Wednesday 22 June 2011

කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ" - I know the law!!!


කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය සැබෑ කරගත්තත් ඒක අන්තිමේ දී නතර වුනේ හිර කූඩුවෙන්...!!!

මේ කියාගෙන යන්නේ ඒ මෙගා සීරීස් එකයි.

මැටනිටි ලීව් හිටි කතන්දර හාමිනේව පඩි ගන්න එක්කගෙන යන වෙලේ ස්පීඩ් කරල වැදුණු දඩ කොලේ උසාවිය දක්වාම ගියා. උසාවියේ දී හම්බ වුණු ලෝයර් කාක්කන්ගෙන් මුලින් පාර බේරිලා ඇතුලට ගිහින් නඩු අහනව බලන් හිටියත්, දෙවෙනි පාරටත් මෙන්න බොලේ මුං දෙන්නෙක් මාව වටකර ගත්තා.

"සෝ, ආ යූ ගොයින් ටු ඇපියර් විතවුට් අ ලෝයර්?" (උඹ නඩුවට ඉන්නේ ලෝයර් කෙනෙක් නැතුවද)

"යර්ස්, අයෑම් ගොයින් ටු ප්ලීඩ් ගිල්ටි ෆෝ ද චාජස් එනි වේ. අයි තින්ක් අයි කැන් ඩූ ඉට් මයි සෙල්ෆ්!" (මං කොහොමටත් වරද පිළිගන්න නේ යන්නේ, ඕක මටම කරගන්න පුළුවන්)

"යූ නෝ, දිස් ජජ් ඉස් අ වෙරි ටෆ් ජජ්. හී මයිට් ෆයින් යූ ඊවන් තවුසන්ඩ් ෆයිව් හන්ඩ්රඩ්. යූ ආ ඉන් සේෆ් හෑන්ඩ්ස් විත් වන් ඔෆ් අස් ඇපියරින් ෆෝ යූ." (දන්නවද, මේ නඩුකාරයා හරිම තදින් ඉන්න කෙනෙක්. උඹට රුපියල් එක්දාස් පන්සීයක් වුණත් දඩ ගහන්න ඉඩ තියෙනවා. අපි එක්කෙනෙක් පෙනී හිටියොත් කෝකටත් හොඳයි)

මුං දෙන්නා කියන්නේ ඇත්ත. ඔය නීති කියන ඒවා මහා අවුල් වියවුල් සහිතව, ලූප් හෝල් හෙම දාලා, හංගලා හදලා තියෙන්නේ, මේ ලෝයර්ස් ට ජොබ් හදල දෙන්නනේ. සාමාන්‍ය පුද්ගලයින්ට තියෙන හොඳම වැඩේ තමයි, නීතීඥයෙක් මගින් උසාවියේ දී තමන්ව නියෝජනය කරන එක!

සාමාන්‍ය පුද්ගලයින් ට එහෙම තමයි. හික්ස්...!!!

මං කලේ මුං දෙන්නව බ්‍රෂ් ඕෆ් කරල ආයෙත් උසාවිය ඇතුලට යන එකයි.

ඔන්න ඔය වෙලාවේ තමයි මං දැක්කේ අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් ඕ.අයී.සී මහත්තයා ඉන්නවා උසාවියේ ඉස්සරහ. තාම නඩුකාරය ආපහු ඇවිත් නෑ. වෙලාව දොළහටත් ලඟයි. ඉතිං මං ගියා ඕ.අයි.සී. ට පොඩි චැටක් දාන්න.

"කීයටද මගේ කේස් එක?"

"මහත්තයා ගේ එක තියෙන්නේ අපේ ලයිස්තුවේ උඩින්මයි. හැබැයි තව පැයක්වත් යාවි."

පොර මට පෙන්නුවා ලොකු කොළයක් චාජස් ලියල තියෙන.

නම: කතන්දර කාරයා
චෝදනාව: අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම

මට ටක්ගාල නෝට් වුණා අප්සෙට් එක.

"මේ මගේ කාරෙකේ නම්බර් එක නෙමේ නේ! මගේ එක 4945 නේ!"

