදා පරපුරේ හිටිය නං බය වෙන්න දෙයක් තියෙන්න නැතුව ඇති ක. ශු. ට, මොකද ගොඩ පෙරකදෝරුවො කියන්නෙත් ලේසි පාසු අය නෙමේනෙ.

    ReplyDelete
  3. ලංකාවෙ පාරවල ස්පීඩ් ලිමිට් දක්වන සලකුණු තිබුනත් ඒවා අවසන් බව දක්වන සලකුණු මම නම් දැකලා නෑ තවම. ඒ නිසා A1 මාර්ගයේ කඩවත හරියෙ ස්පීඩ් ලිමිට් එක 20 කියලා තිබුනොත් ඒක කෑගල්ලටත් අදාල වෙයි නේද.. හික්ස්..

    ReplyDelete
  4. ආණ්ඩුවේ සේවකයින්ට D ෆෝර්ම් කියලා ජාතියක් දෙනවා අත්සන් කරලා දුන්නම වෙනකාට හරි පඩිය ගන්න පුළුවන් . එයාලගේ මහත්තුරුන්ට හයි ස්පීඩ් ගිහින් දඩ කන්න වෙන්නෙත් නැහැ.

    ReplyDelete
  5. කීයක් හරි දුන්න න0 වැඩේ ගොඩ ..........

    ReplyDelete
  6. අයියො සිම්පල් නෙ..තමා වැරදි කරුද නිවැරදි කරු ද ?
    වැරදි කරු ස්වාමීනි.

    ඕකට ඉතින් අර තොටළඟින් බොතලයක් දීල ශෙප් කරගන්න පුලුවන් පෙරකොදොරුවෙක් අල්ලගන්න එක සිම්පල්..

    දන්නවනෙ අදුරගන්න විදිහ..හරක ඔරිජිනල් කලර් එක එන්නම පට්ට ගහපු හම් ඔෆිස් බැග් එකයි මුත්තගෙ කාලෙ කොට් එකයි දාගෙන ඉන්නෙ

    ReplyDelete
  7. ඒ කාලේ බැරිද අය්යෙ දඩ කොලේ ලියන්න කලින් පොඩි ශේප්මන්ට්පාරක් දාගන්න..

    ReplyDelete
  8. මට ලඟදි ඔය ට්‍රැෆික් මහත්තුරු ටිකක් විස්ල් කළා. නතර කරලා බලන කොටම තව වාහනයක් නැවැත්තුවා අනිත් පැත්තේ. මම ඉතින් මගේ ගමන යන්න පටන් ගත්තා, නවත්තන කිව්වේ අනිත් වාහනේ කියලා. ටික දුරක් යන කොට සයිරන් ගහගෙන මුන් මාව එලවාගෙන ඇවිත් ආදරෙන් කතා කරලා හරවාගෙන එන්න කිව්වා. ගියාට පස්සේ බලන කොට ට්‍රැෆික් ඕඅයිසී ත් එතන ඉඳලා. කට්ටිය මට චෝදනා ක් දන්නා හැදුවා.

    1. අධික වේගයෙන් පැදවීම (72kmph)
    2. අනතුරුදායකව රිය පැදවීම
    3. පොලිස් අණ නොතකා ධාවනය

    පස්සේ පොඩ්ඩක් කතා බහ කරලා ශේප් කරගෙන චෝදනා අංක 1 ට විතරක් වැරදි කරු වුනා. කතන්දර අයියා කිව්වා වගේ පලවෙනි දඩයේ ගතියක් තියෙනවා.. :D

    ඒත් පාකින් දඩ වලනම් කිසිම ආතල් එකක් නැහැ.ඉඩ නැතිනම් ගුවනේ පාක් කරන්නද ?

    ReplyDelete
  9. මසකට වතාවක් දඩයක් කෑම මාගේ පුරුද්දකි.. පොලීසියේ උන්ටද මට දඩ නොලියා සිටීමටම නොහැක.. සමහර විට මා දකින විට උන්ගේ ඇග පත කහනවා විය යුතුය.. එක් වරක් බ්‍රේක් ලයිට් වැඩ කරන්නේ නැත කියාත් ලියුවේය.. මසකට වරක් ගෙවන දඩ මුදලා ලංකාවේ දියුණුවටම හේතු වේවා..!