"ආ, ඇත්තද? එහෙනං අපිට වැරදිලා!"

"ඉතිං?"

"දැන් කරන්න දෙයක් නෑ. මේක උසාවියේ ලයිස්තුවට දාලත් ඉවරයි. මං කියන්නං, මහත්තයා සද්ද නැතුව වරද පිළිගන්න. ඕක දැන් මෙතන ඇදලා වැඩක් නෑනේ?"

"හොඳයි, හොඳයි!"

මං ආපහු බංකුවෙන් ගිහින් වාඩි වුණා. නඩු අහන්නත් පටන් ගත්තා. හැබැයි දැන් මගේ කල්පනාව වෙන අතක.

මට ඔන්නං පුළුවන් මේ දාල තියෙන චෝදනාවට නිවරදකරු කියල කියන්න. ඒ එක්කම නිවරදකරු කියල ඔප්පු කරන්න. මොකද ඔය කියන 4954 වාහනේ මං එළවනව තියා ඇස් දෙකටවත් දැකල නැති හින්දා!

නඩුව ෆයිල් කරල තියෙනවා වැරදි හින්දා නඩුව විසි කරල මාව නිදහස් කරන්න වෙනවා!

කොහොමද මගේ ටිකිරි මොළේ?

නමුත් මේ කේස් එක මට තනියම හැන්ඩල් කරන්න පුළුවන් වෙයිද? අර ලෝයර් කොල්ලෙක්ව ගත්තනං හොඳ වගේද?

-කතන්දරකාරයා

ප/ලි:
ටිකිරි මොළේ කෙසේ වෙතත් මං අන්තිමට කූඩුවේ වැටිලයි නතර වුනේ.

ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල මේ මෙගා එකේ ඊලඟ එපිසෝඩ් එකෙන් (උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ!) බලාපොරොත්තු වෙන්න.

(image: http://www.simpsonstrivia.com.ar/)

70 comments:

  1. මෙතන පොඩි අවුලක් තියනවා. අපිව මෙච්චරම කුතුහලයට ලක් කරලා මතු සම්බන්ධයි කියලා දානවා. ඔහොම කරනවනම් මේ කතාව දවස ගානේ ලියන්න. දවසක් හැර දවසක් ලියන එක අසාධාරණයි! (මමත් යනවා උසාවි)

    ReplyDelete
  2. කතාවෙ පේලි තුන හතරයි.ටෙලි නාට්‍යටත් අන්තයි....

    ReplyDelete
  3. මොන 'ප'යන්නක්ද මේ.. පාර්සල් හත අටක පැක් කරල ඔතල තිබුනට අතුලෙ තියෙන්නෙ පොඩි රටකජු ඇටයක් විතරයිනෙ.. ඒකත් පැකට් එකේ තියෙන රටකජු දවසට එක ඇටේ ගානෙ පාර්සල් කර කර දෙන්නෙ..

    මම මේ ක.කා. ට සුද්ද සි0හලෙන් බනිනව..

    ReplyDelete
  4. Pera Eng නේද? මට නම් හිතෙන්නේ වැඩේ කා ගනියි කියල.
    මැණික්

    ReplyDelete
  5. අනේ දෙයියනේ..මේ වැඩේට හිරේත්..ගියාද..
    එහේ මිනිස්සුන්ට දෙවි පිහිටයි..එහෙනම්.

    ReplyDelete
  6. හොඳ වැඩේ පණ්ඩිතකොං කොරන්ඩ ගියාට......අර අහිංසක කලු කෝට් කාරයෙකුට කීයක් වත් දුන්නනං ඉවරනෙ. හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  7. මේක නම් මාරම මෙගාවක් වෙන පාටයි.ඇයි අප්පා එකපාරම නඩුව තියලා අයින් කරලා දැම්මා නම් ඉවරයි නේ.

    අඩඩා කතන්දර අයියා පේරා ඉංජෙක් ද ? නියමයි නේ. මාත් පේරා තමයි.

    ReplyDelete
  8. ඔන්න ඕකනෙ කියන්නෙ , හොඳටම කුතුහලය ඇති කරලා මතුසම්භන්ධයි කියනව. කැමරාවට කෙසේ වෙතත් එක්ස් රේ වලට බොරු බෑලු නේද? ඔය තියෙන්නෙ මස්තිශ්කය ඔළුව පුරාම :D

    ReplyDelete
  9. මදැයි ලංකාවෙ නීතියත් එක්ක සෙල්ලම් කරන්න ගියා.... බලමුකො ඉතිරි හරියත්..

    ReplyDelete
  10. චිහ්...... ටෙලිව්සොන් එකේ වෙළද දැන්වීම් අස්සෙ නාට්ටියක් " බලනව වගේ .......... ඒකටත් වැඩිහරිය පලි දාලා......... දානවා නඩු !

    ReplyDelete
  11. මමත් මගේ ටිකිරි මොලේ නිසා අමාරුවේ වැටුන අවත්තා එමටයි. ටිකිරි මොලේ හොදයි ටිකිරි වැඩ වලට. සුපිරි වැඩ වලට ඕක හරිටන්නේ නෑ. ලොල්ය..

    ReplyDelete
  12. හරක් පැටියෙක්නෙ පොලිසියෙ ඉඳලා තියෙන්නෙ ......
    මොන එකකට පෙන්නුවද කොලේ ........

    ReplyDelete
  13. අයියෝ කතන්දර.. ලගදි ඉන්දියාවෙ මෙගා කරන ඩිරෙක්ටර් බුවෙක්වත් සෙට් උනාද.... මේවට නඩු දාල බෑ .. මෙගා එක ගානටම නඩුවත් ඇදේවි.. නැත්නම් අර නඩු දානව කියපෞ කට්ටියත් එක්ක මාත් යනව උසාවි.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..

    ReplyDelete
  14. මෙච්චර පොඩි කතාවක් කොටස් දෙකකට කැඩීම ගැන මාගේ බලවත් විරෝධය.

    ReplyDelete
  15. උසාවි ගියානම් ඉතින් විත්ති කූඩුවට යන්න වෙනවනෙ, කූඩුවෙ වැටුනෙ මොනා වෙලාද . කකුල පටලැවිලද ?

    ReplyDelete
  16. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි [කතන්දර මේකත් පොතට දා ගන්නෝ. සල්ලි ලැබුනාම දෙන්නම් :)]

    [කවි මුතු මල්] පගා සීරිස්: ලයිසොම ගත්ත හැටි

    කට්ටියම සෙට් වෙන්න හොඳේ. බ්ලොග් එක හිමි අසංක තව කවියන් සොයන බව ද මෙයින් දැනුම් දෙමි.

    ReplyDelete
  17. අහිංසකයන්ට බඩේ පාර ගහන්න හැදුවට ඔහොම වෙලා මදි, වැඩ පටන් ගන්න මුල් කාලෙ සමහර දවස් වලට 500 වත් නෑ., පව් අසරණයො........ තවද ඒ කෙසේ වුවද මේ වගේ බඩී කතාවක් මෙගා කරගෙන කෑම සම්බන්ධව මාගේ බලවත් විරෝධය.......

    ReplyDelete
  18. “ මෙගා “

    මොනව කරන්න ද? බලමු ඊළඟ කොටසින් හරි කතන්දර හිරේ වැටිල කූරු ගණින හැටි.... හරිම සෝක ජනක රූප රාමුවක්. කූරු අතරින් කතන්දරගෙ අහිංසක, ප්‍රතාපවත් , ලස්සන මුහුණ ( චිත්‍රෙස්න) පේනවා...

    දුක් බර සංගීත රාවයක් හීනියට පැතිරෙනවා...

    ආහ් ... අන්න ..කවුද ලස්සන කාන්තාවක් ඒ පැත්තට එනවා.. කතන්දරගෙ මුහුණ නිකම් වැලි මළුවට හඳ පෑවුව වගේ එළිය වැටෙනවා ..........

    ReplyDelete
  19. උසාවියෙ නඩුව අහල ඉවරවෙලා දඩයක් නම් තීන්දු උනෙ එක ගෙවල එනකන් ජේලර් මහත්තුරු වැරදිකාරයව අල්ලල කුඩුවෙ දානව.. මෙයාල එකවත් දන්නැද්ද..