    ReplyDelete
  10. එක පාරක් ලොරියක් නවත්තලා දඩයක් ගහන්න දෙයක් දෙයක් හොයා ගන්නම බැරිව "පනිට්ටුව නැත" කියලා දඩ කොලයකුත් ලිව්වාලු.. පැන්ඩා කියපු දේ දැක්කම මටත් කතාවක් මතක් උනා.. දවසක් මගේ යාලුවෙක්ට ඔය වගේ සිද්දියක් වෙලා උසාවි ගියා.. ගිහින් ඇවිත් දවසකින් විතර තමා මට මීට් උනේ.. මම ඇහුවා මොකද මචං උනේ කියලා.. ඌ කියාපි "වැඩි දෙයක් නෑ මචං උසාවියේ වැඩ සිම්පල්, මට අර කූඩුවට නගින්න කිව්වා,මම නැග්ගා. නඩුකාරතුමා මොනවද ඇහුවා මට හරියට ඇහුනෙත් නෑ,මං කිව්වා "මම වැරදිකරු" කියලා බැහැලා ආවා, එච්චරයි..

    ReplyDelete
  11. මමනම් එක පොලිස් අයියාකෙනක් විතරක් හිටියොත් මලාට ලියන්න දෙන්නේ නැ. මොකද නීතියේ හැටියට එක්කෙනෙක්ට විතරක් ලියන්න බෑ. අඩුම තරමේ පොලිසියෙන් දෙන්නෙක්වත් ඉන්න ඔන.. ඔය කතාව කියලා පොඩි පාට් එකක් දැම්මම කොල්ලා නිදහස්...

    ReplyDelete
  12. ඇයි කවුරුවත් ලයිට් පාරක් එහෙම ගැහුවෙ නැද්ද..???

    අපෝ මමනම් පොලීසිය ඉන්න හරියෙදි පාරට වඩා මීටරය දිහා බලාගෙන යන්නේ...

    පරිස්සමෙන් යන නිසා 100 පන්නල ගිහින් තිබ්බත් තාම අහුවෙලා නම් නෑ...

    ලයිසන් එක තියනවද බලන්නත් තාම දෙපාරයි නවත්තල තියෙන්නේ අවුරුදු 3ටම :D

    ReplyDelete
  13. මගෙත් පළවෙනි දඩේ අර ඉඳුනිල්ට උන එකමයි. ස්පීඩ් එක නම් හරි. ඒත් විසිල් කලේ වෙන කෙනෙක්ට කියල හිතාන ගියා. ඊළඟ පොයින්ට් එකෙන් ඇල්ලුවා. වෙලාවට දඩ විතරයි උසාවි නෑ.
    ඇත්තට හයි ස්පීඩ් කියන්නේ වීර කමක්ද?
    මමත් යනවානම් තමා. කවුරුහරි PASS එකක ගැහුව නිසා යන්තම් බේරුනා. නැතිනම් 80ට වැඩියෙන් යන්න පුළුවන් පාරවල් ලංකාවේ නෑනේ...:D

    ReplyDelete
  14. අපේ තාත්ත ලංකාවෙ ප්‍රසිද්ද ලර්නස් එකක මැනේජර් කාරයා උනත් මට තාම ලයිසන් නෑ... කකුල ඇස්ලේටරේ යන්තන් වදින කාලෙ ඉදල කාර එක් පැදපු මට ට්‍රයල් එකේදි අත ඇතුලෙන් දාල කැපුවක් කියල ට්‍රයල් ෆේල් කරා නොවැ අර එක්සැමිනර් කාරයා... දැන් අවුරුදු දෙකක් වෙනව මම නෙවෙයි ඊට පස්සෙ පැත්ත පලාතෙ ගියේ... ඒත් ලයිසොමනං ගන්න ඕනෙ කොහෙවත් දුර ගමන්ක් යන්න බෑනෙ නැතුව ඔය ගාල්ල ටිකේ හොරාපොලිස් කරාට...