    නඩු අ0කෙ බලාගෙන, පොලිමෙ ගිහින්, දඩේ ගෙවල, රිසිට් පත අරගෙන, කුඩුව බලාගන්න මහත්තයත දීල, ඒ මහත්තය ඒ දත්ත පොත්පත් වලට අතුල් කරල, අත්තටම මූ අතුලෙ ඉන්නවද බලල, මූ ඌමද කියල සැකහැර දැනගෙන...
    මේ වගෙ බොහොම වෙලා යන ආන්ඩුවෙ රාජ කරි ගනනාවකට සහභාගිවෙලා කුඩුව අතුලෙ ඉන්න එකා එලියට ගනිද්දි සමහර වෙලාවට හැන්දෑ වෙල ඌව හිරගෙදරට කුදලන් යන්නත් ලෑස්තිය..

    උසාවි කූඩුව හිර ගෙදරට හපන්..

    මටත් ඉතින් ඔය වගෙ එක්ස්පීරියන්ස් හත අටක් තියෙනවනෙ..

    ReplyDelete
  20. කොහොමත් නඩුව අහන්න ගියාම විත්ති කූඩුවට යන්න වෙනවා නේ...

    කතන්දරට ඕනේම නං මේගා එක දිග්ගස්සන්න තව විදි තියෙනවා.. අර නඩුවාරේ එනකං බලං හිටපු වෙලේ අහපු නඩු දෙක තුනක විස්තරත් ලිව්ව නම් තව ටිකක් ඇද ගන්න තිබ්බා...

    ReplyDelete
  21. දැන් නම් නියම 'පබා' ටෙලි නාට්‍යය වගේ. ..:D

    ReplyDelete
  22. හොඳම තැන්දී කතාව දෙකඩ කිරීම පිලිබඳව මාගේ මෙන්ම බ්ලොග් කියවන සැමගේ බලවත් විරෝධය . මොනවා කරන්නද "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ."

    මමනම් හිතන්නේ ලොකු ලොකු වැඩ දාන්න ගිහිල්ලා කතන්දර අයියා වැඩේ අනාගෙන වැලිකඩ යන්න පාර කප්පවාගෙන වගේ .

    අප්පෝ මේ ඔයා හිරේ ගියා කියලානම් කියන්න එපා . අම්මා දැන්ගත්තොත් මම හිරේ ගිය කෙනෙකුගේ බ්ලොග් එකක් කියවනවා කියලා මට හොඳටම බනීවි .

    ඊලඟ කොටස .. එනතුරු ...

    ReplyDelete
  23. මේ වගෙ කේස් වලට උසාවි යනකොට ගෝලයෙකුත් අරගන නෙ යන්න ඕන. තනියම ගියාම කවුද දඩ ගෙවන්නෙ.


    මේ මෙගා එක අදින විදිහ ගැන මගේ පැහැදීමක් නැති නිසා මීට පසු සතියකට වරක් කියවමි. කොමෙන්ට් නොදමමි.

    ReplyDelete
  24. මටත් පේ‍න්නෙ කතන්දරට දඩේ ගෙවන්න කෙනෙක් නැති විච්ච හින්ද කූඩුවෙම ඉන්න වෙලා වගෙයි.

    ඊළග කොටස එනකල් වෙළද දැන්වීම් ටිකක්වත් දෙන්නකො.

    ReplyDelete
  25. @ පුසා
    මොනවා කරන්නද මෙගා වුණාම ඔහොම තමයි. මං මුලින්ම අනතුරු හැඟවීමක් කරලානේ පටන් ගත්තේ එපා වෙනතුරු මෙගා දෙනවාය කියලා.

    මේක කියවලා දැන් යන්න සොඳුරු සිතේ මෙගා එක කියවන්න.

    ReplyDelete
  26. @ Hishan Melanga
    ඒ කියන්නේ මේක මෙගා එකේත් හොඳ එක.
    හැමදාම නෑ, හැම තැනම නෑ.
    ප/ලි
    එක වරදක්. මේ එපිසෝඩ් එකේ පේලි 40+ ද, වචන 400+ද ඇත.