    ReplyDelete
  15. ඉකේ....අද කතාව කක්කා....ඒකේ පොලීසිය ඉන්නව නේ...ඒකයි....

    ReplyDelete
  16. ඉස්සරහා සුදු ඉරි අයියලා ඉන්නවානම් ලයිට් ගහන එක හොඳ කොල්ලෙක් හරි ඉන්නවා අපේ පලාත් වල නම් . මමත් එහමයි සුදු ඉරි අයියා කෙනෙක්ව දැක්කොත් එතන ඉඳන් ලයිට් ගහනවා මග දිගටම .

    මම කීදෙනෙක් බේරගෙන ඇත්ද ?

    ReplyDelete
  17. අපෝ පොඩි ගානක් ගෙවන්න දැන් පලයන්කෝ උසාවි. ඒ අතින් ලංකාවේ ක්‍රම නම් හෙනම පජාතයි.

    ReplyDelete
  18. දඩ ගෙවීමට අමතක වීම සාමාන්‍ය මිනිස් ගතියකි.
    රාළහාමිම දඩ ගෙවන්න කියලා අතට කීයක් හරි දීම පහසුම ක්‍රමයයි.

    ReplyDelete
  19. @ හිස් අහස,
    ලයිට් ගහලා?බලාගෙන හොඳේ. හපොයි දවසක් මමයි මහත්තයායි වාද්දුව හරියෙදි වාහන වලින් අපිට ලයිට් ගැහුවා. අපිත් ඉතිං හෙමින් ගියා. පොලිස් අයියලා දෙන්නෙක් පාර අයිනේ ඉන්නවාත් දැක්කා. ඊට පස්සෙ අපිත් අනිත් අයට ලයිට් ගැහුවා, හොඳ නෑනෙ කියලා. මීටර් සීයක් යන්න උනේ නෑ ලයිට් ගහනකොටම හැංගිලා හිටපු තව පොලිස් අයියලා දෙන්නෙක් පැනපි පාරට. අනිත් ටික කියන්න ඕනෙ නැහැනෙ , නේද? :D

    ReplyDelete
  20. මීට සති තුනකට කලින් මහරගම පිලියන්දල පාරේ මාව පොලෝසියෙන් ඇල්ලුවේ ඉරි කපලා ඉස්සර කරලයි... ඉර ඉවර වුණාට පස්සෙ ඉස්සර කළේ කිව්වම රාලහාමි කියපි ඉර දිගටම තියෙනවා මහත්තයා මේ හරියේ පොඩ්ඩක් මැකිලා තියෙන්නේ කියලා...

    එතන වාද කරනවට වැඩිය යන ගමනට පරක්කු නිසා දඩ කොලේ ලියාගෙන එන්න හදද්දී වාහනෙන් බැහැලා ආපු යාලුවෙකුට ඕනේ වුණා මේක ගොඩින් බේරගන්න... එතන වුණ සංවාදය මෙන්න මේ වගේ...

    ගිහාන් : රාලහාමි දැන් මේකට ලියන්නද යන්නේ...
    රාලහාමි : ලියන්නේ නැතුව බැහැනේ මහත්තයා...
    ගිහාන් : අපි මේ හදිසි වැඩකට යන ගමන්...
    රාලහාමි : ප්‍රශ්නයක් නෑ මහත්තයලා ගිහිල්ලා හදිසි වැඩ සේරම කරගෙන ඉවරවෙලා මේක හෙමීට ගෙවන්න...සති දෙකක් තියෙනවා...
    ගිහාන් : එහෙම නෙමෙයි රාලහාමි නැද්ද මොකුත් වෙන විදියක්...
    රාලහාමි : වෙන විදියක් කිව්වේ මහත්තයෝ..?
    ගිහාන් : නෑ මේ නැද්ද මේක ගොඩින් බේර ගන්න ක්‍රමයක්...
    රාලහාමි : ඒ ක්‍රම තිබුණේ ඉස්සර මහත්තයෝ...
    ගිහාන් : එහෙම නෙමෙයි... මේ මහත්තයා රට ඉඳලා ඇවිල්ලා තියෙන්නේ...ඕන තරම් සල්ලි තියෙනවා...
    රාලහාමි : එහෙනම් ඉතින් කිසි අවුලක් නෑනේ මහත්තයා...රුපියල් පන්සීයනේ ගෙවන්න තියෙන්නේ...

    තව කතා කරානම් කළිසම ගලවගත්ත මූ යට ඇඳුමත් ගලවගන්න නිසා නිසා බලෙන්ම වගේ දඩකොලේ ලියාගෙන මූවත් ඇදගෙන මම එන්න ආවා...

    ReplyDelete
  21. කාල තියනවද පෑලියගොඩ පොලීසියෙ දඩ (දැනට අවුරුදු තුනකට විතර කලින් සිස්ටම් එක වෙනස් කලා, මම කියන්නෙ ඊට කලිං). . . ???? ආන්න දඩ . . . . මෙහෙමයි පිලිවෙල . . .
    -වත්තල හරියෙදි පොලීසියට මාට්‍ටු වෙලා ටැම්පරිය ලියාගෙන
    -ට්‍රැ‍ෆික් බ්‍රාන්ච් එකට තට්‍ටු හතරක් නැගල
    -පෝලිමේ විනාඩි විස්සක් විතර හිටගෙන ඉඳල
    -කොලේ මේසෙ ඉන්න රාලහාමිට දික්කලාම
    -රාලහාමි කියනව මේ නුවර පාරෙ දඩ . . . මීගමු පාරෙ දඩ අනිත් පෝලිමේ කියල
    -අනිත් පෝලිමේ මුල ඉඳල තව විනාඩි විස්සක්වත් ඉඳල කොලේ ලියාගෙන
    -තට්‍ටු හතරක් බැහැල
    -ලඟම තියන වත්තල තැපැල් කන්තෝරුවට ඇවිල්ල
    -පෝලිමේ පැය බාගයක් වත් ඉඳල, දඩේ ගෙවල . . .
    -ආපහු ටට්‍ටු හතරක් නැගල . . . .බැහැල . . .
    කොහොමද චාටරේ . . . ????
    හැබැයි මිහිඳු මාවතේ නං එහෙම නෑ . . . දඩ ගෙවන්න තැපැල් කන්තෝරුවක් පොලීසියෙම තියනව

    ReplyDelete
  22. දැනුත් ඉතින් ඔය තත්වෙම තමයි... හයිස්පීඩ් අහුඋනොත් කරන්න තියන හොදම වැඩේ දඩකොලේ ලියල ඒක ගිහිල්ල රාලහාමිම ගෙවන්න කියල රැදාහක් විතර දීල එන එක .. නැත්නම් ඔය සෙතේම තමයි ‍

    වෙලාවට දැන් ඔය පාරෙ හයිස්පීඩ් අල්ලන්නෙ නෑ.. නැත්නම් මම හැමදාම උසාවියෙ

    ReplyDelete
  23. ඕක ඔයිට වඩා සිම්පල් විදිහට කරගන්න තිබ්බ. අර කලින් කතාවෙ හම්බුන ඒ.එස්.පී කතන්දරගේ නෑදෑයෙක් කිව්ව නං ඒ වෙලාවෙම ලයිසන් එක අරගෙන යන්න තිබ්බ.

    ReplyDelete
  24. හැක් හැක්... බලාහල්ලකො ඒකෙත් හැටි... උසාවිත් ගියා එහෙනම් කාර් එකේ.. :D :D :D :ඬ්

    ReplyDelete
  25. මං හනිමූං එක ගිහිල්ල එනකොට ඇල්ලුවනෙ මේ පරයො අම්බලන්තොටදි. රාළහාමියටම දඩේ ගෙවන්න කියල පන්සීයක් අත්ට දීල ආව.

    මෙහෙ හයිස්පීඩ් ගෙවන්න වෙන්නෙ අවුරුද්දකට සැරයක් වාහනේ රෙජිස්ට්‍රේෂන් අලුත් කරන්න ගියාමනෙ. එතකොට පළවෙනි එකට ඩිනාර් 50, දෙකක් තිබ්බොත් ඒකට 150, තුනක් තිබ්බොත් දවස් දෙකක් හිරෙ සහ 500 ඔක්කොම 700යි ( රු 21000 විතර ) තුනට වැඩි නම් දඩ සමඟ නෝ ලය්සන් හය මාසෙකට.