    ReplyDelete
  27. @ thush aiya
    පාර්සලේ ලෙලි එක එක ගැලවෙන කොට තමයි ජොලිය.

    හැබැයි ලූණු ගෙඩිය වගේ වෙයිද මන්දා!

    ReplyDelete
  28. @ මැණික්
    දන්නෝ දනිති!

    ReplyDelete
  29. @ නිල් අහස
    හිරයක් අර ගත්තේ නං ඔයිට කලින්!

    ReplyDelete
  30. @ මධුරංග
    අපි එහේ ඉන්න කාලේ ඔයා කිරි බොනවද කොහෙද?

    ReplyDelete
  31. @ හරි-පිණිපලස
    දන්නවනේ ඔය ඉන්නේ කවුද කියලා.
    සිම්සන් තුමා මං කැමතිම චරිතයක්.

    ReplyDelete
  32. @ Outsider
    දැන් නං මටත් එපාවෙලා. උසාවියේ කොටස සිකුරාදායින් ඉවරයි!

    ReplyDelete
  33. @ sameera
    නඩු නෙමේ මේවා අවනඩු!

    ඔහොම යමු තව එක කොටසයි උසාවියේ.
    ඊට පස්සේ ගෙදර කතා කෑලි!

    ReplyDelete
  34. @ ADK කෙළුවා
    ඔයත් කන්නේ ටිකිරි මාරි ද?
    මං නං කැමති ජෙම් බිස්කට්, ටිකිරිටත් වැඩිය පොඩියි. දැක්කනේ පින්තූරේ මොලේ සයිස් එක?

    ReplyDelete
  35. @ පන්සල් හන්දිය
    එහෙම කියන්න එපා. මට විරුද්ධව තියෙන නඩුව මට නොකියා කොහොමද? ඇත්තටම, ඒක මං දැනගන්නම ඕනෑ එකක්නේ?

    ReplyDelete
  36. @ පිණිබිඳු
    කොටස් දෙකකට?
    හුහ්.
    මගේ මෙගා එකේ දෑනට කොටස් දොලහක් ලියා හමාර බව දන්නේ නැද්ද?

    ReplyDelete
  37. @ Chanaka Munasinghe
    අන්න නියම ප්‍රශ්ණය!
    ඔයත් Pera Eng ද?
    (see comments by Menik and Maduranga)

    ReplyDelete
  38. @ Sujeewa Kokawala
    සුජීව, හොඳයි, හොඳයි. Thank you. ගිහින් බලමු.

    ReplyDelete
  39. @ harshana1985
    හෙට හර්ෂණ ඉඳීද දන්නේ නෑ විරෝධය පාමින් ලිප්ටන් හන්දියේ!

    ReplyDelete
  40. @ සොඳුරු සිත
    මං දන්නවා කවුරු මට බැන්නත් ඔහේ නොබණින බව!
    කොහේ බණින්නද, තමනුත් දැන් මෙගා එකේ දහවන කොටස නේ දාලා තියෙන්නේ!

    ReplyDelete
  41. @ thush aiya
    ඔයා වෙටරන් කෙනෙක් වගේ?

    ReplyDelete
  42. @ sameerausa
    එතන අහපු නඩුවක් නෑනේ,

    එක්කෝ වරදකරුවෝ කියලා පිළිගත්තම දඩ ගහනවා.

    අනික්වා සේරම කල් දානවා!

    ReplyDelete
  43. @ Podi Kumarihami
    ඇයි "ප්‍රවීනා" කියන්නේ ඒකාංගික නාට්‍යයක් කියලද කුමාරිහාමී හිතුවේ?
    ප්‍රවීනා ඒ අතින් පබා ට හපන්.
    අනික ඔය ප්‍රවීනලා තමයි පබා ලා ටත් ලෙඩේ බෝ කලේ!

    ReplyDelete
  44. @ හිස් අහස
    සදරූ තව පොඩ්ඩෙන් හිරේ යන්නේ අර විදුලිබලේ පොරට ගහලා!
    සිරකරුවා කියලාම බ්ලොග් එකක් තියෙනවා කියවලා නැද්ද?