    ReplyDelete
  26. @ All
    ළමායි...!!!

    වැරදි වැටහීමක් ඇති කරගන්න එපා.

    හයි ස්පීඩ් යාම හොඳ දෙයක් හෝ වීර ක්‍රියාවක් නෙමේ.

    ඇත්තටම ඒ කාලේ ඔය පාරේ ස්පීඩ් ලිමිට්ස් ගහල තිබුනේ නෑ. ඒවා තිබුනේ ලොරිවල මඩ්ගාඩ් එකෙයි, ආර්.ඇම්.වී එකේ පොතෙයි විතරයි.

    මට ජොලියක් ගියේ සුමාන පහකට කලින් තනියම කාර් එකේ ගිය මුල්ම පාර පෙජරොයියෙකු ගෙන් කිස් එකක් කාපු මට, සති තුනකට කලින් හාමිනේව හොස්පිටිතාලේ ට ගෙනියන්න බයෙන් හිටපු මට, පැ.කි.මී 64 ට යන්න පුළුවන් කියල දැනගත්ත නිසයි.

    Safe driving all.

    ReplyDelete
  27. හෑ.... ඇයි අනේ? ගිය වේගෙ දැනගන්න ඔය වාහනේ ක්‍රමයක් තිබුනෙම නැද්ද? , මම කිව්වෙ අර ස්පීඩෝ මීටරයක් වගේ එකක්?

    ReplyDelete
  28. මේක කියවන කොට මටත් කතා දෙක තුනක්ම මතක් උනා. මම "NIBM" ඉගෙන ගන්න කාලෙයි, ආපහු ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකෙයි වැඩකරපු අවුරුදු 3 ටම පැද්දෙ අපේ බාප්පාගේ මෝටර් සයිකලේ. මෝටර් සයිකලේට ලයිසන් තිබුනට මට මෝටර් සයිකල් පදින්න ලයිසන් තිබුනේ නෑ. දවසක් ටිකක් රෑ වෙනකං වැඩ කරපු දවසක මට වඩා සීනියර් එකෙක්ව බස්සන්න මම නාරහේන්පිටට ගියා මොකද ඌට ත්‍රීවීලර් එකේ ගාණ ඉතුරු කරලා දෙන්න. අතුරු පාරවල් වල ගිහින් පාරට දැම්ම හැටියෙම ඇල්ලුවා "සුදු ඉරි අප්පුලා". අල්ලුවේ මොකද ටේල් ලයිට් එක පත්තු වෙන්නෙ නෑ කියලා.

    හුටා දැන් ලයිසම ඉල්ලුවහම ඒකත් නෑ. මම කිව්ව "අයියෝ රාලහාමි ඊයේ කාර් එකේ ගමනක් ගියා එතකොට ලයිසන් එක කාර් එකේ කැබි හෝල් එකට දා ගත්තා, ගන්න අමතක උනා" කියලා. ඒ පාර සුදු ඉරි අප්පු කිවා "මහත්තයා එහෙනම් ලයිසම අරගෙන පොලීසියට පෙන්නන්න, කියලා ටේල් ලයිට් එක නැති එකට දඩ කොලේ දුන්නා". දඩ කොලේ බැලුවහම ඒකෙ දාල තියෙන ඇඩ්‍රස් එක කියවන්න බෑ. ඒක නිසා මමත් ඕක අල්ලා දාල හිටියා. මෙන්න බොලේ මාසෙකට විතර පස්සෙ ඔය එන්නෙ සිතාසි....! නාරහේන්පිට උසාවියේ පෙනී හිටින්න කියලා.

    ඔන්න ඊට පස්සෙ උසාවියේ පෙනී හිටින්න ගිහිල්ල දඩේ ගෙවපු එක තමයි "කට කහන කතාව"

    ඔන්න ඊට පස්සෙ උසාවියේ පෙනී හිටින්න ගිහිල්ල දඩේ ගෙවපු එක තමයි "කට කහන කතාව"

    හොඳම ආදර්ශේ තියෙන්නෙ, අර මම උදව්වක් විදිහට කියලා බස්සන්න ගිය එකා අන්තිමට මට බනිනවා "යකෝ, බලපන් උඹ හින්දා මටත් මාර චාටර් එක" කියලා. ඔන්න අපේ යාළුවො අපිට කෙලෙහි ගුණ දක්වපු හැටි.

    ReplyDelete
  29. මමනම් දෙයියනේ කියල තාම දඩ කොලයක් නම් අරන් නෑ.
    තු.. තු.. තු.. තරහ ගන්න එපා බ්ලොග් එකේ කෙල ගැහුවට. මගේ කටෙන් මටම කෙලවගන්න ඕනේ නෑනේ ඒකයි.
    නියපොත්තෙන් කඩන්න තියනදේ, ඒ වෙලාවේ කොරේ නැත්නම් පොරවෙන් කපලවත් ගොඩ දාගන්න බැරි වෙනවා කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට කියලයි මගේ සිගිති මොලේට වැටහෙන්නේ. ඒක එහෙම නොවුනත් මම පුදුම වෙන්නේ නෑ. මොකද මගේ සිගිති මොලේට වැරදුන එකම වෙලාව මේක නෙමේනේ... හිකි හිකි.

    ReplyDelete
  30. " කොරොල්ලාව කුරැල්ලෙක් කරන්න ගිය රියදුරැ නීතියේ රැහැනට හසුවෙයි.. "

    රියදුරැ සුප්‍රකට බ්ලොග් තරැවක් වන කසු බව හෙලිවෙයි...........

    කියලා ඒ කාලේ පත්තර වල හෙඩිමේ ගියාලු.

    වේගයෙන් යාම කෙසේ වෙතත්, මාර්ග නීති, වේග සීමාවන් හා රියදුරැ බලපත්‍ර නිකුත් කිරීම පිලිබඳ සම්ප්‍රදායන් වහාම වෙනස් විය යුතු බවයි මගේ හැඟීම.

    ReplyDelete
  31. දඩ ගැන කතාවක් මතක් වුනා ලගදිම ලියන්නම්කෝ.

    ReplyDelete
  32. අපෝ තාම නම් දඩ කාලා නෑ. කන්නත් වෙන්න එපා.

    ReplyDelete
  33. man nam ananthai apramanai eth kola2k gewala ethi, 100 kola dekak wena wenam sakku2dagenama thamai man parata van 1danne, saralai pahasui, ikman...!!

    ReplyDelete
  34. මගේ "දඩ" ඉතිහාසය නම් මීට අවුරුදු 12 කට විතර ඈතට දුවන එකක්. එක පාරක් Hi speed. ඉරි කපලා 3 පාරක් විතර. එක පාරක් ලයිසොම පැහැදිලි නැති හින්දත් ලිව්වා ඕං. ආ... තව පාරක් පාර අයිනේ නතර කරලත් ලිව්වනේ.. ලංකාවේ තනි ඉර ගහලා තියෙන්නේ කඩ ඉර ගහන්න ඕනි තැන් වලමනේ...

    ReplyDelete
  35. තව කතාවක් මතක් වුණා. මං ඔය පාර අයිනේ වාහනේ නවත්තලා දඩ කාපු දවසේ මගේ මිත්‍රයෙක් හම්බ වුණා. මිනිහා වැඩ කළේ පොලීසියේ. පොලීසියෙ කිව්වට පොලිස් මූලස්ථානයේ ලිපිකරුවෙක්. ඉතිං මං මිනිහගෙන් ඇහුවා මේකට මොකක් හරි උදව්වක් කරන්න බැරිද කියලා. මිනිහා ගත් කටටම කියාපි: දඩකොලෙයි සල්ලියි දුන්නොත් ගෙවලා දාන්න ට්‍රයි එකක් දෙන්නම් කියලා...හිකිස්..