    ReplyDelete
  45. @ Luckey
    ලකී
    මං කියන්නං අනිත් චැනල් එකට දාගෙන ඒකේ යන ටෙලිය හරි හරය හරි නිල් ඉර හරි බලන්නකෝ මෙයා!

    ReplyDelete
  46. @ Praසන්ன
    මං හිතුවේ හොඳ සින්දුවක් දාන්නයි.
    මේක නවම්මාවතේ, ඕනයා දාපු එක.
    http://youtu.be/VEdUGel2Myw

    ReplyDelete
  47. මේකත් නිකන් අර ටිවි එකේ යන නාට්‍යක් වගේ.. හොඳම හරිය එකකොට ඇඩ් එකක්..

    ReplyDelete
  48. @ ශ්රී
    අන්න ඔයාට විතරයි තේරුනේ, ශ්රී!

    ReplyDelete
  49. අනේ අර ලෝයර්....පවු අහිංකයා...

    ReplyDelete
  50. මේ ඉල්ලන් කන්නනෙ යන්නෙ... ලෝයර් ඩබලගෙත් රැවුල වැවිලා නෑ කියලා ඔය යන්නේ තනියම හිරේ බත් වේලක රහ බලන්න... රුපියල් 1500ක් වගේද හිරේ බත් වේලක් හි හි....

    ReplyDelete
  51. එක මහත්තයෙක් ගේ වටිනා කියන ලාන්සර් රාජය පිටිපස්සෙන් ආපු ත්‍රිවිල් එකක් විසින් හප්පන ලදුව අහිංසක ත්රිව්ල් කාරය අලාබය ගෙවන්න හදත්දිත් එපාකියල පොලෝසිය කැදෙව්වා . පොලිස් රාළහාමිත් වැඩේ ගොඩින් බේරලා දෙන්න හදපු උත්සාහය හරි නොගිය තැන නඩු මාර්ගෙට බැස්සලු. මහත්තය නිවැරදි කරු නිසා කසු වගේ ම තනියම ගියාලු උසාවි. ත්‍රිවිල් මනුස්සය දඩය ෂුවර් නිසා තනියට කෙනෙක් අඬගහන් ගිහින් තියෙන්නේ. වැරදි කරු ලෙස පිළිගත් නිසා ඔහුට 500 ක් දඩ . නිවැරදි කරු කියල කියා හිටි මහත්තයට ''අනතුරක් වලක්වා නොගැනීම'' කියල 1000 ක් දඩ . දෙන්නම කුඩුවේ. අනේ අර අහිංසක ත්‍රිවිල් කාරයාගේ තනියට ආපු කෙනා දෙන්නගෙම දඩය ගෙවල එලියට අරන්. කාගේද ටිකිරි මොලේ ...නඩු කාරයගේද ..මහත්තයගේද ?

    මේ කතාව ඇත්ත එකක් . අදාළ මහතා විසින් කට වරද ගත් පසුව මෙය ආයතනය පුරා පැතිරී ගිය බවයි කියන්නේ. මහත්තය පණ්ඩිත කම් වලට පරසිඳු නිසා මේකට ලුණු ඇඹුල් එකතු වුනාද නම් දන්නේ නැහැ.

    ඔන්න මම කතන්දරට පණ්ඩිතය කිව්වේ නැහැ හොඳේ . එහෙම වෙන්න බැරි බව පේනවනේ පින්තුරෙන්.

    ReplyDelete
  52. හැක් හැක්.. අනේ මංද ටිකිරි මොලෙ දාල මොනා කොරගන්නවද කියල.. හැක් හැක්..

    ReplyDelete
  53. මෙගා එකෙත් හොඳම එක... හිරේ ගිහින් මදි මේ කරන අපරාධයට (කුතුහලය අවුස්සා බලාපොරොත්තු බිඳදැමීම ) :)

    ReplyDelete
  54. හප්පේ දික් වෙන හැටී.......
    මෙහෙමත් රබර් පේරා වලින්ම තමයි ඇඟට දාගන්න ඇත්තේ....හික් හික්

    ReplyDelete
  55. @Bindi

    හැක් හැක්!!! දැන්නෙ ටියුබ් ලයිට් එක පත්තු වෙලා, පින්තූරෙට තියෙන සම්බන්ධතාවය මීටර් උනේ.....

    ReplyDelete
  56. @ prasanna86k
    "මාළුවා" නහින්නේ කට හින්දලු. ලෝයර්ස් ලා ත් එහෙමයි මගෙ හිතේ.

    ReplyDelete
  57. @ කිඩෝ
    අයි නෝ ද ලෝ කියලා කිව්වේ විහිළුවට නෙමේ, හරිය?

    ReplyDelete
  58. @ Bindi
    මේක නං බොරු කතාවක්.
    පස්සෙන් ඇවිල්ලා ඇන්නහම, ඉස්සරහා වාහනේ වැරදිකරු වෙන්නේ නෑ. පොර කොහොමද වලක්වා ගන්නේ අනතුර?
    මගේ පඬි කම නං එදත් එකයි, අදත් එකයි!

    ReplyDelete
  59. @ සුළඟිල්ල
    ටිකිරි මොලේ කෙසේ වෙතත් කූඩුවේ ලඟින්නයි වුනේ. හෙට සිකුරාදා බලන්නකෝ වෙච්ච දේ!

    ReplyDelete
  60. @ චමිල
    මං අනතුරු අඟවලා නේ මේක පටන් ගත්තේ.
    වැඩිය නෑ, තව කොටස් හතරයි!

    ReplyDelete
  61. @ ADK කොලුවා
    අද නෙමේ හෙට. මගේ කතන්දර යන්නේ සඳුදා, බදාදා සහ සිකරාදා.
    ඉරිදාට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල්!

    ReplyDelete
  62. @ Heeniyata
    ඒ උඩරට රබර් නෑ, තේ තමයි තියෙන්නේ.
    රබර් වතු සේරම පාතරට නේ.

    ReplyDelete
  63. @ පැණියා
    පැණියා ගේ ඇක්ස්-රේ එක ගැන මට හිතාගන්න පුලුවන්!

    ReplyDelete
  64. @ All
    සියළු දෙනාටම
    මෙගා එකට බැණ බැණ මෙච්චර කල් බැලුවා නං හෙට බලාගන්න නඩුව ඉවර වුනේ කොහොමද කියන එකත්.
    සියළු දෙනාටම ස්තුතියි.
    සිකුරාදා උදේ හයට හමුවෙමු.
    -කතන්දරකාරයා

    ReplyDelete
  65. @ පොඩි මෑන්
    මට පොඩි මෑන් ගේ කමෙන්ට් එක මග ඇරිලා නේ!

    ReplyDelete
  66. නැහැ මේක ඇත්ත පොඩ්ඩක් ලුණු ඇඹුල් එකතු වෙන්න ඇති කියල කිව්වනේ . මන් ආයෙම හොයා බැලුව . මිනිහත් එක පාරටම බ්රේක් කරලා තියෙනවා. අය්යෝ මන් කිව්වේ ඔයා පණ්ඩිතය නෙමේ කියල නේ.

    ReplyDelete
  67. ඉඳා කාලා වරෙන්...

    ඉතිරි කොටස ළබන සතියේ........

    ReplyDelete
  68. අද සර්ච් ඇංජිමක් හරහාම ආවේ දඩේ කීයද කියලා බලලා ඔලුව නිදහස් කරං යන්න.... හෙට 6න් පස්සෙ කටුව පයිනවා හරිනේ....

    ReplyDelete
  69. කට්ටියගේ කොමෙන්ට් කියෙව්වාහම මට මතක් උනේ නුවන්සි මගේ "කෝමල නාරී ගමන ළතාවේ" පරන කියන පෝස්ට් එකකට දාපු කොමෙන්ටුවක් . .

    "කොහෙද මෙ නාට්‍ය මගුල් යන නිසා හරියකට වෙළද දැන්විම්ක් වත් බලාගන්න විදියක් නැනේ "

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.