    ReplyDelete
  36. ගාන වැරදිලනෙ! විසි එක දාහක් නෙමෙයි දෙලක්ෂ දහ දාහක් වෙනවනෙ තුන් පාරක් අහු උනොත්. බිංදුවක් හැලිල!

    ReplyDelete
  37. බුදු අම්මෝ...තැපැල් කන්තෝරුවට ගියාම බලා ගත හැකි නේ දඩ කොල පෝලිම. මට වෙලාවකට හිතෙනවා..කවුරුත් ස්පීඩ් නෙකෙලොත්...ආන්ඩුවට..කෝ සල්ලි කියලා.

    එහෙව් එකේ ඇයිද දන්නෑ නේ..හයි ස්පීඩ් අල්ලන්නේ...

    ReplyDelete
  38. පහුගිය කාලෙ සරත් එන් සිල්වා නඩුකාරතුමා තීන්දුවක් දීලා ඔය හයි ස්පීඩ් අල්ලන කරුමෙ නතර කරල තිබුන මං හිතන්නෙ.
    ඔය නීතිය, තිබිලත් බැරි නැතුවත් බැරි නීතියක්.
    අනිත් එක, අල්ලන්න අවශ්‍ය අය (මං කියන්නෙ හයි ස්පීඩ් එකට අමතරව අපරික්ෂාකාරී විදිහට පාර පුරා සෙල්ලම් දදා අනෙක් අයට කරදරයක් විදිහට වාහන පදවන අය) සමහර විට අහු වෙන්නෙ නැතුව පැනල යනවා.

    ReplyDelete
  39. @ ශ්‍රී

    ඔය තනි පොලිස් කාරයෙක්ට දඩයක් ලියන්න බෑ කියල මාත් දැනගෙන උන්නෙ. ඒක හන්දම එක දවසක් මාව නැවැත්තුවම මම කිව්ව "ඔයාට දඩයක් ලියන්න බෑ: කියල

    ඉතිං බුවා පොඩ්ඩක් විතර අප්සෙට් වෙලා ඇහැව්ව ඒ මොකෝ කියල

    මාත් ඉතිං චන්ඩිය වගේ කිව්ව "ඔයා ඉන්නෙ තනියම, එහෙම තනියන ඉන්න කොට දඩ ලියන්න බෑ" කියල
    ඒ පාර බුවා කියාපි "හා තමුසෙට තවත් කෙනෙක්ද ඉන්නෙ ඕනෙ, එහෙම නං ඔහොම පොඩ්ඩක් ඉන්නේව කියල් ඊට එහා පැත්තෙ රාජකාරී කොරපු පොලිස් කාරයෙකුත් ගෙන්නගන ලිව්ව නෙවද මට පත දඩ කොලයක්.

    ආයෙ එපා කියන්නෙයි !

    ReplyDelete
  40. දඩ කොලයක් ලියා ගන්න එක නම් අවුලක් නැහැ ......
    උන්ගෙ පඩත්තර කතා අහන්න ගියාම මරාගෙන මැරෙන්න හිතෙනවා ..

    ReplyDelete
  41. @All
    බුදු අම්මෝ දඩ කොල කාපු අය ඉන්න තරං.

    සියළු දෙනාටම ස්තුතියි.

    මං මීට පස්සෙත් දඩ කාලා තියෙනවා දෙපාරක්. ඒවා මෙච්චර දුර දිග ගිය කේස් නෙමේ.

    මේ පළමු දඩේ තමයි කේස් වෙලා උසාවි ගිහිල්ලා කූඩුවෙත් වැටෙන්න හේතුව වුනේ.

    ඒ විස්තර සහිතව මෙගා සීරිස් එකේ ඊලඟ කොටසින් හෙට උදේ හමුවෙමු!

    ReplyDelete
  42. ඔය ලේසර් ගන් එකද මොකක්ද සමහරක් බප්පලා කෑඩුනු ඒවත් පෙන්නනවා ගානක් ගන්න ඕන උනහම,අපේ රටේ රියදුරන්ගේ හොද කම තමයි ඉතින් 65හේ ඉස්පිඩ් ලිමිට් එක 45ට අඩු කොරලා තියන්නේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.